මේ රටින් පළා නො ගොස් මේ ව්‍යසනයට මුහුණ දෙන්නේ කෙසේ ද?

දූෂිත පළාත් පාලන සභිකයා සිය අනුග්‍රාහකයා සමග කලින් ගත් ඡායාරූපයක්
පසුගිය දිනෙක මා සමග කතා කළ මගේ සිසුවකුගේ පියෙකු ඒ මොහොතේ ඔහු දකිමින් සිටි දෙයක් ගැන කීවේ ය. 

බෙන්තර ප්‍රාදේශීය සභාවේ සභාපතිගෙන් ලක්ෂ 15ක අල්ලසක් ගනිමින් සිටියදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපති උදේනි අතුකෝරළ එදින ඇප පිට නිදහස් කර තිබිණි. 

ඇප පිට නිදහස් වී පැමිණි මෙම අල්ලස් සැකකරු රථ පෙළපාලියකින් වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන නගරය වූ මීගහතැන්නේ වීදි සරමින් සිටි බව ඔහු පැවසුවේ ය. හිතන්න බලන්න තත්වය. තමන් විසින් ම මෙහෙයවනු ලැබූ ආධාරකරුවන් විසින් මල් මාලා දමමින් පිළි ගනු ලබමින්, අත් වනමින්, ආයුබෝවන් කියමින් වීරයකු සේ මෙසේ වීදි සැරුවේ කවුරුද? 

අදාළ ප්‍රදේශයේ පරිසරයට හානිකර වූ කිසියම් පස් කැපීමේ ව්‍යාපාරයක් අනුමත කිරීම සඳහා අල්ලසක් ලබා ගත් බවට සැකයට භාජනය වූ පුද්ගලයෙකි.

මා සමග කතා කළ මිතුරා කීවේ අප මෙවැනි රටක අපේ දරුවන්ට ‍ලබා දෙන අනාගතය කුමක්ද කියා ය. 

මේවා දකින මධ්‍යම පංතික වෘත්තික‍යන් බොහෝ දෙනෙකු සිතන්නේ මේ රටින් බැහැර වෙනත් රටක පදිංචියට යාම පිළිබඳවයි. අප දන්නා බොහෝ දෙනෙක් මේ පළා යාම කළ හ. මම නම් සිතන්නේ එය ද මෙම දූෂිත ක්‍රමයේ ම තවත් පැතිකඩක් කියා ය. පවතින දූෂිත ක්‍රමයෙන් පළා යාම විකල්ප අදහස් ඇත්තවුන් වෙනුවෙන් දූෂිත ක්‍රමය විසින් ම ප්‍රවර්ධනය කරනු ලබන විසඳුමකි. රට ගිය ඇත්තන් මෙහි නෑසියන්ට එවන මුදල් නැවතත් මෙම ක්‍රමය පවත්වා ගෙන යාම සඳහා උපකාර වේ.

පළා යන්නෝ බොහෝ දෙනෙක් ද මෙම ක්‍රමය ගොඩනැඟීමට ඍජුව ම දායක වූ අයයි. නැතිනම් නිහඬව බලා සිටීමෙන් වක්‍රව අනුග්‍රහය දැක්වූ අයයි. 

මෙම ක්‍රමය වෙනස් කිරීමේ අරගළය අප දැන් ම අප වෙතින් ම ආරම්භ කළ යුතු ය. එහි ආරම්භය ඇත්තේ අපේ ම සිතිවිලිවල ය. අපේ ම අධිෂ්ඨානය තුළ ය. 

මෙවැනි දේශපාලකයන්ට ගරු නො කර සිටීමේ, ඔවුන් පිළි නො ගැනීමේ හා කුමන සංදර්භයක් යටතේවත් ඔවුන්ට ඡන්දය හෝ වෙනත් අනුග්‍රහයක් හෝ නො දී සිටීමේ අධිෂ්ඨානය අප ඇති කර ගත යුතු ය. එහිදී අනෙක් අය එසේ කරනවා ය කියා අප ද එසේ කරන්නට නො පෙළඹී සිටීම ය සැබෑ අරගළය. අප ඔවුන් හෙළා දැකිය යුතු ය. ඔවුන්ට එරෙහිව අරගළ කළ යුතු ය. ඔවුන් වෙනුවට විකල්ප පුද්ගලයන් නිර්මානය කර ගත යුතු ය. අමාරු ම දෙය එය ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. mewa dekala andannath behe hina wennath behe, api rewatuna, api ahu una, salli walata hemadama,ape minissu modai

    ReplyDelete
  2. ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයෙක් ගැන හොඳකුත් ලියැවී තිබෙනවා මෙතන. http://www.divaina.com/2013/08/09/provin06.html

    ReplyDelete
  3. අඩු ගානේ ඡන්දයකදි සාපේක්‍ෂව මැරකම් දූෂණ අඩු යම් බුද්ධියක් ඇති මිනිහෙකුට ඡන්දය පාවිචිචි කරන්න පුලුවන් නම්

    ReplyDelete
  4. පැරකුම් සහෝදරයා. උබ ඇයි බන් හැමදාම මේ වගේ ගොන් කථා කියන්නේ. මේ දවස්වල ෆොන්ටේරා (ඇන්කර්) එකෙන් මුලු රටටම ලෙඩ කරන ඒවා උබගේ ඔය ඉස්ගෙඩි මොලයට පේන් නැද්ද බන්. කොහොම පේන්ඩද උබත් මම වගේම වාමාංශික කුහකත්වය ඇගපුරාම ගා ගත්ත මේ රටට, ජාතියට​, ආගමට වෛර කරන වාමාංශික කේවට්ට ගොබ්බයෙක්නේ. උබේ කටෙත් සමාජවදේ මගේ කටෙත් සමාජවදේ.
    අපි මේ චුයින් ගම් එක අවුරුදු කීයක ඉදන් හපනවද සහෝ? ඒත් තාම හරියට තටමලා රී ගන්ඩ (සමාජවාදේ) බැරි උනානේ. වාමාංශික චුයින්ගම් එක ගිල්ලාම රෙන්නේ හුලන් තමයි. උබටයි මටයි අනිත් කමෙන්ට් කරන අපි දෙන්නා වගේම අපතයෝ සෙට් එකටයි හැමදාම හුලන් තමයි.

    ඇයි අවුල්ද? යකෝ මම මාක්ස්වාදියෙක් යකෝ.......

    ReplyDelete
    Replies
    1. පැරා මේවා මෙහෙම නොලිව්වොත් නයි ටීඑ න් එකද මේවා කියන්නේ?

      Delete
    2. DCD මාර විසක්ද. දන්නෙ නැහැනේ. ඒකයි අහන්නේ.
      ඔයි DCD ගැන පර්යේසන කීයක් පලවෙලා තියේද. කිරි වල නොතිබෙන්න ඕන දෙයක් තමයි. ඒක පිලිගන්න ඕනෙ. ඒත් වසක් විසක් නම් ඒක ටෙස්ට් කරලා මෙන්න මේකයි විස ඩෝස් එක කියල කරපු පරීක්සන තියේද.රටම ලෙඩ වුනා නම් DCD වලින් හානි වෙන්නෙ මොන අවයවයද. අක්මාවද, ගුදමාර්ගයද, මොලයද, පෙනහලුද

      Delete
  5. foto eke inne janathawa nowei pakkaliyo

    ReplyDelete
  6. සුද්දා මෙරටින් යාමෙන් පසු කලක් දේශීය ප්‍රභූවරුද පසු කාලයක ගංජා කසිප්පු විකුණා මුදල් හම්බ කල මැරයන්ද රටේ පාලනය භාරගත්හ. වර්තමානයේදී අසංස්කෘතික දේශීය ගං කබරයන් විසින් ලංකාව පාලනය කරනු ලැබේ. සුද්දා වෙනුවට මෙරට ජනතාව තමන්ව පාලනය කිරීම සඳහා තෝරා ගත්තේ මිනි මරණ, පොදු දේපල හොරකම් කරන, කුඩු කසිප්පු විකුණන, දේශීය ගං කබරයන් පිරිසකි. මේ පාලකයන්ට මෙන්ම පාළිතයාටද සංස්කෘතියක් නැත. ඒ නිසා සෑම මැතිවරණයකදීම රටේ පාලනය භාර දීම සඳහා ජනතාව පත් කරන්නේ නුගත් මැරයන් පිරිසකි. ලාංකික ජනතාවට උසස් සංස්කෘතියක් තිබුනේ නම් තමන් පාලනය කිරීම සඳහා ගං කබරයන් පත් කර ගන්නේ නැත.

    ReplyDelete
  7. අල්ලස් ගත් මන්ත්‍රීවරයාට මල්මාල දැම්ම එක අරුමයක්ද?ලමයින් දූෂණය කලවුන්ට බෝධි පූජා තියපු රටනේ මේක

    ReplyDelete
  8. මේක පරණ පෝටෝ යෙකක් නේද?මේ මහින්ද සමරසිංගෙ නේද?

    ReplyDelete
  9. මේකට දාන්න වෙන්නෙත් කලින් ලිපියට දාපු කමෙන්ටුවම තමා, සතියකට විතර කලින් 15000ක අල්ලස් චෝදනාවට අහු වුනු යටියන්තොට සහාපති තුමාට ඇප ලැබුන දවසෙ දෑසින්ම දැක්ක ඔය තත්වෙ.

    ReplyDelete
  10. සිවිල් සංවිධානවල නිහඬ බවත් ජනතාවගේ නිද්‍රා ශීලිබවත් මේ සියල්ලටම මූලික හේතුවක්. අද සිදුව ඇත්තේ තනි තනිව සමාජ මතකයක් හදන්න. එහෙම කළාම ජීවිත ආරක්ෂාවලතා රට යන්න වෙන එක අරුමයක් නෙවෙයි.

    ReplyDelete
  11. ඇත්තටම ඔයගොල්ලට පිස්සුද? රතුපස්වල සිද්ධිය පිටිපස්සෙ තුන්වන කට්ටියක් හිටිය බව ආන්ඩුව මෙච්චර කියද්දිත් ත්වමත් මේ මිනිස්සු කියන බොරු විස්වාස කරන්නෙ, ඔය වතුරෙ පී.එච් අගය අඩු වුනාට බිව්වට කිසිම වරදක් නෑ මොකද ඒක ගම්පහ පලාතෙ හැටි. මේ අලුත්ම සොයාගැනීමගැන දැනගන්න ඉරිදා දිවයින පත්තරයේ මනෝජ් අබේදීර කියන සියල්ල දත්ගේ ලිපිය බලන්න

    ReplyDelete
    Replies
    1. මනෝජ් අබේදිරගේ කියවපු ලිපි වලින් හිරිකිතම ලිපිය. අසත්‍ය අර්ධසත්‍ය සත්‍ය විකුර්ති කිරීම්.... ගොබෙල්ස් මොන බල්ලෙක්ද බන් මෙහෙනෙ බල්ලෝ ඉන්නේ....

      Delete
    2. Well Said Bro......... No words to express....

      Delete
  12. මේ ලිපිය වෙලාව තියෙනව නම් කියවා බලන්න.
    සතුතියි !

    ReplyDelete
  13. PARA Oba KIwwa Wagema, Hemadama Handagama KELINMA IDIRIPATH WELA PILITHURU denna ona,,lankawe withrak nowei vamanshika/ samajawadee kiyana koheth wadipurama inne kuhakayo GAME basawen Papuwa honda nethi ewun.wiplawayen passe sowiyat samajawadee samuhaanduwe Ihalama naykayan athara wechcha dewal oyalath dannawane. ANIKA Handagama la. jathyantharayak jayagaththa kiyanne kawa rawattannada?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා