ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයකු නැතිව නඩුවකට පෙනී සිටි මිනිසකුට වූ සිද්ධියක්

ලංකාවේ උසාවියකදී භික්ෂුවක් නීතිඥයකුට පහර දුන් අවස්ථාවක්. මෙම නිතිඥවරයාගේ හිසේ සිට කෙළ පඩික්කමක් ද හලන ලදී
ශිෂ්ට සමාජයක නම් විනිසුරකු වූ පළියට කිසිවෙක් සාමාන්‍ය පුරවැසියකුට වඩා වෙනස් අමුතු මිනිසකු වන්නේ නැත. ශිෂ්ට සමාජයක විනිසුරුවරයකු යනු ජනතාවට යුක්තිය පසිඳලීම සිය වගකීම කර ගත් අයෙකි. ශිෂ්ට සමාජයක අධිකරණය යනු යුක්තිය සොයන පුරවැසියන්ට උදව් කරන ආයතනයක් මිස පුරවැසියන් බිය වද්දන, ඔවුන්ගේ හඬ අවදි කරන්නට නො දෙන තැනක් නො වේ. ශිෂ්ට සමාජයක මිනිසුන් විනිසුරන්ට බිය නැත. ඇත්තේ ගෞරවයකි.

අනෙක් පැත්තෙන් ශිෂ්ට සමාජයක පුරවැසියෝ ද අධිකරණය හෑල්ලුවෙන් නො සලකති. එහි කා‍ලය වටිනා බව දනිති. තමන්ට වරදක් සිදු වී තිබේ නම් එය පෙන්වා දුන් විට තේරුම් ගනිති.

පහත පළ වන්නේ ලක්බිම‍ පුවත්පතේ වාර්තාවකි.


අනවශ්‍ය පෙත්සම් අධිකරණයට ඉදිරිපත් කරමින් අධිකරණයේ කාලය හා මහජන මුදල් අපතේ නොයවන ලෙස අගවිනිසුරු මොහාන් පීරිස් මහතා බදාදා (18) ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පෙත්සම්කරුවෙකුට දැඩි ලෙස අවවාද කරමින් පැවසුවේය. අගවිනිසුරුවරයා විසින් මෙසේ අවවාද කරන ලද්දේ රනිල් කුමාර් නැමැති පෙත්සම්කරුවෙකුටය.
සමහර අවස්ථාවලදී ඇතැම් සිද්ධීන් සම්බන්ධයෙන් විනිසුරුවරුන් විසින් ලබා දෙන තීන්දු නිවැරැදි නොවන බවත් එම පෙත්සමේ සඳහන් කර තිබුණි. මෙම නඩුවේ දී නීතිඥවරයකු වෙනුවට අධිකරණයට කරුණු දැක්වූයේ ද පෙත්සම්කරු විසිනි. නඩුව අධිකරණයේ කැඳ වූ අවස්ථාවේ අගවිනිසුරුවරයා විසින් පෙත්සමේ අන්තර්ගතය ගැන පෙත්සම්කරුට අවවාද කළේය. එ‍හෙත් එම අවවාද ගණන් නොගනිමින් තවදුරටත් පෙත්සම්කරු කරුණු ඉදිරිපත් කරන්නට විය. එවිට අගවිනිසුරුවරයා පැවසුවේ තවත් වචනයක් හෝ කතා කළහොත් අධිකරණයට අපහාස කළ චෝදනාව යටතේ රුපියල් ලක්ෂයක් දඩ ගසා තෙමසකට රක්ෂිත බන්ධනාගාරගත කරන බවයි. 
මේ ලිපිත් කියවන්න

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා