චන්ඩි පුතා අපට එපා - දන්න වලා අපට හොඳා

ප්‍රචණ්ඩත්වයට ප්‍රචණ්ඩත්වයෙන් පිළිතුරු දීමට යාමෙන් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වන්නේ නැත.
මෙම ලිපියේ අග පළ වන පුවත උපුටා ගත්තේ දිනමිණ පුවත්පතෙනි. එහෙත්, එය සත්‍යයක් යයි මම විශ්වාස කරමි. ‍මන්ද, එම පුවතට මුල් වන පුද්ගලයාගේ හැසිරීම් රටාව අනුව, එය එසේ විය හැකි බවට සැකයක් නැත.

මීට පෙර කීප වතාවක් ම මෙම බ්ලොගයේ මෙම මන්ත්‍රීවරයා පිළිබඳ සඳහන් කර තිබේ. නො දන්න එජාපය හා දන්න යකා ලිපියට හේතු වූ ප්‍රධාන චරිතය ද මොහු ම ය.

ජනමාධ්‍යවලින් දේශපාලන චංඩි නිර්මානය කරනු ලැබේ. මර්වින් සිල්වා මීඩියා චන්ඩියෙකි. දැන්, දැන් ජනමාධ්‍යවලින් ම වල් දේශපාලකයන් ද බිහි කරනු ලැබේ.

චන්ඩි යන අන්වර්ථ නමින් කාලයක් හැඳින්වුණු කල්ලි නායකයකු වන මොහු ද දැන් ජනමාධ්‍ය කැමරාවට අසු වෙමින් සිටියි. එය දරා ගැනීමේ බුද්ධිමය හැකියාව මොහුට තිබේ ද යන්න බරපතල ලෙස සැක සහිත ය

මොහු නිසා, මතුගම ප්‍රදේශයේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවට සෑහෙන අනතුරක් මතු වී තිබේ.

පුත්තුන්ගේ සටනේ එක් පාර්ශ්වයක් දැනටමත් මහජන මුදලින් ඡන්ද ව්‍යාපාරය ජයට ම ‍කර‍ගෙන යන ආකාරය දක්නට ලැබේ.  අනෙක් පුතාගේ තාරුණ්‍යයට හෙටක් වෙනුවෙන් මේ කියන චන්ඩි තාත්තා එක්සත් ජාතික පක්ෂය දිය කර හරිමින් සිටියි.

රාජපක්ෂ පාලනය තව කල්ප කාලයක් තිබුණත්, මතුගම ජීවත් වන මම නම් එක්සත් ජාතික පක්ෂ පාලනයක් වෙනුවෙන් ඡන්දය දෙන්නේ නැත. මන්ද, මෙම පුද්ගලයාට රාජ්‍ය බලය ලැබුණොත් අතිශය භයානක තත්වයක් නිර්මානය වන නිසා ය.

මේ කියන කතාව මුළු ලංකාවට ම අදාළ ය. මන්ද, එක්සත් ජාතික පක්ෂය විසින් රටට යෝජනා කරමින් තිබෙන සත්‍ය වෙනසෙහි ගාමක බලවේග වන්නේ මෙවැනි පුද්ගලයන් වන නිසා ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන් ම එක්සත් ජාතික පක්ෂය ද ප්‍රජාතන්ත්‍ර විරෝධී ය. එහෙත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තිබෙන චෙක්ස් ඇන්ඩ් බැලන්සස් හෙවත් නියාමන බලපෑම් හෝ එක්සත් ජාතික පක්ෂයට නැත. රාජ්‍ය බලය තුළ එක්සත් ජාතික පක්ෂය හික්මවා ගැනීම අතිශය දුෂ්කර වනු ඇත.

මෙන්න ඒ පුවත. උපුටා ගැනීම දිනමිණෙනි.

පුතුට නාමයෝජනා නොලැබෙතැයි බියෙන් එජාප මන්ත්‍රී සිරිකොතේ යකා නටයි

නිරූෂි විමලවීර

එජාප කළුතර දිස්ත්‍රික් නාමයෝජනා සැකසීමේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා සිය සමීපතම ගෝලයෙක් වන දොඩංගොඩ ප්‍රාදේශීය සභා විපක්ෂ නායක උදිත ඉලේපෙරුම මහතාට නාමයෝජනා ලබාදීමට විරෝධය ප්‍රකාශ කරමින් ඊයේ (29 දා) සිරිකොතේ දී පුටුවෙන් පහර දීමට ගොස් තිබේ.

කරු ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුතු නායකත්ව මණ්ඩල නියෝජනය කරමින් මහ ලේකම් තිස්ස අත්තනායක, ලක්ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂිම් හා රුවන් විජේවර්ධන මහත්වරු රැස්ව සිටි බවත්, කබීර් හෂීම් මහතා මැදිහත් වී පුටු කකුලෙන් අල්ලා ප්‍රහාරය වළකා ඇති බවත්, සිරිකොත ආරංචි මාර්ග අනාවරණය කරයි.

මතුගම ප්‍රාදේශීය සභා විපක්ෂ නායක ජිනදාස සිරිවර්ධන මහතා නැගිට ප්‍රහාරයට එරෙහිව දැඩි වාග් ප්‍රහාරයක් දියත් කර තිබේ.

උදිත ඉලේපෙරුම මහතාට නාමයෝජනා ලැබීමෙන් සිය පුතුට නාමයෝජනා නොලැබෙනු ඇතැයි යන විශ්වාස හේතුවෙන් තෙවරප්පෙරුම මහතා මෙසේ කලහකාරී ලෙස හැසිරී ඇත.

නායකත්ව මණ්ඩලය දැඩි ප්‍රයත්නයක් ගෙන දෙපිරිස දෙපැත්තකට කොට සාකච්ඡා කිරීමට උත්සාහ කළද තීන්දුවකින් තොරව සාකච්ඡාව නිමාකොට තිබේ.

“උදිතට නාමයෝජනා ලබා දුනහොත් තමා මතුගම ආසන සංවිධායකත්ව‍නේ ඉවත් වන බව කියමින් තර්ජනය කර පිටව ගොස් ඇත.

තෙවරප්පෙරුම මහතා අධිකරණ නියෝග මත රිමාන්ඩ් භාරයේ රඳවා සිටියදී ඔහු ඇප මත මුදාගැනීම සඳහා විශාල සේවයක් කළ ඉලේපෙරුම මහතාට නාමයෝජනා ලබා නොදීමට තෙවරප්පෙරුම මහතා ප්‍රසිද්ධියේම කටයුතු කිරීම නිසා එජාප පාක්ෂිකයින් සිය අප්‍රසාදය පළකර තිබේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. සිස්ටම් එකේ වෙනසක් නැතිව එනකල්. යුද්දේ නවත්තපු දන්න යකා අපට හොඳා.

    හැබයි කාළයක් පැරාලත් ප්‍රචන්ඩත්වයේ යෙදුනා නේද..? කේන්ති ගන්න ඕන නෑ.. නිකමට ඇහුවේ..

    ReplyDelete
    Replies
    1. සිස්ටම් එකේ වෙනසක් නැතිව එනකල්. යුද්දේ නවත්තපු දන්න යකා අපට හොඳා.
      ++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. හැබැයි දැන් මේ යකා නිහඩ යකෙක්.අනෙක් යක්කු ගොරෝනකොට දන්නවා මේ යකා කියලා.හැබැයි ඉතින් නිහඩව ඉන්න යකාගෙන් තමයි වැඩියෙන්ම පරිස්සම් වෙන්න වෙලා තියෙන්නේ.

      Delete
    3. මම නම් හිටන්නේ මාතලන් සිස්ටම් එකේ වෙනසක් නොවෙයි ලංකාවේ මිනිස්සුයි වෙනස් වෙන්න ඕනෑ unp එකේ jvp එකේ පොදු පෙරමුණේ ඕනෑ එකක ඉන්නේ ලංකාවේ මිනිස්සු නේ ඉතින් මචෝ අඟහරු ලෝකෙන් මිනිස්සු ගෙනත් පක්ෂයක් හදන්න තමයි වෙන්නේ. පාර්ලිමේන්තුව වගේ සිස්ටම් වෙන තැන්වල වැඩකරනවා නේ. මේ ලිපියට අදාලව එක දෙයකට එකගයි මහින්ද එලවන්න ඕනෑ එන්න ඉන්නේ මිට වඩා ගොබ්බ පොරවල් කියන එක ඇත්ත අනාගතය හොඳයි බය නැතිව ගිහින් නංගිලා ටිකට චන්දේ දීපං මාතලන් විකල්ප නැත්තේ නෑ කියන එක බොරු මුන්ට වඩා නංගිලා ටික හොඳයි නේද?

      Delete
  2. ඒ උනාට භීෂණ සමයේ පැරකුම්ලා ත්‍රස්‌තවාදයේ යෙදුනු හැටියට, අමු අමුවෙන් මිනිස්සු මරා දාපු හැටියට මෙව්වා මොකක්ද?

    හරිනං පැරකුම් වගේ උදවිය මේ වන කොට ඉන්න ඕනා හිරේ. එතකොට තමයි අඩුම ගානේ පැරකුම්ලා අතින් මියගිය උදවියට සහ පවුල්වලට සැනසීම උදා වෙන්නේ.

    දැන් ඉතිං මේ එලියට වෙලා පොර ටෝක් දුන්නට පැරකුම් කියන්නේ මිනිමරුවෙක්.

    ReplyDelete
    Replies
    1. මේ කතාවට මම උත්තරයක් දෙන්නම්.සමහරවිට මිනීමරන්න ඇති.එහෙම නොවෙන්න ඉඩ අඩුයි.හැබැයි හැම ජේවීපී කාරයම මිනීමැරුව,මංකොල්ල කෑව කියන්නත් බෑ.අනික පැරා සන්නද්ධ අංශයෙ සිටියෙ නැත්නම් ඔහු මිනී නොමැරුවා වෙන්නත් පුළුවන්.අනික දේශපාලන දැනුම හා වෙනත් දක්ෂතා නිසා පංති පැවැත්වීම,පරිපාලන කටයුතුවල යෙදුනා වන්නත් පුළුවන්.මිනී මැරුවද නැද්ද කියල දන්නෙ පැරා විතරයි.අපි හිතමු මිනීමැරුවම කියල.එතකොට මේ රටේ දේශපාලන මිනීමැරුම් කළේ පැරා විතරමද?
      පැරා අද ප්‍රයෝජනවත් පුරවැසියෙක් නොවෙයිද?
      ඔහුට යළි සිතන්න අවස්ථාවක් දීම වැරදිවන්නෙ ඇයි.
      එහෙමනම් පුනරුත්ථාපනය්ත් වැරදින්.
      ජෙවීපී එකෙන් 5% ක් පමන මිනී නොමැරූ බව සිතුවොත් අපි පැරාවත් ඒ ගොඩට දාමු.

      යම් යම් අපරධ පැරා කළාම වුනත් දැන් ඔහු ඒව ගැන පසුතවෙනව ඇති

      Delete
  3. දෑනට තියෙන දෑන් ඉන්න සියලු මහජන නියොජිතයන් ගෙ හෑසිරිමක සිරිය මිස ආන්ඩු විපක්ශ බෙදිමනොවෙ

    ReplyDelete
  4. නලින්ද ජයතිස්ස හිටිද්දි..මොකට ක...ර...ද...ර වෙනවද

    ReplyDelete
  5. පැරා දැන් දිනමිණ ගැන ලියන්න ගත්තද?

    ReplyDelete
  6. හරි හරි පැරා, ලබන සතියේ දිනමිණේ බ්ලොග් පිටුවට පැරාගේ මේ ලිපිය දාලා දෙන්නම්.

    නලින්

    ReplyDelete
    Replies
    1. මේ නියම නලින් නොවේ පැරා....

      Delete
  7. jvp pakayo karapu dewal kawruth dannawa me pera kiyana balla NGO salli walata rata Jathiya pawa dena awalamek meeta wada hodai uba ube geniwai duwawai maradane guwan palama lagata genath unwa thambinta wikunapan ponna pimpiya

    ReplyDelete
  8. යකෝ මගේ නමින් බොරුවට කමෙන්ට් දාන්න එපා බං...

    ReplyDelete
  9. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තිබෙන චෙක්ස් ඇන්ඩ් බැලන්සස් හෙවත් නියාමන බලපෑම් හෝ එක්සත් ජාතික පක්ෂයට නැත. රාජ්‍ය බලය තුළ එක්සත් ජාතික පක්ෂය හික්මවා ගැනීම අතිශය දුෂ්කර වනු ඇත.//මාත් කොමෙන්ට් වල කියන්නෙම ඔය කතාව තමයි

    ReplyDelete
    Replies
    1. මට පොඩ්ඩක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තිබෙන චෙක්ස් ඇන්ඩ් බැලන්සස් හෙවත් නියාමන බලපෑම් ක්‍රමය කියදෙනවද

      Delete
  10. but Mr.Para ...do you see "check and balances "in Rajapakshe era ?if you say yes you are a dumb only .I think you have some connection with Maubima paper now .Coz when there are so many problems in countries administration you point fingers at opposition guys ....I AM REALLY WORRIED ABOUT A GOOD BLOG'S PRESENT STATUS....R.I.P PARAKUM....

    ReplyDelete
  11. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තිබෙන චෙක්ස් ඇන්ඩ් බැලන්සස් ගැන අව්බෝද වුනේ ටිරාංගේ පත්තර කඩමාල්ලේ රස්සාව පටන්ගත්තයින් පස්සෙද?

    ReplyDelete
  12. this is an inevitable end. the poor sad basterds who vote foe 4 sides cant connect the dots. they do not know how their breakfast connected to party politcs of this country. so they eat and shit. and sometimes argue as a supplement -masturbation..

    ReplyDelete
  13. බ්ලොග් වීරයන්ගේ අවංක බවේ, ප්‍රගතිශීලී බවේ මිල කොපමණදැයි ඔබගේ මෙම අපගමනය මගින් ඔබ ලියූ දෑ විශ්වාස කළ සුබුළන්ට වටහා දුන්නාට ස්තුතියි.

    ReplyDelete
  14. පැරා අර කෝල් එක බැලන්ස් කරන්න හදනවා වගෙ.

    -ප.ගෝ.

    ReplyDelete
  15. ධර්මරත්නJanuary 30, 2014 at 10:05 PM

    පැරා මාර පොරක්.පැරාගේ කතාවෙන් හැ‍ඟෙන්නේ වීරවංසත් වීජේවීර වගේ කෙනෙක් බවයි.එහෙම නෑ.නෙදන්න යකා එක්ක හැමනෙනවාට වඩා දන්න යකා එක්ක නිදිවදින එක හොඳ බවයි පැරා කියන්නේ.පැරා පව් ඕයි.ඔය පාලිත තෙවරප්පෙරුම දේශපාලන අත් පොත් තැබුවේ පැරා දන්න යකාගේ පාටියෙන්.පාලිත තක්කඩියෙක් තමයි.ඒ වගේ උන් දේශපාලනයේන් අතු ගාලා දාන්න නම් කරන්න පුළුවන් හොඳම විදිය තමා දැන් ඉන්න පැර දන්න යක්කු පන්නන එක,එවිට පාලිතලා වගේ නොදන්න යක්කු ඉබේම ඉවර වෙනවා.පැරා දන්න යක්කු තියා ගන්න තියා ගන්න පාලිතලා වගේ යක්කුන්ට පබ්ලිසිටි වැඩි වෙනවා.පැරා හොඳට මතක තියා ගන්න මේ රටේ මිනිස්සු ඉල්ලන්නේ 'දන්න යක්කු' න්ට කලුකුඩු බස්නේ දීලා කම්මුතු කලයුතු බව විනා පැරා කියන විදියට නොදන්න එකා මළහත්තිලව්වක් කියලා දන්න එකා තියාගන්න කියලා නෙවෙයි.පැරා just come out of the box.

    ReplyDelete
    Replies
    1. ඔබ මේ රටේ මිනිස්සු කියල පොදු කුලකයක් ගැන කතා කරන්නෙ කොහොමද?මේ රටේ මිනිස්සු ක්‍රියාකරන ක්‍රමයක් තිබෙනව.චන්දෙකදි අඩුවෙන්ම චාටර් යකා තෝරගනීවි.එජාපය චන්ද වලදි සුළුජාතික ජාතිවාදය අවුස්සන්නත් දේශීය සංස්කෘතිය වගෙ දේවල් නොසළකා හරින්න ගත්තොත් ඒවට නිසි පිළිතුරු ලැබේවි.17 අවුරුදු ශාපය ගැන එජාපය ස්වයන් විවේචනයක් කළයුතු බවයි මට හිතෙන්නෙ.මම නම් පක්ෂෙකට කඩේයන්නෙ නෑ.නමුත් මට ඉවෙන් වගෙ තේරෙනව එජාපය ගේමට එන්ටර් වුනොත් නම් රටටම ඇඩ්‍රස් නැති වෙයි කියල.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා