ගීතා කුමාරසිංහ, මේජර් අජිත්, වේසි, පොන්නයා හා ස්ත්‍රීවාදිනිය

නදීෂාගේ තිබෙන්නේ ආසියානු ලස්සන. ආසියාවේ මිනිස්සු බටහිර slim කෙට්ටුවට කැමති නැහැ.
දැන් ගීතා කියනවා ඇය දකුණු පළාත් සභා මහ ඇමති වන්නට තරග කරනවා ය කියලා. ඒ එක්කම පසුගිය දිනෙක රැස්වීමකදී වලියක් යනවා.

ඒකෙදි අර මේජර් අජිත් ප්‍රසන්න කියන දේශපාලකයා ගීතාට වේසි කියනවා. ඇය නිදා නොගත් මිනිහෙක් නැති බවත් කියනවා. එත‍කොට ගීතා ඔහුට බනිනවා පොන්නයා කියලා. ඊට පස්සෙ අජිත් ප්‍රසන්න උපවාසයක් ද මොකක් ද කරනවාලු.

දැන් මෙතන තිබෙන දේ මෙන්න මෙහෙම දකින්නත් පුළුවන්. ලංකාවේ දේශපාලනයේ 99%ක් ම ඉන්නේ පිරිමි. උන් බහුතරය පල් හොරු. එතකොට උන්ට එ‍රෙහිව දේශපාලනයට එන අනෙක් අය වේසියෝ. ඊයේ මම ලංකාවේ ෆෝබ්ස් සඟරාවේ ලංකාවේ බලවත් ගැහැනු 50 ගැන පළ වූ ලිපියක් මෙහි දැක්වූවා. මම හිතන්නේ මේ කාන්තාවන් තුළ දේශපාලනයට එන්න කිසිදු අදහසක් නැහැ.

අප දන්නා ආයතන බොහොමයක ප්‍රධානියෝ කාන්තාවෝ. මේ කාන්තාවෝ බොස්ලා විදියට හරි තදයි. අනම්‍යයි. මම දැනට කරන පූර්ණ කාලීන රැකියාවේත් මගේ බොස් කාන්තාවක්. අැය මට වඩා තරුණ කෙනෙක්.

කාන්තාවන්ට විතරක් නෙමෙයි, මහත්මා ගති තිබෙන පිරිමින්ටත් ලංකාවේ දේශපාලනයේ සාර්ථක වන්න බැහැ. දේශපාලනයට පැමිණ තිබෙන සමරිසි ලක්ෂණ තිබෙන අයට වුණත් මේ සාධකය අදාළයි. ඔවුන් ද මහත්වරු නම් නොවෙයි.

ගීතා මෙතෙන්දි ලංකාවේ දේශපාලනය කරන අනෙක් පුයර බබ්බුන්ට වඩා බලවත්. ඇය කියන්නේ ඇය බඳු නිර්භීත ගැහැනුවත් දේශපාලනයට නො ආවොත් ගැහැනු කවුරුවත් එන්නේ නැහැ කියලායි.

ඒක නරක නැහැ. ඒත්, මම නම් හිතන්නේ අපි දේශපාලනිකව හඳුනා ගත යුතුව තිබෙන්නේ ලිංගික ස්ත්‍රීභාවය නොවෙයි. දේශපාලනික ස්ත්‍රී ගුණයක් තිබෙනවා. මේ ස්ත්‍රී ගුණය කියන්නේ අමුතු දෙයක් නෙමෙයි, මනුස්සකම ම තමයි.

මනුස්සකම පිරිමින්ගෙන් ඈත් වී ගැහැනුන්ට ළං වෙලා තිබෙනවා. ඒකට එක් හේතුවක් පිරිමි ආධිපත්‍යයෙන් යුත් ලෝකය තුළ ගැහැනිය පීඩාවට ලක් වී තිබෙන සංදර්භය ඇතුළේ පිරිමින් ගාව සාමාන්‍යකරණය වී තිබෙන අගතීන්ට සාපේක්ෂව වඩා මානුෂීය ලක්ෂණ ගැහැනුන් තුළ සාමාන්‍යකරණය වීම.

මෙය උදාහරණයකින් විමසා බැලුවොත්, පවුල තුළ පියා අර්ථකථනය වන්නේ සමස්ත වගකීම් සමුදායෙන් කොටසකින් හෝ ලිස්සා යාමට නැඹුරුවක් ඇති කෙනෙක් ලෙසයි. අපි අර ජානකී සූරියආරච්චිගෙ දොයියම්මා ගීතය අගය කළේ එ් පදනමින්. එහෙත් මව අර්ථකථනය වන්නේ වගකීමේ සෑම පුංචි විස්තරයක් දක්වා ම ‍සොයා බලන කෙනෙක් ලෙසයි. ඒත් ඉතින් මෙය සාමාන්‍යකරණයක් මිස හැම විටෙක ම සාධාරණ තත්වයක් නොවෙයි. මෙම සාමාන්‍යකරණය අදාළ නො වන සුවිශේෂයන් ඕනෑ තරම් තිබෙනවා.

මිනිස්කම් සම්බන්ධයෙන් ගත්තාමත් යහපත් මිනිස් ගුණ ධර්ම ස්ත්‍රීත්වය තුළ සාමාන්‍යකරණය වෙනවා. එයට මූලික හේතුව අගතීන් බොහොමයක් ආධිපත්‍යවාදී පිරිමි සමාජය තුළ සාමාන්‍යකරණය වීමයි. මේකත් එක්තරා විිධියක ෆැන්ටසියක් මිස යථාර්ථය ම නොවෙයි.

දැන් අප‍ේ ගෙදර වලියකදී මගේ භාර්යාව මගෙන් මෑත දිනෙක ඇහුවා, "කෝ තමන් ලියන ඒවා භාවිතයෙදී කොහෙද තිබෙන්නේ?" කියලා. ඒක ඇත්ත තමයි. මොකද මම ලියන්නේ ෆැන්ටසික පිරිමිකමක් ගැන නේ. එහෙම එකක් ඇත්තට නැහැ. මා තුළත් නැහැ. එහෙම පිරිමිකමක් පරිකල්පනය කිරීමේ වරදක් නැහැ. මොකද අපි ඒ අනුව හැසිරෙන්න උත්සාහ කරනවා. බැරි වෙන අවස්ථාත් තිබෙනවා. එහෙමය කියලා පිරිමි කවදාවත් ගැහැනුන් සමග රණ්ඩු නො විය යුතු ය කියලා එකක් නැහැ. රණ්ඩු වෙන එක ‍‍හොඳ නැහැ. ඒත්, ඉතින් එහෙම පොඩි පරිමාණෙන්වත් නො ගැටනෙ සීලවන්ත මිනිස්සු ඉන්න ලෝකයක මෙලෝ රහක් තිබෙයි ද කියලා මම නම් දන්නේ නැහැ. උදාහරණෙකට හිතන්නකෝ අර 'සිරිමත් මගෙ සකි - යහපත් ළමයෙකි' කවියේ වගේ ළමයි ටිකක් ලෝකයේ ඇති වුණා නම් ළමා ලෝකයට මොකද වෙන්නේ කියලා. ඒ නිසා, මම නම් හිතන්නේ මම පිරිමිත් එක්ක රණ්ඩු වෙන එකයි, ගැහැනුත් එක්ක රණ්ඩු වෙන එකයි දෙක ම එක සේ සලකන තත්වයක් තමයි නිර්මානය විය යුතු කියලා.

අපි පුරුෂ නිමිත්ත ගැන එන ප‍යන්නෙන් එන වචනය පිරිමින්ට යොදලා බනිනවා වගේ හුයන්නෙන් එන වචනය ගැහැනුන්ට යෙදීමත් තිබුණාම මොකෝ කියලායි මම නම් හිතන්නේ. හැබැයි, පොන්නයා, වේසි වගේ වචන නම් ලිංගික වශයෙන් අපහාසාත්මක වචන.

දැන් ‍අපි මේ මිනිස්කම් ස්ත්‍රිය තුළට සාමාන්‍යකරණය කිරීමෙන් අදහස් වන්නේ නැහැ සියලු ස්ත්‍රීන් මිනිස්කමේ ප්‍රතිමූර්ති වෙනවා ය කියලා. ඒ නිසා ගැහැනුන් වීම නිසා වෙන ම වරප්‍රසාදිත තත්වයක් ඉල්ලීමත්, ගැහැනුන්ගේ ආරක්ෂාවට වෙන ම ආකාරයක නීති පැනවීමත් මම නම් දකින්නේ ලිබරල් සමාජයක නො තිබිය යුතු ප්‍රතිගාමී ලක්ෂණ ලෙසයි. දැන් උදාහරණයක් ලෙස කාන්තාවකට පුළුවන් තමන් දෙස නො මනා ලෙස බැලුවා ය කියා පැමිණිලි කරන්න වුණත්. ‍ශිෂ්ට සමාජයක නම් මේ අයිතිය පිරිමින්ට වුණත් තිබිය යුතුයි.

කිසියම් සමාජයක් 'අපි ගැහැනුන්ට හොඳින් සලකනවා' ය කියා වෙනම කියන්නට සිදු වෙනවා නම් ඒ සමාජයේ ගැටලුවක් තිබෙනවා. ගැහැනු පිරිමි කියා විෂමතාවක් නැතිනම් ඉතින් වෙන ම සලකන්න ඕනැ නැහැනේ.

සමාජයේ අපට හමු වෙනවා පිරිමි වගේ ජීවත් වෙන්න උත්සාහ කරන කට්ටිය. අඩෝ, පඩෝ කියනවා. කුණුහරුප කියනවා. පිරිමි වගේ ඩීසන්ට් නැති විදියට හැසිරෙනවා. පිරිමින්ට උඩට නො ඇඳ ඉන්න තිබෙන අයිතිය තමන්ටත් ඉල්ලනවා. ‍ගැහැනු පිරිමි අතර විෂමතාව නැති කරනවා ය කියන්නේ මේක ද?

නැහැ. අපි සමාජයක් ලෙස පිරිමි ගැහැනු විෂමතාවකින් තොරව අත්පත් කර ගත යුතුව තිබෙන්නේ හොඳ මිනිස් ගුණධර්මයි. අපි දැන් ඒවා ස්ත්‍රීත්වය සමග සාමාන්‍යකරණය කර තිබෙනවා.

ස්ත්‍රිය සම තැන ඉල්ලා කරන අරගලය කියන්නේ පිරිමි කරන විකාර කරන්න තමන්ටත් නිදහස ඉල්ලා සිටීම නොවෙයි. අපට හමු වෙන සම හිමිකම වෙනුවෙන්  සටන් කරන බව කියන සමහර ගැහැනු කරන්නේ පිරිමි කරන ඇතැම් දේ තමන්ටත් අ‍ාරෝපණය කර ගැනීමට උත්සාහ කිරීමයි. ඒ අය පිරිමි වගේ හැසිරෙන්න උත්සාහ කරනවා. ඒ වගේ ඇවිදීමෙන්, කතා කිරීමෙන්, තට්ටය බෑමෙන්, සිගරට්, අරක්කු බීමෙන් ඔවුන් ඇත්තට ම බලාපොරොත්තු වන්නේ පිරිමින් වගේ ම ආධිපත්‍යවාදිත්වයක් ඇති කර ගැනීමයි. පුරුෂෝත්තමවාදය පැරදවිය හැක්කේ කාන්‍තා උත්තමවාදයකින් නෙමෙයි. මනුස්සකමෙනුයි.

දැන් පසුගිය කාල‍ේ ඔය දීප්තිලා එහෙම හිටි හැටියේ තමන්ගේ ලිපිවල පාඨකයා ඇය කියලා හඳුන්වනවා. භාෂාව ඇතුළේ මේ ප්‍රශ්නය බරපතල විධියට තිබෙනවානේ. දැන් ඉංගිරිසියෙන් පිරිමින්ට මිස්ටර් කියනවා. පිරිමියා බැඳලා ද කියලා විමසන්නේ නැහැ. ඒත්, ගැහැනිය බැඳලා ද නැද්ද යන්න විමසලා, මිස් හරි මිසිස් හරි කියන ක්‍රමයක් තිබෙනවානේ. පස්සෙ කාලෙක මේ දෙක වෙනුවට පොදුවේ 'මස්' කියලා යොදන්න පටන් ගත්තා. මෙතැන මස් කියන වචනය ශබ්ද කරනකොට එය කරන්නේ හරක් මස් කියන කොට මයන්න ශබ්ද කරන විධියට නෙමෙයි. ගම කියන කොට මයන්න ශබ්ද කරන විධියට. සිංහලේ මේකට පරිවර්තනයක් නැහැ. භාෂාව පුරුෂෝත්තමවාදිත්වයේ ප්‍රකාශනයක් කියලා විග්‍රහ කරන්න පුළුවන්. උදාහරණයක් ලෙස ඩොක්ටර් යන වදනින් හැම විට ම වගේ අදහස් වෙන්නේ පිරි‍මියෙක්. ලේඩි ඩොක්ටර් කියලා වෙනම වචනයක් අවශ්‍ය වන්නේ ඒ නිසානේ. මේ වගේ ගැටලු මතු කරන එක ස්ත්‍රීවාදී කතිකාවට අදාළ වෙන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ ස්ත්‍රී නියෝජනය වැඩි කිරීම යම් ස්ත්‍රීවාදී දේශපාලන භාවිතාවක් වෙන්න පුළුවන්. ඒත්, සමාජවාදයත්, ස්ත්‍රීවාදයත් අතර සමානත්වයක් මෙන් ම වෙනස්කමකුත් තිබෙනවා.

පාඨකයා කියන යෙදුම වෙනුවට පාඨිකාව කියා යෙදූ පලියට අපි මිනිස්කමින් පිරිපුන් වෙන්නේ නැති බවට හොඳම උදාහරණය තමයි දීප්ති. අපි ස්ත්‍රීවාදීන් වෙන්නත් ඕනැ නැහැ. ස්ත්‍රීවාදය කතිකාවක් ලෙස තිබිය යුතු නැහැය කියලා මෙයින් අදහස් වන්නේ නැහැ. ස්ත්‍රී උත්තමවාදය පුරුෂෝත්තමවාදයට ආදේශකයක් නොවිය යුතුයි.

ආයෙත් කියනවා නම්, පුරුෂෝත්තමවාදය ඇතුළු සියලු සමාජ අගතීන්වලට එරෙහිව අප අරගල කළ යුත්තේ මනුස්සකම ඔසවා තැබීමෙනුයි. සමාජවාදය සඳහා අඛන්ඩ අරගලය කියා මා හඳුන්වන්නේ එයයි.

මෙම ලිපියට පදනම් වූ සිද්ධියට අදාළව ගත්තොත්, මේජර් අජිත් ප්‍රසන්න වෙනුවට ගීතා දේශපාලනය කළා ය කියලා මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ගීතාගේ අරගලය නරකත් නැහැ. ඒත්, මෙයට විසඳුම තමයි මනුස්සකම ඔසවා තබන සමාජවාදය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. මගේ සිත ගත් වැකිය.

    /* දැන් අප‍ේ ගෙදර වලියකදී මගේ භාර්යාව මගෙන් මෑත දිනෙක ඇහුවා, "කෝ තමන් ලියන ඒවා භාවිතයෙදී කොහෙද තිබෙන්නේ?" කියලා. */

    ඒ කතා පැරා ලියලා නෑ නේද?

    මොනවා වුනත් ගෑණුන් තට්ටේ බානවාට නං මං විරුද්ධයි. තට්ටේ තමයි ටෙස්ටෙස්ටොරන්වල මුඛ්‍යතම සංකේතය!

    ReplyDelete
    Replies
    1. කකාගේ නං උඩ විතරක් නෙමෙයි, යටත් තට්ටේ නේ. තට්ටා කුකුලා.
      ඒක නෙමේ කකා මම පාරේ යනකොට මාර වැඩක් උනානේ.

      පාරේ තට්ටයෙක් හිටියා. ඌ මගේ දිහා බලාගෙන තට්ටේ අතගෑවා. ඊට පස්සේ ඌ එක අතකින් තට්ටේ අතගාන ගමන් අනික් අතින් මට කතා කළා.


      මම හිතන්නේ තට්ටයෝ කොහොමත් සමලිංගිකයි කියන කතාව ඇත්ත තමයි. සාදුලත් එහෙමනි.

      කකානං ඉතිං සමලිංගික උනේ කකාගේ බිරින්දෑ කකාට වඩා වසයක කෙනෙක් හින්දා ජ්විතේ ගැන කල කිරිලානේ. කකා පව්.

      .....

      මම දැනට කරන පූර්ණ කාලීන රැකියාවේත් මගේ බොස් කාන්තාවක්. අැය මට වඩා තරුණ කෙනෙක්.

      දැන් අප‍ේ ගෙදර වලියකදී මගේ භාර්යාව මගෙන් මෑත දිනෙක ඇහුවා, "කෝ තමන් ලියන ඒවා භාවිතයෙදී කොහෙද තිබෙන්නේ?" කියලා


      පැරා, තරුණ බොසි ලස්සනද?
      පැරාට තේරෙන්නේ නෑ හරියට කුණු රසය උලුප්පලා පොස්ට් ලියන්න. අපේ කකා ලියනවා වගේ පඩ, චු, කක්කා,ශුක්‍ර ගැන ලිපි ලියන්න.

      පැරා උදේට කෑවේ මොනාද? පැරාගේ දවස ගෙවෙන්නේ කොහොමද? පැරා සහ බිරිඳ රණ්ඩු වෙන්නේ මොන මොන කරනා නිසාද,එතකොට බැන ගන්නේ මොනා කියලද, පැරාට යට ජංගි කියක් තියෙනවද, ඒවායේ පාට මොනාද, පැරාගේ ළමයි ලොකු වෙලාද ඔන්න ඔය වගේ මාතෘකා ලියන්න. එතකොට තමයි හිට්ස් ලැබෙන්නේ.

      Delete
    2. Yawapan me pissa Angoda. .

      Delete
    3. kakaage kes tika wadi hariyak giyaa. ethakota wayasata wadaa wayasaka penumak aawa. me tikath mokatada kiyala ithuru kes tikath gaala daala purna thattayek wuna. me baageta kruthima thattaya anek ayage avadhaanayata lak wunaa. dan kaka thatten somiya denawa anith ayata. pawul kaka hitapu kakaa sama risiyek wunaa.

      Delete
    4. කකා,

      හිතන්නකෝ කකා ගමනක් ගිහිං කොහේ හරි රෑ නැවතුන කියල.
      තියෙන්නෙ එක ඇඳ යි. තුන් දෙනෙක් ඉන්නව. ලස්සන කෙල්ලෙකුයි සම ලිංගික මිනිහෙකුයි. ඔබට ලැබෙන්නෙ ඇඳේ මැද.
      දැන් කාට පස්ස හරවලාද නිදා ගන්නෙ ?

      උත්තරයක් දෙන්න කකා.

      Delete
  2. මම නම් වේසියන්ට කැමති වෙන මොනම හේතුවක් වත් නිසා නොවෙයි හොරා කෑම බඩු ගැසීම ආත්මය කරගත මේ ජරාජීර්න කාලකන්නින්ට විරුද්ධව හඩ නැගිය හැක්කේ වේසියන්ට බැවිනි.පොන්නයන්ට එරෙහිව වේසියන් යන්න අර්ථාන්විත වන්නේ එබදු පසුබිමක් තුලය.දේශපාලනයට කාන්තාවන් ආවා කියා වෙනසක් සිදු නොවේ.එකම වෙනස ඔවුන්ද හොරා කෑමට පුරුදු වීමය.ලංකාවේ පාර්ලිමේන්තුවෙ 225 න් බාගයක් ගෑනු වුනොත් අඩු ගානෙ පොන්නයො වේසියො හැප්පෙන්නෙ නැතෑ.අඩු ගානෙ එක ගෑනියෙක් හරි බිහි වෙන්නෙ නැතෑ " මම සෙල්ලමට ආසයි .ඒක මගෙ අම්මගෙන් ආපු එකක් වෙන්න ඇති කියන"

    සමහරු විජාතික බලවේග ගැන කියනවා.දැන් මිනිස්සු ඒ සින්දුවට රැවටෙන්නෙ නෑ.විජාතික බලවේග මැදිහත්වෙලා හරි කමක් නෑ මේ හොරකම.නාස්තිය ,දූෂනය බොරු වැඩ නවත්තල නීතියේ ආධිපත්‍ය පිහිටුවනවනම් කියන තැන මිනිස්සු ඉන්නෙ.

    තව තව වේසියො ඉස්සරහට එන්න ඕන.පොන්නයන්ට විතරක් මේක කන්න දෙන්න බෑ.

    ReplyDelete
  3. ///ස්ත්‍රිය සම තැන ඉල්ලා කරන අරගලය කියන්නේ පිරිමි කරන විකාර කරන්න තමන්ටත් නිදහස ඉල්ලා සිටීම නොවෙයි. අපට හමු වෙන සම හිමිකම වෙනුවෙන් සටන් කරන බව කියන සමහර ගැහැනු කරන්නේ පිරිමි කරන ඇතැම් දේ තමන්ටත් අ‍ාරෝපණය කර ගැනීමට උත්සාහ කිරීමයි. ඒ අය පිරිමි වගේ හැසිරෙන්න උත්සාහ කරනවා. ඒ වගේ ඇවිදීමෙන්, කතා කිරීමෙන්, තට්ටය බෑමෙන්, සිගරට්, අරක්කු බීමෙන් ඔවුන් ඇත්තට ම බලාපොරොත්තු වන්නේ පිරිමින් වගේ ම ආධිපත්‍යවාදිත්වයක් ඇති කර ගැනීමයි. පුරුෂෝත්තමවාදය පැරදවිය හැක්කේ කාන්‍තා උත්තමවාදයකින් නෙමෙයි. මනුස්සකමෙනුයි. ///// හ්ම්ම්

    ReplyDelete
  4. පතෝල වගේ ලිපියක්

    ReplyDelete
  5. Replies
    1. හලෝ රාජ්,
      ගොල්ලිප් එකක් වත් බොමුද?

      Delete
  6. අනේ මන්ද පැරා ...

    ReplyDelete
  7. before discussing the options available to the politics in Sri lanka.It would be important to realize that the VESIS would have been far more hostile towards people than PONNAYAS. I am sure of it.but sometimes they will be as the same as PONNAYAS.

    ReplyDelete
  8. එකම තැන කැරකෙනවා වගේ...

    ReplyDelete
  9. "...............................මම නම් හිතන්නේ අපි දේශපාලනිකව හඳුනා ගත යුතුව තිබෙන්නේ ලිංගික ස්ත්‍රීභාවය නොවෙයි. දේශපාලනික ස්ත්‍රී ගුණයක් තිබෙනවා. මේ ස්ත්‍රී ගුණය කියන්නේ අමුතු දෙයක් නෙමෙයි, මනුස්සකම ම තමයි."
    ස්ත්‍රී පුරුෂ කියලා නැහැ සමාජයට වැදගත් වෙන්නේ මනුෂ්‍යකම.

    ReplyDelete
  10. //ආයෙත් කියනවා නම්, පුරුෂෝත්තමවාදය ඇතුළු සියලු සමාජ අගතීන්වලට එරෙහිව අප අරගල කළ යුත්තේ මනුස්සකම ඔසවා තැබීමෙනුයි. සමාජවාදය සඳහා අඛන්ඩ අරගලය කියා මා හඳුන්වන්නේ එයයි.//

    අජිත්, ජනවාර්ගික ප්‍රශ්නය හෝ දෙමල ජනයාගේ ප්‍රශ්නය ගැන ජවිපෙ (ඇතැම් විට පෙසපෙ - මට ඔවුන්ගේ ආස්ථානය ගැන තාම හරිහැටි වැටහීමක් නැහැ ) කියන්නෙත් මීට සමාන්තර දෙයක් නේද? ස්වයං නීර්න අයිතිය පිලිනොගත යුතුයිලු, සමාජවාදය සඳහා වැඩකල යුතුයි ලු. සමාජවාදය පිහිටුවීම මගින් එයට පිලිතුරු ලැබෙන නිසා! මෙසේ කීමෙන් ඔවුන් කරන්නේ ස්වයං නීර්න අයිතිය පිලි නොගෙන පැන යාමයි!

    ඔබ සිහිනෙන් වත් පුරුශෝත්තමවාදය ගැන එසේ අදහස් කරනවායැයි මා හිතන්නේ නැහැ. නමුත් එලෙස ගම්‍ය විය හැකියි නේද?

    - Dimithri

    ReplyDelete
  11. anonymous vidiyata coment palakiria gana samawenna ona. mata wayasa 25k e wayasa 25 ta man samajaya gana danne bohoma tikak wenna puluwan, eth mama mage jivithe amaruma kalaya pasukara giya awurudu 5, 6 athulatha. midi thithai kiyanna ba wage jivithe hodama kattta kawa. man me samaje thula eka deyaka dakinawa. pirimi kawadawath kamathina gahaniyak hoda unath naraka unath idiriyata enawata. wesi.. kiyana wachane ahanna minihek ekka nidagannama ona na me lanakwedi. minihek ekka kathakaroth athi. math kellek ,mulinma man wesi kiyana wachane ahanakota mata 19 k 20 k athi. man karapu warada mokakda? kollo ekka katha karima. kotinma hithe kahatak nathiwa un ekka karata atha dala kathakaranna puluwan ganaa kathakirima, man hamotaa eka widiyata salakanawa. gahanu pirimi yaluwo degollatama. but mage vishwasawantha kiyana kottase inne pawule kipa denekui mahaththayai vitharai. mata kollek hitiye na ekale, kollekge awashyathawa thibuneth na. mama unta kathakre awankawama. habai katawath note liyala denna oya wage sinibola wada thibunethna. unta ona padheta man natuwethna.. unata agata thiya agillakwath allanna puluwan tharamin hitiyethna. habai kiyanna thibuna de munataa kiyanwa. e mage vidiya.lankawe godak un lingika kuhakayo. ede e gatilladi mata hodin theruna. un kellekta ada kathakaranne thaman porak kiyanna. fit ekata kathakarath un hithanne meki nam allana puluwan kiyala. mata ehema nathi pirimi hambune jivithetama 4,5i . mage thaththa, ayya, mage husband wagema eyage yaluwo 2k. bohoma rasa musu de thama man mage husband ekka yaluwunu kale wate hiti pirimi tika kulappu unu hati. un mage ganu kama gana bohoma apuruwata kathakara. mulma de thama : man virgin kenek newe kiwa de. wesiyak... elaga eka an ekka yaluwela hitiya kiyala 2 k 3k ma kiyal thibuna. man kiwe ehenam oppu karanna kiyala. man1ka afairs thibuanam sakshi thiyenna onane. ko kiyana ekata adatath uththarayak na. boruwa sadakal pawathinne na. e siduwim walata awu 5,6 k athi. e siduwim kipaya ahawara una...
    mage virginitya gana kathakaranna unta awasara dunne kawuda? kotinama methanadi pirimi tikak ekathuwela ganu role ekak run karala thiyenawa.. minihek ashraya karanakota therenawa meka ponnayekda ganiyekda mokekda kiyala.. habai man adatath danna oya athare samaharu kiyala thibune.. uba watunath pawula run karai, kawadawath hansi wennenathiwa kiyana eka. ubata lesi wenne na ban kollek ekka innawa wage thiyeyi .. eth ona gahaniyak thula sthrithwaye lakshana thiyynawa. eka hangan unnata eliya enne haba pirimiyek lagadi vitharayi.
    oya prakasha 2,3 athara maha wenasak thiyenawa. ewagema kiayana ekekta deyak kiayaganna kiayala api banda. mage rredde pallam hoyanna un awethna, awath pallam penawannaath thibuna..mage mahathathayata eda wagema adath eka wadagath unethna. lingika kuahakayo me samaje ananthawth innawa mahaththaya. un gawa pirimi kamath na, ganu kamath na.. un ponnayo.. nadeshage rupe diha balana lingika asahanaya samanya karaganna athi.. geethage rupe diha balala paramparra kipayaka pirimi edema karanna athi... suma gomaz gana amuthuwen kiyanna onana. lankawe piriminge ekale kamaththa.. ape un sex hoyala 1st unane. e abashe me parampara walata nathiwenna bahane? eda suma gomaz ta bannata ape pirimi kela haluwe nadda? thamanta nathi wenakota label alawanne nathda?
    ape pirimi bahuthare karanne midi thiththayi kiyana eka. lankae deshapalanayata man kathina. kotinma man pratipaththiyak vidiyata chande pavichchi karanne naha.. pawathina deshapalanayata man kamathinaha.
    habai geetha, nadeesha parliment giya kiyala me pawathina krame wenas karaiyi kiyala man hithanne naha.
    haba sthrithwayath, manussakam ekka ena gahaniyakata lankawe parlimethuwe ida thiyeida? thilaka thilaka kathawa mathak wenawa.
    api jivath wenne thama man ara kiwa udaharane athi rate... pirimi 10k ekka kathakaroth nidagaththa kiyana samajeka nam inne thawath kawara kathada? ugath yayi kiyana paramparawe pirimith ehemanam?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා