පශ්චාත් චන්ද්‍රපුෂ්ප මහින්ද කුමක් කරයිද?

තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදාන පතිරණට ගැලවිල්ලක් නැති පාට ය.  ඔහු හොට පටලවා ගත් කෙසෙල් ගහේ මහින්දලාට ද තොණ්ඩුව එල්ලා තිබීම එයට හේතුව ය.

බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයකු මරා ඔහුගේ පෙම්වතිය දූෂණය කිරීමේ වරදින් ඔහු මුදවන්නට බැරි වී තිබෙන්නේ ජාත්‍යන්තර බලපෑම නිසා ය.

ඒ නිසා ආණ්ඩුව තම බත්බැලයකු වන ‍මේ දාමරිකයාව පාවා දෙන්නට සැරසෙයි. අධිකරණයෙන් වසන් වී රටින් පැන ගන්නට ඔහු දැරූ තැත ද ව්‍යර්ථ විය.

දැන් ඉතිරිව තිබෙන්නේ අච්චුව විඳිමින්  ජනාධිපතිගෙන් සමාවක් ඉල්ලා ගැනීම ය. ජනාධිපතිවරයා එබඳු සමා දානය කරන්නට සූදානම් අයකු බවට ඇමක් මේ සිරගත අපරාධකාරයන්ට දී තිබේ. 

ඇමති මිල්රෝයි ප්‍රනාන්දුගේ අනියම් බිරිය හා ඇගේ සේවිකාව මරා අසු වී මරණ දඬුවම ලද ඇමතිගේ කසාද බිරිඳ තුන් අවුරුද්දකින් නිදහස් කර ගෙදර ම යවා ජනාධිපතිවරයා ‍වැඩ පෙන්වා ති‍බේ. 

පසුගිය දිනවල බෝගම්බර සිරගෙයි උපවාසයක් ඇති වුණේ ද ඇමති එස්.බී. දිසානායක මෙවැනි සමාවක් සඳහා දරන උත්සාහය නිසා ය.එහිදී ඇමතිවරයාගේ මැදිහත් වීමෙන් සමූහ මිනීමැරුමක් වෙනුවෙන් මරණ දඬුවම ලද සිරකරුවන් පිරිස‍කගේ දඬුවම ලිහිල් කරන ලදී.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. ජිනීවා ඉවරවෙයි , චන්ද්‍ර පුෂ්පට ඇප ලැබෙයි ඊලනග මාර්තුවේ ආපහු ජිනීවා පටන් ගන්නකොට පුෂ්පයා ආපහු ඇතුලට යයි ඉවර වුනාම ආයේ ඇප ලැබෙයි...................................................................දූෂණය වුන ඉංගිරිසි කෙල්ල වයසට ගිහින් මැරිලා යයි....චන්ද්‍රපුෂ්ප කැබිනට් ඇමතිකෙනෙක් වෙයි.

    ReplyDelete
    Replies
    1. Geneva ගිහින් මානව හිමිකම් ගැන කතා පවත්වය්

      Delete
  2. ඒකට කියන්නෙ දේශපාලන ධර්මතාවය. අයියෝ ඕකත් එච්චර දෙයක්යෑ. තව මදි. ඔය එක සුදුසුකමක් විතරයිනේ.තව හත් අට දෙනෙක් දුෂනය කරල හත් අටදෙනෙක්වත් මරල ඉන්ඩඕනෙ අඩුම තරමේ පාර්ලිමේනුතුවටවත් එන්න. එහෙම නැත්නම් ගන්නෙ නෑ

    ReplyDelete
  3. මහින්දගේ පාලනයෙයි පාතාලයයි අතරේ තියෙන සම්භන්දය බොහොම අවතක්සේරු වෙච්ච කාරනාවක්. ඇත්තටම අද මර්වින්ලා වැජඹෙන්නේ මහින්දගේ තියෙන 'කළගුණ සැලකීමේ' ගුණයක් නිසා නෙවෙයි, මර්වින්ලා අතේ මහින්ද හීලෑ කරන 'යන්තර' බැඳගෙන ඉන්න නිසා. ඒවා තිබුනේ නැත්නම්, අද මර්වින්ටත් ස්රීපතිලට, භාරතලට වගේම කාලගුණ සැලකීමක් හම්බවෙලා තියෙන්න තිබුන.

    සම්පත් චන්ද්‍රපුෂ්පත් ඒ 'විශේෂ පාතාලයේ' සුදු හැඳගත් අංශයේ සාමාජිකයෙක් නිසා, හිරගෙවල් වල වැටිලා දුක් විඳින්න වෙන්නේ නැතිබව විශ්වාසයි. ටික කාලයකට ඇතුලේ හිටියත් ඒක හෝටලේක හිටිය වගේ වෙන්න වැඩ සැලස්සෙයි. ප්‍රභාකරන්ටවත් බයනුවුනු මහින්ද, අගවිනිසුරුලා, හමුදාපතිලා, පොලිස්පතිලා, 'සමහර' මැති ඇමතිවරු , බැංකු සභාපතිවරු, රේගු ලොක්කෝ වචනෙක වැරැද්දට උල හිඳුවන මහිද, ඇයි මේ විශේෂ පාතාලයට මේ තරම් ආදරේ/බය?

    පුළුවන් අය පහළ ලින්ක් එකේ තියෙන පින්තුරේ බලල එකේ ඉන්න දෙන්නගේ ඉරියව් අධ්‍යනය කරන්න. රැවුල නැති එක්කෙනා (රහස් ගොඩකුත් තමා සමගම රැගෙන මියගිය) චන්ඩි මල්ලිගේ එක පුතෙක්. බීමත්ව රංචු පිටින් ගොස්, පොලිස් නිලධාරීන්ට, රජයේ සේවකයන්ට පහරදීම සඳහා කුප්‍රසිද්ධ වූ කෙනෙක්. එයා ඉදිරියේ ඉන්න කෙනාගේ body language කියවන්න. දෙන්නගෙම මුහුණේ ඉරියව් නිරීක්ෂණය කරන්න. දැන් කියන්න කව්ද මෙතන ලොක්ක?

    http://www.lankaenews.com/Sinhala/news.php?id=24053

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා