හාමුදුරුවෝ හරි ආඳා

අද පෝය නොවැ. උදේ පාන්දර ම අතගැහුවේ හාමුදුරු කෙනෙකුගේ සම්මුඛ සාකච්ඡාවක් පරිවර්තනය කරන්න.

පිටිදූවෙ සිරිධම්ම හාමුදුරුවෝ කියන්නේ තමන්ට සූක්ෂම ජීව විද්‍යාව ගැන උපාධියක් තිබෙනවා යි කියාගෙන විද්‍යාව ළාවට බුදු දහමට මුසු කරමින් බණ කියා ජනප්‍රියත්වය දිනා ගත් කෙනෙක්. ඒ කාලේ චිචිත්‍ර ධර්ම කථිකයන් 2004දී ජාතික හෙළ උරුමය හරහා පාර්ලිමේන්තුවට ගිහින් පළමු රැස්වීමෙදි ම මර්වින් සිල්වාගේ ඇට පුසි කිරීමේ දානයකුත් වැළඳුවා. ඒත්, මොකක්දෝ හේතුවක් නිසා සිරිධම්ම හාමුදුරුවෝ ඒ රැල්ලේ හිටියේ නැහැ.

ඒ හාමුදුරුවෝ අසපුවක් එහෙම සැප පහසුවට හදාගෙන ඉන්න ගමන් ඔන්න පසුගිය දවසක දුන්නා නියම මාකටිං ප්‍රහාරයක්. එයා රහත් වුණා ය කිව්වා.

ඉතින් කට්ටිය රෙදි උස්සගෙන බනින්න පටන් ගත්තා. අපි නම් ඉතින් ඔව්වා ගැන උපේක්ෂාවෙන් බලන නිසා අපට ඉතින් රහත් වුණත් එකයි, නැතත් එකයි. මට නම් ඉතින් මේ ආත්මෙ විතරයි. නැවත ඉපදීමක් වුණත්, නැතත්, දැන් ඉන්න මට ඒක අදාළ නැහැ නේ. මේ ආත්මේ මිනිස්කමින් යුක්තව ජීවත් වීම තමයි, අපේ ඩියුටිය. සුභාෂිතයේ එන පහත සඳහන් වන කවිය මගේ චින්තනයේ මූලධර්මයක්.

ඇතත් නැතත් පරළොව සුදනෙනි මහත
හ‍ලොත් යෙහෙකි පව්කම් නොතබාම සිත
ඇතත් එපරළොව ඉන් වන අවැඩ නැත
ඇතොත් නැතැයි පව් කළ හට වෙයි විපත

කොහොම වුණත්, සිරිධම්ම හිමියන් ගැන ලියන්න හිතුණේ මව්බිම පත්තරේ පළ වන මෙම සම්මුඛ සාකච්ඡාව නිසායි. ඇත්තම කිව්වොත් මෙම සම්මුඛ සාකච්ඡාවේ කිසිදු අලුත් දෙයක් නැහැ. ඒ වුණාට මම ඒකට කැමති හේතුවක් තිබෙනවා.

පුවත්පත් කලාවේදියාට උවමනා පත්තරයේ හොඳට විකුණා ගන්න පුළුවන් ප්‍රකාශයක්. ඒත්, හාමුදුරුවන්ගෙන් නො ලැබෙන්නේත් එයමයි. ටික දුරක් යනකොට ඉන්ටර්වීවර් කවුද ඉන්ටර්වීවී කවුද කියා පැටලෙන ඩයලොග් එකක් මේක.

හාමුදුරුවෝ මාර ආඳා. හැබැයි, ඔහු කරන ප්‍රකාශවල යටතලය කියවා එහි තිබෙන උපහාසය රස විඳින්න පුළුවන්. එහි ජීවිතය ගැන ගැඹුරු අරුත් පවා තිබෙනවා. මෙන්න උදාහරණයක්:

වීඩියෝ එකේදී අර වගේ දෙයක් කළේ ඇයි? එතකොට මහණකම ගැන දැනගෙන හිටියේ නැද්ද? මහණකමේ නුසුදුසු දේවල් මේවයි කියලා දැනගෙන හිටියේ නැද්ද?

හරි ඉතින් ඔබතුමා මට කලින් හමුවුණා නම් ලොකු දෙයක් මට මහණකම ගැන ඉගෙන ගන්න.. හහ්... හහ්...

මට මහණකම ගැන උගන්න උගන්න ඉන්න ඕන නෑ. උපදෙස් දෙන්න මට අවශ්‍ය නෑ? මම අහන්නෙ භික්ෂුවකට නොගැළපෙන දේවල් කළේ ඇයි? මිනිසුන්ට පව් පුරවන්නේ ඇයි?

හැබැයි මෙහෙමයි. සංවර විය යුතුයි භික්ෂුවක්. භික්ෂුවකට පන්සලේදී තමන්ගේ ආරාමේදී හිනාවෙන්න බැරිද?

එතකොට දැන් කියනවද අර වීඩියෝවෙ හිනාව හරිද කියලා?

මම කොහොමෙයි හිනාව හරිද වැරැදිද කියලා දන්නේ? ඒක මිනිස්සු තීරණය කරයි. මට ප්‍රශ්නයක් නෑ...

පිටිදූවේ සිරිධම්ම හිමිට තමන්ගේ හිනාව, හැසිරීම හරිද වැරැදිද කියලා තීරණය කරන්න බැරි නම්?

ඔව්...

ඒකේ තේරුම මොකක්ද? කිසිම දෙයක් දන්නේ නෑ කියන එකද?

ඒක ප්‍රශ්නයක්.. මං මොකක්වත් දන්නේ නැති මිනිහෙක් තමයි. මං දන්න එක දෙයක් තියෙනවා. ඒ මුකුත් දන්නා නැති බව.

ඒක දන්නෙත් නෑ?

ඒක ඔබතුමාට කැමැති විදියට හිතාගන්න. හහ්... හහ්... හහ්.... එක එක ඒවා හිතලා ඒවාට පූර්ව නිගමන කරලා ඒවා හරියි කියලා හිතාගත්තට මට කමක් නෑ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. ටිරාන් හුලස්ගේ පව්බිම පත්තරේ ප්‍රචාරය කරන්නත් කිව්වද ඒ පාර බං? හැබැයි පැරා,උබට ඉතිං දැන් දාහේ කොළ කිහිපයකට උබේ ආත්මය හුලස්ට විකුනන්න උනා නේ. පැරාගේ මිලත් ඔන්න පැහැදිලියි.
    හැබැයි ඉතිං පොඩ්ඩ බැරිඋනොත් ශාන්ත බණ්ඩාරට අත්වූ ඉරණම පැරාටත් අත්වෙයි.

    ......
    මව්බිමේ කුකුළා

    Posted on ජනවාරි 12, 2014 by Herald Gossip in news // 0 Comments


    හොර කට්ටඩියන්ගේ නිල පත්තරේ අධ්‍යක්ෂක ධූරයක් හෝබවන තට්ටයකු නිසා එහි වැඩ කරන ලස්සන කෙල්ලෙන්ට තට්ටම් බේරා ගැනීමට නොහැකි තත්වයක් උදා වී ඇතැයි පැවැසේ.

    ක්‍රීඩා ක්ෂේත්‍රයේ ගල් ආදකු ලෙස කීර්තියක් දරන මේ තට්ටයාගේ බිරින්දෑ ( ඈ නම් ශ්‍රියා කාන්තාවකි)පසුගිය වසරේදී ඕස්ට්‍රේලියාවේදී මිය ගිය අතර මේකා වැඩිමහල් දරුවන් දෙදෙකුගේ ද පියෙකි.

    මේ දිනවල ප්‍රසිද්ධ කතාව නම් එම පච පත්තරයේම වැඩ කරන ඊයේ පෙරේදා නිළියක වූ කෙල්ලක අඹු කමට ගන්නට මෙකා දඟලන දැගලිල්ල ගැනය. කොහොම අමුත් මේ නාකි විසයෙන් පල ප්‍රයෝජන ගෙන මේ වන විට දහසින් බැඳි පියලි සිය රෙද්ද අස්සේ දමා ගැනීමට මේ නවක නිළිය සමත් වී ඇති බවද ඒ බිමේ ප්‍රසිද්ධ රහසකි.

    එසේ නමුත් මේකාගේ විසේ මෙතැනින් නතර නොවී තමන්ගේ දරුවන්ගේ වයසේ කෙල්ලන්ගේ තට්ටම් මිරිකීමට ගන්නා උත්සාහයයන් කිහිපයක් ගැනම මේ ඊයේ පෙරේදා ඒ කාර්යාලයෙන්ම වාර්තා විය.

    කට වාචාලකමෙන්, ධර්මෙන් ඕනෑම දෙයක් බේරා ගැනිමට සමත් මේකා කාලයක් ජිනා මැඩම්ගේ ස්පොට් එකටද ආව ගිය එකෙකි. ඊයේ පෙරේදා නිළියන්ගේ ලප හොයන්නට ගොස් චාටර් වූ ටීබී ඇමැතියාට ඒ සබ්ජෙක්ට් එකට වියදම් දැරුවේද මෙකාමය. ඒ අර ටීබි වුෂු ගහන්න ආ කාලයේය.
    ......

    මෙන්න ලින්ක් එකක්.ඉන්න ගමන් කියවන්න පැරා.

    http://lakbima.lk/index.php?option=com_content&view=article&id=24469:2013-08-08-04-12-37&catid=75:2013-08-09-09-04-04&Itemid=99

    ReplyDelete
  2. කලක් ජනකාන්ත නිළියකව සිටි සන්ධ්‍යා කුමාරි අනූ ගණන් වල මුලදී හදිසියේ මිය ගියාය. එම මරණය ගැන ඒ වන විට ඇය හා සිටි දෙවන සැමියා සහ ඇගේ මුල් විවාහයේ දියණියන් අතර බලවත් විරසකයක් පැවතුණි. හදිසි මරණ පරීක්ෂණයේ දී පවා දෙපාර්ශ්වය චෝදනා කරගත්හ. එකල මම “සුමති” ආයතනයේ “සරසි“ සිනමා පුවත්පතේ විශේෂාංග කතුවරයා වූයෙමි. සන්ධ්‍යා ගැන ලිපි රැගත් ‘සරසි‘ කලාපය සැකසෙද්දී ‘සුමති’ ප්‍රකාශන අධිපති තිලංග සුමතිපාල මහතා මට කතා කළේය. නාලන්දාවේ තමා සමග එකම පන්තියේ ඉගෙනුම ලැබූවෙකු වන සන්ධ්‍යාගේ දෙවන සැමියා එකල සිටම දැඩි සන්ධ්‍යාලෝලියෙකු වූ බව කී තිලංග මහතා සන්ධ්‍යාගේ මරණය ගැන ලිපි පළ කරද්දී චෝදනාවට පාත්‍ර වී සිටි ඔහුටද හානි නොවන ලෙස සමබරව සකසා පළ කරන ලෙස මට පැවසීය. මම එය එලෙසින්ම කළෙමි. දෙපාර්ශ්වයටම ඉන් අගතියක් වූයේ නැත. සුමතියේ මා සේවය කළ දීර්ඝ කාලය මුළුල්‍ලේම තිලංග සුමතිපාල මහතා ලිපියක් ගැන මට යමක් කී මුල්ම එකම හා අවසාන අවස්ථාව එය විය. එයද යමක් පළ කරන්නට එපා කීමක් නොව සමරබව පළ කරන්නැයි පැවසීමක් පමණක් වීමද විශේෂයකි. ආයතනයේ වෙනත් ප්‍රධානියෙකු හා ගැටී මා එහි ස්ථිර සේවයෙන් ඉවත්ව යන දින තිලංග මහතා හමු වූ විටද ඔහු එම සිදුවීම සිහිපත් කළේය. “එක එක්කෙනා ඇවිත් නොයෙක් දේ කිව්වා. ඒ වුණාට සන්ධ්‍යාගේ මරණෙ වෙලාවේදී ඇර මම ඔයාට කිසි දෙයක් ලියන්න කියලවත් , ලියන්න එපා කියලවත් නෑ නේද ආනන්ද......... “ යනුවෙන් ඔහු කීය. එබස සැබෑ බව මම එක හෙළා පිළිගත්තෙමි. ඔහු සතුව තිබූ නිදහස් මාධ්‍ය චින්තනය එසේය. පසු කාලයක ඔහු ක්‍රියාකාරී දේශපාලනයට පිවිස පළාත් සභා හා පාර්ලිමේන්තු මැතිවරණ තරග කරද්දී මගේ දේශපාලන ලැදියාවන් පසෙක තබා මා ඔහුට ප්‍රචාරක ගීත දෙකක් නිර්මාණය කර දුන්නේ අන් කිසිවක් නිසා නොව මා ‘සුමති’ යේ සිටි කාලයේ වෘත්තීය නිදහස ලබාදුන් ආයතන හිමිකරුවාට තුතිබර වීම යුතුකමක් කොට සලකාගෙනය. බොහෝ කලකට පසුව වර්තමානයේ සිකුරාදා ‘ලක්බිම’ ට මේ කොලම මා ලියද්දී ද ඒ නිදහස ඒ අන්දමින්ම වලංගුව පැවතීම එක් අතකින් විශ්මයටද කරුණකි. මේ මව්බිමේ ඇතැම් පුවත්පත් හිමිකරුවන්ගේ හා කතුවරුන්ගේ බාල බොළඳ හැසිරීම ගැන සලකා බලන විට ‘ලක්බිමේ’ මාධ්‍ය නිදහස ගැන ආඩම්බර විය හැකි යයි සිතේ. ඇතැම් විද්‍යුත් මාධ්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායකත්වයෙන් එළවීම පමණක් ප්‍රවෘත්ති ලෙස සිතා තම විකාශන කාලයෙන් තුන් කාලක තරමේ කාලයක් ඒ වෙනුවෙන් වැය කිරීමේ විහිළුව ගැන මේ කොලමට මා ලියුවේ ප්‍රවෘත්ති රනිල් පමණක් වීම යන ශීර්ෂය සහිතවය.

    ReplyDelete
    Replies
    1. ඇතැම් මුද්‍රිත මාධ්‍යද එසේ සිතන බව පෙනී යන්නේ යයි එකම වැකියක් එහි ලියූවෙමි. එම වැකියට උරණ වූ මේ මව්බිමේ එක් පුවත්පතක ප්‍රධානීහු එම පුවත්පතට සතිපතා මා ලියූ කලා ලිපි දෙකක් නවතා දැම්මෝය. දෙකොණින් සිනාසෙනු මිස කුමක් කරන්නද? විද්‍යුත් මාධ්‍ය ගැනම ලියූ ලිපියේ එක් තැනක මුද්‍රිත මාධ්‍ය ගැන කී පමණින් තොප්පිය තම හිසට දමාගෙන අඳබාල ලෙස එසේ ක්‍රියා කළ අය මාධ්‍ය නිදහස යන වචනයේ අරුත තිලංග සුමතිපාල වැනි ‍‍‍ජ්‍යෙෂ්ඨ පරිපාලකයන්ගෙන් ඉගෙන ගත යුතුය. පාලක පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස සිටිමින්ම සමබර පුවත්පත් ආයතනයක් පවත්වාගෙනයාමට පූර්වාදර්ශය හා පන්නරය සැපයූ ඔහු මේ මව්බිමේ ළඳබොළඳයන්ට දී ඇත්තේ අගනා ආදර්ශයකි. රාජ පාක්ෂික ලෙස ලියන්නට හෝ විපක්ෂික ලෙස නොලියන්නට හෝ ඔහු එම ආයතනයේ කිසිවෙකුට පූර්වාදර්ශ සපයා නැත. රනිල් වනසන්නට හෝ සජිත් පුම්බන්නට ඔහු කිසිවෙකුට කියා නැත. මේ මව්බිමේ ශාන්ත බණ්ඩාර ජයවර්ධන හා ඉසුරු ප්‍රසංග වැනි ‍ලේඛකයන්ටද මට මෙන්ම අසාධාරණයක් සිදු වූයේ තිලංග සුමතිපාල වැනි නිවහල් අදීන පරිපාලකයෙකු නොසිටීමේ වරද නිසාය. සංගායනා කොට සසුනෙන් පළවා හැරිය යුතු සඟුන් උළුප්පා ශාසන ද්‍රෝහී අදහස් වපුරන මේ මව්බිමේ ඇතැම් පුවත්පත් සමග එන ‘තරුණ’ පුවත්පත් (අතිරේක) මගින් කරන්නේ වැඩිහිටියන්ට ගැරහීමය. අප යොවුන් වියේ සිට කියවූ තරුණයා වැනි පුවත් පතක් තවමත් පවතින්නේ එය වැඩිහිටියන්වද ප්‍රතික්ෂේප නොකළ නිසාය. හෙට වැඩිහිටියා වන්නේ අද තරුණයා බව සිතූ නිසාය. තමන් කුණුහරුප පත්තරයක් බව තමන්ම පිළිගන්නා මේ මව්බිමේ ඇතැම් තරුණ පුවත්පත් (අතිරේක) සකසන අය එහි පාඨකයන් ලවා අම්මාවරුන්ටද බැණ ලිපි ලියවනු පෙනේ. “මේ පත්තරේට අම්ම බැණ්නාම අම්ම නිසා ඉවසුවා. නැත්තං කරන වැඩේ දන්නවා...” වැනි තර්ජනාත්මක ලිපිද පළ කරන ඔවුන් පාඨකයා යන වදනට ස්ත්‍රී ලිංග පදයක් නොයොදන බව නොදැන පාඨිකාවන් යනුවෙන් සිය තරුණ අතිරේකයේ කතුවැකියේ ද ලියනු අප දැක ඇත්තෙමු. ඩී.එෆ් . කාරිය කරවන වැනි ප්‍රාඥයෙකු මෙය දුටුවේ නම් පාඨිකාවන් ඉන්නේ මේ මව්බිමේ මිස කුමන රටකදැයි මහ හ¾ඩින් සිනාසී අසනු ඇත. ඉතා මෑතදී මිය ගිය ප්‍රකට ගිහියෙකුගේ අවමඟුල ගැන පුන පුනා පළ කරද්දී , “ශ්‍රී දේහය” යනුවෙන් ලියා තිබෙනු දුටු විට මේ මව්බිමේ යථා ස්වරූපය මනාව වටහා ගත හැකි විය. පූජ්‍ය පක්ෂය සඳහා පමණක් යොදන එම වදන ආයතන බලධාරියෙකුගේ සමීපතමයෙකු සම්බන්ධයෙන් යොදා පළ කිරීමට තරම් ගැති මානසිකත්වයක සිටින්නන් ගැන එම උගත් ගිහියා වුවද දන්නේ නම් කම්පා වනු නියතය. “ප්‍රවෘත්ති රනිල් පමණක් වීම” කොලමේ පුංචි තැනක මුද්‍රිත මාධ්‍ය ගැන වදනක් ලිව්වත් සැබෑ ලෙසම ලිවිය යුතු ව තිබුණේ අවිචාර මාධ්‍ය භාවිතාව නිසා සිදු කළ ඉහත වැරදි ගැන නොවේදැයි මට සිතේ. තමන්ගේ ඇහේ ‍පොල් පරාල තිබියදී අනුන්ට සාධාරණය උගන්වන්නට මොවුන්ට හැකිද? එබැවින් විද්‍යුත් මාධ්‍යයක් හා එක්ව දේශපාලනය හසුරුවන්නට නොසිතා වචනයේ පරිසමාප්ත අර්ථයෙන් නිදහස් මාධ්‍ය භාවිතාවකට ඉඩ දී ඇති ලක්බිම සමග මේ ලැබූ නව වසරේ ද ඉදිරියට යාම යහපත් බව මගේ වැටහීමයි.

      ආනන්ද පද්මසිරි

      Delete
    2. අනේ වස්තුවේ සන්ධ්‍යාව ගොනෙක් කරපු සන්ධ්‍යාට දවසකට අරක්කු බෝතලයක් බොන්න පුරුදු කරපු ආනන්ද ජයරත්න ඩොමී ජයවර්ධන ගාමිණී ෆොන්සේකා ටෝනි රණසිංග ගැනත් ලියන්නකෝ

      Delete
  3. සමන්ත බද්‍ර කලේ, දැන් තියෙන බුද්ධාගමේ රෙදි ගලවලා දාපු එක. බුදු හාමුදුරුවෝ නිවන් දැක්කේ වෙලාවට.

    ReplyDelete
  4. විශයයන් ගනනාවක් ගැන පුලුල් දැනුමක් ඇති ආරක්ශක අන්ශයට සම්භන්ද ඉහලම තනතුරක් දරා ඇති අර සයිලන්ට් සහන් කියන මහත්මයා දැන් පෙනෙන්නට නැත්තේ ඇයි

    ReplyDelete
    Replies
    1. ඇයි ඔයාගේ ලොකුද

      Delete
    2. නැහැ .එම මහත්මයා පැනල දුවන්නම් බ්ලොග් වලට ආවේ නැහැයි කිව්වා.ඒකයි හොයන්නේ.තව එකක් එම මහත්මයා මාව දිව්ය ලෝකෙට යවනවා කිව්වා. ඒ ගැන වැඩිදුර විස්තර දැනගන්නත් එක්ක

      Delete
  5. para read this ......කච්චානගොත්ත සූත්‍රය - සංයුක්ත නිකාය 2
    -------------------------------------------
    මෙම සූත්‍රය ලෝකයේ ද්වි ස්වභාවයක් ඇති බව පෙන්වීමට බුදුන්වහන්සේ දේශනා කරන ලද සූත්‍රයක් යයි පටලවා ගෙන ඇති බව පෙනෙන්න තියෙන නිසා ලියන හිතුනා. මෙම සූත්‍රයේ අසන ප්‍රශ්නය නම්.

    ස්වාමිනී සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය යයි කියනව මොකද්ද මේ සම්මා දිට්ඨිය කියන්නේ ?

    ඉතින් උන්වහන්සේ සම්මා දිට්ඨිය විස්තර කරන්න කලින් ලෝකයේ ඇති 64 දෘෂ්ටි කොටස් දෙකකට දාලා උච්චේද වාදයයි සාස්වත වාදය කියන දෘෂ්ටි දෙක පෙන්නුවා. උච්චේද වාදය කියන්නේ ආත්මයක් නෑ, කරන දෙයක් මේ ආත්මේ විතරයි ආයේ පින් පව් කියලා දෙයක් නෑ කියන දෘෂ්ටිය. අනෙක් එක ආත්මයක් තියෙනවා කියන දෘෂ්ටිය (එහෙම නැතිනම් මමෙක් ඉන්නවා නැත්තම් මමෙක් නෑ කියන දෘෂ්ටිය). ඔය දෘෂ්ටි දෙකේ තමා ලෝක සත්වයා සසර පුරා එන්නේ. එක්කෝ ඇත කියන අන්තයේ එහෙම නැතිනම් නැත කියන අන්තයේ. ඔය අන්ත දෙකෙන්ම මිදිලා මැදුම් පිලිවෙත එනම් පටිච්චසමුප්පාදය එහෙම නැතිනම් හේතු ඵලය පෙන්නුවා. ඒ හේතු ඵලය දකින ඥාණයට කියනවා සම්මා දිට්ඨිය කියලා.

    ReplyDelete
  6. නොදන්න කමට අහන්නේ !!

    බුදුහාමුදුරුවොම කිව්වා කියල මං අහලා තියනවා ශාසනය
    විනාස වෙන්න දුසිල් මහනනුත් බෙහෙවින් ඉවහල් වෙනව කියලා !!

    මොවුන්ගේ ශ්‍රාවකයනුත් මුං වගේම නොවැ !!
    ආචාර්‍ය කම ගන්න තරං සල්ලි තිබුනනං මමත්
    ගරු ආචාර්‍ය පත්තර මල්ලි !!!!! හැක් !

    එහෙව් දෙගොල්ලක් ගුරයි ගෝලයයි උන එකට අන්දරේ නියම උපහැරනයක් දුන්නා මේකටත් ගැලපුවහැකි.!!!

    කොහොඹ ගහට කරවිල වැල ගියා වගේ !!

    ReplyDelete
    Replies
    1. ඇයි ඔයා පහුගිය කාලයේ අර ආචාර්ය උපාදි ගනනාවක් තියෙන සයිලන්ට් සහන් මහත්මයාගේ ගෝලයා වෙලා හිටිය නේද.මිනිහට කෙලවෙන කොට හිමින්ම මගඇරිය නේද .කැතයි නේද වැඩේ

      Delete
    2. ඇනෝ මචං ..
      අපෝ නෑ !! කෙලවෙනකොට මඟ ඇරිලි අපේ නෑ
      කෑල්ලෙං කෑල්ල ගියත් ඇනෝ ..
      ඉන්දික උපශාන්ත ලියන සැහැල්ලුව බ්ලොග් එකේ මම කෙලින්ම ඕකට උත්තර දුන්නා !!

      ආයෙත් කියන්නං ඔයා අහපු නිසා !!

      මඩ පාර කාගෙන උගේ පැත්ටට ඉන්නව මොකා මොනව කීවත් !!
      හොඳ මිනිහ වෙන්න පාවල දීල බබා වෙන්නෙ නෑ යාලුවා !!!

      පුලුවන්නං ප්‍රොෆයිල් එකෙන් ඇවිත් මූනට කියපං මං ඒකට ඔයිට වඩා කැමතියී !!

      Delete
    3. මර්වින් තුමාගේ ගෝලයොත් කියන්නේ ටිකක් ඔය වගේ කතාවක්. 'ඇමතිතුමා නිසා අපටත් පිළිගැනීමක් තියෙනවා. පොඩියට කප්පමක් අරගෙන , බඩුවකුත් ගහගෙන ඉන්න හම්බවෙනව. ඇමතිතුමා හොඳද ගඳද කියල අපි හොයන්න යන්නේ නෑ. අපි අපේ ආත්ම ගවුරවේ තියාගෙන් ඉන්නවා'.

      අන්න ප්‍රතිපත්ති ගරුක ජාතිමාමක සිංහලයෝ.

      Delete
    4. ඇනෝ මචං !!!

      මර්වින්ගෙ ගෝලයො ඉන්නෙ උන්ට ලැබෙන දේවල් නිසා !!!
      උනුයි මමයි දෙගොල්ලක් මචං !!
      මට ලැබෙන ලබ්බක් නෑ !!
      අන්න ඒකයි වෙනස. පුලුවන් නම් තේරුම්ගනින් !

      බැරිනං සො‍රි මචෝ !!!

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා