යුද අපරාධ හා අබ්දූල් කදීර් මුල්ලා ඝාතනය

.
අබ්දූල් කදීර් මුල්ලා එල්ලා මැරීමෙන් පසු
ඉහත පළ වූ එල්ලා මරා දමන ලද මෙම මහළු මිනිසාගේ ඡායාරූපය මා තුළ කම්පනයක් අැති කළේ ය. කුමන අන්දමක ‍හෝ මරණ දඬුවම මම නම් හෙළා දකිමි. මිනිසකු මරා දැමීමේ අයිතිය තවත් මිනිසකුට මෙන් ම ආණ්ඩුවකට ද නැත.

ලංකාවේ පාලකයන්, ආරක්ෂක අංශ, අතුරු හමුදා හා කොටි සංවිධානය විසින් යුද අපරාධ කරන ලද බවට චෝදනා එල්ල වේ. එම සියලු අංශ විසින් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරනු ලැබේ. එහෙත්, මේවා පිළිබඳ නිසි පරීක්ෂණයක් සිදු වන්නේ ද නැත.

මානව වර්ගයාට එරෙහි යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදු කිරීමට කිසිදු බලවත් පාර්ශ්වයකට ඉඩ නො දිය යුතු ය. එවැනි ක්‍රියා සම්බන්ධයෙන් විධිමත්, ස්වාධීන පරීක්ෂණ අවශ්‍ය ය. වැරදිකරුවන්ට දඬුවම් දීම ද අවශ්‍ය ය. මන්ද, අප ජීවත් වන සමාජයේ ශිෂ්ටත්වය පැවතිය හැක්කේ එසේ වන්නේ නම් පමණි. මෙහිදී බලවත් රාජ්‍යයන්, දුබල රාජ්‍යයන් කියා වෙනසක් ද නො තිබිය යුතු ය. ලංකාවේ මෙන් ම ඇමරිකාවේ ද යුද අපරාධ චෝදනා එක සමාන අන්දමින් විභාග කරන ස්වාධීන ජාත්‍යන්තර ව්‍යූහයක් ගොඩනගා ගැනීම සඳහා ලෝකය උත්සාහ කළ යුතු ය.

එසේ නොමැති නම් සිදු වන්නේ යුද අපරාධ චෝදනා ද දේශපාලන අතකොලුවක් බවට පත්වීමයි. මේ සඳහා ආසන්න ම උදාහරණය වන්නේ සදසැම්බරයේදී බංග්ලාදේශය විසින් ජමාත්-ඊ-ඉස්ලාමි සංවිධානයේ නායක අබ්දූල් කදීර් මුල්ලා නීත්‍යානුකූලව ඝාතනය කිරීමයි.

ඔහු එල්ලා මරා දමන්නේ මීට වසර 42කට පෙර සිදු කළා යයි කියන යුද අපරාධයක් සම්බන්ධයෙනි. දැන් වයස අවුරුදු 65ක් වන ඔහු ඒ කාලයේ අවුරුදු 23ක් වයස වෙන්න ඇති. ඒ වකවානුව වනාහි බංග්ලාදේශය පකිස්තානයෙන් නිදහස් වීම පිණිස අරගලයක් පැවති සමයයි. වත්මන් අගමැති හසීනා වජීඩ්ගේ පියා වන ෂේක් මුජිබර් රහමාන්ගේ නායකත්වයෙන් දියත් වූ මෙම අරගලයට ඉන්දියාවේ යුද සහයෝගය ලැබිණි.

එම කාලයේදී අබ්දූල් කදීර් මුල්ලා වෙන් වීමට විරුද්ධ වෙමින් පකිස්තානයට සහයෝගය දැක්වූයේ ය.බංග්ලාදේශය නිදහස් රාජ්‍යයක් වීමෙන් පසු පකිස්තානයට පළා ගිය ඔහුට ආපසු එන්නට ලැබුණේ මුජිබර් රහුමාන් ඝාතනය කරමින් සියාවුර් රහමන් බලය අල්ලා ගත් හමුදා කුමන්ත්‍රණයෙන් පසු ය. පසු කාලීනව ඔහු ෂාරියා නීතිය මත පදනම් ව, පකිස්තානයට හා සවුදි අරාබියට සමීප ඉස්ලාමීය රාජ්‍යයක් වෙනුවෙන් දේශපාලනයේ නිරත විය.  සියාවුර් රහමන්ගේ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය සමග සන්ධානගත වූ මුල්ලා බෙගම් කලීඩා ෂියාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු ද විය.

ජමාත්-ඊ-ඉස්ලාමි සංවිධානය ඉස්ලාම් අන්තවාදය මත පදනම්ව හින්දු, බෞද්ධ පමණක් නොව සෙසු මුස්ලිම් කණ්ඩායම්වලට ද එරෙහිව ප්‍රහාර එල්ල කර තිබේ. මේ හේතු මත මෑතදී මෙම සංවිධානයේ ලියාපදිංචිය අවලංගු කරන ලදී.

හසීනා වාජිඩ්ගේ ආණ්ඩුව විසින්2010දී කමිටුවක් පත් කරනවා 1971දී සිදු වූ යුද අපරාධ ගැන සොයන්න. එමගින් තමයි, තරමක් අවුල් සහගත සාක්කි ඔස්සේ මුල්ලා වරදකරු කර මරණ දඬුවම නියම කරන්නේ. ඔහුට මරණ දඬුවම නියම කිරීම සඳහා 300කට වැඩි ඝාතන, ස්ත්‍රී දූෂණ ආදිය පිළිබඳ චෝදනා ඉවහල් වෙනවා.

හසීනා‍ගේ ආණ්ඩුව ඉන්දියාවත් එක්ක හිතවත්. බංග්ලාදේශ ජාතිකයන්ට ඉන්දියාව සමග දේශ සීමා හා ගංගා ජලය බෙදා ගැනීම වැනි ප්‍රශ්න රැසක් තිබෙනවා. ඒත්, හසීනාගේ ආණ්ඩුව ඒවා මතු කරන්නේ නැහැ. ඒ විතරක් නොවෙයි, ජනතා ප්‍රශ්න යට ගැසීම සඳහා හසීනාගේ ආණ්ඩුව පකිස්තාන් විරෝධී දේශප්‍රේමය අවුළුවනවා. එමගින් ඉන්දියාව සතුටු කරන්නත් පුළුවන්නේ.

යුද අපරාධකරුවන්ට දඬුවම් කිරීම හෝ සමාව දීම සිදු විය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය දිරි ගැන්වෙන සංදර්භයක මිසක්  දේශපාලන එදිරිවාදිකම් පිරිමසා ගන්නා සංදර්භයක ‍නොවෙයි. මේ කතාව ලංකාවටත් අදාළයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. කකා එන්නෙ නැද්ද අද කඳුලු සලන්න....... කාගෙ උනත් පුතෙක්නේ.... අනේ එන්න කකා ලැජ්ජ වෙන්නෙ නැතුව අඬන්න.........

    ReplyDelete
    Replies
    1. අනේ පව්! මේ අසරණ මනුස්සයා ඉපදිලා තියෙන්නේ ම මා ගැන කමෙන්ට්ස් දාන්නයි!

      ඔහේ ඔය කියන්නේ මා ලියූ මේ කතන්දරය ගැන නේද?
      http://kathandara.blogspot.com/2013/02/balachandran-humans-and-satanic-beings.html

      Delete
    2. මේ සහන් කියන මානසික රෝගියා තමයි ඇනෝ ඇවිත් කකාට බනින්නේ

      Delete
    3. KAKKA KIYANNETH AMU PISSEK NE. MOHU GENA SANDAHAN KARA WATINA LIPI SPOIL KARANNA EPA

      Delete
    4. මේ මනුස්සයට බාගෙට පිස්සු!!

      තමන් ගෙ බ්ලොග් එකේ තමන් සැටලයිට් හදනවා, මහ බිස්නස් කරනවා, බිල්ඩින් ප්ලෑන් කරනවා කියල පෙන්වගෙන තාක්ෂණික දේ නොදන්න පාඨකයො ගොඩකට මහ වීරයෙක් වෙලා ඉන්න, හරි උගත් කමක් නැති මනුස්සයෙක් මෙයා. ඒ අහිංසක මිනිස්සුන්ටත් මෙයා කියන දේ හැබැයි. ඒ වගෙම තමයි ක්ශේත්‍රයේ වැඩ දන්න කෙනෙක් ඇවිත් මෙයා ගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් මෙයා බලු බැනුන් බැනලා එලවන්නෙ. මෙයා කෑලි අහුල ගෙන වැඩ අත ගාල බාගෙට ඉගෙන ගත්තු කෙනෙක්, මොහු උගත්තු ඉංජිනේරුවො එක්ක තරහයි. ඒ වගෙම තමයි මෙයා ව වර්නනා කරන අයව බටර් ගාල උඩින් තියන්නෙත්. මෙයාටත් ඒ වගෙ ගෝලයො කීප දෙනෙකුත් ඉන්නවා බටර් ගාන්න.

      පව් මේ මනුස්සයා මානසික රෝගියෙක් කුමක් හෝ අසහනයකින් ඉන්න.

      Delete
  2. මේ දාන කොමෙන්ට් දැක්කම ලං කාවේ ඉන්නේ කොච්චර අසංවේදී උන්ද කියලා හිතෙනවා. අනේ මේ වගේ මිනිස්සු....................

    ඉන්දික

    ReplyDelete
  3. මේ එල්ලා මරා දැමූ මිනිසා ගැන කියවූ විට මට සිතුනේ ඔහු මරණය හමුවේ වුව තම අරමුණඈත නොහැරි එක්තරා ආකාරයක වීරයෙක් ලෙසයි.

    බංගලි ආණ්ඩුවේ දෑත ශක්තිමත් කරන්නට සෙට් වුණා නම් මොහුට මහ ඇමතියෙක් වෙන්නට පවා ඉඩ තියෙන්නට ඇත.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා