මීළඟ ජනාධිපතිවරණයේදී කුමක් වෙයිද? මන්ත්‍රාචාර්ය අජිත් පැරකුම් ජයසිංහගේ විග්‍රහය

විශාල  කර බැලීමට පිංතූරය මත ක්ලික් කරන්න
මම කේන්ද්‍ර තඹ දොයිතුවකට විශ්වාස නො කරමි. ලංකාවේ දේශපාලනයේ ඉහළ තලය මේ වන විට බොහෝ දුරට කේන්ද්‍ර විශ්වාස කරන මිථ්‍යාදෘෂ්ටීන්හි ගැලී සිටින බව පෙනේ.

එහෙත්, පසුගිය දිනවල ජ්‍යෝතිෂකරුවන් විසින් ඉදිරි ජනාධිපතිවරණය ගැන පුවත්පත්වල පළ කර තිබූ අනාවැකි කීපයක් මම අධ්‍යයනය කළෙමි. 

මගේ නිරීක්ෂණය අනුව, මෙම ශිල්පය අනුව, ජ්‍යෝතිෂකරුවාට තමන් ළඟට එන පුද්ගලයාව සතුටු හෝ බියපත් කළ හැකි අන්දමින් සිය විග්‍රහය රෝල් කර ඉදිරිපත් කිරීමේ හැකියාව තිබේ. 

මගේ නිරීක්ෂණයට ලක් වූ මව්බිම පුවත්පතේ පළ කර තිබුණු අනාවැකි අනුව, කාගේත් විග්‍රහ පදනම් වන්නේ මූලික කාරණා කීපයක් මතයි. එනම්, ලංකාවේ කේන්දරය අනුව නොවැම්බරයේ සෙනසුරු මාරුවක් තිබේ. ජුනි මාසයේ බ්‍රහස්පති උච්චස්ථානයට පැමිණීමක් ද සිදු වේ. එසේම 2014 කාන්තාවන් බලවත් වන වසරකි.

මෙම කරුණු මත පදනම්ව ජ්‍යෝතිෂකරුවන් තම ගනුදෙනුකරුවන්ගේ හිතවත්කම් අනුව තව තව අතුරු කාරණා පටලවා ගනිමින් විග්‍රහය සකසන ආකාරය නිරීක්ෂණය කළ හැකි ය. ජනාධිපති ජ්‍යෝතිෂ උපදේශක සුමනදාස අබේගුණවර්ධන ජනාධිපතිට පක්ෂව අනාවැකිය රෝල් කරද්දී නාත්තන්ඩියේ පී. ඩී. පෙරේරා ඔහුට නරක බව කීමට රෝලක් සකසයි. 

සුමනදාස අබේගුණවර්ධනග‍ේ විග්‍රහය මෙහිදී ඉතා වැදගත් ය. මන්ද, ඔහු ලියන්නේ ජනාධිපතිට උවමනා ආකාරය නිසා ය. විශේෂයෙන් ම ඔහුගේ ප්‍රකාශයේ අග චන්ද්‍රිකාගේ ආගමනය ගැන කරන ප්‍රකාශය කෙරෙහි අවධානය යොමු කරන්න. චන්ද්‍රිකා පොදු අපේක්ෂිකාව වුණොත්, මේ ලියන මම වුණත් මහින්දට ඡන්දය දෙන්නට ඉඩ තිබේ. එහෙත්, මට හිතෙන හැටියට මහින්ද චන්ද්‍රිකාට මාර බය ය. 

සමහර විට, චන්ද්‍රිකා ප්‍රවර්ධනය කිරීම පිටුපස ඇය‍ පොදු අපේක්ෂිකාව කර ගැනීමේ උත්සාහයක් ද තිබේ යයි සිතේ. මන්ද, ඇය පොදු අපේක්ෂිකාව වුවහොත්, මහින්දට ඡන්දයකදී පහසු වන්නට පුළුවන් නිසා ය. චන්ද්‍රිකාට සාර්ථක වන්නට හැකි එකම ඉඩ තිබෙන්නේ ඇයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ලොකු කුට්ටියක් කඩා ගන්නට පුළුවන් ද, බැරි ද කියන කාරණය මත ය. එහෙත්, මේ අහංකාර ගැහැනියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ නො ව, සිය පවුලේවත් අවංක හිතවතකු ඉතිරිව තිබේ ද යන්න සැක සහිත ය. 

කෙසේ වෙතත්, මහින්ද ගැහැනුන්ට අධික බියක් දක්වන බව පෙනේ.

ජ්‍යෝතිෂය ‍කෙසේ වෙතත්, මහින්දගේ අනාගතය තීරණය වන්නේ ජාත්‍යන්තර වශයෙන් ඔහුට එරෙහිව ඇති වන පීඩනය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තරයේ කැකෑරෙන අතෘප්තිය මතයි. දිනෙන් දින උත්සන්න වන ආර්ථික පීඩනය හමුවේ ඔහුට එරෙහිව කිසියම් විශ්වසනීය, බලවත් අභියෝගයක් මතු වුවහොත්, ඒ වටා ජනතාව රොක් වනු ඇත. 

මහින්ද පැරදවිය යුතු ද, නැද්ද යන්න ගැන මට නිශ්චිත අදහසක් නැත. එය තීරණය වන්නේ බලය අපේක්ෂා කරන අය කෙතරම් ප්‍රජාතන්ත්‍රවාදී ද, දූෂණ විරෝධී ද, ලිබරල් ද, විශ්වාසනීය ද යන්න මතයි. විපක්ෂය විසින් ප්‍රවර්ධනය කරනු ලබන විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, යහපාලනය හා දූෂණය පිටුදැකීම යන කරුණු තුන මෙහිදී එක්සත්කම ගොඩනැගීම සඳහා පාදක කර ගත හැකි ය. 

මෙහෙම එකකුත් තිබේ. මේ ආණ්ඩුව විසින් කර තිබෙන දේවල වගකීම ඔවුන් විසින් ම භාර ගැනීම ද වැදගත් ය. රට අවුලට පත් වූ කල පරිප්පුව කා ගොඩ දමා දීමට කවුරුවත් කර ගැසිය යුතු ද? කට්ටිය පැත්තකට වී ඉඳ ගොඩ දමා දුන් මිනිහා වලට දමා යළි බලය අල්ලා ගැනීම ද වළක්වා ගත යුතු ය.

අලුත් ආණ්ඩුවක් එන එක ගැන මම අකැමැති වන්නේ අර බලු ඇටමැසි න්‍යාය නිසා ය. දැන් ඉන්න කට්ටිය රට නම් බල්ලාගේ ඇඟේ සිටින ඇටමැස්සන් රංචුවක් වැනි ය. උන් ‍හොඳින් ලේ බී තර වී සිටිති. අලුත් එවුන් ටිකක් ආවොත් වෙන්නේ අලුතින් ලේ බොන්නට පටන් ගැනීම පමණක් වන්නට පුළුවන.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. /* දැන් ඉන්න කට්ටිය රට නම් බල්ලාගේ ඇඟේ සිටින ඇටමැස්සන් රංචුවක් වැනි ය. උන් ‍හොඳින් ලේ බී තර වී සිටිති. අලුත් එවුන් ටිකක් ආවොත් වෙන්නේ අලුතින් ලේ බොන්නට පටන් ගැනීම පමණක් වන්නට පුළුවන. */

    ඔව්, 1994 දී වුණු දේ නැවතත් සිද්ධවෙන එක විතරයි වෙන්නේ!

    ඕක 1994 දී ඡන්දේ ඉල්ලපු සහෝදරියක් කිව්වා මෙන්න මේ විදියට.

    "සහෝදරවරුණි, දැන් මේ විපස්සෙ අය මැතිවරණයට ඇවිත් මොකද කියන්නේ දන්නවද?"

    "අනේ දැං ආණ්ඩුව කරණ උං රට කාගෙන, කාගෙන, කාගෙන යනව. උං රට කාගෙන, කාගෙන, කාගෙන යන එක නවත්තල, ඒ නවත්තන තැන ඉඳන් රට කාගෙන, කාගෙන, කාගෙන යන්න අපිට බලය දෙන්න කියල තමයි සහෝදරවරුණි මේ විපස්සේ අය චන්දෙ ඉල්ලන්නේ!"

    වැඩි විස්තර මෙතනින්-
    http://kathandara.blogspot.com/2010/11/blog-post_04.html

    ReplyDelete
    Replies
    1. අජිත් දැන් වැඩ කරන්නේ ටිරාන් හුලස් ගේ සිලෝන් ටුඩේ එකටනේ. ඉතිං ඒ හින්දා පව්බිම පත්තෙරේ යන එව්වත් මෙතන දාලා, මරාට කඩේ යනවා. කොහොමත් පැරාගේ ස්වාමියා,හුලස් ගේ වැඩ අපි දන්නවා නොවැ.

      එක අතකින් කමකුත් නෑ ඉතිං, මරුටියට පෙට්‍රල් ටිකක් ගහගන්න, ගෙදර ටිකක් හදා ගන්න ඔය වගේ සුළු ධනේශ්වර හීන පැරාටත් ඇති නොවැ.

      Delete
    2. This is correct. Para is runing erands for Mara even without Joka.

      Delete
  2. You and me baby ain't nothing' but mammals
    So we do it like they do on the Discovery Channel
    we will Do it again in next election too.

    ReplyDelete
  3. බල්ලෝ ඇටමැස්සෝ උදාහරණය වර්තමාන දේශපාලනයට ගැලපෙන්නෙ නෑ. ඇට මැස්ස කරන්නෙ තමුන්ගෙ පමණට ලේ උරා බීම. එතනින් වැඩේ ක්ලෝස්. නමුත් මේ ඇට මැස්සො තමුන්ට පුළුවන් තරම් ලේ බීල ඉදිරි පරම්පරාවටම ගබඩා කරගන්නවත් එක්ක.

    වාසියට කිව්වත් දැනට නං සුමණෙ හරි වගේ. ඒ වගේම ජෝතිෂ්‍ය බුවාල කියන විදියට තමුන්ට හොඳම දවසක තමයි ලොක්ක සටනට එන්නෙ. බහුතරයක් කියන විදියට "ඇත්තටම" ලොක්කට අවුල් නං කවදාවත් මේ අවුරුද්දෙ තියන එකක් නෑ.

    ReplyDelete
  4. 'මහින්ද පැරදවිය යුතු ද, නැද්ද යන්න ගැන මට නිශ්චිත අදහසක් නැත. '
    මේකෙන් කියන්නේ පැරා මෙකෙම ලිව්ව ඒවා අමතක වෙලා නැත්නම් අමතක කරලා අර හරක් වගේ වටේ කැරකිලා ගහ මුලටම ඇවිත් .

    ReplyDelete
  5. ///// කෙසේ වෙතත්, මහින්ද ගැහැනුන්ට අධික බියක් දක්වන බව පෙනේ. /////

    එහෙම මත් නෑ පැරා, ශිරානි වෙනුවට පිරිමියෙක් හිටිය නම් මහින්ද සබ්බුව දෙන්නෙ නැද්ද? අනික අද නවී පිල්ලෙ ක්ලින්ටන් නෝන වගේ ජේ ආර්ටත් ඉන්දිරා එහෙම හිටියා. කොහෙ කාට උනත් ගෑනු ඇනයක් වෙන්න තියා ගත්තොත් relentless.

    රාජ් කිව්ව වගේ මේ ඇට මැස්සො නම් බඩ පිරෙන ජාතියක් නෙවෙයි, ලේ ඉවර නම් මස් වලට ගිහින් ඒක් ඉවර නම් කටු වලට යාවි.

    ReplyDelete
  6. කොච්චර මිනිස්සු ජෝතිෂ්‍යට බැන්නත් "චන්දෙ දාට කළින් රෑ ITN එකේ" යන ජෝතිෂ්‍ය වැඩසටහන නිසා අඩුම තරමේ 1 - 3% ක ප්‍රමාණයක වත් පාවෙන චන්ද ටිකක් වැටෙනවා... සීයට එකක් ආවත් කොච්චර ගැම්මක්ද පැරා ...!

    ReplyDelete
  7. විකල්පයක් නැතිව එන හාල්පාරුවන්ට වඩා මට නම් ලොක්කා හොඳයි. මොකා ආවත් එකමනේ.. මෙයා අඩු ගානේ ඇස් ඇම් ඇස් එකක් හරි එවනවා..

    ReplyDelete
  8. ජෝතිෂ්‍ය යොදාගෙන ඡන්දෙන් දිනන්නේ කවුද කියලා කියන්න බෑ කියලා ඔය ලොක්කෙක්ම කිව්වා.ඉතින් මේවා මෙයාලගේ පුද්ගලික විග්‍රහ.ප්‍රශ්නය මේකෙන් ශාස්ත්‍රය හෑල්ලු වෙනවා.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. අනේ තියාගන්නවා තමුසෙගේ "ශාස්ත්‍රය". ඔය ජ්‍යෝතිෂය කියන පට්ට බොරුව ශාස්ත්‍රයක් වෙන්නේ කොහොමද ඕයි?

      Delete
  9. ane mahaththayo ubath den mahindata kade kanawada ? mokahari avith merata badumila adu,kudu nethi pahara deshppremiyo nethi ratak wewa !!!!..

    ReplyDelete
  10. Hi Ajith, ඔබ මන්ත්‍රාචර්ය පමණද? "මහා මන්ත්‍රාචර්ය" කෙනෙක් නොවෙයිද?

    ReplyDelete
  11. ඔය ජ්‍යෝතිෂය මහා පට්ටපල් බොරුවක් අයිසේ....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා