දෙමළ සන්ධානයේ වලිය

දෙමළ ජාතික සන්ධානයේ වලියකි. මම නම් දකින පරිදි යා දෙක රත නො රත - එකට පෑහීමක් නැත යන කියමන මෙහිදී අදාළ ය. ඒ අනුව, දෙමළ ජාතිවාදී ප්‍රවණතාව නියෝජනය කරන එම්.කේ.සිවාජිලිංගම් වැනි ඩයස්පෝරා ඉත්තන්ට හා විග්නේශ්වරන් වැනි දෙමළ ලිබරල්වාදීන්ට එක ගෙයි කෑම අසීරු ය. වෙන් වීම සිකුරු ය.

එසේම, දෙමළ ජාතික සන්ධානයේ සම්බන්ධන්ගේ නායකත්වයෙන් යුත් ෆෙඩරල් (දෙමළ රාජ්‍ය) පක්ෂ ආධිපත්‍යයට එරෙහිව කැරළි ගසන සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ගේ නායකත්වයෙන් යුත් ඊපීආර්එල්එෆ්, සිද්ධාර්ථන්ගේ නායකත්වයෙන් යුත් ප්ලොට් හා සිවාජිලිංගම් අයත් වන ‍ටෙලෝ කියන්නේත් එකට සිටිය හැකි පක්ෂ නො වේ.

එහෙත්, මහින්ද රාජපක්ෂ පාලනය යනු මේ කියමන බොරු කළ එකකි. එහි නම් පට්ට ජාතිවාදී විමල් වීරවංශ හා ෆෙඩරල්වාදී ඩිලාන් පෙරේරා එක ලෙස රාජපක්ෂ පවුලට කඩේ යති. එම සාර්ථකත්වයේ රහස අන් කිසිවක් නොව, උපයෝගිතාවාදයයි.

උතුරේ ඒක පාක්ෂික උපයෝගිතාවාදී සන්ධානයක් හා ඒකාධිපති පාලනයක් බිහි වනවාට වඩා මේ දේශපාලන පක්ෂ වෙන් වී බහු පක්ෂ ක්‍රමයක් බිහි වීම හොඳ ය.

මුල් අදියරේදී ලිබරල් හා ජාතිකවාදී ආකාරයෙන් බෙදීම සිදු විය හැකි ය. ජාතිකවාදී එක ද පසුව එක ම රාමුවක් තුළ කටයුතු කරන්නට හැ‍ඩගැසෙනු ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සම්බන්ධ ඊපීඩීපීය දැනට නම් උතුරු පළාත් සභාවේ විෂබීජයක් වැනි දෙයකි. එයට වුණත් ශක්තිමත්, ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයක් ලෙස වැඩෙන්නට බැරිකමක් නැත.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. පට්ට ජාතිවාදී විමල් වීරවංශ හෝ චම්පික රණවක ජාතිවාදි වෙන්නෙ බොක්කෙන් නෙවේනෙ. ඩිලානුත් එහෙම තමා. ඒ නිසා ඕන එකෙක් එක්ක ලගින්න පුළුවන්.

    ReplyDelete
  2. විමල්, චම්පික, වාසු, දේවානන්ද, රජීව විජේසිංහ වගේම ඩිලාන් වගේ එකී මෙකී සියල්ලෝම එකට ලගින්නේ උන්ගේ ඇති ලැජ්ජා නැතිකම හින්දා කියලයි මම හිතන්නේ. උන්ව යොදාගන්න මහ එවුන්ගෙත් ලැජ්ජා නහරේ කපලා. ජනාධිපති තුමාම කිව්වානේ ආණ්ඩුවේ එක එක තාලා extremists ඉන්නවා කියලා

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා