උසස් පෙළ සුපර් ස්ටාර්ලාට ටියුෂන් සුපර් ස්ටාර්ලාගෙන් කාර්

Photo courtesy: Gossip Lanka News
ගිය අවුරුද්දේ උසස් පෙළ විභාගයෙන් වානිජ අංශයෙන් විශිෂ්ට ම ප්‍රතිඵල ලබා ගත් ශිෂ්‍යාවට ඇ‍ගේ ගිනුම්කරණය ටියුෂන් පංතියේ ගුරුවරයා වන කුමුදු ලියනගේ ලක්ෂ 40ක් වටිනා අලුත් ම අලුත් මෝටර් රථයක් තෑගි කළා.

මේ තෑගි කිරීම තුළින් එක පැත්තකින් ඒ සිසුවිය ගිනුම්කරණය විභාගය සමත් වීමේ මුළු අයිතිය ගන්න මේ ගුරුවරයා උත්සාහ කරනවා. එතකොට දේවි බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවක වූ ඇයට ඉගැන්වීම සඳහා ඒ පාසලේ ගුරුවරුන් කළ මෙහෙය යටපත් වී මේ ටියුෂන් ගුරුවරයා ඉස්මතු වෙනවා.

අනෙක් පැත්තෙන්, මේ ටියුෂන් ගුරුවරයා මේ කරන්නේ ඉතා නිර්මානාත්මක ප්‍රචාරණයක්. ඔහුට මෙයින් ලැ‍බෙන ප්‍රසිද්ධිය ලක්ෂ 40ක් වැය කර ලබා ගන්න අමාරුයි. ගුරුවරයෙක් මෙවැනි දෙයක් කළ පළමු අවස්ථාව මෙය නිසා ඔහුට ලැබෙන ප්‍රචාරය හා සමාන ප්‍රචාරයක් අනාගතයේදී ‍කොයි තරම් වටිනා කාරයක් තෑගි දුන්නත් වෙන ගුරුවරයකුට ලබා ගන්න බැහැ. හරියට සිරස සුපර් ස්ටාර් සීසන් වන් එකේදී සිරසට ලැබුණු තැන වගේ එකක් ඉන් පසු වෙන කිසිම චැනලයකට තබා සිරසටවත් නො ලැබුණා වගෙයි.

මෙම සිද්ධිය සොය සොයා කරුණු විමසන පුවතක් වෙනවා විතරක් නොවෙයි, ඊළඟට ‍උසස් පෙළ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යා‍වෝ මේ ගුරුවරයාගේ පංතිවලට සොය සොයා යන්නත් පටන් ගන්නවා. උසස් පෙළ ශිෂ්‍යයන් 5000ක් ඉන්න ගුරුවරයකුගේ මාසික ආදායම ඉතා පහසුවෙන් ලක්ෂ 40 ඉක්මවනවා.

ඇත්තට ම ළමයි විභාග පාස් වෙන්නේ මේ පංති නිසා ද? මා නම් කියන්නේ එසේ වන්නේ නැති බවයි. මේ සිසුන් විභාග සමත් වන්නේ ඔවුන්ගේ දක්ෂතාව නිසායි. ඔවුන් වෙනත් ඕනෑම හොඳ ගුරුවරයකුගෙන් ඉගෙන ගත්තත් ඔවුහු මේ ප්‍රතිඵලය ම ලබා ගන්නවා. ඒත්, ඔවුන් රටේ නම ගිය ගුරුවරුන් ළඟ පංති යනවා. ඔවුන්ගෙන් දැනුමත් ලබා ගන්නවා. ඔවුන් වෙත නො ගියොත් තමන් විභාගය අසමත් වෙයි කියා බියක් ඔවුන් ළඟ තිබෙනවා. ඒ බිය ඇති කරන්න මේ අධ්‍යාපන ක්‍රමයේ තිබෙන තරගකාරිත්වයත්, පාසල් අධ්‍යාපනයේ ගැටලුත්, ටියුෂන් ව්‍යාපාරිකයන්ගේ ප්‍රචාරත් හේතු වෙනවා. භීතිය රජ කරන වෙළඳපොළට තමයි, ටියුෂන් ගුරුවරුන් සේවා සපයන්නේ. මේක හරියට කළු කැතයි කියලා සමාජයේ කළු පාටට බියක් ඇති කරලා ඉන් පසු සුදු වෙන්න ෆෙයාර්නස් ක්‍රීම් හඳුන්වා දෙනවා වගේ වැඩක්.

බොහෝ ටියුෂන් පංතිවල වාඩි වෙන්න තිබෙන්නේ බංකු. සිසුන්ට තමන්ගේ කොන්ද කෙළින් තබා ගන්නටවත් බැහැ. ඒ බංකුවලත් වාඩි වෙන්නේ තදබද වෙලා. වාතාශ්‍රය දුර්වලයි. අධ්‍යාපනය තනිකර ම ගුරු කේන්ද්‍රීයයි. ගුරුවරයා කියනවා, ළමයි අහන් ඉන්නවා. වෙන වෙන ම සිසුන්ට අවධානය යොමු කිරීමක් ඇත්තේ ම නැහැ. එහෙම කරන්න ප්‍රායෝගිකව බැහැ. සිසුන් දහස් ගණනක් ශාලාවක් තුළ පීඩාකාරී පරිසරයක සිර කරගෙන සාර්ථක අධ්‍යාපනයක් ලබා දිය හැකි නම්, ඉතිහාසයක් මුළුල්ලේ අධ්‍යාපනඥයන් විසින් කරන ලද ඉදිරිපත් කිරීම් හා අධ්‍යාපන මනෝ විද්‍යාව පට්ට පල් බොරුවක් විය යුතුයි. ශිෂ්‍ය ගුරු අනුපාතිකය එකට දෙතුන් දාහ වෙන ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනය සාර්ථකයි කියා කියන්න බැහැ. ඒ නිසා ‍මේ ගුරුවරු එක්තරා අන්දමක මැජික්කාරයන්, අද්භූත බල ඇත්තන් ලෙස පෙනී සිටිනවා. ඒ ප්‍රතිරූපය ගොඩනගා ගන්න ඔවුන් දැවැන්ත ධනස්කන්ධයක් වැය කරනවා. මේ පංතිත් හරියට අර ජේසු ජීවමානයි හරි එහෙම නැතිනම් සමන්තභද්‍ර හාමුදුරුවන්ගේ බණ වගේ. ඒත්, ළමයි මේවාට සතිපතා සහභාගි වෙන්නත් ඕනෑ.

මේ බොරුව යටපත් කරන්නේ යම් යම් ප්‍රයෝගවලින්. එක් ප්‍රයෝගයක් තමයි, සර්ට මාර මතකයක් තිබෙන්නේ. අපි හැමෝගෙම නම් මතකයි ආදී වශයෙන් කියන්න ළමයි පෙළඹෙන තත්වයක් ඇති කිරීම. ඇත්තට ම මේ ළමයි කියන්නේත් බොරුවක්. ඔවුන් මේ බොරුවට දායක වෙන්නේ අවිඥානකව වගේ. ඔවුන් කැමතියි සර් ඔවුන්ව දන්න බව පෙන්නන්න. අැත්ත කිව්වොත්, සර් අඳුනන්නේ පංතියේ ලස්සන, දක්ෂ ගෑනු, පිරිමි ළමයි ටික දෙනෙකුව විතරයි. 

අනෙක් පැත්තෙන් මේ පංතිවල ළමයින් ඉදිරියේ මවන්නේ පාට, පාට හීනයක්. සරුව පිත්තල ටියුට් අධ්‍යාපනයක්.

දැන් බලන්න මේ ලිපියට කමෙන්ට් දාන අය මෙහෙම කියන්න ඉඩ තිබෙනවා. අපි නම් විභාගේ පාස් වුණේ අහවල් සර් නිසායි කියලා. එතැනදී තමන් අහවලාගේ ගෝලයකු ය කීමෙන් තමන්ට අනන්‍යතාවක් ගොඩනගා ගන්න තිබෙන කැමැත්තත් තියවෙනවා. හැමෝම කැමතියි තමන් ප්‍රසිද්ධ ගුරුවරයකුගේ ගෝලයකු බව කියන්න.

කොහොමින් කොහොම හරි මේ ටියුෂන් ගුරුවරුන් විසින් යම් පිරිසක් විභාග සමත් කරන බව ඇත්ත. ඒත්, ඇත්තෙන් ම ඔවුන් ළඟ පංති යන පිරිසෙන් අති බහුතරය විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට අසමත් වෙනවා. සමත් වන අ‍යටත් ඔවුන් පුහුණු කරන්නේ නිර්මානාත්මක චින්තනයක් නොවෙයි. තමන් දෙන සටහන් හා ක්‍රම අනුගමනය කිරීම විතරයි. ලංකාවේ පවතින අධ්‍යාපන රටාව විසිනුත් නිර්මානශීලිත්වයකට අවස්ථාව ලබා දෙන්නේ නැහැ.

අවසානයේදී ලංකාවේ බිහි වන උගත්තු බහුතරයක් අසීමිත ධන තෘෂ්ණාවකින් යුතුව මුදල් පසුපස හඹා යන හිස් මිනිස්සු.

මම සරළ ප්‍රශ්න කීපයක් අහන්නම්. උපුල් ශාන්ත සන්නස්ගල වගේ සිංහල ඔස්තාද්ලාගෙන් බිහි වුණ සාහිත්‍යකරුවන්ගේ පරම්පරාව කෝ? ඔවුන්ගෙන් ලබා ගත් දැනුමින් සමාජයේ භාෂා ඥානය වර්ධනය නොවුණේ ඇයි? මෙච්චර ඉංග්‍රීසි ඔස්තාද්ලා සිටිද්දීත් ලංකාවේ මිනිසුන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය නො වන්නේ ඇයි? අනෙක් ක්ෂේත්‍රවලත් තත්වය මෙයම තමයි. අනුකාරක උගතුන් පිරිසක් මිසක් නිර්මානාත්මක බුද්ධිමතුන් මේ රටින් එතරම් බිහි නො වන්න හේතුව මේ ටියුෂන් පාදක අධ්‍යාපනය ම තමයි. අඩු තරමේ දක්ෂ කුසලතා පූර්ණ ශ්‍රමිකයන් පිරිසක් හෝ මෙම අධ්‍යාපන ක්‍රමය හරහා බිහි වන්නේ නැහැ. උදාහරණයක් ලෙස මේ ටියුෂන් ගුරුවරුන්ගේ භෞතික විද්‍යා පංතිවලට යන සිසුවෝ පිළිස්සුණු බල්බයක් වෙනුවට අලුත් බල්බයක් මාරු කරන්නට තරම් හෝ ප්‍රායෝගික දැනුමක් ලබන්නේ නැහැ. 

මේ වානිජකරණය වූ බාල අධ්‍යාපනය දැන් අපේ රටම වසා ගනිමින් තිබෙනවා. මේ වර්ගයේ අධ්‍යාපනය බෙදා හරින, සල්ලිවලට කෑදර හිස් මිනිසුන් විසින් අනාගත පරපුරට තිලිණ කරන්නේත් ඒ කෑදරකම හා හිස්කම විතරයි. 

අධ්‍යාපනය නගා සිටුවන්න උත්සාහ නො කළොත් අප‍ේ අනාගත පරපුර වන්නේ මුග්ධයන් පිරිසක්. රටේ විප්ලව කරනවා ය කියන මිනිස්සුත් තමන්ගේ ළමයින් මේ පාරේ ම යවනවා මිසක් විකල්ප ගොඩ නගන්න දැරූ උත්සාහයන් නැහැ. විකල්ප අධ්‍යාපනයක් ගොඩනගන්න අපි මහන්සි විය යුතුයි. අඩු තරමේ සිසුන්ට ‍මේ අධ්‍යාපන තරගකාරිත්වය මැදින් සැබෑ අධ්‍යාපනය විය යුත්තේ කුමක් ද යන්න අ‍වබෝධ කර දෙන්නට හෝ අප උත්සාහ කළ යුතුයි. 

සැබෑ අධ්‍යාපනය යම් දුරකට හෝ තවමත් තිබෙන්නේ පාසලේ මිස ටියුෂන් පංතිවල නොවෙයි. එහෙත්, පාසල් ගුරුවරුන්ට අධ්‍යාපනය පිළිබඳ තිබෙන අවබෝධයේ අඩුකම නිසා ඔවුන් කරන්නේ ටියුෂන් ම ප්‍රවර්ධනය කරන එකයි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. කාරෙකට වැඩිය හොඳ නැද්ද ලමයගෙ උසස් අධ්‍යාපනයට මුදල් පරිත්‍යාගයක් කෙරුවනම්. ඔය මුදලෙන් කීදෙනෙකුට ශිෂ්‍යත්ව දෙන්න තිබුනද. බොරු වැඩ!

    ReplyDelete
    Replies
    1. පල පොන්සියා යන්න ඉර්ශියා නොකර.

      Delete
    2. ඒකිට කාර් එක එපා නම් විකුනලා සල්ලි ගනී........

      Delete
    3. නිකම් ඉන්න එකෙ කාර් එකක් දුන්නම මොකද.. ඉරිසියාවනෙ

      Delete
  2. ඔබගේ කරුනුත් එක්ක මා එකගවෙනවා ,, හොද ලිපියක්

    ReplyDelete
  3. "අවසානයේදී ලංකාවේ බිහි වන උගත්තු බහුතරයක් අසීමිත ධන තෘෂ්ණාවකින් යුතුව මුදල් පසුපස හඹා යන හිස් මිනිස්සු. "

    ඔබේ අදහස් අගය කරනවා.
    මමත් දෙයක් එකතු කරන්නම් ,

    පවතින අධ්‍යාපනයෙන් බිහිවන්නේ පොත් ගුල්ලෙකු මිස වැඩ කාරයෙකු නොවේ.
    අත්දැකීම් හදාගන්න,
    අත්දැකීම් මිනිසා පරිපුර්ණ කරයි.
    ස්තුතියි. !

    ReplyDelete
  4. yes, your define is clear this was a only propaganda .nothing else.

    ReplyDelete
  5. ඕවා මොනවද මෙන්න නියම ටියුෂන් ගුරුවරු

    http://www.33000.lk/2013/11/lal-devanarayana-speech.html#more

    ReplyDelete
    Replies
    1. ඉතා ස්වාධීන ප්‍රවෘත්ති වෙබ් අඩවියක් ලෙස පවත්වාගෙන ගිය ගොසිප්9 වෙබ් අඩවිය වාරණය කිරීමේන් අනතුරුව ඔවුන් එය වසා දැමීමට තීරණය කලේ මීට මාස5 කට පමණ පෙරය.කෙසේ නමුදු කාලයාගේ ඇවෑමෙන් එය මිළදී ගැනීමට නෙත් එෆ් එම් හිමිකාරිත්වය දරන ඈපා සෙනෙවිරත්න ඇතුලු කණ්ඩායම සමත් වී තිබේ.
      දැන් එය පවත්වාගෙන යන්නේ 33000.lk නමිනි.
      කෙසේ වුවද ප්‍රවෘත්ති වාර්තා කිරීම පසෙක දමා ඔවුන්ගේ එදා සිටම තරහාකාරයන් වන ස්වර්ණවාහිනියට හා ගාල්තැන්නේ කපුවාට මඩ ගැසීම නම් ආරම්භ කර තිබේ.

      Delete
    2. http://srilankantvradio.blogspot.no/

      Delete
  6. ඉතා හොඳ විග්‍රහයක් -ලංකාවේ පවතින අධ්‍යාපන රටාව විසිනුත් නිර්මානශීලිත්වයකට අවස්ථාව ලබා දෙන්නේ නැහැ. True

    මේ වන විට ලංකාවේ කිසිදු විශ්ව විද්‍යාලයක් ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල 2000 අතර නොමැත​. පහත වගුව දෙස බලන්න. ලංකාවේ හොඳම විශ්ව විද්‍යාල ලෙස සැලකෙන කොලඹ සහ මොරටුව විශ්ව විද්‍යාල අන්තර් ජාතික මට්‌ටම අනුව 2125 දර්ශකයටත් පහල ගොසිනි. අප්‍රිකාවේ අසාර්ථක රාජ්‍යන් වන උගන්ඩාවේ, ඉතියෝපියාවේ සහ සිම්බාබ්වේ රටවල විශ්ව විද්‍යාලද ලංකාවේ හොඳම විශ්ව විද්‍යාල ලෙස සැලකෙන කොලඹ සහ මොරටුව විශ්ව විද්‍යාල වලට වඩා ඉදිරියෙන් සිටිති.

    Read more : http://www.lankadaily.lk/featured-articles/item/335-2013-09-06-12-37-16

    ReplyDelete
  7. There is apparent truth in your argument but it is not completely true, persons skill and talent not completely depend on education, true , education can shape and shine a persons talent and skill but it can't create talented one. However , I agree with you ordinary and poor kids chances to get meaningful education are becoming difficult task.

    ReplyDelete
  8. මාත් එකගයි ඔබට .
    " එහෙත්, පාසල් ගුරුවරුන්ට අධ්‍යාපනය පිළිබඳ තිබෙන අවබෝධයේ අඩුකම නිසා ඔවුන් කරන්නේ ටියුෂන් ම ප්‍රවර්ධනය කරන එකයි."
    ගුරුවරුන් ලෙස බදවා ගැණීමේදී නියම ප්‍රමිතියක් නැහැ.රජයට අවශ්‍ය රැකියා දීම පමනයි. මේ පුංචි උදාහරනයක්. විද්‍යාපීඨ වලින් ගුරු වෘත්තියට එකතු වෙනගුරුවරයෙකුත් විශ්ව විද්‍යාල වලින් උපාධිය ලබා රැකියාවට එන අයෙකුත් අතර විශාල වෙනසක් තියෙනවා
    උපාධිධාරීන් ගුර වෘත්තියට එක්කරන්න පෙර විධිමත් පුහුණුවකට යොමු කල යුතුයි මා සිතනවා.

    ReplyDelete
  9. අපිනං ඉංග්‍රීසි ගොඩ ගියේ පැරකුම් සර් හින්දා.
    සර්, අපිටත් තෑග්ගක් දෙන්න.

    ReplyDelete
  10. """මෙච්චර සංවර්ධනයක් වෙච්ච කාළයක් තවත් නෑ, ඇයි මේකට විරුද්ධ වෙන්නෙ කියල අහනව... කුහක කමටද, ඉරිසියාවටද කියල අහනව..
    "ආව්... ෂෝක් සංවර්ධනේ... ලැම්බෝගිනි ඇවෙන්ටඩෝර් එකත් ලංකාවට ගෙන්නලා.... අන්න බලන්න ලිබර්ටි එකත් ලොකු කරන්න යන්නෙ... සිංග්ගප්පූරුවෙ මුස්තාෆා එකත් ලංකාවට එනවලු... ඩුකාති, හාලි ඩේවිඩ්සන් එහෙමත් ලංකාවට ගේන්න යන්නෙ... අන්න බේබිලා නයිට් රේස් පදිනවා... අර ෆෙරාරි වල ලස්සන... ඔන්න රාජ්ජ නායකයො එනවා... මෙහෙන් හයි ස්පීඩ් යන්න පාරවල් හැදෙනව... පිටරට විශ්ව විද්යාල එනව... "

    ** මේ ආණ්ඩුවෙ සංවර්ධනයත් හරියට නිල් චිත්රපටියක් වගේ... උන් දාගෙන පෙරළගෙන, ඉඹගෙන, කරනව බල, බල බහුතරය අතේ ගහනව... ** """

    ReplyDelete
    Replies
    1. Sirama talk eka machan.....

      Delete
    2. superb machan,, ubala wage ewun inna hinda thama me pol buruwanta tikak hari yatharthaya kiyala denna puluwan...

      Delete
    3. ** මේ ආණ්ඩුවෙ සංවර්ධනයත් හරියට නිල් චිත්රපටියක් වගේ... උන් දාගෙන පෙරළගෙන, ඉඹගෙන, කරනව බල, බල බහුතරය අතේ ගහනව... ** """

      Delete
  11. Apinam Exams goda giyama, api thamai guruwarunta presents aran giye....

    ReplyDelete
  12. කාට කාට හරි හරියන එකම මදැයි පැරා ...

    ReplyDelete
  13. කාරනාවට පක්ෂ විපක්ෂ අදහස් තියෙන බව පේනවා,ඒත් කාරනාව හරිම ව්‍යාකුලයි.රතුපස්වලදි විභාගෙට යන්න හිටපු දරුවා වෙඩි කාලා මැරෙනවා,වැඩිම ලකුණු ගත්තු දරුවට මොටර් රියක් තෑගි ලැබෙනවා.මේක මාරම රටක්.සියළුම අය ඉතා ලඟ බලන්න පුරුදු වෙලා.රටක් විදියට අපි හරිම පසු ගාමියි.පොඩි දරුවගේ පෝෂණේ බල්න්නේ ,උපදෙස් දෙන්නේ වෙළෙන්ඳෝ.එතන ඉඳලා මිනිහෙක් මැරෙනකං සියල්ල අපිට කියලා දෙන්නේ වෙළෙන්ඳෝ.ආංඩුව නිකම්ම ඉන්න්වා.ආංඩුව කරන්නේ සියල්ලන්ගෙම දේ හොරා කන එක විතරයි.එ නිසා කිසි දෙයක් ලොකුවට ගන්න එපා.මතක තියා ගන්න ඕනෑ කාරණය,අනගාරික ධර්මපාලව ජාතියේ පියා කරන්න යෝජනා කරන රටක් මේක,හැබැයි එතුමා කියනවා ආයේ මතු මතුත් ලංකාවේ නං උපදින්න සිද්ධ නොවේවා කියලා.අපේ අගමැති දී.මු ජයරත්න කියනවා'යලි උපදින්නට හේතු වාසනා',කියලා .මරු.

    ReplyDelete
  14. ඇත්ත තමයි. අපිත් ඔහොම පන්ති වලට ගියානේ. මෙහෙම පන්ති ගිය ගොඩක් අයට අන්තිමට සල්ලිත් නෑ සනීපත් නෑ.....

    ReplyDelete
  15. වැරදීමක් වුනා මේ ලිපියේ කොමෙන්ටුවක් අලුත් එකේ පළ වුනා.ඒත් කමක් නෑ.වටිනා ලිපියක් යළි යළි සිහි කිරීම වටිනවා

    මේ ලිපිය කරුණු කිහිපයක් නිසා මා තුල කම්පනයක් ඇති කළා.සමහර විට මා කියන දේ බලා මෙය ඉරිසියාවට කියන දෙයක් යැයි කෙනෙකුට කියන්නත් පුළුවන්.ඒත් මම උසස් පෙළ කරන කාලෙ ලක්ෂ 40 ක් තියා රුපියල් 4000 ක් වුනත් මට ලොකු මුදලක්.

    ටියුෂන් ක්ෂේත්‍රයෙ දරුණු සූරාකෑම තුලින් විශාල ලෙස මුදල් උපයන ගුරුවරු දැන් මැරවරයන් පවා ඊට යොදා ගන්නවා.මේ ක්ෂේත්‍රයෙ ඉදිරි මුහුණුවර කෙබදු වේදැයි සිතා ගන්නත් බෑ.

    මේ ගුරුවරයා ගේ ප්‍රාග්ධනය හැසිරෙන ආකාරය ගැන පැරා අදහස් පළ කර තිබෙනවා.මොහුට ලක්ෂ 40 කින් ලබා ගන්න බැරි ප්‍රසිද්දියක් ලබා ගෙන.සමහර විට මේ ළමයා මේ විශයට දැනුම ලබා ගත්තේ මේ ගුරුවරයාගෙන් නොවන්නට පුළුවන්.කෙසේ හෝ මෙසේ සමත් වී ඇති එකම ළමයාත් මේ ළමයා නොවෙයි.

    මට නම් හිතෙන්නේ ලක්ෂ 40 කින් කොයි තරම් දේවල් කරන්න පුළුවන්ද කියායි.දිළිදු සිසු සිසුවියන්ට ඉගෙන ගන්නට අරමුදලක් පිහිටුවන්න පුළුවන්.පැල්පත් වල සිටින ඉගෙන ගන්නට හරි හමන් පරිසරයක් නැතිව සිටින දරු දැරියන්ට යම් පිළිසරනක් ලබා දෙන්න තිබුනා.

    මෙයින් සිදු වුනේ මුළු දරු පරපුර තුලම සුපර් ස්ටාර් මාදිලියේ සිහින කන්දරාවක් ඇති කිරීමයි.මුලු සිසු පරපුරම අලුත් ආකාරයකට වල්මත් කරලා.

    කොහොමටත් රටට ගැලපෙන සමාජවාදයක් ගැන කතිකාවකටත් මේ සිද්ධිය හොද මුලපිරීමක් වෙනවානම් හොඳයි.

    ReplyDelete

    ය කාDecember 2, 2013 at 7:35 PM
    අපට මෙය කර්මය සම්බන්ධ කර විග්‍රහ කර අමතක කර දමන්නත් පුළුවන්.මෙම සිසුවිය මේ ආකාරයට සමත් වූ වෙනත් සිසු සිසුවියන්ට නොළැඹුන වාසනාවක් ලැබුණේ පෙර කුසල කර්මයක් නිසා කියාත් සූරාකන ගුරු මෘගයා ට මහා ධනස්කන්ධයක් ලැබෙන්නේ ඌ පෙර භවයන්හි කළ කුසල කර්මයක් නිසා කියාත් සැනසෙන්නට සුළුවන්.නමුත් සමාජමය වශයෙන් එය ප්‍රමානවත්ද? ආදායම් බෙදීයාමේ විශමතාවය ගැන කතිකාවතක් අවශ්‍ය නැද්ද?

    ReplyDelete

    ReplyDelete
  16. came to read blogs after a long time and this is a nice stuff.what u have mentioned here is 100% true.

    ReplyDelete
  17. මෙලෝ රහක් නැති 'සුපර් ස්ටාර්ස්' ලට කෝටි ගනන් දෙන රටේ, දක්ෂ ලමයෙකුට කාර් එකක් දුන්නම මොකද.. අඩු ගානෙ ලමයි ඉගෙන ගන්න හරි උනන්දු වෙයි... සින්දු කියන්න දඟලනව වගේ..

    ReplyDelete
  18. tution giye nathi aya thama lippiya liyala thiyenne. lamayage, guruwarayage dakshakama kiyana dekama ona. puduma ma. meka wadima welawata deshapalana, samaja mada prachara geniyanna karana news page ekakne.

    ReplyDelete
  19. කුමුදු ලියනගේ හරි කවුරුහරි තමන් දාඩිය මහන්සියෙන් හම්බකරපු සල්ලිවලින් කාට හරි කාර් එකක් අරන් දුන්නම මක් වෙනවද?මොකක්ද ඒකේ වැ‍රැද්ද?ඒ ළමයට අනික් දේවල් ඒ කියන්නේ ගෙවල් දොරවල්,සල්ලි එහෙම ඇති,ඒ හින්දා කාර් එකක් දුන්නා.අනික අධ්‍යාපන මනෝවිද්‍යාඥයින්ගේ මූලධර්ම විශ්ව සනාතන සත්‍යයන් නෙවෙයි.සරලව ගත්තොත් ලමයි ටියුෂන් යන්නේ ඉස්කෝලේ උගන්වන්නේ නැති හින්දා.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා