පිල්ලේ නාටකය හා ආණ්ඩුවේ විකට ජවනිකාව

නවනීදන් පිල්ලේ ගෙට ම ඇවිත් ආණ්ඩුවට  ගහලා ගියා ය.

ඇය ආණ්ඩුවට පාර දුන්නේ රාජ්‍ය තාන්ත්‍රික කෙවිටෙනි. ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරු නවනීදන්ට පහර දෙමින් සිටියේ අසූචි වලක බැස තමනුත් අසූචි නාමින් අනුන්ගේ ඇඟට අසූච් විසි කරන පිරිසක් සේ ය.

ඇමති මර්වින් සිල්වා නවනීදන් පිල්ලේට කළ කාම යෝජනාව විසින් ලංකාවේ ස්ත්‍රීන් විෂයෙහි කටයුතු කරන නින්දිත ආකාරය ලොවට ම ප්‍රදර්ශනය කළේ ය. ඔවුන්ගේ නීචත්වය වෙනුවෙන් අවසානයේදී ඔවුන්ගේ නායකයා ඇගෙන් සමාව ගත්තේ ය.

වෙළඳපොළට බාල බඩු සපයන ඇතැම් ජනමාධ්‍ය නවනීදන් පිල්ලේගේ සැමියා 1971 කැරැලිකරුවෙක් ය කියා පවා කීවේ ය. බලාගෙනයන විට ඒ 71 ලංකාවේ 71 නො වේ. එපමණක් ‍නො ව, ඇය තමිල්නාඩු වැසියකු බව ද ලංකාවේ මාධ්‍ය'වේදියෝ' කිව්ව හ. තමන් සාඩම්බර දකුණු අප්‍රිකානුවකු බව ඇය කීවා ය.

සිංහල වීරයන් ලෙස පෙනී සිටින සියල්ලෝම පාහේ පිල්ලේගේ වෘත්තිකමය රාජ්‍ය තාන්ත්‍රික හැසිරීම හමුවේ අකර්මන්‍ය වූ හ. කවුරු කවුරුත් කළේ පඳුරු පල්ලේ සිට නම් කියා බැන අඬගැසීම වැනි දෙයකි.

උද්ඝෝෂණ හා ලිපි භාර දීමේ සංදර්ශන පැවැත්වූ අන්තවාදී සංවිධාන මෙහෙයවන නායකයන්ට පිල්ලේ හමු වී තමන්ගේ ගැටලු ඉදිරිපත් කිරීමට ඕනෑ තරම් කාලය හා අවස්ථාව තිබුණ ද ඔවුන් එසේ කළේ නැත. ඒ සඳහා ඔවුන්ට ආත්ම ශක්තිය නො තිබිණි. ඔවුන් ඇත්තෙන් ම ලියුම් දුන්නේ පිල්ලේට නො වේ. ජනමාධ්‍ය කැමරාවලට ය. පිල‍්ලේ විරෝධය හුදු මාධ්‍ය සංදර්ශන පමණක් ම විය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ චාරිකාව අතරතුරදී ලංකාවේ ආණ්ඩුව ප්‍රදර්හනය කළේ සිය රාජ්‍ය තාන්ත්‍රික අපරිණතභාවයේ සුවිශාලත්වයයි. ආණ්ඩුවට තමන් ම පාලනයකින් තොර බවයි. නවී පිල්ලෙයි විහිළුවක් බවට පත් කරන්නට තම ජෝක්කාරයන් මුදා හළ ආණ්ඩුව ඇත්තෙන් ම කර ගත්තේ තමන් ම ජෝක් වීමයි.

එසේ ම, එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස්වරි‍යගේ චාරිකාව දෙමළ ජාතිවාදීන්ගේ ද සිහින බිඳ දැමුවේ ය. 

ඊනියා ජාත්‍යන්තර ප්‍රජාව හා එක්සත් ජාතීන්ගේ සංවිධානය ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කළ ඇත්ත ප්‍රතිපත්තිය තේරුම් ගන්නට ආණ්ඩුව තවමත් අසමත් බව පෙනේ. ඔවුන් ඇත්තෙන් ම කළේ ලංකාවේ ආණ්ඩුව ලවා කොටි සංවිධානයට ගේම දිමයි. ආණ්ඩුව කොටි සංවිධානය විනාශ කරන තෙක් බලා සිටි ඉන්දියාව හා බටහිර බලවත්තු මානව හිමිකම් පිළිබඳ සිය ඉස්මතු කිරීම තීව්‍ර කළේ යුද්ධයේ අවසාන භාගයේදී සිදු වූ දරුණු මානව හිමිකම් උල්ලංඝනයන් හා යුද අපරාධ හමුවේ නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළහොත් එක්සත් ජාතීන්ගේ යුක්තියුක්තභාවය ප්‍රශ්න කෙරෙන හෙයිනි. 

ලංකාවේ ආණ්ඩුව මෙතැනදී තමන්ගේ තර්කය ලෙස මතු කරන්නේ ඇමරිකාවට හොඳ නම් අපට බැරි ඇයි ද යන්නයි. ඇමරිකාවත්, ලංකාවත් අතර වෙනස වටහා ගන්නට හොඳ ම  විධිය වන්නේ පාලක පවුලේ කට්ටිය හා ඔවුන්ගේ අන්තේවාසිකයන් වන ඇමරිකාවේ සිට පැමිණි අය තම තමන් ඇමරිකාවේ ජීවත් වූයේ කෙසේ ද, කළේ මොනවාද යන්න නැවත සිහිපත් කර බැලීම පමණි. 

ඇමරිකාවට මහා පරිමාණයෙන් මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරන්නට හා ඒ පිළිබඳ වග නො වී සිටින්නට ඇති අයිතිය ලංකාවත් ඉල්ලා සිටීම විහිළුවකි. ලංකාවේ ආණ්ඩුවට අනිවාර්යයෙන් ම යම් අන්දමක වග වීමක් වන්නට සිදු වේ.එය වළක්වා ගන්නට කරන විගඩම්වලින් එක පැත්තකින් සිංහල ජාතිය හා ලාංකීය දේශපාලන ප්‍රජාව පසුගාමිත්වය කරා ඇදී යන අතර, අනෙක් පැත්තෙන් පාලක පවුල ද දිනෙන් දින වැඩි වැඩියෙන් උගුලේ හිර වෙයි.

ආණ්ඩුවේ කාලය ශීඝ්‍රයෙන් ගෙවී යමින් තිබේ. යුද්ධය නිමා වී සිව් වසරක් ගෙවී ඇතත්, ජාතින් අතර සංහිඳියාව තිරසාර කරන්නට ‍හෝ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්නට හෝ ආණ්ඩුව පියවර ගෙන නැත. ඒ වෙනුවට ආණ්ඩුව කටයුතු කරමින් සිටින්නේ තමන් රැක ගන්නා මට්ටමට සමාජය පිරිහෙළීමයි. හින දීන තත්වයට පත් කිරීමයි. ඒ වෙනුවෙන් ආණ්ඩුව විසින් අලුත් ජාතික හා ආගමික ගැටුම් නිර්මානය කරමින් සිටියි. 

අපට සිදු වී තිබෙන්නේ පාලකයන් විසින් අපවත් ඇදගෙන මහා අගාධයකට දුවන ආකාරය බලා සිටින්නට ය. ඒ වලේ පළමුව වැටෙන්නේ ජනතාව වන අප ද පාලකයන් වන ඔවුන් ද යන්න වැදගත් නැත. මන්ද, වල එක ම තැනක් වන හෙයිනි.

 මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. Nawanidan pilley samaga suhadawa kathaa karaanam thawa tikak lankawata lakunu daaganna thibuna koheda dutugemunula weda kanawane ethin....!!!

    ReplyDelete
  2. කඩප්පුලියාSeptember 1, 2013 at 8:03 PM

    දැන් කට්ටිය ගෙදරටම ඇවිල්ලා බැනලා යන්න පටන් අරං.මීට ටික කලකට ඉස්සර කැනඩා විදේශ ඇමති ඇවිත් යන දවසේ පුවත් පත් සාකච්චාවක් තියලා කොකා පෙන්නුවා.මෙහෙ කට්ටිය දුන්නා පොර ටෝක්.දැන් නවී පිල්ලේ,ගෙදරටම ඇවිත් රජාගේ රෙදි ගැලෙව්වා,රජා රෙදි නැතුව ඉන්න විට සට්ටම්ඹියෝ ගැන කතා කරලා වැඩක් නෑනේ.ඊ ලඟට 'පොදු රාජ්‍ය ' මගුල,ඒකට එන අය ලංකාවට ඇවිත් කියයිද..තංගල්ලේ සුද්දාව මරපු එක හොඳයි,රතුපස්වල වෙඩි තියපු එක හොඳයි,කොටහෙනේ පල්ලියට ගහපු එක හොඳයි,අකු‍රැස්සේ සභාපතියා ස්ත්‍රී දුෂණ 400 ක් කරලා පාටි දාපු එක 21 වැනි ශතවර්ෂයට ඉතාමත් ගැලපෙන වැඩක්,යුද්ධය අවසානයේ සිවිල් වැසියන් ඝාතනය කිරිම නිවැරදි වැඩක්.......ආදී වශයෙන්..........රජාගේ කෙරුවාව මේ විදියට කප්පරක් ලියතැහෑකි......තව නාමල් වගේ පුත් රුවනක් අර වගේ නීති විශාරදයෙක් කල විදිය හරි...........කියයි කියලා රජා සහ සමාගම හිතං ඇති.ඒ සිතුවිල්ල නරකම නෑ.රටේ ජනයාත් තණ කොලම කන්න බලන් ඉන්න රට හරක්නේ.බැරිවෙලාවත් ජර්මනියේ විදේශ ඇමතියා එහෙම මෙහේ ආවොත් මර්වින් කියයි වරෙං මාරුවක් ගහන්න....උඹ හොඳ කරුවක් කියලා....ඇත්තටම අපිට නං ජයටම පිස්සු.

    ReplyDelete
  3. අජිත් පැරකුම් සර්,

    මම මේ බ්ලොග් එක බලනවා. මට අවුරුදු 23යි. මට තියෙනවා යමක් දැන ගන්න.
    දැන් ඔබතුමා රටේ, ලෝකයේ පවතින ගැටළු වලට විසදුම් ලෙස යෝජනා කරන්නේ සමාජවාදී ක්‍රමයක්ද? එතකොට චීන රටේ තිබෙන්නේ කොමියුනිස්ට් පාලන ක්‍රමයක් යැයි කියා මා අසා තිබෙනවා. එතකොට කොමියුනිස්ට් ක්‍රමය සහ ඔබතුමා යෝජනා කරනා සමාජවාදී ක්‍රමයේ ඇති වෙනස කුමක්ද?

    කාලවේලාව තිබේනම් පිළිතුරක් සපයයි කියා බලාපොරොත්තුව සිටිමි.

    බිනුර

    ReplyDelete
    Replies
    1. මම යෝජනා කරන සමාජවාදී ක්‍රමය කියන්නේ චිනයේ හෝ ලෝකයේ වෙනත් තැනක දැනට ඇති ‍කොමියුනිස්ට් යයි හැඳින්වෙන ක්‍රමයක් නො වෙයි.

      මා යෝජනා කරන සමාජවාදය කියන්නේ රාජ්‍ය බලය අරගන්නා තුරු කල් දැමිය යුතු එකකුත් නො වෙයි.

      මා යෝජනා කරන්නේ සමාජවාදී ජීවිතයක්. ඔබටත්, මාත් අපි හැමෝට්‍මත්. එය අද ම පටන් ගන්න පුළුවන් දෙයක්. සමාජවාදී ජීවිතයක් කියන්නේත් සංවාදයක්. අපේ ජීවිත තුළට ධනවාදය කඩා වදින ආකාරය හඳුනා ගනිමින්, එහි නිශේධනීය පැත්ත ප්‍රතික්ෂේප කරමින්, විකල්ප ජීවන විලාස ගොඩනගමින් අපේ ජීවිත තුළ කරන අරගළයක්.

      දෙවනුව සමාජවාදී දේශපාලනය කියන්නේ මානවයින් වන අප විසින් සමාජයේ අවශ්‍යතාවන් අනුව, ප්‍රජාතන්ත්‍රවාදී බුද්ධිමය සංවාදයක් ඔස්සේ හා ප්‍රායෝගික අත්දැකීම් ඔස්සේ සමාජවාදී සමාජ ක්‍රමයක් ගොඩනගා ගැනීම සඳහා කරන අරගළයක්.

      චීනය කියන්නේත් සමාජවාදය වෙනුවෙන් කළ අත්හදා බැලීමක් තමයි. එහි ගත යුතු දේ වගේ ම ප්‍රතික්ෂේප කළ යුතු දේත් තිබෙනවා. (මේ පිළිබඳව සවිස්තරව පසුව කතා කරමු)

      Delete
    2. ඔබ සමාජවාදය ගැන අළුත් අර්ථකථනයක් කරනවා නම් ඔබට ඒ ගැන යම් අදහසක් තිබිය යුතුයි.ඔබ මාක්ස් මෙන්ම සියල්ල ආර්ථිකයට ඌනනය කරනවාද? මමත් ඔබ මෙන්ම අළුත් විදියට සිතන කෙනෙක්.නමුත් නිකම් මනෝරාජිකව සුරංගනා ලෝක විශ්වාස කරන කෙනෙක් නොවෙයි.මම නම් සිතන්නේ මානව ඉතිහාසය කියන්නේ බලය පිළිබද අරගලයක් කියායි.නිතරම ධනයට වඩා බලය මූලික වෙනවා.
      http://sthreevaadaya.blogspot.com/

      Delete
  4. ඊනියා ජාත්‍යන්තර ප්‍රජාව හා එක්සත් ජාතීන්ගේ සංවිධානය ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කළ ඇත්ත ප්‍රතිපත්තිය තේරුම් ගන්නට ආණ්ඩුව තවමත් අසමත් බව පෙනේ. ඔවුන් ඇත්තෙන් ම කළේ ලංකාවේ ආණ්ඩුව ලවා කොටි සංවිධානයට ගේම දිමයි.

    මෙන්න මෙකටනං එකගයි සම්පුර්ණයෙන්ම. ඉන්දියාවටවත්, ඇමරිකාවටවත්, යුරෝපයේ රටවල් වලටත් ඇත්තටම ඕනි කමක් තිබ්බේ නෑ උතුරේ සමුල ඝාතනය නවත්තා ගන්න. එහෙම ඕනි කමක් තිබ්බා නං දැන් අර සිරියාවේ මිනිස්සු 300-400 මැරුණම ගිනිපුක් ගාය හැදිලා දගලන ඇමරිකාව ලංකාව ගැනත් යුද්ධේ කාලේ එහෙම ක්‍රියා කරන්න එපයි. ඕනි නං ඒ රටවල් වලට ක්ෂණයෙන් ලංකාවේ යුද්ධේ නවත්තන්න තිබ්බා. ඒත් එහෙම කලේ නෑ.

    අන්තිමේදී උනේ ඊනියා වාමාංශිකයන් සහ ඩයස්පෝරාවේ උන්දලා පෙන්නපු හීනයක් පස්සේ ගිය දහස් ගණන් දෙමලු සමුල ඝාතනය වීම පමණයි.

    ReplyDelete
  5. Ajith.
    Looks like you understand everything? May be not? Every political party play politics; remember 89/90 UNP+JVP? One could say that is UNP’s fault, or is it? Shameless JVP joined with UNP+SF at the end. If you compare living political leaders only CBK and MR has less blood in their hand (let’s not talk about JVP,UNP and SF)

    ReplyDelete
  6. ගමේ චන්ඩින් හැසිරෙන ආකාරයට ජාත්‍යන්තරයේ හැසිරීමට ගොස් ඇන ගැනීම ආණ්ඩුවට මහා අමුතු දෙයක් නොවේ.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව තුලද මින් දෙවසරකට පෙර රජයේ නියෝජිතයන් කලබල කර රාජතාන්ත්රිකයන් අතර අප්‍රසාදයට පත්වී නාගෙන සිටින රජයේ රාජතාන්ත්‍රික අසමත් භාවය එතරම් සුභ ලකුණක් නොවේ. මුන්ගේ මතය රටේම මතය ලෙස සිතා සිටින, මාධ්‍ය වල ඉස්මතු වීමට රගන්නවුන් නිසා රටක් ලෙස අපහසුතාවයකට පත්වීමට සිදුවීම අතිශයින් කනගාටුදායකය....

    ReplyDelete
  7. මේ ජනතාව වෙනස් කරලා අළුත් ජනතාවක් පත් කර ගන්න ඕන

    ReplyDelete
    Replies
    1. මේකනම් සුපිරිම අදහස

      Delete
    2. attamai eka tama niyama adahasa,ape minisunge olu galawala marunu demala minisunge mola tikakwat hai karanna one....e minisu gawa atmagarutwewat tiyanawa.Ape un nikan kanna denawanam one loka horek parliment yawai

      Delete
  8. අපට සිදු වී තිබෙන්නේ පාලකයන් විසින් අපවත් ඇදගෙන මහා අගාධයකට දුවන ආකාරය බලා සිටින්නට ය. ඒ වලේ පළමුව වැටෙන්නේ ජනතාව වන අප ද පාලකයන් වන ඔවුන් ද යන්න වැදගත් නැත. මන්ද, වල එක ම තැනක් වන හෙයිනි. ...............මීට වඩා අළුත් අදහසක් මටත් නෑ.

    ReplyDelete
    Replies
    1. පාලකයෝ, උන් මේ රටේ සාරය මගින් රැස් කල ධනය සමග චීනය වැනි රටකට ගොස් ජීවත් වෙයි.
      ඉන්දික

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා