රතුපස්වල පස් රතු විණි - රතු ලේ ඒ මතින් හැලිණි

බොන වතුරට විස මුසු විණි
හද සෝ ගිනි  බුරා නැගිණි 
රතුපස්වල පස් රතු විණි
රතු ලේ ඒ මතින් හැලිණි

වතුර බිඳක සිසිල සොයා
පුතකු හඬා එලොව ගියා
නෙතින් නෙතට කඳුළු තියා
රටක කුසුම් පරව ගියා 

එපුතු නිදන පොළව පලා
පිපුණු ඉසුරු මිලින වෙලා
අඳුරු හෙටක පුලින තලා
වැතිර ලොව ම නිසරු වෙලා

කතරක තනිකම සැප වෙ ද?
තිබහට උණු ලේ රස වෙ ද?
මිනිසුනි වෙඩි තැබු ඔබ අද
හෙට පවසින් නො හඬාවිද? 

අජිත් පැරකුම් ජයසිංහ


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. නිකන් කියවන්න එපා පැරා. උඹ කොහොමද දන්නෙ "නලියට "වඩා. මෙන්න ඇත්ත.
    http://www.divaina.com/2013/08/04/nalin.html
    එයට පළිගැනීමක්‌ ලෙස බටහිරයෝ අදත් ජනාධිපතිතුමාටත්, ආරක්‌ෂක ලේකම්තුමාටත්, රණවිරුවන්ටත් ඊනියා මානව අයිතීන් කඩකිරීම් පිළිබඳ ව චෝදනා කරමින් ජනාධිපතිතුමා හා ආරක්‌ෂක ලේකම්තුමා දංගෙඩියට යෑවීමට බීබීසියේ චැනල් 04 හෙවත් හතරවැනි නාලිකාව හා වෙනත් ක්‍රම ඔස්‌සේ උත්සාහ කරති. ආණ්‌ඩුව අස්‌ථායී කිරීමෙන් තොරව එය නොකළ හැකි බව දත් බටහිරයෝ නොයෙකුත් ආකාරයේ වසන්ත ලංකාවේ ඇතිකිරීමට උත්සාහ කර අද ලංකාව අරාජික කිරීමට වෑයම් කරති. අද තැන තැන ඇතිවන නායකත්වයක්‌ නොමැති සේ පෙනෙන උද්ඝෝෂණ, නැගිටීම් ආදිය පසුපස බටහිරයෝ වෙති. නිලධාරීන්ගේ වැරදි ඇමැතිවරුන් පිටින් යෑවීමට ජනමාධ්‍ය ඔස්‌සේ බටහිරයන්ගේ ඒජන්තයෝ උත්සාහ කරති. එහි දී රතුපස්‌වල දී මෙන් මිනිස්‌ ජීවිත බිලි දීමටත් ඒජන්තයෝ කටයුතු කරති.

    ReplyDelete
  2. Ano Umbata olmadeda? Hisa kudichchiyak daganin.

    ReplyDelete
  3. පාලකයින්ට මෙවැනි පිස්සු කෙළින්නට ඉඩ ලැබී ඇත්තේ පාලකයින් මොන තරම් දුර්දාන්ත ක්‍රියාවක් කළත් ඒවා අනුමත කිරීමට ජනගහණයෙන් යම් කොටසක් නිවට වන නිසාය. මේ නිවටවීම සමහරවිට පෞද්ගලික ලාභ ප්‍රයෝජන නිසා හෝ සහජයෙන් උරුම නිවටකම නිසා විය හැකිය. බ්ලොග් අවකාශය ගත්තොත් මිගාර වීරක්කොඩි හා චතුශ කුමාර වැන්නන් මෙවන් නිවටයන්ට හොඳ උදාහරණ සපයයි. මෙවන් නිවටයින් වෙනුවට කොන්දා පණ ඇති මින්සුන්ගෙන් පමණක් අප සමාජය සමන්විත වී නම් මේ අවාසනාවන්ත සිදුවීම් අපට අසන්නට නොලැබෙනු ඇත.

    ReplyDelete
  4. රතුපස්වල ජනතාවටත් තව සති දෙකකින් මේ සියලු දේ අමතකයි,ධම්මික පෙරේරාට මල්මාලා දාල පිලිගන්නත් මිනිස්සු ඉඳීවි.මේක තමයි බරපතලම ඛේදවාචකය.මේ සිදුවීම ඉතාම බරපතල එකක්,නමුත් අපේ රටේ ඊනියා උගතුන් බුද්ධිමතුන් නිහඩයි.අඩුම තරමේ උපුල් ජයසුරිය ප්‍රමුඛ නීති වේදින්වත් මේ ගැන කිසිවක් කියන්නේ නැහැ.ඉදිරියේදී එක තැන සියගානක් මරා දැමුවත් මේ නිහඬ තාවයම තියෙයි.

    ReplyDelete
    Replies
    1. UPUL JAYASURIYA LA MEGENA KATHA NOKALATA KAMAK NAHA. ME PALATHE INNE OKKOMA GAMAPAHA ASANE, SANDHANETA CHANE DEEPU AYA.

      Delete
  5. පැරා ,
    මට මෙව්වා දකිද්දී කල්පනා වෙන්නේ එක දෙයයි.
    අනේ අපේ රට බේරා ගන්න පැමිණි රණවිරුවා යැයි කියමින් බෝධි පුජා තබමින් හමුදාව කරේ තබාන් ගිය දකුණේ සහෝදර ජනයාට හමුදාව සලකන්නේ මෙහම නං, උතුරේ දෙමළාට මේ හමුදාව මොනවා නොකරන්නට ඇත්ද?

    ReplyDelete
  6. ප්‍රකාශිත යුද්ධයක් තියෙන අවස්ථාවක, අවි ගත් ත්‍රස්තවාදීන්ට පහරදීම සහ රතුපස්වල නිරායුධ උද්ගෝශකයන්ට පහරදීම සන්සංදනය කරන්න එපා. ඒ දෙක සිද්ධි දෙකක්.
    (සමහරු බොරදියේ මාලුබාන්න හදනවා.ඒකයි මෙහෙම ලියුවේ)

    ReplyDelete
    Replies
    1. ජය ශ්‍රි, තව ටිකක් තේරෙන්න කිවුව නම් තමයි හොඳ.

      Delete
    2. වැලිවේරිය සිද්ධිය (නිරායුධ ජනතාවට වෙඩි තැබීම) සම්පූර්ණ වැරදියි ඒ ගැන විවාදයක් නෑ.එය පැහැදිලිවම හෙලා දකිනවා.
      නමුත් සමහරු ඒක පෙන්නල කියන්න හදනවා එදා එල්ටීටීය සමූලඝාතනය කරපු එකත් වැරදියි කියල (මට එවැන්නක් පේනවා).ඒ අවිගත් ත්‍රස්තයන්ට එරෙහිව යුධ කිරීම ඉතාම සාධාරණයි , නිවැරදියි.එය හා මේ සිද්ධීය සන්සංදනය කරන්න බෑ කොහොමත්.

      Delete
    3. එල්ටීටීය බිහිවුණෙත් හමුදාව නිසා.

      Delete
    4. උදාහරණයකට මේ වැලිවේරිය වගේ සාධාරණ උද්ගෝෂණ වලට දිගින් දිගටම පහර දෙමින් මිනිසුන් මරණවානම්. සන්නද්ධ ව්‍යාපාරයක් බිහිවීමේ ප්‍රවනතාවක් ඇති නොවේද?
      -Vipul

      Delete
  7. 2005 දි මම ඕක දැක්කෙ. යාලුවෝ මගෙ මාලු කන්න හැදුව. මම ඒ තකතිරුවන්ගෙන් ඈත් උනා. එක අතකට අම්මගෙ චන්දෙවත් වෙනස් කොරන්න බැරි උන මට, යාලුවෝ විධිහට හිටිය පිගුත්තරයන්ගෙ චන්දෙ වෙනස් කරන්න නොලැබීම පුදුමයක්යැ ?
    අද මම තනියම. යාලුවෝ ඈත්කරල. අනාගතය දකින්න බැරි උන් කොන් කරන්න ඕනෙ. ඒත් එහෙම උන් ගොඩක් අතරෙ අද මන් කොන් වෙලා. නමුත් සතුටුයි. මේ ක්‍රමයට මම දායක වෙලා නැහැ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා