චැනල් ෆෝ එකට එන්න කියාපිය - මේවට උත්තර දෙන්න කියාපිය

ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා සම්බන්ධ පුවත් හෙළිදරව් කළ චැනල් - 4 රූපවාහිනියේ අධ්‍යක්ෂ කැලම් මැක්රේ ප්‍රමුඛ කණ්ඩායමකට පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව ආවරණය කරන්නට එන්නට වීසා දෙන්නට ලංකාවට සිදු වී තිබේ. එසේ වූයේ එංගලන්තයේ පොදුරාජ්‍ය මණ්ඩලයේ මූලස්ථානය විසින් සමුළුව ආවරණය කිරීම සඳහා සුදුසු බවට අනුමත කර ඇති සියලුම මාධ්‍යවේදීන්ට ඒ සඳහා වීසා ලබාදීමටලංකාවට සිදු වූ හෙයිනි.

සිය යටත් විජිත මානසිකත්වයේ මුදුන් මල්කඩ වූ චාල්ස් කුමාරයාගේ ලංකාගමනය වෙනුවෙන් ඕනෑම දෙයක් කැප කිරීමට සූදානමින් සිටින රාජපක්ෂ ආණ්ඩුව මේ කර ඇත්තේ ලජ්ජා විරහිත දන නැමීමකි. 


ඇත්තෙන් ම චැනල් - 4 කණ්ඩායම ලංකාවට එන්නට වීසා ඉල්ලන්නට ම ඇත්තේ එය ප්‍රතික්ෂේප කිරීමක් සිදු වුවහොත් එය දැවැන්ත සිද්ධියක් බවට පත් කිරීමේ බලාපොරොත්තුවෙනි. ආණ්ඩුවට සිදු වූයේ 'බල්ලාට ගැසුවා නම් ගූත් ඇදපිය' කියා කිව්වා වගේ දෙයකි. ඒ කියන්නේ ඔය යටත් විජිත හත්වලාම මෙහි තියන්නට තීරණය කළා නම් එහි අතුරු ඵලයක් වූ මාධ්‍ය නිදහස අඩු තරමේ ජාත්‍යන්තර මාධ්‍යවලට හෝ දෙන්නට සිදු වීමයි. 

Sri Lanka's Killing Fields සහ No Fire Zone යන වාර්තා චිත්‍රපට දෙකේ අධ්‍යක්ෂ වන කැලම් මැක්රේ‍ගේ ලංකා ගමන මෙම පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේ වැදගත් ම දේශපාලන අවස්ථාවක් බව අපේ හැඟීමයි. එය දෙවෙනි වන්නේ ඇතැම් විට මන්මෝහන් සිංගේ නො පැමිණීමට පමණක් වන්නට පුළුවන. 

එහෙත් කැලම් මැක්රේට ඉන්දියාව වීසා දුන්නේ නැත. 

මේ ගමනත් සමග ලංකාවට එන කැලම් මැක්රේට දැල එලන්නට ද අවස්ථාවක් ලංකාවේ ආණ්ඩුවට ලැබේ. ලංකාවේ සුන්දර තරුණියන් හෝ මහජන මුදල්වලින් ඔහු අමතන්නට උත්සාහ කරන්නට මේ පළපුරුදු දේශපාලකයන්ට පුළුවන. එහෙත්, කොළේ ඉරා ගන්නට ද අවස්ථාව ඇති බව අපි මතක් කර දෙමු. බීබීසී සිංහල සේවයේ වාමාංශික මාධ්‍යකරුවන් මෙන් ඔහු ද කාර් (පර්මිට්) වැනි දේවලට යට වන්නට පුළුවන. (බීබීසී සිංහල සේවයේ මාධ්‍ය වීරයන් වන චන්දන කීර්ති බංඩාර හා එල්මෝ ප්‍රනාන්දු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් කාර් පර්මිට් ඉල්ලූ අතර, එ්වා ඉදිරිපත් කළේ ප්‍රියත් ප්‍රනාන්දු ය)

එහෙම නො වෙන්නත් පුළුවන. අපි දන්නේ නැත. 

කැලම් මැක්රේ කියූ එක් දෙයක් තිබේ. තමන්ට මෙම වීඩියෝ දී තිබෙන්නේ හමුදාවේ ම අයයි. ඒ වෙනුවෙන් සෑහෙන්න ගෙවන්නට ඇත.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. ඇත්තටම එන්න කලින් මෙයා BBC එකේ අර කට්ටිය හම්බවෙන්න යනවලු.

    ReplyDelete
  2. 'බල්ලාට ගැසුවා නම් ගූත් ඇදපිය'
    මේ කියමන නං ගානට සෙට් වෙනව!

    ReplyDelete
  3. ඔය මනුස්සයට වීසා දුන්නා කියල මුකුත් වෙන්නේ නැහැ සමුළුව කවර් කරලා නැවත යන නිසා.. වෙන දේකට එනවා නෙවේනේ.. ඉහළින් මොන වගේ දේශපාලනික තීරණයක් ගනීද දන්නේ නැහැ........

    ReplyDelete
  4. Macrae ට වීසා දුන්නට IBAHRI ජාත්‍යන්තර නීතිඥ සංගමයට වීසා දුන්නෙ නෑ. අනේ මුංගෙ policies.

    ReplyDelete
  5. පැරා හරිම පරිස්සමින් ප්ලේ කරල තියෙන්නෙ. හරියට අසංක ගුරුසිංහ වගේ. කැලම් මැක්‍රේට චියර් කරන්න ගිහිං වැරදිලාවත් මනුස්සය අනිත් පැත්ත ගැහුවොත් 'අපි ඕක කිව්ව' කියන්න අවශ්‍ය අවමයත් මේ ලිපියෙම ඇතුල් කරපු එක හරිම උපක්‍රමශීලීයි. දැං මේක මොන පැත්තට කැරකුණත් පැරාට මේක වින්-වින් සි‍ටුවේශන් එකක්.

    කොහොම උනත් මට නම් මේක දැක්ක ගමන් මතක් වුණේ විග්නේෂ්වරන් දිනපු වෙලේ රනිල් සතු‍ටු වෙච්ච හැටි. මේව මොනව උනත් හොඳ ගතිගුණ. තමුන්ට ලබා ගන්න බැරි ජයග්‍රහණ තමුන්ගෙ යාලුවො හරි ලබා ගන්නව දැකල අවංකව සතු‍ටු වෙන එක උතුම් ගතියක්.

    ReplyDelete
  6. හරි සෝක්... දැන් අපේ විමල්ට හේතුවක් ආවා නේ.. බලමු මේ පාර කන්නෙ මොන බිස්කට් ද කියලලා..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා