මගේ ලංකාවේ ජාතික කොඩිය

උතුරු පළාත් සභාව පිහිටුවීම ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නය සම්බන්ධ ඉතිහාසයේ තීරණාත්මක සන්ධිස්ථානයකි. එය දෙමළ ජාතිකවාදී දේශපාලනය ප්‍රජාතන්ත්‍රවාදී ධාරාව තුළ ස්ථාපනය කර ගැනීම සඳහා ඉවහල් වේ. එහෙත් එම ස්ථාපනය චිරස්ථායී කර ගැනීමේ අභියෝගය අවසන් වී නැත. 

පළාත් සභා යනු බලය බෙදීමේ යාන්ත්‍රණයක් ලෙස දෙමළ ජනතාව විසින් කැමැත්තෙන් භාර ගන්නා ලද එකක් නො වේ.  දෙමළ ජාතිකවාදයේ පරමාදර්ශය වන්නේ දෙමළ ජාතිවාදී ඊලාම් රාජ්‍යයකි. සෑම ජාතියකට ම රාජ්‍යයක් හිමි විය යුතු ය යන්න පැරණි සංකල්පයකි. එය පැන නැගුණේ ධනවාදය මෙතරම් ගෝලීයකරණය වූ යුගයක නො වේ. ජාතික රාජ්‍යය වර්තමානයේදී ජාතික වශයෙන් පීඩාවට පත් වූවන්ගේ ‍ප්‍රශ්නයටවත් විසඳුමක් වන්නේ නැත. එහෙයින් අප එය ප්‍රවර්ධනය කළ යුතු නො වේ.

ප්‍රාග්ධනය විෂයෙහි තව දුරටත් ජාතික රාජ්‍ය යනු අරුත්බර ව්‍යූහයක් වන්නේ නැත. හේතුව මේ වන විට ප්‍රාග්ධනය ජාතික දේශ සීමාවන් සිඳ බිඳ ලමින් තිබෙන හෙයිනි. ධනපතියාට සිය ප්‍රාග්ධනය ලෝකයේ ඕනෑම තැනක ආයෝජනය කළ හැකි වන ආකාරයට ලෝකයේ රාජ්‍ය ව්‍යූහය සැකසෙමින් තිබේ. එහි ජාතිකවාදී ලක්ෂණ අහෝසි වෙමින් තිබේ. ප්‍රාග්ධනය විෂයෙහි ජාතිකවාදයේ බලපෑම අවම වෙමින් තිබේ.

ජාතිකවාදය තව දුරටත් පවතින්නේ ශ්‍රමය සංවිධානය කිරීම යන කාරණයෙහිදී ය. නිදහස් සංචලනය සඳහා ප්‍රාග්ධනයට තිබෙන අයිතිය ශ්‍රමයට ද දිනා ගත යුතු ය. නිදසුනකින් කිවහොත්, ලංකාවේ වැඩ කරන්නට පුළුවන් මිනිසුන්ට ලෝකයේ වඩා හොඳ වැටුප් ගෙවන තැන් වෙත වැඩ සොයා යන්නට නිදහස හිමි විය යුතු ය. 

ශ්‍රමයේ නිදහස් සංචලනයට ජාතික රාජ්‍ය සීමා බාධාවකි. ධනපතීන්ට තමන්ගේ ප්‍රාග්ධනය රැ‍ගෙන නිදහසේ සංචලනය කරන්නට තිබෙන අයිතිය ශ්‍රමිකයන්ට ද දිනා ගැනීම සඳහා අප සටන් කළ යුතු ය. එහිදී කම්කරුවන්ගේ පැත්තෙන් ගත් කල ජාතික රාජ්‍යය යනු අහෝසි කළ යුතු දෙයක් මිස රැක ගත යුතු දෙයක් නො වේ. 

එහෙත්, සමස්ත දේශපාලනය ශ්‍රමයට ඌනනය කළ නො හැකි බව මම පිළි ගනිමි. ජාතිය, සංස්කෘතිය, භාෂාව වැනි මනෝ මූලික කාරණාවල වැදගත්කම නිසා මිනිසුන්ට ජාතික රාජ්‍ය අවශ්‍ය ව තිබේ.

අප දේශපාලනිකව මැදිහත් විය යුත්තේ ජාතික රාජ්‍ය සීමා අහෝසි කර දැමීමේ හා ඒවා රැක ගැනීමේ ද්විත්ව උවමනාව මැදට ය. ප්‍රගතිශීලීන්ගේ දේශපාලනය අතිශය සංකීර්ණ වන්නේ මෙම තත්වය තුළයි. 

දැන් මේ මොහොතේ උතුරු පළාත් සභාවේ සිදු වන දේ සලකා බලමින් අප විසින් කළ යුතුව තිබෙන්නේ කුමක් ද යන්න ගැන සාකච්ඡා කළ හැකි ය. 

දෙමළ දේශපාලනයේ ජාතිවාදී ප්‍රවණතා පරාජය කළ යුතු ය. එය කළ යුත්තේ මර්දනයෙන් නො වේ. මර්දනයෙන් ජාතිවාදය පරාජය කළ නො හැකි ය. එසේ ම දෙමළ ජාතිවාදයට එරෙහිව සිංහල ජාතිවාදය ශක්තිමත් කිරීමෙන් ද එය පරාජය කළ නො හැකි ය. එය කළ හැක්කේ දෙමළ දේශපාලනය තුළ ප්‍රගතිශීලී ප්‍රවණතා ශක්තිමත් කිරීමෙනි.

උතුරු පළාත් සභාව තුළ මතු වූ ලිබරල් ලක්ෂණ අපි අගය කළෙමු. නිදසුනක් ලෙස ලිබරල්වාදී ජීවිතයක් ගත කරන බව බැලූ බැල්මට පෙනෙන විග්නේශ්වරන් වැනි පුද්ගලයකු උතුරු පළාත් සභාවේ නායකත්වයට පත් වීම අගය කළ යුතු දෙයකි. වයෝවෘද්ධ සම්බන්ධන්ගේ නායකත්වයට විකල්ප නායකත්වයක් ද දෙමළ ජාතික සන්ධානයෙන් මතු විය යුතු ය. උතුරු පළාත් සභාව යනු ජාතිවාදයේ හා ලිබරල්වාදයේ තුලනයකි. මැදිහත් වන්නන්ගේ වගකීම වන්නේ ලිබරල් ප්‍රවණතා ශක්තිමත් වන සේ එය කිරීමයි. එය මහත් පරිස්සමෙන් කළ යුතු දෙයකි.

දැන් උතුරු පළාත් සභා‍වේ උත්සවවලදී ජාතික කොඩිය එසවීමේ මැලිකමක් දක්නට ලැබේ. එය සිදු වන්නේ දෙමළ ජාතිවාදීන්ගේ බලපෑම මත ය. සිංහ කොඩිය වෙනුවට කොටි කොඩිය ඔසවන්නට තිබේ නම් ඔවුහු කැමති ය. දකුණ උත්සාහ කරන්නේ බලය පාවිච්චි කර කොඩිය උස්සන්නට ය. ‍එහෙත් එය සාර්ථක වන්නේ නැත. බලය පාවිච්චි කරන්නට, කරන්නට සිදු වන්නේ වෛරය තව තවත් උත්සන්න වීම පමණි. එතකොට විසඳුම කුමක් ද?

මෙයට ඇති විසඳුම දෙමළ ජනයා කැමැත්තෙන් කොඩිය උස්සන තත්වයක් ඇති කර ගැනීම ය.  එය කර ගැනීමට නම් අනිවාර්යයෙන් ම කොඩිය වෙනස් කළ යුතුව තිබේ. 

කොටියා දෙමළ ජාතිවාදයේ සංකේතයක් බව ඔබ පිළි ගන්නවා නේ ද? එය කිසි සේත් ම ලංකාවේ ජාතික කොඩියේ තිබිය නො හැකි ය. 

දෙමළ ජනතාව සිංහ සංකේතය ගැන සිතන්නේ ද ඒ අන්දමින් ම ය. ඔවුන්ට සිංහයා යනු සිංහල ආක්‍රමණයේ සංකේතයකි. 

මේ මොහොතේ අප හමුවේ තිබෙන දේශපාලන අභියෝගය වන්නේ සිංහල බෞද්ධ මූලික ශ්‍රී ලංකාව වෙනුවට ජාතීන්ට සම තැන හිමි අනාගමික ලාංකීය ජාතික රාජ්‍යයක් දක්වා ගමන් කිරීම බව අපි මීට පෙර ද සඳහන් කළෙමු. 

ජාතික කොඩිය ගැන කාරණයට අදාළව ගත්තොත්, අලුත් ලාංකීය ජාතියට අලුත් කොඩියක් යෝජනා කළ යුතුව තිබේ. අප ඉලක්ක කළ යුතුව තිබෙන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ආදී ජනවාර්ගික අනන්‍යතාවලට වඩා ලාංකිකත්වය වැදගත් වන ජාතික රාජයක් වන බැවින් මගේ යෝජනාව වන්නේ ජාතික කොඩිය ජනවාර්ගික හා ආගමික සංකේතවලින් තොර එකක් විය යුතු බවයි.

හරියට නිල් පාට පසුබිමක්(සාගරය) මැද ලංකාවේ සිතියම වගේ කාටත් පොදු ලාංකික කොඩියක්.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. ඉතාම අගනා යෝජනාවක්. හැබැයි අපේ දේශපාලු මනප්පුවෝ, ආගම් සූස්තිය ගහපු 'සිවුරුන්නැහේලා' රෙදි නැතුව පාරට බැහැලා තප්පු ලන්න පටන් ගන්නවා. එකෙක් එන්නේ නෑ සංවාදයකට. හැම එකාම බලයි මේ මස් කටුව මෝඩ මිනිස්සුන්ට දික්කරලා, උන්ව අන්දලා, තමන්ගේ ගොඩ වැඩි කරගන්ඩ.

    ReplyDelete
    Replies
    1. ඒ විතරක් නොවෙයි ජාතික ගීයත් වෙනස් විය යුතුයි

      Delete
    2. අයිසේ පැරකුම්, ඔහේ හිතුවද ජාතක කොඩිය කියන්නේ නිකං ඔහෙලා අම්මගේ ස්ත්‍රී නිමිත්ත වගේ එකක් කියලා? ඕනි ඕනි එකාට ඇවිත් වෙනස් කරන්න?

      Delete
  2. නිල්පාට පසුබිම තුල පැරකුම්ගෙ සර්ව ජාතික කැ# මූණ දාලා කොඩිය හදමු........

    ReplyDelete
  3. කොඩිය වෙනුවට පැරකුම්ගේ යට ජංගිය උස්සන්න කියමුද? සිංහ කොඩියේ සිංහයාට පුකෙව් අරින්න ඔන‍ා.

    ReplyDelete
  4. ජාතික හැඟීම කියන එකත් මගෙ දැන් ටිකෙන් ටික අඩුවෙමින් යන්නේ.රට ජාතිය ආගම ආරක්ෂා කරන්න කියල පිහිටුවා ගත්ත බලවේගවල නායකයො ඇමතිකම් අරන් ඇමති සැප විදපු එකයි අන්තිමට වුනේ.දුප්පත් මිනිස්සුන්ට රටක් ජාතියක් ආගමක් නෑ.ඇත්තටම දුප්පත් මිනිස්සුන්ගෙ මොළ හෝදනව කාරනා තුනකින්.එකක් තමයි තමන්ටත් කවදහරි ධනවතෙක් වෙලා සැප විදින්න පුළුවන් කියන එක.අනික් එක තමයි එක එක ස්ටාර් තරඟ තියල දුප්පත්තු සිහින ලෝක වල අතරමන් කරන එක.තවත් එකක් තමයි කර්මය දේව කැමැත්ත කියල සිඟිති ආතල් දෙන එක.ඊලඟ එක තමයි දුප්පත්ටු කල්ලි වලට බෙදන එක.ධනවතුන්ට ඔය කියන එක කල්ලියක්වත් නෑ.ධනවතුන්ගෙ අවාහ විවාහ දිහා බලන්න.
    දුප්පත් ජනතාව දේශපාලන වශයෙන් සවිඥානක කරන්න කිසිම බලවේගයක් සමත් වෙලා නෑ.
    ඒත් යුද්ධයත් එක්ක වර්ධනය වුන ජාතිකත්ව හැඟීම් දැන් සමස්ත සමාජයේම අඩුවෙමින් යන්නේ.ඊට හේතුව හොරාකෑම ,නාස්තිය,දූෂනය හා නීතිය බලු වීම.

    ReplyDelete
  5. Ocean Blue කියන්නේ ඔය දාලා තියෙන පාට නොවේ.

    මෙන්න නිවරදි කේතය.
    rgb(3,113,156)


    ReplyDelete
    Replies
    1. කකා ආසම පාට රෝස පාට නේද?

      Delete
    2. කකාට ඉතිං දැන් හරියට පාටවල් පෙනුනට කසාද බදින කාලේ එව්වා පෙනිලා නැහැනේ. එකනේ කකාටත් වඩා වයසක කෙනෙක් කසාද බැදලා තියෙන්නේ.

      Delete
    3. ඇනෝ

      1. ඇය කකාට වඩා දෙවසරක් බාලයි.

      2. දැන් මේ කතාවෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ කකාට අපහාස/උපහාස කරන්න යැයි මා සිතනවා. එයින් පෙනෙන්නේ ඔබේ ගොං කම මිස වෙනත් දෙයක් නොවෙයි.

      විවාහයක දී කාන්තාව වයසෙන් අඩුවීය යුතු යැයි කිසිම නීතියක් හෝ වෙනත් අවශ්‍යතාවයක් නෑ.

      3. කෙසේ වෙතත් බ්ලොග් මගින් හෝ ඔබ මේ ආකාරයට යම් අධ්‍යාපනයක් ලබා ගැනීම වැදගත් කාරණයක්. එනිසායි අසේවනාච බාලානං යන මංගල කරුණ අමතක කර මෙලෙස පිළිතුරු ලිව්වේ!


      ඒ එක්කම කියවන්න අක්ක කසාදේ

      Delete
    4. KAKKAGE KASADE GENA KAKA NAMIN NOLIYA ANO NAMIN LIYANNE AI.

      Delete
    5. නොදන්න දෙයක් තියෙනවනම් කකාගෙන් අහන්න

      Delete
  6. පැරා, මේක සිතියමක්නේ... කොඩියක් නෙවෙයිනේ

    ReplyDelete
  7. Bahu wants National flag changed

    http://www.youtube.com/watch?v=evGi00O8ya4#t=33

    ReplyDelete
  8. පැරා... උඹේ ජංගිය නිල්පාට කොඩියක මැද්දට තියලා ගේ ඉස්සරහ කනුවක එල්ල ගත්තට අපිට කමක් නෑ.... ඕනෙම නම් ෆොටෝ එකක් ගහලා උඹේ බ්ලොග් එකේ උඩම දාගනින්....

    ජාතික කොඩිය වෙනස් කරන එක හීනෙන් හිතලා ස්වප්න මෝචනය කරගනින්........

    ReplyDelete
  9. ඊට වඩා හොඳ නැද්ද ඔය දෙගොල්ලටම පොදු, ආඳෙක් හරි නරියෙක් හරි බූරුවෙක් හරි දැම්ම නම්. පසු බිමට ඔක්කෝම පාට ටික දාලා.

    ReplyDelete
    Replies
    1. උඹ වගේ ඌරො ගොඩක් ඉන්න නිසා උඹේ ෆොටෝ එකක් දාමු....

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. මේ ජාතික කොඩිය වෙනුවෙන් තමන්ගේ නමින් පෙනී හිටින්නවත් බය නැති ශිෂ්ට මිනිහෙක් තවම මේ ලිපිය කියෙව්වේ නැහැ වගේ.

    ReplyDelete
    Replies
    1. ප්‍රාග්ධනය වගේම ශ්‍රමයත් වට කඩොලු දේශ සිමා වැටකඩොලු කඩා ගෙනයාමට තිබිය යුතුයයි කියල ඔබගේ මොලයට දැනිලා තියෙනවා.හරිම අගෙයි.එතකොට safta ගිවිසුමක් උවමනා වෙන්නේ නැහැ.ඉන්දියාවේ ඉන්නා ඔක්කොටම මෙහෙ රස්සා වලට එන්න පුළුවන්නේ.මට පෙනෙන හැටියට ඔබ ලංකාවේ ප්‍රමාණය ගැන දන්නේ ටොලමිගේ සිතියම බලලයි.
      පැරා ඕනෑම අමන අදහසක් හිතට ඒම සිතේ ජාගර ස්වභාවය අනුව සිදුවන්නක්. ඒ උනත් බුද්ධිය කියල එකක් මිනිසුන්ට තිබෙන්නේ එවැනි අදහස් නියාමනය කිරීමටයි. ඇයි ඔබ ඔබේ බුද්ධිය පාවිච්චි නොකරන්නේ?

      Delete
    2. ඕකේ අනෙක් පැත්ත පෙනෙන්නේ නැද්ද? ශ්‍රමය නිදහස් වුණොත් ලංකාවේ මේ අපි වගේ දේශද්‍රෝහීන් ටිකක් ඇර අනෙක් ඔක්කෝ ම ඇමරිකාවට, යුරෝපයට හා ඕස්ට්‍රේලියාවට යාවි නේ ද?

      Delete
    3. පැරා,
      ඔබට හොඳටම වැරදිලා.දිගු කාලයකට නෙමෙයි කෙටි කාලයකට උනත් ඔබ ඔය කියන රටකට ගිය අයගෙන් අහල බලන්න ආපහු ලංකාවට එම ගැන ඔවුන්ගේ තියෙන්නේ සුභවාදී අදහසක් නෙමෙයිද කියා. PR මෙන්ම CITIZENSHIP ලැබුන අය උනත් ඒවගේ ජිවත් වෙන්නේ දෙවන පන්තියේ පුරවැසියන් වගේ .සිංහල අයට නම ලැබෙන්නේ තුන්වන පන්තියේ පුරවැසිකම මොකද සුද්දන්ගේ කකුල් ලෙවකන දෙමල පුරවැසියන්ගේ තාඩන පීඩන වලට ඔවුන්ටත් මුහුණ දෙන්න වෙලා තියෙන නිසා.
      මා කියන්නේ ඔබ කෙටි කාලයකට හෝ ඔය කියන රටකට ගොස් ජිවත්වි නැවත අපේ රටට ඇවිත් මෙහෙදී විඳින නිදහස අත්විඳ බලන්න.

      Delete
  12. වෙරි ගුඩ් පැරා, හොඳ යෝජනාවක්. චිංගයා අයිං කරන්ටම වෙනව. මුලු ලෝකෙම මාංශ භක්ෂක තිරිසනෙක්ගෙ රූපයක් තියෙන එකම ජාතික කොඩිය අපේ එක වෙන්න ඕන.

    සිංහයා ඉන්නම ඕන නම් මෙහෙම කරන්ටත් පුලුවෙනි.සිංහයයි කොටියයි දෙන්නම කරට අත් දාගෙන පොඩි ඩාන්ස් එකක් දාන සීන් එකක් හොඳ නැතය?..යටිං ඔන්නං බාසා තුනෙම්ම ලිව්වැකි " අපි සංතෝසෙං ඉන්නේ දුක සෝකය නෑ දන්නේ අයියා මල්ලී වාගේ අයියා මල්ලී....."

    කරට අත් දාගෙන ඉන්න සීන් එක මදියි වගෙ කියල හිතේනම් එතනිං එහා ගිය සීන් එකක් උනත් නරකම නෑ… :)

    පැරා ඉදිරිපත් කරල තියෙන කොඩිය ඇත්තටම හොඳයි. බොහොම සරලයි .


    ReplyDelete
    Replies
    1. ඇයි බං එංගලන්තේ කොඩියේ සිංහයෝ තුන්දෙනේක්ම ඉන්නේ.

      Delete
    2. නෑ නේද?... එංගලන්තෙ කොඩිය ඇවිල්ල සුදු පසුබිමේ රතු කුරුසයක්. ඔබ කියන සිංහයො තුන්දෙනා එංගලන්තෙ වංශ චිහ්නය ( Coat of Arms ). ක්‍රිකට් ටිම් එකේ කට්ටියගෙ කමිස සාක්කුවෙ තියෙන්නෙ.

      අනික මම කිව්වෙ ජාතික කොඩි ගැන. එංගලන්තෙ කියල ස්වාධීන රටක් නෑ. එංගලන්තෙත් අයිති එක්සත් රාජධානියට.

      Delete
    3. ඇයි රවී භූතානයේ කොඩිය දැකලා ණැද්ද?ඇයි රවී අපේ සාක් රටක් වෙන භූතානයේ කොඩිය දැකලා නැද්ද?

      Delete
    4. කතන්දර,

      භූතානයෙ කොඩියෙ ඉන්නෙ මකරෙක්.මකරා කියන්නෙ මනඃකල්පිත සත්වයෙක්.එහෙම සතෙක් මාංශ භක්ෂක තිරිසනෙක් කියල වර්ග කරන්නට බැහැ නේද?

      Delete
  13. එපා එකටයි ඕන එකටයි කොඩි එල්ලන්ට ගත්තොත් කොයි කොඩිය ගෙනාවත් ඔය සන්තෑසියම තමා.

    ReplyDelete
  14. වෙන ප්‍රස්න නැත්නම් ජාතික කොඩි ප්‍රස්නයක් හදා ගත්තට කමක් නැහැ.

    අපේ රටේ ජාතික කොඩියට වැන්දට, මම දැකකලා තියෙනවා. ඇමරිකාවේ ගැනු ජාතික කොඩියෙන් ජංගි , බ්‍රසියර් මහල අදිනවා.

    ReplyDelete
  15. රටක ව්‍යවස්ථාව වාගේම ජාතික කොඩිය ,ගීය හිතුන හිතුන පලියට වෙනස් කළ යුතු දේවල් නොවේ.

    ReplyDelete
  16. අප රටේ මිය යමින් තිබෙන යුගය, එනම් වැඩවසම් යුගයේ ඉහළම ආයතනයක් වන පූජකස්ථානයට මේ වන විට ගෝලීය ධනවාදයේ ආක‍්‍රමණයෙන් බැට වැදී තිබෙන බව පූජකයන් දේශපාලන බලය ඉල්ලීමෙන් පෙනෙනවා. වැඩවසම් යුගයේදි නිෂ්පාදනයෙන් කොටසක් රජු ඇතුළු පරිපාලනයට මෙන්ම පූජකස්ථානයටත් වෙන් කරලයි තිබුණේ. ඉඩම්, අඳය, නිෂ්පාදකයන් ආදිය නිශ්චිතවම පූජකස්ථානවලට වෙන් කළා. මේ සියල්ල අද වන විට ගෝලීය ධනවාදය නිසා අනතුරට ලක් වෙලා. ඒ නැතිවුණු ආර්ථික තත්වය නැවත ගොඩනගා ගන්නට පූජකයෝ දේශපාලන බලය හා පරිපාලන බලය ඉල්ලනවා. ඒකට ලොකු ජන අනුමැතියකුත් අප රටේ තියෙනවා.

    ඉතින් වැඩවසම් නිෂ්පාදන මාදිලිය සුරැුකීම ජාතික යුතුකමක් කියලා සිතන මිනිසුන් බහුතරයක් සිටින රටක වැඩවසම් සංකේත වෙනස් කර ධනේශ්වර ආකාරයකට ජාතික සංකේත භාවිතාව ගැන සිතීම මේ කාලයේ නම් සිහිනයක්. ඒත් මේ සිහිනය ධනේශ්වර රූපයක් (රූකඩකයක්* ලෙස සංකේතීයව පමණක් ක‍්‍රියාත්මක වන පාර්ලිමේන්තුවක් ඇති රටක හැබෑ කරගැනීම කළ නොහැක්කක්. ඒ නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ අලූත් භාවිතාවක් සමඟ නම් ජාතික කොඩියක් ඇතුළුව ජාතික සංකේත ගැන සිතීමට පුළුවන්.

    එබැවින්, වහල් හිමියන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය බිඳ වැටී රාජාණ්ඩු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩනැගුනා සේ රාජාණ්ඩු ප‍්‍රජාතන්ත‍්‍රවාදය හෙවත් වැඩවසම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය (බලය ඇති පවුලක් සඳහා පමණක් ඇති සාකච්ඡුා කර තීරණ ගැනීමේ අයිතිය* එතනින් එහා මහජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් වෙත ගෙන යාමේ ගමනක් ආරම්භ කරමින් නම් මේ ගැන සිතිය හැකියි.

    කොහොම වෙතත් මේ අදහස ප‍්‍රගතිශීලියි. එය ඉදිරියට ගෙන යා යුතුයි.

    ReplyDelete
  17. "හරියට නිල් පාට පසුබිමක්(සාගරය) මැද ලංකාවේ සිතියම වගේ කාටත් පොදු ලාංකික කොඩියක්."..............
    පැරා නියම අයිඩියා කාරයා. කොහොමත් අපි ඉන්දියන් සාගරය මැද අතරමංවුන ( නන්තාරවුන ) රටක් ඒකම තේමාව කරගන්න එක හොදයි.
    මිනිස්සු පිස්සෝ කරන්නේ ඡණ්දකාරයෝ............................ ජාතික කොඩියේ පාට සත්තු එක එක අදහස් දක්වනවා නේ
    දෙමළ සහෝදරයින්ට තියෙන පාට සංකේතය මදිනම් තව පාටක් ......ltte පාටත් එකතු කරගන්න කියමු.

    ReplyDelete
  18. ඕකට නිල් පාටම ඕන නෑනේ .
    ඒක සන්ධානෙ පාටනේ

    රත්තරන් පාට වාගෙ නරකද ??

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා