සුදු වෑන් කතාවලට වගකිව යුත්තේ එක්කෙනා දෙන්නා ද?

ලීනා මනිමේකලෙයි (දකුණේ)
ලංකාවේ වෑන්වලින් වැඩි හරියක් සුදු පාට ය.

ආරක්ෂක අංශවලට සම්බන්ධ නිල නො වන ඝාතක කල්ලි විසින් සුදු වෑන් ම තෝරා ගන්නට ඇත්තේ සාක්කිකරුවන්ට ඒවා මතක තබා ගැනීම පහසු නො වන නිසා විය හැකි ය.අනෙක් පැත්තෙන් ඒවා ජීප් මෙන් ආරක්ෂක අංශ හා දේශපාලනඥයන් විසින් වැඩිපුර භාවිතා කරන වාහන විශේෂයක් නො වේ. ඒවායේ කාර්වලට වඩා ඉඩකඩ තිබේ. විශේෂයෙන් ම පුද්ගලයෙකු හා අවි ආයුධ සඟවා ගෙන යන්නට ඒවායේ ඉඩකඩ ප්‍රමාණවත් ය. ඕනෑවට වැඩිත් නැත.

‍සුදු වෑන් ලංකාවේ පැහැරගෙන යාමේ, නීති විරෝධී අන්දමින් මරා දැමීමේ හා අතුරුදහන් කිරීමේ ක්‍රියාවලියේ සංකේතය බවට පත් වුණේ මාධ්‍ය ප්‍රබන්ධ නිසා ය.

කෙසේ වෙතත්, මේ දවස්වල සුදු වෑන් සංස්කෘතියේ පසුබෑමක් තිබේ. සුදු වෑන් හා තවත් දේ ඔස්සේ නිර්මානය කරන ලද භීෂණය හා ප්‍රෝඩාව මගින් මේ වන විට සමාජය නිර්වින්දනය කර හමාර ය.

ඒත්, පාක් කර තිබෙන මේ සුදු වෑන් ඕනෑ ම මොහොතක එළියට එන්නට පුළුවන් ආකාරයේ පසුගාමිත්වයක් ලාංකීය සමාජයේ තිබේ.

ඒ නිසා කවුරු කවුරුත් පරිස්සම් විය යුතු ය.

හැබැයි, සුදු වෑන්, මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, යුද අපරාධ, සංහාර, මානව වර්ගයාට එරෙහි අපරාධ ආදිය පිළිබඳ කතා වළක්වන්නට නම් ආණ්ඩුවට බැරි වනු ඇත. මේ නෙළා ගනිමින් සිටින්නේ වැපිරූ දේවල අස්වනු ය. එහෙත් මෙහි එක් ගැටලුවක් තිබේ. සුදු වෑන් සංස්කෘතියේ වගකීම භාර ගත යුත්තේ එක් අයෙකු දෙදෙනෙකු පමණ ද? එයට අනුග්‍රහය දැක්වූ, අනුමත කළ සමාජය දැන් කොහි ද?

අලුත් ම එක ලීනා මනිමේකලෙයිගේ සුදු වෑන් කතා ය. එය නුදුරේදී ම ජාත්‍යන්තර වශයෙන් එළි දැකීමට නියමිත ය. 

ලීනා මනිමේකලෙයි චෙන්නෙයිහි සිනමාකාරියකි. කිවිඳියකි. ස්ත්‍රීවාදී ක්‍රියාකාරිනියකි.





 මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. මේවා අත්දකින අයට මහා ඛේදාන්ත උනාට සමහර පොරවල් වලට මෙව්වා ඩොලර් ආකර...... ඒකනෙ සැරටම මාකටින් පාර දාන්නෙ....

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ???
      දැන් එහෙමවත් කියලා හිත සනසා ගම්මු...

      Delete
    2. Anonymous October 31, 2013 at 10:19 AM
      හික්.... ඇයි උඹ හිතන් ඉන්නෙ මෙව්වා අත කහනවට ලියනව කියලද? අනේ බන්....

      Delete
  2. කතෘතුමා ගේ පෝස්ට් ටික එක දිගට කියවනකොට හිතෙනවා, මෙයා දිව දෙකේ, කොහෙටවත් නැතිව, තමන්ගේම කියලා ස්ථාවරයක් නැතුව කතා කරනවා කියලා. ඕනම මනුස්සයෙක් වුනාම තමන්ගේ කියලා දැක්මක් තියෙන්න ඕනේ... වෙනස් වීම සාමාන්‍යයි, ඒත් එක පෝස්ට් එකක එක මතයක් කියලා, ඊළඟ එකේ ඒ මතය පට්ට ගහනවා, ඒත් ඊලගට තුන්වෙනි පෝස්ට් එකේ දි පලවෙනි පෝස්ට් එකේ මතය ආයෙත් ගෙනියනවා.

    බ්ලොග් එකේදී මම කියවන අනෙත් අයටනම් මේ තරම් වැනෙන මත තියෙන අය නෙවෙයි. “මාරයා“ බෙල්ල ගහල ගියත් රජතුමාගේ පිට කහනවා. ඒක හරි වුනත් වැරදි වුනත් එයාගේ මතය. ඒක වෙනස් වෙලා නැහැ ක්ෂනිකව. මාතලන් ටිකක් රැඩිකල් කෙනෙක්, ආන්ඩුවටත් බනිනවා, විපක්ෂයටත් පනිනවා, ඒ වගේම හොඳ දේට හොදයි කියනවා. මිනිහගේ සමහර අදහස් නම් එකඟ වෙන්න බැහැ. ඒ වගේ බ්ලොග් කීපයක්ම තියෙනවා. ඒත් මේ කතෘතුමා... අනේ මට නම් තේරෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒක හරි... ඔයා අපේ කකා ගැන මොනාද හිතන්නෙ?

      පොරත් දැන් කොයි වෙලාවෙ හරි මෙතනට කඩා පාත්වෙයි..... මොකද මේ වගේ ටොපික් වලදි පොර පුක හපාගෙන ඉස්සරහට එනවනෙ.....

      Delete
    2. kas
      ඔය කාරණාව ගැන මම පෝස්ටුවකුත් ලිව්ව.
      මෙන්න

      Delete
  3. adooo sudu van gana ktha karnawa 12x10 wal kollo purawagena gihin marala puchchapu hati amathakada....
    ewa kare Ranillage party eka nisada katha nokara inne.
    liyapalllakoo batalanda gana... suriya kanda gana. hokandara mineewala gana.... thana thana dawuna tyre sohona gna.......

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා