මැතිවරණ ප්‍රතිඵල ගැන ඔබේ අදහස් දක්වන්න

පළාත් සභා තු‍නේ ආසන මට්ටමේ ප්‍රතිඵල බොහොමයක් නිකුත් වී තිබේ. 

ප්‍රතිඵලය අප ඊයේ කී ආකාරයෙනි. 

මධ්‍යම හා වයඹ පළාත් එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ජය‍ ගෙන තිබේ. එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම්වල වර්ධනයක් සිදු වී තිබේ ද යන්න තවම පැහැදිලි නැත. එහෙත්, එම පක්ෂයේ ප්‍රතිඵලය පවත්නා තත්වය තුළ නරක නැති බව පෙනේ. 

ජනතා විමුක්ති පෙරමුණට එක් ආසනයක්වත් හිමි වේ ද යන්න සැක සහිත ය. ජනතා විමුක්ති පෙරමුණේ බිඳී යාමේ ප්‍රතිඵලය එයයි. 

සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය කැපී පෙනෙන ඡන්ද ප්‍රමාණයක් ලබා ගෙන තිබේ. එක් ආසනයක් දිනා ගන්නට ඉඩ තිබේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තනිව තරග කිරීමෙන් පැහැදිලි ප්‍රතිඵලයක් අත් කර ගෙන ඇති බවක් නො පෙනේ. ඔවුන්ට උතුරු පළාතෙන් හිමි වී තිබෙන්නේ එක් ආසනයක් පමණි. ඒ මන්නාරමෙනි. පුත්තලම් දිස්ත්‍රික්කයෙන් ආසනයක් හිමි වන්නට පුළුවන. 

මාතලේ දිස්ත්‍රික්කයට වෙන ම තරග ලංකා කම්කරු කොංග්‍රසය එක් ආසනයක් දිනාගෙන තිබේ. 

උතුරු පළාතේ මැතිවරණ ප්‍රතිඵලය දේශපාලනික වශයෙන් අතිශය වැදගත් ය. අපි ඒ පිළිබඳව වෙනම සාකච්ඡා කරමු.  

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. ආණ්ඩුවට ලැබුණු ජන්ද බොහෝමයක් සහ පොන්සේකට ලැබුණු ජන්දත් ජාතිවාදී අර්ථයෙන් දීලා තියෙන්නෙ. එතකොට TNA එකට ලැබුණු ඒවත් අමු ජාතිවාදීම තමා. හැබැයි ඒකට දෙමළ ජනතාවට සාධාරණ හේතුවක් ආණ්ඩුව හදල දීලා තිබුණා. අනිත් පක්ෂත් බොහොමයක් ජාතිවාදී අර්ථයෙන් ජන්ද ගත්ත ඒවා. jvp එක විතරයි මට දැනෙන විදිහට ජාතිවාදී අර්ථයෙන් නැතුව ජන්ද ගත්තෙ. දැන් එතකොට බය හිතෙන ප්‍රශ්නයක් එනව. රට ආයෙත් සිංහල මහජාතිවාදය සහ දෙමළ බෙදුම්වාදයටද සයිඩ් එකෙන් මුස්ලිම් ආගම මුල් කරගත් අන්තවාදයටද යටවෙලා මේක ජනවාර්ගික ප්‍රශ්නයක් බවට පත්වෙයිද.... මට පේන විදිහට එනපොට නම් ඉතාම නරකයි. බඩගින්නෙ වේලි වේලි ආගම් සහ ජාති ඔලුව උඩ තියාගෙන එකිනෙකා මරාගන්න යුගයක ඇරඹුමද මේ.... සුභ අනාගතයක් .. ආසියාවේ ආශ්චර්යයට ආරාධනා...

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ආණ්ඩුව ආවත් දෙමළ සංධානෙ ආවත් ඔය දෙකේ කිසි වෙනසක් නෑ. දෙමළ ජනතාවගෙ ප්‍රශ්න විසදෙන්නෙ නෑ. සිංහල සහ දෙමළ ධනපති කොටස් ජාතියේ ගැලවුම්කරුවන් ලෙස පෙනී සිටිමින් සුරසැප විදිමට ජාතිවාදය භාවිතයේ යෙදවීමයි ඔවුන් කරන්නෙ. ප්‍රභාකරන් විමුක්තිවාදියෙක් නොවන්නේ ඒ නිසයි. ඒ වගේම ජනතා ප්‍රශ්න වලදී ඒවාට උණ්ඩයෙන් උත්තර දෙන මහින්දත් ඒ කොපියක්ම තමයි. උත්තරය තියෙන්නෙ ලංකාවේ වාමාංශිකයන්ට තාමත් ජනතාවට හරියට පැහැදිලි කරල නිවැරදි චිත්‍රයක් දෙන්ඩ නොහැකි වූ සමාජවාදය තුල.

      Delete
  2. ජේවීපී එක කියන දේවල් හරි තමයි. ජන්දෙකදි අපි ඒකටත් රු. 50 ක් 100ක් දෙනව හිත හදා ගන්ඩ. එත් යකෝ අපි ජීවත් වෙන්න එපැයි ඉස්සරලාම. අපිට ටයර් දෙනවා. ටකරං දෙනවා. පෝන් දෙනවා. පිල්ටර් දෙනව. කන්ඩත් දෙනව. බොන්ඩත් දෙනව. ඉතින් අපි ජන්දෙ දෙනවා. අපිට දෙන එකාට අපි දෙනව. අනාගතේ ගැන හිතුවොත් අද දවසෙ අපිට හුලං තමයි.

    ReplyDelete
    Replies
    1. ඇයි ..කත් දීපන්
      උඹේ ගෑනියි ළමයි ටිකත් ජොන්ටා ගාවට යවපන්
      තව මොනව හරි ලැබෙයි
      තොපි වගේ හරක් ඉන්නකම්
      උන්ගෙ අනාගතෙයි වර්තමානෙයි නම් එලට තියෙයි
      ජෙප්පොන්ගෙ අප්පල ආවත් තොපි ඉන්න මේක නම් හදන්න බෑ
      කාලකන්නි තොපි ඔය සපෝට් කරන්නෙ තොගෙ ලමයිගෙ විතරක් නෙමේ ජාතියෙම අනාගතේ විනාස කරන්න

      Delete
  3. ද්‍රවිඩ ජාතික සංධානය මැතිවරණ ප්‍රකාශයක් ඉදිරිපත් කළේ තමන් තරඟකරපු උතුරු පලාත්සභාව වෙනුවෙන්.
    ඒත් ඒකට අනික් පලාත්සභාවල ඡන්ද වැටුණේ එක්සත් ජනතා නිදහස් සංධානයට සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට (ෆොන්සේකා මහත්තයාගේ).

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත සහෝ..
      ද්‍රවිඩ ජාතික සංධානයේ බෙදුම්වාදය නිසා මෙහෙ ෆොන්සේකයි මහින්දයි ගොඩ. මෙහෙ උන්ගෙ ජාතිවාදය නිසා ද්‍රවිඩ ජාතික සංධානය එහෙ ගොඩ. ලංකාවේ සිංහල, දෙමළ, මුස්ලිම් ඇටි රිලව් දන්නෙ නෑ හැමදාම උන් මඩේ කියල.

      Delete
  4. ජාතිවාදයේ ජයග්‍රහනයක්! බෙදුම්වාදයේ ජයග්‍රහණයක් ! ඒකාධිපතිවාදයට තල්ලුවක් ! බඩු මිල වැඩි කරන්න ජනතා සහන කපන්න ඕනෙ නම් විරුද්ධ උනොත් වෙඩි තියල මරන්න ජනතාව දුන්න අනුමැතියක් ! දැන් ඉතින් නිවට ජනතාවනි බලාගෙන හිටපියව් මහින්දයි විග්නේශ්වරනුයි තොපිට කෙලවන කෙලවිල්ල.

    ReplyDelete
  5. මේ මැතිවරණ කීයක් තිබ්බත් ප්‍රථිඵලය මේකමයි.වෙන ආන්ඩුවක් යටතෙ තිබුන මැතිවරණත් මේ විදියටමයි කළේ. සල්ලි වලට,සාරි වලට,අරක්කු වලට ඡන්ද විකුණන එක වලක්වන්න බෑ.ජනතාව දේශපාලන වශයෙන් සවිඥානක නෑ.උස් මිටි කම් වලට,සින්දු කීමේ හැකියාව ,මූණෙ ලස්සන වගෙ දේවල් වලටයි ඡන්දෙ දෙන්නෙ.නමුත් මේ මතිවරණ ක්‍රමය වෙනස් කරල.ගුරුවරු,වෙලෙන්දො,කුඩුකාරයො,ගොවියො ඔක්කොම එකට එකම භූගෙලීය කොට්ටාසයක ඡන්දෙ දෙන්නෙ වෙන්න නැතිව වෙනත් ක්‍රමයක් ගැන හිතුවොත් නරකද? හැම ප්‍රදේශය්කම ඉන්න පාදඩයො මැතිවරණ ක්‍රියාවලිය මෙහෙයවනවා.මික නතර කරන්න නම් භූගෝලීය ක්‍රමයට අමතරව වෘත්තීන් වගෙ වෙනත් නිර්නායක අවශ්‍යයි කියල මම හිතනවා. ජනතාව දේශපාලන වශයෙන් සවිඥානක වෙනව කියන එක නම් කවදාවත් වෙන්නෙ නෑ.දෙවියො අහසින් වඩිනව බලන්න කතරගම යන ජනතාවක්නෙ ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. ඔබ කියන එක නිවැරදියි. නමුත් ප්‍රශ්නය කවුද ඔය සාධාරණ මැතිවරණ ක්‍රමය හදන්නෙ කියන එකයි. කාටද ඕනෙ එහෙම එකක් හදන්න. ඔබ හා මා වැනි කාලය හෝ ශ්‍රමය සමාජයේ යහපැවැත්ම වෙනුවෙන් අවංකවම යොදවන අල්ප දෙනෙකුට සහ පරාජය වුවන්ට පමණයි ඒ වුවමනාව තිබෙන්නේ. ඉනුත් පරාජය වූවන් බලයට පත් වූ පසු ඔවුනුත් කරන්නේ ඔවුන්ගේ බලය රැකගැනීමට දූෂිත මැතිවරණ ක්‍රමය එලෙසම තිබීමට ඉඩ හැරීම සහ කලින් බලයේ සිටි පක්ෂය කල දේම කිරීමයි. කම්කරු අයිතීන් වෙනුවෙන් පෙනී සිටි මහින්ද අද කම්කරුවන්ට වෙඩි තබයි. රනිල්ල සජිත්ල අද කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි. හෙට බලයට පත්වු පසු අතීතයේ ලෙසම ඔවුන්ද ජනතාවට මර්ධනය ගෙනෙනු ඇත. ජේවීපී එක පමණක් වෙනස් ලෙස පෙනුනද එක්කො ඔවුන් ඔවුන්ගේ ක්‍රමය ජනතාවට පැහැදිලි කිරීමට සමත් වී නැත. අවසානයේ ඔබ සහ මා වැනි තියෙන දේත් සමාජ සේවය වෙනුවෙන් නැතිකර ගන්නා කිහිප දෙනා පමණක් ඉතිරි වේ. දේශපාලන පක්ෂයක් නැතුව අපිට මේක වෙනස් කරන්න බැරිද?....

      Delete
    2. මංජුල පීරිස් කියන නරියට මිනිස්සු මෙහෙම රැවටිලා කතරගම ගියානම් මහින්දට රැවටෙන එක අහන්ඩත් දෙයක්ද? අලියට පෑගිලා ගූ ගියාද කිව්වලු.........................

      Delete
  6. පැරකුම් අයියගෙ අනුමානෙ ෆොන්සේකා ගැන කියද්දි වැරදුනා නේද? එකක්වත් නෙමේ 5 ක්ම ගත්තනෙ. JVP කාරයොත් 1 බේර ගත්තනෙ. මොකක්ද අවුල මාක්ස්වාදයෙවත්ද?

    ReplyDelete
  7. මාක්ස්වාදීහු තමන්ගේ මුග්ධ කමට බුද්ධිමත් කම යන වචනය යොදති.ජවිපෙ මේ තරම් මුග්ධ තීරණ ගන්නේ මන්ද යන්න මට තිබූ ගැටළුවකි.ඊට හේතුව මිත්‍යා මතයක් වන මාක්ස්වාදය මත ඔවුන් පදනම් වීමයි.1971 හා 1987 දී ඔවුන් ගේ තකතිරුකම් පසෙක තබමු.2004 දී සංධානය හා එක්වී සාර්ථක ගමනක් යාමට ඔවුන්ට පොට්ට චාන්ස් එකක් ලැබුණි.ඔවුහු එය ප්‍රයෝජනයට ගැනීමට අසමත් විය.නමුත් දැන් කියන්නේ සංධාන ගතවීම වරදක් බවයි.ඇත්තෙන්ම ජවිපෙට පුළුවන් රට පාලනය කිරීම නොව බොරු කලබල ඇති කිරීම හා නිශ්ඵල වචන කියමින් උඩප්පරන් ගැසීම බව ජනතාව තේරුම් ගත්හ.සාමාන්‍ය මිනිහෙක් නොඅකරන මෝඩ වැඩ ජවිපෙ කරන්නේ ඔවුන්ගේ මනස මිත්‍යාවන්ගෙන් අන්ධ වීම නිසයි.

    ReplyDelete
    Replies
    1. සැමට මිතුරු .. ට
      දැන් අය්යෙ ඔයා ඔය මාක්ස්වාදෙ කොහෙන්ද ඉගෙන ගත්තෙ. කොච්චර විතර ඉගෙනගෙන තියනවද? අනේ බූරුවො... පැරාගෙන්ද මාක්ස්වාදෙ මනින්න යන්නෙ. එක මහත්තයෙක් ලියල තිබ්බ හාමුදුරුවො වැරදි වැඩ කලාට බුදුහාමුදුරුවන්ටවත් ධර්මයට වත් බනින්නෙ නෑනෙ අපි කියල. සන්ධානෙත් එක්ක එකතුවෙලා සාර්ථක ගමනක් කියන්නෙ ජොනීල දයාසිරිල වීරවංශල වගේ වෙන්න කියල වෙන්නැති නේද? එතකොට ජේවීපී කාරයන්ටත් කුඩු බිස්නස් එකක් හෙම කරන් ජනතා මුදල් ගසා කාලා ඉන්න පුලුවන්නෙ. හැබැයි උන් ඒකට කැමති නෑ. ඉස්සරල හොයල බලපන් මාක්ස් කිව්වෙ මොකක්ද කියල. එක එකා උන්ගෙ දේශපාලන නිරුවත වහගන්න කියපුවගෙන් ඔයාගෙ හෙලුවැල්ල වහගන්න එපා. කුජීතයි..එපා වෙනව බං...දුක හිතෙනව උඹ ගැන...

      Delete
    2. සැමට මිතුරු, මිත්‍යාවෙන් මිදුනු විද්‍යාව දුටු ඔබ ඇයි මෙතරම් රට හරකෙක් මෙන් අදහස් ප්‍රකාශ කරන්නෙ. මිත්‍යාවෙන් මිදුනම හරකෙක් වෙනවද?

      Delete
    3. @“ සන්ධානෙත් එක්ක එකතුවෙලා සාර්ථක ගමනක් කියන්නෙ ජොනීල දයාසිරිල වීරවංශල වගේ වෙන්න කියල වෙන්නැති නේද?“

      මිත්‍රයා, ආසන 40ක් අරං හිටපු ජ.වි.පෙ හරියට හිටිය නම් ඔය එකෙකුටවත් සංධානෙට එකතු වෙලා රට කන්න ලැබෙන්නේ නෑ.

      Delete
    4. @සැමට මිතුරු@
      මචං ඇත්තටම උඹ රහත් වෙලා වත්ද? මේ තරම් විදග්ධ ද මොකක්ද තරම් දැනුමක් තියෙන්නෙ මාක්ස්වාදය ගැන. මටත් ටිකක් කියල දීපංකො මාක්ස්වාදෙට ගහන්ඩ පුලුවන් පොයින්ට් ටිකක්.. අම්මපා සිරාවටම..

      Delete
    5. @ජයශ්‍රී@
      ජයශ්‍රී, වවුලගේ ගෙදර ගියානම් එල්ලිල ඉන්න වෙනව වගේ සන්ධානෙත් එක්ක දිගටම හිටිය නම් අද ජවිපෙ කියල එකක් නෑ. ඒකට හේතුව ජවිපෙ අරමුණ සහ සන්ධානේ අරමුණු එකිනෙක පෑහෙන්නෙ නැතිවීම. සන්ධානෙ කියන්නෙ ජවිපෙ තුලට ධනපති පංතිය සතු බලය දියකර ලබැ ගැනීමට සැලසුම් කල උපක්‍රමයක්. එහෙත් එහි අනෙක් දෙයයි වෙන්න පටන් ගත්තෙ. ඔය සැලසුම ජවිපෙ කැරලිකාර කණ්ඩායමේ සිටි අයගෙන් ආපු එකක්. (මමත් කැරලිකාර කණ්ඩායමට සම්බන්ධ උනා.) උදාහරණයක් විදිහට ගන්න විරවංශ කියන්නෙ පක්ෂෙ හිටපු හොද සගයෙක්. ඒත් මිනිහ සන්ධානෙ නිසා ජාතිවාදෙට යට උනා. දැන් දුෂ්ඨයෙක් වෙලා. ඔය වගේ වෙන හානිය වලක්ව ගන්න තමා සන්ධානෙන් අයින් වුනේ. ඉතින් ඒක උනේ නැත්නම් අද කවුද ඉන්නෙ ජනතාවගේ සහ සිසුන්ගෙ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්න. අරගල කරන්න. මම උනත් පුද්ගලිකව හිතුවා සන්ධානෙ හිටිය නම් හොදයි කියල. ඒත් මාක්ස්වාදය ටිකක් ඉගෙන ගත්තට පස්සෙ තමා තේරුණෙ මම ජවිපෙන් ගියපු එක වැරදියි කියල. සන්ධානෙන් ජවිපෙ ගිය එක හරි කියල. අද ජවිපෙ කියපු දේවල් ඇත්ත වෙලා තියනවා. (මම අනා ගත්ත එක වෙනම දෙයක්. ඒ ඉතින් මාක්ස් ගැන විතරක් දන්න මාක්ස්වාදය නොදන්න සැමට මිතුරු වගේ කාලෙනෙ)

      Delete
    6. සැමට මිතුරු සහෘදයාට,
      නොදන්නාකම නොදැනීම තරම් මිනිසෙකුට අත්විය හැකි නරක ඉරණමක් තවත් නැත.

      Delete
    7. මම මාක්ස් හා සමාජවා‍දෙ ගැන අහල තියෙන ඒවයෙ හැටියට මම කැමති නෑ ඔක්කොම එකම ගොඩකට දාලා සමානව සලකනවට. මට සල්ලි තියනව නම් එකෙ බලය මට තියෙන්න ඕනෙ. හැම හිගන්නටම සම තැන දුන්නොත් යසට තියෙයි. එතකොට අඩු කුලේ උන් අපේ කරේ නගියි. ඇත්තටම මට ඔය මාක්ස්ටයි සමාජවාදෙටයි ගහන්න පොයින්ට ටිකක් හොයල දෙනවද කවුරු හරි. මොකද jvp කාරයො එක්ක කතා කරල දින්න්න බැරි උනා. අපේ ගමේ ඉන්න jvp කාරයො වැඩිය ඉගෙන ගත්තෙ නැති උනාට international collage ගිය මට වඩා උන් එක එක ඒවා දන්නව.

      Delete
    8. එතකොට සැමට මිතුරු ජවිපෙ දැක්කම මරු කියවන්නෙ කුමක් නිසාදැයි මට පැහැදිලි කරල දෙන්න පුලුවන්ද?

      Delete
    9. පව් බං අර ඇනෝ වංශාධිපතියා. කවුරු හරි ඌට මතවාදීමයව ගහන්ඩ ඒවා නැත්නම් පොල්ලක් හරි ගෙනත් දියව්!

      Delete
    10. (මෙය උපුටා ගැනීමකි.)

      ඉස්සරවෙලා එහෙන් මෙහෙන් අහුල ගත්ත කෑලි වලින් එහෙම නැත්නම් පොතක් දෙකක් බලල මාක්ස්වාදය ගැන කියන්නෙ නැතුව අර සමහරු වගේ ඉගෙන ගන්නෙත් නැතුව (වර්තමානයේ ඉගෙන ගන්නව කියන්නෙ මතක තියා ගන්න එකටනෙ)මාක්ස්වාදය තෙරුම් ගන්න. ඒක යකඩ වලට පොඩි කාලේ සිට රත්තරං කියල උගන්නපු හුදකලා සමාජයක ඉන්න කෙනෙකුට නෑ ඕක යකඩ කියල උගන්වන්න අමාරු වගේ තමයි. ධනවාදය විසින් කුඩා කල සිට සත්‍ය ලෙස පෙනෙන බොරුවෙන් නිර්මාණය වූ එයම පරම යැයි තර්කයෙන් තොරව හිතන්නට පුරුදු වූ අය කෙසේ නම් එය පිලි ගනියිද? මාක්ස්වාදයෙන් කෙරෙන්නෙ වෙන්ව අප ඉගෙනගත් දේවල් අන්තර් සම්බන්ධිතව තේරුම් ගැනීමට යොමු කිරීමයි. එවිට අපට අප දන්නා අප විශ්වාස කරන බොහෝ දේවල්වල විරුද්ධාභාෂයන් නිරාවරණය වේ. එවිට මිනිසා විසින් නිවැරදි බව තහවුරු කරගත් දේවල් ඇසුරින් දේවල් හා සිදුවීම් වඩාත් නිවැරදිව විවවරණය කල හැක. මාක්ස් සිදු කලේ එම “ආකාරය“ සමාජයට පහදා දීමයි. ඉන් නොනැවතී ඔහු එයින් සමාජය විවරණය කොට සමාජයේ තිබෙන අඩුපාඩු දැක ඒවාට උත්තරද ඉදිරිපත් කරයි. මාක්ස්ව අහුලගෙන කියවන අය දන්න ආර්ථිකෙයි මාක්ස් කියන ආර්ථිකෙයි දෙකක්. ඕක තමා දැනුමේ සහ අවබෝධය අතර වෙනස. මාක්ස්වාදය සහ භෞතිකවාදය තේරුම් ගන්න ඉස්සරලාම මනුස්සකම තියන සාධාරණය අගයන කෙනෙක් වෙන්න ඕනෙ. (රහසින් “පව්“ කරන අයට නම් බෑ) දෙවනුව වඩාත් ලේසියි ජීව විද්‍යාව, භෞතික විද්‍යාව හා මනෝ විද්‍යා වගේ විෂයන් වලින් මිනිසා සහ පරිසරය තුල සිදුවන ක්රියාවලි ගැන සාමාන්‍ය අවබෝධයක් තිබීම.(දැනුම පමණක් නොවේ)තෙවනුව අනිත් දර්ශනයන් හා ආගම් වල හරයන් ගැන නිවැරදි දැනුමක් තිබීම.(දැන් ගොඩක් ආගම්වල හරයන් උගන්නන්නෙ නෑනෙ. විකුනන්න හැකි සහ ආගමේ නාමයෙන් පැවැත්ම ගෙනියන්න මිනිස්සු අන්දන එකනෙ කරන්නෙ) ඉතින් මාක්ස්වාදය මොකක්ද කියන එක “හදාරන්න“ නම් නිගමන දෙන්න නම්... කිව්වට තරහ වෙන්න එපා. ඔයා වගේ මෝඩයන්ට නම් බැහැ. මාක්ස්වාදය එහෙන් මෙහෙන් අහුලපු අයටත් බෑ.

      Delete
    11. මගෙන් ප්‍රශ්න අහපු අයට මමත් ප්‍රශ්න පත්තරයක් දෙනව.මේ විදියෙ සංවාද තමයි සමාජයට ඕන.අපට ඕන මතවාදී පුද්ගලයන් මිස වැඳ නමස්කාරකරන්න නොවෙයි.

      මාක්ස්වාදය තුල සියල්ල ආර්ථිකයට ඌණනය කිරීම හරිද?
      වහල් වැඩවසම් ධනවාදී ලෙස වූ මාක්ස්වාදී සමාජ විග්‍රහය දෝෂ සහිත නැද්ද?

      ඊනියා ධනපතියන් ඊනියා කම්කරුවන්ගේ අතිරික්ත වටිනාකමින් තොරව බිහි වන අවස්ථා නැද්ද?

      ආර්ථිඅකමය නොවන සමාජ සම්බන්ධතාද ආර්ථිඅක්යට බද්ධ කිරීමෙන් අසම්පූර්න බවක් ජනිත කර නැද්ද?

      උදාහරණ අනුව බලය ඒකරාශී වීම මත ඊනියා සමාජ්වාදය අර්බුදයට ලක් විය.ඊට හේතුව මිනිස් මනස පවා මාක්ස්වාදී අcචුවක බලෙන් එබ්බවීම නිසාය.එය සපත්තුවේ හැඩයට කකුල කැපීමකි.

      නිශ්පාදිතයේ අයිතිය කම්කරුවාට දීම සාධාරණද?

      මාළු දලක් හෝ හිමියා ධනපතියෙක් යැයි මාක්ස් කියයි.එවිට මාක්ස්වාදයට අනුව දොස්තර ප්‍රගතිශීලීය බුලත් විටි වෙළෙන්දා ප්‍රතිගාමීය.

      ඊනියා විප්ලවය සඳහා කිසියම් මොහොතක මධ්යම පන්තිය හැකිලී ධනපති පන්තිය හා නිර්ධන පන්තිය එකට හිටගන්න බව කියයි.අද සිදුවන්නේ ඒකද ? අද හැකිලෙන්නේ කම්කරු පන්තිය නේද?

      ඊනියා විප්ලවය සඳහා අවශ්‍ය විඥානය ඇති කරන්නේ කෙසේද කවුරු විසින්ද?

      මාක්ස්වාදය ගැන ගැටළු ඇතත් සුපුරුදු ප්‍රශ්න කිහිපයක් අසමි.

      මාක්ස්වාදය නිසා සමාජයට සාධනීය බලපෑමක් සිදුවන බවද මම පිළිගනිමි.එහෙත් එය පරම සත්‍යයක් ලෙස පිළිගැනීම නොමැනවි

      කෙසේ වෙතත් සංවාදශීලී වීම ගැන ස්තුති කරමි

      Delete
    12. @සැමට මිතුරුට@

      බොහොම හොදයි. මම අගය කරනව මඩ ගැහිල්ල පැත්තක තියල ඔබ මතවාදීමය සංවාදයකට පැමිණීම ගැන. මොකද ගොඩක් අය මාක්ස්වාදයට බනින එකම හේතුව තමන් දන්න දේවල් සමග එය සමපාත නොවීම. මම දන්න තරමින් විෂයෙන් මාක්ස්වාදයත් එක්ක ගැටෙන්න ට්‍රයි එකක් දුන්න එකම කෙනා නලීන් ද සිල්වා විතරයි. හැබැයි එදා ඉදන් ට්‍රයි කරාට තාමත් බැරි වුනා. සමාජවාදී ශිෂ්‍ය සංගමය එක්ක තමයි එයාගෙ වාද තිබුනෙ. ගුරා ඉතින් ගෝලයන්ට හැම වෙලේම පැරදුනා. එහෙම නැත්නම් දමල ගහල ගියා. පස්සෙ එයත් මතවාදමය සංවාද පැත්තක තියල ශිෂ්‍යයන්ව මර්ධනය කරන්න පටන් ගත්ත. පරාජයේ වේදනාව.....

      කෙසේ වෙතත් ඔබ මාක්ස්වාදය ගැන අසා තිබූ ප්‍රශ්න වලට මට වෙලාව තිබෙන ආකාරයට පිලිතුරු එවන්නම්.

      ඔබගෙන් පැහැදිලි කරගත යුතු කරුණක් මුලින්ම තිබේ. ඔබ ආර්ථිකය යන්නෙන් අදහස් කරන්නෙ කුමක්ද? (ඔබේ මුල් ප්‍රශ්නයට උත්තරයක් දීමේ දී එය ඉතා වැදගත්. මක්නිසාද යත් ඔබ සහ අප එය වෙනස් අර්ථවලින් භාවිතා කරන බව හැගී යාමයි.)

      #වහල් වැඩවසම් ධනවාදී ලෙස වූ මාක්ස්වාදී සමාජ විග්‍රහය දෝෂ සහිත නැද්ද?#

      සමාජක්‍රමය තීරණය වන්නේ (සරලව ගත්තොත්) කිසියම් සමාජයක මිනිසුන් තම අවශ්‍යතා සපුරා ගන්නා මූලික ප්‍රධාන ආකාරයෙනි.

      මූලික සාමූහික සමාජයේදී - සියලු දෙනා එක්ව දඩයම් කිරීම හෝ අල,පලතුරැ වැනි දෑ සොයා ගෙන එකට එක් වී භුක්ති විදීම

      වහල් සමාජයේ දී - බහුතරයක් වහලුන් ලෙස වහල් හිමියා දෙන දේවලින් සහ වහල් හිමියන් වහලුන් නිපදවන දේ තම අයිතියට ගැනීමෙන්

      වැඩවසම් සමාජයේ දී - වෙනසකට ඇත්තේ වහලාගේ දම්වැල් ගලවා අද ගොවියෙක් බවට පත් කිරීමයි. (කැලෑ පවා රජුට හෝ ඉඩම් හිමියන්ට අයත් විය. රොබින්හුඩ් කතාව උදාහරණයක්)

      ධනවාදී සමාජය - ශ්‍රමය සහ ප්‍රාග්ධනය සම්බන්ධයෙන් ( මේකෙදි කතාව ටිකක් සංකීර්ණයි. නිවැරදිම නැති වුනත් තේරුම් ගන්න ලේසියට නිර්ධනයා සහ ධනපතියා කියල ගන්නත් පුලුවන්. ඒකෙත් නිර්ධයාගෙන් කම්කරුවා ප්‍රමුඛයි. එතකොට ජොබ් නොකරන ගොවියො වගේ අය ගැන පස්සෙ කතා කරමු)

      මම හිතන්නෙ ඔබ අදහස් කරන්නෙ හැම තැනම එක විදිහට සමාජක්‍රම නොතිබුනු එක නිසා වෙන්න ඇති. මාක්ස් එහිදී සලකා බැලුවේ සමාජ සංවර්ධන මාවතේ තීරණාත්මක ආකාරයයි. එනම් තීරණාත්මක සමාජ ක්‍රම අනුක්‍රමයයි. එය ඔහු පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. දැන් ගත්තොන් අපි මේ ධනේෂ්වර කියන ලෝකෙ තවත් ඉන්නව මූලික සාමූහික සමාජ ක්‍රමය සහිත මිනිසුන් සිටින ගෝත්‍ර. හැබැයි ඒක නෙමෙයි ලෝකයටම බලපෑම් කරන මිනිසාගේ ඉදිරි ගමන තීරණය කරන සමාජ ක්‍රමය. ඔවුනුත් දියවී යන්නේ ක්‍රමයෙන් ධනවාදය තුලට මිසක් සිදු වන්නේ එහි අනෙක් පස නොවේ. අනෙක් කරුණ වන්නේ සමාජ ක්‍රම හරියටම මෙන්න මෙදින තමා වෙනස් වූයේ කියා කීමට නොහැකි වීමයි. එයට අපට කිව හැක්කේ කාල පරාසයක් පමනි. ඊ ලග කරුණ වන්නේ කලින් තිබූ සමාජ ක්‍රමයට වඩා අලුතින් බිහි වූ එකේ දියුණු ලක්ෂණ සහ ගුණාංග පැවතීමයි. එනයින් ගත්කල ධනවාදය සාපේක්ෂව දැනට බිහිවූ හොදම ක්‍රමයයි. හැබැයි ධනවාදයත් දිගටම පවතින්නේ නැහැ. එයත් ස්වභාවිකවරණයට ලක් වෙනවා. හේතුව එහි තිබෙන දැවැන්ත අඩුපාඩු මානව විරෝධී ලක්ෂණ. ඒවා විසින්ම එය විනාශයට ලක් කරනවා. ඉතින් ඊලගට එන සමාජක්‍රමය නිර්මාණය වීමට ගතවෙන අතරමැදි කාලයට අපි සමාජවාදය කියල කියනව. ඒක උඩ බලාගෙන හිටියට වෙන්නෙ නෑ. ඉතින් තව නොබෝ කලකින් එය ආරම්භ වේවි. ඔබට හෝ මට එය පුද්ගලික උවමනාවට නවත්තන්න හෝ පටන් ගන්නත් බෑ. අපිට පුලුවන් වන්නේ ඒ ගැන මිනිසුන්ගේ දැනුවත්කම වැඩිකර මිනිසාට එයට යන පාර පෙන්වීම සහ කලින් සූදානම් වී සිටීමටයි. පොදු ජනතාවට පමණයි එය කරා යන දිනය තීරණය කල හැක්කේ. කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ඇමරිකාව කියුබාව විනාශ කිරීමට උත්සහ කරන්නේ කෙසේද ධනවාදය සැමවිටම සමාජවාදය බිහිවන විට එය විනාශ කිරීමට උත්සහ ගනියි. හැබැයි එකක්....එය සිදුවෙනවා...(විශ්වාසයක් නොවේ තර්කයක්.)

      අනෙක් ඒවාටත් උත්තර පසුව දෙන්නම්...

      CHATHURIKA

      Delete
  8. ඡන්ද ප්‍රථිපල වලින් ගම්‍ය වන්නේ දෙමළ ජනතාව හැර සිංහල ජනතාව තව දුරටත් රාජපක්ෂ පාලනය අනුමත කරන බවයි. අප එය පිලිගත යුතුයි. එයයි ප්‍රජාතන්ත්‍රවාදය. එසේම දෙමළ ජනතාව එයට විරුද්ධ වී බෙදුම්වාදයට පක්ෂව ජන්දය දී තිබේ. අප නියම ප්‍රජාතන්ත්‍රවාදීන් නම් එයද පිලිගත යුතුයි. ඒ සදහා ඔවුන්ට තීරණ ගැනීමේ අයිතියට ගරු කල යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඔය දෙකම වැරදියි. දෙවැනියට තියෙන කොමෙන්ට් එක බලන්න. ටිකක් විතර තේරෙයි.

      Delete
  9. උතුර දෙමල සංධානය දිනුවේ වෙන හේතුවක් නිසා නෙමෙයි රටේ ආරක්ෂාව උගසට තියලා ජාතිවාදය වපුරමින් ඡන්ද දිනපු හින්දා.ප්‍රභාගෙන් උතුරේ මිනිස්සු බේර ගත්තට පසු ඒ මිනිසුන්ගේ සැබෑ ප්‍රශ්න නොසලකා රණ ගී ගය ගයා හිටපු ඒවායේ ප්‍රතිපල තමා මේ .කොටි අවි දරමින් සිටි කාලේ උන්ට විරුද්ධව සිටි අයත් යුද්දෙන් පසු එෟ පැත්තටම තල්ලු කලා.හමුදා නිලධාරී තම හිතවතුන් දා ගෙන සිවිල් පාලනය නොදී හිටපු එකට උතුරේ මිනිස්සු දීපු උත්තරය මේක.කීර්තිමත් හමුදා නිලධාරියෙක් වුන ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා කිව්වේ යුද්ධයට විසදුම හමුදාවට දිය හැකි බවත් සැබෑ ප්‍රශ්නයට දේශපාලන විසදුමක් දිය යුතු බවත්.හමුදා නිලධාරියෙකුට තේරෙන දේ දේශපාලකයන් වන සමහරුන්ට තේරෙන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. මමත් ඕකමයි කියන්ඩ හිටියෙ. දැන් ඉතින් කවුරු හරි කිව්වනේ. මට ටයිප් කරන්න ඕනෙත් නෑ. තෑන්ක්. ඕක අර බොදු බලු සේනාවටයි නාවර බලයටයි තේරෙන්නෙ නැති එක තමා ප්‍රශ්නෙ.

      Delete
    2. #හමුදා නිලධාරියෙකුට තේරෙන දේ දේශපාලකයන් වන සමහරුන්ට තේරෙන්නේ නෑ#
      හේතුව දැන් ඉන්නෙ දේශපාලුවොනෙ ඒකයි.

      (දේශපාලුවෝ යනු දේශය කාබාසිනියා කර පාලු කිරීමට උපන් හපන්කමක් ඇති තැනැත්තෝයි. ඒ සදහා ඔවුනට මහජනයා නැමැති හරකුන්ට තරමිවත් මොලයක් නැති ජාතියකගෙන් ජන්දය නම් වූ බලයක් ලැබේ. අවුරුදු ගණනක් ගත වූ පසුව ඔවුන් කනවෝ කියමින් කලින් එලෙසම තමන්ව උලා කෑ දැන් ඒ බව අමතක වීම නිසා අනිත් කල්ලියකට ජන්දය නැමැති බලය ලබා දේ)

      Delete
  10. ජවිපෙට විතරක් නොවෙයි, සභාගයට ගිය කාටත් ඕක තමයි සිද්ධ වුනේ!

    ReplyDelete
    Replies
    1. හිකිස්.. ඇත්ත බොලන් පට්ටම ඇත්ත.

      Delete
    2. අනේද කියන්නෙ. ඇති ඔයින් ගියා.

      Delete
    3. තව අවුරුද්දක් හිටිය නම් වාසුදේවලාට කරපු වැඩේ තමයි අපි ජෙප්ස්ලටත් කරන්නෙ. කොහොමද ආදරණීය සහෝදරවරු වීරවංශ ඇමතිතුමා වගේ කඩේ යනකොට... අවුලක් නෑ සැප විදින්න පින නෑනෙ. හැමදාම පිකටින් පෝස්ටර් තමයි. බලන්නකො වීරවංශ ඇමතිතුමාට, වාසුදේව ඇමතිතුමාට, ඩිව් ඇමතිතුමාට, දිනේෂ් ඇමතිතුමාට මොනවද නැත්තෙ. මොනවයින් අඩුවක්ද? ඔය උලව් ජනතාවගේන් ඇති වැඩක් නැහැ. පොඩි එකා පොඩිවට හොරකම් කරනවා ලොකු එකා ලොකුවට කරනවා. කොහොම කරත් එකයි. එතකොට කවුද පීඩාවට පත්වෙන්නෙ. එහෙම නෑ. ඔක්කොම හොරු වංචාකාරයො ඉන්න සමාජෙ අපි විතරක් මොකටද කන්නෙ බොන්නෙ නැතුව පොඩි හොරුන්ට අයිතීන් දිනවල දෙන්න යන්නෙ. රතු මල්ලිලට ඕක තේරෙන්නෙ නැති එකට අපි මොනව කරන්නද?

      Delete
    4. ආයෙත් අහල. දැන් බලන්න වික්‍රමබාහු කවදත් හම්බ වෙන සීට් 20-30 මේ පාරත් පරෙස්සම් කර ගත්තෙ කිසි දාක සභාගෙට නොගිය නිසා නෙ. ජෙප්පොත් සභාගෙකට නොගිය වෙලා වල කොච්චර කරත් පාර්ලිමේන්තුවෙ සීට් 39-40 ලෙවල් වලටත් ගියා නෙ. දැන් දැක්කද මේ පාර සභාගෙට ගිහින් ඒක 3-4 බැස්සා. මේ ගොන්නුන්ට මේක තේරෙන්නෙ නැති හැටි, ගොන්නු වගේ සභාග වලට මයි යන්නෙ.

      Delete
  11. අද මොකද මේ බ්ලොග් පකීර්ල ඔක්කොම ඇනෝ ඇවිත් කොමෙන්ට්ස් දාන්නෙ. වෙනද මම විතරයි අනිත් උන්ට අනින ඇනෝට ඉන්නෙ. පැරාත් ඇනෝ ඇවිත්ද කොහෙදො. මොකෝ බං මේ. ඡන්ද ප්‍රථිපල බලල දුකටවත්ද? මම නම් රිසාල්ට් එකට කැමතියි. මේක කැද හැලියක් වෙලා එක එකා කෙලගෙන වණ කර ගත්තහම දේශපාලන රැකවරණ ඉල්ලලා කැනඩාවත් ගිහින් ආතල් එකේ හිටියහැකි. මෙහෙ මේ විගඩං බල බල ඉන්නවට වැඩිය. මුන්ට මොළේ නෑ කියල අපිට පාන්ද? මම නම් මේ ඉන්දියාවේ ඉදල ආව තිරිසනෙකුට දාව උපන් නංගිව කසාද බැදගත්තු එකෙක්ගෙන් පැවත එන මාන්නෙ විතරක් ඔලුවෙ තියෙන පරණ කරපුව පාරම්බාන මෙලෝ දෙයක් බැරි සිංහල ජාතිය මේකෙන් ටික දිනකින්ම තොලොන්චි වෙලා යන බව දන්නව.

    ReplyDelete
  12. මතක ඇති කාලෙ ඉඳල දැක්කෙ සිංහල දෙමළ කියල බේදයක් නැතුව, තමන්ගෙ අයිතිවාසිකම් ඉල්ලල දගලපු කොල්ලො කෙල්ලො අමු අමුවෙ මරල දාල, ඔවුන්ගෙ නිදහස පාගගන ඉන්න බාබේරියන් සෙට් එක. අද අපිට කටයි පුකයි වහගන බේබිලාට, කුඩුකාරයන්ට, කසිප්පු කාරයන්ට ඕනැ විධිහට ජිවත් වෙන්න වෙලා තියෙන්යෙන්නෙ.
    අපිට ඕන්නෙ සාධාරණ සමාජයක, එකෙකුටවත් ඔලුවක් පාත් කරන්නෙ නැතුව අනිත් ජාතීන්, ආගම් වල මිනිසු එක්ක සහජීවනයෙන් ඉන්න. සේරම ශ්රිලාංකිකයො කියල ආඩම්බරයෙන් කියන්න පුලුවත් තත්වයක් ඇති කරගන්න, ළමයින්ගෙ අනාගතය සුරක්ෂිත කරගන්න.
    මේ ගෝත්රික බාබේරියන්ල එක්ක කවදාවත් ඔය අරමුණ ඉෂ්ඨ වෙන්නෙ නැහැ. එහෙම තත්වයක් යටතේ, අපේ ඒකාධිපතියන්ට යටත් වෙලා ඉන්නවට වඩා, දෙමලුන්ට යටත්වෙන එක සනිපයි. උන් අපේ පුකට පයින් ගැහුවත් දෙමලුනේ කියල හිත හදාගන්න පුලුවන්. මැරවින්ල අපි ගස්බඳිනවට වඩා, සාරුවලා තව ටික දවසකින් ගෙදරටම ඇවිල්ල අපි ඉස්සරහ අපේ කෙල්ලොන්ට ගෑණුන්ට බලහත්කාරකම් කරනවා ඉවසනවට වඩා දෙමලුන්ට යටත් වෙන එක සනිපයි.
    ඒ තත්වය යටතේ මම උතුරෙ නොහිටියත්, පුලුවන්කම තිබුණනම් චන්දෙ දෙන්නේ දෙමලුන්ට.
    දැන් ඉතින් කියාපියවු මම දේශ ද්රෝහියෙක් කියල.

    ReplyDelete
  13. One of my comment to earlier post. Who ever copy and paste it, thanks.

    ReplyDelete
    Replies
    1. ඔබේ කොමෙන්ටුවේ තියෙන කාලීන අගය නිසා එය පෝස්ට් කළෙමි.

      Delete
    2. මම ජන්දය දෙන්නේ මගේ මාමාගේ පක්ෂයද වන මට රැකියාව දුන් පක්ෂයට උනත් ජවිපෙ දේශපාලන දර්ශනයට එකග නුවුණත් ඔවුන්ට තිබෙන අවම බලය සහ හැකියාව යටතේ උනත් ජනතා ප්‍රශ්න වලදී ජනතාවගේ පැත්තේ සිට තමන්ට වෙන හානිය නොතකා කටයුතු කර තිබේ. එය අගය කල යුත්තකි.

      Delete
    3. පැහැදිලියි. මාද එකගයි. ඔවුන් නිවැරදි වූවත් පුද්ගලික වාසිය නිසා කිරීමට කිසිවක් නැත. ජවිපෙ ජයගත යුත්තේ ඔය කඩඉමයි. ජන්දෙ නොදුන්නත් අඩුගානේ ඔවුන් කල දේවල් අගයන්න ඕනේ.

      Delete
  14. කවද හරි දවසක ඔය බහුජනයා කියන එකාටම තෙරිලා හරි පාර තෝරගන්නකං අනිත් උන් ටිංකිරි ගාගන්නෙ නැතුව හිටියනං හරි. ඔය කාලෙ තමන්ගෙ පවුල පන්සල ගැන හොයල බැලුවොත් නරකද ඈ.?

    ReplyDelete
  15. ජවිපෙට අත්වූ ඉරනම පිළිබඳව අතිශයින්ම කණගාටුවෙනවා. මොකද ඔවුන්ට දින්න්න හෝ බලයක් ලබන්න බැරි බව ඇත්ත ඒත් ඔවුන්ගේ භූමිකාව මෙ යුගයේ කාලිනව ජනතාව තේරුම් නොගැනිම නිරන්තරයෙන් ජනතාව වෙනුවෙන් සිටින ‍පක්ෂයක් නිසා බරපතල ගැටලුවක්. එයින් සිදුවන්නේ මහාපරිමාණයෙන් සිදුවන දූෂණ, අල්ලස්, නිති විරෝධී ක්‍රියාවන් තවත් වැඩිවිමයි. ඒක ජනතාව කැමැත්ත නම් එහෙම වුණාවේ...

    ෆොන්සේකාගේ පක්ෂය දිනපු එකේ යම් ජයග්‍රාහී බවක් තුන්වන බලවේගයක් සේ පෙනුනත් මේ දිනපු කට්ටිය පැදුරටත් නොකියා පක්ෂය මාරුකර ආණුඩවට එකතුවෙන කර වලක්වන්න කිසිවකුටත් බෑ. ඒ තමයි නුදුරේම සිදුවිය හැකි එකම සිදුවිම.

    ප්‍රධාන විපක්ෂයක් නැති නිසා යූඑන්පිය ගැන කිසිවක් නොකියමි.

    බිහිසුනු යුද්ධයකින් පසුව පළමුවරට උතුරේ මිනිස්සු නියම ගමන්මග තෝරාගන. පළාත්සභාව තුළ ප්‍රජාතන්නත්‍රවාදී මිනිසුන් පිරිසක් විදියට පෙනී සිටිම සතුටක්. 1988 පළාත් සභා ක්‍රමය ඇතිකිරීමේ 13 වන සංශෝධනයේ අපේක්ෂාවන් මේ හරහා ඉදිරියේදි බලාගන්න පුළුවන්. පළාත් සභාවකින් ජනතාවට ඉටුවිය යුත්තේ කුමක්ද, පළාත් සබා ඇතිකළ අරමුණ කුමක්ද? ඒ අපේක්ෂාවන් කොතරම් දුරට සාර්තකද යන්න ඉදිරි කාලය තුළ තේරුම් ගන්න පුළුවන් වේවි.

    නිසැකවම දකුනේ පළාත්සභා සියලල්ලටම වඩා වඩාත් ප්‍රජාතන්තවාදී ස්වරූපයක් උතුරෙන් දකුනේ අපට ඉගනගන්න හැකි වේවි.

    ReplyDelete
    Replies
    1. වංචා දූෂණ සිදුවෙන බව ඇත්ත.ඒත් මේ වෙලාවෙ ජනතාව කළේ කරන්න තිබෙන හොඳම දේයි..ඊලඟ ජනාධිපතිවරණයකදී ඔවුන් කරන්නේත් එයමයි.ෆොන්සෙකගෙ කට්ටිය නම් මාසයක් වත් ඔය පක්ෂෙ ඉඳියි කියල මම හිතන්නෙ නෑ.හැබැයි ඒ අය ගන්න ආණ්ඩුවට ඒ තරම් තදියාමකුත් නෑ.මේ ආණ්ඩුව හොඳයි කියනවා නොවෙයි.නමුත් හොඳම විකල්පය මේ රජයයි.අඩුවෙන්ම නරක අයට බලය දීම තමයි සිදුවෙන්නේ.යූ ඇන් පියට චන්දෙ දීල කබලෙන් ලිපට වැටෙන්න ජනතාව කැමති නෑ.බලය ලබා ගන්න පුළුවන් එකම පක්ශෙ යූ ඇන් පියනෙ.ජේ වීපියට අත්වුන ඉරණම ගැන මටත් කණැගාටුයි.ෆොන්සේකා තුන්වන බලවේගයාක් ලෙස නැගී සිටීම ගැනත් සතුටුයි.

      Delete
  16. ජේවීපී මල්ලිලා එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි මෙතන බැහැලා දුක දරා ගන්න බැරුව හතර වටේටම පස් පඩංගුවෙ බනින හැටි දැක්කම හිනා යනව.

    ගොන් බිජ්ජනේ, තොපිට කෙලවුනු පලියට මිනිස්සුන්ට බැනල වැඩක් නැහැ. මිනිස්සු එදත් අදත් කොහොමත් මී හරක් තමා. උන් තොපිට චන්දෙ දුන්නු කාලෙට වඩා දැන් අමුතුවෙන් මෝඩ වෙලා නැහැ නෙ, උඹල එතකොට තොපිට ගෙඩි පිටින් චන්ද දුන්නු කාලෙ උන් අමුථුවෙන් බුද්ධිමත් කියල ද?

    තොපිව මිනිස්සුන්ට එපා උනේ තොපේ කට මිස වැඩක් නැති, රට කාලකන්නි කරන මොට්ට රැලක් බව කාටත් තේරිලා නිසා. පොදු පෙරමුණු හොර තක්කඩින්ට මිනිස්සු චන්දෙ දෙන්නෙ වෙන කරන්න දෙයක් නැති කමට. තොපිව මිනිස්සුන්ට එපා වෙලා තියන තරම පේනව නේද මිනිස්සු ෆොන්සේකටත් තොපිට වඩා චන්ද දුන්නු එකෙන්, ඒවත් ජාතිවාදෙට දුන්නු චන්ද ද? ෆොන්සේක රැස්වීම් වල කතා කරේ ආණ්ඩුවෙ ජාතිවාදෙට විරුද්දව.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. මල්ලිලා දුකට බනිනව වගේ පේනවා. ඒත් ජවිපෙ සමාජය වෙනුවෙන් කල කාර්යය සහ වම වෙනුවෙන් කල කාර්යය සැලකිය යුතුයි. ජවිපෙට බනින්න හරි පැරාලා ඉන්නෙත් ඔය ටෝක්ස් දෙන්නෙත් ජවිපෙ තිබුණු නිසානෙ. අනික ජවිපෙ ගැන කියන්න තරං වංචා දූෂණ එහෙමත් නෑනෙ නේද? පොන්සේකට ගියෙ එජාප ඡන්ද. එදත් අදත් මිනිස්සු මී හරක් බව ජවිපෙ තේරුම් ගෙන නැති වගනම් පෙනෙන්නට තිබේ. කොලුකමට ඕකට ගියාට ඉක්මනට ආපහු එයි. ඹයා බය වෙන්න එපා. එයාල දුකටනෙ බනින්නෙ. ඔයා මොකටැයි මේ තරහ ගන්නෙ.

      Delete
    2. අනේ ලොකු අයියෙ මම නම් ඇත්තම ජේවීපී. මට තියෙන අප්සට් එක කට මිස වැඩ නැති කියන්නෙ ඔය නිදහස් අධ්‍යාපනය මේ තරම් දුරටවත් රැකගන්න කරපු අරගලය සේවකයන්ගෙ පඩි වැඩි කරල දුන්නු අරගල යුද්ධය වෙනුවෙන් කල මතවාදීමට කාර්යභාරය සේවකයන්ගේ ගේ විශ්‍රාම වැටුප දිනවල දෙන්න කරපු අරගලය කටුනායක සේවකයන්ගේ ඊටීඑෆ් රැකගන්න කරපු අරගලය වගේ ඒවා වෙන්න ඇති.
      තව පොඩ්ඩක් හොයල බැලුවොත් කිසිදු සාධාරණ හේතුවක් නැතුව අයින් කරපු සේවකයො කී දෙනෙක් මැදිහත්වෙලා සේවයට අරගෙන තියනවද කියල හොයා බලන්න පුලුවන්. ඒ වගේම වහපු කර්මාන්තශාලාවල සේවකයො කී දෙනෙක්ට වන්දි අරන් දීලා තියෙනවද? තව ගොඩක් දේවල් තියනව. නිකන් ඔය අන්තරේ තියන පැක්ටරියකට ගොඩ වැදිල බැලුවනම්.

      ඉතින් ලොකු අයියෙ ලොකු වූ පලියටම නිවැරදි වන්නේ නැත. ඔබ ගන්න පඩිය ඔය තරමට හරි වැඩි උනේ මහින්දට දුක හිතිලද? අහල බැලුවනම් ඔය දන්න කියන කාගෙන් හරි. එතකොටවත් තේරෙයි ලොකු උනු පලියට හැම දේම දන්නැති බව සහ නිවැරදි නොවන බව.
      අපිට ඡන්දය නොදුන්නත් ගොඩක් අය අපි කරපු දේවල් අගය කරනවා. ඒත් ඉතින් කුහක කම ඔලුවට ගහපුවම ඔක්කොම රුවිතෙට පේන්නෙ. අනික අයියෙ ඔයා දන්නෙ නැද්ද තවම ලංකාවේ තියෙන්නෙ ප්‍රතිපත්ති දේශපාලනයක් නෙමේ ටකරංවාදී හට්ටි මුට්ටි සහ වතුර ෆිල්ටර් දේශපාලනයක් කියල. අපි නම් ජනතාවට මී හරක් කියල බනින්නෙ නෑ. මේ සමාජය සහ එය හැසිරෙන ආකාරය ගැන අපිට විග්‍රහයක් තියෙනව. මොකද අපි මාක්ස්ලෙනින්වාදය ගැන නියමිත අධ්‍යයනයක් කරල තියනව. ඒ වගේම ලාංකික දේශපාලනයේ දී එය භාවිතයේ යෙදෙන්නෙ කොහොමද කියලත් අපි දන්නව. අපිට කිසි හදිසියක් නෑ. මේ මොහොතේ සමාජය වෙනුවෙන් අපේ කාර්යය කරනවා.
      ජනතාව වෙනසකට සූදානම්වෙනතුරු අපේ පන්තිය සවිඥානික කිරීමේ කාර්යය සිදුවේවි. එහිදි අපට වැරදුනු තැන් මෙන්ම ජයගත් තැන්ද තිබේවි. විජේවීර සහෝදරයා මුලින්ම පක්ෂය පටන් ගන්නකොට කට්ටිය ඔයිට වඩා දේවල් කිව්වා.
      කවුරු කොමෙන්ට් කලත් අපිට බනින එක ඔයාලගෙ සිරිතනෙ නේද? ඒකෙනෙ ඔයාලගේ පැවැත්ම තියෙන්නෙ. වෙන මොනව කරන්නද? අපි නම් ජනතාව වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරල තිබෙනව. ලොකු අයියල මොනවද කරල තියෙන්නෙ. මොකුත්ම නැත්තෙත් නෑ සෑහෙන්න හොරාකාල ජනතාවට ද්‍රෝහි වෙලා එහෙම තියෙනවනෙ නේද? ඔයා කියන වැල් බයිල ඉතින් ලොකු අයියේ ‍ඔයා වගේ ධනවාදය නැමැති ටොයිලට් වලේ ඉන්න මොකුත් කරගන්න බැරි තමන් පොරවල් කියල හිතාන ඉන්න පේන්නෙත් නැති පනුවන්ට නම් හොදින් සෙට් වේවි.

      ලොකු අයියෙ තව එකක් තමන් ලොකුයි කියල හිතාන ඉන්න එකත් අනිත් අය පොඩිවට පේන එකත් තව ලොකු අවුලක්. ඒකට නම් ඉක්මනටම බෙහෙත් ගන්න වෙයි.

      CHATHURIKA ******* ***********
      FROM RAJARATA UNIVERCITY

      Delete
    3. Chathrika , amanaapa wenna epaa. oba inne 'CITY' ekaka nowa 'UNIVERSITY' ekaka bawa adin pasuwawath 'mathakaye' thabaaganna

      Delete
    4. මම ජවිපෙ ගැන දරණ මතය හැමෝම දන්නවනෙ.ඒත් ජවිපෙ මෙහෙම දියවෙන එක ගැන නම් මට තිබෙන්නේ කණගාටුවක්.මට බයක් තිබෙනවා ඊලඟ පාර්ලිමේන්තුවෙ ජේවී පී නියෝජනය බින්දුව වෙයිද කියා.මම ජේ වී පියට මනාප දුන් කාලෙ මගෙ සිතිවිලි මම කියන්නම්.ඒ විදියට තමා හුඟක් ශ්‍රී ලංකා කාරයො හිතුවෙ.පළමු මනාපය ජේ වී පී එකට දීල දෙවැනි මනාපය තම්න්ගෙ පක්ෂෙට දුන්න ශ්‍රී ලංකා කාරය බලාපොරොත්තුවුනේ තමන්ගෙ පක්ෂෙ නායකයට වඩා ජේ වී පී කාරය හොඳයි කිඅයන් එක.මේ ක්‍රමය තව අවුරුදු දහයක් පහලොවක් ඉස්සරහට ගෙනිච්ච නම් ශ්‍රී ලංකා එකට ඡන්ද දායකයො ආනයනය කරන්න වෙනවා.

      ඒත් ජේ වී පී එකට කටේ තරමට වැඩ නෑ.වැඩ කරනවට වඩා උද්ඝෝෂන කරන එක ලේසියි.මන්ත්‍රීවරු හතලිහක් සිටිය වෙලාවෙ ආන්ඩුව යහමඟට ගත්තා නම් යූ ඇන් පී එකෙන් හොරු ආනයනය කරන්න වෙන්නේ නෑ.ජේ වී පී එක බලා සිටියෙ මහින්ද යුද්දෙ අනාගන්නකම් කියලයි මට හිතුනෙ.

      Delete
  17. @ AnonymousSeptember 22, 2013 at 11:26 PM

    මැතිවරණ ක්‍රියාවලියේ ජවිපෙ දැක්වූ දුර්වලකම ගැන මම යමක් කියන්නම්.ඒ ඔයා ජේ වී පී බව කියා ඇති නිසයි.උපාධිධාරීන්ට 30,000 කට රැකියා දීමේදී ජවිපෙ ඉටු කළ කාර්ය භාරය ශ්‍රේෂ්ටයි.හැබයි ඒ 30,000 ජවිපෙට තබා සංධානෙටවත් ඡන්දෙ දුන්නෙ නෑ.මේ රටේ මිනිස්සු කෙළෙහි ගුණ දන්න පිරිසක් නොවෙයි.
    ජවිපෙටකසිප්පු දේශපාලනයක නිරතවෙන්න කියා අප කියන්නේ නෑ.නමුත් මතවාදී පදනමක තම පාක්ෂිකයා ශක්තිමත් කරන අතරම ඔවුන්ට යම් වාසි සැලසීමක් කළා නම් ඡන්ද පදනම ශක්තිමත් කර ගන්න තිබුනා.අමාත්‍යාංශ හතරට ආපු ජොබ් කෝටා ජේවීපී කාරයන්ට දීම වරදක් නොවෙයි.

    2001 දි තමන්ට වැඩ කරපු අය හෙළ උරුමයෙනුත් අතරමං කළා.මම දැකපු විදියට ගම් මට්ට්මින් ජේ වී පී කාරයො රදවා ගන්න අමාරු වෙන්න ඒක එක් හේතුවක්.

    ReplyDelete
  18. වයඹ සහ මධ්‍යම පළාත්වල දැන් පන නැගී ඇති ආර්ථික සාධකය ගැන තක්සේරු නොකර තම තමන්ගේ දේශපාලන මතිමතාන්තර වල පැටලිලිලා සමහරු කරන comments දැක්කාම අනේ අපොයි කියල හිතෙනවා.හුඟ දෙනෙක් හිතා ගෙන ඉන්නෙ මේ පළාත් වල සාමාන්‍ය ජනයා තමන් මෙන් මාසෙකට වරක් ලබන වැටුපෙන් පමණක් ජීවත්වෙන ජිවන බරින් පෙළුන අය කියල. ඒක වැරදියි.වයඹ තමයි ලංකාවේ සශ්‍රිකම පළාත.අපිට පොල් ගණන් ගියාම දුකක් ඇති උනත් වයඹ වැසියා පොල් ගණන් යන තරමට කැමති වෙන්නේ ඉන් තම පොල් පලදාවට ලැබෙන මිල ඉහල නිසා.වී ගොවිතැන ඉහල මට්ටමකින් තියෙන නිසා වී වලිනුත් සැලකිය යුතු ආදායමක් ලැබෙනවා.සම්ප්‍රදායික ගොවින් වෙනුවට වයඹ ඉන්නේ කෘෂි ආර්ථික ව්‍යවසායකයන්.ඉහල මිලක් ලැබෙන හැටියට නව වෙළඳ පළවල් ඔවුන් සොයා ගන්නවා. කිරිපිටි මිල හා ඒවගේ විෂ තිබීමද මේ ගොවීන්ට වෙස්වලාගත් ආශිර්වාදයක් වෙලා තියෙන්නේ මේදය චෙක් කරලා කිරි සමිතියට දෙන කිරි ලීටරයට ලැබෙන්නේ රුපියල් 50ක් විතරයි. ඒ උනත් ගෙන් ගෙට දියර කිරි විකුණන විට ලීටරය රුපියල් 100යි (අපි ළඟ මේදය චක් කරන මෙෂින් තියෙනවායැ ) හිලන්ඩ් දියර කිරි මිලි ලීටර් 900 රුපියල් 100යි.එක තමයි ගෙන් ගෙට දියර කිරි විකුණන එකේ මිල සිමා කරන්නේ. බිංගිරිය තමයි ලංකාවටම බිත්තර නිපදවන්නෙ. වෙළඳපලේ බිත්තර බිත්තර් මිල ඉහල යන තරමට ඔවුන් කැමතියි.තව සම්ප්‍රදායික නොවන කෘෂි නිෂ්පාදන ඔවුන්ගේ ආදායම ඉහල නංවනවා. මම කියන්නේ කම්මැලි කමක් නැති මහන්සි වෙලා වැඩ කරන අයගේ අතමිට සරුවෙලා.මාතලේ ලොකුලුනු හදන ගෝවින්ද එහෙමයි.මාස් පඩි කාරයන්ට දැනෙන ජිවන අරගලය වයඹ ගොවීන්ට අඩුවැඩි වශයෙන් දැනෙන්නේ නැහැ.මේ රජය තිබෙනකල් තම කෘෂි නිෂ්පාදන ආදායම ඉහල යන බව ඔවුන් දන්නවා.දැදුරු ඔය වයඹට හැරවීමේ කටයුතු අවසන් උනාම (ඉඩම් වලට වතුර ලැබුනාම) ඔවුන්ගේ ජිවන තත්වය තවත් ඉහලට යාම වලක්වන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. අනේ අන්කල් රජරට පැත්තට වැරදිලාවත් එන්න එපා. බොගෙ කෑල්ලක්වත් ඉතුරු වෙන එකක් නෑ. අනික ඒක වෙන්න පක්ෂ බේදයක් නෑ. භයානකම එක ඒකයි.
      නොදන්න ඒවා නොකිය හිටිය නම් ඔය ඉතුරුවෙලා තියෙන නම්බුව කියන බම්බුව වත් ඉතිරි කර ගත්තෑකි. යකෝ කෘෂිකර්ම ඇමතිතුමා මේ ලගදී ඇවිත් කිව්ව අඩුපාඩු ගොඩක් මධ්‍යෙ‍ෙය් අපි යන්නේ අපි පුලුවන් තරම් උත්සහ කරනව ගොවිතැන නගා සිටුවන්න කියල. මේ වෙලාවෙ ගොවියට උන මදිපාඩු ගැන ආඩපාලි නොකිය රට වෙනුවෙන් ජන්දෙ දෙන්න කියල. මූ බලාගෙන ගියහම කෘෂිකර්ම ඇමතිතුමාට වැඩියෙන් දන්නවනෙ.
      ඕක තමයි කියන්නෙ කටු කන බල්ලො තමා සැර වැඩි කියල.
      යකෝ මම දුන්නෙත් සන්ධානෙට රට ගැන හිතල. මිසක්. බලපිය මෙහෙ ඇවිත් ගොවියොන්ට කෙලවෙල තියන විදිහ. බූරුවා. තොපි වගේ නිවට ඇම්බැට්ටයො ඉන්නකම් ජනාධිපතිතුමාට මොකවත් කරන්න බැරි ඒකයි. ඇත්ත ඇති සැටියෙන් කියපල්ල. කොන්ද කෙලින් තියාගෙන පිරිමි වගේ.

      Delete
    2. කවුද බං ඔය සමරසේකර කියන එකා. ගොවියෙක් දැකල නැති එකෙක්ද? ගංජ කාරයෙක්ද පොටෝ එකේ හැටියට වයසක ඩයල් එකක් වගේ.
      අලි ගහලම අපේ පැත්තෙ කී දෙනෙක් මැරෙනවද? මේ පාරත් වී විකුණගන්න එක ගේමක්. එකත් අඩු මිලට.
      මේ යකා ඔය ජෝක් එකක්ද දන්නෑ කරන්නෙ. එහෙම නම් බනින එක පව්නෙ.

      Delete
    3. වයඹ කියන්නෙ ලංකාවෙ ආශීර්වාද ලත් පලාතක්.නාය යාම් නියඟ වැනි කිසිම සොබාවික උපද්‍රවයක් නැති කිරි සහ මී පැණි ගලන දේශයක්.සිතියම ගත්තම කොල පාටින් බබලන්නෙ කුරුණෑගල.ඒ කියන්නෙ වී ගොවිතැන ලංකාවෙ වැඩිම කුරුණෑගල නිසයි.ගල්ගමුව ,නිකවැරටිය වාගෙ දිස්ත්‍රික්කයේ උතුරු ප්‍රදේශ ගැන නම් මමත් එච්චර දන්නෙ නෑ.සමරසේකර මහත්තය කියපු එක ඇත්ත.පොල් ගනන් යන තරමට අපි කැමතියි.කුරුණෑගල කියන්නෙ පොල් ත්‍රිකෝණෙ.කිරි බිත්තර වලින් අපිට කිසි අඩුවක් නෑ.සශ්‍රීක පොලවෙ නොවැවෙන දෙයක් නෑ.සතිපොලට නොගිහින් වත්තෙ එළවළු වලින් ජීවත් අව්න පවුල් හුඅඟක් ඉන්නවා.දිස්ත්‍රික්කයේ දකුණු ප්‍රදේශවල අධ්‍යාපනයත් ඉහලයි.
      අපට අල්ලපු පුත්තලම් දිස්ත්‍රික්කයෙ ආර්ථිඅකය ඉතාම හොඳයි.වෙන්නප්පුවට කියන්නෙ පුංචි ඉතාලිය කියලයි.අපේ ගමේ නම් එකම පොල් අතු ගෙයක් නෑ.වෙල් වඩ කාලෙට අපි මුහුඇන් දෙන ලොකුම ප්‍රශ්නාය්ක් තමයු කුලී වැඩට කෙනෙක් හොයා ගන්න එක.

      වල් අලි ප්‍රශ්න එහෙම තිබෙන්නෙ දිස්ත්‍රික්කයෙ උතුරෙ ගල්ගමුව,ගිරිබාව වගෙ පැති වල.ඒ හරිය දුෂ්කරයි තමයි.මම කීවෙ අපි ඉන්න දකුණු ප්‍රදේශ ගැන.මෑතක් වන තුරුම බස්නාහිරට පසුව දළ ජාතික නිශ්පාදිතයට වැඩිම ප්‍රතිශතය දුන්නෙ වයඹින්.දැන් ඒක වෙනස් වෙලා.

      Delete
  19. කවුද බං ඔය සමරසේකර කියන එකා. ගොවියෙක් දැකල නැති එකෙක්ද? ගංජ කාරයෙක්ද පොටෝ එකේ හැටියට වයසක ඩයල් එකක් වගේ.
    =============
    මම ඊයෙත් මේ සැරේ ලැබූ වී අස්වැන්නෙන් වී බුසල් දෙකක් අව්වේ වේලෙන්නට දැම්ම.ගිය කන්නෙන් ලැබුණ අස්වැන්නෙන් ඉතිරිව තිබු අවසාන වී මල්ල මෝලට ගිහින් කොටා ගත්ත. ලබන කන්නයේ සුවඳල් වපුරන්න ට්‍රය් එකක් දැම්ම .බාල වි යොදල අව්රුද්දට කන්න 3ක් වගා කරලා අස්වැන්න ගෙට ගන්න්නවා. එහෙම කරන මා හඳුන්විය යුත්තේ මොන නමින්ද කියා කියල දෙනවද?

    ReplyDelete
    Replies
    1. සමරසේකර මහත්තයෝ, මෙලෝ ලබ්බක් නොදන්න, අම්ම තාත්තා තම්බලා දෙන දේ කෙලලා කොංපීටරේ ඉස්සරහ වාඩි වෙලා වීරයෝ විමුක්තිකාමියෝ වෙලා දගලන පොඩි උන්ගේ කතා ඒ හැටි ලොකුවට ගන්න එපා. අත්දැකීම් එද්දි එයාලා ඔහේ වගේ උදවිය අද කියපු කතා පිළිගනී. පුටු වල වාඩිවෙලා හිතෙන් කරන දේශපාලනයයි.. මහ පොළවට බැහැලා කරන දේශපාලනයයි කියන්නේ දෙකක්. මම තමුන්නාන්සේ එක්ක එකග වෙනවා වයඹ ගැන කියලා තියෙන කතාවට. කෘෂි ආර්ථිකය දියුණවටම පත් උන පළාතක් වයඹ කියන්නේ. බිත්තර සම්බන්ධ වෙළදාමකට මම සම්බන්ධ නිසා මම හොදටම ඒ ගැන දන්නවා. මගේ සහෝදරයින් දෙදෙනාගෙන් එක් අයෙක් පොල් ආශ්‍රිත කර්මාන්තයක් කරන්නේ. ඒ නිසා මම ඒ ගැනත් දන්නවා. ඔබතුමා කියපු කතාවල කිසි වරදක් නැහැ. පොඩි උන්ට අනුකම්පා කරන්න. උන් තාම දරුවෝ. ලොකු වෙද්දි හරියයි.
      - G.N.පෙරේරා (මීරිගම)

      Delete
    2. සමරසේකර මහත්තය ඔය අපහාසාත්මක හා ප්‍රචන්ඩ විදියට සංවාදෙට එන්නෙ ඔබව බය කරන්නයි.මම බලාගෙන හිටියෙ වැඩිහිටියෙක් වූ ඔබට සමහරු කතා කරන කැත විදිය.නමුත් ඔබ බය වුනේ නෑ .සතුටුයි ඒකට

      Delete
  20. අනේ අන්කල් රජරට පැත්තට වැරදිලාවත් එන්න එපා. බොගෙ කෑල්ලක්වත් ඉතුරු වෙන එකක් නෑ. අනික ඒක වෙන්න පක්ෂ බේදයක් නෑ. භයානකම එක ඒකයි.
    -------------------
    වයඹයි,උතුරුමැද පළාතයි එක සමාන කරන්න තරම් ඔබ අඥන උනේ කොහොමද? උතුරු මැද කියන්නේ ලංකාවේ දුප්පත්කම වැඩිම පළාත. මහ ජනයාගේ ඉතිරිකිරීම් තිබෙන්නේ ඉතාම පහල මට්ටමක.අනෙක් දර්ශකත් එහෙමයි.එම පළාත සංසන්දනය කරන්න පුළුවන් වෙන්නේ ඌව පළාතත් එක්ක විතරයි. පැරා මෙතන ලියල තියෙනවා බුද්ධියෙන් අදහස් පළ කරන්න. "Comment Wisely." ඒක දැක්කේ නැද්ද? බුධිය යන්න නිකම්ම ගොඩනැගෙන්නේ නැහැ. දේශනා කටපාඩම් කරලා විභාගේ පාස් උනාට බුද්ධිය ලැබෙන්නේ නැහැ.පුස්තකාලේ තියෙන විවිධ විෂයන් ගැන ඇති පොත් සාගරෙන් පුළුවන් තරමක් කියවන්න ඕනෑ. එතකොට තමයි එකතුවූ දැනුම ලැබෙන්නේ.

    ReplyDelete
    Replies
    1. උතුරු මැද ඔය කියන දරිද්‍රතාව ඇති.නමුත් අපේ වයඹ උගත් මධ්‍යම පාන්තික සමාජයක් තිබෙන්නෙ.අපේ ගම් වල අපතයො කවුරුත් නෑ.ගිරිබාව,ගල්ගමුව,දොඩම්ගස්ලන්ද ගැන නම් මම දන්නෙ නෑ.දිස්ත්‍රික්කයෙ දකුණු ප්‍රදේශ මුදලාලි ගොවීන් බහුලයි.හැම ගමකම වෛද්‍යවරු ,ඉන්ජිනේරුවො,කළමනාකාරවරු ඉන්නවා.හුඟක් කොළඹ පදිංචි වෙලා ඒක වෙනම කතාවක්.
      ඔය කියන ආර්ථික ප්‍රශ්න අපේ ජනතාවට නෑ.ජාත්‍යාන්තර සම්බාධක දැම්මත් වයඹට රිදවන්න බෑ.නගරයට නොගිහින් ජීවත්වෙන්න (කන බොන දෑ )අපිට පුළුවන්.සත්කෝරලේ ට කියන්නෙ බත්කෝරලේ කියල.

      Delete
  21. ජවිපය තමන්ට තිබුණු හොදම අවස්ථාව නැති කරගත් කණ්ඩායමක් ලෙසයි මම දකින්නේ, අද සිටින චන්ද දායකයා ඔබ සිතන තරම් මෝඩ යයි මා සිතන්නේ නැත. ජනතාවට අවශ්‍ය වැඩක් කරන කොටසක් මිසක් වැඩක් නොකර වැරදි පෙන්වමින් සිටින කොටසක් නොවේ. මෙම රජය යම්කිසි සංවර්දනයක් කරන අතර තුර ජනාධිපති ගේ සිට ප්‍රාදේශීය සභා මන්තිරී වරයා දක්වා සොරකම් කරයි. නමුත් ජවිපයට ලැබුණු අවස්තාව (ජවිපය විසින් ගොඩනගා ගන්නා ලද අවස්ථාව) ඔවුන් විසින් ක්‍රමිකව භාවිතා නොකරන ලදී. නමුත් විමල් වීරවංශ හොදින් භාවිතා කරයි, කොළඹින් ඔහුව පහසුවෙන් පරාජය කල නොහැක. (හෙළ උරුමයද මෙලෙස ඔවුන් ලද අවස්තාව විනාශ කරගන්නා ලදී). මගේ මතය නම් ජවිපය පරාජය වීමට හේතු කිහිපයකි. ඉංජිනේරු සිසුන් සහ වෛද්‍ය සිසුන් අතර ජවිපය ගැන ඇති නොසතුට සහ රජයේ විශ්ව විද්‍යාලවලට නොගිය සහ පුද්ගලික අංශයේ රැකියාව කරන තරුණ පිරිස් ජවිපය යනු මොලේ අමාරු කාරයන් ලෙස හදුනාගෙන සිටීමත් වේ. ජවිපය ගොඩනැගිය හැකි එකම ක්‍රමය වන්නේ ද තරුණ නායකත්වය ඉස්මතු කිරීමත්, යල්පැනගිය අදහස් දරන සෝමවංශ , ටිල්වින් සිල්වා වැනි අදක්ෂ නායකයන් ඉවත් කර දැමීම. තමාගේ හැකියාවන් තේරුම් නොගෙන බල පෑම මත සෝමවංශ ගේ අදහස් තමුන්ගේ කටින් පිටකරන හදුන්නෙත්ති ලා ස්වාදීන කිරීම මගින් නැතිවී ඇති තරුණ අවධානය ලබා ගැනීමට කටයුතු කිරීමයි.

    ReplyDelete
  22. අද ඇත්තේ පිඩිත පන්තියක් නොව, ජනාධිපති වරයාගේ සිට සුළු සේවකයා දක්වා වැඩ නොකර පඩි ලබා ගැනීමේ පරමාර්ථයෙන් සිටින සහ ලැබුන විටදී ගසාකන මානසිකත්වයෙන් සිටින පිරිසක් යහමගට ගැනීමේ ව්‍යාපෘතියකි. දැන් සිටින ජවිපය මෙලෙස වැඩනොකර පඩි ලබා ගැනීමට බලා සිටින අය පිඩිත පන්තිය ලෙස හදුනා ගෙන සිටීම වැඩකරන (පුද්ගලික අංශයේ) රැකියාවෙහි නියුතු බොහෝ දෙනාගේ වයිරයට ජවිපය භාජනය වී ඇත. එම නිසා මුලින්ම කල යුත්තේ තම පක්ෂයේ සිටින කසිකබල් නායකයන්ට පයින් ගසා එලවා දමා රටේ ඇත්ත තත්වය තේරුම් ගතහැකි නායකත්වයක් පත්කර ගැනීමයි. මෙලෙස සමාජ ශෝදනයක් කිරීමට ජවිපයට හැකිනම් රජයක් පාලනය කිරීම කෙසේ වෙතත් ජනතාවගේ ආදරය ජවිපයට දිනාගත හැකිවනවා වන අතරම රාජ්‍ය පාලකයන්ට බඩ වඩා ගැනීමට අවස්ථාවක් නොලැබෙනු ඇත.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා