සන්තෝසද ජෝනා? සන්තෝසයි බෝනා

ලංකාවේ ආරක්ෂක පුවත් වාර්තාකරණය කියන්නේ සතුට සැපයීම ඉලක්ක කර ගත් දෙයකි. යුද්ධය පැවති කාලයේ සිංහල වාර්තාකරුවෝ මෙච්චර දෙමළ කැරැලිකරුවන් මරා දැමූ බව වාර්තා කරද්දී, අච්චර සිංහල සෙබළුන් මරා දැමූ බව දෙමළ ජනමාධ්‍ය වාර්තා කළ හ. 

දැන් යුද්ධය තිබෙන්නේ ජාත්‍යන්තර දේශපාලන පොර පිටියේ ය. පසුගියදා ලංකාවට පැමිණ ගෙටම ඇවිත් ඇනලා ගිය නවනීදන් පිල්ලේගේ චාරිකාව ලංකාවේ පාලක ඒකාධිපති පවුල මුහුණ දී සි‍ටින අර්බුදය හා එය ලංකාවේ ජනතාවට බලපාන ආකාරය ගැඹුරින් නිරූපණය කළ අවස්ථාවකි. 

මේ පිළිබඳව මා සමග කතා කළ ගැමියෙකු කීවේ මේ විදියට ගියොත් ආර්ථික සම්බාධක වැටී තමන්ගේ තේ දළු ටිකත් විකුණා ගන්නට බැරි තත්වයක් උදා විය හැකි බවයි. 

ඇත්තෙන් ම ලංකාවේ ජනතාව දැනටමත් මේ අර්බුදයේ ඵල නෙළා ගනිමින් සිටිති. රටට දැඩිව ම අවශ්‍ය ඍජු විදේශ ආයෝජන නො ලැබීම එහි එක් පැත්තකි. ලංකාව 'සමාජවාදී' චීනයේ සූරා කෑමේ වවුල් හපයක් හා උපායික තිප්පලක් වෙමින් එහි ආරක්ෂාව දැඩි අනතුරක හෙළීම අනෙක් ප්‍රශ්නයයි. 

මෙම තත්වය හමුවේ ඇත්තෙන් ම, නුදුරු අනාගතයේදීම දැඩි අර්බුදයකට මුහුණ දීමට ජනතාවට සිදු වන බව නිසැක ය. එබැවින්, දැන් සිට ම ජනතාවගේ මනස ආර්ථික සම්බාධක වැනි තත්වයකට මුහුණ දීම සඳහා සූදානම් කිරීම ඇතැම් ජනමාධ්‍ය විසින් ආරම්භ කර තිබේ. 

මෙහිදී කළ යුතුව තිබෙන්නේ තමන්ගේ විපත නො පෙනෙන තරම් දෑස අන්ධ කර බටහිර ඊනියා සතුරෙක් ප්‍රදර්ශනය කිරීමයි. සජිත් ප්‍රේමදාස වැනි එක්සත් ජාතික පක්ෂයේ පටු කල්පනා ඇති නායකයන් පවා ආණ්ඩුවටත් වඩා හොඳින්, විමල් වීරවංශට කිට්ටු වන තරමට දැන් මේ වැඩ සටහන ක්‍රියාත්මක කරමින් සිටින ආකාරය පෙනේ.

පහත පළ වන්නේ දිවයින පුවත්පතේ ආරක්ෂක වාර්තාකරු වන කීර්ති වර්ණකුලසූරිය සිය වාක්‍ය රචනයක් මගින් සිය පාඨක ප්‍රජාවට සතුට සපයන ආකාරයයි. 


බටහිර රටවල්වල අපරාධ ගැන ගෝඨාභයප්‍රශ්න කරද්දී නවි පිල්ලේ නිහඬ වෙයි

කීර්ති ර්කුලසූරිය

ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සිදුකරන අපරාධකාරී ක්‍රියා සම්බන්ධයෙන් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේ මහත්මියගෙන් ප්‍රශ්න කරන විට ඇය නිහඬ වී ඇත.

පිල්ලේ මහත්මිය ප්‍රමුඛ ඇගේ නියෝජිතයන් ඇමරිකානු ක්‍රියාදාමයන් ගැන නිසලව සිටියා යෑයි ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංචි මාර්ග පැවසීය.

බටහිර රටවල් සිදුකරන අපරාධ පිළිබඳව නවි පිල්ලේ මහත්මිය හමුවේ ආරක්‍ෂක ලේකම්වරයා කියා සිටි අවස්‌ථාවේ ඇය දුෂ්කරතාවට පත්වුණා යෑයි එකී ආරංචි මාර්ග කීවේය.

මේ අතර මානව හිමිකම් කොමසාරිස්‌වරිය පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී ඇමරිකාව විසින් ඩ්‍රෝන් ප්‍රහාර එල්ල කර සිවිල් වැසියන් ඝාතනය කිරීම ගැන මාධ්‍ය කළ විමසීමට ප්‍රතිචාරය දැක්‌වූ ඇය ඒ ගැන විමර්ශනයක්‌ කෙරෙන බව කීවාය.

එහෙත් ඇමරිකාව විසින් ඩ්‍රෝන් ප්‍රහාර එල්ල කරන බව ඇය කීවේ නැත.


ඉතින් මේ ප්‍රශ්න කිරීමේ තිබෙන අවුල කුමක්දැයි අසන්නට ඔබට සිතේ නම්, එයට පිළිතුර මෙසේ දිය හැකි ය. 

දැන් ඔබේ නිවසට කිසියම් සමීක්ෂණයක් සඳහා කිසිවකු ආවා යයි සිතන්න. ඇය ඔබෙන් ප්‍රශ්න කරමින් සමීක්ෂණ පත්‍රිකාව පුරවමින් සිටියි. ඔබ මෙසේ අසයි. "ඔයාලා ඇයි අර ටවුමෙ ලොකු ගෙවල්වල අය ළඟට ගිහින් ඔය සමීක්ෂණ පත්‍රිකාව පුරවන්නේ නැත්තේ?"

මෙවැනි අවස්ථාවකදී ඔබ ඒ සමීක්ෂකයා වුණා නම්, ඔබ එයට පිළිතුර දෙන්නේ කෙසේදැයි සිතා බලන්න. 

කීර්ති වර්ණකුලසූරිය කරන්නේ මෙවැනි දෙයකි. ඒ ගෙදර බිරිඳ අල්ලපු ගෙදර ගෘහනියට මෙසේ කියයි. "ඊයෙ අපේ මහත්තයා දුන්නා අර සමීක්ෂණකාරයට නියමෙට. එයා ඇහුවා, ඔයගොල්ලෝ මොකද
අර ටවුමෙ ලොකු ගෙවල්වල අය ළඟට ගිහින් ඔය සමීක්ෂණ පත්‍රිකාව පුරවන්නේ නැත්තේ ඇයි කියලා. සමීක්ෂණකාරයට ෆුල් අප්සෙට්."

සන්තෝසද ජෝනා? සන්තෝසයි බෝනා. (මේ දෙබස් ඛන්ඩය තිබුණේ 1970 දශකයේ අගහරියේදී ගුවන් විදුලියෙන් විකාශය වූ 'ජිල් ජෝනා හා වැන්දබෝනා' නම් චරිත තිබූ 'ලන්දේසි දූපත' නාට්‍යයේ ය.)

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. //ඒ ගැන විමර්ශනයක්‌ කෙරෙන බව කීවාය.//

    //එහෙත් ඇමරිකාව විසින් ඩ්‍රෝන් ප්‍රහාර එල්ල කරන බව ඇය කීවේ නැත//

    විමර්ශනයක් තියනව කිව්ව නං ඇමරිකාව ප්‍රහාර එල්ල කලා කියල හරියටම කියන්න පුළුවන්ද? මේ, අඩුම ගානෙ සරළ තර්කයට වත් එකඟව ලිපියක් ලියන්න තියන නොහැකියාව.

    ReplyDelete
  2. ඔය වැන්දබෝනා ඒ නාට්ටියේ හදනවා පතෝල සලාදයක් (ස්ලාදය කියායි කියන්නේ)

    ඒ ස්ලාදයට ජිල්ජෝනා හරිම කැමතියි.

    ජිල්ජෝනා සින්දුවක් කියමින් නටනවා.

    සුවඳේ....
    මට ඉන්නට බැරුව ගියානේ
    බෝනා හැදු පතෝල ස්ලාදේ
    වැන්ද-බෝනා සැදු පතෝල ස්ලාදේ.....

    ReplyDelete
    Replies
    1. කකාගේ කතාවත් එක්ක අතීත මතකයන් අවදිවුනා,තව ඔය වගේ හදපු ගීත කීපයක්ම තියෙනවනෙ,
      සුදු සඳරැස් ගලන රෑ යාමෙ පීනා
      නින්දේ ඇවිත් හනික හමුවන්න ජෝනා

      Delete
    2. මට එයත් සිහිවුණා.

      නමුත් මෙතනදී ඔය තකතීරු ලිපි සහ පොත් සමාන කළ හැක්කේ පතෝල ස්ලාදයට පමණයි!

      Delete
  3. මේ පැරකුම් කියන කුහක තක්කඩි වාමාංශික දෙබිඩ්ඩාට නොපෙනෙන දේ නම් මෙවැනි ඊනියා පරීක්‍ෂනයකින් අප රටට සාධාරනයක් සිදුවිය හැකිද යන්නයි. අප රටට කරන ඕනම කෙනෙහිලි කමක් මේ වාමාංශික කාලකන්ණි මුග්දයන් ඉමහත් කාලකණ්ණි සතුටකින් යුතුව භාර ගනියි. හරිනම් වියයුත්තේ අධිරජ්‍ය විරෝධීන් යැයි පාරම් භාන අධිරාජ්‍ය විරෝධයේ පොල්මක්කාරයන් යැයි කියා ගන්නා වාමාංශිකයන් විසින්, අධිරාජ්‍යවාදී රටවල් විසින් තමන්ට අවනත නොවන රටවල් නතු කර ගැනීම සදහා කරන මෙවැනි ඇගිලි ගැසීම් ප්‍රශ්න කිරීමයි. අනෙක් අතට ඊනියා ජාත්‍යාන්තරයැයි කියනා බටහිර ප්‍රමුඛ රටවල අතකොලුවක් වන මෙවැනි ආයතන වලට අප වැනි රටවලට පමනක් කරන මෙවැනි බලපෑම් වල සුජාත භාවය ප්‍රශ්න කල හැකිය​. ඒ වෙනුවට මේ මුග්ද, කුහක​, කාලකණ්ණි ආත්ම සහිත කසිකබල් වාමාංශිකයන් කාලකණ්ණි සතුටකින් පිනා යමින් මේ වැනි ඇගිලි ගැසීම් සාධාරනය කිරීමෙන් නොනැවතී නවනීදන් පිල්ලේ වැනි රූකඩ ගෑණුන්ගේ පුක ඉබ "අම්මා! සර්ව සාධාරණ බව​, නිර්පාක්ශික බව​, රාජ තාන්ත්‍රික බවේ සුවද මේ පුකේ මාරයි මේ පුක​" යැයි කියයි. දීප්ති, භාෂන, නිර්මාල්, පැරකුම්, ජෙවිපෙ, බාහු වැනි මේ කපේ ගොඩ ඒමක් නැති වාමාංශික නරුමයන් එකාට එකා නැතත් මෙවැනි දෙවල් වලට පමණක් එක් වන බව නිරීක්ශනය කල හැක​.
    වාමාංශික නරුමයන් කිසිදා නොදිටි මොක්පුර​!

    ReplyDelete
    Replies
    1. well said Machang

      Delete
    2. පයි සර්; දන්නැති හින්දයි අහන්නෙ, චීනේ මේ රටට ගහන්නේ මොකක්ද?

      Delete
    3. ගොන් පයියෝ, ඔය ඔක්කොම ධනපති සම්මුති, මුන්ට ධනපති සම්මුතියක් වත් රකින්න බැරි එක තමයි පිල්ලෙ අහන ප්‍රශ්නේ. චීනේට පුක දීලා බලහන්, උඹේ අම්මාටත් ඇස් ඇද පැටවු එනකොට. අන්න පුත්තලමේ, හම්බන්තොට එහෙම ඇස් ඇද දේශ්ප්‍රේමී චීන පැටවු ඉන්නවලු.

      Delete
    4. නියමයි පයිසර්. වාමාංශික නපුන්සක හිකනලුන්ගේ රෙදි ගැලවෙන ප්‍රශ්න උබ අහලා තියෙන්නේ. ණ​යට කහින අපතයෝ උබට බනි. ඒව ගනන් ගන්ඩ එපා. නිල වලට ගහද්දි කොහොමත් උන්ට රිදෙනවනේ? ගොබ්බ වාමාංශිකයන්ට කෙලපන් නැතිවෙන්ඩ​.
      Good Luck Machan......

      Delete
    5. nayata kahinne tho ne buruwo

      Delete
  4. Anonymous September 3, 2013 at 12:32 PM

    ඇයි උබේ අම්මට චීන්නු පෝලිමක් වත් දැම්මද​? උබට චීන්නු එක්ක මෙච්චර තරහා. ගොබ්බයා

    ReplyDelete
    Replies
    1. Aththa kiyanakota mala neda malli.

      Delete
  5. කරුණාකර ඔබේ අදහස හෝ විවේචනය හෝ සභ්‍ය වචනවලින් ඉදිරිපත් කරන්න.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  6. මෙතන තව අතුරු ප්‍රශ්නයක් මතු වෙනවා. 'ජිල් ජෝනා හා වැන්දබෝනාලාට මොකද උනේ? විවෘත ආර්ථිකයට ඔහේ බනින්නම් වාලේ බනින මිනිසුන් නොදන්න දෙයක් මෙතනින් පෙන්වා දෙනවා. මේ නාට්‍ය මතුවූ කාලේ විවෘත ආර්ථිකය අද වගේ පිරිලා තිබුනේ නැහැ. 'ජිල් ජෝනා (කරුනාතිලක හඳුවල) ජිවත් උනේ දරිද්‍රථාවය මැද. අද වගේ කාලෙක නම් ඔය සින්දු එක්ක කැසට එකක් කරලා හඳුවලට ගොඩ එන්න තිබුනා. නමුත් මිනිහා දුප්පත්කම එක්ක වලට ගියා

    ReplyDelete
  7. ජිල්ජෝනා සින්දුවක් කියමින් නටනවා.

    සුවඳේ....
    මට ඉන්නට බැරුව ගියානේ
    බෝනා හැදු පතෝල ස්ලාදේ
    වැන්ද-බෝනා සැදු පතෝල ස්ලාදේ..

    අද කාලේ ජිල් ජෝනා මේ සින් දුව කිව්වොත් බොබසේ මූලධර්මවාදියෝ පොලු අරගෙන එයි බොදු ගීතයක් විකෘති කලා මූ කුරුසකාරයෙක් කියලා , අනේ සමාජයකට ගිය කල​

    ReplyDelete
    Replies
    1. එතකොට එදා මුස්ලිම් පෙරක් ඒ ගීතය ගායනා කිරීම ගැන සහ අද පොරගේ පුතා එය ගැයීම ගැන?

      Delete
    2. ඒකටත් අපේ මූලධර්මවාදියෝ එක එක කුනු කථා කියනව නේ

      Delete
  8. ජිල් ජෝනා නෙවෙයි යහලුවනේ "ලන්දේසි දූපතේ" ඒ චරිතය.... "ජිල්ජෝන්"

    ReplyDelete
  9. "ලන්දේසි දූපතට" ජිල්ජෝන් සහ වැන්දබෝනාට අමතරව තවත් චරිතයක් පසු කාලයකදී එකතු වෙනවා. ඒ තමයි කාර්මිකයෙකු වන "සිරිනා කැළෑගොඩ". ඔහුගේ නම සහ ලිපිනය ජිල්ජෝන් ගීතයක් ආකාරයෙන් මෙහෙම කියනවා:

    "සිරිනා කැළෑගොඩ
    පාගොඩ
    නුගේගොඩ"

    ReplyDelete
  10. සිරිනා කැළෑගොඩ මුදේ පීනන්න ගිහින් අතුරුදහන් වෙනවා , මිනිහා ගැන පස්සේ රොන්ජන් හොයනවා මේ නාටකයට අන්තිමට මොකද උනේ දන්න පින්වතෙක් කියනවද ?

    ReplyDelete
    Replies
    1. මේ අපූරු නාට්‍යය අවසානයක් නොමැතිව මගින් නැවතුනා වගේ මතකයි.වැන්දබෝනට හිටපු පරාක්‍රම පෙරේරාත් මියගියනේ.

      Delete
  11. හාමුදුරු කෙනෙකුගෙ කිස් දානය.

    https://m.facebook.com/notifications.php?refid=48#!/LankaTrueNews.LTN?__user=100002492539592

    ReplyDelete
  12. https://m.facebook.com/notifications.php?refid=48#!/LankaTrueNews.LTN?__user=100002492539592

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා