අධිවේගී මාර්ගයේ හෙවත් සිංහලෙන් හයිවේ එකේ පයින් යාම

මේ දිනවල අපි අධිවේගී මාර්ගයක පයින් යමින් සිටිමු. පයට පෑගෙන තාර පොළව පයට සැප වුවත්, නැතත්, අප උර මත ඇත්තේ දැවැන්ත ණය කන්දරාවකි. මේවා ආපසු ගෙවිය යුත්තේ අප ය. මේ සංවර්ධනයේ ප්‍රතිලාභ අපේ ජීවිත වෙත ළඟා නො වේ නම්, අප මේ ණය කන්දරාවට කර ගැසීමේ තේරුමක් නැත. කොටින් ම කියනවා නම්, සංවර්ධනයත් සමග අපේ ජීවිත පහසු හා සුරක්ෂිත විය යුතු ය. අනාගත පරපුර‍ට රැකියා හා ආදායම් තිබිය යුතු ය. සාගින්න, පිපාසය දුරු විය යුතු ය. දරුවන්ට හොඳ පාසල් තිබිය යුතු ය. වෛද්‍ය හා සෞඛ්‍ය පහසුකම් පහසුවෙන් ලබා ගත හැකි විය යුතු ය. විවේකය, විනෝදය තිබිය යුතු ය. නිදහස්, ප්‍රජාතන්ත්‍රවාදී රටක බියෙන්, සැකෙන් තොරව ජීවත් වීමේ ඇත්ත හැකියාව ලැබිය යුතු ය. මන්ද, අපි ඒ වෙනුවෙන් උවමනාවටත් වඩා ගෙවා තිබෙන බැවිනි.  

ලංකාවේ මිනිසුන් අධිවේගී මාර්ගවලට හයිවේ කියා කීම සුවිශේෂ තත්වයකි. මේවා ඉංග්‍රීසියෙන් එක්ස්ප්‍රස්වේ ය. කවුරුත් දන්නා සිංහලෙන් නම් හයිවේ ය. හයිවේ කියා ඉංග්‍රීසියෙන් කියන්නේ මහාමාර්ගවලට ය. 



ලස්සන ටී ෂර්ට් ටික - අනුග්‍රහය අෙපන්




මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. රටේ සිදුවන අති දැවැන්ත සංවර්ධනය ව්‍යාපෘති සිදුකරන්නේ විදේශ ණය ආයෝජන මගින් බව අපද පිළිගනිමු.
    එනමුත් මේවා ණය ලෙස ලබාගත මුදල් වූවත් ඒ මුදල් වැයකර ඇත්තේ කෑමට බිමට නොව ආයෝජන සදහාය.
    අධිවේගී මාර්ග, ගුවන්තොටුපල,වරාය යනු ඉදිරියේදී රටේ සිදුවන දැවැන්ත සංවර්ධනයේ යෝධ කොටස්කරුවෝය.

    දකුණුලක අධිවේගී මාර්ගය ව්වෘත කෙරු අලුතද ඇතැමුන් එයට බැන වදිනවා දක්නට ලැබුණි. නමුත් දැන් එහි යන එන එවැනි උදවියම ඒ මාර්ගය නිසා ඇතිවූ සුවපහසුව ගැන කතා කරදී.

    කටුනායක අධිවේගී මාර්ගයද පැලියගොඩ සිට යන තනි මාර්ගයක් නොවේ. එය කඩවත පිටත වටරවුම, කෙරවලපිටිය, දකුණුලක අධිවේගී මාර්ගය, මහනුවර අධිවේගී මාර්ගය, උතුරකරේට දිවෙනා යෝජිත අධිවේගී මාර්ගය සමග ඒකරාශි වේ.

    දශක ගණනාවක් පුරා යෝජනා වී තිබුණු මෙම මාර්ගය සැදීමට බොහෝ දෙනා මැලිවද්දී ඒ සදහා අවශ්‍ය ආයෝජන ලබාගෙන 2008දී වැඩ පටන් ගෙන මේ මොහොතේ ජනතා අයිතියට පත්වීමට නියමිත මෙම අධිවේගී මාර්ගය සැදීම ගැන අප අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙමු.

    අනික නම් කවුරු කුමක් කීවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දශක ගණනාවක් පුරා ලක්ෂ ගණන් මිනිසුන් හා ප්‍රකෝටි ගණන් දේපල බිලිගත් යුද්ධය අවසන් කොට සාමය ගෙනා ශ්‍රේෂ්ඨ නායකයාය.එතුමන් කිසිදිනෙක රට පාවා දෙන්නේ නැත. ඒ විශ්වාසයම එතුමන්ව නැවතත් බලයට පත්කරවීමට හේතු වසනා සාදවයි.


    ReplyDelete
    Replies
    1. සාදූ... සාදූ... සාදූ....

      පෝය දවසෙ ජාතක කථාවක් ඇහුවා වගේ හිත නිවී සැනසීමට පත් උනා මේ කොමෙන්ට් එක කියෙව්වාම.....

      ආලෝකෝ උදපාදී.....

      Delete
    2. "එතුමන් කිසිදිනෙක රට පාවා දෙන්නේ නැත."

      ෂුවර් ද?

      Delete
    3. ane ane meheth harakek. ewain ena adayama ganne wena ratawal.

      Delete
    4. උපුටාගැනීම ITN

      Delete
  2. ලංකාවේත් හයිවේස් කියන්නේ මහමාර්ග තමයි. ඉස්සර තිබුණු හයිවේස් ඩිපාරට්මන්ට් එකට කිව්වේ මහාමාර්ග දෙපාර්තමේන්තුව කියලයි.

    මුදල් ගෙවා යා යුතු පාරවල්වලට ඉංගිරිසියෙන් Motorway හෝ Tollway කියා ද කියති.

    ReplyDelete
    Replies
    1. දැන් එතකොට අපි කියන්න ඕනි ඕස්ට්‍රේලියාවෙ අය කියන විදිහටද?

      Delete
    2. හලෝ කකා,

      මම කියෙව්වා කකා ඊයේ පෙරේදා දාලා තිබ්බ පොස්ට් එක. ඇනෝ කෙනෙක්ගේ ප්‍රශ්නයක් ගැන. තමන්ට වඩා වැඩිමහලු කාන්තාවක් කෙනෙක් කසාද බඳින එක හොදද කියලා අහපු ප්‍රශ්නේ.

      ඉතිං කකා, කකාගේ බිරින්දෑත් කකාට වඩා වයසයි නේද?
      කකා කොහොමත් කොල්ලා වගේ ඉන්නේ. වයස පෙන්නේ 42 ක් වගේ. නමුත් කකාගේ බිරිඳ, වෛද්‍යතුමිය නං වයස අවුරුදු 55 ක විතර කෙනෙක් වගේ පෙන්නේ.

      ඇයි කකා එහෙම වයසක කෙනෙක් බැන්දේ?

      Delete
    3. උබ මොකද බං කකා එක්ක ඔය තරම් තරහ. උබට අතවරයක් කලාද?

      Delete
    4. කකා කොහොමත් කොලු සීන් වලට බරයි. තට්ටයෝ කොහොමද කොලුකරයෝනේ.
      සාදුලත් එහෙමනි.

      Delete
    5. Anonymous October 25, 2013 at 9:14 AM

      මමත් ඔය පුරස්නෙ දෙපාරක්ම කකාගෙ බ්ලොග් එකේදි ඇහුවා..... නමුත් මේ හොර පූසා ඒවා පබ්ලිශ් කරන්නෙ නෑ.....

      රහස මේකයි.... කකාගෙ වයිෆ් බ්ලොග් එක බලනවා.... ඔව්වා කොමෙන්ට් සෙක්ශන් එකේ තියනවා දැක්කොත් කකා බ්ලොග් ලියලා ඉවරයි.....

      Delete
    6. AnonymousOctober 25, 2013 at 9:20 AM

      උබ මොකද බං කකා එක්ක ඔය තරම් තරහ. උබට අතවරයක් කලාද?


      ela talk eka ban

      Delete
    7. කකාගෙන් අතවර උන අයෙක් සිටීනම් කරුණාකර නොබියව ඉදිරිපත් වන්න... එය ඔබගේ ඔස්ට්‍රේලියානු පුරවැසි භාවය ලබාගැනීමේ පලමු පියවර විය හැක..

      - කකා සුරැකීමේ ජාතික සංගමය -

      ප.ලි. : ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න එපා රැකියා අවස්ථා නෑ..... අභීත එදිරිසිංහට ණය දෙන්න එපා ලැබෙන්නේ නෑ....

      Delete
    8. MITHRA WARUNI, KAKKAHE CHOO, JEE WALA AI METHANA IHINNE.

      Delete
  3. කවදා හරි කවුරු හරි ඔය ණය ටික ගෙවන්නේ නැතෑ. ඔබ කිව්වාක් මෙන් සංවර්ධනය යනු මිනිසුන්ගේ ජීවන තත්වය උසස් වීමයි...
    සැනකෙළි වලින් පලක් නැත.

    ReplyDelete
  4. මේවා දකිනකොට සම හරක්ගේ ඇහේ කටු අනිනවා වගේ

    තොට බලන්න බෙරිනම් පල වෙන රටකට එතකොට තෝ ණය නැහැ

    පර බල්ලෝ

    ReplyDelete
  5. පාරවල් නැතිකොටත් විවේචන..හදන කොටත් විවේචන... හලේ මන්ද! හැදුවට කමක් නෑ...වියදම සැරයිනෙ... ගසා කෑමත් සැරයිලු...

    ReplyDelete
  6. හප්පේ මාර සෙනග අප්ප, අපේ උන් පට්ට ආතල් එකක් ගන්නවා අධිවේගි මරගෙ බලල. මුන්ට නම් හරියන්නෙ මේ වගේ පාලකයොම තමයි. අධි වේගෙ බලල බස් එකේ පොල්ලෙ එල්ලිල හිර වෙලා තෙරපිල ඒක බලපු එක ගැන මහ උජාරුවට කියව කියව ගෙදර යනව. ඔය බලන්න ගිය උන් වැඩි හරියකට ඉතින් ලැබෙන්නෙ ඔය බැලිල්ලම විතරයි ඉතින්. ඒ විතරක් ඇයි අපේ මේ ගමේ බුලත් විටක් කාගෙන කුඹුරට යන මිනිස්සු පවා ඔවා ගැන කොච්චර ආඩම්බර වෙනවද? පැරා මේ බම්බුවක් කියවනව අර පලවෙනියට කමෙන්ට් එක දාල තියෙන එකාගෙන් ඉගෙන ගත්තොත් නරකද?

    ReplyDelete
    Replies
    1. සිරාවට බන්... අපේ ඔෆිසියෙ තේ හදන එකත් ගියා වරුවක් නිවාඩු දාලා... ඌට හම්බවෙන ඕ.ටී පැය දෙකත් නැති කරගෙන...... ඌ අබාන්ස් හරි සිංගර් එකෙන් හරි ගෙවන්න අරන් තිබ්බ මදුරුවත් වාරික නොගෙවා උස්සන් ගිය නිසා බස් එකේ තමා යන්න ඇත්තෙ........

      අපේ බ්ලොග් ලියන සද්ගුණවත් මහා ප්‍රාක්ඥ බෝධිසත්ව මාරයා තුමාත් යන්න ඇති බයිසි මොටෝවෙන්.....

      Delete
  7. එඩ්වඩ්ගෙ ළදු ඕවිටි ගීතයේ අන්තිම පේලිදෙක මෙහෙම කියනවා

    "මැති උතුමන් නමින් පාරෙ කඩුලු ඇරෙනවා
    පාර අයිනෙ අපි හැමදා බලා ඉන්නවා".......

    ReplyDelete
  8. //ලස්සන ටී ෂර්ට් ටික - අනුග්‍රහය අෙපන්//
    ඒ විතරක් ද මෙයා බලන්න අර ඩෙක්ස් දෙකේ ලස්සන.... හරිම ස්පෝර්ටි ලුක් එකක් තමා තියෙන්නෙ.....

    ReplyDelete
  9. විවිධ රටවල විවිධ නම් භාවිතා කරන්නෙ. Freeway, Interstate, expressway හැබැයි ගෙවල යන පරක් තියෙන්වනම් ඊට සමාන්තරව නිදහස් පාරකුත් හදන්න ඔන. අඩුම තරම් service road එකක් වත්. ගානත් ටිකක් වැඩියි.

    ReplyDelete
  10. /////දැන් වරාය පෙන්නාගෙන යයි… ඊට පස්සේ පහලොස් වෙනිදා ඒක ඉවර වුනාම මයිකල් ජැක්සන්ගේ අයියගේ ආතල් එකය. ඔන්න ඔහොම ගිහිං ගිහිං තව ටික දවසකින් ෂුවර් ඇන්ඩ් ෂොට් කටුනායක – කොළඹ මාර්ගයේ අධිවේගයේ වටයක් යෑමට දෙනු නියතය. ඒකෙ නම් ඒ තරම් සිරා ෆන් එකක් එකක් නැති වෙන්න පුළුවන. ගාල්ල – කොළඹ එකේ හයිවේ එකේ කට්ටිය ආව ගිය නිසා මේ හයිවේ එකේ ෆ්‍රී ජර්නියට වැඩිය කව්රුත් සෙට් වෙන එකක් නැත. ඊටත් පස්සේ මොකද්ද තියෙන ඉවෙන්ට් එක…? මතක් වෙන්නේ නෑ. බය වෙන්න දෙයක් නෑ… ජාතික ආතල් සැපයීමේ කමිටුව ඒක දැනටමත් සංවිධානය කර ඇත. ////

    මේක ගත්තේ ගෝල්ඩ් ෆිෂ් ගේ බ්ලොග් ටැංකියෙන් .අනාගතය දකින්න පුළුවන් එකෙක් :D

    ReplyDelete
  11. හයිවේ / Expressway එකක් හදනවට මම විරුද්ධ නැහැ. හැබැයි ඒ යටින් මිලියන ගණන් කොමිස් තියෙන එකනම් අපට ඔරොත්තු දෙන්නේ නැහැ.

    හයිවේ එකක් තියෙන එකේ වාසි ගොඩයි. දැන් දකුණේ හයිවේ එකට බැනපු කී දෙනෙක් ඒ පාරේ ගිහින් තියෙනවද. මොන තරම් වෙලාව ඉතුරු වෙලා තියෙනවද?

    මගේ ගම නුවර.... ඒත් මම දැන් පදිංචි කොළඹ, හේතුව වැඩ කරන තැන. මාස ගාණකින් නුවර යන්න පුළුවක් කමක් ඇතිවෙලා නැහැ අම්මලා බලලා එන්න හේතුව තියෙන සීමිත නිවාඩු දවස් වල මේ තියෙන පාරේ යන්න ගියොත් ගමනටම පැය 8-10 ගතවෙනවා. ඉතින් හිතන්න කොළඹ - නුවර පාරක් හැදුවොත් මොන තරම් පහසුවක්ද. මට විතරක් නෙවෙයි නුවර සහ ඒ අවට කී දෙනෙකුට මේ ප්‍රශ්ණේ තියෙනවද. ලංකාවේ හැම පලාතකම මේ වගේ තමයි.

    අනිත් එක් මිනිස්සුන්ම ට්‍රැෆික් එකක් නැතුව ගමන් යන්න තියෙනවා නම් , වැඩට යන්න තියෙනවා නම්, ඒ අයගේ ඵලදායිතාව වැඩියි.

    හයිවේ හැදුවට අපිට වැඩක්ද, අපි කවදා ඕවගේ යන්නද කියලා ඉරිසියාවට කෑ ගහන අයටනම් කියන්න තියෙන්නේ ඕක තනිකරම කම්මැලි කම. ටිකක් මහන්සි වෙලා වැඩ කරලා, ඉගෙන ගෙන ඔය ඉන්න තත්වෙට වඩා උඩට එන්න බලන්න, ලොකු කාර් එකක් නොවුනත්, අඩුම තරමේ මරුටියක් හරි ගන්න පුළුවන් වෙයි. බෑ බෑ කිය කිය හිටියොත් හැමදාම බෑ තමයි...

    ReplyDelete
    Replies
    1. අනේ ......... උඹට උබේ අම්ම බලන්න ඕනෙ නම් වෙලාව ගැන හිතන්නෙ නැතුව ගිහින් බලල වර. අනිත් උන්ට බන කියන්නෙ නැතුව, උබට උබේ අම්මව බලන්න යන්න අධි වේගි පරකුයි මරුටියලුයි තිබ්බම ඇතිද? තෝ කියන්නෙ මිනිසුන්ගෙ සල්ලි වලින් අනාගත පරපුරත් ණය කරල හදන දේවල් ගැන මිනිසුන්ට කතා නොකර ඉන්න කියලද? කතා කරන උන්ට ඒව පාවිච්චි කරන්න එපා කියලද? මහන්සි වෙලා ඉගෙන ගන්න ඕනෙ මරුටියක් ගන්නද හු.....? උඹ මහ ලොකුවට ඉගෙන ගෙන දැන් ඉන්න හෙන ලොකු තැන ඉදල හදපන්කො නුවරට පැය බාගෙන් විතර යන්ඩ පුලුවන් දුම් රියක්, මරුටියකුත් නැතුව උබට උබේ අම්මව බලල එන්න පුලුවන් වෙයි, අනේ ....... හොද ප්‍රවාහන සේවයක් කියන්නෙ අධි වේගි මරග වලටද? අධි වේගි මාර්ග හැදුවාම ට්‍රැෆික් අඩු වෙනවද? අධි වේගි මාර්ග හදපන් ඒවා ඕනෙම නම්, දුර ගමන් යන්න අධි වේගි මර්ග වලට වඩා අධි වේගි දුම් රිය සේවයක් තිබ්බොත් හොද වෙයි කියල ඔය ටිකිරි මොලේට කවදාවත් හිතිල නැද්ද?

      කාර් ඕනෙ උන් මහන්සි වෙල කාර් ගනිල්ල, මිනිස්සුන්ට හොද ප්‍රවාහන සේවයක් ඕනෙ.

      Delete
    2. අනේ KAS, නුවරට එන්න පැය 8-10ක් යන්නේ නෑ.
      කොටුවෙන් උදේ 7.00 ට හෝ හවස 3.35 ට පිටත්වන නගරාන්තර සීග්‍රගාමී දුම්රියෙන් නුවර එන්න.පැය 2යි විනාඩි 30 යි ගතවෙන්නේ.මිල ගණන් 3වෙනි පංතිය රු.150.00 (සසඳන්න බස් ගාස්තුව රු.145.00 යි).
      නැත්නම් උදේ 5.55 ට පොඩි මැණිකේ දුම්රියේ එන්න 9.00 වෙද්දි නුවර.හවස 4.35 ට කොටුවෙන් එන සෙංකඩගල මැණිකේ දුම්රියේ එන්න රෑ 8.00 ට පෙර නුවර.(3වන පංතියේ ගාස්තුව රු.105 යි).අධිවේගී මාර්ගය හැදෙන තුරු ඉන්න එපා.

      Delete
    3. KAS, Umba attatama nuwara kiyala yanne koheda? Bus eke awath yanne paya 3i windi 3? Umbe nuwara tiyenne koheda? Google map eke mark karala pennapan koo. Macan colombo indan Jaffana giyath yanne paya 7k 8k witara. Umbata wikarada?

      Delete
    4. ""හයිවේ හැදුවට අපිට වැඩක්ද, අපි කවදා ඕවගේ යන්නද කියලා ඉරිසියාවට කෑ ගහන අයටනම් කියන්න තියෙන්නේ ඕක තනිකරම කම්මැලි කම. ටිකක් මහන්සි වෙලා වැඩ කරලා, ඉගෙන ගෙන ඔය ඉන්න තත්වෙට වඩා උඩට එන්න බලන්න, ලොකු කාර් එකක් නොවුනත්, අඩුම තරමේ මරුටියක් හරි ගන්න පුළුවන් වෙයි. බෑ බෑ කිය කිය හිටියොත් හැමදාම බෑ තමයි.."

      DITO

      Delete
  12. සිංහල කොල්ලෙක්ට ආදරය කළ වරදට පල්ලියෙන් කොණ්ඩෙ කපපු මුස්ලිම් කෙල්ල 'මව්බිම'ට කියු කතාව

    හවුලඋම්මා ගල්ගමුවේ පදිංචි මුස්ලිම් ජාතික තරුණියකි. ප්‍රදේශයේ සිංහල තරුණයකු සමඟ ඇය ආදරයෙන් බැඳුණාය. සිංහල තරුණයකුට ආදරය කිරීමේ වරදට මුස්ලිම් පල්ලියෙන් ඇයට අපූරු දඬුවමක් ලැබුණි. ඇය පල්ලියට ගෙන්වා අතින් පයින් පහරදී දිගට වැවී තිබුණ කොණ්ඩය කපා දැමුවේය. කුරුණෑගල රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටි

    ReplyDelete
  13. Samantha Perera වෙත,

    මම කියපු එක තේරිලා නැහැ වගේ. පොදු ප්‍රවාහණ සේවයක් අත්‍යව්‍යය බව මමත් පිළිගන්නවා. ඒත් පොදු ප්‍රවාහණ සේවය කියන්නේ දුම්රිය පමණක නොවෙයි. ඇයි බස්.. දුම්රිය තියෙනවා, ජය ශ්‍රී කිව්වා වගේ. හැබැයි මම අත්දැකලා තියෙන විදිහට නම් සති අන්තයේ යන්න එන්න සති දෙකකටවත් කලින් සැලසුම් කරලා ටිකට් ගන්න ඕන. නැත්නම් ගිහින් ඉවරයි. අනිත් එක දුම්රියේ යන්න අකමැති අයට බස් තියෙන්න ඕන. බස් යන්න හොද පාරක් තියෙන්න ඕන. දැනට තියෙන පාරේ උදේ 6 ඉඳලා රෑ 10 වෙනකම් වගේ කාලයකදී පැය 4 ට අඩුවෙන් යන්න නම් මම හිතන්නේ නැහැ

    අනිත් එක රටක් දියුණු වෙනකොට පොදු ප්‍රවාහණය වගේම පෞද්ගලික වාහණත් වැඩි වෙනවා. එතකොට තියෙන පාරවල් මදි වෙනවා. පිළිගන්නවද

    අනිත් එක, නුවරට අධිවේගී දුම්රිය මාර්ගයක් හදන්න යන වියදම පාරක් හදනවා වගේ විසි තිස් ගුණයක් වැඩි බව ඔබගේ මොලයට තේරෙන්නේ නැද්ද

    දුම්රිය විතරක් තිබ්බාම ඇතිද, පෞද්ගලික වාහන වල යන අය ගැන හිතන්නේ නැද්ද.

    ජය ශ්‍රී මහතා වෙත

    මම කිව්වේ යන්න විතරක් නෙවෙයි. දෙපැත්තටම ගතවෙන කාලය ගැන.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා