හෙනහුරාගේ කාංසාව හා නලින් දිල්රුක්ෂගේ සාංකාව


මේ අපගේ දිනමිණ පුවත්පතේ බ්ලොග් පිටුව හෙවත් වලිගය විසින් බල්ලා වැනීම කියන බ්ලොග් සටහනේ වැටුුණු කමෙන්ට් දෙකක්.


තරහ නැතුව "කාංසාව" කියන එක මොකක්ද කියල පැහැදිලි කරල දෙනවද?

Replies



  1. සාංකාව යන්න වැරදිලා වැටිලා නේද
     
මෙය භාෂාව ගැන රසවත් මාතෘකාවක් සපයනවා.

මම භාෂා විශාරදයෙක් නෙමෙයි. (බාසා වෙල්ලෙකුත් නෙමෙයි) ඒත්, මේ වචන දෙක ගැන මගේ අදහසයි මේ. මම ඉතින් පාලි සංස්කෘත දන්නේ නැහැනේ. මට ස්පර්ශ වෙන්නේ ඩොලර්වලට කිට්ටු, බටහිර, අධිරාජ්‍යවාදී, යුදෙව්, අරව මේව කියන ඉංගිරිසිය.

මම හිතන්නේ ඉංග්‍රීසියෙන් මේ වචන දෙකට කිට්ටුවෙන් සමාන වෙන්නේ මෙන්න මේ වචන.
  
සාංකාව = melancholy

කාංසාව = anxiety

සාංකාව කියා ව්‍යවහාර වෙන්නේ යමක් අහිමි වීම නිසා ඇති වන අධික දුකටයි.

කාංසාව කියා කියන්නේ අධික ලෙස ආසා කරන යමක් අත් පත් කර ගැනීමට නො හැකි වීම නිසා ඇති වන දුකයි. 

මම බ්ලොග් සටහනේ යොදන්නේ කාංසාව කියන වචනයයි. උදාහරණයක් ලෙස සමාජවාදීන්, වාමාංශිකයන් ලෙස පෙනී සිටින ඇතැමුන්ට ධනවාදය ගැන තිබෙන්නේ කාංසාවක්. විමල් වීරවංශලා වැනි අයට වෙලා තිබෙන දේ තමයි, තමන්ගේ කාංසාව සුව වීම.

කවුරුහරි සමීප ම කෙනෙක් වියෝ වුණා ම අපට ඇති වන්නේ සාංකාවයි.

මධුර ශබ්දකෝෂයේ මේ වචන දෙක සඳහාම anxiety හා වෙනත් වචන යෙදී තිබෙනවා. 

මේ වචනවල නිරුක්තිය ගැන මට ඒ තරම් අදහසක් නැහැ. ඒත්, සංකා කියා තවත් කිට්ටුවෙන් යන වචනයක් තිබෙනවා. එහි තේරුම සැකයයි.සැක සංකා කියා යුගල පදයක් ලෙසත් මෙය යෙදෙනවා.

සාංකාව එන්නේ ගැමි ව්‍යවහාරයෙන් නිසා මම හිතන්නේ නැහැ මෙහි සංස්කෘත මූලයක් තිබේ ය කියලා. සමහර විට දෙමළ මූලයක් තිබෙන්න පුළුවන්. 

(ඉහත ඡායාරූපය කමෙන්ටුව කොපි පේස්ට් කරන විට අහම්බෙන් ආ එකක්. මම ඒක එහෙමම තිබ්බා. මේවා ඉතින් බ්ලොග් නේ. මේවායේ ආචාර ධර්ම වෙනස්.)


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Read in English blog.parakum.com

Comments

  1. මචං පැරා නොදන්න වදනක් ඉගන ගත්තා ස්තුතියි එයට. සේයාරුව පිළිබද ගැටලුවක් නැත. මම හිතුවේ සාංකාව වැරදිමකින් යන්න ඇති කියලා.

    ReplyDelete
  2. මාත් භාෂා වෙල්ලෙක් නම් නෙමෙයි, ඒත්, මම හිතන්නේ කාංසාව කියන්නේ, කාංසිය කියන එකේ උග්‍රම අවස්ථාව වෙන්න පුළුවන් කියලා.. ඒ කියන්නේ මනස ඒ තත්වයට පත්වීම..

    කාංසියා නැති කර ගන්න පුළුවන් හොඳ බේතක් තමයි ඒ වගේම නමක් තියෙනා කංසා ස්වල්පයක් භාවිතා කිරීම. එතකොට අර ගතිය නැති වෙලා, හිනාවෙලා උන්න ඇහැකි..

    බ්ලොග් වල තියෙන සුන්දරත්වයත් මෙයමයි.. මේවා ඉතින් පත්තරවල කතා කොරන්නය..

    ReplyDelete
    Replies
    1. මෙහෙම වෙනසක් සහිත බ්ලොග් කියා මාධ්‍යයක් තියනවා කියන එක ජනතාව බහුතරයක් නොදන්නා එකනේ ගැටලුව මාතලන්. අපේ මේ වැයමත් ඒකමනේ....

      Delete
    2. නලීන් මම පොඩි විචාරයක් ලියුවා ඔබගේ මේ වැඩේ ගැන මෙම බ්ලොග් එකේ පෙර ලිපියේ මෙම කමෙන්ට් එක බලන්න
      http://www.w3lanka.com/2014/01/blog-post_11.html?showComment=1389500558779#c1330643522335267402

      අදහස් දක්වන්න පරක්කු වුනේ අහම්බෙන් ආව නිසා මේ පැත්තේ. බල්ලෙක් එලවන්න ආපු ගමන් මේ අදහස දැක්වුවේ.

      Delete
    3. මාතලං සමඟ සම්පූර්න එකඟ වෙමි.

      අවුසදයක් අවුසදයක් බොලව් !!

      Delete
    4. මාතලන්...කමෙන්ට් එකත් හොඳයි...සාංකාවට නම් කංසා බිව්වොත් සාංකාව වැඩි වෙයිද මන්දා... කාංසාවට නම් හොඳයි. කාංසාව සුවවුනාම නම් කොහොමත් ඉන්නේ කංසා බීලා වගේ තමයි. බලපන් බල ඔළුවා ඉන්න හැටි.

      Delete
  3. මේ ෆොටෝ එකේ නලීන් ලඟ ඉන්න මනුස්සයා නහය වහගෙන ඉන්නෙ ඇයි?

    ReplyDelete
    Replies
    1. දූරියන් සුවඳ නිසා විය හැකියි. සමහරු කැමති නැත.

      Delete
    2. මටත් අල්ලනෙම නැති සුවදක් දුරියන්.
      හැබැයි දුරියන් ඇටවල ඒ සුවද නැහැ..

      Delete
    3. DURIYAN SUWANDA NEWE, PADAYAK, JEE, CHOO WAGE DEYAK PITAWENNA ATHI.

      Delete
  4. අයියෝ නලීන් ඔහේ දිනමිණ පත්ත‍රේ කියවන්නේ නැතෙයි?
    http://www.lakehouse.lk/alokoudapadi/2013/10/09/_art.asp?fn=a13100912

    ReplyDelete
    Replies
    1. TQ කකා ලින්කුවට..
      ඔබ දැනුම සැපයුමේ ගබඩාවක්...

      Delete
    2. ස්තුතියි කකා. ඇත්තටම මං මේ වදන දැනගන හිටියේ නෑ.

      Delete
  5. හෙට දාන නිව්ස් ගැන අද උදේ ලොක්ක එක්ක ජිම් එකේ කතා කරන මාධ්‍ය මුදලාලිලා ඉන්න රටේ,දිනමිණ වගේ පුවත් පතකින් යමක් වෙනස් කිරීමට හැකි යැයි සිතීම විහිළුවකි.
    නලින් කියන චරිතයද යම් කිසි රාමුවක් තුල කොටු වී ඇති බැවිනි.
    මාතලන් ලියන යෝජනා නම් ලොක්කගෙ සිත් ගැනීමට ඉඩ ඇත.නමුත් ක්‍රියාත්මක කරන්නේ තුප්පහි නිලධාරීන් නිසා කිසිම දෙයක් මේ ආත්මයේදී සිදු නොවෙනු ඇත.
    මගේ ඒකායන පැතුම සාර්ථක වේවා යන්නයි!
    නමුත් එයද මේ ආත්මයේ නොවෙනු ඇත.

    ReplyDelete
  6. නොදැන හිටපු දෙයක් ඉගනගත්තා !!

    ස්තූතියි පැරා. ඔන්න ඔහොම දෙයක් ලියන්න !!

    සමහර විට දිනමිනේ යයි !!!

    ReplyDelete
  7. සහන්ට ඇරලා ඉවර උන දාට කියන්නකෝ..මම ආයේ පෝස්ට් දාන්නම්... මට බනින අයම මගේ බ්ලොග් එකේ කමෙන්ට් කරන හැටි බලන්න පුළුවන් වේවි ... :P

    ReplyDelete
  8. //(බාසා වෙල්ලෙකුත් නෙමෙයි) //

    ෂුවර්ද? එහෙමනම් රවි සහ තිසර කලින් පෝස්ට් එකේ දාපු කමෙන්ට් ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න ( ඔව් මම බ්ලොග් ලෝකෙ පොළිස් කාරය නෙමෙයි හැමෝගෙම වැරදි හදන්න. ඒත් කරුමෙට කට පියන් ඉන්න බෑ නෙව මේ දේවල් දැක්කම )

    ReplyDelete
    Replies
    1. දැන් පැරා, සාමාජවාදය කියන අපි සාම්ප්රදායිකව අඳුනගන්න ක්රමය බැහැර කරලා 'සමාජවාදී ජීවනරටාව' කියන සංකල්පය දක්වනවා. එයට අනුව එක් එක් අයට දෙවිධියකට සැලකිම ගැන විග්රහයක් කරන්න පුලුවන්ද?
      A. Fernando

      Delete
    2. සමාජවාදය කියන්නේ කිසිදු වෙනස්කමක් නැති සියලු මිනිසුන් සමාන වන සමාජයක් නෙමෙයි. එහෙම සමාජයන් කොහේවත් පැවතිය නො හැකියි. සමාජවාදී සමාජයක් කියන්නේ ආර්ථික හා සමාජ විෂමතා අවම සමාජයක්. මේ තත්වය ගැන අප බැලිය යුතුව තිබෙන්නේ එය පරම දෙයක් කොට සලකා නොවෙයි. ධනේශ්වර සමාජ ක්‍රමයත් එක්ක සන්සන්දනය කරලායි. සමාජවාදය මුලින් ම එන්නේ ධනවාදයත් එක්ක මතවාදීමය අරගලයක් ලෙසයි.

      Delete
  9. අනිවාර්යෙන් හොඳ පොස්ට් දාපු විටක හොඳ කියනවා. වැරදි තොරතුරු තියෙන ඒවා දැම්මොත් ඔබ මොන කුණුහරුප කියා අපහාස කරත් අපි ඔබ විවේචනය කරනවා. බය නැතිව ඉඳපන් අපි එනවා.

    ReplyDelete
  10. දැන්වත් සිංහල බ්ලොග් අවකාශේ මේ සයිලන්ට් සහන් වගේ බොල් පිළිම වන්දනා කරන් ඉන්න ළදරු මල්ලිලා නංගිලා ටික තේරුම් ගත්තොත් හොඳයි මේ වගේ කී බෝර්ඩ් දාර්ශනිකයන් සහ අර බස් හෝල්ට් වල පිස්සු විකාරෙන් දේශනා තියන මානසික රෝගීන් අතර තියෙන්නෙ පුංචි වෙනසක් බව.

    ReplyDelete
  11. "මධුර ශබ්දකෝෂයේ"???

    මේක අන්තර්ජාලයේ ප්‍රසිද්ද ඇති, ඒත් මම දන්න තරමින් මේක ඔහු තිබස් එකේ ඩේටබේස් එක අනවසරයෙන් අරන් හදපු එකක්. මම හිතන්නෙ අපි උපුටා දක්වනවනම් කරනවානම් හොඳම දේ පිලිගත් ශබ්දකෝෂයක් පාවිච්චිකරන එක.

    (වචනෙ තේරුම හරි ඇති, මම කියන්නෙ ඔහුගේ ඩික්ශනරි එක අනවසර එකක් නිසා )

    -ප.ගෝ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා