චාල්ස් බිට් මයි ෆින්ගර්

මේ දවස්වල පශ්චාත් චොගම් ආතල්වලින් පත්තර පිටු පිරෙනවා. මේ අතර තිබෙන හිරිකිතම හරිය තමයි, චාල්ස් කුමාරයා නතර වෙච්ච හෝටලේ, එයා කාපු කෑම, ආයුබෝවන් කියපු හැටි, ඔලුව හොල්ලපු හැටි, එකට ෆොටෝ ගත් හැටි ආදිය ගැන තිබෙන විස්තර.

ඒව කියනකොට කෝ යකෝ මේ රටේ හිටපු අධිරාජ්‍ය විරෝධියෝ කොහේ ගිහිල්ලද හිතෙනවා. 

චාල්ස් කුමාරයා අපට විතරක් නෙමෙයි, මහා බ්‍රිතාන්‍යයටත් අද වන විට එච්චර අදාළ නැහැ. මට නම් කොහෙත් ම අදාළ නැහැ. චාල්ස් මාව දන්නෙත් නැහැ. මට නම් උෟව දැන ගන්න ඕනැත් නැහැ. චාලි මොන පඩයෙක් ද? චාලි බිට් මයි ෆිංගර් තරම් වත් චාල්ස් කුමාරයා මට නම් වැදගත් නැහැ.

ඔන්න නාමල් කුමාරයා කන බොන, අනෙක් වැඩ කරන හැටි නම් අපට අදාළයි. මොකද, ඒ අපේ සල්ලිනේ.

අපි මේ චාලිගේ වරුණාව ගහන්නේ මොකද? වෙන මොකක්වත් නිසා නෙමෙයි, අපේ තියෙන යටත් විජිත මානසිකත්වය නිසා. 

අපේ හිත ඇතුළෙ තවමත් ඉන්නේ සුද්දාගේ පා මුල දන ගහගෙන බැලමහෙ කරමින් සුද්දාව අනුකරණය කරන දීනයෙක්. 

මේ දීනයා ඊළඟට පාලක පවුල ළඟත් මේ වගේ ම දනින් වැටෙනවා. දනින් වැටීම ප්‍රාදේශීය සභා මන්තිරියා දක්වා ම යනවා. මම නම් කියන්නේ අපි මුංව පඩේකට ගණන් ගන්න හොඳ නැහැ. අපි උන්ගෙන් කන්නෙ නැහැනේ. උන් තමයි, අපේ දාඩිය මහන්සියෙන් කන්නෙ.

මුන්ව නියපොත්තෙන් උඩට ගණන් ගන්න එපා. උන් අපිව ගණන් ගන්නෙත් නැති නිසා වැඩේ එච්චර අමාරු නැහැ. උන්ගෙන් ඈත් වීම මේ මොහොතේ අතිශය දේශපාලනිකයි. යන්න එපා ඕකුන්ගේ ඉඳුල් කන්න. හෝදන්න එපා උන්ගෙ පුක. 

එහෙම කරන එවුන්ගෙනුත් ඈත් වෙන්න. 

කෝ මොකවත් වෙන්නේ නැහැනේ කියලා කියන අයට මම කියනවා, මෙන්න දේශපාලනය. ඔන්න කරන්න. මොකද කියන්නෙ? තියෙනවද කොන්ද?



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. නිකංම නිකං ගුරෙක් චාල්ස් ව වටින්නේ නෑ කියලා ලියන එක තමයි විහිළුව.

    රටට පේන්න මරුටියක් ගෙදර තියාගෙන, හරියට කන්නේ අදින්නේ වත් නැති අමු කුහකයෙක්, ඉර්ශියාවට කියන කතා.

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි මෙන්න බොලේ චාල්ස් කුමාරයා මේ බ්ලොග් එක බලනවා විතරක් නෙමෙයි සිංහලෙන් කමෙන්ටුත් කරනවා. තැන්කියු චාලි.

      Delete
    2. ඔන්න ඕක තමයි පුතා මම යෝජනා කරන සමාජවාදී දේශපාලනය. මම නිකම්ම නිකම් ගුරෙක් නෙමෙයි, මම ගුරු වෘත්තිකයෙක්. මම මගේ කාර්යය උපරිම හොඳින් කරනවා. මට මරුතියෙන් ඉස්කෝලෙ යන්න පෙට්‍රල් ගහන්න පුළුවන් පඩියක් නො ගෙවන එක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක මේ සමාජ ක්‍රමයේ ප්‍රශ්නයක්.

      අනෙක, සමානාත්මතා සමාජය පටන් ගන්න ඕනැ අපේ ඔලුවෙන්. පාරම්පරිකව අප වැනි පීඩිතයන් සූරා කා ගොඩගසා ගත් ධනය මත කකා බිබී වැජඹෙන නිකමුන්ව අපි ගණන් ගන්නෙ නැහැ කියන්න ඝට ඇති කර ගැනීම පීඩිත පංතියේ වැදගත් දේශපාලන කාර්යභාරයක්.

      අපි හැමෝටම ඒ ධෛර්යය ඇති කර ගන්න පුළුවන් නම්, ඒක විප්ලවයේ ආරම්භය වෙන්න පුළුවන්.

      Delete
    3. උදේ පාන්දර කුණු කට කෙළ පිටින්, භාගෙට චාර්ජ් වීගෙන එන බොක නිසා යන පුස් පඩ වල සුවද විඳගෙන මෙතන ඇවිත් ඇවිත් මේ ගූ සයිට් එකේ කොමෙන්ට් එකක් දැම්ම එන සතුට දෙවැනි වෙන්නේ, ලැට් ඒකට ගිහිං වාඩි වෙලා බඩ හිස් වෙනකං රුන්නම එන සන්තෝසෙට විතරයි.
      අනික මේ ගූ සයිට් එකේ කොමෙන්ට් එකක් දැම්ම හොදට රෙන්නත් පුළුවන්.

      අපිට ඒ සන්තෝසේ විදින්න ඕනි. ඒ හින්ද උදේ 6:30 වෙනකොට හැමදාම ලිපියක් දානවා අයිසේ.
      ටටා බායි.

      Delete
  2. පෑරකුම්ට සුදු රටෙන් වෑඩක් නෑති උනාට ලොකුලොක්කනට එහෙම බෑ සල්ලිය බාගෙ ඈති අයගෙ එක කකුලක් එහෙ.අනික ඉද හිට මෙහෙ.ඔය ලොකු ලොකු කොම්පනි වල හොල්ඩින් කොම්පෑනි තියෙන්නෙ ලන්ඩන් වල

    ReplyDelete
  3. Please write something about this,
    මුහුනු පොතේ හිත ගිය තැන් පහත පලවන්නේ නායකත්ව පුහුනුවේ අත්දැකීම් ගැන ඔවුන්ගේ අත් දැකීම්ය. මේ විරුවන් අන් කිසිවතු නොව දෙමළු මරන කොට රනවිරුවන් කර නිල්මානෙල් පැලදවූ අප බෝධි පූජා පැවැත්වූ අපේම රනවිරුවෝය.
    Sathya Purush
    නායකත්ව හැකියාව සහ ධනාත්මක ආකල්ප වර්ධනය ‘ යැයි කියා ගනිමින් රාජපක්ෂ රෙජීමය විසින් ගෙන යනු ලබන කේවට්ට හැකියා වර්ධනයේ , බලහත්කාරී හමුදා පුහුණුවේ තිත්ත ඇත්ත සාක්ෂි – සාධක සහිතව අප මීට පෙරද ඔබ වෙත ඉදිරිපත් කළෙමු. සමාජයීය වශයෙන් හා දේශපාලනික වශයෙන් ළාමකයන් මෙන්ම හමුදා හෙංචයියන්ද එම යථාර්ථවත් විග්‍රහයෙන් මද කිපී සිටින්නේය. බොහෝ සිසු සිසුවියන් ප්‍රසිද්ධියේ නොකීවද මෙම මිලිටරි පුහුණුවෙන් ස්වයං පීඩාවට පත්වන බව නව තොරතුරු හරහාද සක් සුදක් සේ පැහැදිලිය. අනාගත නායකයන්, විශ්ව විද්‍යාලයීය ශිෂ්‍යයන් ආණ්ඩුවට එහෙයි කියන , හමුදාවේ මෙන් ‘ එසේය තුමනි ‘ කියන කඩේ යන ‘ චූන් චෑන්ලා ‘ විය යුතු නැත. යුක්තිය සොයන – සත්‍යය විශ්වාස කරන අප තව දුරටත් ” මිලිටරි පුහුණුවේ උත්තරාරෝපිත බලපෑම හා නිරුවත ” හෙළිදරව් කරන්නෙමු…

    * මාදුරුඔය හමුදා පුහුණු පාසලට ගිය චමේලිට ලැබෙන අලුත් පුහුණුව *

    මෙම පුහුණුවේ පළමු අදියරේදී මාදුරුඔය පිහිටි හමුදා පාසලට සහභාගී වූ ‘ චමේලි ‘ සිතා සිටියේ මෙය සැබෑ ලෙසම නායකයන් පුහුණු කිරීමට ගෙනයන්නක් බවයි.එහෙත් කෙමෙන් කෙමෙන් ” සුබ අනාගතය හා රණවිරු පට්ටම් ” පට්ටන්දර වන තැන, පටි රෝල් වන තැන ඇගේ හීනයන්ට වෙඩි වැදුණි. පුහුණුව අතරතුර ඈ වෙත බැල්ම හෙළූ හමුදා නිලධාරියෙක් අවසන් දින රාත්‍රී සංදර්ශනයේදී ඇගේ අත බලෙන්ම ගෙන නර්තනයේ යෙදී ඇත. පුහුණුව අවසන් කර ගම රට බලා පැමිණියද හමුදා ඇඹලයන්ගෙන් ලැබෙන දුරකථන ඇමතුම් හා ෆේස් බුක් යෝජනාවන්ගෙන් ඇයට ගැලවීමක් ලැබී නැත. වයසට ගියත් හවසට ගෙදර නොයන දරු පවුල්කාර හමුදා තාත්තලා, අයියලා සේ පෙනී සිටින අන්කල්ලා ළාබාල චමේලිව මානසික වශයෙන් දූෂණය කිරීම අරඹා ඇත . ඒ අනිසි ඇමතුම් හා කෙටි පණිවිඩ හරහාය.

    ” කොහොමද සුදු පැටියෝ …”
    ” රත්තරන්ට පාළුයිද ? “
    “අපි ළඟදිම මීට් වෙමු.. මං වැඩිපුරම ආස ඔයාගේ බෝල …..”
    ” මේ පාර සෙට් එකේ අය වැඩක් නැහැ අනේ, ඔයාගේ ෆිගර් එකට ගහන්න පුළුවන් කඳක් එතන නෑ… ” ( අප සතුව අදාළ දුරකතන අංක හා කෙටිපනිවුඩ ඇත)

    මෙවැනි මානසික රෝගීන්ගෙන් , අසහනකාරයන්ගෙන් පීඩාවට පත්ව ඇත්තේ එක් සිසුවියක් පමණක් නොවේ.ඇගේ යෙහෙළියන් හටද මේ වෛරස යොමු වී තිබේ. බොහෝ සිසුවියන් ලැජ්ජාවට කිසිවක් නොකියා, ෆේස් බුකියෙන් මේ වනචාරීන් බ්ලොක් කොට ඇති අතර තවත් සිසුවියක් ප්‍රකාශ කොට ඇත්තේ මෙවන් අදහසකි.

    ” බැඳලා ළමයි හිටියත් මේජර් කෙනෙක් අපිට නැවෙනවා කියන්නෙ බං කොච්චර දෙයක්ද ?

    Sathya Purush සැබෑ ලෙසම නැවෙන්නේ මේජර් නොව ‘ නවාගන්නේ මේජර්ය. ‘ යුධ සමයේදී දමිළ සිසුවියන්, කාන්තාවන් වයස් පරතර නොබලා ශාරීරිකව දූෂණය කෙරූ මේ හමුදා පාදඩයන්ය. අද දකුණට එල්ල වී ඇත්තේද එකී ” දූෂිත ප්‍රවාහයයි. ” නොවිඳිනා දුක් විඳ, නිදිවරා පාඩම් කොට සරසවි වරම් දිනූ තම දියණියන් ” හමුදා අමනයන්ගෙන් ” බේරා නොගතහොත් මව් පියන්ගේ අනාගත සුදු හීනද සමූල ඝාතනය වනු ඇත.අදාළ සිදුවීම හා සම්බන්ධ හමුදා නිලධාරීන්ගේ නම් ගම් අප සඳහන් නොකරන්නේ, ‘ චමේලි ‘ යනුවෙන් අන්වර්ථ කොට ඇති සිසුවියට ඔවුන්ගෙන් තර්ජන – ගර්ජන එල්ල විය හැකි නිසාය.

    දෙවන අදියරේ පුහුණුවේදී ” බූස්ස ” හමුදා පාසලට සහභාගී වූ සිසු සිසුවියන් අතරින් එක් ශිෂ්‍යාවක් ” පුහුණුව අතරතුර ගෙදර පැමිණ නිවාඩු පාඩුවේ හිඳ සහතිකය ගැනීමට නැවත එහි ගොස් ඇත.අන්‍යයන් අතරින් ඇය ” විශේෂ ” වූයේ කෙසේද ? එහි ඇත්තේද ඓන්ද්‍රීය, අජූත ” දේශපාලනික හිතවත්කමකි. ” ඇගේ පියා වත්මන් ආණ්ඩුවේ ඉහළපොළේ වන්දි භට්ටයෙකි.ප්‍රධාන බැංකු සභාපතිවරයෙකි, සිංහලයන් වෙනුවෙන් දෙමළෙන් කළ සිනමා පටයක නිෂ්පාදකවරයෙකි… ගමේ සිරිපාලගේ – රන්එතනාගේ කොල්ලන් කෙල්ලන් අමු අව්වේ මැඩවෙද්දී ” මතුපිට පොෂ් – ඇතුළත පුස් ” මේ සූකිරි දියණිය මහන්සි නොවී හාන්සි වන්නීය. මිලිටරි නායකත්ව පුහුණුවේ නිරුවත පිළිබඳව මෙයද මනා නිදර්ශනයකි.

    ReplyDelete
    Replies
    1. Sathya Purush සැබෑ ලෙසම නැවෙන්නේ මේජර් නොව ‘ නවාගන්නේ මේජර්ය. ‘ යුධ සමයේදී දමිළ සිසුවියන්, කාන්තාවන් වයස් පරතර නොබලා ශාරීරිකව දූෂණය කෙරූ මේ හමුදා පාදඩයන්ය. අද දකුණට එල්ල වී ඇත්තේද එකී ” දූෂිත ප්‍රවාහයයි. ” නොවිඳිනා දුක් විඳ, නිදිවරා පාඩම් කොට සරසවි වරම් දිනූ තම දියණියන් ” හමුදා අමනයන්ගෙන් ” බේරා නොගතහොත් මව් පියන්ගේ අනාගත සුදු හීනද සමූල ඝාතනය වනු ඇත.අදාළ සිදුවීම හා සම්බන්ධ හමුදා නිලධාරීන්ගේ නම් ගම් අප සඳහන් නොකරන්නේ, ‘ චමේලි ‘ යනුවෙන් අන්වර්ථ කොට ඇති සිසුවියට ඔවුන්ගෙන් තර්ජන – ගර්ජන එල්ල විය හැකි නිසාය.//

      අනේ කුලීකාරයො ඔය කියන දේවල් උතුරෙ හමුදාව අතින් සිදුවුනේ නෑ.තෝ හමුදාවටයි සිංහල ජනතාවටයි එරෙහිව වෛරෙන් ලියන නිසා තොටත් එරෙහිව මේ රටේ ජනතාවත් වෛරෙන් තමයි බලන්නෙ.
      තොට හමුදාව ගැන වෛරයක් ඇති කරන්න ලේසි නෑ.තොගෙ වචන වලින් තොගෙ දෙමළ ආලෙ පේනවා.ඔය කියන දූෂන සිදුකලේ කොටි ම්ලේච්ඡයො.උන් තොට සල්ලි දෙන නිසානෙ උන් කරන කොයි වැඩෙත් හරි.
      තොගෙ හෘද සාක්ෂියට අනුව හමුදාව කළ එකම වරද තොගෙ කොටි ස්වාමියන්ගෙ සිහින රාජ්‍ය බිද දමපු එක.

      Delete
  4. Para, I totally agree with you. Don't be servile. Having a backbone is a must. It's good place to start the game.

    ReplyDelete
  5. හමුදාව ගැන කියන මේ කතා ඇත්තය.එහෙත් සිය ප්‍රතිවාදීන් හා සැසදීමේදී හමුදාව ඉතා ඉහලින් සිටී.කොටින් තමන් යටතේ සිටි කොටි සෙබලියන් ලිංගිකව සූරා කෑ අතර ප්‍රභාකරන්ද මදිවදිනි විවාහ කර ගත්තේ පැහැර ගෙන යාමෙනි.එසේම කිරි දරුවන් දෙකට ඉරන,බඩදරු අම්මලාගේ බඩ පලන කොටි සෙබලියන්ගේ අහිංසක කම ගැන කවි ලියන පාහරයන් හමුදාවට අපහාස කරන්නේ දුෂ්ට චේතනාවෙන් බව දැන ගත් විට හමුදාවේ වැරදි තිබුනත් කිසිවෙක් හමුදාව විවේචනය නොකරනු ඇත.ඇත්තෙන්ම රෙජීමයේ සැබෑ ශක්තිය මෙවැනි බඩගැත්තර පාහරයන්ය.ඔවුන්ගේ අරමුණ දුෂ්ට බව දැන ගන්නා ජනතාව ආන්ඩුව වටා එක් වනු ඇත.

    හමුදාවේ වැරදි ඇත.හමුදා සෙබලුන් යනු රහතන් වහන්සේලා නොවේ.නමුත් ඔවුන් සල්ලි වලට කුජීත වැඩ කරන එන් ජී ඕ කාරයන්ට වඩා ශිෂ්ටය.ඉහල හල්මිල්ලෑව,ගොනගල,කැබිතිගොල්ලෑව,මොරවැව,අරන්තලාව,ඩොලර්ෆාම්,කෙන්ට්ෆාම් වැනි තව් අ මෙකී නොකී ස්ථාන වල කොටි ම්ලේච්ඡයන් කළ අපරාධ දෙස බලන විට සෙබලෙක් නායකත්ව පුහුණුවට ආ කෙල්ලෙකුට පෙම්බසක් දෙඩීම අහිංසක කමකි.

    මමත් හමුදාවේ වැරදි වලට එරෙහිව බොහෝ බ්ලොග් වල වෙබ් අඩවි වල කොමෙන්ට් දමා ඇත.එහෙත් හමුදාවට එරෙහිව මෙසේ කතා කරන්නේ කොටින්ගේ සල්ලි වලට වහ වැටුන බඩ ගැත්තරයන් බව දන්නා නිසා දැන් එම රැල්ලට එකතු නොවෙමි.හමුදාව වෙනුවෙන් පෙනී සිටිමි.අප පාරෙ බැහැලා යන්නේ හමුදාව නිසාය.අපට සල්ලි දෙන්නට කොටි ඩයස්පෝරාවල් නැති නිසාය.බඩගැත්තරයන් ගැන සමාජය අනාගතයේ මීටත් වඩා දැනුවත් වනු ඇත.

    ReplyDelete
  6. SEE THIS

    http://vannipost.com/?p=3573

    ReplyDelete
  7. http://yukthiya.org/2013/03/06/%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F-%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80-%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B7%9A-%E0%B6%B1/



    http://vannipost.wordpress.com/2013/01/15/%E0%B6%AF%E0%B7%92%E0%B6%BA-%E0%B6%B6%E0%B7%92%E0%B6%B3%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92-%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%BA/

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා