අගමැති කුඩු ජාවරම් සමග සම්බන්ධ වූ රටක නීතියේ ආධිපත්‍යයට කුමක් වේද?

අගමැතිවරයා ඉවත් කළ යුතු යයි උද්ඝෝෂණයක් දියත් වෙමින් තිබේ. ඉදිරියෙන් සිටින්නේ ජාතික හෙළ උරුමය, බොදු බල සේනා, මව්බිම පත්තරය වැනි බලවේග නිසා මෙය කොන්ත්‍රාත්තුවක් යයි සිතන්නට පුළුවන. 

එවිට ඇති වන ගැටලුව වන්නේ මේ උත්සාහ කරන්නේ කාව අගමැති කරන්නට ද යන්නයි. අගමැති වීම යනු අනාගත ජනාධිපති වීම සඳහා සුදුසුකම් සපිරීමේ මුල් පියවරකි. ජනාධිපති ආර්. ප්‍රේමදාස විසින් ඩී.බී. විජේතුංග  අගමැති පදවියට පත් කළේ ද වර්තමානයේදී කරන පරිද්දෙන් ම වෙනත් අය කපා රූකඩයක් ඉදිරියෙන් තැබීමට වුව ද ඩී.බී‍. විජේතුංග පවා මේ රටේ ජනාධිපති ධුරයට පත් වූයේ ය. ඒ අගමැති ධුරයේ තිබෙන බලය නිසා ය. 

තමන්ට කලින් මැරේ යයි සිතන, අභියෝගයක් නො වන මහල්ලන් අගමැතිකමට පත් කිරීම ආරම්භ කළේ ප්‍රේමදාස ජනාධිපතිවරයා ය. ජනාධිපති මහින්ද රාජපක්ෂට තරම් අගමැති ධුරය සඳහා තරග කරන්නන් සංඛ්‍යාවක් වෙනත් කාටවත් හිටියේ නැත. කුමාර වෙල්ගම වැනි වියපත් බඹරුන්ගේ සිට මෛත්‍රී, ඩලස්, නිමල් සිරිපාල වැනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යේෂ්ඨයන්ගේ සිට රාජපක්ෂ පවුලේ නාමල් රාජපක්ෂ දක්වා ම අගමැතිවරු වැහි වැහැලා ය. 

ජාතික හෙළ උරුමය ඇතුළු බලවේග කරන්නේ කාගේ කොන්ත්‍රාත්තුවක් ද යන්න අපැහැදිලි වන්නේ මෙම තත්වය තුළ ය. 

කෙසේ වෙතත්, අගමැතිවරයාට ‍එරෙහිව නිසි පරීක්ෂණයක් හා නීතිමය පියවර ගත යුතු බව අපි ද අවධාරණය කරන්නෙමු. ඔහු දැනුවත්ව හෝ නො දැනුවත්ව සම්බන්ධ වී සිටින්නේ ලංකාවේ ලොකු ම කුඩු ජාවාරමත් සමගයි. මේ ජාවාරම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන තිබෙන එක් පකිස්තාන ජාතිකයකුගේ ජංගම දුරකථනයේ තිබී අගමැතිවරයා සහ ඔහු එකට සිටින වීඩියෝවක් ද හමු වී තිබේ. 

අගමැතිවරයාගේ උපදෙස් මත බව කියමින්, හෙරොයින් අඩංගු මෙම ව්‍යාජ ග්‍රීස් තොගය නිදහස් කර ගැනීම සඳහා ලියුම් නිකුත් කළ අගමැතිගේ සම්බන්ධීකරණ ලේකම් කීර්ති ශ්‍රී වීරසිංහ තවමත් නිරුපද්‍රිතව අගමැතිවරයාගේ රැකවරණයේ සේවය කරමින් සිටියි. 

එම ලියුම නිකුත් කරන්නට සිදු වන්නේ පකිස්තානයේ සිට එවන ලද කුඩු තොගය අඩංගු කන්ටේනරයේ මෙරට හිමිකරු වන පුද්ගලයා විසින් එහි ලිපිනය ලෙස සඳහන් කරන ලද සමාගම මෙරට ලියාපදිංචි නො කර තිබීම නිසා ඇති වන ප්‍රමාදයන් නිසා ය. 

මෙම සිදුවීම හෙළිදරව් වන සමය වන විට අගමැති දි.මු. ජයරත්නගේ පුත්‍රයා වන අනුරාධ ජයරත්න මධ්‍යම පළාත් සභාවට තරග කරමින් සල්ලි වීසි කරමින් සිටි බව ද අප අමතක නො කළ යුතු ය. 

මා සිතන පරිදි නම් මේ වනාහි කුඩු ජාවාරම් සමග රටක ප්‍රධාන දේශපාලන නායකයකු ඍජුව ම පැටලීම සිදු වූ ලෝක දේශපාලනයේ විරල අවස්ථාවන්ගෙන් එකක් බවයි.

සාමාන්‍ය කුඩුකාරයකු අත කුඩු පැකට්ටුවක් තිබී අසු වුණත් උපරිම දඬුවම් දෙන බලධාරීනි, වහා පරීක්ෂණ පවත්වනු! ‍‍‍‍‍‍‍

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. Oya thawa inne MERVIN DUMINDA ehema. No problems

    ReplyDelete
  2. Ano1 අපිටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා පැරා පනයනකම් මහින්දට ගහන්නෙ කාව හරි ජනාදිපති කරවන්නද?

    ReplyDelete
    Replies
    1. Ano1 ගැලරියට නම් උත්තරේ මරු.. මට හරියන්නෙ නැහැ..

      මම අහන්නෙ අනිත් මිනිස්සු කරන හැම වැඩක්ම කාගෙ හරි කොන්ත්‍රත් එකක් නම්.. එහෙම නොවන එකක් හන්දුනා ගන්න හැටි.. ගුරුවරයෙක් හැටියට හිතලා හරි මම අහන දේට උත්තරයක් දෙනවද

      Delete
    2. උත්තරය සරළයි. මෙම බ්ලොගය කියවා බලන්න. අපි කිසිම දේශපාලනඥයකු ප්‍රවර්ධනය කරලා නැහැ. අපි ප්‍රවර්ධනය කරන්නේ දේශපාලන ක්‍රියාමාර්ග විතරයි. කිසියම් කෙනෙක් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න ක්‍රියාමාර්ග ගන්නවා නම් අපි එයට උදව් කරනවා. එය කරන්නේ මහින්ද ද, රනිල් ද, වෙන කවුරුහරි ද කියන එක අදාළ නැහැ.

      අධ්‍යයනය කරලා බලන්න, මිනිස් අයිතිවාසිකම් දෙස සුබවාදීව බලපු අවස්ථාවලදී අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අගය කරලා තිබෙනවා. අනෙක අපි කවදාවත් මඩ ගැසීම් කරලා නැහැ. අපි කරන්නේ දේශපාලන විවේචන.

      මාධ්‍ය දේශපාලනය කියන්නේ ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටීමයි. පුද්ගලයන් වෙනුවෙන් පෙනී සිටීම නොවෙයි.

      Delete
    3. Ano1 ස්තුතියි පිලිතුරට. මට ගැටලුව අනිත් අය කුඩු ජාවාරමකට විරුද්ද උනත් එක කොන්ත්‍රත් එකක් වීම.. එසේ කිරීමෙන් හැගවෙන්නෙ ඔබත් පුද්ගල දෙශපාලනයක් කරන්නාක් සේ..එසේ නොවේ නම් ගලටලුවක් නැත.. අනිත් කාරනා හා 100% එකගයි.

      Delete
  3. සිහළ උරුමේ මතවාද මොනවා උනත්. කියපු කතාව සහතික ඇත්ත. පොඩි කුඩ්ඩෙක් නෙමෙයි, ඉන්ටර්නැෂනල් කුඩ්ඩෙක්. මේ වැඩෙන් අපේ රට ජාත්‍යන්තරවත් අපකීරිතියට පත් උනා. විශේෂයෙන් නාවුක ක්ෂේශ්ත්‍රයේ. හුලාව ගෙදර යවපු ලොක්කට. මේ යකා ගෙදර යවන්න බැරි ඇයි...?

    ගෙදර නෙමෙයි මහ උළු ගෙදරයි යවන්න ඕන.

    ReplyDelete
  4. මම නං හිතන්නේ නෑ අගමැතිතුමා මේවාට සම්බන්ධයි කියලා.
    අනික දැන් නිතිය ක්‍රියාත්මක වෙනවා. යම් යම් අඩු පාඩු තියෙන්න පුළුවන්. ඒත් භීෂණ සමයේ වගේ තුන්ඩු කෑලි නිතිය දැන් නෑ.

    ඔය අජිත් ලා වගේ අය කොහොම හීන මැව්වත් මේ ආණ්ඩුව පෙරලන්න බැහැ. තව අඩුම ගානේ අවුරුදු 10 ක් වත් මේ රට ගෙනියන්නේ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුක සන්ධාන රජය තමයි.

    මං කියන්නේ නෑ මේ වෙනකොට රටේ සියලුම ප්‍රශ්න අහවරයි කියලා. ඒත් පෙර පැවති රජයන් හා බලද්දී මේ රජය සැලකිය යුතු වැඩ කොටසක් කරනවා. කොළඹ නගරය බලන්න. ඉස්සර කොළඹ කියන්නේ කුණු ගොඩක්. ඒත් දැන් බලන්න. ඒකම හොද උදාහරණයක්‌.
    කොළඹ අවට වාසය කරන කෙනෙක් හැටියට මම නං රජයේ වැඩ සංවර්ධන වැඩ පිළිවෙල අනුමත කරනවා. ඒ වගේම මගේ අනාවැකිය තමයි, ඊලග ජන්දෙන් කොළඹ මහ නගරසභාව දිනනනෙත් මේ රජය තමයි.

    අර කතාවක් තියෙනවනේ හීත දුරුත්තට පැල් කණුවටත් හීන පෙනෙනවයි කියලා. අජිත් ලත් ඒ වගේ හීන බල බලා ඉන්නවා ආණ්ඩුව පෙරලන්න.

    ReplyDelete
    Replies
    1. උඹත් දකින්ෙන හීනයක්ෙන, අජිත් ල හීන බල බලා ඉන්නවා ආණ්ඩුව පෙරලන්න, උඹ හීන බල බල ඉන්නව ෙම් අාණ්ඩුව හැමදාම තියා ගන්න.

      Delete
    2. ඒ උනාට අපේ හීනෙ හැබෑ වෙලා තියෙන්නේ. රටේ තියෙන්නේ ශක්තිමත් සන්ධාන ආණ්ඩුවක්.

      අජිත් ලා හීන දකින්නේ මේක පෙරලන්න. ඒත් ජනතාව ඉන්නේ ආණ්ඩුව එක්ක. ඒක ඔහෙට පෙන්නේ නැද්ද?

      Delete
    3. එක හීනෙන් එළි වෙන්නේ නැහැ මල්ලි.

      Delete
    4. ගඩාෆි ලත් අවරුදු 40 ක් ම හිටියනේ හැබැයි රජ පවුල මේ කෙලින පිස්සු වල හැටියට මැරෙන්න බෝක්කුවක් වත් ඉතුරු වෙන්නේ නැහැ
      *************************
      "කොලබ අවට " ඉන්න කෙනාට සනීපට නින්ද යනවා ඇති night race දවසට එහෙම පිස්සන්ගේ වැඩ අනුමත කරන පිස්සු හරක්

      Delete
    5. // ඉස්සර කොළඹ කියන්නේ කුණු ගොඩක්. ඒත් දැන් බලන්න. ඒකම හොද උදාහරණයක්‌.//

      ඇත්ත.. කුනු තමයි හොඳම උදාහරනය කොලඹ වෙමින් පවතින දෙය තේරුම් ගැනීමට. කොලඹ වෙනුවට මීතොටමුල්ල සම්පූර්නයෙන්ම මිහිපිට අපායක් වෙලා තියෙන බව ඔබ වැනි වැසියන්ට අමතක වීම පුදුමයක් නොවේ.

      සංවර්ධනය කොලඹ.... 'කැපකරු' වෙනත් තැනක!

      - Dimithri

      Delete
  5. ගමේ වලා - අපිට හොඳා !!!

    ReplyDelete
    Replies
    1. චන්දෙ දීලා - රකිමු සදා!!!

      Delete
    2. අම්මට බොල මයෙ බොක්ක බුවා !!!!

      දැක්ක කල් .

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා