පුතාලාත් එකයි - කෑලිත් එකයි - මෙදා පාර අපි කාට ද?

නිළි‍යො ප්‍රමුඛ කලාකාර සෙට් එකක් ඡන්දෙ ඉල්ලනවා ය කියලා දැන් සමහරුන්ට මාර අප්සෙට් එකකි.වැඩිපුරම විරෝධය තිබෙන්නේ නිළියන්ටයි. ඒ අතරින් වැඩිම විරෝධයක් ඇත්තේ එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන ‍නදීෂා ‍හේමමාලි, සන්ධානයෙන් තරග කරන ගයේෂා පෙරේරා, රුවන්ති මංගලා, අනර්කලී ආකර්ශා, ගීතා කුමාරසිංහ හා ගායිකා ජින්ජර් වැනි අයට ය. 

ලාල් කුලරත්න, රවීන්ද්‍ර යසස් වැනි නළුවන් ද, මධුමාධව අරවින්ද වැනි ගායකයන් ද ඡන්දය ඉල්ලන මුත් ඔවුන්ට එතරම් විරෝධයක් නැත. 

ඇත්තෙන් ම ඉහත කී නිළියෝ හා ගායිකාවෝ දේශපාලනික වශයෙන් පමණක් නොව සමාජමයව ද අඳ බාලයෝ ය. එක්තරා පුවත්පතක් සමග කතා කරන විට රුවන්ති මංගලා බබා සමලිංගිකත්වය යනු කුමක් ද කියාවත් නො දනියි. ගායිකා ජින්ජර්ගේ දේශපාලන පරමාදර්ශය දුමින්ද සිල්වා ය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව, පළාත් සභා පනත වැනි දේ ගැන නම් ඔවුහු මෙලෝ සංසාරයක් නො දනිති. 

ඔවුන් ඡන්දය ඉල්ලන්නේ ඇයි? ‍එහෙම රැල්ලක් හැදුණේ ඇයි? හේතුව පබා, අනර්කලී වැනි වලාමවල් ඉහළ මනාපවලින් පාර්ලිමේන්තුවට පත් කර යවන්නට අපේ බුද්ධිමත් ජනතාව කටයුතු කළ නිසා යයි ඇතැමෙක් කියති. ඇත්තෙන් ම ජනතාව එසේ කරන්නේ ඇයි?

අපේ ගම් පැත්තේ දේශපාලන ප්‍රබලයා වන කුමාර වෙල්ගම තම පුත් කුමාරයා ඡන්දයට දමා ගජරාමෙට ප්‍රචාරක කටයුතු ආරම්භ කර තිබේ. ඔහුගේ පිංතූරය සහිත කටවුට් තමන්ගේ නම ද සහිතව ප්‍රදර්ශනය කිරීමේ රැල්ලක් නගරයේ ‍ව්‍යාපාරිකයන් අතර පැතිර තිබේ. වැඩි වියදමකුත් නැත. ප්‍රාදේශීය සභාව බදු ගහන්නේත් නැත. පොලිසිය කටවුට් දැම්මා ය කියා කාටවත් නඩු දාන්නේත් නැත. 

සෙනාල් වෙල්ගමගේ පෝස්ටර්, කටවුට් ප්‍රසිද්ධියේ ම අදින්නේ ප්‍රාදේශීය සභාවේ වාහනවල ය. පසුගිය දිනෙක එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මේවා අල්ලා සංදර්ශනයක් පැවැත්වූයේ ය. 

සෙනාල් වෙල්ගම පිටරටක සිට ලංකාව‍ට ආවේ ඊයේ පෙරේදා ය. මේ පැත්තේ මිනිස්සු කතාවට කියන්නේ ඔහු මතුගම හතරමංහංදියට ගෙනැවිත් කරකවා අතහැරියොත් තාත්තා ඉන්න හොරවල ඩෙනිස්ටන් වත්ත හොයාගෙන යන්නට පාරවත් දන්නේ නැති ය කියා ය. එහෙම කිංඩිය දැම්මාට මේ පැත්තේ ජනතාව ඔවුන්ට ඡන්දයත් දෙනවා ය. 

පුත්‍ර දේශපාලනය ගැන කතා කරන්නට එක්සත් ජාතික පක්ෂයට ද බැරි ය. පාලිත තෙවරප්පෙරුමගේ පුතා ද ඡන්දය ඉල්ලනවා ය. ඔහුගේ බිරිඳ පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණය තරග කර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් වී ඇත. මේක රාජපක්ෂලාගේ පවුල්වාදයට එහා ය. මේ බලය නැතිව ය. බලය ලැබුණොත් කොහොමට තිබෙනු ඇද්ද?

මම නම් ඡන්දය දෙන්නේ ජවිපෙට ය. ඒ උන්ගේ ද ලොකු වටිනාකමක් තිබෙන නිසා නො වේ. එහෙත්, අඩු තරමේ යමක් කතා කරන්නට හෝ ඉන්නේ ඔවුන් පමණි. උදාහරණයක් ලෙස ජවිපෙ මන්ත්‍රීවරු ටික නැතිනම් පාර්ලිමේන්තුවේ කතා කරන්නට කෙනෙක් නැත. 

මහජන මුදලින් ලැබූ වෛද්‍ය උපාධිය හැර දමා ජවිපෙ සමග දේශපාලනය කරන නලින්ද ජයතිස්ස යළි කරලියට පැමිණ තිබේ. පළාත් සභාවේ සිටි වසර හතරක කාලය තුළ මොහු කළ කී දෙයක් ගැන ඔබ දන්නවා නම් කියන්න. දොස්තරකමේ හිටියා නම් අඩු ගානේ ලෙඩෙකුගේ උණවත් බස්සනු ඇත. 

මේ අතර වික්‍රමබාහුගේ නව සමසමාජ පක්ෂය කෙටි පණිවුඩයක් එවා තිබිණි. ඔවුන්ට තිබෙන ප්‍රශ්නය දිස්ත්‍රික්කවලට ඉදිරිපත් කිරීම සඳහා අපේක්ෂකයන් සොයා ගැනීම ය. 

මම නම් හිතන්නේ මේ අල්ල පනල්ලේ නිළියක් ඇවිත් ෆන් එකක් දෙන විට පිරිමි ඔවුන්ට ඡන්දය දෙනෙ එකේ වරදක් නැත. එයින් අඩු තරමේ විරෝධය හෝ සලකුණු වෙයි. උදාහරණයක් ලෙස කරු ජයසූරිය පරදවා පබා දිනවීම ඇත්තෙන් ම නරක ද? ජනතාව කිව්වේ උනුත් එකයි - මුනුත් එකයි කියා ය. ඉතින් එහෙම නැති ද? 

නිළියෝ නම් අඩු ගනනේ දෑසට ෆන් එකක්වත් දෙති. ඡන්ද සටන අතරතුර පොඩි ස්පර්ශ රසයක් විඳ ගන්නට ද අවස්ථාව ලැබිය හැකි ය. මේ එකෙක්වත් මහජනතාවට වැඩක් නො කරති. නිළියන්ව නම් හීනයකටවත් ගන්නට පුළුවන. පුතාලාගෙන් මොනවා ගන්න ද?  

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. ගැහැනු මොවුන්ට ඡන්දය දෙන්නේ සමහර විට අවිඥානයේ තිබෙන ලෙස්බියන් හැඟීමක් නිසා ද වෙන්නට පුළුවන.

    ReplyDelete
  2. ගැහුණුන්ට වැඩිය ඡන්දෙ දෙන්නෙ පිරිමි.

    ReplyDelete
    Replies
    1. කතාවනම් හරියටම හරි. ඒත් මේ වැඩේ කළා කියලා තම්න්ට ඇති වැඩේ මොකක්ද කියලත් මේ අයට චන්දේ දෙන පිරිමි සේරම හිතන්න ඕනේ.

      Delete
  3. මේ අය චන්දෙන් පත්වෙන්න බැරිකමකුත් නෑ.

    ReplyDelete
  4. ඉතින් බං උඹ ඉල්ලහන්කෝ කළුතරට වික්‍රමභාහුගේ පක්ෂෙන්.. මටත් පුළුවන්නම් කොළඹින් අරගෙන දියන්..

    මගේ මනාපෙත් ජෙප්පන්ටය.. උනුත් එකය.. ඒත් ටිකක් හොඳය..

    ReplyDelete
    Replies
    1. //මගේ මනාපෙත් ජෙප්පන්ටය.. උනුත් එකය.. ඒත් ටිකක් හොඳය..//

      මෙවර මගේ මනාපෙත් වුන්ටය.ආණ්ඩුවත් එක්ක එකට නිදි වදින විපක්ෂයකට වඩා උන් දෙයක් කරනවා.

      Delete
  5. අද වර්ථමාන සමාජයේ මැතිවරණ ගැන බහුතර ජනයා උනන්දු නැහැ..මැතිවරණයකදි ඡන්දය ප්‍රකාශකරන ප්‍රතිශතයත් තරමක අඩුවීමක් පෙන්නුම් කරනවා. ඉතිං මේ වගේ අවස්ථාවක නිකං කකා බිබී අදේශපාලනිකව මේ දේශපාලනයට බනින පාර්ලිමේන්තුවට අලි තඩි බෝම්බයක් තබා එය විනාස කර මෝඩ ආතල් ගන්න බලං ඉන්න පිංපි පොරවල් ජනප්‍රිය වෙලා තියෙනවා. ඔවුන්ගේ අදහස මේ තියෙන ප්‍රජාතන්ත්‍රවාද ටිකත් නැතිකරල පරණ රජකාලෙට ම යන්න.

    ඉතිං මේ සමාජය තුල දේශපාලනය ගැන මිනිස්සුන්ගේ තියෙන නොකැමැත්ත නිසාම අද දේශපාලන රැස්වීමකට එන මිනිහෙක්ට අරක්කු ටිකක් බත් පැකට් එකක් රෙදි යාර දෙකතුනක් උදලු තලයක් ආදි ලොකු පැකේජ් එකක් ලැබෙනවා. ඒකත් හොදයි.

    හැබැයි අපි මේ නිලියො ගැන කතාකිරීම තුල ආන්ඩු පක්ෂයට ලැබෙන වාසිය වැඩියි. මේ දේශපාලනය ගැන කලකිරුන වටපිටාවෙ නිලියො නිසා සමස්ථ මැතිවරණයම ජනප්‍රිය වෙනවා. ඒ වගේම ඡන්දය ප්‍රකාශ නොකරන්න හිටපු අය නිලියො පරද්දල හොද මිනිස්සු ගේන්න හරි..නැත්නම් නිලියො ටික හරි පත්කරන්න හරි චන්දෙ දාන්න යනවා.

    ගෙවල් වලට වෙලා චන්දය නොදා ඉන්න සෙට් වුන ගොඩ දෙනෙක් චන්දය දාන්න පොලඹවන්න මේ නිලියො ටික හේතුවාසනා වෙලා තියෙනවා.

    අවසානෙ අපේ පාලක පක්ෂයේ උපක්‍රමය අතිශය සාර්ථකයි සහ වාසිදායකයි.

    ReplyDelete
  6. මගේ ජන්දෙත්...පවුලගේ ජන්දෙත් මේපාර ජෙප්පන්ට දෙනුලැබේ ...

    ReplyDelete
  7. සත්තු ඉදිරියට දමා රට පාලනය කිරීම... :මෙතක් කල් පාර්ලි මේන්තුවේ බහුතරයව සිටියේ මිනීමරුවන්, කප්පම් කාරයන්, ස්ත්‍රී දූෂකයන්, ළමා අප චාරකරුවන් , කසිප්පු මුදලාලීන්, කුඩු වියාපාරිකයන් පිරිසකි. දැන් එම නැඹුරුව වෙනස් කරමින් නිශ්පාදකගෙන් ගෙන් පතිවත බිඳගෙන, අධ්‍යක්‍ෂකලාගේ ඇඳන් මත පිනුම් ගසා කැමරාමන් ගෙන් සල්ලං වූ නිලියන් සහ නිරුපිකාවන් පිරිසක් ජාතිය ගලවා ගැනීම පිණිස ඉදිරියට පැමිණ තිබේ. එය එක අතකට හොඳ ප්‍රවනතාවකි. පසුගාමී ගෝත්‍රික සමාජයක ලිංගික අසහනයෙන් පෙලන ශ්‍රී ලාංකිකයා පාළනය කිරීම සඳහා මීට වඩා හොඳ ක්‍රමයක් නැත​. එම නිසා දහසකුත් එකක් ප්‍රශ්න වලින් මිරිකී ජීවත් වන ශ්‍රී ලාංකිකයාගේ ජීවන ප්‍රශ්න අමතක කරවීමට නිලියන් ගේ සහ නිරූපිකාවන් ගේ තොඳොල් බස් , නාරි රූපය​, යොදා ගැනීම අති සාර්ථක ක්‍රමයකි.

    ReplyDelete
    Replies
    1. සමස්තයක් වශයෙන් ඔබ කියා ඇතිදේ එක්ක එකඟයි.

      //අධ්‍යක්‍ෂකලාගේ ඇඳන් මත පිනුම් ගසා කැමරාමන් ගෙන් සල්ලං වූ නිලියන් සහ නිරුපිකාවන් පිරිසක් ..//

      මෙන්න මේ කොටස ගැන යමක් කිව යුතුයි. ඇත්ත, මේ තමා නිළියන් ගැන පොදු සමාජ ආකල්පය. ඒ වගේම සෑහෙන දුරට එහි ඇත්තකුත් තිබෙනවා. කොස්ස තියෙන්නේ මෙතනයි. මේ ප්‍රකාශයෙන්, නිළියන් යනු අහිංසක කැමරා කරුවන්, අධ්‍යක්‍ෂකවරුන් අමාරු වේ දාන චිංචිමානවිකාවන් පිරිසක් ලෙස අදහසක් ගම්‍ය වෙනවා. නමුත්, ඇත්ත එහි අනිත් පැත්තයි. ඔය ක්ෂේත්‍රයේ අධ්‍යක්‍ෂකවරු ලිංගික අල්ලස් ඉල්ලීම සාමාන්‍ය දෙයක්. කොටින්ම, නවක නිළියකට හොඳ නම තියාගෙන ඔය ක්ෂේත්‍රයේ රෑඳි සිටිය නොහැකි තත්ත්වයක් එහි තිබෙනවා. ඔබ, අප අසා ඇති, බොහෝ සම්භාව්‍ය අධ්‍යක්‍ෂකවරු සහ අනෙකුත් කලාකරුවන් මෙවැනි අයයි. ගැහැණුන්ට අපහාස කරන්න සැදි පැහැදී සිටින අපේ "සාධාරණ" සමාජයේ, එවැනි පිරිමින්ට කියන අපහාසාත්මක නමක්වත් නෑ.මං කියන්න හදන්නේ, අප මේ නිළියන්ගේ පැටිකිරිය සෙවීම නැවැත්විය යුතු බවයි. නැත්නම්, නොදෙන හෝ අපත් මේ විෂම චක්‍රය පවත්වා ගැනීමට අනුබල දීමක් සිදුවේ.

      මේක ලංකාවට විතරක් සීමාවෙච්ච දෙයක් නොවේ. නමුත්, අපට වඩා විවෘත ලිංගික ආකල්පයක් දරන බටහිර සමාජයේ , කිසිවෙක් නිළියන්ගේ පතිවත සොයන්න යන්නේ නෑ.

      ලිපියේ තියනවා සේ , මෙතන ප්‍රධාන ප්‍රශ්ණය, මේ නිළියන් දේශපාලන, සමාජමය දැණුම අතින් දුර්වල වීමයි, අනික් අතින්, "දුමින්ද , මර්වින් සිල්වා ඕය ඉන්නෙ යස අගේට ඉන්නෙ ඔව්වා දැනගෙනද?" යැයි කෙනෙකුට ඇසිය හැකිය. මර්වින් සිල්වාට අඩුම ගණනේ කටවත් තියෙනවා යැයි කෙනෙක් කියයි නම්,, මට ප්‍රතිඋත්තරයක් ලෙස ගීතාව ඉදිරිපත් කල් හැක :)

      උනුත් එකයි, මුනුත් එකයි කියන සංකල්පය අනුව, කොහේදෝ රටක මිනිසුන් වඳුරෙකුව වැඩි මනාපයෙන් පත්කරගත් සිද්දියක් අසා ඇත. එසේ නම් වඳුරාට විකල්පයක් ලෙස අපට සුදු කැස්බෑව වුවද සෑහේ


      Delete
  8. හ්ම්ම්ම්,, ඔබේ ලිපිය ඇත්තය. මට චන්දෙ දමන්ට විදියක් නැති නිසා අම්මගේ ඔලුව වත් ටිකක් සුද්ද කරන්න ඕනේ,,,,

    ReplyDelete
  9. බොඩු බාල සෙන්නා චන්දේ ඉල්ලන්නේ නැද්ද?

    ReplyDelete
  10. දේශපාලනය විහිළුවක් වෙමින් පවතී.මෙහි ප්‍රතිපලය ඉදිරියේදී ඡන්දය දෙන පිරිස ඉතා අඩු වීමය.එසේම ආමි ආද්මි ( පොඩි මිනිහා ) වැනි පක්ෂ බිහි වීමටත් ඉඩ ඇත.නගරාශ්‍රිත මධ්‍යම පාන්තික ආකර්ශනයක් සහිත නව තුන් වැනි බලවේගයක් නැගී ඒමට ඇති ඉඩ වැඩිය.එහෙත් තුන් වැනි බලවේගයකට මෙන්ම විපක්ෂයටද හිස එසවීමට ඇති ලොකුම බාධාව සිංහල බෞද්ධ විරෝධයයි.විපක්ෂයේ මාධ්‍ය භික්ෂූන් වහන්සේලාට ඉතාම කැත විදියට කතා කරනු අප දැක ඇත.ආන්ඩුවේ ජාතික ආගමික ලැදියාව මටහ් තම ඡන්දය තීරණය කිරීම අවසාන මොහොතේ සිදුවේ.ආන්ඩුව ජාතික නැබුරුවක් දක්වන තරමටම විපක්ෂය විජාතික නැබුරුවක් දක්වයි.එය හරි හෝ වැරදි වේවා මෙ රටට නොගැලපේ.එය මේ රටේ දේශපාලනයත් සමන යන්නේ නැත.වික්‍රමබාහුත් එක්ක වේදිකාවට නගිනවිටම චන්ද ලක්ෂ ගානක් අහිමි වේ.දෙමළ චන්ද වලින් චන්ද දිනන්නට විපක්ෂ ය හිතා සිටී.එය සාර්ථක නැත.ජනාධිපතිවරණයක්ජදී දෙමළ ඡන්ද ඔය කියන තරම් තීරණාත්මක නැත.බොහෝ ද්‍රවොඩය දැන් සිටින්නේ විදෙගතවය.ආන්ඩුව එය දනී.

    එජාපය ලොකුම පක්ෂය යැයි කීම මිත්‍යාවකි.එම තත්වය 1970 මැතිවරනැ ප්‍රතිපලවලට අනුව නිවැරදිය.නමුත් දැන් බහුතරය පාවෙන චන්දය.කැපුවත් කොළැ කැපුවත් නිල් ඡන්ද අඩුය.

    ප්‍රධාන පක්ෂය වන එජාපයේ නරුමවාදය බෞද්ධ,කතෝලික,මුස්ලිම්,හින්දු යන කිසිම ආගමිකයෙක් අනුමත නොකරයි. එජාප රජයක් යටතේ ගබ්සාව නීතිගත කරනු ඇත.සමලිංගික විවාහ නීතිගතකරනු ඇත.මෙසේ විශාල සමාජ විපර්යාසයක් සිදුවේ.ඇමරිකාවේ ඔබාමා සමලිංගික විවාහ වලට ඉඩ දෙන බව කියා ඡන්දය කළත් මෙහෙ එහෙම බැරිය.මෙහෙ ගල්කාරයොවත් එහෙම පක්ෂෙකට ඡන්දය නොදෙති.
    කවුරු මොනවා කීවත් අනාගටහ් එජාප රජයක් යනු අනාගමික එකකි.ආගම රාජ්‍යයෙන් ඉවත් කෙරෙනු ඇත.බටහිර ලිබරල් සමාජයක් ගොඩ නැගෙනු ඇත.ඒක හොද වුනත් නරක වුනත් මම නම් කියන්නේ ඒක මේ රටේ දේශපාලනයේ මාකට් කළ නොහැකි බවයි.
    ආන්ඩුව මේ පොයින්ට් වලට ආ විට එජාපයේ පස්ස බිම ඇනෙනු ඇත.ජෝකර්ලා වනු ඇත.

    ReplyDelete
  11. මගේ එක දෙන්නේ හිරුණිකා බේබිටය
    මගේ දෙක දෙන්නේ ගයේෂාටය
    මගේ තුන දෙන්නේ ජිංජර්ටය...
    ඒ මගේ තුන දෙන හැටිය

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා