ළමයින් මහණ කිරීම ගැන නැවතත්

වවුනියාවේ ප්‍රසිද්ධ භික්ෂුවක් පන්සලට රැකවරණය පිණිස භාර දුන් දිළිඳු පවුලක දරුවකුට බරපතල ලිංගික අපචාරයක් කර තිබෙන ආකාරය ඇමති විමල් වීරවංශට සම්බන්ධ ලංකා සී නිවුස් වෙබ් අඩවිය විසින් වාර්තා කර තිබිණි.

දරුවන් මහණ කිරීම යනු වහා තහනම් කළ යුතු ක්‍රියාවක් බව අපි පුන, පුනා පෙන්වා දී ඇත්තෙමු. එහෙත්, දරුවන් මහත සාදුලාට ලිංවින්දිත දරුවන්ගේ පවුල්වල දෙමව්පියෝ ද වගකිව යුතු ය. පන්සලෙන් 'රැකවරණය' ලබා ගන්නට තමන් දරුවන් නො තැනිය යුතු ය.

‍අනෙක් පැත්තෙන්, කුඩා කාලයේ මහණ කරනු ලැබ අපචාරයට ලක් වූ මෙවැනි මහණුන්ගේ විකෘති චර්යාවන් අනාගතයේ මුළු රටට ම විපත්තිකාරක වේ. පසුගිය දිනෙක මෙයින් එක් අයෙක් ප්‍රසිද්ධියේ සිය සිරුරට ගිනි තබා ගනිමින් ස්ව පීඩක ප්‍රචණ්ඩත්වය ප්‍රදර්ශනය කළේ ය. තවත් ඇතැමෙක් සිය උන්නතිකාමී උවමනාවන් වෙනුවෙන් ජාතිවාදය, ආගම්වාදය පතුරුවමින්, ජනයා භේද භින්න කරමින්, සාමය කඩ වන අන්දමින් හැසිරීම පුරුද්දක් කරගෙන තිබේ.

පහත පළවන්නේ අප මේ පිළිබඳව කලින් තැබූ සටහන් කීපයකින් උපුටා ගත් කොටස් ය.

විශේෂයෙන් ම ලංකාවේ ළමා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින් බටහිර ආධාර ලබා ගන්නා රජයේ හා රාජ්‍ය නො වන සංවිධාන මෙම බාලාපචාර ක්ෂේත්‍රය පිළිබඳව මුනි වත රකිති.

යමක් කමක් ඇති, කරුණු කාරණා දන්නා, දරුවන් ගැන තැකීමක් ඇති දෙමව්පියෝ දැන් සිය දරුවන් මහණ කරන්නේ නැති තරම් ය. එසේ කරනවා නම් කරන්නේ සාංඝික හෝ ලොකු දේපලක් හිමි වන්නට තිබේ නම් පමණි. හතර කේන්දරේ පාළු වුණත් ළමයින් මහණ නො කිරීමට ළමයින්ට ආදරේ කරන දෙමව්පියන් වග බලා ගන්නේ ඔවුන් මෙම බාලාපරාධ පිළිබඳ අසා ඇති බැවිනි.

මෙම තත්වය හේතුවෙන්, දැන් ළමයින් මහණ කිරීම සිදු වන්නේ හද්දා පිටිසර ගම්වල, දිළිඳු සමාජ කණ්ඩායම් අතරේ පමණි.

සාමනේර භික්ෂූන් සිවුරු හැර යාම වැඩි වීමට ද මෙම තත්වය හේතු වී තිබේ. අද වන විට, බෞද්ධයන්ගේ ආගමික අවශ්‍යතා සඳහා භික්ෂූන්ගේ හිඟයක් ද ඇත.

කෙසේ වෙතත්, නූතන මානව ශිෂ්ටාචාරය අනුව, කුමන තත්වයක් යටතේ හෝ දරුවන් දෙමව්පියන්ගෙන් වෙන් කර, නො තේරෙන බාල වයසේදී මහණ කිරීම ශිෂ්ට ක්‍රියාවක් වන්නේ නැත. (කියවන්න: ළමා අයිතිවාසිකම් කෙරුමන්ට නො පෙනෙන සාමනේර ප්‍රශ්නය)

බුදු හිමියන් විසින් ගොඩනඟන ලද සංඝයට අයත් අය මෙවැනි පාපී ක්‍රියාවල නියැලිය යුතු නො වන හෙයින් බෞද්ධ ජනමාධ්‍යකරුවන් මෙවැනි වැරදි කරන අය  ඉහත ආකාරයෙන් හඳුන්වනවා විය හැකි ය. එහෙත්, එපමණින් සංඝ සමාජයේ ශෝධනයක් ඇති වන්නේ නැත. 

ළමා කාමුකයන් (pedophiles) ඇතුළු ඇතැම් සමාජ අපරාධකරුවන් සිවුරෙන් ආවරණය වී සිටින බව බොරුවක් නො වේ. බෞද්ධ සමාජයේ ඇතැම් ව්‍යවහාරයන් මේ පනින රිලවුන්ට ඉනිමං තබනවා වැනි ය. 

ළමයින් මහණ කිරීම ඈත අතීතයේ සිට ම සිදු වූව ද, නූතන ළමා හිමිකම් සංල්ප අනුව එය බරපතල ලෙස ළමා හිමිකම් උල්ලංඝනය කිරීමකි. එහෙත්, ලංකාවේ ළමා හිමිකම් ඔස්තාද්ලා කිසිවෙක් මෙම වැරදි භාවිතාවට එරෙහිව හඬ නො නඟති. 

2600 වන සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් ද 2600ක් ළමයින් මහණ කිරීමේ වැඩසටහනක් රාජ්‍ය අනුග්‍රහයෙන් දියත් වේ. 

භික්ෂුත්වය යනු වර්තමාන පාරිභෝගික සමාජයේ දුෂ්කර ක්‍රියාවකි. එහෙයින් පුද්ගලයන් භික්ෂුභාවය සඳහා ඉදිරිපත් වන්නේ අඩුවෙනි. සිවුරු දරා සිටින ඇතැමෙක් ද විනයධර භික්ෂූන් වෙනවා වෙනුවට අසපු ලෙස නම් කර තිබෙන මන්දිරවල කාමසුඛල්ලිකානු ජීවිත ගත කරමින් දේශපාලනය වැනි සංඝයා විසින් නො කළ යුතු ක්‍රියාවල යෙදෙති. බෞද්ධයන්ට සේවය කිරීම පිණිස සිල්වත් භික්ෂූන් ඉතා හිඟ ය. 

එහෙත්, ළමයින් මහණ කිරීම මෙයට කිසි සේත් ම විසඳුමක් නො වේ. අද වන විට උගත්, මධ්‍යම පංතික පවුල්වල දරුවන් මහණ කිරීමක් සිදු වන්නේ ම නැති තරම් ය. මහණ කිරීම සඳහා ළමයින් සොයා ගත හැකි වන්නේ අති දුෂ්කර, දිළිඳු ප්‍රදේශවලිනි. 

ළමයින් මහණ කිරීම වෙනුවට බෞද්ධ සමාජය වෙනත් විසඳුම් සොයා ගත යුතුව ඇති බව අපේ අදහසයි. (කියවන්න: ළමයින් මහණ කිරීම ගැන නැවත හිතුවොත් නරක ද?)


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. ලමයින් මහණ නොකිරීමෙන් ලමා අපචාර අඩු වෙනවාද?අතීසාරයට විසදුම අමුඩයද?

    ReplyDelete
    Replies
    1. ළමයින් මහණ නොකිරීමෙන් අඩු ම ගණනේ පන්සල්වල සිදු වන ළමා අපචාර අඩු වෙනවා.

      Delete
    2. රථවාහන අනතුරුවලින් දිනකට ලංකාවේ සැලකියයුතු ප්‍රමාණයක් මිය යනවා. ඔබතුමාගේ මහාර්ඝ තර්කනයට අනුව ලංකාවේ මහා මාර්ග වලට වාහන දැමීම තහනම් කිරීම තුලින් අඩුගනනේ රථවාහන අනතුරු වලින් මිය යන ප්‍රමාණය වත් අඩුවෙනවා.

      Delete
    3. මගේ තර්කයේ ස්වභාවය විනිශ්චය කරන ඔබ වැන්නවුන් ළමයින් මහණ කිරීමට පක්ෂ වන්නේ ඒ ඔබේ පුත්‍රයින් නොවන බැවිනි. "ඒ කාගේ හෝ ළමයින් නොවෑ.... මගේ නොවෙයිනේ..... උං ඉතින් දුප්පත්නේ.... උන්ට ඉතින් පන්සලේ කන්න ටික හරි ලැබෙයිනේ.....". මේ ආකාරයටයි ඔබ වැනි අය සිතන්නේ. ඔබේ දරුවෝ උසස් පාසල්වලට යා යුතුයි; මහා ඉහළින් විභාග පාස් කළ යුතුයි; පිටරට විශ්ව විද්‍යාලයක ඉගෙන ගත යුතුයි; ලංකාවේ නැතිනම් ඉන්න පිටරටම ඉහළ රැකියාවක් කළ යුතුයි, නැතිනම් ඔබේ ව්‍යාපාරට සම්බන්ධ විය යුතුයි; ඉහළ තැනකින් කසාදයක් කර ගත යුතුයි.... "සල්ලි හම්බ කරන කොට බැරියැ ඔය පන්සලකට ලක්ෂයක් නැත්නම් දෙකක් දෙන්න... දුප්පත් ළමයි ඉන්නෙම මහණ වෙන්න...අපේ ළමයි ඉන්නේ සල්ලි හම්බ කරන්න...."

      ඔන්න ඔහොම තමා ඔබේ චින්තනය.

      Delete
    4. අනිත් එක මහත්තයෝ, රථවාහන අනතුරුයි පන්සලේ සමනේරවරුන් අපජෝජනය කිරීමයි සසඳන්න බැහැනේ. පාරට වාහන දාන්නේ ප්‍රසිද්ධියේ. පාරේ වාහන ගමනාගමනය නියාමනය කරන්න රජයේ ආයතන තියෙනවා, පොලීසිය වගේ. පන්සලට ළමයෙක් බාර දුන්නහම ඌට මොනවා වෙනවාදැයි දෙයියෝ දනී. ඒ ළමයින් ගැන බලන්න රජයේ ආයතනයක් නැහැ. ඒ නිසා තමයි මමත් කියන්නේ අඩු ගාණේ පන්සල්වලවත් සිදු වෙන ළමා අපචාර නතර කරගන්න ළමයින් බිල්ලට දෙන්න එපා කියලා.

      ඇයි අවුල් ද?

      Delete
  2. පළමුවෙන්ම කිවයුතුව ඇත්තේ මෙවන් අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඔහුගේ චීවරය කිසිසේත්ම එයට අදාළ කරගයුතු නැති බවයි. පවතින නීතිමය රාමුව යටතේ වරදකරුවන් හට නිසි දඬුවම් ලබාදිය යුත්තේමය.නමුත් මෙවන් චීවරධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමේ ඇතිවන දුර්වලතා, පැරා විසින් ඉතාමත් තුච්ඡ ලෙසින් අර්ථකතනය කරනු ලබන්නේ එය ඔවුන් බෞද්ධ භික්ෂූන් වන නිසාවෙන් සිදුවන්නක් ලෙසිනි. නමුත් යතාර්ථය නම්, එයට බලපාන්නේ එම අදාළ පුද්ගලයා පවතින දේශපාලන අධිකාරිය සමඟ අනුගත වන්නේ කෙසේද යන පදනමින් මිසක වෙනත් අයුරකින් නොවේ. පවතින රජයේ බලපුලුවන්කරුවකුගේ සිත දිනාගෙන ඇත්තෙක් වේද ඔහුව එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම බොහෝ දුරට සිදු නොවන්නක් වන අතර වෙනත් පාර්ශවයක කෙනෙක් වේ නම් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වේ. පවතින යතාර්ථය එයයි. සාරුව සුනිල්, දුමින්ද සිල්වා, සුධර්මන් වැන්නවුන් නිදහසේ සිටිත්දී වාස් ගුණවර්ධන, සක්විති වැන්නවුන් ඇතුලට යන්නේ එම පදනමින්ම වේ. එසේ නැතුව පැරා මෙහිදී ඈදීමට තැත් කරන සිංහල බෞද්ධ වීම එයට කිසිසේත්ම අදාළ නොවේ. පසුගිය දිනෙක සිය සිරුරට ගිනි තබාගෙන මියගිය භික්ෂුවගේ එම ක්‍රියාවද "කුඩා කාලයේ මහණ කරනු ලැබ අපචාරයට ලක් වූ මෙවැනි මහණුන්ගේ විකෘති චර්යාවක් " ලෙසින් විග්‍රහ කිරීමට පැරා කටයුතු කිරීමෙන්ම ඔහු සිය මානසික ව්‍යාධිය අන් අයට ප්‍රදර්ශනය කරනු ලබයි. එම භික්ෂුවගේ ගිනි තබාගැනීම, ඔහුගේ මානසික අසමතුලිතතාවය නිසා සිදුවූවක් බව සැබවි. එහෙත් එය ඔබ පවසනා පරිද්දෙන් කුඩා කාලයේ මහණ කරනු ලැබ අපචාරයට ලක් වීම හේතුවෙන් සිදුවූ විකුර්ති චර්යාවක් යයි පැවසීම හුදෙක්ම කන්නට වුවමනා වූවිට කබරගොයා තලගොයා කිරීමක් මිසක අන් කිසිවක් නොවේ. එහෙත් මැදහත් සිතකින් බලනා අයෙකුට හරකුන්ගේ ජීවිත වෙනුවෙන් ගිනිතබාගත් එම භික්ෂුවගේ මානසික ව්‍යාධියත්, පක්ෂයේ උන්නතිය වෙනුවෙන් සිරිකොත ඉදිරිපිට ගිනිතබාගත් පුද්ගලයාගේ මානසික ව්‍යාධියත් දෙකක් නොව එකක්ම වන බව පෙනෙනු ඇති.
    අවසන් වශයෙන්, මේ රටේ සිදුවෙන ඕනෑම දෙයකට සිංහල බෞද්ධයන්ව ඈදීමෙන් පැරාට නින්ද යනවා නම් ,මම කියන්නේ ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා. ඒත් පැරා අපි අවදියෙන් හොඳේ.......

    ReplyDelete
    Replies
    1. පැරාගේ ලිපියත් ඉතා හොඳයි.එය මැණිකක් නම් ඔබේ කොමෙන්ටුව තුලින් එය කපා ඔප මට්ටම් කර තිබෙනවා.ඇත්තෙන්ම බොහෝ භික්ෂූන් නිවන් මඟ වෙනුවට වෙනත් විකල්ප සොයා ගෙන සිටින නිසා ඔවුන් කිසියම් වෘත්තිකයාන් පිරිසක් බව සිතිය හැකියි.මෙවන් වෘත්තිකයන් හා ගිහියන් අතර කිසිම වෙනසක් නෑ.ගිහියන් විවාහ වී හෝ අනාචාරයෙන් තම ලිංගික අවශ්‍යතා ඉටු කර ගන්නවා.පන්සල් වල සිටින කාලීන බණ කියන වෘත්තිකයන් ට මේ අවශ්‍යතාව ඉටු කරගැනීමට ක්‍රමයක් නෑ.ඔවුනුත් ලේ මසින් හැදුන අය.ඉතින් ළමයෙක් මහන කරනවා කියන්නේ බඩගින්නේ සිටින කොටි රලක් මැද්දට මුව පැටියෙක් ගිහින් දානවා වගේ වැඩක්.ගිහි පැවිදි භේදයකින් තොරව නීතිය කේයාත්මක වනවා නම් කමක් නෑ.නමුත් මේ සිද්ධිඅයටනම් එහෙම වෙයි කියා අපි හිතන්නේ නෑ.ඇත්තටම පැවිද්දන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රවනතාවයක් තිබෙනවා.සමහර විට මේක ජාත්‍යාන්තර කුමන්තරණයක් ලෙස අර්ථ දක්වන්නත් ඉඩ තිබෙනවා.ඔය කියන වෙබ් අඩවියේම එක්කෙනෙක් කොමෙන්ට් එකක් දාල තිබුනා මේක පිටුපස අන්‍යාගමික බලවේග ඉන්නවලු.ඒ අයට ඕන බුදු දහම විනාස කරන්නලු.මේ කොමෙන්ට් පක්ෂව හා විපක්ෂව දමන්නේත් ඒ වෙබ් අඩවියෙ අයම තමයි.

      බලන්න අපේ ගමවල පන්සල් දිහා .ඒ අය හැසිරෙන්නේ ගිහියෝ විදියම නේද? මේවා දැනුවත් කිරීම හරහා ළමයින් මහන කිරීම අඩු වෙනවා නම් හොඳයි.

      http://samatamituru.blogspot.com/

      Delete
  3. හිටපු වාමාංශික, තක්කඩි, කුහක පෙනුමක් සහ ආත්මයක් උපතින්ම දෝත දරන් සිටින​, සිංහල බෞද්ධයාට කෙලවෙන කම් නින්ද නොයන පැරකුම් වගේ තක්කඩියන් සිංහල බෞද්ධ දරුවන් කෙරේ පතලවූ අපිරිමිත කරුණා දයාවෙන් මෙය ලියූවක් නොවන බව ඔහුගේ පැටිකිරිය දන්නාවුන් දනී. සිංහලයාට කෙලවිය හැක්කේ කොහෙන්ද , කවුරු මගින්ද යැයි උදේ නැගිටපු වෙලේ ඉදන් එදා වේල කරගත් මෙම ගොබ්බ, තක්කඩි, වාමාංශික කුහකයන් ගෙන් මෙවැනි ප්‍රශ්න වලට විසදුම් ලබා ගැනීම නොකල යුතුය​. මා දන්නා තරමින් කිසිදු දරුවකු බලහත්කාරයෙන් අල්ලා ගෙන ගොස් මහන නොකරති. බොහෝ අය සිය කැමැත්තෙන්ම කුඩා කල මහන වූ අයයි. මොහු උලුප්පා පෙන්වන කරුණු නැති බව නොකියමි. එය සමාජ ගැටලුවක් විනා ශාෂනික ගැටලුවක් නොවන බවයි මගේ හැගීම​.
    උතුරේ දෙමල සංධානය ඇමතිකම් බෙදා ගැනීමේදී කුලල් කා ගන්නා හැටි මේ කුහක තක්කඩියාට නොපෙනේද​? මැතිවරනයට පෙර TNA එකෙන් ඉදිරිපත් කරපු විග්නේස්වරන් ඇතුලු නඩයේ සට්ටබි වැඩේ කරපු පැරකුම් දැන් TNA එකේ පැන නැගී ඇති තත්වය ගැන නිහඩ විමෙන්ම මුන්ගේ කුහක ආත්මයන්ගේ කැත කම ඔප්පු වේ. අදෝමයි!

    ReplyDelete
    Replies
    1. කුඩා ලමුන් කැමැත්තෙන් මහණ වෙන්නේ නෑ.ඔවුන් කැමති සෙල්ලම් ජීවිතයකට.ආර්ථික ප්‍රශ්න නිසයි මහණ වෙන්නේ.පන්සලේ සෙල්ලම කියල කට වහරේ තිබෙන්නේ සමලිංගිකත්වයට.මේ තිත්ත ඇත්ත තේරුම් ගන්න ඕන.

      Delete
    2. කොහෙද යකෝ ජිවිතේ ගැන කලකිරිලා මහන උනු පුංචි ළමයි ඉන්නේ ?පුලුවන්නම් එකෙක් පෙන්නපිය.හැමෝම මහන කරලා තියෙන්නේ එක්කෝ දෙමව්පියන්ට ළමයි මහන කරන එක මහා විශාල පුන්‍යකර්මයක් යයි කාරණා කියල දීල නැත්නම් ඒ ළමයින්ට මොකක් හරි නරක කාලයක් හෝ දෙමව්පියන්ට නරක කාලයක් හෝ ඇති බැවින් ඒ ළමය මහන කල යුතු බවට කේන්දර කාරයින්ගෙන් ලැබෙන පුහු බේගල් නිසා හෝ පව්ලේ මාමා කෙනෙකු මහන වී ඇති නිසා හෝ දුප්පත් කම නිසාය.
      නොදන්නා රෙද්දවල් නොකිය හිටපිය

      Delete
    3. meka mona higannekda?

      Delete
  4. බුදුන් ගේ පුතාටත්, රාහුලත් පන්සලට එක්ක ආවම පස්සේ අතවර සිද්ධ උනා. ඊට පස්සේ ඇතැම් නීති දැම්මා මෙව්වා වලක්වා ගන්න.
    මගේ අදහස නං බුදුන්ට කරන්න තිබ්බේ රාහුලටත් අතවර වූ නිසා කුඩා ළමුන මහන කිරීම නවත්තා දමන්න.

    සමහර විට එයාත් පිරිමින්ට අසා කෙනෙක් වෙන්න ඇති. මොකද කසාද බැඳලා අවුරුදු ගානක් යසෝදරාට ළමයි හිටියේ නෑ. දහයකටත් වඩා වැඩි කාලයක්. ඉතිං එක පාරම ළමයකේ හම්බ උනාම සිද්ධාර්ථ කිව්වා බන්ධයක් ඇති උනා කියලා. ඒ කියන්නේ යශෝධාරගේ බන්ධයක් ඇති වෙලා, නමුත් කාත් එක්කද?
    ළමයා හින්දා තමයි ගෙදරින් යන්න ගියේ සිද්ධාර්ථ, මෙතන තිබෙනවා විසදා ගත යුතු දෙයක්.

    චන්න ඇමති සමග සිද්ධාර්ථ ගේ සම්ප ඇසුරක් තිබුනා. ඇතැම් විට එයාත් යසෝදරා දැනගෙන ඉන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඔයා කොහොමද දැනගත්තේ මෙයා ...?

      Delete
    2. මේ සයිලන්ට් ශාන් කියන්නේ ක්කාගේ බ්ලොග් එකට ගිහිං ආත්ම ගෞරවේ බල්ලට දාලා කිච වෙන හාදයා නේද?
      ඔයා පව් මෙයා

      Delete
    3. මචන් හැම වෙලේම සීරියස් ඉන්න ඕනේ කියලා දෙයක් නැහැ .. විනෝදශීලී පෝස්ට් වලට මොනවා හරි විහිළුවක් කරලා එන එක ආත්ම ගෞරවේ බල්ලට දැමීමක්ද ...?

      Delete
    4. පර බල්ලෝ තෝ කියන අවශ්‍යතාවය උන් වහන්සේට තිබ්බා නම් අවුරු 06 දුස්කර ක්‍රියා කරමින් යන්ඩ ඕනෙද​? කෙලින්ම චන්නත් එක්ක පලා ගියා නම් හරිනේ.

      Delete
    5. එතකොට ජේසු කරපුවා අපි දන්නේ නැහැ කියලද කියන්නේ ? ජේසු බබාද ?

      Delete
    6. මේ කතාව නම් බුදුන් වහන්සේට ද්වේශ සහගතව පහර දීමට හදපු එකකි.මේ වගෙ කොමෙන්ට් නිසයි වැරැද්ද කළේ කවුද කියල බලන්නෙ නැතිව පහර දෙන අපිත් පසුබට වෙන්නෙ

      Delete
  5. සිවුරට මුවා වෙලා නටන නාඩගම් නම් ඉක්මණටම නවත්තන්න ඕනේ... ඒකට එකඟයි....

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++
      එහෙම නොවුනොත් වෙන්නෙ සමස්ත සංඝ සංස්ථාව ගැන විතරක් නොවෙයි බුද්ධාගමත් එපා වුන පිරිසක් ඇති වීම.කියමනක් තිබෙනවා පැවිද්දාටයි සෙබලාටයි නීති නැත කියලා.කොහොමටත් මෑතක සිට පැවිද්දන් අපචාර අපරාධ කරන්න සිවුර ආවරනයක් කරගෙන.මේව අන්‍යාගමික කුමන්ත්‍රන,රටට හතුරු බලවේග, කිය කිය හැම දාම කියල හරියන්නෙ නෑ.මොකද ජනතාව සදාකාලිකව රවටන්න බෑ.

      මෙහි අවසාන වාසිය ඇත්තටම ඔය කියන අබ්ලවේග වලට ලැබෙනවා මේ විදියට දිගටම ගියොත් .මොකද මේ අයට රැකවරනය දෙන අය ගැනත් අන්තිමට ජනතාව කලකිරෙන්න ඉඩ තිබෙනවා.මේක දිගටම ගිහින් අවසාන වාසිය කොටියටම ලැබෙයි.හැබැයි එහෙම වුනත් මේ වැරදි දිගටම ඉවසන්න සමාජය සූදානම් නෑ කියලයි මට හිතෙන්නෙ.

      Delete
  6. හමුදුරුවො කියන්නෙත් අපි වගේම මිනිස්සුනේ.හිරවෙලා තියන ලිංගික ආශාව කොහෙන් හරි පිටාර යන්නත් එපැයි.අනාදිමත් කාලයක සිටම පන්සල් අශ්‍රිතව සාමනේරවරු අපචාරයට ලක් වෙනවා.මෙය නැවතිය යුතුමයි.ඒ වගේම භික්සුන් වහන්සේලා සමලිංගික ක්‍රියාවන්ට ඇබ්බහි වීම් සුලබයි.පන්සල් අශ්‍රිතව විශම ලිංගික ක්‍රියා සිදුවිම අවුලක් නෑ."බෞද්ධ ලිංගික පීඩනය" තමා මේ ඔක්කොටම මුල..........

    ReplyDelete
  7. ඔබ කාලෙකින් ආයෙත් සැරයක් අමන තර්ක ඇතුලත් ලිපියක් ලියල තියෙනවා, හැබැටම ඔබ පරිනත තර්ක ඉදිරිපත් කරමින් ඉන්න අතරේම මෙසේ අමන තර්ක ඉදිරිපත් කරන්නේ කොහොමද?
    ඔබේ තර්ක දෙකක් වැරදියි..

    1. ළමයින් මහන කිරීම නිසා ළමා අපචාර ඉහල ගොස් ඇත.

    ඔබ සඳහන් කරන සිද්ධිය ගැන රටේ නිතිය අකුරටම ක්‍රියාත්මක කල යුතුය. ඒගැන වාදයක් නැත. එයට මම 100%ම එකඟය .විවිධ හේතුන් නිසා විවිධ අධිකරණයන් තුල විත්ති කරුවන් ලෙස පෙනී සිටින භික්ෂුන් වහන්සේලා මා දැක ඇත.එහෙත් එනිසා එම වයස් කාණ්ඩවල අය මහන නොවී සිටිය යුතුය කියා බෞධාගමිකයෙකු වන මට කිසිදිනෙක වත් සිති නැත. කුඩා ළමුන් මහන නොකළ යුතුය කියා ඔබ කියන්නේ කෙසේද? නිර්-ආගමිකයකු වන ඔබට බුදු සසුන ගැන මතයක් පල කිරීමට සදාචාරාත්මක අයිතියක් හෝ බලයක් තිබේද? ඔබ විනය පිටකය මදක් කියවීමට කාලය යෙදුවොත් එහි තම භික්ෂුත්වය නැතිවන තරමට (පාරාජිකා වුන )බොහෝ වැරදි කල භික්ෂු භික්ෂුන්ගේ කථා විශාල ගණනක් ගැන බුදු රජුන් විසින් ගත නියමයන් ඔබට දකින්නට ලැබේවි.නමුත් ඒ එකම කතාවකවත් ඒ ගනයේ අය මහන නොවිය යුතුය කියා බුදුන් වහන්සේ නියම කර නොමැත. එබැවින් බුදුන් වහන්සේටත් වඩා ඉහලින් සිතීමට තරම් ඔබේ බුධිය ඉහල යයි අපට පිළිගන්න ඔබ සිතනවාද?
    2. ගව ඝාතනයට විරෝධය පල කිරීමට තමන් වහන්සේ විසින්ම තම සිරුරට ගිනි තබාගෙන අපවත්වූ බෝවත්තේ ඉන්ද්‍රසාර හිමියන්ගේ ජිවිත පුජාවද ඔබේ ළමා අපචාර තර්කය සනාථ කිරීමට යොදා ගෙන ඇති අතරම, එම හිමියන්ට අපහාස කිරීමට අවස්තාවක් කරගෙන තිබෙනවා.
    ඒ හිමියන්ගේ ජිවිත කතාවේ කොතැනක හෝ ඔබේ ලිංගික අපචාර තර්කය සනාථ කිරීමට සාධක තිබෙනවාද? තිබෙනවා නම ලියන්න.නිකම් හිතට එන කුනුකන්දල් ඒ විදිහටම වමාරන්න තරම් පහත් මට්ටමට වැටෙන්න එපා.

    අන්තිමට ඔබට කියන්න තියෙන්නේ සාසනයි පඬු හැලියයි ආරක්ෂා කරන එක අපි බලා ගන්නම්.එකට බෞධයෝ වෙච්ච අපිට අයිතියක් හා බලයක් තියෙනවා.ඔබ ඔබේ වැඩක් බලා ගන්න.

    ReplyDelete
    Replies
    1. //ඔබේ තර්ක දෙකක් වැරදියි..

      1. ළමයින් මහන කිරීම නිසා ළමා අපචාර ඉහල ගොස් ඇත.//
      ඔබ කියන පළමු තර්කය පැරාගෙ ලිපියේ කොතනද තිබෙන්නෙ?
      A. Fernando

      Delete
    2. අපි දන්නවනෙ බන් අපේ පන්සල් වල හාමුදුරුවරුන්ගෙ හැටි, නිකන් බොරු බයිල කියන්නෙ නැතුව පන්සල් වල සිද්ධ වෙන දේවල් ගැන හොයල බලන්න..... ඕක ඔය විදියටම පල්ලි වලත් සිද්ධි වෙනව, පල්ලි වල අනුග්‍රහයෙන් කරන ළමා නිවාස වල ෆාදර්ලත් ඔය වැඩේ ජයටම කරනව, සිංහල බෞද්ධයො කියන උන් අනිත් හැම එකාගෙම ආගම වල තියෙන අඩු පාඩු කතා කරනව උන් අදහනව කියල කෙප්පෙ ගහගෙන ඉන්න එක ගැන කතා කරොත් ඩෝන් යනව, මොන ආගමකින් උනත් සිදු කරනු ලබන ක්‍රියාකලාපයන් තුලින් ළමා අපචාර සිද්ධ වෙන තැනට ඒක, ඒ ක්‍රියාවන් තුලින් පත් වෙනව නම් වැරදිනෙ.
      1.මුස්ලිම් අය බාල වයස්කාර ගෑනු ලමයි බැද ගන්න එක වැරදි
      2.පන්සල වල පොඩි ලමයිව මහන කරල ලොකු හාමුදුරුවරු පොඩි උන්ට අතවර කරන එකත් වැරදි
      3.පල්ලි වල ෆාදර්ල නේවසිකාගාර වල පොඩි ලමයින්ට අතවර කරන එකත් වැරදි
      4.හින්දු ආගම අදහන අයගෙ ඕක වෙන්නෙ කොහොමද කියල නම් දන්නෙ නෑ දන්න කෙනෙක් ඉන්නව නම් අපිටත් කියන්න
      5.නිදහසේ ඉන්න මිනිස්සු නම් ඔය වගේ වැඩ වලට යොමු වෙනව අත්තෙ කලාතුරකින් වගේ, මානසික ලෙඩ තියෙන උන්.

      Delete
  8. Please check this :-(
    http://jafrianews.com/2013/06/09/saudi-prince-kidnap-rape-murder-finally-dumps-saudi-girls-body-on-street-and-escorts-free-in-saudi-arabia/

    ReplyDelete
  9. ඔය වගේම මුස්ලිම් විවාහ නීතිය වෙනස් කරන එක ගැන කතා කලොත් මොකද? අවුරුදු 18ට අඩු ගැනු ලමයි කසාද බඳින්න තහනම් සිංහලයන්ට විතරයි.. මුස්ලිම් මනුස්සයෙක් අවුරුදු 12ක විතර ගෑනු දරුවෙන් බැඳගත්තම ඒක ලමා අපචාරයක් නෙමෙයිද? ඇයි එක එක අයට එක එක නීති?

    ReplyDelete
    Replies
    1. ඇර සොයිසා..... දීපං පැරා උත්තර...

      Delete
  10. දෙමාපිය රැකවරණය යටතේ ඉන්න ඔනි වයසේ ළමුන් ඉන් ඈත් කර තැබීම ඇත්තටම වැරදියි.දෙමව්පියන් මෙන් වෙන කිසිවෙකු දරුවෙකුට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා වෙන් සලකන්නේ නැති බව බුදුන්වහණසේ ගේ ධර්මය තුල ම සඳහන්.
    ස්වාධින තීරණ ගත හැකි වයසට පත් වූ අයෙක්, ස්ව කැමැත්කෙන් ම පැවිදි දිවියට ඇතුලත් වීම තමයි සුදුසු.ඒ ලෙසට පැවිදි දිවියට ඇතුලත් වූ අය ඔනෑ තරම් සිටිනවා.

    ReplyDelete
    Replies
    1. ජයශ්‍රී මහතා,
      බුදුන් වහන්සේ කිසිවකුගෙන් වත් නොවිමසා සත් හැවිරිදි රාහුල කුමාරයා මහන කිරීම ගැන ශෝකවූ ශුද්ධෝදන රජුගේ ඉල්විම මත කුඩා ළමුන් මහන කිරීම නොකළ යුතුය කියා විනය නියමයක් පැනවීම නිසා පසු කලෙකදී දෙමව්පියන්ගේ අභාවය නිසා අසරණවූ කුඩා ළමුන් දෙදෙනෙකුට සරනක් විය නොහැකිව ලතවූ ආනන්ද හිමියන්ගේ අයදුම පරිදි බුදු රජාණන් වහන්සේ විසින් එම නිතිය ශන්ශෝධන කලේ ගල් කැටයක් ගසා කපුටෙක් එළවීමට තරමට වයස් ඇති දරුවන් මහන කිරීමට අනුමැතිය දීමෙන්ය.

      අද රටේ ප්‍රශ්නය බිලියන1.5 ක් පමණවූ බෞධයන්ගේ ආගමික අවශ්‍යතා ඉටු කිරීමට සක්‍රියව දායකවීමට ඉන්නේ 15000 ක් පමණවූ භික්ෂුන් වහන්සේලා ගණනකි.(ආරණ්‍ය වාසි හා අසපු වාසි භික්ෂුන් වහන්සේලා ගිහියන්ගේ පිරිත්,දාන,අවමංගල්‍ය කටයුතු වලට සහභාගී වන්නේ නැත.)
      අද දින මා සහභාගිවූ දානමය පිංකම කලේ පරිපාලන සේවයේ ඉහලම තනතුරක් දරන මහතෙකුගේ ගෙදරදීය.දානයට හාමුදුරුවරු
      10 නමකට ආරාධනා කලද පැමිණියේ 9 නමක් පමණි. ඒ සඳහාද පන්සල් 7කට යාමට සිදුවිය. පැමිණි හමුදුරුවරුන්ගෙන්ද උපදම්පදා මට්ටමේ සිටි හාමුදුරුවරුන් සිටියේ 4 නමක් පමණි.ඉතිරි 5ස් දෙනා වහන්සේම ඔබේ වචනයට අනුව දෙමව්පිය රැකවරණය යටතේ සිටිය යුතු සාමනේර හිමිවරුන්ය.පරිපාලන සේවයේ ඉහලම තලයේ සිටින අයට පන්සලෙන් ලැබෙන අනුග්‍රහය එසේ නම් මා වැනි සාමාන්‍ය අයෙකුගේ දානයකට ඉදිරියේදී කොපමණ භික්ෂුන් වහන්සේලා ප්‍රමාණයක් ලබා ගත හැකිවේද?
      වර්තමාන සමාජයේ භික්ෂුන් වහන්සේලාගේ අඩුපාඩු පමණක්ම දකින අය ග්‍රාම වාසි භික්ෂුන් වහන්සේලාගේ අඩුව පුරවන්න මොනවද කරලා තියෙන්නේ? පිළිවෙත් රැකීම පැත්තකින් තියන්න. පැරාට මහන වෙන්න පුලුවන්ද?නැත්නම් ඔහුගේ පුතෙකු,සහෝදරයෙකු, මහන කරවන්න පුලුවන්ද? ඔබට් හෝ මට මහන වෙන්න පුලුවන්ද?

      Delete
    2. මොන මගුලක් කරන්නද බන් මහන වෙලා පැරා ඔය පන්සල් වල හාමුදුරුවො කරනවට වඩා වැඩි යමක් කරනව කියලයි මට හිතෙන්නෙ

      Delete
    3. අඩු තරමේ JVP එකට බැහැලා වැඩ කරන හාමුදුරුවරුන්ට බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක්ව සිටියදීම හොඳ මාක්ස්වාදියෙකු වෙන්නේ කොහොමදැයි කියල දුන්නොත් පැරා කරන ලොකු සේවයක්. මම කියන්නේ උඩ කැන්දෙවෙල සිරි සරණකර හිමි, නාරාවිල ධර්මරත්න හිමි වාගේ හාමුදුරු නමක් වගේ වෙන්න බැරි නම කොටගම වාචිස්සර හාමුදුරුවෝ වාගේ විවේචනාතම්ක මනස වර්ධනය කරගත් හාමුදුරු නමක් වෙන හැටි වත් කියල දුන්නොත් ඒක ලොකු සේවයක් .

      Delete
  11. පැරා ට ප්‍රශ්න (කඩේ යන්නන්ට සහ හබන් කුකුලන්ටද පිළිතුරු සැපයීමට හැක)

    1 . එසේනම් මහන කිරීමට සුදුසු වයස කුමක්ද ?

    2. මුස්ලිම් උන් අතර ඇති බාල වයස්කාර විවාහ පිළිබද ඇති විවේචනය කුමක්ද ?

    3. මෙම වීඩියෝව ගැන කීමට ඇත්තේ කුමක්ද ?
    http://privatehomeclips.com/videos/sri-lankan-nun/

    මෙයට දෙනු ලබන පිළිතුරු අනුව ඉතිරි ප්‍රශ්න අසනු ලැබේ

    ReplyDelete
    Replies
    1. පුංචි බණ්ඩා මහත්මයා,
      බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි සමයේ ම කුඩා ළමුන් මහණ කිරීම විවාදාපන්න කාරණයක් ව තිබුණා.දෙමාපිය අවසරයකින් තොරව ළමුන් මහණකිරීම වලක්වමින් විනය නීතී පැනවූනේ ඒනිසා.ඒ සුද්දෝධන රජතුමා ගේ ඉල්ලීම මත.ඒ වගේම හොදන් බලන්න රහතුන් වහන්සේලා ගේ චරිත කථා.සුනීත,සෝපාක,රාහුල,කුමාර කාශ්‍යප වගේ කීප නමක් හැර බහුතර රහතන්වහන්සේ පැවිදි දිවියට ඇතුලත් වන්නනේ ළමා වියේ දී නොව තරුණ වියේදී.සිදුහත් කුමරුන් පවා විමුක්තිය සොයා ගිහිගෙය හැර යන්නේ තරුණ වියේදී.ළමා වියේ දරුවන්ට රැකවරණය ඇත්තේ දෙමාපියන් ළඟ.
      (කඩේ යන්නෙකු හෝ කුකුලෙකු නොවෙමි)

      Delete
    2. ඔබේ අදහස ගැන කිසිදු විවාදයක් නොමැත, බුදුන්වහන්සේ ළමයින් මහන කිරීම සම්බන්දයෙන් විනය නීති පනවා ඇති අතර ළමයින් මහන කිරීමට එපා යයි විනය නීති පනවා නොමැත. පළමු ප්‍රශ්නය ඇත්තෙන්ම ඔබවැනි දැනුම් තේරුම් ඇත්තන්ට නොව පැරා ධර්මය ගැන අවබෝධයක් නොමැතිව ලිපි ලියන පුද්ගලයන් වෙතයි. මා මේ ප්‍රශ්න තුනෙන් තේරුම් කිරීමට අදහස් කලේ. මාර්ගපල අවබෝද කල උත්තමයෙකුට හැර අන් සියලුම මිනිසුන්ට ලිංගික ආශාවන් ඇතිවීම වලක්වා ගත නොහැකි අතර මහන වුනු පලියට ලිංගික ආශාවන් නැති කෙනෙකු නොවන නිසා සිදුකල යුත්තේ ඒ සදහා පිළියම් යෙදීම විනා මහන කිරීම අතහැරීම නොවේ. පැරා වැනි මිත්‍යදුෂ්ටිකයන් (එළියෙන් අදුරට යන්නන්) තේරුම්ගත යුතු එක දෙයක් ඇත, ඕනෑම සතෙකුගේ හැසිරීම් වටපිටාවට අනුව වෙනස් වන බවයි.

      Delete
    3. ඒ පුංචිබන්ඩො ඇයි හමුදුරුවරුන්ගෙත් ඔය වගේ වීඩියො ඕන තරම් තියෙන්නෙ ඒවත් දාපන් ඉතින්, ඇයි උබ බෞද්ධයෙක් නිසා හාමුදුරුවන්ට විශේෂ ගරුකිරීමක් කරනවද?

      Delete
    4. @Samantha Perera ගොන්සන් මම උඩින් කියල තියෙන දේ කියවලා බලාපන් සිංහල තේරෙනවද ?. ටිකිරි මොලේට තේරෙන්නේ නැත්නම් ඉතින් කරන්ඩ දෙයක් නැහැ. විඩියෝ එක දැම්මේ පැරා කියල තියෙන ගොන් කතාව පැහැදිලි කරන්න. නැට්ට පාගාගෙන නැටුවට වැඩක් නැහැ. ඕක හම්දුරු කෙනෙක් කරනවද, සිස්ටර් කෙනෙක් කරනවද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. වළක්වන්නේ කොහොමද කියන එක.

      Delete
    5. පැරා කියල තියෙන ගොන් කතාව පැහැදිලි කරන්න නෙවෙයි උබේ අවිඥාණය තමයි ඔතනදි උබ පෙන්නුම් කරල තියෙන්නෙ.

      Delete
    6. This comment has been removed by the author.

      Delete
  12. අපි දන්නවනෙ බන් අපේ පන්සල් වල හාමුදුරුවරුන්ගෙ හැටි, නිකන් බොරු බයිල කියන්නෙ නැතුව පන්සල් වල සිද්ධ වෙන දේවල් ගැන හොයල බලන්න..... ඕක ඔය විදියටම පල්ලි වලත් සිද්ධි වෙනව, පල්ලි වල අනුග්‍රහයෙන් කරන ළමා නිවාස වල ෆාදර්ලත් ඔය වැඩේ ජයටම කරනව, සිංහල බෞද්ධයො කියන උන් අනිත් හැම එකාගෙම ආගම වල තියෙන අඩු පාඩු කතා කරනව උන් අදහනව කියල කෙප්පෙ ගහගෙන ඉන්න එක ගැන කතා කරොත් ඩෝන් යනව, මොන ආගමකින් උනත් සිදු කරනු ලබන ක්‍රියාකලාපයන් තුලින් ළමා අපචාර සිද්ධ වෙන තැනට ඒක, ඒ ක්‍රියාවන් තුලින් පත් වෙනව නම් වැරදිනෙ.
    1.මුස්ලිම් අය බාල වයස්කාර ගෑනු ලමයි බැද ගන්න එක වැරදි
    2.පන්සල වල පොඩි ලමයිව මහන කරල ලොකු හාමුදුරුවරු පොඩි උන්ට අතවර කරන එකත් වැරදි
    3.පල්ලි වල ෆාදර්ල නේවසිකාගාර වල පොඩි ලමයින්ට අතවර කරන එකත් වැරදි
    4.හින්දු ආගම අදහන අයගෙ ඕක වෙන්නෙ කොහොමද කියල නම් දන්නෙ නෑ දන්න කෙනෙක් ඉන්නව නම් අපිටත් කියන්න
    5.නිදහසේ ඉන්න මිනිස්සු නම් ඔය වගේ වැඩ වලට යොමු වෙනව අත්තෙ කලාතුරකින් වගේ, මානසික ලෙඩ තියෙන උන්.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා