හාමුදුරු කෙනෙක් ගෑල්ලමයෙක් එක්ක ගිටාර් ගැහුවා ම ඔච්චර නටන්නේ මොක ද?


Photo courtesy: 33000.lk
බොදු බල සේනාවට සම්බන්ධ හාමුදුරු කෙනෙක් කොට කලිසම් ඇඳ නිරූපිකාවක් සමග ගිටාර් ගැහුවා ය කියා මේ දිනවල ලොකු හා හූවක් තිබේ. 

කිසිදු ආගමක් නො අදහන මට හාමුදුරුවරුන් ගැන ආගමික භක්තියක් නැත. තමන්ට වඳින්නැයි ඔවුන් මට බල කරලාත් නැත. සම්මාදමේ එන හාමුදුරුවරු පුටුවල සුදු රෙදි එළන තෙක් බලා ඉන්න එකට නම් මම කැමති නැත. 

බොදු බල සේනාව යනු ආගමික සංකේත භාවිතා කරන සටන්කාමී දේශපාලන සංවිධානයක් මිස ආගමික සංවිධානයක් නො වේ. කොටින් ම සිවුර යනු මේ සේනාවේ නිල ඇඳුම වැනි දෙයකි. ඒ නිසා එහි සිටින හාමුදුරුවරුන්ගෙන් ආගමික සිල්වත්කම් බලාපොරොත්තු වීම තේරුමක් රහිත ය.

දේශපාලන ක්‍රියාධරයන් පිරිසක් ලෙස ඔවුන් සතුටින් තැබීම ඇත්තෙන් ම මේ සමාජයට හිතකර දෙයකි. තුරුණු වියේ හැඟීම්වලින් ආස්වාදය ලැබීමට ඔවුන්ට ඉඩ දිය යුතු ය. 

ආදරය සිර කර තබන මේ සමාජයේ ඇති සියලු අගතීන් පිටු දැකිය යුතු ය. ආදරය, නිදහස විඳින මිනිසුන් අගය කළ යුතු ය. 

මා සිතන්නේ ජනමාධ්‍ය විසින් ප්‍රශ්න කරමින් තිබෙන්නේ බොදු බල සේනාවේ දෙබිඩි පිළිවෙතයි. ඒ කියන්නේ අනුන්ට පීඩනය පතුරුවමින් තමන් ෆන් ගැනීමේ තිබෙන කුහකත්වයයි. මම නම් කියන්නේ මෙවැනි අන්තවාදී අදහස් දරන අය මේ අන්දමින් සමාජානුයෝගී වීම ඉතා හොඳ දෙයක් බවයි. 

ලිංගික ආශාවන් ආදියෙන් තෘප්ත මිනිස්සු, ලිංගික පීඩනයෙන් විඳවන්නන්ට වඩා කුහකකමින් අඩු ය.

මට ආගමක් අවශ්‍ය නැති වුණත්, ආගම් අවශ්‍ය අය එය තබා ගත යුත්තේ තමන්ගේ ජීවන වින්දනය සුබවාදී ලෙස පාලනය කරන තැනක ය. 

සිංහල සමාජයේ ඉස්සර නම් තිබුණේ එහෙම ය. අපේ ගම්වල මිනිස්සු පෝයට පන්සල් ගිය හ. හඳපානේ දඩයමේත් ගිය හ. අනියම් සම්බන්ධකම් ද පැවැත්වූ හ. රා, අරක්කුත් බී හරක් මසුත් කෑව හ. ගම්වල සම ලිංගිකයෝ ද, නපුංසකයෝ ද, ළමා අපචාරකරුවෝ ද සිටිය හ. හොඳ වුණත්, නරක වුණත්, එදා ලිංගික අධ්‍යාපනය වූයේ අද ළමා අපචාර ලෙස හඳුන්වන දෙයයි.

ගැමියන් පුරවැසියන් වීම තුළ ජීවිත සම්බන්ධයෙන් යම් නවීන පර්යාවලෝකයන් තිබේ. එහෙම වුණා ය කියා අපි සිරගත විය යුතු නැත. 

සිංහල බෞද්ධ සමාජයට අලුත් සංසිද්ධියක් වන ආගමික අන්තවාදයට ද මෙම කරුණු අදාළ ය.



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. KO APE KAKKA THUMA.... DAN EYI DUWAGENA.

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලාම එවන්නේ Clown වයි.

      අණ්තිමට තමයි මගුල් ඇතා පිට නැගිලා රජතුමා සම්ප්‍රාප්ත වෙන්නේ!

      Delete
    2. බොදුබල සේනාවට ගහනකොට පැරකුම් අඩන්නේ ඇයි? කලින් පාර සිරිකොතට ගිහිල්ලා බලසේනාව නැව් ගුටි කාලා එනකොටත් පැරා ඇඩුවා. දැන් මෙතනදීත් සිදුවීම සාධාරණය කරනවා.
      පැරා මේ එන්නේ මොකටද? පැරාගේ මේ ගතිය ගැන ඒ නිවුස් එකෙත් දාලා තිබුනා., මම ඒ ගැන සිරිකොතට ඇවිත් බලසේනාව ගුටි කෑවාම පස්සේ පැරා දාපු පොස්ට් එකට කොමෙන්ට් එකක් විදියටත් දැම්මා.

      පුදුම වෙන්න දෙයක් නෑ. පැරා දැන් වැඩ ටිරාන් හුලස්ටනේ. ඉතිං මරාට,ගෝටාට සහ උන්ගේ අතුරු හමුදා වල වැඩ සධාරිනිකරණය කරන එක පුදුමයක් යෑ.

      මේ පැරා, ටිරාන් හුලස් ගෙවනවද බං හොදට? මරුතියට පෙට්‍රල් ටිකක් වත් ගහගන්න පුලුවන්ද?

      මටත් හිතෙනවා පැරා වගේ සමාජවාදයක් දේශනා කරන ගමන්,ආණ්ඩුවෙන් වැඩ සාධාරණය කරලා එහෙන් ගානක් කපා ගන්න.

      Delete
  2. ගිටාර් ගැහුවට නම් අවුලක් නෑ.. මවුත් ඕගන් ගහන්නයි, සර්පිනාවට හුලං ගහන්න ගියාම තමයි වැඩේ අවුල් වෙන්නේ.

    අනික ගිටාර් ගැහුවාට අවුලක් නෑ කියලා තියෙන සූතතරේ හරි පිටකෙ හරි හෝයාලා මට කියනවාද ආයිබෝවන්ඩ..

    මම මේ නූතන බවුද්ද සාමාජය කියලා පොතක් ලියන ගමන්

    ReplyDelete
    Replies
    1. ඕන ඉන්ස්ටෘමන්ට් එක ටියුන් කරාට කමක් නෑ මාතේ !!
      ප්ලේ කරොත් තමා ලෙඩේ :D

      Delete
    2. ඇයි මාතලං එතකොට බටනලා පිඹීම?

      Delete
    3. ඔය මක්කත් වගේ නෙමෙයි "සැක්ස පෝන්" ගැහිල්ල එහෙම ගැහුවොත් හෙම. ගැහිල්ල අමාරුයි. හැබයි ගැහුවොත් නම් සියල්ලම පිනා යයි. පිනා කිව්වේ මුවන් පැලැස්සෙ පිනා නෙමෙයි, ගත සිත පිනා...

      Delete
    4. ඔය ගිටාර් එකක් අතේ තියන් හිටියට ගහන්නේ "සැක්ස් පෝන් "එක තමයි.

      Delete
  3. සූත්තර හරි පිටක හරි අදාළ වෙන්නේ හාමුදුරුවරුන්ට මිස තාවකාලික චීවර ධාරීන්ට නෙවෙයිනේ මාතලන්. මේක හරියට කකා පස්තාච්චි කාලේ සිවුර දාගෙන හිටිය වගේ රඟපෑමකට අඳින ඇඳුමක් විතරනේ. දැන් කකා කොට කලිසමක් ගහගෙන ගෑනු ළමයෙක් එක්ක ගිටාර් ගැහුවොත් ඒකත් වැරදිද?

    ReplyDelete
    Replies
    1. මාට්ටු උනොත් විතරයි චීවරදාරි.. එතකන් උපාධීදාරීද...?

      Delete
    2. මෙන්න Prabath කියූ දෙය දන්නේ නැති අයට බලන්න ෆොටෝ ටිකක්.

      http://kathandara.blogspot.com/2010/03/blog-post_09.html

      Delete
    3. API METHANATA ENNE KAKKAGE TOILET EKA BALANNA NEVE

      Delete
  4. පැරා හොඳට බැලුවොත් පෙනෙයි (හාමූදුරුවො ???) ගිටාර් එක අතේ තියං පෙනී හිටිනව ඡායාරූපෙකට මිසක් ගිටර් එක ගහනව නෙවෙයි කියල. මොකෝ දන්න එකාගෙ ඇඟිලි නිකම්ම ෆ්‍රෙට් බෝඩ් එකේ කෝඩ් එකකට යනව ඔහොම ඉන්නෙ නෑ උලම වගේ !!!

    මේ මහත්තය මේ ගිටාර් පාරක් ගහල ෆන් එකක් ගන්නව නෙවෙයි නෙවැ !!

    ගත්තනං ඒක එකක් , හිතට දුක නෑ !!! :D

    මොන හේතුවකට ෆොටෝ ගත්තද නං දන් නෑ !!!

    නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා කියල කෙලින්ම තියනව නොවැ වෝනින් එකේ !!

    සමහර විට ඒවයෙ අතේ තියං ඉන්න තහනමක් නැතුවද දන් නැ නොවැ !!!!

    ReplyDelete
    Replies
    1. අහ් මේ අර පත්තර මල්ලිනේ .කාලයක් යුරොපෙ රටක ජීවත් වුන එක්කෙනා නේද.අර දුරකතන ඇමතුමක් පවාගනිද්දි පවා රට ගැන හිතපු කෙනා.ඔව් ඔව් මම දන්නවා ඔයා එහේ කලේ උපදේශක තනතුරක්නේ.නැතුව කඩේක වැඩ කලා නෙමෙයි කියලා

      Delete
    2. ඇනෝ මචං !!

      : D .. ඉරිදට මොකෝ කරන්නේ ? සෙට් වෙමුද ?? මයෙ බොක්කනෙ උඹ !

      Delete
    3. ඉරිදට පොඩි වැඩක්, මගෙ යාලුවෙකුගෙ යාලුවෙකුට කට්ටිය එකතුවෙලා මඩ ගහනවා උගෙ සපොට් එකට යන්න තියෙනවා.යාලුවත් යුරොපෙ ඉන්නේ. අවුරුදු ගනනාවකින් හම්බවෙලා නැහැ.අයි ඩී ඩී කාඩ් එකක් වත් තිබුනනම් කෝල් එකක් වත් ගන්නතිබුනා.නැද්ද ඔයා ලග පරන එකක් ඉල්ලා ගන්න. මම අර ඇනෝ මහත්මිය

      Delete
    4. : D ..

      කොල්ලෙක් නං ඕන එකක් !!
      ගෑණු එක්ක සෙල්ලං නෑ රත්තරනේ !!

      ගින්දර නෑ විහිලු දන්නෙ !! හික්

      Delete
  5. අනුන්ට සමාජවාදී ජීවන දර්ශන දේශනා කරමින් තමන් අපහාසාත්මක කුණුහරප කොමෙන්ට් බලලා ලිංගික තෘප්තියක් අරං කුහකකමෙන් මිදෙන්න දරන එකත් කොච්චර හොඳ දෙයක්ද නේද?

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ බං...ලොරි ටෝක් දෙන්නෙ දෙනකොට...වැඩ බැලුවම බල්ලො බත් කන්නෙ නෑ...වඳුරු කුණුහරප කියන්නෙ මෙව්වට තමයි.

      Delete
  6. මෙහෙමයි, තට්ටෙන් ලැබෙන ආතල් එකට ගෑණුකැමතියි! ඒකයි මං සතියක් පාසා තට්ටේ බාන්නේ.

    පැරාත් ලියලා තිබුණා නේද මහා තට්ට බෑමේ පිංකමක් ගැන ලිපියක්?
    http://www.w3lanka.com/2011/05/blog-post_07.html

    !!!

    ReplyDelete
  7. එතකොට කවුරුවත් නෝටිස් කලේ නැද්ද මේ සාදු එක්කො රහත් වෙච්ච හරි සෝවාන් වෙච්ච හරි (අඩු ගානෙ මතුබුදු වෙන හරි ) කෙනෙක් කියලා.. අර දම්පාට රැස් වලල්ලක් ඔලුව වටේ තියෙන්නෙ ඒකනේ!

    - Dimithri

    ReplyDelete
  8. ඔවුන් රෙදි උස්සගන පාරට බැහැලා කෑගහන්නෙ ඔබ කියනා ලෙසට ඔවුන්ගේ ප්‍රචන්ඩකාරී මානසිකත්වය නිසා නොවෙයි. දේශප්‍රේමින් කියන ලෙසට ජාතික කැක්කුම නිසාද නොවේ. ධනය බලය හා ප්‍රසිද්ධිය වෙනුවෙන්. ආතල් ගන්න ධනය අවශ්‍යයි. ඔවුන් ධනය හොයන්න දන්න එකම කර්මාන්තය මේක තමා. මේ කර්මාන්තය නිසා තවත් මිනිසුන් කොටසක් හිංසාවට පීඩාවට ලක්වෙනවා. ඒ නිසා ඔවුන්ගේ මෙම කර්මාන්තය බිඳ දැමීමට මෙවැනි ආයුධ පාවිච්චි කිරීමේ වරදක් නෑ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා