කොම්ප්‍රදෝරු ධනපති එජාපයේ බැරිබැරියාවේ රෝග ලක්ෂණ දෙකක් වන රනිල් හා සජිත්

එක්සත් ජාතික පක්ෂයේ නායකයා හා අනාගත ජනාධිපති වන්නට පෙරුම් පුරමින් සිටින සජිත් ප්‍රේමදාස මේ දිනවල භූමිතෙල් ගෑවුණු ගැරඬියකු සේ දඟලමින් රටට ම විහිළු සපයමින් සිටියි.

මංගල සමරවීර වැනි රනිල් හිතවාදීන් විසින් සජිත්ගේ නියම නිලයක් අල්ලා තිබේ. ඒ වනාහි ඔය කියන තරම් ජනප්‍රිය නම් දකුණු පළාත් සභාවට තරග කර ඒ ජනප්‍රියත්වය පෙන්වන්න ය කියා ය.

2010 මහ මැතිවරණයේදී නාමල් රාජපක්ෂ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මනාප 147,566ක් ලබා ගනිද්දී සජිත් ප්‍රේමදාස ලබා ගත්තේ මනාප 74,467කි. සජිත්ගේ නායකත්වයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ලබා ගත හැකි වුණේ ඡන්ද 83027ක් පමණි. දිනා ගත්තේ ආසන දෙකක් පමණි.

පසුගිය දිනවල එක්සත් ජාතික පක්ෂයෙන් බිඳී ආණ්ඩුවට එක් වූ දයාසිරි ජයසේකර නම් අභියෝග රැසක් මධ්‍යයේ සිය ජනප්‍රියත්වය ප්‍රදර්ශනය කළේ ය.

සජිත් වෙත මේ අභියෝගය එල්ල වූ කල ඔහු නපුංසකයා, අවජාතකයා වැනි අශිෂ්ට වචනවලින් පවා රනිල් පිලට බනින්නට පටන් ගෙන ඇත.

ඔහු වැරදි නැත. දකුණු පළාත් සභාවේ මහ ඇමතිකමට තරග කළොත් සජිත්ගේ සායම යන බව නියත ය. ඒකෙන් සිදු වන්නේ ජනාධිපතිවරණයට ඉල්ලා කිච වන්නට තිබෙන අවස්ථාවත් අහිමි වන එක ය.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහට බැරි ය. සජිත්ටත් බැරි ය. මේ වනාහි කොම්ප්‍රදෝරු ධනපති පන්තියේ සමස්ත බැරිබැරියාවේ රෝග ලක්ෂණ වේ.

පවත්නා කොල්ලකාරී ලුම්පන් ධනවාදය ජනතාවට එල්ල කරන අභියෝගයට පිළිතුරු කොම්ප්‍රදෝරු ධනපති පක්ෂ තුළ නැත. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. සජිත් විහිළුකාරයෙක් වෙලා තියන බව හැබෑව. එයාට ඕන තවත් මහින්ද කෙනෙක් වෙන්න. කොටින්ම මහින්දටත් වැඩිය මහින්ද කෙනෙක් වෙන්නයි සජිත් බලන්නෙ. ඒ උනත් රනිල්ට වැඩිය විකුණන්න පුළුවන් කෙනෙක් සජිත්. පැරකුම් මහත්තය මනාප සංසන්දනය කරල තියන මැතිවරණයේ මාත් මනාප ගනන් කරන්න හිටිය. නාමල් රාජපක්ෂ පනහේ ගොඩවල් වලින් 35-40 ගන්නකොට සජිත් 40-45 ගත්ත. (සමහර වෙලාවට ඊටත් වැඩිය ගත්ත). එජාපයේ බැරිබැරියාව හොඳ වෙන්න මුලින්ම රනිල් අයින්වෙන්න ඕන. ගේන්නෙ කවුද කියන එක ඊට පස්සෙ තියන ප්‍රශ්නයක්. [මාත් ටික වෙලාවකට කලින් මේ ගැන ලිව්ව]

    ReplyDelete
    Replies
    1. තව එකක් මේ කෑල්ල මොකටද?

      //එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහට බැරි ය. සජිත්ටත් බැරි ය. මේ වනාහි කොම්ප්‍රදෝරු ධනපති පන්තියේ සමස්ත බැරිබැරියාවේ රෝග ලක්ෂණ වේ//

      දැන් ඉන්න කට්ටියත් ‍ඒකම නේද කරන්නෙ.

      Delete
    2. //නාමල් රාජපක්ෂ පනහේ ගොඩවල් වලින් 35-40 ගන්නකොට සජිත් 40-45 ගත්ත.//

      රාජ් මේ කෑල්ල තේරුන්නෑ. මේ කියන විදියට නම් නාමල්ට වඩා සජිත් ට මනාප වැඩි වෙන්න ඕන නේද.

      පැරාගෙ මනාප තර්කය හරි කියල මමත් පිලිගන්නෙ නම් නෑ. පැරාත් කරල තියෙන්නෙ මංගල සමරවීර ලගෙ ගොන් පාට් වලම දිගුවක්. එජාපය හෝදගෙන ගිහින් පොදු පෙරමුණ ට තුනෙන් දෙකක් විතර තියන වෙලාවක එජාපයෙ එකෙක් ගෙයි පෙරමුනේ එකෙක් ගෙයි මනාප සංඛ්‍යාත්මකව සසඳන එක ඕලෙවල් පාස් එකෙක් වත් කරන ගොන් කමක් නෙවෙයි නෙ.

      එහෙමයි කියල සජිත් මෝඩ පුතා ලොකු කෙරුමෙක් කියල නම් මමත් හිතන්නෙ නෑ. පොරගෙ හැකියාව මම හිතන්නෙ පොර ම දන්න නිසා තමයි ඔය මොන වෙලාවක වත් (වෙන එකෙක් බිලි දුන්නොත් ඇරෙන්න) තනියම ෆයිට් එකකට යන්න බය.

      රනිල් මටත් දිරවන චරිතයක් නෙවෙයි ඒත් පොර අයින් කරල කවුරු දාන්න ද? කරුව ආයෙ හරි යන්නෙ නෑ, කරු ඇරුනම ඕකෙ ඉන්න ඔක්කොම එලිපිටම වගෙ කියන්නෙ "මුන් කනව අපිට බලා ඉන්න බෑ දැන් අපිට කන්න දීපියව්" කියන එක නෙ. අඩු ගානෙ රනිල් ඒ අතින් අවංකයි.

      පැරා පහුගිය ටිකේ ආපු සුබ පැතුම් වලින් චූන් වෙලා දැන් ඉල්ලුමට බඩු සප්ලයි කරන්න හදල කෙලව ගනී ද මන්දා. කොම්ප්‍රදෝරු දනපති පංතියට බනින්නෙ මේකටත්. ඊයෙ පෙරේද ඔක්කොම ලිපි නිකන් හදිසියට ලියපුව වගේ. අපේ *සිගෙ පුතාලගෙ මරිමෝඩ කම් වලට ධනවාදෙ පලි වෙන්නෙ කොහොමද. මොන වාදෙ ආවත් මේ රටේ උන් කතරගම දෙය්යො බලන්න බර්ත්ඩේ එකට කතරගම යන බූරු හැත්තක් නෙ.

      Delete
    3. AnonymousOctober 3, 2013 at 1:23 PM
      //නාමල් රාජපක්ෂ පනහේ ගොඩවල් වලින් 35-40 ගන්නකොට සජිත් 40-45 ගත්ත.//

      මනාප ගනින්නෙ 50 ගොඩවල් විදියට. ඒ 50 ගොඩවල් වලින් සජිත් ගත්ත ප්‍රතිශතය වැඩියි කියන එකයි මම කිව්වෙ(පැරා මනාප කතන්දරයක් කිව්ව නිසා). සජිත්ට නාමල්ට වඩා අඩුවුනේ යූඑන්පී චන්ද අඩු නිසා. මම දන්නා තරමින් සජිත් තමයි මේ දක්වා වැඩිම මනාප ප්‍රතිශතයක් අරගෙන තියෙන්නෙ.

      සජිත් මෝඩය බව ඇත්ත. අඩු මාසෙන් උපදින්න දඟලන දරුවෙක් වගේ කියන එකත් ඇත්ත. හැබැයි සජිත් රනිල්ට වඩා ඡන්ද ගන්න ඉඩ තියනව. (කරුත් එහෙමයි).සජිත්ට නායකත්වය ලැබෙන්න ගතවෙන කාලය දික්වෙනව කියන එකත් එයාට අවාසියි. නිකමට හිතල බලන්න මීට අවුරුදු පහකට විතර කලින් හිටිය සජිත් මෙච්චර චාටර් නෑ නේද? :-)

      මගේ මූලික ප්‍රශ්නය මේකයි,
      රනිල්ට දිනන්න බැරිනම් (එයා හොඳ උනත්) මොකද කරන්නෙ?
      විකල්පයක් හොයාගෙන යනවද, නැද්ද?

      Delete
  2. විරුද්ධ පක්ශයක් වෙන්න නම් විකල්ප ප්‍රතිපත්ති තිබිය යුතුයි.
    එජාපයේ බැරි බැරියාවට ප්‍රධාන හේතුව එය යයි සිතේ.

    මේ දෙගොල්ලන්ගෙම, තුන්ගොල්ලගෙම විරුද්ධ පක්ශ දෙක දෙගොල්ලන්ගෙ, මාරුවට විනාශ කරල අවසානයි.(ජවිපෙ හා එල් ටී ටීය ) තෑග්ග ලෙස ලැබුනු කේක් එක ගොල්ලක් තනිවම කනව. අවුල එතනයි. ඒ ඇරෙන්න රනිල්ලට අවුලක් නෑ. ජනතාවගේ අරක්ශාව වෙනුවෙන් දැන් විරුද්ධ පක්ශෙත් පණ ගහල ගන්න වෙලා තිබෙන්නේ වමාංශිකයිනටමයි. ඒ සඳහා රනිල්ට වඩා සුදුස්සෙක් තවම එජාපයේ නෑ. සජිත්ට ක්‍රොම්ප්‍රදෝරු ධනපතියන්ගේ හා එයට ඇඳුනු ලොකු ලොක්කන්ගේ සහයෝගය නොලැබේ යයි අනුමාන කල හැකි නිසා ඔහුට බලය ලැබීම යලි ප්‍රේමදාස යුගයකට රට ගෙන යාදෝයි අපට සාධාරණ භයක් උපදී.

    ReplyDelete
  3. //පසුගිය දිනවල එක්සත් ජාතික පක්ෂයෙන් බිඳී ආණ්ඩුවට එක් වූ දයාසිරි ජයසේකර නම් අභියෝග රැසක් මධ්‍යයේ සිය ජනප්‍රියත්වය ප්‍රදර්ශනය කළේ ය. //
    පැරා., දයාසිරි කියන්නෙ පරාජිත පක්ෂෙක හිටපු ජනප්‍රියතම චරිතයක්. එයා කලේ දිනන පැත්තට පැනලා ඒකට ලැබෙන ඡන්ද විශාල ඡන්ද ගොඩෙන් තමන්ගෙ පවතින ජනප්‍රියත්වය භාවිතා කරලා මනාප ගොඩ වැඩිකරගත්තු එක. ඒකටම හරියන්න ජොනියගෙ මැටි හරකත් සල්ලි විසිකරලා ගේම ඉල්ලපු එකත් දයාසිරිට තවත් චාන්ස් එකක් වුනා. එහෙම නැතුව එයා පොදු පෙරමුනේ සමස්ත ප්‍රතිඵලයට ලොකු බලපෑමක් කළේ නෑ.
    ඒත් 2010 සජියා අච්චර මනාප ගාණක් ගත්තෙ පරාජිත පිලේ ඉඳලා. ඒ නිසා ඔය සංසන්දනය අසාධාරණ එකක්.
    කොහොම වුනත් සජියා තොත්ත බබෙක් කියන එකයි, අභියෝග භාරගන්නෙ නැත්තෙ බයට කියන එකයි නම් ඇත්ත. මෑන්ස්ට ඕනෑ එකපාරම පක්ෂ නායකයා වෙලා එසැනින් ජනාධිපතිත් වෙන්න. පව් තාම පොඩි ඈයොනෙ.

    ReplyDelete
  4. කොහොම කොහොම හරි UNP එක මකබැවෙන මකබැවීලා යන
    එක ගැන සතුටුයි.

    ReplyDelete
  5. කොහොම කොහොම හරි UNP එක මකබැවීලා යන
    එක ගැන සතුටුයි.

    ReplyDelete
  6. ඇත්තටම පැරා ඔය කොම්ප්‍රදෝරු ධනපති කියන වචනෙ යෙදෙන්නෙ මොන අර්තයෙන්ද…..Merriam-Webster.com එකේ කියන්නෙ මෙහෙමයි.

    Definition of COMPRADOR

    1 :  a Chinese agent engaged by a foreign establishment in China to have charge of its Chinese employees and to act as an intermediary in business affairs

    2 :  intermediary

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා