පුංචි දේවල් (කවි)


පුංචි දේවල් ජීවි‍තේ
ඇඟිලි අතරින් රූටා
ගලා යයි දිය දහර සේ
ඉතිරි කොට අත මිණි කැට

මිණ සාක්කුවේ ලූ කල
එතැන බර බව සැබැවකි
අත්ල තවමත් හිස් ම ය
හිතත් බර වී අඩුවකි

අතින් රූටා ගිය
අඩුව සොයමින් ඇවිදිමි
ගඟක එක දිය
දෙවරක් ගලන්නේ නැත

ගඟ නම් ගලා යයි
මම ඉවුරේ බලා ඉමි
ඈතින් ඔබ දකිමි
ඈතින් ඈත ඈතම

ලෝකයෙ ඇති සොඳුරුම දේ
ඇත්තේ නෙත ළඟ නො වේ ය
හැම විටකම බොහෝ විටෙක
තණ පත් යට
ගල් කැට යට
සැඟවී ඇති පොඩි දේවල
ජීවිත‍යේ සතුට තිබේ
 
අජිත් පැරකුම් ජයසිංහ

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. සල්ලි නැති කාලෙ හොරට මැණික් ගරලා සල්ලි හොයන්නද හදන්නෙ?

    ReplyDelete
  2. මට ඔය සංස්කෘත තේරෙන්නෑ මල්ලී...
    ගල
    තන
    ඒව හොඳයි
    අන්න මල්ලිට තේරුනා
    ඒව යට තමයි ආතල්!

    (උඩ ඇනෝගෙ උත්ප්‍රාසයට(මං හිතනව ) මාත් පොඩ්ඩක් එකතු කලා )

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා