මෙන්න අලි හොරු!

වනාන්තරවලින් හා වෙනත් ස්ථානවලින් සොරකම් කර නීතිවිරෝධී ලෙස ළඟ තබාගෙන සිටින අලි පැටවුන් වනජීවි දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම සඳහා පොදු සමා කාලයක් ලබාදෙන බව වනජීවි සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය පවසයි.

මේ නම් අපූරු ම වැඩකි. සොරුන්ට තමන්ගේ සොරකම් කළ බඩු නීත්‍යානුකූල කර ගන්නට දෙන අනගි අවස්ථාවකි. මෙය කළු සල්ලි නීත්‍යානුකූල ව සුදු කර ගන්නට අවසර දෙනවා වැනි ය.

අලි පැටවුන් සොරකම් කර ගත් අය මේ සැරසෙන්නේ ජීවිත කාලය පුරා මෙම අලි පැටවුන් යදමින් බැඳ තබාගෙන වධ හිංසනටය කිරීමටයි.

මෙම අලි පැටවුන් ලියාපදිංචි කිරීමේදී රුපියල් ලක්ෂ 10ක මුදලක් ද අය කිරීමට තීරණය කර ඇති බව ද අමාත්‍යාංශය පවසයි. දැන් ලංකාවේ ආණ්ඩුව මුදල් සෙවීමට නො කරන වැඩක් නැති බව පෙනේ.

විෂය භාර අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා කියා සිටියේ ඒ කාලය තුළ ලියාපදිංචි නොකරන අලි පිළිබඳව නීතියට අනුව කටයුතු කරන බවය.

පසුගියදා අමාත්‍යාංශයේ හීලෑ අලින් ලියාපදිංචි කිරීමේ ලේඛනය හෙවත් අලි පොත නැති වීම ද මේ හා ඍජුව සම්බන්ධ බව පෙනේ. මුලින් දේශපාලකයන්ගේ හා නිලධාරීන්ගේ නිල හා නො නිල අනුග්‍රහයෙන් අලි පැටවි සොරකම් කරන ලදී. එය කළේ ද අලි වැනි මිනිස්සු ය. ඉන් පසු අලි පොත නැති විණි. අලි පොත නැති වීම ගැන පරීක්ෂණ අවසන් වන්නටත් පෙර දැන් හොරා ගත් අලි ලියාපදිංචි කිරීමට අවස්ථාව ලබා දී තිබේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. මේවා ගැන පුදුම විය යුතුනැහැ.මේක අශ්චර්යේ රටනේ. වෙනත් රටවල නොවුන දේවල් තමයි මෙහෙ වෙන්නේ.

    ReplyDelete
  2. මේක දැන් ඉස්ටයිල් එකක් වෙලා වලව් මානසිකත්වය පෙන්නන්න වගේ යන්තම් කොහෙහරි ප්‍රාදේශීය සභාවකට රින්ගගත්ත උන් පවා අලි පැටව් හදන්න පුරුදු වෙලා එක trend එකක් කරගෙන...

    ReplyDelete
  3. අර පොඩි කුමාරිහාමි ගේ බ්ලොග් එකෙත් අලිමොටෙක් හිටියා නේද?

    ReplyDelete
    Replies
    1. එයා නම් ලියා පදිංචි කරපු එක්කෙනෙක්...:D

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා