හිරුනම් ගුටි තමයි

පසුගිය දිනෙක නාන්නට නාන කාමරයට ගොස් සිටියදී පිටත දුරකථනය නාද වනු ඇසිණි. මගේ බිරිඳ ගෙනැවිත් දුනු එය කණට ගත් විට එහා පැත්තෙන් ඇහුවේ "මහත්තයාගේ නම මොකක්ද?" කියා ය.

මඳක් කෝපයට පත් වුණු මම "දැන් ඔයානේ කෝල් එක ගත්තේ, ඔයාට කාටද කතා කරන්න ඕනෑ?" යි ඇසීමි.

"මට මහත්තයට පොඩ්ඩක් කතා කරන්න පුළුවන් ද?"

"ඔව්, කියන්න."

"මහත්තය රේඩියෝ අහනවද?"

"මට වෙලාවක් නැහැ. වයිෆ් උදේට උයන අතරෙ ස්වදේශීය ‍සේවය දානවා. මටත් ඇහෙනවා."

"වෙන රේඩියෝ චැනල් අහන්නේ නැද්ද?" 

"නැහැ, එච්චර කැමැත්තක් නැහැ."

"බොහොම කණගාටුයි, අපි හිරු එෆ්. එම්. රේඩියෝ එකෙන් කතා කළේ. මහත්තය හිරු අහනව කීවා නම් අපි රු. 5000ක් දෙනවා. මහත්තයට ඒක අහිමි වෙනවා."

"කමක් නැහැ." 

දුරකථනය තැබූ මුත්, මට එවේලේ කියන්නට තිබූ දෙයක් මතක් විය. ආපසු එම දුරකථන  අංකය උත්සාහ කළ මුත් එය කාර්ය බහුල විය.

මට කියන්නට ඕනෑ වු‍ණේ රු. 10,000ක් දුන්නත් මම නම් ඔය රේඩියෝ එක අහන්නේ නැහැ කියා ය.

දැන් අහන අයට සල්ලි බෙදන බවට ප්‍රචාරය කරන රේඩියෝ නාලිකා ගණනාවක් ම තිබේ. 

තව ටික කාලයක් යන විට මේ රේඩියෝකාරයන්ට මෙහෙම අදහසක් ආවා නම් කොහොම වනු ඇද්දැයි මට සිතිණි. මගතොට හමු වන මිනිසුන්ගෙන් ඔබ අහන්නේ කුමන නාලිකාවක්දැයි අසා තමන්ගේ නාලිකාවේ නම නො කිව්වොත් තඩි බාන ප්‍රචාරක වැඩසටහනක් පටන් ගත්තොත් කොහොම ද?

"හිරු අහන්නැත්නම් ගුටි තමයි."

ලංකාව කියන්නේ ඕනෑම නො විය හැකි දෙයක් සිදු වන තැනකි. 

හිරු මෙගා බයිට් නම් වැඩසටහනකින් එවැනි මාරක බයිට් කිරීමක් කර තිබෙන අන්දම ගැන පුවතක් ස්වාධීන රූපවාහිනියෙන් විකාශය විය. ඒ රූපවාහිනිය නම් ඔය වගේ බයිට් කරන්නේ නැත. ඔවුන් කරන්නේ රටම බයිට් කිරීමයි. මෙම සිද්ධිය පිළිබඳ ලක්බිම වාර්තාව මෙතනින් කියවන්න. 

හිරු රේඩියෝව මීට කලකට ඉහතදී හම්බන්තොට දිස්ත්‍රික්ක‍යේ රන්මිනිතැන්න ගමට කොටි පහර දුන් බවට බොරු ප්‍රචාරයක් කර ආණ්ඩුවේ තහනමට ලක් විය. එවකට එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරයකු වී හිරු අයිතිකරුගේ සහෝදරයා වූ දුමින්ද සිල්වා පසුව ආණ්ඩුවට එක් වී මෙම තහනම ඉවත් කරවා ගත්තේ ය. 

උණු පුරුකේ ලූවත් බලු වලිගේ ඇද යන්නේ නැත. 



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. Hirunam guti beta thama mamanam ahannema nethi chanal ekak thama meka moko ahala gutith kaapanko...???

    ReplyDelete
  2. ඇයි මේ මනුස්සයා අඬ අඬා ඉන්නේ?

    මිලියන් ගණනක් වන්දි ගන්න පුළුවන් කේස් එකක් නේ. කොටින්ම ඔය ආයතනය බෑන්ක්රප්ට් වෙන්න මේ කේස් එක ඇති.

    ReplyDelete
    Replies
    1. හිරු එක්ක නඩු කියන්න මේ එදා වේල හම්බුකරන් කන අඟුනකොළ පැලැස්සෙ ඉඳල ආපු අහිංසක නලු බට්ට? කමෝන් කකා, හී ඊස් ඉන් සිරි ලංකා.

      Delete
    2. කකා ආයෙත් සමාන්තර ලෝකෙක ජීවත් වෙන්න පටන් ගත්තද?

      Delete
    3. KATHANDARA NAM JOKKU, PADA, CHOO, JEE THAMI.

      Delete
  3. Oka ochchara gananganna deyak naha..Oyata vada Jaathika Rupavahini nalikava davasak Minister Mervin Silvata kochchara avanambu kalaada? Ape amathi eka ganangaththada?!

    ReplyDelete
  4. නාර බේබිගේ මොන අවුලක් තිබ්බත් සිංහ චැනල් එක ඒ අතින් අවුලක් නැහැ. කුඩු එෆ්.එම්. එකට වඩා හැම අතින්ම හොදයි. උන් ඔය ඇහුවහම සල්ලි දෙන එවුන්ට සරම තෙමෙන්න ඇඩ් එකක් දානවා.

    ReplyDelete
  5. http://uptjtq.bay.livefilestore.com/y1pp6vcEA2t02Rd7ckjdB46KGEd1jgQB6EsZzheKtHBJqf0oitgsrm5dt8hgwfvZMF6Lj0BvJUOyYPgfr6PnfX3Fg/sri-FM--1.jpg

    ReplyDelete
  6. MEKATA KIYANNE KUDU VAHINIYA KIYALANE

    ReplyDelete
  7. තව ටික කාලයක් යන විට මේ රේඩියෝකාරයන්ට මෙහෙම අදහසක් ආවා නම් කොහොම වනු ඇද්දැයි මට සිතිණි. මගතොට හමු වන මිනිසුන්ගෙන් ඔබ අහන්නේ කුමන නාලිකාවක්දැයි අසා තමන්ගේ නාලිකාවේ නම නො කිව්වොත් තඩි බාන ප්‍රචාරක වැඩසටහනක් පටන් ගත්තොත් කොහොම ද?

    "හිරු අහන්නැත්නම් ගුටි තමයි."

    ලංකාව කියන්නේ ඕනෑම නො විය හැකි දෙයක් සිදු වන තැනකි. //

    එහෙම දෙයක් ලඟදීම සිදුවෙයි.මොකද මුන් ඒ තරම්ම අවිනීත,ප්‍රචන්ඩකාරී පිරිසක්.හැබැයි ඔය නලුවගෙ කේස් එක නම් ඌටත් සල්ලි දීල කරපු නාඩගමක් කියලත් හිතෙනවා.අද හිරු හැසිරෙන විදියට යූ ඇන් පී ආන්ඩුවක් යටතෙ සිරසෙන් කෙරෙන්න ඉඩ තිබෙනවා.සමහර විට හිරු සිරස දෙකම යූ ඇන් පී කාලෙක පිස්සු කෙළින්න ඉඩ තිබෙනවා.සිරස අද ඉන්නෙ පිස්සු කෙළින්න බැරි වීමේ අසහනයෙන්.කොහොමටත් හිරු ,සිරස විතරක් නොවෙයි ඔය හැම චැනල් එකකම පීඩනයට ඉදිරියේදි මේ රටේ ජනතාව දරුණු විදියට ලක් වෙයි.ජනතාවගෙ මුග්ධ කම නිසයි ඒ.යකාගෙ හැටියටන් වීමානෙ.
    මමත් මේ එක චැනල් එකක්වත් අහන්නෙ නෑ.ජනමනස ප්‍රබුද්ධ කරන්න පුළුවන් නම් ඒක තමයි වටින්නෙ.නැත්නම් රටම පිස්සන් කොටුවක් කරාවි.වෙන කෙටි විකල්ප නෑ.

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට ශ්‍රිලනිප ආණ්ඩුවක් තියෙන්නෙ නේ? මොනවද පාවිච්චි කරන්නෙ බේබි ක්‍රීම්ද?

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. // මොනවද පාවිච්චි කරන්නෙ බේබි ක්‍රීම්ද? // :P

      Delete
  8. මුස්ලිම් උනත් අපි නම් අහන්නේ බෞද්ධයා නාලිකාව​. බුදු හාමුදුරුවෝ කියලා තියෙන සමහර දේවල් ඉතා සිත් ගන්නා සුලුයි. ඒවා ජීවිතයට එක්කර ගැනීමට බෞද්ධ කම බෞතීස්ම කර ගන්ඩ උවමනා නැති බවයි මට අනුව නම් බුදු දහමෙන් කිය වෙන්නේ. බුද්ධ චරිතය මහා අසිරිමත් චරිතයක්. ලංකාවේ මේ තරම් වටිනා දහමක් තියෙද්දි එම දහමෙන් හික්මුන් නැති කමයි මේ තරම් මේ රට පිරිහිලා තියෙන්නේ. සිංහල බෞද්ධ කම නමට පමනයි. බහුතරය උපතින්ම බෞද්ධ දෙමාපියන්ට දාව ඉපදුන නිසා නමට බෞද්ධ වෙලා. අඩුම තරමින් පන්සිල් පද පහ වත් එදිනෙදා ජීවිතයෙදි පිලි පදිනවා නම් මේ රට කොච්චර වෙනස් වෙලා තියෙයිද​. මම මාක්ස්වාදී වමාංශිකයන්ට කොහොමත් විරුද්ධයි. ඒ අය සියල්ල ආර්ථිකයට ඌනනය කරනවා. න්‍යාය කෝටියක් භාෂාවෙන් ගොඩ ගහනවා. කිසිදු ප්‍රායෝගික දෙයක් එහි නෑ. මිනිසුන්ගේ අධ්‍යාත්මික ගැටලු විසදීමට කිසිදු වාමාංශිකයෙක්ට බැහැ. ඊනියා සමාජවාදියෙක් ගැන කිවුවට ඒක නිකන් ලස්සන වචන ටිකක් විතරයි. මිනිසුන්ගේ අධ්‍යාත්මික ගැටලු විසදිය හැක්කේ ආගමකට පමනයි. කොහොමත් ඔය මාක්ස්වාදින්ට මෙලෝ සංසාරෙක ගොඩ ඒමක් නැහැ. අපේ මුස්ලිම් ලෝකය මුන්ට දොර කවුලු වසලායි තියෙන්නේ. මම බෞද්ධයා නාලිකාව ගැන කිවුවේ මේ රටේ බහුතරය සිංහල බෞද්ධයන් නිසාත් මුස්ලිම් ජාතිකයෙක් උවත් මේ රට සිංහල බෞද්ධ රටක් යැයි කිසිදු කුහක කමකින් තොරව මා පිලි ගන්න නිසයි. එම නාලිකාවෙන් ප්‍රචාරනය වන දර්ම දේශනා ගැන පමනයි කථා කරන්නේ. ඒවා කාට අයිතිද ඒව මට වැඩක් නැහැ. බෞද්ධයන් වැඩි පිරිසක් එවැනි නාලිකාවක් ශ්‍රවනය කරනවා නම් මේ මුග්ද වාහිනී ප්‍රතික්ශේප කරලා ලංකාව මීට වඩා හොද තැනක් වේවි....

    ReplyDelete
    Replies
    1. ධර්ම දේශනා වලට කියන තව නමක් තමයි බණ.ලංකවෙ මිනිස්සු සමහර වෙලාවට කියනව ''අනේ පලයං බණ කියන්නෙ නැතුව''. එයින් අදහස් කරන්නෙ අනිකා විසින් කියන ලද දෙය, වැඩකට නැති, කරන්න බැරි, පලක් නැති හො පිළිපදින්නෙ නැති දෙයක් බවයි.ඇත්තටම හාමුදුරුවරු කියන බණ වලටත්, බහුතරයක් ඔය විදියටම තමා සලකන්නෙ.නැත්නම් ලංකාවෙ TV,FM වලින් ප්‍රචාරය කරන බණ වලට ලංකාවෙ මිනිස්සුන්ගෙන් භාගයක්වත් නිවන් ගිහින් ඉන්න ඔනෙ.නමුත් එහෙම නැහැ නේද?.එමනිසා මුස්ලිම් නමකින් ඇවිත් ඔය නාලිකාව ප්‍රචාරය කරන්න හැදන එක තෙරුමක් ඇති වැඩක් නෙමෙයි.
      A.Fernando

      Delete
    2. AnonymousSeptember 5, 2013 at 5:18 PM

      ගෝබ්බයෝ. ගැමි මිනිස්සු බන කියන්ඩ එපා කියලා කිවුවේ, "ප්‍රතිපත්ති ගරුක නොවී වචනයෙන් පමණක් කයිවාරු ගහනවාටයි" එහෙම නැතිව තෝ වගේ ගොබ්බයෙක් කියන මුග්ද කථාවකට නෙමේ. අවවාදයට වඩා ආදර්ශය උතුම් කිවුවෙත් ඒකමයි. සාමාන්‍ය භාෂාවෙන් කිවුවොත් "කටෙන් කයිවාරු පුකෙන් අච්චාරු" කියන්නෙත් ඒකට තමා. මෝඩ කතෝලික ගොබ්බ කුහකයා..

      Delete
    3. http://upashantha.blogspot.it/2013/09/blog-post.html

      Delete
  9. පසුගිය දින තිහේ ජනප්‍රිය ලිපි - Popular posts in last 30 days

    "
    2011-11-07

    ආණ්ඩුවට චැලෙන්ජ් කරමු; ප්‍රොක්සිවලින් නිව්ස් බලමු"

    මේක මෙහෙමම උඩින් තියෙද්දී ජානකීගෙ පෝස්ට් එක අයින් කරේ එයාගෙ බිස්නස් බහින නිසාද?

    ReplyDelete
  10. මට මතක, තහනම් වුනේ "ෂා" එෆ් එම් එක. A.B.C.ජාලයේ තවත් එකක්

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා