ඇදහිලි කල්ලියක නායකයකු වන්නේ කෙසේ ද?

ඔබත් දේශපාලන ශාස්තෲවරයෙක් ද? දේශපාලන ශාස්තෲවරුන් කුඩා කල සිට ම හඳුනා ගන්නට පුළුවන. බොහෝ ශාස්තෲවරු දේශපාලන කවි, කෙටි කතා, ලිපි, රචනා ආදිය ලියති. නාට්‍ය කරති. ඒවා බොහෝ විට අතිශය රැඩිකල් ස්වරූප ගනියි. එහෙත්, මේ ශාස්තෲවරු සාමාන්‍යයෙන් සංගීත, කලා වැනි ප්‍රාසාංගික කලා ක්ෂේත්‍රයන්හි හෝ චිත්‍ර කලාවෙහි නියැලෙන්නේ නැත.

ඔවුන් ලියන හා කරන දේ ඔවුන්ට ඉතිහාසයේ සන්ධිස්ථාන වැනි වේ. එබැවින් ඒවා නිතර නිතර පුන පුනා ප්‍රවර්ධනය කරනු ලැ‍බේ. අහවල් ලිපිය කියෙව්වා ද, කියෙව්වේ නැති නම් එය සොයාගෙන කියවන්න ආදී වශයෙන් උපදෙස් දිය යුතු ය. ඒවා සෙසු අය සමග බෙදා ගැනීමට අනුගාමිකයන් ද පෙළඹවිය යුතු ය. 

ශාස්තෲවරු තම සතුරන්ට බනින්නට හෝ එදිනෙදා සිදු වන දේ ගැන ලියන්නට සිදු වූ විට එය කරන්නේ වෙනත් නම්වලිනි. ඔවුහු නම් දමා ගන්නා විට වෙනත් අය මෙන් නො ව, දමා ගන්නේ තමන්ගේ නමට වඩා මොඩ්කමින් අඩු හෝ එතරම් ආකර්ශනීය නැති නමකි. වෙනත් අය නම් දමා ගන්නා විට තමන්ගේ ඇත්ත නමට වඩා මොඩ් නම් දමා ගන්නා ආකාරය දකින්නට ලැබේ. 

ශාස්තෲවරු සාමාන්‍යයෙන් යන්නේ වෙනත් දාර්ශනිකයන්ගේ පිටේ ය. සාමාන්‍යයෙන් ඔබේ අනුගාමිකයෝත් ඔබ බොහෝ දාර්ශනිකයන් ගැන දන්නා හා ඔවුන්ගේ පොත පත කියවූ, ඔවුන්ගේ කියමන් උපු‍ටා දක්වන්නට හැකි පුද්ගලයකු ලෙස දකින්නට කැමති ය. 

දේශපාලන ශාස්තෲවරයකු වීමට නම් ඔබ විසින් මුලින් ම කළ යුතුව තිබෙන්නේ පොරක් ලෙස නමක් හදා ගැනීමයි. ඒ සඳහා තමන් බරසාර පොත්පත් කියවන බව ප්‍රදර්ශනය කළ යුතු ය. ඒ තරම් නො කියෙව්වාට කම් නැත. කළ යුත්තේ තමන් කියවන බව ප්‍රදර්ශනය කිරීමයි. කියවන දෙය ගලේ කෙටුවා සේ මතක තබා ගැනීමට බැරි නම් ඔබට ශාස්තෲවරයකු වන්නට බැරි ය.

ශාස්තෲවරයකු වීමේ අවශ්‍යතාවක් නැති, දැඩිව පොත් කියවීමට ඇබ්බැහි වී සිටින පුද්ග‍ලයෙක් සො‍‍යාගෙන ඔහු තමන්ගේ සමීපස්ථයකු බවට පත් කර ගන්න. ඔහු වෙනත් අයට හඳුන්වා නො දීමට පරිස්සම් වන්න. ඔහු මූලාශ්‍රය කර ගන්න. මෙම මූලාශ්‍රය පමණක් නො ව තමන්ගේ සියලු අලුත් මූලාශ්‍ර හැම විට ම සඟවා තබා ගන්න. පරණ ඒවා පමණක් පිටතට දමන්න. 

විවිධ පුද්ගලයන් සමග නිරන්තරයෙන් තමන්ගේ පාණ්ඩිත්‍යය ඉස්මතු වන පරිදි සාකච්ඡා පවත්වන්න. නිතරතුරුව ම තමන් කියන දෙයට වඩා ගැඹුරක් තමන් තුළ ඇති බව පෙන්වන්න. තමන් පිටුපස දැවැන්ත සංවිධානයක් ඇති බව ද පෙන්වන්න. එහෙත් කිසි විටෙක එවැනි සංවිධානයක් ගොඩ ‍නො නගන්න. මෙසේ කරමින් යන විට දේශපාලන උණ සහිත අඩු වැඩි වශයෙන් අවංක මෝඩයන් පිරිසක් ඔබ පසුපසින් රැස් කර ගැනීමට පුළුවන. 

ලිපි ලියන්න. ඒවාට අතරින් පතර දාර්ශනිකයන්ගේ උපුටා ගැනීම් කීපයක් දමන්න. හැකි තරම් නො තේරෙන අන්දමින් ලියන්න. ඒවාගේ ගැඹුරක් ඇතැයි ඔබේ අනුගාමික‍යන් සිතන්නේ ඒවා ඔවුන්ට නො තේරෙන තරමට ය. ඔබ ලියන දේ ඔබට පවා නො තේරුණාට ප්‍රශ්නයක් නැත. රටේ හා සමාජ‍යේ තිබෙන සියලු ප්‍රශ්න සම්බන්ධයෙන් ඔබට විසඳුම් ඇති බව කියන්න. එහෙත්, තමන් ඒවා කියන්නට කැමති නැති බව හා ඒ විසඳුම් ක්‍රියාත්මක කළ නො හැකි වී තිබෙන්නේ අනුගාමිකයන්ගේ කැප කිරීම් ප්‍රමාණවත් නැතිකම නිසා ය කියා ඔවුන් තුළ වරදකාරිත්වයක් ඇති කරන්න. 

සාමාන්‍යයෙන් තේරුම් ගැනීම අපහසු නැති සමාජ ප්‍රශ්න විවිධ දාර්ශනිකයන්ගේ විග්‍රහ ඔස්සේ හැකි තරම් සංකීර්ණ කර ඉදිරිපත් කරන්න. ඔබේ දාර්ශනිකත්වය ගොඩනැගේන්නේ ඒ ඔස්සේ ය.  

මේ වරදකාරිත්වය ඔබේ අනුගාමිකයන් අතර නිතර නිතර යාවත්කාලීන කරන්න. පවුල්, හා රැකියා ප්‍රශ්න නිසා හිර වී සිටින ඔවුන්ට, ඔවුන් විසින් කළ යුතුව තිබෙන යුගයේ ඓතිහාසික කාර්ය භාරය කරන්නට බැරි වී තිබෙන බව පෙන්වා දෙන්න. දේශපාලන වැඩවලට අනුගාමිකයන් ගෙන්වාගෙන ඔවුන්ගේ පවුල් තුළ අර්බුද ඇති කරන්න. බිරිඳගෙන් හා පවුලේ වෙනත් අයගෙන් දුරස් වන තරමට ඔවුහු ඔබට ළං වෙති. 

කසාද නො බැඳ ඉන්නට පුළුවන් නම් හොඳ ය. බැන්දත්, ළමයි නො හදා ඉන්නවා නම් හොඳ ය. ‍බිරිඳ ද තමන්ගේ අනුගාමිකයකු කර ගන්න. එහෙත්, ඇය වෙන ම සංවිධාන ව්‍යූහයක තබන්න. සංවිධානයේ දෙවෙනියා ඇය බව පෙන්වීමෙන් ඇගෙන් ඔබේ එදිනෙදා කටයුතු ටික කරවා ගන්නට පුළුවන. 

දැන් ඔබ දේශපාලන ඇදහිලි කල්ලියක් හදා ගැනීම සඳහා මුල පුරා තිබේ. රස්සාවෙන් අස් වෙන්න. නැතිනම් කවුරු කතා කළත් රැකියාවකට නො ගොස් සිටින්න. ශාස්තෲවරයකුට යමෙකු යටතේ රැකියාව කළ නො හැකි ය. අනෙක් පැත්තෙන් එවැනි ප්‍රායෝගික කටයුතුවලදී ඔබේ දුර්වලකම් ප්‍රදර්ශනය වීම වළක්වන්නට බැරි ය. සංවිධානයේ ද ප්‍රායෝගික කටයුතු හැකි තරම් මගහරින්න. පුළුවන් තරම් උපදෙස් දීම හා අධීක්ෂණය කරන්න. 

ඔබ දේශපාලනය වෙනුවෙන් ජීවිතය කැප කර සිටින බව පෙන්වන්න. එසේම අනෙක් අයගෙන් ද ඔබ එසේ කැප කිරීම් බලාපොරොත්තු වන බව පෙන්වන්න. රැකියා කරන, පෞද්ගලික ජීවිත ගත කරන සෙසු අය තුළ වරදකාරිත්වයක් ගොඩනගන්න. ඔබ රැක ගැනීම හෙවත් ඔබට අරමුදල් සැපයීම සංවිධානයේ සෙසු අයගේ වගකීම බවට පත් කරන්න. 

කටුක ජීවිතයක් ගත කරන බව පෙන්වන්න. එහෙත්, දුක් විඳින්නට ඕනෑ නැත. ඔබගේ ජීවන පහසුව නිර්මානය කිරීම ඔබගේ අනුගාමිකයන්ගේ ප්‍රධාන කාර්යය බවට පත් කරන්න. ඔවුන් විසින් දුක් දරාගෙන ඔබ‍ව ඔසවා තබන තත්වයක් නිර්මානය කරන්න. තමන්ගේ දේශපාලනික අධ්‍යයන හා සංවිධාන කටයුතු වෙනුවෙන් අවශ්‍ය බව පෙන්වා ඔබට අවශ්‍ය ඕනෑ ම දෙයක් ඔබගේ අනුගාමිකයන්ගෙන් ලබා ගන්න. අනුගාමිකයාගේ බිරිඳ හෝ දුව හෝ වුව ප්‍රශ්නයක් නැත.  

ගොඩනැගෙන සබඳකම් හැම විට ම ඔබ වටා, ඔබ වටා පමණක්, පිහිටුවා ගන්න. ධනවත් ව්‍යාපාරිකයන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, ටෙලි නාට්‍ය නළුවන්, ලස්සන ගැහැනුන්, පාතාල මැරයන්, ‍‍ගොවියන්, ධීවරයන් වැනි සුවිශේෂ සබඳකම් සෙසු සාමාජිකයන් අතරේ මාකට් කරන්න. එහෙත්‍, මේ සියල්ලන් ම ඔබ වටා ම ගොනු කර ගන්න. එක් එක් අය සමග හෝ කුඩා කණ්ඩායම් සමග හෝ නිරතුරු සාකච්ඡා පවත්වන්න. එසේ සාකච්ඡා පවත්වන්නේ සංවිධානයේ වැදගත් කමිටුවක් බව අඟවන්න. ඒ ගමන් ම ඊට ඉහළින් තවත් කමිටුවක් ඇති බව ද අඟවන්න. එහෙත් කිසිදු සංවිධානයක් ගොඩ නගන්න එපා. 

වඩා වැදගත් වන්නේ ඔබ ම මුත්, වැදගත් ම දෙය සංවිධානය බව කියන්න. ඔබව ප්‍රශ්න කර සංවිධා‍නයෙන් ඉවත් වූ හෝ ඉවත් කළ අය කුමන්ත්‍රණකරුවන් හා ද්‍රෝහීන් ලෙස හඳුන්වන්න. ඔවුන් සංවිධානයේ ඉදිරි ගමන අඩාල කළ පුද්ගලයන් ලෙස හඳුන්වා නිරතුරුව ම ඔවුන් හෙළා දකින්න. ඔබේ සම්බන්ධකම් පාවිච්චි කර ඔබේ සතුරන්ට හැකි සෑම ආකාරයකින් ම පහර දෙන්න. ඔවුන්ට ඉදිරියට ඒමට ඉඩක් නො තබන්න. හැකි නම් මර්දන යන්ත්‍රයට ඔවුන් බිලි කරන්න.

තමන්ගේ ඉතා සමීප අනුගාමිකයන් අතර සිටින අයගේ උන්නතිකාමී සිහින දිරි ගන්වන්න. තමන්ගේ බලය පාවිච්චි කර ඔවුන් ඔසවා තබන්න. එහෙත්, ඇදහිලි කල්ලි නායකයන් වීමට බලාපොරොත්තු වන අයගෙන් පරිස්සම් වන්න. ඔවුන්ට මතු වීමට ඉඩ නො දෙන්න.

ඇදහිලි කල්ලියක නායකයකු වීමෙන් ඔබට ඔබේ 'ප්‍රමෝදය' ලැබේ. සමාජය යහපත් අන්දමින් වෙනස් කිරීම සඳහා ඒවා සමග එක් වූ සාමාජිකයන්ට කාලකණ්ණිකම උරුම වේ. සමාජයට කිසිදු යහපත් දෙයක් සිදු වන්නේ නැත. 

(ලංකාවේ බිහි වූ ප්‍රධාන දේශපාලන ඇදහිලි කල්ලි කීපයක් අප විසින් ඉතා ගැඹුරින් නිරීක්ෂණය කරන ලද බව කරුණාවෙන් සලකන්න. කෙතරම් ගැඹුරින් නිරීක්ෂණය කළේ ද යත්, ඇතැම් විට වධකාගාර ද ඇතුළුව සිර ගෙවල්වල වසර ගණන් ගත කරන්නට ද, රටින් පිටුවහල් වන්නට හා නිරන්තරයෙන් මර්දනයට බියෙන් ජීවත් වන්නට ද සිදු විය. අපගේ සමීප නිරීක්ෂණයට ලක් වූ ඇදහිලි කල්ලි නායකයන් ගැන වෙන ම ලියන්නට පුළුවන. ඔවුන් හෙළිදරව් කිරීම අනාගත පරපුර මෙවැනි අන්තවාදීන්ගෙන් මුදාගෙන සාධනීය වෙනස්කම් සඳහා දායක විය හැකි දේශපාලනයක් වෙත යොමු කර ගැනීමට හා සැබෑ වමක් ගොඩනැඟීම සඳහා අත්‍යවශ්‍ය බව සලකමි.)


පහත පළ වන්නේ මෙම විෂය පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යයනයක් කළ කාතියක් ගැන විස්තරයකි. 

අපගේ එදිනෙදා ජීවිතය පිටුපස සැඟවුණු අනතුර අප අතර සැරි සරන ඇදහිලි කල්ලි
මාග්‍රට් තේලර් සිංගර් – යන්යා ලාලිච්

මා මේ පොත තුළ පැහැදිලි කිරීමට උත්සාහ කරන්නේ සාමාන්‍ය
පුරවැසියන් තමාගේ එදිනෙදා ජීවිත අත්හැර දමා, අමුතු සහ
ආචාර විරෝධී ක්රියාවන්ගේ සිට ස්වයං විනාශකාරී ක්රියා සහ
ඝාතන දක්වා විවිධ කටයුතු වෙත යොමු වන කණ්ඩායම්වල
කොටස්කරුවන් බවට පත් වන්නේ කෙසේ ද යන්න යි. අපි
සියලූ දෙනාම ඇදහිලි කල්ලිවල ශෛලියට හසුවීමේ අවදානමය
දරමු. අපගේ සමාජය වඩ වඩා වාණිජකරණය වන විට,
හිංසාකාරී හා පරාරෝපණය දනවන විට, වංක වන විට,
ව්‍යුහ රහිත වන විට විශේෂයෙන්
මෙම අවදානම පවතී. ඔබ ඇදහිලි කල්ලියක සාමාජිකයෙකු
වූ විට ඔබේ පරිසරයෙන් වැඩි කොටසක් සහ ඔබේ ජීවිත
තෝරාගැනීම් ගණනාවක් ම පාලනයට යටත් කරනු ඇත: ඔබේ
මූල්‍ය සම්පත්, තොරතුරු ලබා ගැනීමට ඇති අවස්ථාව, ඔබ
කරන වැඩ, ඔබේ සමාජ කවය, ඇතැම් විටක ඔබගේ ලිංගික
ජීවිතය පවා දැඩි පාලනයට යටත් කෙරේ. ඔබ, කණ්ඩායමට
අයත් කොටසක් ලෙස සිටීම සඳහා හැඩගැසී කටයුතු කිරීමට
ඉගෙන ගනියි. විරෝධය පළ කිරීමට වඩා, අනුගත වී, රැල්ල
සමඟ යමින්, යහපත් විශ්වාසවන්තයෙක් සහ යහපත්
අනුගාමිකයකු වීම පහසු ය. පුද්ගලයෙක් ඇදහිලි කල්ලි
නායකයකුගේ වශීකරණයට හෝ ආධිපත්‍යයට හසු වූ විටෙක,
සිදු ව ඇති දෙය තේරුම් ගැනීම ටත් ඉන් වෙන් වී නිදහස්
වීම ටත් එම පුද්ගලයාට උපකාර කිරීමට කෙතරම් අධ්‍යාපනයක්
අවශ්‍ය වේද යන්න අවබෝධ කර ගැනීම සඳහා අප සියළු
දෙනාටම මේ පොතේ ඇති පාඩම් උදවු කරනු ඇත.
 - මාග්‍රට් තේලර් සිංගර්


මෙම පොත කලින් දීප්තිගේ එක්ස් කණ්ඩායමේ සිටි පිරිසක් විසින් පරිවර්තනය කර පළ කරනු ලැබ තිබේ. ඒ පිළිබඳ විස්තර මෙතැනින් කියවන්න. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. මේ කතාව බොරු මඩක් වෙන්නත් පුලුවන් නමුත් දීප්ති කියන සමහර කතා ඇහුවම හිතෙන්නෙ නෑ බොරු කියලා. http://peratugami3mana.blogspot.co.uk/2011/12/copy-cat-issue-2.html

    මේ වගේ නැති උනත් දැන් ඔය නිර්මාල්ල කියන සමහර කතා (අර පාලිත පෙරේර ගෙ සීන් එක http://centrelk.blogspot.dk/2013/09/2013-17-300.html) එහෙම බැලුවම පේන්නෙ දීප්ති කියන පුද්ගලයා ව්‍යවහාර බාසාවෙන් කියනව නම් කැලණි හිඟන්නෙක් කියලා, මේව මේ හොඳ අවංක බුද්ධිමත් කියල හිතාගෙන ඉන්න, අනුන්ට බණ දෙසන ප්‍රගතිශීලියෙක් ට නම් සමාව දෙන්න පුලුවන් මට්ටමේ දේවල් නෙවෙයි නෙ.

    මම මේ ප්‍රශ්නෙ අහන්නෙ කොක්කට නෙවෙයි, කල්ට් ගැන තියන කුතුහලේට. ඇත්තටම පැරා ඔයා, නිර්මාල් වගේ උන් ටික කාලයක් හරි දීප්ති එක්ක හිටිය නෙ, දීප්ති නායකය කියල පිලි අරන්. ඒ කාලෙ මේ වගේ දේවල් දැක්කෙම නැද්ද? නැත්නම් දකින වෙලාවට ඒව සාදාරණීකරණය කරේ කොහොමද කැඩිල යන දවස වෙනකම්?

    ReplyDelete
    Replies
    1. ඔවු මේක හොද ප්‍රශ්ණයක්.
      දීප්ති මේ තරම් දුරක් යන්ඩ මේගොල්ලන්ගේ දායකත්වය මොකක්ද කියලා සොයා බැලිය යුතුයි.
      ඒ පිලිබදව නිර්මාල්, සුමිත්, කල්යා,ප්‍රභා හා බුද්ධික කතා කල යුතුයි. තමන් ඒ තැන ඉදිමින් කරපු දේවල් මේ ගමනට මොන ආකාරයටද දායක උනේ කියලා මිනිස් අර්ථයකින් කාතා කිරිමෙන් සමාජයට පාඩමක් කියා දෙන්න පුලුවන් වෙනවා. එවැනි කාතාවකින් දීප්තිවත් නැවත නිර්මානාත්මක මාවතකට යොමු කර ගනිමට හැකි වේයි සමහර විට. එවැනි හැරවුමක් ආනාගතයට යහපතක් මිසක අයාහපතක් නේමෙයි නේද ?

      Delete
    2. මම දීප්තිගේ කණ්ඩායමේ හිටියේ නැහැ. ඒත් රෝහිත භාෂණ‍ගේ හිරු කණ්ඩායම කියන්නේත් ඇදහිලි කල්ලියක්. ඒකේ තිබිච්ච සුවිශේෂ ලක්ෂණයක් වුණේ ඇත්තම ඇදහිලි කණ්ඩායමක් පවත්වාගෙන ගිය කතෝලික පූජකවරයෙකුත් ඒකත් එක්ක සම්බන්ධව හිටපු එක. මේ කණ්ඩායම ඇතුළේ මේ පුද්ගලයා ෆාදර් කෙනෙක් වුණා. සහෝදරයෙක් නොවෙයි. පූජනීය උත්තමයෙක්. ඔහුව විවේචනය කිරීම පාපයක් වගේ වුණා.

      හැබැයි, ජවිපෙ සංවිධාන ඇතුළේ මම දන්න තරමින් හාමුදුරුවරුන්ට මෙහෙම පූජනීයත්වයක් නැහැ. චම්පිකලාගේ කණ්ඩා‍යමේ වුණත් (ජා.හෙ.උ. මේ කණ්ඩායමට සම්බන්ධ කොටසක් විතරයි) හාමුදුරුවන්ට එහෙම මෙව්ව එකක් නැහැ.

      අපි මේ කණ්ඩායම් ඇතුළේ ඉඳිද්දි මේ ඇදහිලි කල්ලි ලක්ෂණ දැකපු නිසා තමයි, අපි ඒ ගති ලක්ෂණවලට එරෙහිව සටන් කළේ. අපි ඒවායින් කැඩී ඇවිත් ඒ ගැන කතා කරන්න පටන් ගත්ත නිසා තමයි, ඇදහිලි කල්ලි ගැන දේශපාලනික කියවීම් ලංකාවට ආවේ.

      ඒ නිසා, මේ දේශපාලනික ඛන්ඩනයන් විසින් වාම දේශපාලනයට කරලා තිබෙන්නේ ලොකු ‍සේවයක්. ඒ ඛන්ඩනයන් නිසා ඒ ඇදහිලි කල්ලි දුර්වල වුණා. ඒවා ශක්තිමත් ‍කරලා මොකට ද? ඕනැ නම්, උතුරු කොරියාවක් වගේ විකෘතියක් නිර්මානය කරන්න පුළුවන්‍ වේවි.

      Delete
  2. http://lankacnews.com/sinhala/news/100725/

    මේ සුනඛ දේනුවට මේ ටිකම ගිහින් සෞදි අරාබියෙදි, ඉන්දුනීසියාවෙදි, නෝර්වේ වලදි කරන්ඩ පුලුවන් ? මේ සුනඛ දේනුවට කඩේ යන ලිබරල්, වාමාංශික​,සමාජවාදී, ඇකඩමික සුනඛ පුත්‍රයනි තොපේ කටවල් මේවාට වැහිලද​?

    ReplyDelete
  3. අනිවරයෙන්ම පුලුල් ලෙස කාථිකාවක් ආර්ම්භ කල යුතු මාතෘකාවක්.
    කල යුත්තේ කේසේද ?
    මෙවැනි පුලුල් හා විවාද සම්පන්න මාතෘකාවක් පිලිබදව කතිකාවක් අජිත්ට විතරක් කල හැක්කක් නොවන් බැවින්, මේ පිලිබදව අද්දැකිම් හො දැනුම් ඇති සියලු දේනාම මැදිහත් විය යුතුයි.
    ලංකාවේ ජාතික ගැටලුවට වාඩා බරපතල ප්‍රශ්ණය මේයි. මොකද ජාතින්ගේ ප්‍රශ්ණයට වුවද විසදුමක් ගෙන ඒමට සමාජය පෙල ගැස්විමට අවශ්‍ය සංවිදාන විවුහයක් ගොඩ නොනගින්නේ මේ කාරනය නිසා.

    ReplyDelete
  4. අනිවරයෙන්ම පුලුල් ලෙස කාථිකාවක් ආර්ම්භ කල යුතු මාතෘකාවක්.
    කල යුත්තේ කේසේද ?
    මෙවැනි පුලුල් හා විවාද සම්පන්න මාතෘකාවක් පිලිබදව කතිකාවක් අජිත්ට විතරක් කල හැක්කක් නොවන් බැවින්, මේ පිලිබදව අද්දැකිම් හො දැනුම් ඇති සියලු දේනාම මැදිහත් විය යුතුයි.
    ලංකාවේ ජාතික ගැටලුවට වාඩා බරපතල ප්‍රශ්ණය මේයි. මොකද ජාතින්ගේ ප්‍රශ්ණයට වුවද විසදුමක් ගෙන ඒමට සමාජය පෙල ගැස්විමට අවශ්‍ය සංවිදාන විවුහයක් ගොඩ නොනගින්නේ මේ කාරනය නිසා.

    ReplyDelete
  5. මෙතන තියෙන හැම ලක්ශනයක්ම ගැලපෙන්නේ මගේ ජීවිතයද මුස්පේන්තුකල​, කාලකණ්ණි කල වාමාංශික පක්ශවලට​ තමයි කොල්ලෝ. අපිට සදා ගොඩ ඒමක් නෑ තමයි. අපේ ජීවිත කාලකණ්ණි, මුස්පේන්තු බවෙන් වැහිලා තියෙන්නේ. බලපන් පෙනුම විතරක් අරගෙන​. වමේ උන්ගේ පෙනුම... ටිල්වියා, අරුණයා, බාහුවා, වාසුවා, නිර්මාලයා, භාෂණයා, කුමාර මාතියා, දිමුතු කෙල්ල​. ඔච්චර ඕන්නෑ මගේ පෙනුමම බලපන්. වාමාංශික අපේ ආත්මීය මුස්පේන්තු කම අපේ පෙනුමෙන්ම පේනවා කොල්ලෝ. මම නම් කියන්නේ කොල්ලෝ, අපි තරුණ වයසේදි වාමාංශික පක්ශ වලට එකතු උනේ අපේ පෙනුම කැත නිසා, අපි දිහා ගෑණු ආකර්ශන අඩු නිසා (සමහර වෙලාවට නැත්තේම නැති තරම් උදා: ටිල්වින්, අරුණ​) ඒ ආත්මීය ගැටලුවෙන් මිදෙන්ඩයි. වාමාංශික පක්ශ වල්ට බැදුනාම අපිව ප්‍රතික්ශේප කරන ලෝකයට ගල් ගුහාවක (කල්ලියක​) ඉදන් මානසිකව පහර ගහන්ඩ පුලුව​, ඒකනේ කිසිදු සාධනීය දෙයක් නොකර කටෙන් විතරක් හැමදේම කරන අය අපි අතර වැඩි. කෙල්ලෝ අපිව ගණන් ගන්නෑ, නෑයෝ අපිව ගනන් ගන් නෑ, සමාජෙ උන් අපිව ගණන් ගන් නෑ. ඉතින් අපි මේ හැම දේකටම වෛර කරනවා. අද අපිට කම්කරු පන්තිය උලලා ගිය නිසා, එහෙම උන් බෙහෙතකට වත් අද හොයා ගන්ඩ බැරි නිසා අද අපේ පන්ති සතුරා වෙලා ඉන්නේ සිංහ්ල බෞද්ධයා. උන්ගේ සියලු දේටම උදේ හවා නෙලන එක අපේ ආත්මීය සැනසීම වෙලා කොල්ලෝ. මම හැම උදේකම වෙබ් එක බලන්නේ උබ හරි තව කවුරු හරි වාමාංශික සහෝදරයෙක් සිංහල බෞද්ධයන්ට පැලෙන්ඩ නෙලනවා බලන්ඩයි. ඒ ලිපි කියවද්දි මුස්පේන්තු, කුහක මාක්ස්වාදී, වාමාංශික, රැඩිකල්, කැත මූණක්, අපත ආතමයක් තියෙන මට පුදුම සැනසීමක් තියෙන්නේ සහෝදරය​.
    මීට උබගේ සහෘද
    මුස්පේන්තු මාක්ස්

    ReplyDelete
  6. දීප්තිගේ සංවිධානය ඇදහිලි කල්ලියක් කියා ලඝු කිරීම සාධාරන විග්‍රහයක් නොවේ.ඒ සංවිධානයේ අභ්‍යන්තර ව්‍යුහය ගැන මට අවබෝධයක් නැත.ඒ ගැන මට දැනුම තියෙන්නේ ඔවුන් කරන ප්‍රකාශන තුලින්ය. එක්තරා ආකාරයක නායකත්ව අභිනන්දනයක් - වෙනත් බොහෝ වාමාංශික සංවිධාන වල වගේ - ඒ සංවිධානය තුලත් දැකිය හැකි බව ඇත්තකි.ඒත් හුදෙක් එම කරුන මත ලංකාවේ දේශපාලන කතිකාවට ඔවුන් කල මැදිහත්වීම සහ ඒ මැදිහත්වීමේ වැදගත්කම අවප්‍රමානය කිරීම හෝ මග හැර යාම කල නොහැකියි.

    ReplyDelete
    Replies
    1. රාමා ඇදහිල්ල අස්සේ ජුදාස්, දේවදත්ත වගේ අයත් ඉන්නම එපැයි.

      Delete
    2. ඇදහිලි කල්ලියක් වූ පළියට සමාජමය මැදිහත්වීමක් සිදු නො වේ යයි කියන්න බැහැ. ආගම් විසින් කොහොමත් සමාජයට විශාල බලපෑමක් කරනවා නේ. මෙතන තිබෙන කාරණය එය නොවෙයි.

      විම හෝ ධනවාදයට විරුද්ධ දේශපාලන ව්‍යාපාර විසින් අන්තර්ගත කර ගත යුතු ප්‍රජාතන්ත්‍රවාදී, සමාජවාදී ලක්ෂණ වෙනුවට මිලිටරි හා ආගමික ස්වරූපී ස්වරූපයක් ආරෝපණය කර ගැනීම සමාජයට කරන බරපතල හානියක්. ජවිපෙ නිදසුනකට ගන්න. මේක ප්‍රමාණයෙන් ලොකු ඇදහිල්ලක්. දැන් නම් ඒ තරම් ලොකුත් නැහැ.

      මේ ඇදහිලි කල්ලි ලක්ෂණ විසින් දේශපාලන ව්‍යාපාර වෙත අවශෝෂණය වන මිනිසුන්ගේ විභවයන් දැඩි මර්දනයකට ලක් කරනවා. මෙය ඇස් පනා පිට පෙනෙන දෙයක්.

      මම නම්, ඇදහිලි කල්ලිවලට පමණක් නො වෙයි, පෙරටුගාමී හෙවත් වෑන්ගාඩ් පක්ෂවලටත් මූලධාර්මිකව විරුද්ධයි.

      Delete
    3. අනේ බං පැරා.. උඹ මොනවද මාක්ස්වාදය ගැන දන්නෙ. ජවිපෙ ගැන දන්නෙ. සමාජය තියෙන්නෙ උඹේ ඔලු ගෙඩියෙවත් බ්ලොග් එකේවත් උඹ ඔය ආස්සරෙ කරන රිලවු රංචුවෙත් නෙමේ. බහු ජනතාවත් එක්ක වැඩකරපං. මේකෙ කොට කොට හිටියට සමාජය වෙනස් කරන්න බෑ. එහෙම නම් යකෝ හැමදාම තුන්වේල බණ කියන මේක සිරා බොදු රටක් වෙන්න එපැයි. මේකෙ ඉන්නෙ බොරු හොර තක්කඩි බවුද්දයොනේ. අඩුගානේ පන්සිල් පද පහවත් රකිනවයෑ. ඉතින් අනිත් එවුන් හිතයි උඹත් වාමාංශිකයෙක් කියල. අර හොර බවුද්දයො වගේ උඹත් හොර වාමාංශිකයෙක්. හැබැයි ඉතින් උඹ කියන සමහර දේවල් පට්ට ඇත්ත. මම පිලි ගන්න උඹේ අදහසුත් තියනවා. ඒවා වාමාංශික ආභාසය නිසා උඹට ආපු අදහස්. මේ ලිපියෙ තියෙන සමහර දේවල් ඉතින් උඹටත් අදාලනෙ. නෑ කියන්න නම් එපා පුතෝ. මොකද ඔය දේවල් ඒ දවස්වලම මම උඹෙන් දැක්ක. දැන්නම් නයා මැරිච්ච අහිකුණ්ටිකයා වගේ හිටියට. ඒ දවස්වල බලන්න එපායෑ.දැන් නම් උඹ ගොඩක් දුරට හොදයි. අවුල තියෙන්නෙ වමේ පොරක් වගේ උඹ කතා කරන එකයි. උඹ හිතන් ඉන්නෙ දෙමළ අයට ඔය කියන ඉල්ලන ඒවා දුන්නොත් හරිද? එහෙම හරිගිය තැනක් කියල එවපකො බලන්න.

      Delete
  7. මුස්පේන්තු මාක්ස්, ඔයාගේ හිඟන කොමෙන්ට් අස්සෙත් මාක්ස් ඉන්න එක ඔයාට නොපෙනෙන්නෙ මුස්පේනතු කම නිසාම තමයි. ඕකට මාක්ස් කිව්වේ පරාරෝපණය කියලයි.

    ReplyDelete
  8. පෝස්ට් එක වටිනවා අජිත්.. අපි සියලු දෙනාම මේ බොරුව නේද කරන්නේ පැවැත්ම උදෙසා.. ? ලිපිය සෑහෙන්න වටිනවා ..

    ReplyDelete
    Replies
    1. පැවැත්මට එහෙම නොකරන නියම නායකයොත් ඉන්නවා.හැබැයි වැඩි හරියක් වාමාංශිකයො. පුදුමෙ කියන්නෙ බොහෝ විට හොදම පුද්ගලයොත් ඉන්නෙ වාමාංශිකයො.කැතම ජඩයො වෙලා ඉන්නෙත් වමෙන් විසිවුන තමන්ම වමේ කියාගෙන ධනවාදෙට ආවඩන උන්. හරි අය තොප්පි දාගත්තට කමක් නෑ...

      Delete
  9. uu wjqreÿ 18 l ú;r m,mqreoaola ;sfhk ufkda ffjoHjrfhla' uu wyïfnka fï íf,d.a tl oelafl' ug f,dl= lïmkhla oekqkd f,âvq bkafk fïflfk lsh,' fldfukaÜia odk fndfyda wh ;ukag n,hla ke;sfldg fufyu m%;sjd§kag u;jd§uh ke;=j wuk f,i nkskjkï n,hla ,enqfkd;a flfia fõúo@ wksl ;uhs yduqÿrefjd fudk ;rï le; jevla l,;a wms nqÿ yduqÿrejkagj;a O¾uhgj;a nkskafk kEfk' b;ska udlaiajdoh fyd`o tlla' uu lshqndfõ mqyqKqjl§ ta .ek álla foaj,a oek .;a;d' mqoa.,hkaf. wjq,aj,g udlaiag nkskafk tl fjk wjq,la' ta ;uka ú;rhs h:d¾;h fyd`Èkau okafk' ;uka ;uhs yßu lshk woyi T`Mfj ;shk ksid' f.dvla udkisl frda.Ska ys;kafk ;ukag wjq,la kE lsh,' b;ska tfyu ne¨jyu fu;khs tfyhs jeä fjkila kE' ^fu;kg f.dvla wh f;afrkj lsh, ys;dk bkak fkdf;afrk nr jpk oeïfï kE'&

    ReplyDelete
    Replies
    1. ඉහත කමෙන්ටුව දැමූ මහත්මයාට,

      කමෙන්ට් කරන විට සිංහල යුනිකොඩ් ෆොන්ට් පාවිච්චි කළ යුතු ය. මම ඔබගේ අදහස Real Time Unicode Converter පාවිච්චි කර මෙහි නැවත පළ කරමි.

      "මම අවුරුදු 18 ක විතර පලපුරුද්දක් තියෙන මනෝ වෛද්‍යවරයෙක්. මම අහම්බෙන් මේ බ්ලොග් එක දැක්කෙ. මට ලොකු කම්පනයක් දැනුනා ලෙඞ්ඩු ඉන්නෙ මේකෙනෙ කියල. කොමෙන්ට්ස් දාන බොහෝ අය තමන්ට බලයක් නැතිකොට මෙහෙම ප‍්‍රතිවාදීන්ට මතවාදීමය නැතුව අමන ලෙස බනිනවනම් බලයක් ලැබුනොත් කෙසේ වේවිද? අනික තමයි හාමුදුරුවො මොන තරම් කැත වැඩක් කලත් අපි බුදු හාමුදුරුවන්ටවත් ධර්මයටවත් බනින්නෙ නෑනෙ. ඉතින් මාක්ස්වාදය හො`ද එකක්. මම කියුබාවේ පුහුණුවකදී ඒ ගැන ටිකක් දේවල් දැන ගත්තා. පුද්ගලයන්ගෙ අවුල්වලට මාක්ස්ට බනින්නෙ එක වෙන අවුලක්. ඒ තමන් විතරයි යථාර්තය හො`දින්ම දන්නෙ. තමන් තමයි හරිම කියන අදහස ඔ`ඵවෙ තියන නිසා. ගොඩක් මානසික රෝගීන් හිතන්නෙ තමන්ට අවුලක් නෑ කියල. ඉතින් එහෙම බැලූවහම මෙතනයි එහෙයි වැඩි වෙනසක් නෑ. (මෙතනට ගොඩක් අය තේරෙනව කියල හිතාන ඉන්න නොතේරෙන බර වචන දැම්මේ නෑ.*

      Delete
  10. මෙතන විතරක් නොවෙයි ඕනම සයිට් එකක ඉතාම අශීලාචාර ලෙස තමයි කොමෙන්ට් දමන සමහර අය කතා කරන්නෙ.බොහෝ සයිට් වල එකම පුද්ගලයා විවිධ නම් වලින් කොමෙන්ට් දානවා.භාෂා විලාසයෙන් එය සොයා ගන්න පුළුවන්.එසේම මාක්ස්ට බැන වැදීමේ තේරුමක් නෑ මොකද ඔහු දාර්ශනිකයෙක්.ඔහුගෙ දර්ශනය ආගමක් බවට පත් කරපු අයයි වැරැද්ද කරල තිබෙන්නෙ.නමුත් මාක්ස්වාදයේ ස්වරූපය අනුව එය ආගමක් බවට පත්වීමේ ඉඩ වැඩියි.සියල්ල ආර්ථිකයට ඌණනය කරපු එකයි මාක්ස් කරපු ලොකම වරද? නමුත් මාක්ස්වාදීන් තම මතයට එකඟ නොවන අයගෙ ජීවත් වීමේ අයිත්ගියවත් පිළිගන්නෙ නෑ.සෝවියට් දේශය,කියුබාව,උතුරු කොරියාව හා චීනයත් මාක්ස්වාදී යැ‍යි කියන ජවිපෙත් ඊට උදාහරණ සපයනවා.කොහොමටත් බාෂාව හැසිරෑඑමේදීත් ඉතාම දරුණු ලෙස හැසිරෙන්නේ මාක්ස්වාදීන්.ඒක හැමෝම දන්නවා

    ReplyDelete
  11. @සැමට මිතුරු;

    රෙද්ද තමයි.

    ReplyDelete
  12. @ සැමට මිතුරු ට
    ඉස්සරවෙලා එහෙන් මෙහෙන් අහුල ගත්ත කෑලි වලින් එහෙම නැත්නම් පොතක් දෙකක් බලල මාක්ස්වාදය ගැන කියන්නෙ නැතුව අර සමහරු වගේ ඉගෙන ගන්නෙත් නැතුව (වර්තමානයේ ඉගෙන ගන්නව කියන්නෙ මතක තියා ගන්න එකටනෙ)මාක්ස්වාදය තෙරුම් ගන්න. ඒක යකඩ වලට පොඩි කාලේ සිට රත්තරං කියල උගන්නපු හුදකලා සමාජයක ඉන්න කෙනෙකුට නෑ ඕක යකඩ කියල උගන්වන්න අමාරු වගේ තමයි. ධනවාදය විසින් කුඩා කල සිට සත්‍ය ලෙස පෙනෙන බොරුවෙන් නිර්මාණය වූ එයම පරම යැයි තර්කයෙන් තොරව හිතන්නට පුරුදු වූ අය කෙසේ නම් එය පිලි ගනියිද? මාක්ස්වාදයෙන් කෙරෙන්නෙ වෙන්ව අප ඉගෙනගත් දේවල් අන්තර් සම්බන්ධිතව තේරුම් ගැනීමට යොමු කිරීමයි. එවිට අපට අප දන්නා අප විශ්වාස කරන බොහෝ දේවල්වල විරුද්ධාභාෂයන් නිරාවරණය වේ. එවිට මිනිසා විසින් නිවැරදි බව තහවුරු කරගත් දේවල් ඇසුරින් දේවල් හා සිදුවීම් වඩාත් නිවැරදිව විවවරණය කල හැක. මාක්ස් සිදු කලේ එම “ආකාරය“ සමාජයට පහදා දීමයි. ඉන් නොනැවතී ඔහු එයින් සමාජය විවරණය කොට සමාජයේ තිබෙන අඩුපාඩු දැක ඒවාට උත්තරද ඉදිරිපත් කරයි. මාක්ස්ව අහුලගෙන කියවන අය දන්න ආර්ථිකෙයි මාක්ස් කියන ආර්ථිකෙයි දෙකක්. ඕක තමා දැනුමේ සහ අවබෝධය අතර වෙනස. මාක්ස්වාදය සහ භෞතිකවාදය තේරුම් ගන්න ඉස්සරලාම මනුස්සකම තියන සාධාරණය අගයන කෙනෙක් වෙන්න ඕනෙ. (රහසින් “පව්“ කරන අයට නම් බෑ) දෙවනුව වඩාත් ලේසියි ජීව විද්‍යාව, භෞතික විද්‍යාව හා මනෝ විද්‍යා වගේ විෂයන් වලින් මිනිසා සහ පරිසරය තුල සිදුවන ක්රියාවලි ගැන සාමාන්‍ය අවබෝධයක් තිබීම.(දැනුම පමණක් නොවේ)තෙවනුව අනිත් දර්ශනයන් හා ආගම් වල හරයන් ගැන නිවැරදි දැනුමක් තිබීම.(දැන් ගොඩක් ආගම්වල හරයන් උගන්නන්නෙ නෑනෙ. විකුනන්න හැකි සහ ආගමේ නාමයෙන් පැවැත්ම ගෙනියන්න මිනිස්සු අන්දන එකනෙ කරන්නෙ) ඉතින් මාක්ස්වාදය මොකක්ද කියන එක “හදාරන්න“ නම් නිගමන දෙන්න නම්... කිව්වට තරහ වෙන්න එපා. ඔයා වගේ මෝඩයන්ට නම් බැහැ. මාක්ස්වාදය එහෙන් මෙහෙන් අහුලපු අයටත් බෑ. (තරහ ගන්නනෙ නැතුව තේරුම් ගනියි කියල හිතනව)

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා