ඉතින් 2014, කොහොමද?

පන්සලේ ලවුඩ් ස්පීකරයෙන් පිරිත් ඇසේ. උඩ පෙරෙට්ටුව පැත්තෙන් ප්‍රීතිමත් තප්පු හඬකි. වාහනයක නලා හඬක් මහ පාර දෙසින් ඇසේ. කලාතුරකින් රතිඤ්ඤාවක් ද පිපිරේ. උදෙන් අවදි වූ පිළිහුඩුවෙක් තියුණු ස්වරයෙන් කෑ ගසයි. උකුස්සෝ ද අවදි වී ඇත. පළඟැටියන්ට තවමත් වැඩ අවසන් වී නැත. 

සියල්ල යටපත් කරගෙන කුස්සියෙන් බ්ලෙන්ඩරයේ හඬ ඇසෙයි. මගේ බිරිඳ ඇගේ වැඩපොළට කිරිබත් රැගෙන යාමට පොරොන්දු වී ඇත. 

අලුත් අවුරුද්දක් අරඹමි. අලුත් ආරම්භයන් හැම විට ම ආනන්දනීය ය. අලුත් ‍දේ ඉක්මණින් පරණ වුණාට කමක් නැත. අප්‍රේල්වල සිංහල අලුත් අවුරුද්දට නැවතත් අලුත් කර ගත හැකි ය. 

ජීවත් වනු පිණිස මිනිස්සු අවදි වී වැඩට යති. බදු ගෙවන්නේ තමන් බැවින් තමන් දේශපාලකයන්ට වඩා උතුම් බව ඔවුහු නො දනිති. 


ඉතින් 2014, කොහොමද? සුබ නව වසරක් මිතුරනි!

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. Wish you a happy new year! Keep up your good work. I enjoy reading your blogs.

    ReplyDelete
  2. දහසකුත් සුපෙම් පැතුමන්
    සිතුම් පව්රෙන් වට වෙනා
    සිමින් සැලෙනා සොදුරු හදවත්
    යුගල මල් පිපිදෙනා.............
    කටු කොහොල් මත තබන පියවර
    මල් පොකුරු වී තිබෙවා
    අහසෙ බබලන සදක් මෙන් නොව
    අමවක දිනකද තුටු සිනා කැන්
    මුව තිබෙවා......................
    නෙතග දිදුලන කදුලු කැට
    මිනි මුතු සෙ පෙනෙවා
    වැටෙන වරකුදු යලි නැගීමට
    සිතෙ සවි බල තව ලැබෙවා..........
    දැනෙන තනිකම වසින්නට තව
    ඇසනි වරුශා වි වැටෙවා.....
    වසන්තය මෙන් ජිවිතෙ මග
    පිපිදෙනා එකලු තරුවක් සෙ
    දිලෙන්නට ඇරයුම ගෙනල්ලා...........
    ෴෴සචි෴෴
    වසන්තය මෙන් ජිවිතෙ මග පිපිදෙන සුබ නව වසරක් වෙවා.....

    ReplyDelete
  3. අලුත් අවුරුද්ද ඒකාකාරී නොවේවා කියා පතමි.

    ReplyDelete
  4. මං නං අද නිවාඩු.

    ඔබටත් එසේම වේවා.

    ReplyDelete
  5. "ජීවත් වනු පිණිස මිනිස්සු අවදි වී වැඩට යති. බදු ගෙවන්නේ තමන් බැවින් තමන් දේශපාලකයන්ට වඩා උතුම් බව ඔවුහු නො දනිති. "

    කරුමේ කියන්නේ මේක තමයි. අපේ අවාසනාවට මිනිස්සු තවමත් දේශපාලකයන් ඉහ මුදුනින් පිලිගන්නේ ඔවුන් හරි අවංකයි කියා...

    2013 වසරේ වගේම මේ වසරේත් තර්ක් විතර්ක මැද හොඳ කතිකාවකට මුල පිරිය හැකි බුද්ධිමත් මිනිසුන් පිරිසක් බිහිකිරිමට තබන පියවර ශක්තිමත් වේවා.......

    ReplyDelete
  6. සුභ නව වසරක් වේවා පැරා...

    ReplyDelete
  7. ඔබ සැමට වාසනාවන්ත 2014ක් පතමි

    ReplyDelete
  8. සුබ නව වසරක් පැරා !!

    ReplyDelete
  9. ඔබ සැමට සුබ නව වසරක් වේවා!

    - Dimithri

    ReplyDelete
  10. ඔබ සැමට සුබ නව වසරක් පතමි!

    A. Fernando

    ReplyDelete
  11. පැරාටත් මෙහිදී හමුවන අනෙකුත් සියළුම සහෘදයන්ටත් සුබ නව වසරක්!!!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා