සුරේඛා සමරසේනගේ අපූරු කවියක්

සුරේඛා සමරසේන කිවිඳියගේ කවි නිතර ෆේස්බුක් හරහා කියවනවා. ඇය දේශපාලනික කවි ලියන කිවිඳියක්. මමත් එවැනි කවි ලියන්න කැමැත්තක් දක්වන කෙනෙක්. 

ඇගේ මේ කවිය ම‍ගේ සිත් ගත්තා.

මාධ්‍යවේදියෙකුට
සුනන්ද දේශප්‍රිය මෙන් ජීවත්විය හැක
රිචඩ් ද සොයිසා මෙන් මරණයට පත්විය හැක
ව්‍යතිරේකයක් ලෙස අතුරුදන් විය හැක

ගරිල්ලා නායකයෙකුට
කරුණා අම්මාන් මෙන් අමාත්‍යවරයෙක් විය හැක
ප්‍රභාකරන් මෙන් මිය යා හැක
ව්‍යතිරේකයක් ලෙස අතුරුදන් විය හැක


කවියෙකුට
රත්න ශ්‍රී මෙන් මිය යා හැක
චන්දරේ මෙන් අතුරුදන් විය හැක
ව්‍යතිරේකයක් ලෙස නොලියා සිටිය හැක


සිනමාකරුවෙකුට
හදගම මෙන් ප්‍රස්තුතය ලාවට ස්පර්ශ කරමින් නූලට බේරගෙන ඉනියවන් වැනි චිත්‍රපටයක් කළ හැක
ජයන්ත චන්ද්‍රසිරි මෙන් සමනළ සන්ධ්වනිය වැනි ගීත රූපරචනා කළ හැක
සංජීව පුෂ්පකුමාර මෙන් ඩොලර් හිගමනේ යා හැක
සෝමරත්න දිසානායක මෙන් සිරි පැරකුම් කළ හැක
ව්‍යතිරේකයක් ලෙස චිත්‍රපට කිරීම වර්ජනය කළ හැක


නළුවෙකුට නිළියකට
රවී-මාලිනී මෙන් රගනොපෑවත් සම්මානනීය විය හැක
ගීතාට මෙන් ඡන්දයට ඉදිරිපත් විය හැක
අනෝමාට මෙන් නිරුවත් විය හැක
අනර්කලීට මෙන් අඩනිරුවත් විය හැක
ජැක්සන් මෙන් අධිපති කලාවේ අධිපති මතවාදයට ඔලුබක්කො නැටිය හැක
ව්‍යතිරේකයක් ලෙස රගපෑම වර්ජනය කළ හැක


පුරවැසියෙකුට
ඡන්දය ප්‍රකාශ කළ හැක
ඡන්දය ප්‍රකාශ නොකළ හැක
ඡන්දය කටුගෑ හැක
ව්‍යතිරේකයක් ලෙස පුරවැසිකමින් ඉල්ලා අස්විය හැක...


ඇගේ තවත් කවි කියවන්න පුරවැසි පත්‍රිකා බ්ලොගය වෙත පිවිසෙන්න. 

http://puravesipathrika.blogspot.com/ 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. මම කවියෙක්මි. සිනමාකරුවෙක්මි . නළුවෙක්මි.
    කවි නොලියමි. චිත්‍ර පටි කිරීම , රඟපෑම වර්ජනය කරමි.

    ReplyDelete
  2. http://puravesipathrika.blogspot.com/

    ලින්ක් එක වැඩ කරන්නේ නැත.

    ReplyDelete
  3. /// හදගම මෙන් ප්‍රස්තුතය ලාවට ස්පර්ශ කරමින් නූලට බේරගෙන ඉනියවන් වැනි චිත්‍රපටයක් කළ හැක
    ජයන්ත චන්ද්‍රසිරි මෙන් සමනළ සන්ධ්වනිය වැනි ගීත රූපරචනා කළ හැක ///

    මේකට කවියක් කියන්නෙ පේලි කඩල ලියල තියන නිසා ද?

    මම කියන්නෙ විරිතක් තියෙන්න ඕන කියන එක නෙවෙයි, ඡේදයක් වගේ නොලියපු එක ඇරෙන්න මේක කවියක් කියන්න වෙන මොකුත් හේතු තියනවද?

    මේ අදහස් ප්‍රගතිශීලී වෙන්න පුලුවන් උනත්, අර ඉංගිරිසියෙන් 'worn out cliche' කියන, සිංහලෙන් නම් "පට්ට ගහපු" අදහස් එහෙමම ගෙඩි පිටින් අත ඇරල නෙවෙයි ද? කවියෙක් ඕනද මේව කියන්න.

    තරහ ගන්න එපා, පැරා ගෙ ලිපි එන්න එන්න ම වැඩි මහන්සියන් නැතුව ලියවෙන ඔහේ නිකන් කෑම දිරවන්න කියවන්න හොඳ තත්ත්වෙකට පත් වෙනව වගෙයි පේන්නෙ. ඊයෙ පෙරේද ගිය අර නිලියක් දේශපාලනේට එන එක ගැන ලියවුනු එකත්, ජිජැක් කී දෙයකට මහින්ද අල්ලන්න ගිය එකත් දෙකම එහෙමයි. (ඔක්කොම වෙනම ගන්න කම්මැලි, නමුත් උදාහරණයක් ගන්නව නම් ජිජැක් ප්‍රශ්න කරන්නෙ පලවෙනි ලෝකය මැන්ඩෙලා ව බොරුවට සෙලිබ්‍රේට් කරමින් ටෙක්නිකලි සමානාත්මතාවෙ මුර දේවතාවො වගේ ඉඳන් ඔක්කොම ඇත්ත අර්බුද වහ ගැනීම මිස මේ මහින්ද කරන වගේ සරල විහිලු නෙවෙයි. මහින්ද ල වගේ ආසියානු දේශපාලකයො සරල චරිත, උන් හොර කමක් කරත් ඒක නිකන් ම අහු වෙනව. ජිජැක් වගේ කෙනෙක් ගෙ විවේචන මහින්ද ගෙ මෝඩ චූන් මට්ටමින් තේරුම් ගන්න එකෙයි, නිලියන්ට විරුද්ද කකුල් වලට බය නිසා කියන එකෙයි ලොකු වෙනසක් නැහැ එක අතකට -- දෙකම "ප්‍රගතිශීලී" ගැලරියකට ආප්ප බානව වගෙ ලියපු ලාබ විවේචන) මේ කවියත් එහෙම තමයි.

    ReplyDelete
    Replies
    1. මිනිසුන්ට මොනිකාට මෙන් කවි ලිවිය හැක..
      ව්‍යතිරේකයක් මෙන් කවි නොලියා සිටිය හැක..
      එසෙ නැත්නම් මෙවැන්නකට කවියක් යැයි කිව හැක

      Delete
    2. "නිලියන්ට විරුද්ද කකුල් වලට බය නිසා" ය කියන අදහස තිබෙන ලිපිය මෙම බ්ලොගයේ ගිය එකක් නොවෙයි. ජිජැක් කතා කළේ පළමුවන හෝ තෙවන ලෝක වෙන් කරලා නොවෙයි. ඒ කතාව මහින්දට අදාළ වෙන ආකාරය පිළිබඳ මම මගේ අදහස ලිව්වා.

      පද්‍යය හා ගද්‍යය දෙකම කාව්‍ය ලෙස පෙරදිග සාහිත්‍යයේ හැඳින්වෙනවා. මේ දෙක අතර වෙනස කියන්නේ නීතියක් නොවෙයි. ‍සාහිත්‍යය අලුත් වෙන්නේ අලුත් පරීක්ෂණවලින්. ජී.බී. සේනානායක, සිරි ගුණසිංහ වැනි අය ලියූ කවි ගැනත්, ඔය හා සමාන ම තර්ක ඒ කාලේ තිබුණා.

      අපි කවිය හඳුනා ගත්තේ විරිතෙන් නොවෙයි.

      Delete
    3. /// "නිලියන්ට විරුද්ද කකුල් වලට බය නිසා" ය කියන අදහස තිබෙන ලිපිය මෙම බ්ලොගයේ ගිය එකක් නොවෙයි///

      කෙලින්ම නොකිව්වත් කන්ටෙක්ස්ට් එකේ තිබුනෙ ඒක නේ, මෙහෙම කිව්ව නේ "මෙතැන තිබෙන්නේ පිරිමින් තුළ ස්ත්‍රීන් කෙරෙහි සාමාන්‍යයෙන් පවතින භීතියයි.". මේක නිකන් ඔය වෙන්න ප්‍රගතිශීලී පොරවල් හැම එකටම අදින බොයිලර්ප්ලේට් කතාව. සනත් ජයසූරිය, මුරලිදරන්, ෆොන්සේකා වගේ අදේශපාලනික චරිත නොදන්නා දේශපාලනේට එනකොටත් මිනිස්සු විරුද්ද වෙන බව පේන්නෙ නැද්ද?

      //අපි කවිය හඳුනා ගත්තේ විරිතෙන් නොවෙයි.//

      මමත් කිව්වේ විරිතක් ඕනෙ නැහැ කියල, නමුත් මොකක් හරි ඕන නේ කවියක් කියන්න. නැත්නම් ඔයාගෙ බ්ලොග් පෝස්ට් වලටත් අපි කවි කියමු කෝ?

      Delete
    4. ඉතින් මොකද අනේ ඔච්චර කේන්ති ගන්නේ.

      Delete
  4. රත්න ශ්‍රී මැරුනේ කවද්ද

    ReplyDelete
    Replies
    1. දවසේ ප්‍රශ්නය...!!!

      රත්න ශ්‍රී මැරුනේ ජයන්ත චන්ද්‍රසිරි ට පස්සේ මගෙ හිතේ.

      Delete
    2. Ano1 රත්න ශ්‍රි හරි ජයන්තව හරි මරාගන්න ගොඩක් අයට ඔනැ තමයි...උබලා උන්ට බයයි.. මොකද උන් ජීවත් වෙන හින්දා...

      Delete
    3. හහ් හහ් හහ්. දවසේ විහිළුව. කවුද රත්න ශ්‍රීට හරි ජයන්ත චන්ද්‍රසිරිට හරි බය? මේ නිකම් පඹයො දෙන්නෙක්නෙ. හැබැයි අපි සෝමරත්න බාලසූරියට බයයි. මොකද උගෙ ෆිල්ම්ස් බලන්න මිනිස්සු තාම යන නිසා. ඌට ජන මතය වෙනස් කරන්න පොඩ්ඩක් හරි පුළුවන්කම තියෙන නිසා. එහෙම නැතුව ඔය ගොබිලන්ට බය වෙච්චි කාලෙ ගියා.

      Delete
    4. බාලසූරිය නෙමෙයි මලේ, දිසානායක. මෙයාගෙ නෝනනේ බාලසූරිය. සෝමරත්න බාලසූරිය කියලත් විශ්ව විද්‍යාල ආචාර්ය කෙනෙක් ඉන්නවා. මං හිතන්නේ සාපේක්ෂව අහිංසකයෙක්.

      සෝමරත්න දිසානායක කියන්නේ සමාජයට අතිශය ප්‍රචණ්ඩ මැදිහත්වීමක් කරන කෙනෙක්.

      Delete
    5. නිවැරදි කිරීම ගැන ස්තූතියි. ඔව් සෝමරත්න දිසානායක. බිය විය යුතු මේ වගේ පුද්ගලයින්ට. මහින්ද අල්ලලා ඉන්නේ ජයන්ත චන්ද්‍රසිරිගේ සමනල සංධ්වනිය බලලා සාපේක්ෂව ගැඹුරු රසයක් විඳින ප්‍රේක්ෂකයින් නිසා නෙවෙයි සිරි පැරකුම් බලලා ආතල් එකක් ගන්නා ලක්ෂ සංඛ්‍යාත පිරිස් නිසා. ඔව්, ඒ නිසා අපි එයාට බයයි. ජයන්තා චන්ද්‍රසිරිට මොනවද කරන්න පුළුවන්? නිකම්ම නිකම් පඹයෙක්.

      Delete
    6. ඉතින් මොකද අනේ ඔච්චර කේන්ති ගන්නේ.

      Delete
  5. http://puravesipathrika.blogspot.co.uk/

    ReplyDelete
  6. රත්න ශ්‍රී ද ස්වර්ණ ශ්‍රී ද පැරා ??

    මැරුනෙ ස්වර්ණ ශ්‍රී නේද ??

    ReplyDelete
    Replies
    1. ටියුබ් ලයිට් අංක දෙක.

      Delete
    2. මෙන්න අවසන් කටයුතු "නෙළුම් පොකුනෙදි" සිදුවූ වග!

      Delete
    3. තේරුනා කකා /ඉන්දික බොස් !!! :-)
      ස්තූතියි


      Delete
  7. මට නම් මෙය කවියක් නොවේ, ගද්‍ය ආඛ්‍යානයකි. රත්න ශ්‍රී මළා ද කියා සමහරු අහන්නේ මෙය කවියක් යැයි නොසිතෙන නිසාය.

    නාට්‍යක මොනොලොග් එකකට සුදුසුය.

    ReplyDelete
  8. බ්ලොග්කරුවෙකුට
    මොකා මෙන් මොකක් කළ හැකිද?

    ReplyDelete
    Replies
    1. බ්ලොග් කරුවෙකුට......
      කකා මෙන් හුජ්ජ, පඩ, ජී, හාල් පාරු බ්ලොග් ලිවිය හැක.....
      මාරයා මෙන් කැමරා, ට්‍රයි පෝඩ්, ගෑනු ලබා ගත හැක.....
      පැරා මෙන් ඩොලර් මිටි වලට ආත්මය උගස් කල හැක....
      අභීත මෙන් පොළු තැබිය හැක....
      කෙන්ජි මෙන් මෝල් කලන්තය අන්තර්ජාලයේ පා කල හැක....
      ඇදුරු බිරිඳ මෙන් නයි ඇරිය හැක......
      ටැබූ මෙන් අතුරුදහන් විය හැක.....
      ඔබා මෙන් මිය යා හැක.....
      ව්‍යතිරේකයක් ලෙස මාලන් මෙන් ලයිට් නිවාගෙන සිටිය හැක.....

      Delete
    2. එළ කවිය, ආ.

      වෙනත් නිර්මාණ නැද්ද?

      ඓතකොට බ්ලොග් කියවන්නෙකුට?
      මොකා වගේ මොන විදියට කමෙන්ට් කළ හැකිද?

      Delete
    3. මෙය කවියක් නොවේ, ගද්‍ය ආඛ්‍යානයකි.

      Delete
    4. මා ඉහත දක්වන ලද අදහසට ‍"එම" කියා දමමි.

      Delete
    5. බ්ලොග් කියවන්නෙකුට....

      කකා මෙන් විජාතික ටෝක් දැමිය හැක......
      පැරා මෙන් කලාතුරකින් කොමෙන්ට් කල හැක....
      පිස්සු සහන් මෙන් නොතේරෙන මාගල් ඇද බෑ හැකිය....
      මාතලන් සහ හොර වෙදා මෙන් පිට කසා ගත හැකිය....
      හිරු එකී මෙන් හි..හී.... හි..හී..හි...හී ගෑ හැකිය......
      මෝඩ ඔමායා මෙන් පස්සෙ එන්නම් කිව හැකිය.....
      අටමා මෙන් තරු දැමිය හැකිය......
      විචාරක මෙන් ලොරි ටෝක් දැමිය හැකිය.....
      ගොන් රජා මෙන් සුභ වේවා... රාජ සම්පත් ලැබේවා... කිව හැකිය......
      මම මෙන් ඇනෝ දැමිය හැකිය.....
      ව්‍යතිරේකයක් ලෙස කොමෙන්ට් නොකර සිටිය හැකිය......

      Delete
    6. බ්ලොග් 'හාල් කෑලි' වලට

      වසරකට වරක් බීච් පාටියක් දමා "අපි තමා පොරවල්" කියා ෆන් එකක් ගත හැක
      මාරයාගේ බ්ලොග් එකේ "එළ එළ මාරයියා, පට්ට ලිවිල්ල" කියා නාකි මනුස්සයාගේ කලිසම තෙමිය හැක
      තමන්ගේ මෙලෝ රහක් නැති ජීවිත අත්දැකීම් ගෙඩි පිටින් ලියා මං පොර කියා හිතා ගත හැක.
      ව්‍යාතිරේකයක් ලෙස අපට පව් නොදී බ්ලොග් නොලියා සිටිය හැක

      Delete
  9. මේ කකා කියන අපතයව පොරක් කරන් නෙ ෆට්ට ...එල කිය කිය කමෙන්ට් කරන අපි වැනි බුවාලමයි.

    ReplyDelete
  10. දේශපාලනිකව මෙහි ගැඹුරු අරුතක් තිබෙන්නට පුළුවන. එහෙත් මෙහි කාව්‍යමය ලක්ෂණ කොපමන ගැබ්ව තිබේද?

    ReplyDelete
  11. ෙම්ක ලියපු ෙකනා එ්ක ලියන්න අැත්තෙ නිකන් අදහසක් විදියට පැරාෙන එ්කට කවියක් කියන්නෙ

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා