කොළඹ මහා පොත් පෙරළීම හා Book Seeker මෘදුකාංගය

පොත් කියවීමෙන් මිනිසුන් හොඳ අය වෙනවා ය කියා මම නම් විශ්වාස කරන්නේ නැහැ. ඉතා හොඳ අදහස් ඇති පොත් ගැන කතා කරමින් ඉතා නරක අදහස් ඔලුවේ දරාගෙන සිටින මිනිසුන් මට සෑහෙන්න හමු වෙලා තිබෙනවා.

මම දේශපාලන ක්‍රියාධරයෙකු ලෙස විශ්වාස කරන්නේ දැනුම කියන්නේ අනුන්ට ප්‍රදර්ශනය කිරීමට තිබෙන දෙයක් නොවෙයි කියලායි. දැනුමින් අප කළ යුතුව තිබෙන්නේ අපේ චරිතය හැඩගස්වා ගැනීමයි. එහෙත් අවාසනාවට වගේ ලංකාවේ පසුගාමී සමාජයේ පෙරටුගාමීන් පවා කරන්නේ තමන් කියවූ පොත්වලින් ගසා අනුන්ගේ ඔලු පලන්න උත්සාහ කිරීමයි.

ගොඩා.........................ක් පොත් කියවන ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ බුද්ධිමතුන් කියන්නේ මම මේ බ්ලොග් එකේ ලියන්නේ මගේ මූණ කැත නිසා ය කියා ය. මම කියන්නේ පොත් කියවනවා  ය, දැනුමින් හා මනෝ විද්‍යාවෙන් ද තමන් මාරෙට සන්නද්ධ ය කියන දීප්ති තුමාර ගුනරත්න වගේ කෙනෙකුට තවත් කෙනෙකුගේ මුහුණ කැත ය කියා නො කියා සිටින්න තරම් ශික්ෂණයක් ගොඩනැගී තිබිය යුතුයි. දීප්තිත් මං වගේ අනුන්ගේ මුහුණු කැතයි කියන්නට පෙර කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් බලනවා නම් ඔහොම කරන එකක් නැහැ. 

ඊයේ මා සමග කතා කළ සිරිමල් විජේසිංහ පළ කළ අදහසක් මගේ සිත් ගත්තා. සාහිත්‍යය ගැන කතා කරමින් ඔහු කීවේ ලංකාවේ ලේඛකයන් පොත් ලියන්නේ ස්වර්ණ පුස්තකය දිහා බලාගෙන ය කියලා.

ඇත්තෙන් ම, මේ වන විට ලංකාවේ නවකතා කලාව මෙහෙයවන්නේ ස්වර්ණ පුස්ත‍කයේ රුපියල් පන්ලක්ෂය විසින් ය කීවොත් නිවැරදියි. මාත් ශාස්තෲ කියන නමින් මගේ පළමු සහ අවසන් සිංහල නවකතාව ලිව්වා. ඒක නම් මේ ස්වර්ණ පුස්තක සඳහා සලකා බැලුවේවත් නැහැ. හේතුව මොකක් ද හිතාගන්න පුළුවන් ද?

ලොකු දෙයක් නෙමෙයි, ඒක කර්තෘ ප්‍රකාශනයක් නිසා. කර්තෘ ප්‍රකාශනයක් වුණොත්, පොතකට ස්වර්ණ පුස්තකයක් ‍වෙන්න තියා ඒ අහලකටවත් එන්න බැහැ. ස්වර්ණ පුස්තකය ගැන මහ ලොකු සංවාද පවත්වන සාහිත්‍ය විනිශ්චයකාරවරු මේ කාරණය දන්නවද දන්නේ නැහැ.

මේකත් ‍එක්තරා අන්දමක සාහිත්‍ය සුපර් ස්ටාර් තේරීමේ තරගයක්. අපේ රටේ ඉන්න තරමක් ඉන්නේ සුපර් ස්ටාර් නේ.

මම නම්, සෙනග අතරේ ‍තෙරපි, තෙරපී, දාඩිය පෙරාගෙන පොත් බලන්න ඔය කොළඹ පොත් ප්‍රදර්ශනය හතර මායිමේ පස් පාගන්නේ නැහැ. මම නම් හිතන්නේ නැහැ, ඒක පොඩි එවුන්ටවත් පෙන්නන්න තරම් දෙයක් කියලා.

1999දී මම තෝකියෝ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බැලුවා. එතකොට කොළඹ ජාත්‍යන්ත‍ර පොත් ප්‍රදර්ශනය ආරම්භ කර තිබුණේ නැහැ. තෝකියෝ පොත් දැක්ම තිබුණේ පොත් ප්‍රකාශකයන්ගේ වීදියක. ඒක පොත් ප්‍රකාශකයන් පිස්සුවෙන් වගේ පොත් විකුණන තැනක් නොවෙයි. අවුරුද්ද පුරා පොත් විකුණන ඔවුන් එම පොත් දැක්මේදී අවධානය යොමු කර තිබුණේ කියවීම් ප්‍රවර්ධනයටයි. එතැන තිබුණා කියවීම ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් රාශියක්. ළමයින් සඳහා තිබුණ කියවීම ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ගණනාවක් ම මම දැක්කා. ඒවා හරි ම රසවත්.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය කියවීම් ප්‍රවර්ධනය කියලා දෙයක් දන්නවා ද දන්නේ නැහැ. කියවීම ප්‍රවර්ධනය කරන්න ‍හොඳ විධියක් තමයි, ලංකාවේ ප්‍රකාශයට පත් වන ඇතැම් පොත් පළ නො කර සිටීම. 

කොළඹ පොත් පොළයි අපේ මතුගම ටවුමේ ඉරිදා, බදාදා පොළයි එකයි. දෙකේ ම බාල බඩු ‍හොරට කිරන එක තමයි කරන්නේ. ඒකෙ තියෙන කියවීම් ප්‍රවර්ධනය!

මෙම මස 14 දින සිට 22වන දින දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සමිමන්ත‍්‍රණ ශාලාවේ පැවැත්වෙන කොළඔ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය වෙනුවෙන් 'ඉතා වටිනා සුවිශේෂි මෘදුකාංගයක්' කියලා එකක් මොරටුව විශ්ව විද්‍යාලයේ විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු දෙපාර්තමෙින්තූවේ සිසුන් පිරිසක් විසින් නිර්මානය කර තිබෙන බව කියමින් ඒ පිළිබඳව ප්‍රචාරයක් ලබා දෙන ලෙස ඉල්ලමින් අපට ලිපියක් ලැබී තිබුණා.

'අලුත් අලුත් දෑ නො තනන ජාතිය ලොව නො නගී - සිඟාකෑම බැරි වූ තැන ලගී ගයා මර ගී' කියා කුමාරතුංග මුනිදාසයන් කීවානේ. ඒ නිසා මේ ප්‍රයත්නයන් අපි හැමෝ ම අගය කළ යුතුයි.

Book Seeker නමින් හදුන්වන මෙම මෘදුකාංගය නිර්මාණය කළ සිසුන් කණ්ඩායමේ සාමාජිකයෙකූ වන සුබෝධ චාල්ස් පවසන පරිදි "යම්කිසි කෙනෙකූට කොළඔ අන්තර්ජාතික පොත්  ප‍්‍රදර්ශනයේදී සොයා ගැනීමට අවශ්‍ය පොතක නමක් SMS එකක් ලෙස තමන්ගේ ඩයලොග් දුරකතනයෙන් අප වෙත යොමු කළ විට එම පොත පොත් ප‍්‍රදර්ශනයට ඉදිරිපත් කර ඇති පොත් ප‍්‍රකාශකයන්ගේ නම්, ඔවුන් සිටින ප‍්‍රදර්ශන කූටි අංක සහ එම කූටි පිහිටා ඇති ස්ථාන නිවැරදිවම එම පුද්ගලයාට SMS පණිවුඩයකින් ලබා දීමයි සිදුවන්නේ."

In order to use the app, first you have to register yourself. Type reg<space>isk  and send to 77115 from your Dialog mobile and get registered. Registration needs to be done only once. After getting registered, you can search for books by typing  isk<space>book name and send to 77115.

ලියාපදිංචි වූ විට මසකට රුපියල් 30ක් හා බදු කපා ගන්නවා. ඒ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය තිබෙන තාක් කල් ද සදහටම දන්නේ නැහැ. ලියාපදිංචිය අවලංගු කර ගන්න විධියක් දැක්වෙන්නේ නැහැ. පොත් ප්‍රදර්ශනය තිබෙන්නේ සතියයි. මාසයකට මුදල් අය කිරීම වුණත් සාධාරණ නැහැනේ. ඩයලොග් ගැටයකට අසු වුණා ද කියලාත් හිතෙනවා.

මම පොතක දෙකක විස්තර සොයා බැලුවා. ඒවා විකුණන තැන්වල තොරතුරු මගින් ලැබුණා.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. මම මේ දැන් බුක්සීකර් එක පාවිච්චි කලා...

    විශ්වාස කරන්න!!! රිචඩ් ඩෝකින්ස් නැමැති කතුවරයගේ බෙස්ට් සෙලර් The Magic of Reality: How We Know What's Really True සහ An Appetite for Wonder: The Making of a Scientist යන පොත් දෙකම මේ සැරේ පොත් ප්‍රදර්ශනයේ / ඩේටා බේස් එකේ නැහැල්ලු.

    පොත් ප්‍රදර්ශනයේ වරදක්ද? බුක් සීකර් එකේ වරදක්ද?

    ReplyDelete
    Replies
    1. පරිවර්තනයක් ඇත්තක අරුමය නමින් රාවය ප්‍රකාශනයක් ලෙස ඇත.

      Delete
    2. අරුණි සපීරෝ නෝනා ලිව්ව ඩාව්කින්ස් ( අනේ නෙදකින් උඹල හරියට ඒක ප්‍රනවුන්ස් කරන්න දන්නෙත් නැහැ ) දන්න බම්බුවක් නෑ කියල.

      Delete
    3. http://en.wikipedia.org/wiki/Richard_Dawkins

      පවු අරුණි! ඇයි බන් උඹල අමාරුවෙන් පල් හැලි කියවන්නේ?

      Delete
    4. ඇනොනිමස් නමින් ප්‍රශ්නය නගපු මහත්මයෝ, මම දැක්ක ඔබ තුමා වෙන බ්ලොග් එකකත් මේ ප්‍රශ්නේ මේ විදියටම අහල තියෙනව. එතන පහලින් කවුද තවත් ඇනොනිමස් කෙනෙක් මේකට උත්තරේ දීල තිබුනා. ඒ මදිද ඔබ තුමාට? මම ඒ උත්තරේ මෙතන උපුටා දක්වන්නම් මේ වැඩේ කරපු ළමයින්ට උදව්වක් විදියට.

      "මම නම් ගොඩක් පොත් මේකෙන් හොයාගත්තා. ලෝකෙ තියෙන ඔක්කොම පොත් BMICH එකේ විකුනන්න නැතුව ඇති මං හිතන්නෙ. බුක් සීකර් එක සීයට සීයක් හරි නැතුවත් ඇති. හැබැයි මේ මිනිස්සුන්ගෙ උත්සාහය සහ සංකල්පය අපි අගය කළ යුතුයි එකහෙළාම... සාමාන්‍ය ලෝකයේ තියෙන ප්‍රශ්නයක් දැකල, ඒකට පිලියමක් දෙන ගමන් ලංකාවෙ පොතපත කියවන ඔබතුමාලා අපි වගේ අයට උදව්වක් වෙන්නනේ මේක හදල තියෙන්නෙ... නැද්ද මං අහන්නෙ..."

      Delete
    5. ඉංග්‍රීසි පොතක් ගෙන්න ගන්න ඕනෙ නම් ඔච්චර පපුවෙ අමාරුව හදාගෙන නහින්න ඕන නැහැ මහත්තයෝ පොත් ප්‍රදර්ශන එනකම්, ඇමසන් එකෙන් ඕඩර් කරන්න ගෙදරටම ඒවි. ඔයා ඔච්චර ලොකු පොත් කියවන සහ ඒවට සල්ලි තියන කෙනෙක් නම් ඔය සුළු දේ නොදැන ඉන්න බැහැ නෙ, මම ගාවත් Dawkins ගෙ පොත් තියෙනව මම ගෙන්න ගත්තෙ එහෙමයි, නැතුව පොත් ප්‍රදර්ශන එනකම් වත් සර්ච් සොෆ්ට්වෙයා හැදෙනකම් වත් බලන් ඉඳල නෙවෙයි.

      තමන් නිකන් ලොකු පොත් කියවන ටෝක් දෙන්න ගිහින් නිකන් අනුන් පාච්චල් කරන්න එපා. ලංකාවෙ ඔහොම සුළුවෙන් හරි කෙරෙන දෙයක් ගැන කුහක කමක් නැතුව සතුටු වෙන්න.

      Delete
    6. සොෆ්ට්වෙයා මර්කටින්ග් වලියක්! එල! තව දෙන්න මෙයාලා !

      Delete
    7. ඇනෝනිමස් නමින් උත්තර දීපු මහත්තයෝ...

      ඔබ කියන උත්තරේ පලවෙන්න කලින් තමයි මේ ලිපියට කොමෙන්ට් කලේ.

      ඔහේගේ පරිකල්පන ශක්තිය නම් ඉතාම ඉහලයි! මට තේරෙන්නෙ නැහැ ඔබ කොහොමද කියන්නේ මම දීපු කොමෙන්ට් එකෙන් මේ බුක්සීකර් එක හදපු අයව හෙලා දැක හෝ අධෛර්යමත් කරලා හෝ පාච්චල් කරලා තියෙන්නේ කියලා. මම කලේ මගේ එක්ස්පීරියන්ස් එක කියපු එක විතරයි. ඒක constructive comment එකක්

      ඇමසන්, ඊ බේ වගේ ඒවා ගැන දන්නවා තමයි ඒ උනාට මම ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරන්නේ නැති ටිකක් පරන තාලේ කෙනෙක් යාලුවා...කිසිම පොත්හලක මේ ලඟදී නම් මේ පොත් දෙක තිබුනේ නැහැ. ඒකයි මේ ප්‍රදර්ශනයේ මේ පොත් තියෙනවද කියලා බැලුවේ.

      - ඇනොනිමස් නමින් ප්‍රශ්නය නගපු මහත්මයා

      Delete
  2. /* ලියාපදිංචි වූ විට මසකට රුපියල් 30ක් හා බදු කපා ගන්නවා. ඒ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය තිබෙන තාක් කල් ද සදහටම දන්නේ නැහැ. */

    මේ ගැන මාත් කතන්දරයක් ලිව්වා.

    මට එවූ තොරතුරු සහ අසා දැනගත් දේ අනුව රෙජිස්ටර් වෙන්න යන්නේ රුපියක් දහයකි. එය එක්වරක් පමණක් අයකෙරෙන ගාස්තුවකි. ඉන් පසු වලට හැර වෙනත් ගාස්තු නැති බවයි කියවෙන්නේ.

    ReplyDelete
  3. /* මේ වන විට ලංකාවේ නවකතා කලාව මෙහෙයවන්නේ ස්වර්ණ පුස්ත‍කයේ රුපියල් පන්ලක්ෂය විසින් ය කීවොත් නිවැරදියි. */

    මට නං ඒකේ වරදක් පේන්නේ නෑ. එයින් නවකතාවල තත්වය හොඳ වෙන්නයි ඉඩ තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔයාට කොහොමටත් සිස්ටම් එක ගැන වරදක් පෙන්නේ නෑ, ලංකාවෙන් පිට ඉන්න නිසා ඔයා හිතන් ඉන්නේ 'ඔහේ' වගේ 'මෙහෙත්' කියල.ඔයාට තියන දැවෙන ප්‍රශ්න තමයි ලින්ක් දෙකතුනක් වෙන කාගෙහරි බ්ලොග් එකකට රින්ගවන්නේ කොහොමද? බ්ලොග් රෝලකට රිංගන්නේ කොහොමද? අද හිට් කියාද කොමෙන්ට් කියද වගේ ප්‍රශ්ණ? එහෙම චින්තනයක් තියන ඔයා අපිට බන කියන්න එනකොට තමයි ...... මතක් වෙන්න.

      Delete
    2. පැරා අනෝ ඇවිත් කකා ට බනින එක හොද මදි නේද ?

      Delete
    3. ස්වර්ණ පුස්තකය නිසා නවකතාවල තත්වය හොඳ වෙනවා ද කියන එක මට නම් ප්‍රශ්නයක්. හේතුව, හරි හමන් විචාර කලාවක් නැති, විචාරය නම්න් පිට කසා ගැනීම පමණක් පවතින ලංකාවේ ස්වර්ණ පුස්තකය විසින් සම්මාන ලබන නවකතා නම් සාහිත්‍ය ශානරයක් නිර්මානය කළ බවයි මගේ අදහස. මුල් කාලීන ස්වර්ණ පුස්තකවල විශේෂ ලක්ෂණයක් වන්නේ පොතේ මුල් පරිච්ඡේද කීපය හා ඇතැම් විට අවසානය හොඳට ලියා ඉතිරි ටික ඕනෑවට එපාවට ලියා දැමීමයි. මේ සාහිත්‍ය විනිසුරුවරු පොත් කියවන්නේ මුලින් ටිකයි, අගින් ටිකයි වශයෙන් බව සම්මාන ලේඛකයෝ දන්නවා. අනෙක, ‍මේ සාහිත්‍ය විනිසුරුවරුන් විසින් කරන ලද විචාරයක් එහෙම ඔබ කවදාවත් කියවා තිබෙනවා ද?

      Delete
  4. ඔය ප්‍රදර්ශනයට මම මුලදී ගියා. එතන පොතක් තෝරලා ගන්න පුළුවන් වාතාවරණයක් නැහැ. යන ගොඩක් අය පුරාජේරුවට මම මේ සැරේ මෙච්චර ගානක පොත් ගත්තා කියන අයයි. අනික් අතට සාහිත්‍ය මාසෙට දෙන ඔය වට්ටම තනිකරම කපටිකම. අතුල ජයකොඩි අවුරුද්ද පුරාම 20% ක වට්ට්මක් දෙනවා. ඔය මහලොකු පොත් වෙළෙන්දෝ එකෙක් වත් එහෙම කරනවද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා