ලංකාවේ පැවැත්වෙන මැතිවරණ ප්‍රජාතාන්ත්‍රික ද?

ලංකාවේ නිතර, නිතර මැතිවරණ පැවැත්වේ. එමගින් ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් යන අදහස පාලකයන් විසින් ප්‍රවර්ධනය කරමින් තිබේ. ඇත්තෙන් ම, ලංකාවේ මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදී ද?

මෙහිදී මේ පිළිබඳව තිබෙන ජාත්‍යන්තර සම්මුතිවල තත්වය විමසා බැලීම වැදගත් ය.

විශ්ව මානව හිමිකම් ප‍්‍රකාශනයේ 21 (3) වගන්තිය මෙසේ පවසයි.

”ජනතාවගේ කැමැත්ත රාජ්‍ය බලාධිකාරයේ පදනම වේ. නියමිත කාලානුරූපව පැවැත්වෙන අව්‍යාජ මැතිවරණවලදී නිදහස් හා සමාන අන්දමින් ඡන්දය ප‍්‍රකාශ කිරීමේ ක‍්‍රම හා රහස් ඡන්දය හරහා සර්ව ජන ඡන්ද බලයෙන් මෙම කැමැත්ත ප‍්‍රකාශ වේ.”

සිවිල් හා දේශපාලන හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රඥප්තියේ 25 වගන්තිය මෙසේ පවසයි.

සෑම පුරවැසියකුට ම පහත සඳහන් කාරණා සම්බන්ධයෙන් හිමිකම හා අවස්ථාව හිමි වේ. (අ) ඍජුව හෝ නිදහස් අන්දමින් තෝරා ගන්නා ලද නියෝජිතයන් හරහා පොදු කටයුතු මෙහෙයවීමට සම්බන්ධ වීමේ හැකියාවෙන් (ආ) කාලානුරූපව පැවැත්වෙන අව්‍යාජ මැතිවරණවලදී සමාන හා සර්ව ජන ඡන්ද බලයෙන් හා රහස් ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් හා තෝරා පත් කර ගන්නාගේ කැමැත්ත නිදහස් අන්දමින් ප‍්‍රකාශ වන පරිදි තේරී පත් වීමෙන් (ඇ) සමානාත්මතාවේ සාමාන්‍ය කොන්දේසි මත රටේ පොදු සේවාවන්ට පිවිසීමට හැකි වීමෙන්

ලංකාවේ සිදු වන මැතිවරණ ක්‍රියාවලිය හා මෙම සම්මුති අතර එතරම් සුවිසල් පරස්පරයක් නො පෙනේ. එසේ නම්, ලංකාවේ පැවැත්වෙන මැතිවරණ ප්‍රජාතාන්ත්‍රික ද?

නැත. මෙහි තිබෙන ගැටලුව වන්නේ ජාත්‍යන්තර සම්මුති අප්‍රමාණවත් වීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ මැතිවරණ ක්‍රියාවලියේ ගැටලුව හසු කර ගැනීමට ජාත්‍යන්තර සම්මුති ප්‍රමාණවත් නො වේ.

ලංකාවේ සර්ව ජන ඡන්ද බලය තිබේ. කාලානුරූපව මැතිවරණ පැවැත්වේ. ඇත්තේ ද රහස් ඡන්දයකි. එහෙත් එය ප්‍රජාතන්ත්‍රවාදී නැත. එයට හේතු ජාත්‍යන්තර සම්මුතිවලට හසු වන්නේ නැත.

ලංකාවේ මැතිවරණ පැවැත්වෙන අන්දම මෙසේ ය: 

  • මැතිවරණ පැවැත්වෙන්නේ පාලකයන්ට වාසිදායක වන තෝරා ගත් වේලාවන්හිදී ය. ඒ සඳහා බලය පාවිච්චි කරමින් නීතිමය සිදුරු අතරින් රිංගා යයි.
  • මැතිවරණවලදී පොදු දේපල ආණ්ඩු පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සඳහා භාවිතා කරනු ලබන්නේ කිසිදු හිරිකිතයකින් තොරව ය. ආණ්ඩු පක්ෂයේ මැතිවරණ ප්‍රචාරය සඳහා පොදු හා මහජන මුදලින් නඩත්තු වන මාධ්‍ය, මැති ඇමති ආදීන්ට මහජන මුදලින් ලබා දී තිබෙන යාන, වාහන හා කාර්යාල ආදී පොදු සම්පත් හා මහජන මුදල් වන මහජන නියෝජිතයන්ගේ කාලය මහා පරිමාණයෙන් යොදා ගැනීම ලංකාවේ සාමාන්‍ය තත්වය බවට පත් වී තිබේ. 
  • මැතිවරණවලදී අතිශය වැදගත් භූමිකාවක් කරන ජනමාධ්‍ය ද ආණ්ඩුව විසින් සිය ගජමිතුරන්ගේ ප්‍රාග්ධනය, රජයේ දැන්වීම් ආදිය මාර්ගයෙන් පාලනය කරනු ලැබේ. ප්‍රතිවිරුද්ධ මත ප්‍රචාරය කරන මාධ්‍ය ඍජුව හා වක්‍රව මර්දනය කරනු ලැබේ. 
  • රාජ්‍ය ණයවලින් හෝ මහජන බදු ආදායම්වලින් සිදු කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති මැතිවරණ කාලයේදී පාලක පක්ෂය සිය වාසිය පිණිස උපයෝගී කර ගනු ලැබේ. 
  • මහජන මුදලින් දෙනු ලබන අල්ලස් හා වරප්‍රසාද ද රාජ්‍ය බලය ද පාවිච්චි කරමින් විරුද්ධ පාක්ෂිකයන් බිලී බා ගනිමින් අඛන්ඩව විපක්ෂය දුර්වල කිරීමේ ක්‍රියාවලියක ආණ්ඩුව යෙදී සිටියි. 
  • දේශපාලනය තුළ ගොඩනගනු ලබන මෙම තත්වය භාර ගැනීම පිණිස ජන මනස ද සිතා මතා ම මුග්ධත්වයට ගොදුරු කරනු ලැබේ. ඒ සඳහා ජනමාධ්‍ය, අධ්‍යාපනය හා සංස්කෘතිය (ආගම, කලාව ආදී) භාවිතා කරනු ලැ‍බේ. 
  • මෙම තත්වය භාර නො ගන්නා පිරිස සමාජයෙන් පිටමං කරනු ලැබේ. ඔවුන්ගේ අරගල දේශද්‍රෝහී ලේබලය ගසා කුරිරු අන්දමින් මර්දනය කරනු ලැබේ. 
මෙම මැතිවරණ නිරීක්ෂණය කිරීමට පැමි‍ණෙන ජාත්‍යන්තර නිරීක්ෂකයෝ ඒවා නිරීක්ෂණය කරති. එහෙත්, ඒවා වාර්තාගත කිරීමේ ප්‍රතිපත්තිමය රාමුවක් නැත. 

කියුබාව වැනි සමාජවාදී ය කියන රටවල මෙන් ම ඉරානය වැනි ආගමික අන්තවාදී රාජ්‍යවල ද මැතිවරණ පැවැත්වෙන්නේ මේ අන්දමට ය. ඒවායේ තිබෙන ගැටලුව විසඳීම සඳහා ජාත්‍යන්තර සම්මුති අප්‍රමාණවත්ය. 

ජාත්‍යන්තර නියාමනයන්ගෙන් තොරව මේ ගැටලුව විසඳා ගන්නටත් බැරි ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. මම නම් කියන්නෙ මේ මැතිවරණ කොට්ටාස ක්‍රමය අන්තිම අසාධාරණයි.ඒ තුල මැරවරයන්ගෙ ආධිපත්‍ය තමයි රජ කරන්නෙ.විවිධ වෘත්තීන්ට ආසන වෙන් කරනවනම් තරමක් හොඳයි.අපි දන්නවා නගර වල පාලනය තිබෙන්නෙ මානසික රෝගීන් අතේ.චන්දෙ දා චන්ද පොළත් ඒ අය අල්ල ගන්නවා.අනික ලංකාව වගෙ රටවල ජනයා ට පක්ෂය කියන්නෙ ආගම වගෙ එකක් .ඒක දෙමවුපියන්ගෙන් උරුම වෙන එකක්.ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ලවන ලොකුම තර්ජනය ඒකයි.මතවාදී දැනුවත් කිරීම් සාර්ථක නෑ.ජයගත යුතු අභියෝග ඒවායි.

    මැතිවරණ වලදී මතය සූරා කනවා.කෙළින්ම මුදල් දීම් වලට අමතරව වාචාලකම,රංගනය වගෙ දේවල් වලිනුත් මේ සූරාකෑම සිදුවෙනවා.මේවාට විද්‍යාතමක විසදුම් අවශ්යයි.

    ReplyDelete
  2. //ලංකාවේ මැතිවරණ ක්‍රියාවලියේ ගැටලුව හසු කර ගැනීමට ජාත්‍යන්තර සම්මුති ප්‍රමාණවත් නො වේ//
    පැරා,
    ලංකාවෙ සිද්ධවෙන හැම මඟුලම ඔහොමයි. මේකත් අර නලින් ද සිල්ව මහත්තය කියන "නාථ දෙයියො" අල්ලගන්න බටහිර විද්‍යාවට අනුව බෑ වගේ කේස් එකක් තමයි.

    ReplyDelete
  3. කොච්චර රට බයිලා කිව්වත් වැඩක් නෑනෙ මිනිස්සු මොලෙ කල්පනා කරන්නෙ නැත්නම්, ඔය කියන හේතු එකකින් මිනිස්සුන්ගෙ ඡන්දෙ බලහත්කාරයෙන් ගන්නෙ නෑනෙ. ඔච්චර අවුල් නම්, මිනිස්සුන්ට තිබ්බනෙ ගිහින් රහස් ඡන්දෙ හරියට පාවිච්චි කරන්න.
    මටනම් ඔය කිසිම හේතුවක් වලංගුයි කියා පේන්නෙ නෑ, බලෙන් චන්දෙ දාගන්නෙ නැත්නම්. ඇත්තටම වෙලා තියෙන්නෙ,
    1. මිනිස්සුන්ට වෙලා තියෙන්නෙ හොරුන්ගෙන් හොඳම/කැමතිම හොරා තෝරාගන්න එක වෙන විකල්පයක් නැති නිසා (මම ඊළඟ පාරත් මහින්දටම දෙන්න හිතාගෙන ඉන්නෙ )

    2. නැත්නම් වෙන රටවල් දෙකක් ගහන මැච් එකක් බලනවා වගෙ ඔන්න ඔහේ එක ටීම් එකකට සපොර්ට් එකක් දීල පස්සෙ අමතක කරල දානව. (අපි හරි වෙනස් ජාතියක්නෙ )

    ඉස්සර වගෙ නෙවෙයි දැන් ඔය හොර් ඡන්ද කියන එක හරි අඩු ප්‍රතිෂ්තයක්, මම හිතන්නෙ නෑ එකෙන් සමස්ත ප්‍රථිපලයට වෙනසක් කරන්න පුලුවන් කියා.
    ඉතින් මොන ප්‍රකාශණ තිබ්බත් වැඩක් නෑ හරි ප්‍රශ්නෙ මිනිස්සුන්ගෙ අතෙ තියනකන්.

    -ප.ගෝ.

    ප.ලි. පරා, ටට බායි තමයි ටික දවසකින්, දැන් දැන් මේකට එන එකෙ තෙරුමක් නෑ වගෙ.

    ReplyDelete
  4. මේක ප්‍රචාරක දැන්වීමක්,
    මැතිවරණ ක්‍රමය සංශෝධනය විය යුතු ආකාරය ගැන පෝස්ට්

    කීපයක් ම පල කළා. වෙලාව තියෙනව නම් කියවල බලන්න

    ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. එන්න සහන් ඔයාගෙ ඇඩ් එකත් දාන්න....

      Delete
    2. මේක ප්‍රචාරක දැන්වීමක් ඇත්තටම ඇනෝ මම මුල ඉඳලම add දාලා නැහැ.. නමුත් පස්සේ තේරුනා බොහෝ දෙනා ඉන්නවා අලුත් බ්ලොග් ගැන දන්නේ නැති.. මෙතනට එන කීර්ති රටේ රාළ මගේ බ්ලොග් එක එක ගැන දැනගෙන තියෙන්නෙත් මම බතිගේ බ්ලොග් එකේ දාපු ලින්ක් එකකින්.. link එකක් අවශ්‍ය විටක දැම්මට කමක් නැහැ ...

      මම මගේ අඩවිය ගැන විතරක් නෙවේ වෙනත් අයගේ අඩවි ගැනත් ලින්ක් දාලා තියෙනවා ඕනේ තරම්...

      Delete
    3. මම නම් ඇඩ් දානවා (හැබැයි මේ පොස්ටුවට අදාල නම් විතරයි.කැමති නම් විතරක් කියවන්න කියල ඉල්ලනවා, දැන්වීමක් බව මුලින් ම කියනවා).
      මහවැලියෙන් දිය දෝතක් හරවගත්තට කමක් නැනේ.

      ඇනෝ “පැරා සුරැකීමේ ජාතික ව්‍යාපාරයෙන්“ නෙවෙයි නේද?

      Delete
  5. http://lankaenews.com/Sinhala/news.php?id=23386
    මෙ පිළිබඳව ඔබගේ අදහස් දැනගැනිමට කැමතියි
    A. Fernando

    ReplyDelete
  6. http://lankaenews.com/Sinhala/news.php?id=23386
    මෙ පිළිබඳව ඔබගේ අදහස් දැනගැනිමට කැමතියි
    A. Fernando

    ReplyDelete
  7. මෙ ක්‍රමය යටතෙ සදාරන කෙනෙකුට චන්දෙට ඉදිරිපත් වෙන්න බැ.අපෙ මිනිස්සු එහෙම කෙනෙක් එවි කියල බලාපොරොත්තුවෙන්නෙත් නැ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා