වැඩිපුර ළමයි හැදුවොත් ජාතිය ගොඩ යයි ද?

ඉහත රූපයේ දැක්වෙන්නේ සිංහල බෞද්ධ වීරයන්ගේ අලුත් ම වැඩසටහනයි. ජාතිය (සිංහල) දියුණු කරන්න ළමයින් හතරක් හැදීම.

මගේ පවුලේ මාත් සමග සොයුරු සොයුරියන් හතරක් සිටිති. අප සිව්දෙනා හදා වඩා ගන්නට රජයේ රැකියා කළ අපේ මව්පියන් කෙතරම් වෙහෙස වුණා ද කියා තේරෙන්නේ දැන් ය. මට හා මගේ බිරිඳට ඉන්නේ දරුවන් දෙදෙනෙක් පමණි. අපට ඊට වඩා දරුවන් හදා වඩා ගැනීමේ ආර්ථික ශක්තිය නැත. මේ දරු දෙදෙනාටවත් සුරක්ෂිත පරිසරයක් හෝ අනාගතයක් ලබා දිය හැකි වනු ඇතැයි අපට වග කිව නො හැක.

අද කාලයේ දරුවන් සිව්දෙනෙක් සහිත පවුලකට සාමාන්‍ය ජීවිතයක් ‍ගෙවීමට මසකට රු. 60,000කවත් ආදායමක් අවශ්‍ය ය. එවැනි ආදායමක් තනිව ඉපැයීම දුෂ්කර නිසා පවුලේ මවටත්, පියාටත් දෙදෙනාට ම රැකියා කරන්නට සිදු වේ. 

ළමයින් වැදීම තරම් හැදීම පහසු නැත. කෑම බීම දීමටත් වඩා අමාරු රැකවරණය දීමයි.

රැකියා කරන මව්පියන්ට ගෘහ සේවිකාවකගේ සේවය හරි හැටි ලබා ගැනීම අතිශය දුෂ්කර ය. ගෘහ සේවිකා වෘත්තියේ ඇති පහත් සේවා මට්ටම නිසා  කොපමණ මුදල් ගෙව්වත් ගුණාත්මක සේවාවක් ලබා ගත නො හැකි ය. ‍ඇත්තෙන් ම වැඩි දෙනෙකුට ගෘහ සේවිකාවකගේ සේවය ලබා ගැනීමට කොහෙත්ම හැකිය‍ාවක් නැත.

මේ රටේ රැකියා කරන මව්පියන්ට දරුවන් තබා යන්නට සුරක්ෂිත, ගුණාත්මක හා මිළ පහසු  දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඉතා හිඟ ය. හතු පිපෙන්නා සේ ළදරු පාසල් බිහි වේ. එහෙත්, සාධාරණ ගාස්තුවකට දරුවා ඇතුළත් කළ හැකි ගුණාත්මක අතින් ඉහළ ළදරු පාසලක් සොයා ගැනීම ද දුෂ්කර ය. ළදරු පාසල් වැඩි හරියක් කරන්නේ ළමයින්ට අනවශ්‍ය පීඩනයක් දෙමින් අකුරු ඉගැන්වීමයි. පුදපු ගමන් කාපි යකා වගේ ළමයින්ගේ ඔලුව කුරුවල් කිරීම ඇරඹෙන්නේ ‍ළදරු පාසලෙනි.

ජනප්‍රිය පාසලක පළමු ශ්‍රේණියට දරුවකු ඇතුළත් කිරීමේ යුද්ධය ගැන වැඩිදුර විස්තර කළ යුතු නැත. එය අතිශය දුෂ්කර ව්‍යායාමයකි.

පාසලෙන් දරුවන්ට දෙන අධ්‍යාපනය ගැන කතා කිරීම වැඩක් නැත. පළමු ශ්‍රේණියේ සිට ම දරුවා හුරු කරන්නේ මිනිස්කම්, නිර්මානශීලිත්වය හා කුසලතා වර්ධනය කර ගන්නට වඩා අනෙකා අභිබවා යන්නට තරග කරන්නටයි. අධ්‍යාපන තරගය මැදට පනින ටියුෂන් ව්‍යාපාරය විසින් ළමයින්ගේ ජීවිතය අඳුරු කර දමා තිබේ. 

මෙතරම් තරගයක් අවශ්‍ය වි තිබෙන්නේ හොඳ පාසලකට යන්නට, විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්නට හා හොඳ ආදායමක් ලැබෙන රැකියාවක් කරන්නට තිබෙන සීමිත අවස්ථා ටික ඩැහැ ගැනීමට ය. ඒ අවස්ථා අහිමි වුණොත් ඔවුන්ගේ අනාගතය අඳුරේ ය.

මේ අතරතුර තුඩා දරුවකුටවත් නිදහසේ ජීවත් වන්නට හැකි වාතාවරණයක් රටේ නැත. ළමා අපචාර, හදිසි අනතුරු, ඝාතන, පැහැර ගැනීම්, අතුරුදහන් කිරීම් හා ලෙඩ රෝග ආදී කරුණු නිසා ළමයින්ගේ ජීවිත අතිශය අනාරක්ෂිත ය.

සිංහල ජාතිය දියුණු වූවා නම් මෙවැනි තත්වයක් ඇති වන්නේ නැත. සිංහල ජාතිය දියුණු නො වුණේ ජන ගහණය තුළ සිංහල අනුපාතය හෙවත් ප්‍රතිශතය වැඩි නො වූ නිසා නො වේ. ඇත්ත ම කියනවා නම්, ලංකාවේ ජීවත් වන කිසිදු ජාතියක ප්‍රතිශතයන් පසුගිය සියවස තුළ සැලකිය යුතු අන්දමින් අඩු හෝ වැඩි හෝ වී නැත. එසේ වී තිබේ යයි කියන අය පුළුවන් නම් ජන සංගණන ප්‍රතිඵලවලින් එය ඔප්පු කර පෙන්වන්න. 

සිංහල ජාතියට දියුණු වීමට බැරිව තිබෙන්නේ අන් කිසිදු හේතුවක් නිසා නො ව සෙසු ජාතීන් පාගාගෙන සිටීම නිසා ය. සෙසු ජාතීන් පාගන්නට යාමේ ප්‍රතිඵල ලෙස අපි අඩ සියවසකට වඩා පැරණි වූ ජාතින්ගේ ප්‍රශ්නයක් තවම කර ගසා ගෙන සිටිමු. තිස් අවුරුදු යුද්ධයකින් විනාශ වුණෙමු. ජාතිය බේරා ගන්නට යයි කියමින් දේශපාලනයට පැමිණි අන්තිම නරක, කපටි, මජර, දුෂ්ට මිනිසුන් ටික තෝරා අපේ පාලකයන් කරගෙන සිටිමු. 

උන් රට කාබාසිනියා කරන නිසා අපට යහපත් ජීවිතයක් නැත. අනාගතය ගැන බිය ය. 


‍අප වනසන එවුන් දැන් අපේ දුකට ‍හේතුව ලෙස දෙමළ හා මුස්ලිම් ජාතීන් පෙන්වමින් සිටිති. එසේ කරන්නේ අප ඇත්ත අවබෝධ කර ගැනීම වළක්වන්නට ය. අපේ දුකට හේතුව අපේ ම ගොන්කම් බව අපට තේරුණොත් ඔවුන්ට පැවැත්මක් නැත. 

තව තව ළමයි හැදුවොත් අපේ දුක නැති වනු ඇති බව දැන් ඔවුහු කියති. එහෙත්, ආර්ථික ශක්තිය තිබියදී පවා ඔවුහු එසේ නො කරති. ජාතියේ මුර දේවතාවුන් ලෙස පෙනී සිටින්නට උත්සාහ කරන මර සේනාවන්ට නායකත්වය දෙන සල්ලාල ගනින්නාන්සේලා නම් පඳුරු ගානේ ළමයි හදන්නට කැමැති වනවා ඇත. මන්ද, උන්ට ළමයි හදා වඩා ගැනීමේ බරක් නැති බැවිනි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. Replies
    1. මගේ මව්බිම Facebook.com කියල නේද තියෙන්නෙ? Facebook මව්බිම කරගත්තු මානසික රෝගින් ගොඩක් ඉන්නව.

      Delete
    2. අජිත් පැරකුම්, නුඹේ අම්මයි තාත්තයි දරුවො හදන්නෙ නැතිව හිටියනම් හොඳයි කියලයි මට හිතෙන්නෙ.

      Delete
  2. මේක හම්බයන්ට අදාල නැද්ද? හම්බයන්ට සිතුමිණ පහල වෙලාද ළමයි හත අට හදන්න පුළුවන්?

    ReplyDelete
    Replies
    1. ඉතින් මහත්තයෝ අපි එපා කියන්නේ නැහැ. ඔහේට සිතුමිණ පහළවෙල්වගේ නේ කතා කොරන්නේ... ඉතින් ඔහේ නවයක් හදල පෙන්නන්කො.. ඔහේ 9ක් හදනවනම් අපිටත් කියන්න අපිත් එන්නම් බලලා යන්නවත්. අනේ සාදු...

      Delete
    2. නැහැ හම්බයො ඉන්දියාව වගේ...නැති පඩ ෂෝ නොදමා තමුන්ගේ ආර්ථිකය කළමානකරණය කර ගන්නව.අත්‍යවශ්‍ය දේ මොනවද අනවශ්‍ය දේ මොනවද කියල අඳුනගෙන වියදම් කරනව.සිංහලයො ලංකාව වගේ...පඩ ෂෝ දාන්න ගිහින් තමුන්ගේ ආර්ථිකය කාලකන්ණි කර ගන්නව.අත්‍යවශ්‍ය දේ වලට වියදම් කිරීමට තියෙන සල්ලිවලින් අනවශ්‍ය පඩ ෂෝ දානව.ස්මග්ලින් කුඩු බිස්නස් නොකරන සාමාන්‍ය හම්බයන්ට තමුන්ගේ මට්ටමේ සාමාන්‍ය සිංහලයන්ට වඩා ළමයින්ට වියදම් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒකයි!

      Delete
  3. quantity නෙමෙයි වැදගත් quality කියන එක තේරුම් ගන්න ඔය ෆේස් බුක් වීරයො තව වයසට යන්න ඕන.

    අද වෙනකොට ලෝකෙ පුරාම අරාබි ( මුස්ලිම් ) ජනගහනය මිලියන තුන්සිය පනහක්. ඒ අරාබින්ගෙ පරම සතුරු යුදෙව් ජනගහනය මිලියන දහතුනට පොඩ්ඩක් වැඩියි. ඒත් කවුද බලවත්? කවුද චන්ඩිය?

    ReplyDelete
    Replies
    1. ඕක තමයි ඇත්ත පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු !

      Delete
  4. Rate thathvaya oyata therenne naha..ekai me post eka oya liyala thiyanne. Issara ape aya lankave godak denek hitiya..passe demala..passe thambiyo...den thathvaya venas..yuddhaya hinda demala minissu godak denak nathi vuna.ehinda egollangen apita prashnayak naha den. Thambila thamai prashna..egollan seegrayen vedi venava..ekko egollanva vadha karanna one..nethnam maranna one..nethnam lankave indala pannanna one. (Me thunatama mama ekangai..oyath ekanga venna one.) Nethnam ape janagrahanaya vedi karanna one. eka thamai api den karanna one. Therunada?

    ReplyDelete
    Replies
    1. පුතේ දෙමාපියන්ටත් කියල හොඳ දොස්තර කෙනෙකුට පෙන්නල මොලේ චෙක් කර ගන්න.ඕක මානසික රෝගයක්.

      Delete
    2. Ape godak haamudhurula oka thamai ape ayata kiyala denne. Pavulpitin oya adahasin thamai inne.ekata monada karanne?

      Delete
  5. එකෙක්වත් පොප්‍යුලේෂන් මොඩලින් තියා සාමාන්‍ය ගණිතයවත් දන්නේ නෑ!

    ReplyDelete
    Replies
    1. සමලිංගිකයො ලමයි හදන්නෙ කොහොමද?

      Delete
    2. EEKA MONAWATA KIYANAWADA. MEYA MEWWA GENA DANNA DEYAK THIYANAWADA

      Delete
  6. @“ළමයින් වැදීම තරම් හැදීම පහසු නැත“ - සම්පූර්ණ ඇත්ත.
    ඒත් ඇයි මුස්ලිම් අයට මේ අපහසුව නැත්තේ?ඒ රටේ ආර්ථිකය පාලනය කරන්නේ ඔවුන් නිසා.(බහුතර සිංහල මෝඩයෝ කරන්නේ මත්පැන් බිබී බුල කෙලින එක)
    කෝච්චියකට ගොඩවෙන්න.මුස්ලිම් පවුලක් හිටියොත් පෙට්ටියෙන් බාගයක් පිරෙනවා ඒ පවුලේ ළමයින්ගෙන් පඩිපෙල වගේ එක එක සයිස්.
    ජන සංගනනයක ප්‍රථිපල එන්න කල් යනවනේ.දන්න දන්න මුස්ලිම් හා සිංහල පවුල් කීපයක් ගැන කල්පනා කරන්න,ළමයින් ගණන කොහොමද කියල.

    ReplyDelete
    Replies
    1. මේක මුස්ලිම් වුණත් එකයි සිංහල වුණත් එකයි දෙමළ වුණත් එකයි ලෝකෙට කිසිම වැඩක් නැති මීහරක් ඉන්න රටක්.

      Delete
    2. ඉතින් තොටත් බැරිය කෝච්චි පෙට්ටියේ ඉතිරි බාගේත් පිරෙන්න ළමයි හදන්න?කාගේ අවුලක්ද ?ගොන්කතා නොකිය හිටපිය.

      Delete
    3. ඉතින් තොටත් බැරිය කෝච්චි පෙට්ටියේ ඉතිරි බාගේත් පිරෙන්න ළමයි හදන්න?කාගේ අවුලක්ද ?ගොන්කතා නොකිය හිටපිය.

      Delete
    4. කොන්ද කෙලින් තියාගෙන පිරිමියෙක් වගේ නමක් ගමක් ඇතුව ආව නම් මීට පස්සේ කියන ඒවා ඔහේගෙන් අහල කියන්න තිබ්බා.

      Delete
  7. මුස්ලිමුන්ට බෝවීම ගැටළුවක් නෑ. උන් බහුතරයක් මුළුජීවිත කාලයම ආගමක් වෙනුවෙන් කඹුරලා වලකජ්ජ ගහන්න නියමිත කාලකණ්නි හැත්තක් නිසා සංස්කෘතියක් ඇති මිනිසුන්ටයි උන්ගේ බෝ වීම ප්‍රශ්නයක් වෙන්නෙ.

    ආගමක් හෝ ජාතියක් වෙනුවෙන් බෝකරන කාලකන්නින්ගෙ ගාණට වැටෙන්නෙ නැතුව මිනිස් වර්ගයාගේ පැවැත්ම වෙනුවෙන් පමණක් ළමයි හැදුවාම ඇති.

    මේ ගැටළුවට තිබෙන එකම විසඳුම, සියල්ලන්ටම පොදුවේ උපත්පාලනය අනිවාර්ය කිරීම පමණයි.

    ReplyDelete
  8. //ඇත්ත ම කියනවා නම්, ලංකාවේ ජීවත් වන කිසිදු ජාතියක ප්‍රතිශතයන් පසුගිය සියවස තුළ සැලකිය යුතු අන්දමින් අඩු හෝ වැඩි හෝ වී නැත. එසේ වී තිබේ යයි කියන අය පුළුවන් නම් ජන සංගණන ප්‍රතිඵලවලින් එය ඔප්පු කර පෙන්වන්න. //

    මුණු පොතේ බෞද්ධ වීරයන් ඇතුළු ජාති වාදීන් තේරුම් නොගත්ත සත්‍යය මේකයි. මුස්ලිම් අය වැඩියෙන් බෝ වෙනවා කියල කවුද කෙනෙක් කියපු බොරුවක් ඔලුව උඩ තියාගෙන ඉන්න නිසයි මේ වගේ විකාර පෝස්ටර් හදන්නේ. කොච්චි පෙට්ටියක මුස්ලිම් පවුලක් දැකල බය වෙලා ඉන්න මොඩයෙකුත් ඉහල කොමෙන්ටුවක් දාල තියෙනවා. කලින් කිව්වේ 81න් පස්සේ ජන සංගණනයක් කරල නැති නිසා මුස්ලිම් ජනගහනයේ වැඩිවීම පෙන්වන නිල සංඛ්‍යාලේඛන නැහැ කියලයි. දැන් 2011-12 ප්‍රතිපල ඇවිත් තිබුනත් ඔලුවේ හිරවෙලා තියෙන ෆෝබියාව නැතිවෙන්නේ නෑ. මේ ගොන්කම් තියනකම් ලංකාව හදන්න බෑ.

    ReplyDelete
  9. i agree with writer, however, I think Muslims need to be forced to limit their number of children to 2 or 3, they make 5-8 children, which has a huge impact on our free health and education budgets. Sinhalese have to pay, as we pay taxes

    ReplyDelete
  10. මෙවැනි ඉල්ලීම් වැඩිපුරම එන්නේ බෞද්ධ භික්ෂූන්ගෙන් නිසා, ඔවුන් හට කාන්තාවක හා විවාහ වී දරුවන් හැදීමට ඉඩ ප්‍රස්තාව සැලසීම මැනැවැයි මගේ අවංක විශ්වාසයයි.

    දැන් දැන් celibacy යන්න බද්ධ භික්ෂූන්ට මහත් මානසික පීඩාවක් ගෙන දෙන්නක් බව හොඳින් පෙනෙන්නට තිබෙන කරුණකි. එනිසා අවුරුත් මේ ගැන අවධානය යොමු කළ යුතුයි.

    ReplyDelete
  11. මෙවැනි ඉල්ලීම් වැඩිපුරම එන්නේ බෞද්ධ භික්ෂූන්ගෙන් නිසා, ඔවුන් හට කාන්තාවක හා විවාහ වී දරුවන් හැදීමට ඉඩ ප්‍රස්තාව සැලසීම මැනැවැයි මගේ අවංක විශ්වාසයයි.

    දැන් දැන් celibacy යන්න අප රටේ බෞද්ධ භික්ෂූන්ට මහත් මානසික පීඩාවක් ගෙන දෙන්නක් බව හොඳින් පෙනෙන්නට තිබෙන කරුණකි. එනිසා කවුරුත් මේ ගැන අවධානය යොමු කළ යුතුයි. සමහර මහායානිකයන් මේ ප්‍රශ්නය සාර්ථකව විසඳා ඇත. ඒ සිවුරේ හිඳිමින් පවුල් ජීවිතයක් ගෙන යෑමෙනි. එහෙත් ඒ නිසාම ඒ සමාජවල බෞද්ධාගම සෝදාපාළුවකට ලක් වී නැත.

    ReplyDelete
  12. Read this please.

    http://en.wikipedia.org/wiki/Demographics_of_Sri_Lanka

    ReplyDelete
    Replies
    1. 1981 සිට 2011 වන විට ලංකාවේ මුස්ලිම් ජනගහන ප්‍රතිශතයේ යම් වැඩිවීමක් තියෙන එක ඇත්ත. ඒත් සිංහල ජනගහන ප්‍රතිශතයේත් වැඩිවීමක් තියෙනවා. මේ කාරණා දෙකටම හේතුව මේ කියන කාලය තුළ විශාල දෙමළ ජනකායක් රටින් පිටවීමයි. ඒ නිසා දෙමළ ජනගහන ප්‍රතිශතයේ අඩුවීමකුත්, සිංහල සහ මුස්ලිම් ජනගහන ප්‍රතිශතවල වැඩිවීමකුත් තියෙනවා.

      Delete
  13. කඩප්පුලියාSeptember 1, 2013 at 7:45 PM

    ගහපිය මහින්ද, ප්‍රීති ඇතුළු හුකන කොපු වලට 1000% ක බද්ධක්.

    ReplyDelete
    Replies
    1. සිගරට්, අරක්කු යන දෙකටම කොච්චර බදු ගැහුවත් ඒවා බීම අඩුවුණාද? නැහැනේ... කොපුවලටත් කොච්චර බදු ගැහුවත් ඔය ටිකම තමයි වෙන්නේ.

      Delete
  14. Ano1 අම්මෝ සනීපෙ.. මර්වින්ලා හතරයි...දුමින්දලා හතරයි....

    ReplyDelete
  15. කාලෙකට කලින් ලියපු දෙයක් මතක් උනා මේක කියවද්දි:

    https://www.facebook.com/sampath.sitinamaluwa/posts/511827305525336

    ඔය ලමයි හදල ජාතිය දියුණු කරන්න පුලුවන් කියන කතාවෙ මෝඩ කම විස්තර කරන්න මට වචන නෑ. මෙන්න මේකෙ ගිහින් බලන්න ලෝකෙ සෑම රටකම පවුලකට ඇති දරුවන් ගණන (Fertility rate): http://www.nationmaster.com/graph/peo_tot_fer_rat-people-total-fertility-rate

    ඔය පිටුවේ උඩට ගිහින් බැලුවොත් දුප්පත්කමින්, මන්දපෝෂණයෙන් බැට කන අප්‍රිකානු රාජ්‍ය ගොන්නක් බලාගන්න පුලුවන්.

    ඔය ලිස්ට් එකේ ටිකක් මං මෙතන ලියන්නම්:
    #91: කටාර් - 2.43
    #95: එක්සත් අරාබි එමීර් රාජ්‍යය - 2.4
    #100: ආජන්ටිනාව සහ සෞදි අරාබිය - 2.31
    #102: දකුණු අප්‍රිකාව - 2.3
    #108: ශ්‍රී ලංකාව - 2.2
    #110: බ්‍රසීලය - 2.18
    #114: තුර්කිය - 2.15
    #120: නවසීලන්තය - 2.08
    #124: අමෙරිකා එක්සත් ජනපද - 2.06

    තව යටට ගිහින්, 2ට වඩා අඩු රටවල් බැලුවොත්,

    #133: ප්‍රංශය - 1.96
    #139: එක්සත් රාජධානිය (ඔව් ඔව් එංගලන්තෙ) - 1.91
    #154: මාලදිවයින - 1.81 <-- මේ රට මුස්ලිම් නෙවි හොඳේ
    #162: ලෙබනන් - 1.77 <-- මුස්ලිම් ලබ්ධිකයින් 54%යි.
    ස්විට්සර්ලන්තය, රුසියාව, ජර්මනිය, තායිවානය, හොංකොං එහෙමත් මේ හරියෙ තියෙනවා.

    රටක පවුලක සාමාන්‍ය ආදායම වර්ධනය වෙනකොට පවුලකට ඉන්න දරුවන් ගාන අඩු වෙනවා කියන එක නිරීක්ෂිත සත්‍යයක්. අපේ රටේ උනත් ලමයි 10-12 හිටියෙ පහසුකම් අඩු, අධ්‍යාපන මට්ටම අඩු අපේ ආච්චිලගෙ කාලෙ. දැං වුනත් ලමයි 5-6 ඉන්න පවුල් වැඩිපුර ඉන්නෙ මුඩුක්කු පරිසර වල. මේ සන්දර්භ දෙකේදි ම උපතේ දී/අඩු වයසක දී ලමා මරණ ගණන වැඩියි. අපේක්ෂිත ආයු කාලය අඩුයි. මොකද රෝහල්/වෙනත් පහසුකම් බෙදිල යද්දි (හෝ එබඳු පහසුකම් නොලැබෙද්දි) එහෙම වෙනවා. ඒ නිසා පවුලකට ලමයි ගාන 2 ඉඳල 4 දක්වා වැඩි කලයි කියල, ජනගහණ වර්ධන වේගය දෙගුණ වෙන්නෙ නෑ. අනිත් එක ආර්ථිකය වර්ධනය වෙන්නෙත් නෑ. මොකද ජනගහණය වැඩි වන තරමට ඒක පුද්ගල ආදායමත් අඩු වෙනවා. ලමයින්ට උගන්නන්න, කසාද කරල දෙන්න ගියාම හිර වෙන්නෙ ලමයි 2-3 ඉන්න පවුල ද, නැති නම් 5-6 ඉන්න පවුල ද කියල කියන්න ඕන නැහැනෙ.

    මෙන්න මේකත් බලන්න, ලෝකයේ පවුලකට ඇති ලමයි ගණන ගැන ලියවිච්ච මේ ලියවිල්ලෙ ලංකාව ගැන විශේෂ පරිච්ඡේදයක් පවා තිබෙනවා. (6.2 පරිච්ඡේදය) http://www.gapminder.org/documentation/documentation/gapdoc008_v2.pdf

    'Sri Lanka produced an example of an early fertility decline in the absence of substantial modernization. The country is quoted as an example that government programs and advancement in schooling may trigger a fertility decline despite low economic development (Rammohan, 2004). Sri Lanka also stands out within Asia with its “marriage revolution”. Like in Western Europe, the fertility decline started with the postponement of marriage (Caldwell, 1989). In other words, Sri Lanka is an eastern example of John Hajnal’s “Western European marriage pattern”.'

    පුලුවන් විදියකින් දත්ත අරන් හොයලා බලන්න. ආදායම් තත්ත්වය වැඩි වෙද්දි ලමයි ගාන අඩු වෙනවා. ලමයි ගාන වැඩි වෙලා තියෙන්නෙ අප්‍රිකානු රටවල් වගේ චාටර් රටවල් වල. බලන්නකො මේ වීඩියෝව: http://www.youtube.com/watch?v=ezVk1ahRF78

    ඒ වගේම ගැහැණු ලමුන්ට (ඔවුන්ගේ අයිතිවාසිකමක් වන) අධ්‍යාපනය නිසි පරිදි ලැබෙනවා නම්, ලමයි ගාන අඩු වෙනවා. ඉගෙන ගත්ත කෙල්ලෙක් ලමයි දෙන්නෙක්/තුන්දෙනක් විතරක් හදල උන් රටට වැඩදායක පුරවැසියන් කරන්න වැඩි ඉඩක් තියෙනවා. එහෙම නැති කෙල්ලෙක් එළදෙන පැටවු ගහනව වගේ පැටවු ගහල, ගෙදර බත් තම්බ තම්බ ඉඳල, රටට එච්චරම වැඩක් නැති පුරවැසියන් පස් හය දෙනෙක් බිහි කරන්න තමයි වැඩි ඉඩක් තියෙන්නෙ. එයින් එකෙක් දෙන්නෙක් නවතින්නෙ හිරේ. මේක මොලේ කළඳක් තියෙන ඕන එකෙකුට තේරුනාට ඔලු ගෙඩි ගණනින් ජාතියේ උතුම්කම මනින්න යන ජාතිවාදී ගොන් වාහෙලාට නම් තේරෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. Excellent analysis. :)

      Delete
    2. අනික ඔය විලිරුදාව ගැන දැනීමක් හෝ අඩුම ගානේ ලමයා හම්බවෙන විදිය දැකලවත් නැති ගනින්නාන්සේලා තමයි ලමයි ගාන වැඩි කරන්න කියල ඉල්ලන්නේ. ස්වභාවික විදියට ලමයි ලැබුන කිසිම කාන්තාවක් මේ ඉල්ලීම කරල තියෙනවද කියල හොයල බලන්න. අනික සතියකට හෝ මාසයකට සැරයක් ගෙදර යන මහ ලොකු පියවරු ලමයි හදන්න යන දුක දන්නේ නැහැ. ඒ ගොල්ලො තමයි මේ විදියට තප්පුලන්නේ.

      Delete
    3. ලමයින් හදන කතාව ගැන නොවේ. මමද ඔලුගෙඩි වැඩිකිරීම පිලිගන්නෙ නැත. (අරුන්ගෙ ඔලු ගෙඩි අඩු කරන එකටනම් මම කැමතිය ),

      නමුත් දියුණු යැයි සම්මත රටවල දරුවන්ගෙ අනුපාතය අඩු වෙලා තියෙන්නෙ උගත්කම / ආදායම වැඩිවීම කියන එක වැරදියි. ඒ මිනිස්සුන්ට ඒකෙ අවශ්‍යතාවය අඩුවෙලා තියෙන්නෙ. මම හිටපු එක රටකත් බොහෝ දෙනා විවාහ නොවී සිටීමේ ප්‍රවණතාවය දැන් වැඩිවෙනවා, ඊට අමතරව ගොඩක් දෙනා ඉන්නෙ ලිවින්-ටුගෙදර් සංකල්පයට, එතනදීත් ලමයි හදන එක අඩුවෙනවා බහුතරයකදී. කොටින්ම ඒහෙ ලමයි හදනවානම්, රජයෙන් සැහෙන වරප්‍රසාද දෙමවුපියන්ට දෙනවා, අම්මට අවුරුදු 2ක් තාත්තට අවුරුදු 1ක් නිවාඩු, හැම මාසෙකකම ලමයි ඉන්න ගානට මුදලක්, සින්ගල් පේරන්ට් නම්, ඉන්න ලමයි ගානට වඩා තව ලමයෙක්ගෙ ගානට වැඩිපුර සල්ලි දෙනව, ෆ්‍රී මෙඩිකල්. නමුත් ඒත් එහෙ මිනිස්සු ලමයි හදන්න උණන්දු නෑ, උන් ජීවිතය විඳින්න ඕනෙ කියල ඉන්නෙ.

      ප.ගෝ

      Delete
    4. @ විශ්ව,
      ගනින්නාන්සේලා ගෙවන බ්‍රහ්මචාරී ජීවන රටාව ඔවුන්ට මහත් මානසික පීඩනයක්. ඒගොල්ලෝ පුළුවන් තරම් ළමයි හදපල්ලා කියයලා කියන්නේ ඒ පීඩනය පිට කර ගැනීමට. ඒ නිසායි මම ඔය උඩ ලියලා තියෙන කොමෙන්ටුවක සඳහන් කළේ ඔවුන්ටත් විවාහ ජීවිතයේ රස බැලීමට ඉඩ දෙන්න කියලා. මේක බොහොම මානුෂික ඉල්ලීමක්.

      Delete
  16. මට නිකමට හිතෙනව මේ ඝෝෂාවෙන් පස්සෙ ළමයි හදනව වැඩිවෙලාද කියලත්.අලුත් පවුල් වල කොහොමහරි ළමයි එක්කෙනාට වඩා හදනවා.මේ මාධ්‍ය ප්‍රචාරය ඔළුවෙ තියෙන නිසාද මන්ද මට නම් හුඟක් ප්‍රග්නන්ට් අය පාර තොටේදි පේනව.හැබැයි ළමයි හුඟක් හදනව කියන එක නම් ප්‍රායෝගික නෑ.මුස්ලිම් පවුල්වලත් වර්තමානයෙදි ළමයි වැඩිපුර හදන ප්‍රවනතාව අඩුයි කියලයි මට හිතෙන්නෙ.හැබැයි පවුල් සැලසුම් ප්‍රචාර මහ ඉහලින් තිබුන 1980 ගනන්වල මුල කසාද බැදපු අය ළමයි අඩුවෙන් හැදුවෙ.අපේ ගමේම එක් ළමයෙක් විතරක් ඉන්න පවුල් 15 ක් හිටිය.නමුත් වර්තමාන්යෙ අඩුම ගානෙ දෙන්නෙක්වත් හදනව.
    නමුත් දික්කසාද වැඩිවීම වගෙ දේවල් නිසාත් විවාහ වන වයස එන්න එන්නම ඉහල යන නිසාත් සමහරවිට අනාගටහ්යෙදි සමලිංගිකත්වය ජනප්‍රියවෙලා සාම්ලිංගික විවාහ ඇතිවුනොත් ජනගහනය තවත් අඩුවෙයි.ඒ බලපෑම් වැඩිපුර ලැබෙන්නෙ සිංහලයට.මුස්ලිම් අය ඒවට අහුවෙන ඉඩ ඉතාම අඩුයි.
    කොහොමටත් 10 % වන මුස්ලිම් ජනගහනය සිංහල ජනගහනය ඉක්මවා යනව කියල කවුරුහරි කියනවනම් ඒක මහ මෝඩ කතාවක්.මම මගෙ බ්ලොග් එකේ ලිපියක මේක ගණිතමය සූත්‍රයකින් ලස්සනට පැහැදිලි කලා.ළැමයි දෙන්නෙක් ඉන්න පවුල් සහ ළමයි හතරක් හදන පවුල් ඒ විදියට ගියොත් වසර 120 කදි ළමයි හතරක් හදන අය බහුතරය වෙන හැටි.ඒත් එහෙම වෙන්නෙ දැඩි ලෙසම බහුතරය ජනගහනය සීමා කළොත් හෝ ඒකාකාරීව ඉදිරියට ගියොත්.නමුත් එසේ වීමේ සම්භාවිතාව ඉතා අඩුයි.

    ReplyDelete
    Replies
    1. ඔබගේ ආගම මොකද්දැයි මම ප්‍රශ්න කරන්නේ නෑ. ඒ වුනාට කියලා තියෙන දේවල් සමහරක් ඇත්ත.
      මුස්ලිම් ජනතාව ඉස්සරට වඩා ළමයි හදන එක අඩු උනාට ඊට සාපේක්ෂව සිංහල ජනතාවත් අඩුකරලා තියෙන්නේ. ඉස්සර මුස්ලිම් අය ළමයි 6 ක් හැදුවා නම් ඒක 4 ට වැටිලා ඉස්සර ළමයි 3 ක් හදපු සිංහල අය දැන් එක ළමයා හදන එකට පත්වෙලා. දැන් ඔයාගේ බ්ලොග් එකේ සූත්‍රය දාලා බලන්න මොකද්ද වෙන්නේ කියලා. අවුරුදු 120 නෙවෙයි ඊටත් වඩා අඩු කාලෙකදී සිංහලයාට බඩු බනිස්.

      සිංහල කාන්තාවන් ඉගෙනගන්නවා ඉහලට රස්සා කරනවා. සමහර තරුණියන් දැන් කසාද බඳින්නෙත් නෑ. ඉතින් කොහොමෙයි ජාතිය ගොඩනගා ගන්නේ. ?

      Delete
  17. ප්‍රොතෙස්තන්ත්‍ර ක්‍රිස්තියානි පාදිලිවරුන්ට මෙන් සංඝයා වහන්සේලාටත් විවාහ වීමට ඉඩ ප්‍රස්තාව සලසා දෙන්න කියන මගේ රැඩිකල් යෝජනාවට අජිත් මහත්තයාත් නිරුත්තරයි නේද? සැලෙන්න එපා. 16 වන සියවසේ මාටින් ලූතර් කළෙත් මෙයමයි. දැන් සිටින කිසිම හිමි නමක් නිර්වාණයට ළඟා වීමට කටයුතු කරන්නේ නැහැ. එහෙම කිරීමට ඔවුන්ට උවමනාවක් ඇති බවක් පේන්නත් නැහැ. එහෙම නම් celibacy කියන එකත් අනවශ්‍ය කාරණයක් බව පත් වෙනෙවා නේද?

    සංඝයා වහන්සේලා බ්‍රහ්මචාරී බවින් මිදුනොත් ඔවුන් රටේ දේශපාලන කාරණා පිළිබඳ කුපිත වීමත් අඩු වෙනවා, එහෙම නැත්නම් නැත්තටම නැතිවී යනවා.

    ReplyDelete
    Replies
    1. ඔබේ කොමෙන්ටුව කියවපුවාම මට වෙනමම පැත්තක් මතක් වුනා.වක්කලී රහතන් වහන්සේ ගැන අසා තිබෙනවා නේද? ගෙල සිදගන්නා රහත් වුනා.සමහරු උල තබන විටත් රහත් වුනා.ගලා යන දිය පහර දැකලාත් රහත් වුනා.සුදු රෙද්ද කිළුටු වෙන හැටි දකලාත් රහත් වුනා.ඉතින් බෞද්ධ නිකායක් බිහිවුනා ලිංගික ක්‍රියවේදී රහත් වෙන.මේකට කියන්නෙ තන්ත්‍රයානය කියල.නීලපට දර්ශනය වගෙ මුහුණුවරකින් මේව ලංකාවට ආව.සේන රජුගේ කාලයේ රහස් බන කියල මේව ජනප්‍රිය වුනා.න්‍යායාත්මකවත් ඒ අදහස වැරදි නෑ.ඉතින් විවාහ වන බෞද්ධ නිකායක් කියන්නෙ අමුතු දෙයක් නොවෙයි.ජපානෙ වගෙ රටවල දැනටමත් තිබෙනවා.අනික හාමුදුරුවරු නිවන් යන්න දැන් බණ කියන්නෙත් නෑනෙ.කාලීන බණ කියල බනත් පොෂ් කරලනෙ

      Delete
  18. අතේ පාරක් ගහගන්ඩ බැරි පුස් පඩි නාකියො බ්ලොග් ලියන්ඩ පටන්ගෙන හරිම වදයක්....මුගෙ අප්පා සරමේ පිහදැම්මනම් හොදා මීට වඩා මූව නොහදා...

    ReplyDelete
  19. අම්මපා වෙන වැඩක් නැද්ද?මාත් වැරදීමෙන් මේ පිටුවට ආවේ.ජාතියක පැවැත්ම දරුවෙ‍‍ා.පන නැති අය නොහදා හිටියට කමක් නෑ.තමන්ගෙ නොහැකියාව දක්ෂ කමක් කරගෙන.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා