කුඩු කන්ටේනරය නිදහස් කරන්න ලියුම් දුන් පළියට අගමැතිතුමා අස් වෙන්නේ මොකට ද?

ඉස්සර නම් කුඩු සමග කියවුන නම් වුණේ මර්වින්, දුමින්ද ආදියයි. 

දැන් පකිස්තානෙන් ගෙන්වූ කුඩු තොගය සම්බන්ධව අගමැති දි.මු. ජයරත්නගේ හා ඔහුගේ පුතාගේ නම ද සඳහන් වී තිබේ. 

එහෙත්, මේ කුඩු ජාවාරම්කරුවන් කර තිබෙන්නේ මේ බබාලාව නො මග යවා තමන්ගේ වැඩේ කර ගන්නට මාන බැලීමයි. 

නො දන්නාකමට අනේ අපේ අගමැති කාර්යාලයෙන් කුඩු කන්ටේනරය නිදහස් කරන්නැයි කියා ලියුම් පවා දී තිබේ. 

මෙවැනි සුළු දේකට අගමැතිතුමා ඉල්ලා අස් විය යුතු නැත. 

මෙම ලිපිය පළ කිරීමෙන් පසු අනුරාධ ජයරත්න මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරි කුමාරදාස ගිරිබාව මහතා අප අමතා පහත සඳහන් ප්‍රකාශය කළේ ය:

අනුරාධ ජයරත්න මහතා අගමැතිතුමාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කරනවා. ඔහු මෙතෙක් කිසිදු අවස්ථාවකදී වැරදි ක්‍රියා කිසිවකට නම සම්බන්ධ නො වූ දේශපාලක පුත්‍රයෙක්. ඔහු මේ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා මහ නාහිමිවරුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට ගිය විට මල්වතු මහ නාහිමියන් පැවසුවේ ඔහුගේ ගුණාංග හේතුවෙන් ඔහු දේශපාලනයට එනවාට පවා තමන් අකැමැති බවයි. මහනුවර දිස්ත්‍රික්කය පුරා ම ඔහු සම්බන්ධයෙන් ප්‍රසාදයක් තිබෙනවා. මෙම පුවත පළ වීමෙන් ඇතැම් බලවේග මැතිවරණයේදී වාසි ගන්නට ඉඩ තිබෙන නිසා මෙම ප්‍රකාශයට ද කලින් පුවතට දුන් ප්‍රමුඛතාව ම ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. එසේම, අගමැතිතුමා වැනි පුද්ගලයකුගේ අතින් මෙම පුවතේ සඳහන් ආකාරයේ විශාල වරදක් සිදු වේ යයි විශ්වාස කරන්නට බැහැ.

(පළ කළේ ප.ව. 12.38)

මෙම ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. අනික මේ පෙරුම් පුරලා, පුරලා, පුරලා, පුරලා ගත්ත පට්ටම කුඩු කන්ටේනරයක් හින්ද අතාරින්න, හුහ්...මතකතියගන්න මේක රෝද පුටුවට වැටිලත් අගමැති කම අතනෑරිය කට්ටිය උන්නු රටක්.

    ReplyDelete
  2. අනේ කුඩු ටික අරින්න..... කුඩු හිගයක් රටේ ඇතිවෙලා කුඩු ගනන් ගියොත් ඒ ගාන කුඩ්ඩො කවර් කරන්නෙ බස් වල යන අසරණ අපේ පොකට් එකෙන්, එලියෙ වනපු ශර්ට් එකෙන්, අල්මාරිය අස්සෙ ගහලා තියන සල්ලි සොච්චමෙන් තමයි....

    අනේ ජනපතිතුමනි හැම එකටම මැදිහත් වන එකේ මේකටත් මැදිහත් වෙලා කුඩු ටික එලියට දාලා දෙන්න...... එක කාලයක් කුඩු අල්ලලා වින්ද දුක අපිට මතකයි....

    බොක්කෙන්මයි මේ කියන්නෙ.....

    ReplyDelete
  3. අගමැතිතුමා අස් උනොත් මම ගිනිතියගන්නවා...

    ReplyDelete
    Replies
    1. ජනතාව ඉල්ලා අස් වෙන්න ඕන...

      Delete
    2. පිස්ෂු...! බුද්ධිමත් ජනතාව කතිර ගහල පුතාව මහ ඇමටිය කොරන්න ඕන.

      Delete
    3. Dear Sahan,

      giving words means that your diginity. Please take care.

      Delete
    4. @ ඇනෝ

      මම මේක කිව්වේ උපහාසයට මිසක් වෙනත් දෙයක් අරමුණු කරන් නෙවේ..

      Delete
  4. බුද්ධ සාසන ඇමතිත් මෙයාම නේද ?

    ReplyDelete
  5. අපි තවම් කුඩු වලින් ස්වයන්පොෂිත නැතී නිසා මේක ලොකු ප්‍රශ්නයක් හැටියට දකින්න බැහැ

    ReplyDelete
  6. Prashnaya wanne, agamathithuma Emma liyumata athsan kalada Kiyana eka nowe,,, déshapalakayage liyumata mewani waradi weda saaadharaneekaranaya kireemata awasthawak, pawathina kramaya thula, thibeemayi....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා