ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ හැමදාමත් යන ඇත්ත

අද කතන්දර පොඩි ජෝක්ස් කෑලි දෙකක් ලියලා ජෝකර් මල්ලිගේ බ්ලොග් එකත් අඳුන්වලා දීලා තිබුණා.

අද උදේ ඇ‍හැරෙන්නත් ප්‍රාකු වෙලායි ඉන්නේ. ඒත් ඉතින් පසුගිය දවස්වලත් පානචොරා වාදය හෙවත් දීප්ති - නිර්මාල් නො කෙරෙන සංවාදය ගැනයි, ලංකාවේ ආර්ථික අර්බුදය ගැනයි කට් ඇන්ඩ් පේස්ට් දෙකක් ගහපු හින්දා මොකවත් නො ලියාත් බැහැනේ. ඒ නිසා මටත් හිතුණා පොඩි ජෝක් එකක් කොරන්න. (මම මුල් පත්වීම අරන් පදවියේ ඉස්කෝලෙ වැඩ කරන කාලේ අපිත් එක්ක චමරි ගුරු නිවාසෙ හිටිය නෙලා අපෙන් අහනවා "ඒයි, උඹලා ළමයින්ට ‍ජෝක් කොරන්නෙ නැද්ද?" කියලා. "පිස්සු ද, අපි ඔය ජරා වැඩ කරන්නෙ නැහැ," යි අපි කියනවා. "අඩේ ජෝක් කොරපල්ල බං. මං නම් ජෝක් කොරනවා," කියලා එතකොට නෙලා කියනවා.)

සුනිලා අබේසේකර ගැන ලිපියක් ලියා දෙන්න කියලා, ජනරළෙන් ඉල්ලුවා. ඒක තවම බාගෙට. ලිව්වත්, දැන්ම පළ කරන එකත් හරි නැහැනේ පත්තෙරේ පිට වෙන්න කලින්. තව එකකුත් ලියන්න පටන් ගත්තා දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රකාශය ගැන සිංහල ජාතික සංවිධාන එකතුවේ අදහස ගැන. ඒක මුලින් වෙන තැනකට ඉංගිරිසියෙන් ලිය ලියා ඉන්නකොට මෙන්න බොලේ ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති විකාශයේත් ඒ ගැන ගියා. 

අපේ ගෙදර උන්දෑ ස්වදේශීය සේවය අහන නිසා පසුගිය දිනවල මට රු. 5000ක් අහිමි වුණා. මම නම් ගුවන් විදුලියට සවන් දෙන්නේ නැහැ. ඇහෙනවා විතරයි. පංතියේ ඉංගිරිසි පාඩම්වලදීත් මම listen සහ hear කියන ක්‍රියා පද දෙකේ වෙනස කියලා දෙන්නේ රේඩියෝව ගැන කියලායි.  ලංකාවේ ඉන්න නිවේදක පොරක් වන වසන්ත රෝහණ උන්නැහේ ඉන්න දවස්වලට ස්වදේශීය සේවයේ හොඳ සිංදු යනවා. හැබැයි, මෑන්ස් පුළුවන් ඕනැ තැනකදි ආණ්ඩුවට කහිනවා. අපේ මොකෝ අපි අහන්නේ ඒවායැ. හැබැයි, මිනිහායි හඩ්සනුයි අතර අහසට පොළව වගේ වෙනසක් තිබෙන බවත් කිව යුතුයි. ඒකෙන් හිතා ගන්න පුළුවන්නේ හඩ්සන් ගැන.

ස්වදේශීය සේවයේ ප්‍රවෘත්ති විතරක් අහන කවුරුහරි ඉන්නවා නම් ඇත්තෙන් ම මේ වන විට ඒ පුද්ගලයා සිටිය යුත්තේ මානසික රෝහලක. මොකද, ඔහුගේ හිතේ ඇඳිලා තිබිය යුත්තේ සිංගප්පූරුව වගේ දියුණු වෙච්ච, ජපානෙ වගේ සංස්කෘතික, චීනෙ වගේ සමාජවාදී, කියුබාව වගේ ඇමරිකන් විරෝධී, පලස්තීනෙ වගේ අසාධාරණයට ලක් වුණ, ඊශ්‍රායලය වගේ චණ්ඩි, ස්විට්සර්ලන්තෙ වගේ ප්‍රජාචන්ත්‍රවාදී, ඩෙන්මාර්කය වගේ සමෘද්ධිමත් රටක් නේ.

හැබැයි කොච්චර බොරු කිව්වත්, ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්තිවල හැමදාමත් එක ඇත්තක් නම් කියනවා කියනවාමයි. අනුමාන කරන්න පුළුවන් ද? කල්පනා කර කර යන්නකො පහළට.
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති ප්‍රකාශයයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. පැරකුම් මහත්තයත් ඉඳහිට හිනා වෙනව නේද?

    ReplyDelete
  2. කොමියුනිස්ට් කම කිහිල්ලෙ ගහ ගත්ත එකෙක් බූස්සෙදි තව එකෙක්ට, හොරෙන් පු* ඇරල. ඒක දැන ගත්ත වෙන එකෙක් කියල ඇති යන්තම් මූ මනුස්සයෙක් කියල දැන ගත්ත කියල.

    ReplyDelete
  3. ස්වදේශීය සේවය මම නම් සෑහෙන කාලෙකින් අහල නෑ.හැබැයි මේව අහන්න ඕන ප්‍රවෘත්ති දැණගන්න නොවෙයි හාස්‍ය රසයක් ලබන්න.සූරියප්පෙරුම ල හඩ්සන්ලගෙ ශෛලීන් වෙනස්.දෙකම රසවත්.හිනාවෙන්න බලාගෙනතම්යි ඒව අහන්න ඕන.මේ දෙන්න එකට තියල වැඩසටහනක් කළා නම් අගෙයි එහෙනම් බලන්න හඩ්සන් මහත්තයො කියල පටන් ගනීවි.හඩ්සන් ඔලුවෙ අතගහ ගනීවිඇයි දෙයියනේ කියල කියාවි.

    ReplyDelete
  4. බොහොම ලස්සන ලියමනක්. කලාතුරකින් හරි ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති අහන්න හිතෙනවා ඒ වෙන දෙයක් නිසා නෙවේ මේ වෙනවිට මීදුමක් අතරින් පෙනෙන දසුනක් බඳු අපේ ළමා කාලයේ මතක සටහන් සිහිපත් වෙන නිසා.

    ReplyDelete
  5. අපි අද පත්තර කියවන්නෙ එදා ලේක් හවුස් එකේ "මිහිර" පත්තරෙන් ලබපු අත්දැකීම් හින්ද. කරුණාතිලක හඳුවලගෙ "හුන්නස්ගිරි කඳු පාමුල" මතක තියන අය මෙතන ඇතෙයි ? ඒත් අද පත්තර කියවනකොට දැනෙන්නෙ මොකක්දෝ මස්තබාල්දු දෙයක්.
    ඒ වගේන එදා ගුවන් විදුලියේ ගිය "හඳ මාමා", "මුවන් පැලැස්ස", වාගෙ දේවල් අපේ අඩුවට හිටිය. ඒ කාලේ ශිරෝමාලා ප්‍රනාන්දු කියල පොඩි කෙල්ලක් හිටිය. අද වෙනකොට නම් ආච්චි කෙනෙක් වෙන්න ඇති සමහර විට.
    මේක අතීත කාමයද දන් නැ. ඒත් මොකක්දෝ වෙනසක් තේරෙනව.

    ReplyDelete
  6. මේක නම් මෙලෝ රහක් නෑ පැරා, අර කන්න දෙයක් නැති දවසට දුමේ තියන අටු කොස් ඇට ටිකක් තම්බනව වගේ, ලියන්න දෙයක් නැති දවසට ගුවන් විදුලියට හරි මර්වින් සිල්වට හරි දුමින්දට හරි අරින්න ඕනෙ නෑ නිකම් ඉන්න.

    නැත්නම් අර කතන්දර වගේ වේවි, රස කෑම පිඟන් සහ ගූ ගොඩවල් අතරෙ තියන පල් වතුර වලක් වගේ. සීතාම්බර පටේ වගේ ඒ බ්ලොග් එකටත් පතාක යෝදයෙක් කිව්වට, අද ජනප්‍රිය බ්ලොග් පහක් හයක් ඒ කාලෙම පටන් ගැනුන නම් කතන්දර බ්ලොග් එක මොකෙක් වත් කියවන එකක් නෑ අද. හිට් බහී කියල බය වෙලා ඔයත් ඒ ගානට වැටෙන්න එපා.

    ReplyDelete
  7. නියම ජෝක් එක අජිත්..

    +++++++++++++++++++++

    ReplyDelete
  8. ඊට අමතරව,"ව්වේලාව උදෑසහ හයයි/දොලහයි හතලිස් පහයි/රාත්‍රී නවයයි" කියන එකත් ඇත්ත නේද?

    ReplyDelete
  9. ස්වදේශීය සේවය යනු සුභාවිත රසවතුන්ගේ රසවාහිනියයි. අපහාස මුඛයෙන් කතානොකොට වැඩිදියුණු විය යුතු අංග ගැන පවසන්නේ නම් මැනවි. http://slbcsns.blogspot.com/

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා