Posts

Showing posts from October, 2013

උන්ට චොගම් - අපට හුළං

Image
චොගම් ආණ්ඩුවේ ඇම්බැට්ටයන්ට හොඳ හොද්දක් වී ඇති බව පෙනේ.  ‍මේ දිනවල කතා කෙරෙන ආකාරයට චොගම්හි අති සාමාන්‍ය වූ වෙබ් අඩවිය වෙනුවෙන් ඕස්ට්‍රේලියානු සමාගමකට රු. මිලියන 15ක් ගෙවා තිබේ. චොගම් ආරම්භක උළෙලේ සංගීතමය වැඩසටහන වෙනුවෙන් භාතිය සන්තුෂ්ලාට රු. මිලියන 10ක් ගෙවා තිබේ.  මේ කොන්ත්‍රාත්තු ලබා දුන් අය ඒ වෙනුවෙන් සෑහෙන කොමිස් මුදලක් ලබා ගන්නා බව අනුමාන කළ හැකි ය. හෝටල් කාමර, ප්‍රවාහන සේවා වැනි මෙකී නොකී හැම දෙයකින් ම පාහේ ආණ්ඩුවේ ඇම්බැට්ටයන් හොඳට ගරන බව පෙ‍නේ.  එසේ සිදු වන්නේ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව කොළඹ පැවැත්වීම  ම හේතු කරගෙන අර්බුදයක් මතු වී, එහි ප්‍රධාන අනුග්‍රාහකයන් දෙදෙනෙකු වන කැනඩාව හා එක්සත් රාජධානිය සිය මුල්‍ය දායකත්වයන් ඉවත් කර ගන්නා බව නිවේදනය කර තිබියදී ය. මේ යන ආකාරයෙන් පෙනෙන්නේ පශ්චාත් චොගම් යුගය තව තව පටි තද කර ගන්නට සිදු වන අලුත් අලුත් බදු එන සමයක් වනු ඇති බවයි. සූදානමින් ඉන්න. මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න Read in English blog.parakum.com

සුදු වෑන් කතාවලට වගකිව යුත්තේ එක්කෙනා දෙන්නා ද?

Image
ලීනා මනිමේකලෙයි (දකුණේ) ලංකාවේ වෑන්වලින් වැඩි හරියක් සුදු පාට ය. ආරක්ෂක අංශවලට සම්බන්ධ නිල නො වන ඝාතක කල්ලි විසින් සුදු වෑන් ම තෝරා ගන්නට ඇත්තේ සාක්කිකරුවන්ට ඒවා මතක තබා ගැනීම පහසු නො වන නිසා විය හැකි ය.අනෙක් පැත්තෙන් ඒවා ජීප් මෙන් ආරක්ෂක අංශ හා දේශපාලනඥයන් විසින් වැඩිපුර භාවිතා කරන වාහන විශේෂයක් නො වේ. ඒවායේ කාර්වලට වඩා ඉඩකඩ තිබේ. විශේෂයෙන් ම පුද්ගලයෙකු හා අවි ආයුධ සඟවා ගෙන යන්නට ඒවායේ ඉඩකඩ ප්‍රමාණවත් ය. ඕනෑවට වැඩිත් නැත. ‍සුදු වෑන් ලංකාවේ පැහැරගෙන යාමේ, නීති විරෝධී අන්දමින් මරා දැමීමේ හා අතුරුදහන් කිරීමේ ක්‍රියාවලියේ සංකේතය බවට පත් වුණේ මාධ්‍ය ප්‍රබන්ධ නිසා ය. කෙසේ වෙතත්, මේ දවස්වල සුදු වෑන් සංස්කෘතියේ පසුබෑමක් තිබේ. සුදු වෑන් හා තවත් දේ ඔස්සේ නිර්මානය කරන ලද භීෂණය හා ප්‍රෝඩාව මගින් මේ වන විට සමාජය නිර්වින්දනය කර හමාර ය. ඒත්, පාක් කර තිබෙන මේ සුදු වෑන් ඕනෑ ම මොහොතක එළියට එන්නට පුළුවන් ආකාරයේ පසුගාමිත්වයක් ලාංකීය සමාජයේ තිබේ. ඒ නිසා කවුරු කවුරුත් පරිස්සම් විය යුතු ය. හැබැයි, සුදු වෑන්, මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, යුද අපරාධ, සංහාර, මානව වර්ගයාට එරෙහි අපරාධ ආදිය පිළිබඳ

වෘත්තීය සමිති ව්‍යාපාරය හෙවත් බිස්නස් එක

Image
වර්තමාන වෘත්තීය සමිති ව්‍යාපාරය දෙස බැලුවා ම දැකිය හැකි ප්‍රධාන ලක්ෂණ කීපයක් තිබෙනවා. වෘත්තීය සමිති හා ‍දේශපාලනය අතර ලොකු සම්බන්ධයක් නැහැ. වෘත්තීය සමිති දේශපාලන මැදිහත්වීම්වලට වඩා අවධානය යොමු කර තිබන්නේ වෘත්තීය ඉල්ලීම්වලට විතරයි. වෘත්තීය සමිති හා සාමාජිකයන් අතරත් ලොකු බැඳීමක් නැහැ. සාමාජිකයෝ වෘත්තීය සමිති කටයුතුවලට එතරම් සම්බන්ධ වන්නේ නැහැ. යම් යම් අවස්ථානුකූලව ඔවුන් වෘත්තීය සමිතියේ නායකත්වය යටතේ කටයුතු කළත්, ප්‍රශ්නය යටපත් වූ පසු ඔවුහු වෘත්තීය සමිතිය අතහැර දමනවා.  සාමාජිකයෝ වෘත්තීය සමිතිවලට පිටින් සිය ප්‍රශ්න සඳහා විසඳුම් සොයනවා.රාජ්‍ය අංශයේ නම්, මේ සඳහා දේශපාලනය බහුලව භාවිතා වෙනවා. වෘත්තීය සමිති නායකත්වය අත් පත් කරගෙන ඉන්න අය සිය තනතුරු බලය සඳහා උපයෝගී කර ගන්නවා.සමහරු දේශපාලකයන්ගෙන් වාසි ප්‍රයෝජන ගන්නවා. තවත් සමහරු රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපෘතිවලින් මුදල් උපයනවා. මේ හේතු නිසා මොවුන් නායකත්වය අතහරින්න අකැමැතියි. ඒ නිසා තනතුරුවල එල්ලී සිටින්නට ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රියාමාර්ගවල යෙදෙනවා.  වෘත්තීය සමිතිවල කටයුතු මේ වන විට ප්‍රධාන වශයෙන් ම සිදු වන්නේ ජනමාධ්‍ය නිවේදන හරහායි. සම

ගෝඨාභය හා බැසිල් ආපසු ආ හ. සෝමවංශ අමරසිංහගේ පුතා එහි පැළ වුණේ ය

Image
අප විසින් කලින් ලියන ලද ලිපිය ( කියවන්න: ජීවිතය සොයා රට යනවද? දෙපා යට ඇති ජීවිතය ගොඩ ගන්නවද? ) අපේ ඇතැම් විදෙස් මිතුරන්ගේ හිත් අමනාපයට හේතු වී ඇති බව පෙනේ. එබැවින් එම මාතෘකාව පිළිබඳව වැඩිදුර කතා කිරීමට සිතුවෙමි. ඇතැමෙක් එය ගත්තේ තමන් කාලා ඇඳලා ඉන්නවාට ඇති ඉරිසියාව නිසා ලියූ කුහක ලිපියක් ය කියා ය. මගේ ලිපිය රැකියා සඳහා විදේශගත වූවන්ට අදාළ වන්නේ නැත. ඔවුහු ඇත්තෙන්ම මේ රටේ ජීවනාලියයි. අපේ රටේ ආර්ථිකය දරා සිටින ප්‍රධාන කුළුණ ඔවුහු ය. මා මේ කතා කරන්නේ ජාතිය වෙනස් කිරීම ගැනයි. මගේ මූලික තර්කය වන්නේ අලුත් දෙයක් නොව, බුද්ධි ගලනය අපේ සමාජයේ උන්නතියට බරපතල බාධාවක් බවයි. බුද්ධි ගලනය ගෝලීයකරණයේ වර්ධනයත් සමග තීව්‍ර වී තිබේ.  කොටින් ම, ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින පසුගාමී ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යවල ජීවත් වන මිනිසුන්ගේ මූලික පරමාදර්ශයක් වන්නේ කිසියම් දිනෙක තමන්ගේ පරම්පරාව ස්ථිරව රට හැර ගොස් වෙනත් රටවල පුරවැසිභාවය ලබා ගැනීමයි. ඔවුන්ගේ දේශප්‍රේමයේ සීමාව ද්විත්ව පුරවැසිකමයි. මේ ද්විත්ව පුරවැසියන්ගේ පළමු පරම්පරාව ඇත්තෙන් ම රටේ පැවැත්මට ගැටලුවකි. මේ මොහොතේ එය දෙමළ සමාජයට තදින් දැනෙමින් තිබේ. ව

ජීවිතය සොයා රට යනවද? දෙපා යට ඇති ජීවිතය ගොඩ ගන්නවද?

Image
අද මං ටිකක් මගේ ජීවිතය ගැන කතා කරනවා. එහෙම කතා කරන්නේ පම්පෝරියකට නොවෙයි. හේතුවක් ඇතිවයි. සෙනසුරාදා මට හරි ම කාර්ය බහුල දවසක්. ඉරිදා නිකුත් වන ඉංග්‍රීසි පත්තරයකට අවශ්‍ය පරිවර්තන වැඩ යෙදෙන්නේ එදාට. කලින් දවසේ කිසියම් වයිරස් ප්‍රහාරයක් නිසා සිංහල අඩපණ වී තිබුණ නිසා බ්ලොගය යාවත්කාලීන කරන්නත් බැරි වුණා. වැඩ කරමින් ඉන්න අතරමගදී තමයි පරිගණකයේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ලෙඩ දෙන්න ගත්තේ. අන්තිමේදී වැඩ ටික ඉවර කළේ කැෆේ එකකදීයි. අපේ මරුති කාර් කට්ටේ බැටරිය බිංදුවට ම බැහැලා. ඒ නිසා කොම්පියුටරෙත් පස්සෙන් දාගෙන පල්ලමේ තල්ලුවක් දාලා පණ ගන්වාගෙන මුලින් ම ගියේ කාරයට අලුත් බැටරියක් දාගන්න. ඉන් පසුව ගිහින් පරිගණකය ෆෝමැට් කර ගත්තා. ගෙදර කරනවාට වඩා ඉක්මණින්, හොඳට වැඩේ කෙරුණා. රුපියල් හාරසිය පණහයි ගත්තේ. කාර් එකේ ටයර්වල කම්බි කැඩිලා. කැන්වස් මතු වෙලා. කලින් ඉස්සරහා ටයර් එකක් දාලා අනෙක් පැත්තට අමතර රෝදය දැම්මා. පස්සටත් ටයර් දෙකක් දාගත්තා. ගෙඩි රුපියල් ම විසිදාහක් විතර වියදම් එක දවසින්. ටයර් කඩේ මුදලාලි කිව්වා, නැන්කැන් කියලා රට ටයර් එකක් දාගන්න කියලා. රුපියල් අටසීයක් විතර මිළ වැඩියි. මම ඇහුවා, ඒකෙ හොඳ ම

අධිවේගී මාර්ගයේ හෙවත් සිංහලෙන් හයිවේ එකේ පයින් යාම

Image
මේ දිනවල අපි අධිවේගී මාර්ගයක පයින් යමින් සිටිමු. පයට පෑගෙන තාර පොළව පයට සැප වුවත්, නැතත්, අප උර මත ඇත්තේ දැවැන්ත ණය කන්දරාවකි. මේවා ආපසු ගෙවිය යුත්තේ අප ය. මේ සංවර්ධනයේ ප්‍රතිලාභ අපේ ජීවිත වෙත ළඟා නො වේ නම්, අප මේ ණය කන්දරාවට කර ගැසීමේ තේරුමක් නැත. කොටින් ම කියනවා නම්, සංවර්ධනයත් සමග අපේ ජීවිත පහසු හා සුරක්ෂිත විය යුතු ය. අනාගත පරපුර‍ට රැකියා හා ආදායම් තිබිය යුතු ය. සාගින්න, පිපාසය දුරු විය යුතු ය. දරුවන්ට හොඳ පාසල් තිබිය යුතු ය. වෛද්‍ය හා සෞඛ්‍ය පහසුකම් පහසුවෙන් ලබා ගත හැකි විය යුතු ය. විවේකය, විනෝදය තිබිය යුතු ය. නිදහස්, ප්‍රජාතන්ත්‍රවාදී රටක බියෙන්, සැකෙන් තොරව ජීවත් වීමේ ඇත්ත හැකියාව ලැබිය යුතු ය. මන්ද, අපි ඒ වෙනුවෙන් උවමනාවටත් වඩා ගෙවා තිබෙන බැවිනි.   ලංකාවේ මිනිසුන් අධිවේගී මාර්ගවලට හයිවේ කියා කීම සුවිශේෂ තත්වයකි. මේවා ඉංග්‍රීසියෙන් එක්ස්ප්‍රස්වේ ය. කවුරුත් දන්නා සිංහලෙන් නම් හයිවේ ය. හයිවේ කියා ඉංග්‍රීසියෙන් කියන්නේ මහාමාර්ගවලට ය.  ලස්සන ටී ෂර්ට් ටික - අනුග්‍රහය අෙපන් මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න Read in

ඊයෙ රෑ ‍බේබි කපාලා - හවඩිය උගස් තියාලා (මහා කැසිනෝ ජාතකය)

Image
එක කාලයක ලංකාවේ මෙවැනි පිංතූර බිත්තියේ ගසා ගැනීමේ විලාසිතාවක් තිබිණි අපේ රටේ මිනිස්සු ඈත කාලයේ පටන් ම සූදු කෙළිය හ. පැරණි සාහිත්‍යයේ එය සඳහන් වන්නේ දාදු කෙළිය කියා ය. දැනුත් ගමේ ගොඩේ බූරු කෙළිය සිදු වේ. මළ ගෙවල්වල බූරු ගසන්නට ලයිසන් නැති මුත්, සාමාන්‍යයෙන් පොලිසිය මළ ගෙවල්වල සූදු පිටි වටලන්නේ නැත. මම ද අවුරුදු කාලයට සල්ලිවලට කැට ගසා තිබේ. කාලෙන් කාලෙට පාසල් සිසුන් අතර ද දෙක පහ ගැසීම ජනප්‍රිය වේ. දැනුත් පාසල් සිසුවෝ හොරෙන් හොරෙන් දෙක පහ ගැසීම වැනි සූදු ක්‍රීඩාවල යෙදෙති. අපේ තාත්තා සූදු කෙළියට ඇබ්බැහි වූවකු වුණේ නැත. එහෙත්, ඔහු කාඩ් කුට්ටමෙන් සල්ලි ඔට්ටුවට අජූත ගැසීමට මහත් සේ කැමැත්තක් දැක්වූයේ ය. සමහරු සල්ලි ඔට්ටුවට ඕමි එහෙම ගහති. ඒ මොනවා නැතත්, අපේ රටේ කාලයක සිට රේස් දැමීම හෙවත් එංගලන්තයේ දුවන අශ්වයන්ට මෙහි සිට ඔට්ටු ඇල්ලීම සිදු වේ. අපේ තාත්තා ද කලක් ‍රේස් පත්තරය ගෙදර ගෙනාවේ ය. නෑබඩ පාසලේ ගුරුවරයකු වූ ඔහු ගෙදර එන ගමන් රේස් පත්තරය ගෙනැවිත්, බැනියම පමණක් ගලවා වැලේ දමා, ගෙයි එක දොරක් පමණක් ඇ‍ර, පඩිය උඩ වාඩි වී, සුදු සරම පිටින් රේස් පත්තරය බලමින් සිටින ආකාරය අප මතුගම සිට පාසල

ඔබත් පාලක බලධාරීන්ගේ පාමුල ඉඳ ඔවුන් උසිගැන්වූ විට සෙසු මිනිසුන් වෙත කඩා පනින බලු කුක්කෙක් ද?

Image
පාලකයින්ගේ උවමනාව මත අවනීතික මිනිස් ඝාතන, පැහැරගෙන යාම්, අතුරුදහන් කිරීම් ආදිය සිදු කිරීම බඩ රස්සාව හා ආර්ථික හා සමාජමය ලෙස ඉහළ යාමේ මාර්ගය බවට පත් කරගෙන සිටින අයට හොඳ පාඩමක් වාස් ගුණවර්ධන සිද්ධියෙන් උගත හැකි ය. නියෝජ්‍ය පොලිස්පති වූ ද, යම් දිනෙක ලංකාවේ පොලිස්පති වීමට ඉඩ තිබුණා වූ ද වාස් ගුණවර්ධන කුලියට මිනී මරන්නකු බවටත් පත් වී තිබුණු බව දැන් විභාග වන නඩුවලින් පෙනේ.  මෙහි විශේෂත්වය වන්නේ වාස්‍ නීතියේ රැහැනට හසු වූ පසු ඔහු වෙනුවෙන් පෙනී සිටින්නට කිසිවකු නැති වීමයි. එක අතකට ඔහු විසින් කරන ලද ‍'සේවාවන්' වෙනුවෙන් එකී සේවාදායකයන් ගෙවීම් කර හමාර නිසා මෙතන ප්‍රශ්නයකුත් නැත.  වැඩේ කියන්නේ තමන්ගේ 'මිතුරකු' මැරීම පිණිස වාස්ට කොන්ත්‍රාත්තුව දී, ඔහුව උගුලට රැගෙන ගොස්, ඔහුගේ වාහනය පාරේ දමා එද්දී, අසල නිවසක සීසීටීවී කැමරාවක සටහන් වීම නිසා, සිද්ධිය වැමෑරීමට සිදු වූ පුද්ගලයා දැන් රජයේ සාක්කිකරුවකු කර, කොන්දේසි සහිත සමාවක් ලැබ, නිදහස්ව සිටීමයි. මිනීමැරුමේ චේතනාව මුලින් ම පහළ වූ, ඒ සඳහා වාස්ට කොන්ත්‍රාත්තුව ලබා දුන් පුද්ගලයා මිනීමැරුමට ඇත්තේ අවම සම්බන්ධයක් බව නීතිපතිවරයා පවසයි. 

අනාගතයේ තමන්ගේ මානව හිමිකම් වෙනුවෙන් අද අනුන්ගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී ඉන්න

Image
ඔබත් සමූහයක් විසින් හිංසනයට ලක් කර තිබේ ද? රජයේ අත් අඩංගුවේ සිටියදී 2012 ජුලි මස බලධාරීන් විසින් පහර දී මරා දමන ලද නිමලරූබන්ගේ මානව හිමිකම් සම්බන්ධ නඩු විභාගයකදී 'අග විනිසුරු'වරයා අපූරු ප්‍රකාශයක් කර තිබේ. ඒ වනාහි ත්‍රස්තවාදීන්ට මානව හිමිකම් නැති බවයි. ගනේෂන් නිමලරූබන් යනු ත්‍රස්තවාදී සැකකරුවෙක් මිස දණ්ඩනයට ලක් වූ සිරකරුවෙක් නො වේ. නීතියේ මූලික තර්කනයට අනුව ඔහුට ත්‍රස්තවාදියකු යයි අමතන්නට බැරි ය. නිමලරූබන් මිය යාමට පෙර වව්නියාව බන්ධනාගාරයේදී ද, අනුරාධපුර බන්ධනාගාරයේදී ද, අසාධ්‍ය තත්වය නිසා රෝහල්ගත කිරීමට රැගෙන ආ මහර බන්ධනාගාරයේදී ද පහර කෑමට ලක් වී ඒ හේතුවෙන් මරණයට පත් වූ බව වාර්තා‍ ‍වේ. සිරකරුවකුට පහර දී මරා දැමීම කිසි ‍සේත් ම වීරකමක් නො වේ. එසේ ම ශිෂ්ට සමාජයකදී සිදු වන්නක් ද නො වේ. සිරගත වූ මිනිසෙක් යනු අසරණයෙකි. ඔහු ඍජුව ම මහා බලයක දැඩි ආධිපත්‍යයට යටත් කර තිබේ. එවැනි මිනිසකු පහර දී මරා දැමීම නින්දිත ඝාතනයකි. ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වා වරදකරුවන්ට දඬුවම් කිරීම එවැනි ක්‍රියා නැවත සිදු නො වීම පිණිස අත්‍යවශ්‍ය ය. අද ඒ ක්‍රියා අගයන මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වුව ඒවා සිදු

ට්‍රිප් යාම,පරිභෝජනවාදය හා භාණ්ඩ (හා සේවා) වන්දනාව

පරිභෝජනවාදය ධනවාදයේ ගැටලු අතරින් උග්‍රම ගැටලුවකි. ධනවාදයේ ආත්මය ලාභයයි. ලාභ ලැබීමේ අරමුණෙන් යුතු නිෂ්පාදකයෝ හා වෙළෙන්දෝ සිය නිර්මාන ශක්තිය‍ යොදවන්නේ නව ඉසව් ඔස්සේ මිනිසුන්ගේ පරිභෝජනය ඉහළ නැංවීම වෙනුවෙනි. පරිභෝජනය ඉහළ යාමත් සමග මතු වන තවත් ප්‍රශ්න තිබේ. බලශක්ති හිඟය එකකි. පරිසර දූෂණය තවෙකෙකි. එසේ ම, මිනිසුන් අලසයින් බවට පත් වීමේ ප්‍රවණතාව හේතුවෙන් රෝගාබාධ ද ‍වැඩි වේ.  භාණ්ඩ වන්දනාව පරිභෝජනවාදය විසින් ප්‍රවර්ධනය කරනු ලබන තත්වයකි. මෙය භාණ්ඩ පරිභෝජනය එක්තරා ආගමික ස්වරූපයක් බවට පත් කිරීමකි. මෙහිදී මිනිස්සු භාණ්ඩ පරිභෝජනය කරනවා පමණක් නො ව ඒ පිළිබඳ කතා කිරීම, ඒ භාණ්ඩ වෙනත් අයට ප්‍රවර්ධනය කිරීම හා භාණ්ඩ ඔස්සේ සමාජ තත්වයන්ගේ ප්‍රමිති නිර්මානය කරගැනීම ද වේ.  ධනවාදයට එරෙහි අරගලයේදී අපි නවීන සමාජයෙන් දුරස්ථ වන්නේත් නැතිව, භාණ්ඩ වන්දනාව හෙළා දකිමින්, පාරිභෝජනවාදයෙන් අත්මිදෙන ආකාරය සෙවිය යුතු ය.  නොනවතින සමාජවාදය ලෙස අප විසින් හඳුන්වා දී තිබෙන සමාජවාදය සඳහා වූ අඛන්ඩ අරගලය තුළ අප අපේ ජීවිත හැඩගස්වා ගත යුතු ආකාරය ගැන අවධානය යොමු කළ යුතුව තිබේ. එහිදී පවත්නා පාරිභෝජනවාදී සමාජ රටිව තුළ අප අ

බාග නාට්‍ය, බාග චරිත නිරූපණ හා කාල සර්ප ගැන බාගෙට ලියවුණු රසවිඳුම

Image
කීර්ති වැලිසරගේ විසින් ලියන ලද කාල සර්ප නම් ස්වර්ණ පුස්තකය කියවීමි. නැතිනම් නො කියවීමි. මා එය කියවූයේ ද එය ස්වර්ණ පුස්තකයක් ලෙස නම් කරන ලද නිසා හා මවිසින් මීට පෙර කතා කරන්නට යෙදුණු මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ සෙංකොට්ටං නවකතාව පරයා එය ස්වර්ණ පුස්තකයක් ලෙස මතු කරන ලද නිසා ය. මින් පෙර ‍මේ රටේ ස්වර්ණ පුස්තක බවට පත් වූ කෘතිවල යථාර්ථය අමතක කර දමා කියවීම ආරම්භ කළෙමි. කාල සර්ප කියවීම තරමක් ආයාසකර ව්‍යායාමයක් විය. මට ඇති පළමු ප්‍රශ්නය වන්නේ එතරම් රසයක් හෝ ඥානනයක් මතු නො කරන කෘතියක් කියවීමට කාලය මිඩංගු කරන්නේ කුමට ද යන්නයි. මන්ද, මම සාහිත්‍ය විනිසුරුවරයෙක් ද නො වෙමි. ඔවුන්ට නම් සිය කියවීම ආර්ථික ලාභයක් හෝ සමාජ ප්‍රාග්ධනයක් වේ. අද කාලයේ විචාරකයන් යයි කියන අය පොතක් ගැන යමක් ලියන්නේ කතුවරයා තමන්ගේ මිතුරකු හෝ අනුගාමිකයකු හෝ වේ නම් පමණි. මා මේ සටහන තබන්නේ අඩු තරමේ කතුවරයාගෙන් නො මිළේ පොතක් හෝ ලැබුණු නිසා නො වේ. කාල සර්ප ස්වර්ණ පුස්තකයක් වූ නිසා ය. මන්ද, අද කාලයේ ලංකාවේ නවකතාවේ වටිනාකම් මනින මිම්ම මෙම සල්ලි මල්ල බවට පත් වී ඇති නිසා ය. සමන් වික්‍රමආරච්චි කාල සර්ප ගැන ලියා ඇති විචාරය කියැවීමි. සාහිත

දෙමළ සන්ධානයේ වලිය

දෙමළ ජාතික සන්ධානයේ වලියකි. මම නම් දකින පරිදි යා දෙක රත නො රත - එකට පෑහීමක් නැත යන කියමන මෙහිදී අදාළ ය. ඒ අනුව, දෙමළ ජාතිවාදී ප්‍රවණතාව නියෝජනය කරන එම්.කේ.සිවාජිලිංගම් වැනි ඩයස්පෝරා ඉත්තන්ට හා විග්නේශ්වරන් වැනි දෙමළ ලිබරල්වාදීන්ට එක ගෙයි කෑම අසීරු ය. වෙන් වීම සිකුරු ය. එසේම, දෙමළ ජාතික සන්ධානයේ සම්බන්ධන්ගේ නායකත්වයෙන් යුත් ෆෙඩරල් (දෙමළ රාජ්‍ය) පක්ෂ ආධිපත්‍යයට එරෙහිව කැරළි ගසන සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ගේ නායකත්වයෙන් යුත් ඊපීආර්එල්එෆ්, සිද්ධාර්ථන්ගේ නායකත්වයෙන් යුත් ප්ලොට් හා සිවාජිලිංගම් අයත් වන ‍ටෙලෝ කියන්නේත් එකට සිටිය හැකි පක්ෂ නො වේ. එහෙත්, මහින්ද රාජපක්ෂ පාලනය යනු මේ කියමන බොරු කළ එකකි. එහි නම් පට්ට ජාතිවාදී විමල් වීරවංශ හා ෆෙඩරල්වාදී ඩිලාන් පෙරේරා එක ලෙස රාජපක්ෂ පවුලට කඩේ යති. එම සාර්ථකත්වයේ රහස අන් කිසිවක් නොව, උපයෝගිතාවාදයයි. උතුරේ ඒක පාක්ෂික උපයෝගිතාවාදී සන්ධානයක් හා ඒකාධිපති පාලනයක් බිහි වනවාට වඩා මේ දේශපාලන පක්ෂ වෙන් වී බහු පක්ෂ ක්‍රමයක් බිහි වීම හොඳ ය. මුල් අදියරේදී ලිබරල් හා ජාතිකවාදී ආකාරයෙන් බෙදීම සිදු විය හැකි ය. ජාතිකවාදී එක ද පසුව එක ම රාමුවක් තුළ කටයුතු කරන්නට හැ

මැරෙන එකත් පණ යන වැඩක්: නූතන සිංහල අවමංගල චාරිත්‍ර

Image
හිනා වෙන්න එපා යකෝ! නූතන සිංහල විවාහ චාරිත්‍ර ගැන මේ ලිපිය කියෙව්වේ නැතිනම් කියවන්න.  සිංහල විවාහ චාරිත්‍ර විකාශය (ශාස්ත්‍රීය අධ්‍යයනයක් නොවේ) අද අපි කතා කරන්න යන්නේ නූතන සිංහල අවමංගල චාරිත්‍ර ගැනයි. මැරෙන එකත් පණ යන වැඩකැයි කියනු ලැබේ. අද කාලේ වැඩි දෙනෙක් ජීවත් වන්නේ තමන් මැරෙන බව දැනගෙන නො වේ.එහෙත්, මැරෙන්නට කලින් ඔබ ඔබේ අවමංගල්‍යයට ලක ලැහැස්ති විය යුතු ය. ඒ සඳහා ඔබ අනුන්ගේ මරණ ගෙවල්වලට ගොස් තිබිය යුතු ය. මන්ද, මැරිච්ච අය ඔබේ මරණ ගෙදරට නො ආවත්, ඔවුන්ගේ ඥාතීන් හෝ ඔබේ මරණ ගෙදරට එන්නේ ඔබ ඔවුන්ගේ මරණ ගෙදර ගොස් තිබේ නම් පමණි.  ඔබේ ඥාතීන්ගේ අවමංගල්‍යයන්ට සෙනග එන්නේ ඔබ ඔබේ ඥාති, මිත්‍රාදීන්ගේ ඥාතීන්ගේ අවමංගල්‍යයන්ට සහභාගි වී තිබේ නම් පමණි.  මෙහිදී ඇත්තෙන් ම ඔබේ අවමංගල්‍යය වන්නේ ඔබේ ම මරණය නො වේ. කොහොමත්, ඔබ මැරෙන්නට ඉන්න කෙනෙක් නො වේ. ඔබ පණ පිටින් සිටියදී, ඔබේ වයස්ගත මව, පියා මිය යාම ඔබගේ නියම රජ මඟුල ය. සොරි, අවමඟුල ය.  මරණ ගෙදර‍ට හොඳින් සෙනග පැමිණිය යුතු ය. නැතිනම් වැඩක් නැත. අවමංගල්‍යය දිනයේ සෑහෙන කාර් ප්‍රමාණයක් පැමිණිය යුතු ය. අඩු තරමේ අවමංගල්‍යයට කලින් දිනයේ රාත්‍රියේ හෝ

Wigනේශ්වරන්ගේ ඔටුන්න හා Someබන්ධන්ගේ ඔටුන්න

Image
මේ ඔටුනු අප දුටුවේ දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත්සභිකයන් දිවුරුම් දීමේ උත්සවයේදී ය. එය අයත් වන සංස්කෘතික උත්සවය ගැන අපට අදහසක් නැත. එහෙත්, ප්‍රජාතන්ත්‍රවාදය ඇගයෙන නූතන යුගයේදී ඔටුනු දාගෙන කරන දේශපාලනය අපට නම් සංස්කෘතික දෙයකට වඩා විකට නාට්‍යයකි. අපේ කුඩා දියණියන්දෙන්නාට ද මේ වගේ ම ප්ලාස්ටික් ඔටුනු දෙකක් නැන්දා ගෙනැවිත් දී තිබුණා මතක ය. උන් ඒ කාලයේ වැසිකිලි යද්දී පවා ඒක දාගෙන ගියා මතක ය. ටික දිනකින් ඒවා කැඩී බිඳී ගියේ ය. දැන් නම් කෑල්ලක්වත් සොයා ගන්නට නැත. උන් නම් පුංචි එවුන් ය. මේ ඔටුනු දාගෙන ඉන්නේ ලංකාවේ දෙමළ ජනතාවගේ අනාගතයයි.  සමහර වාමාංශිකයෝ ජාතිකවාදයන් ප්‍රතිගාමී ය, ප්‍රගතිශීලී ය කියා වර්ග කරති. මේ සටහන ඒ ගැන තර්ක කරන්නට නො වේ. විහිළු සැපයීමේදී ජාතිකවාදය ප්‍රගතිශීලී ය, ප්‍රතිගාමී ය කියා වෙනසක් නැති බවට මේ ඡායාරූප දෙස් දෙයි.  අපි ජාතිකවාදය ප්‍රතික්ෂේප කරන්නේ නැත. ජාතිකවාදය යථාර්ථයකි. එහෙත්, ජාතිකවාදයට කරන්නට පුළුවන් ලොකුම හා ඇතැම් විට එකම මෙහෙය වන්නේ ජාතික සීමාවන් අතික්‍රමණය කරමින් නව දේශපාලන ප්‍රජා අනන්‍යාතාවන් වෙත ජනතාව යොමු කිරීම පමණි.  මේ ලිපිය වෙන අයත් එක්කත

ළමයින් මහණ කිරීම ගැන නැවතත්

Image
වවුනියාවේ ප්‍රසිද්ධ භික්ෂුවක් පන්සලට රැකවරණය පිණිස භාර දුන් දිළිඳු පවුලක දරුවකුට බරපතල ලිංගික අපචාරයක් කර තිබෙන ආකාරය ඇමති විමල් වීරවංශට සම්බන්ධ ලංකා සී නිවුස් වෙබ් අඩවිය විසින් වාර්තා කර තිබිණි. දරුවන් මහණ කිරීම යනු වහා තහනම් කළ යුතු ක්‍රියාවක් බව අපි පුන, පුනා පෙන්වා දී ඇත්තෙමු. එහෙත්, දරුවන් මහත සාදුලාට ලිංවින්දිත දරුවන්ගේ පවුල්වල දෙමව්පියෝ ද වගකිව යුතු ය. පන්සලෙන් 'රැකවරණය' ලබා ගන්නට තමන් දරුවන් නො තැනිය යුතු ය. ‍අනෙක් පැත්තෙන්, කුඩා කාලයේ මහණ කරනු ලැබ අපචාරයට ලක් වූ මෙවැනි මහණුන්ගේ විකෘති චර්යාවන් අනාගතයේ මුළු රටට ම විපත්තිකාරක වේ. පසුගිය දිනෙක මෙයින් එක් අයෙක් ප්‍රසිද්ධියේ සිය සිරුරට ගිනි තබා ගනිමින් ස්ව පීඩක ප්‍රචණ්ඩත්වය ප්‍රදර්ශනය කළේ ය. තවත් ඇතැමෙක් සිය උන්නතිකාමී උවමනාවන් වෙනුවෙන් ජාතිවාදය, ආගම්වාදය පතුරුවමින්, ජනයා භේද භින්න කරමින්, සාමය කඩ වන අන්දමින් හැසිරීම පුරුද්දක් කරගෙන තිබේ. පහත පළවන්නේ අප මේ පිළිබඳව කලින් තැබූ සටහන් කීපයකින් උපුටා ගත් කොටස් ය. විශේෂයෙන් ම ලංකාවේ ළමා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින් බටහිර ආධාර ලබා ගන්නා රජයේ හා රාජ්‍ය නො වන සංවිධා

ෆේස්බුක් යකෙක් රකුසෙක් නොව හිස් පඹයෙකි

Image
පානදුර පාසලක පැවැත්වුණ උත්සවයකදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් පදනම් කරගෙන ෆේස්බුක් තහනම් කරන්නට රජය අදහස් කරන්නේදැයි විපක්ෂ නායකවරයා අද පාර්ලිමේන්තුවේදී ඇසී ය.  ඇත්තෙන් ම ජනාධිපතිතුමා පැවසුවේ ෆේස්බුක් වසංගතයක් බවයි. ජකාධිපති ලේකම් කාර්යාලයේ වෙබ් අඩවියේ පළ කර තිබූ එහුගේ කතාවේ පිටපතෙහි ෆේස්බුක් තහනම් කිරීමක් ගැන සඳහන් වන්නේ නැත. සජීවී කතාවේදී ඔහු එසේ කීවාදැයි නො දනිමි.  ඇත්තෙන්ම ෆේස්බුක් වසංගතයකට වඩා නූතන පාරිභෝජනවාදී සමාජය විසින් වන්දනා කරනු ලබන තවත් සේවා රැල්ලකි. එය ජංගම දුරකථන වැනි භාණ්ඩ වන්දනාවේ ම තවත් කො‍ටසකි.  මම වසර ගණනාවක සිට ෆේස්බුක් ප්‍රොෆයිල් දෙකක් භාවිතා කර ඇත්තෙමි. මේ දෙකේ ම මිතුරු මිතුරියෝ දහසකට වඩා සිටිති. ඒ අතර සෑම තරාතිරමක ම පුද්ගලයෝ සිටිති. එහෙත්, ෆේස්බුක් වසංගතයක් යැයි සිතෙන අන්දමේ අත්දැකීමක් මට නම් ලැබී නැත. හුදකලාවෙන් පීඩා විඳින මිනිසුන්ගේ චැටිං ඇතැම් විට කරදරයක් වී තිබෙනමුත්, එය මග හැරිය නො හැකි දෙයක් නො වේ.  වැඩි දෙනෙක් ෆේස්බුක් වැනි සමාජ ජාල කෙරෙහි දක්වන්නේ උවමනාවට වැඩි උනන්දුවකි. මේ අධික උනන්දුව නිසා ම එහි කිසියම් ගුප්ත දෙයක් තිබෙන බවක් ඔවුහු සෙස්සන්ට පෙන

සිංහල පුවත්පත් කලාව හා මා කියැවූ නරක ම ලිපිය

Image
අහම්බෙන් නෙත ගැටුණ, මව්බිම පුවත්පතේ පළ වූ මෙම ලිපිය ඔබගේ අවධානය පිණිස යොමු කරන්නේ එය මා මගේ ජීවිතය තුළ කියවා ඇති, රසවත් කරුණක් අඩංගු, ඉතා ම නරක විධියට ලියා ඇති ලිපිය නිසා ය.  එය වැදගත් යයි මා සිතන්නේ සිංහල පුවත්පත් කලාව හා සම්බන්ධ කරුණු කීපයක් කෙරෙහි එමගින් අවධානය යොමු කෙරෙන බැවිනි.  සිංහල පුවත්පත්වල භාෂා භාවිතය දැඩි ලෙස පිරිහෙමින් තිබේ. එයට ප්‍රධාන හේතුවක් වන්නේ උප කර්තෘ භූමිකාවේ තිබෙන පිරිහීමයි.  ලංකාවේ පුවත්පත් උප කර්තෘවරුන්ට සංස්කරණය පිළිබඳ මනා පුහුණුවක් අවශ්‍ය ය.  සමස්තයක් ලෙස ම ලංකාවේ පුවත්පත් කලාව පුහුණු කිරීම නිසි අන්දමින් සිදු වන්නේ නැත. පුවත්පත් කලාව උගන්වන බව කියන පාඨමාලාවල ද වැඩපිළිවෙල විමසා බලන්නේ නම් පෙනෙන්නේ ඒවායේ ඉගැන්වීම් ක්‍රමවේද ද යල් පැන ගිය ඒවා බවයි.  මෙවැනි පාඨමාලාවල බොහෝ විට සිදු වන්නේ කිසියම් පුද්ගලයෙකු සම්පත් දායකයකු ලෙස පැමිණි පම්පෝරියක් ගසා යාමයි.  ප්‍රායෝගික ක්‍රියාකාරකම් අවම ය.  පුවත්පත් කලාව පිළිබඳ ලියැවී ඇති පොත පත ද ප්‍රායෝගික අංශයට වඩා අවධානය යොමු කර තිබෙන්නේ න්‍යාය කෙරෙහි ය. ලිපිය මෙතැනින් කියවන්න (වෙබ් සබැඳියාව සොයා දුන්නේ කතන්දර)

මාලි ගෙලේ චේ පපුවේ කිසිම දෙයක් නෑ ඔලුවේ

Image
මෝටර් සයිකල් දිනපොතෙහි ගේල් ගාෂියා බර්නාල්චේ ලෙස ලාදු රු කෙලනියේදී හිරු කණ්ඩායමෙන් ඉවත් වී තවදුරටත් හිරු පුවත්පතට ලියමින් සිටි කෙටි කාලය තුළ මම චේගේ මෝටර් සයිකල් දිනපොත පරිවර්තනය කිරීම ආරම්භ කර තිබිණි. පසුව හිරු පුවත්පත ද නතර වූ අතර, වෙන කවු‍රු‍දෝ එය පරිවර්තනය කර පළ කළ බැවින් මම එම ව්‍යායාමය අත්හළෙමි. විලාසිතාවක් ලෙස චේට ආදරය කිරීමේ පුරුද්දක් මට නැත.  චේ විලාසිතාවක් වී තිබේ. ඔහු වැනි විප්ලවවාදියකුගේ රූපයක් විලාසිතාවක් බවට පත් වීම පවා පුදුම හිතෙන දෙයකි. එහෙත්, චේගේ රූපය වැළඳ ගන්නා බොහෝ දෙනෙක් චේ ජීවිතයේ අභියෝගවලට මුහුණ දීමේදී පළ කළ අවංකත්වය ගැන දන්නවා නම් අද කියනු ඇත්තේ චේ පල් මෝඩයකු ය කියා ය. කියුබා රජයේ ඇමතිකම අතහැර බොලීවියාවේ කැළෑවකදී ලෝක විප්ලවය වෙනුවෙන් සටන් වැද මිය යාම සඳහා ඔහු කළ තෝරා ගැනීම කරන්නට අද චේ සමරන මිනිස්සු සූදානම් ද? අපි සාමාන්‍යයෙන් අවසානය දන්නා කතාවල වීරයන්ට කැමැත්තක් දක්වන්නෙමු. ඒ වීරයන් නිර්මානය වී තිබෙන්නේ ම අප හොඳින් දන්නා අවසානයෙනි. තමන්ගේ කතාවේ අවසානය නො දැන සිටි මේ පුද්ගලයෝ තමන් වීරයන් වන බව නො දැන ම මිය ගිය හ. ඔවුන් වීරයන් වන්නට ඇත්තේ වීරයන් නො වන්න

(විග්නේශ්වරන් දිවුරුම් දුන් ඡායාරූපය) ඥානාසාර හිමියනි, ජීවත් වීම සඳහා අලුත් ව්‍යාපෘතියක් සොයා ගන්නට සිදු වනු ඇත

Image
මේ ඡායාරූපය ඇතැමෙකු මවිත කිරීමට ද, තවෙකෙකු තරහ ගැන්වීමට ද, තවත් අයෙකු දිව හක්කේ ගසාගෙන හිනා වීමට ද හේතු වී තිබේ.  එ‍හෙත්, මෙම ඡායාරූපයේ ඓතිහාසික වැදගත්කමක් තිබේ. මේ වනාහි 1983න් පසු අන්ත ජාතිකවාදයේ ගිලී ගිය දෙමළ දේශපාලනය සාමාන්‍යකරණය වීම සංකේතවත් කරන්නකි. එය දේශපාලන සන්ධිස්ථානයකි. මීට කලින් දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කළේ දිවුරුම් දීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ යාපනයට එන බවයි. එම අදහස දෙමළ සමාජයට විකිණුවේ "හුහ්, අපි එහෙ යන්නේ නැහැ. එයා මෙහෙ එනවා," කියා ය. ‍එහෙත්, මහින්ද කිසිවක් කියූ බවක් දැනගන්නට නැත. අප සිතන අන්දමින් මහින්දට ඒ කොන්දේසිය දැමීමේ ආත්ම ශක්තිය සම්බන්ධන්ට හෝ විග්නේශ්වරන්ට නැත.  ලංකාවේ දෙමළ ප්‍රාදේශීය දේශපාලනය ද තමිල්නාඩුවේ දේශපාලනය හා සමාන අන්දමින් සංවර්ධනය වෙමින් තිබේ. දේශපාලනයේ නිරීක්ෂකයන් වී සිටි දෙමළ ජාතික සන්ධානය සැබැවින් ම පාලකයන් වී තිබේ. දැන් ඉතින් විරෝධය පළ කරමින් ඉන්නට බැරි ය. දැන් ඉතින් වැඩ කරන්නට ද සිදු වේ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඉන්දියාව හා උතුරු පළාත් සභාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව ගොඩනඟා ගතහොත් තත්වය වේගයෙන් වෙනස් වනු ඇත.  පොදු ර

සපත්තුවේ තරමට කකුල කපා ගත් 'සමනල සංධ්වනිය'

Image
'සමනල සංධ්වනිය' ප්‍රදර්ශනය ආරම්භ කළ දිනයේ ම මතුගම ජානකී සිනමාහලේදී එය නැරඹීමි. එය රසවත් අත්දැකීමක් විය. විශිෂ්ට චිත්‍රපටයක් නො වුණත්, යමක් කතා කිරීමට සිතෙන චිත්‍රපටයකි. 'සමනල සංධ්වනිය' චිත්‍රපටයයේ අදීශගේ අත්දැකීම ජී.බී. සේනානායක විසින් ලියන ලද 'උදුරා ගත් සපත්තුව' කෙටිකතාව සිහිගන්වයි. මෙම කෘති දෙකෙහි ම ඉන්නේ සුළු සිද්ධියක් විසින් සිතෙහි ඇති කරන ලද ශෲංගාරාත්මක බලපෑම හේතුවෙන් විඳවන පුද්ග‍ලයෝ දෙදෙනෙකි. 'සමනල සංධ්වනිය' චිත්‍රපටයේ අදීශ නම් පාසල් සිසුවා අත අහම්බයකින් පත් වන අනුන්ගේ පෙම් හසුනක් හේතුවෙන් ඔහුගේ ජීවිතය සපුරා වෙනස් වේ. ඔහුට වඩා වයසින් වැඩි කාන්තාවක් විසින් ඇගෙන් වෙන් වුණ පෙම්වතාට ලියන ලද මෙම පෙම් හසුන ඔහු තුළ කම්පනයක් ඇති කරයි. තමන් දෙදෙනාට වැදගත් දිනයක් වන මාර්තු 07දා සෑම අවුරුද්දකදී ම තමන් කුමාරි උද්‍යානයට එන බව ඇය සිය පෙම්වතාට පවසයි. අදීශ එහි යන්නේ ඒ ලිපිය ඇයට දීමටයි. එහෙත්, ඔහුට එය දෙන්නට ලැබෙන්නේ නැත. ඔහු එම ලිපිය විනාශ කරන්නට උත්සාහ කළ ද ඔහුට එය කරන්නට බැරි ය. ඒ ලියුම නිසා ඔහු කරදර රැසකට මුහුණ දෙයි. ඔහුගේ සොහොයුරා එය ඔහුගෙන් උදුරා ග