උතුර අවුල්! අපි නම් ෂෝක්!

දෙමළ ජාතික සන්ධානය දිනුවත්, උතුරු පළාත් සභාව අවුල් යයි දකුණේ සිංහලයෝ සතුටු වෙති. 

තවම බෝනස් ආසනවලට පත් කරන අය ගැන හා ඇමති මණ්ඩලය ගැන දෙමළ ජාතික සන්ධානය තුළ සංවාද තිබේ. 

දකුණේ නම් එහෙම නැත. පළාත් සභාවලට තරග කරන්නේත්, දිනන්නේත් මැති ඇමතිවරුන්ගේ පවුල්වල සාමාජිකයෝ ය. බෝනස් ආසන දෙන්නේත්, මහ හා පොඩි ඇමතිවරු පත් කරන්නේත් ජනාධිපතිට ඕනෑ හැටියට ය. ඕනෑවට වඩා නටන්නට ඇවිත් පස්ස බිම ඇන ගත් එක්කෙනෙක් අද අවසන් ගමන් ගියේ ය. දකුණේ සංවාද නැත. ඇත්තේ රාජපක්ෂ පවුලට ඕනෑ හැටියට වැඩ කිරීමයි. ඉතින් සතුටුද?

උතුරේ සංවාද ය. බෝනස් ආසනයක් මුස්ලිම් ජාතිකයකුට  දීමට යෝජනාවක් තිබිණි. ‍එයට එතරම් විරෝධයක් නැත. එසේම කාන්තාවනට, වෙනත් සුළු ජාතීන්ට, සුළුතර ආගමික නියෝජිතයන්ට බෝනස් ආසනයක් මාරුවෙන් මාරුවට දීමේ යෝජනාවක් ද තිබේ. යාපනය දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානය කාන්තාවක් විසින් දිනා ගත්ත ද කාන්තා නියෝජනය මදි බවට අදහස් තිබේ. වයඹ හා මධ්‍යම පළාත් සභාවල‍ට කාන්තාවන් කීදෙනෙකු පත් වී තිබේ ද යන්න පිළිබඳ කිසිදු විමසුමක් දකුණේ තිබේ ද? 

ආණ්ඩුකාරයා ඉදිරිපිට දිවුරුම් නො දීමට ද ජනාධිපතිවරයා යාපනයට ගෙන්වා ඔහු ඉදිරිපිට දිවුරුම් දීමට ද නැතිනම් සාමාන්‍ය සාමදාන විනිශ්චයකාරයකු ඉදිරියේ දිවුරුම් දීමට ද යෝජනා තිබේ. 

පළාත් සභාවට බලතල ලබා ගන්නා ආකාරය පිළිබඳව ද, මධ්‍යම ආණ්ඩුව සමග ගනුදෙනු කරන ආකාරය ගැන ද සංවාදයක් ඇත. 

ඉතින් මේ සංවාද නරක ද? 

ඔවුන් සංවාද කරන්නේ ඉදිරිය බලාගෙන ය. සුබවාදී කාරණා ගැන ය. 

සිංහලයන් අතර සංවාද තිබෙන්නේ උතුර යටත් කර ගන්නේ කෙසේ ද කියා ය. තමන් දූෂිත ඒකාධිපති පාලනයක නින්දිත යටත් වැසියන් වී සිටින බව ඔවුහු දනිත් ද?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. Small minds discuss people, average minds discuss events and big minds discuss challenges. The Northern councilors are big minds. Hail 'em.
    ~demalage adaviya

    ReplyDelete
    Replies
    1. ... And idiots try to prove that unicorns are exists.

      -pa.go.

      Delete
    2. @pa.go.

      ..And some idiots need to learn grammer.

      Delete
    3. So, is this correct? ... Demalage adaviya trying to prove that there are serious concerns on being a Tamil in SL

      BTW, some idiots need a dictionary

      -pa.go.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා