ඕනැ එකෙක් ඕනැ රෙද්දක් ඇඳ ගත්තා ම කාටවත් මොක ද?

බොදු බල සේනාව ඒ පාර මුස්ලිම් ගැහැනුන්ගේ රෙද්ද ගලවන්නැයි ආරක්ෂක ලේකම්ගෙන් ඉල්ලා සිටින පෙත්සම් ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. 

ප්‍රසිද්ධ ස්ථානවල බුර්කා හා නිකාබ් ඇඳුම් තහනම්  කරන්නැයි බොදු බල සේනාව ඉල්ලා සිටියි. ඒ අතර දිලන්ත විතානගේ සිය ‍ෆේස්බුක් පිටුවේ සඳහන් කරන්නේ තමන් හිජාබ් ඇඳුමට විරුද්ධ යයි ෂිංහුවා පුවත් සේවාව කර ඇති වාර්තා කිරීම වැරදි බවයි. ඔවුන් හිජාබ් ඇඳුමට විරුද්ධ නැතිලු. 

මම නම් ඕවා ගැන දන්නා රෙද්දක් නැත. මට හමු වන, මා සමග කතා කරන කෙනෙක් සමග නෙත්වලින් සම්බන්ධ වීමට මම නම් කැමති‍ ය. සාමාන්‍යයෙන් පිරිමින්ට ස්ත්‍රීහු සුන්දර ය. මටත් එසේ ම ය. ගැහැනියකගේ සුන්දරත්වය බලන්නට ඇය මනසින් නිරුවත් කරන්නට ඕනෑ නැත. 

හිටපු ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හා දැන් විමල් වීරවංශ පක්ෂයේ නිලධාරියකු වන මුසම්මිල් ද මෑතදී මුස්ලිම් ගැහැනුන්ගේ ඇඳුම් ගැන කතා කර තිබිණි. මුස්ලිම්වරයකු ලෙස ඔහු කියන කරුණ වැදගත් ය. ඔහුගේ අදහස සංක්ෂිප්ත කර ගතහොත් එයින් කියැවෙන්නේ ලංකාවේ මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම සම්බන්ධ උරුමය වඩා නිදහස්කාමී එකක් වූ බව හා ඇඳුම සම්බන්ධ කාරණාවලදී මුස්ලිම්වරුන් රටේ සෙසු ජාතීන්ගෙන් ඈත් වීමට වඩා ළං වීම ගැන සිතිය යුතු බවයි. 

තමන් අඳින ඇඳුම තීරණය කිරීම පුද්ගලයකු සතු අයිතියක් බව මගේ අදහසයි. එහිදී එම ඇඳුමෙන් තමන්ටත්, අනෙක් අයටත් ඇති වන බලපෑම පිළිබඳ සිතා බැලීමේ වගකීමක් ද සමාජයීය සත්වයකු හා පුරවැසියකු වශයෙන් පුද්ගලයාට ඇත. 

මුළුමනින් ම සිරුර වසා ගැනීම ප්‍රශ්නයක් වන්නා සේ ම, පියයුරුවල ඉහළ කොටස් හා නාභිය ප්‍රදර්ශනය වන පරිදි සාරි ඇඳීම වුව ද අනෙක් අය කෙරෙහි බලපෑමක් ඇති කරයි. 

කර පළල් හැට්ට, කොට සාය, ‍කොට ගවුම්, බිකිනි‍ වැනි කිසි ඇඳුමක් ලංකාවේ තහනම් නැත. ඒ ඇඳුම් සරාගී නිසා තහනම් කරනවා නම් හයි හීල්ස්, රතු ඇඳුම් පවා තහනම් කරන්නට සිදු වනු ඇත. කාන්තා යට ඇඳුම් වැල්වල වැනීම ද තහනම් කළ යුතු ය. මන්ද, ඇතැමෙකුට ඒවා ලිංගික ආවේග ඇති කරයි.

අනෙක අනිවාර්යයෙන් ම ජොක්කු ඇඳිය යුතු ය, බ්‍රා ඇඳිය යුතු ය, ජංගි ඇඳිය යුතු ය, කළු කණ්ණාඩි නො පැළඳිය යුතු ය, තොප්පි නො දැමිය යුතු ය ආදී නීති පණවන්නට කාටවත් බැරි ය.එසේ නීති පණවන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ ගොන්නු ය.

බුර්කා, නිකාබ් අඳින්න එපා ය කියන එකත් ඒ වගේ ම ය. 

මෙතැනදී පසුගියදා පොලිසිය විසින් ඝාතනය කරන ලද මාළිගාවත්තේ මාමාස්මි නම් පාතාල නායකයා බුර්කාවක් ඇඳගෙන එහෙ මෙහෙ ගියා ය කියන කාරණයට මුවා වන්නට ද උත්සාහයක් දරන බව පෙනේ. මාමාස්මි එසේ බුර්කා ඇන්ද බව බොහෝ විට මීඩියා අතේ රෝලක් විය හැකි ය. අතේ රෝල්වලට මුවා වී නීති හැදිය යුතු නැත. 

මුහුණ ආවරණය වන හෙල්මට් දැමීම තහනම් කළ යුතු යයි නීතියක් ද ආණ්ඩුව වරක් ගෙනා බව මතක ය. එය මෝටර් සයිකල් පදින්නන්ට ආරක්ෂා වීමට තිබෙන අයිතිය උල්ලංඝනය කිරීමකි. 

අනෙක මොකා මොන රෙද්ද අඳිනවාද යන්න ආණ්ඩුවට හෝ ආණ්ඩුවට කඩේ යන බොදු බල සේනාවට අදාළ නැත. තමන් අඳින ඇඳුම තීරණය කිරීම පුද්ගලයාගේ වැඩකි. 

හැබැයි මේකත් කිව යුතු ය. මුළු සිරුර ම මෙසේ ආවරණය කිරීමේ මේ පුරුෂෝත්තමවාදී මුස්ලිම් කාන්තා ඇඳුම් මෝස්තරය අමු ම අමු ගොන් පාට් එකකි. ලංකාවේ මුස්ලිම් ගැහැනු මෙයින් කර ගන්නේ තමන්ට ම නරකකි. 

බොදු බල සේනාව ප්‍රමුඛ සිංහල බෞද්ධ ජාතිවාදීන්ට දැනෙන්නට හෝ ඇනෙන්නට හෝ තමන්ගේ ගැහැනුන්ට බුර්කා අන්දන මුස්ලිම් පිරිමි තමන්ගේ විරෝධය පළ කරන්නට තමන් හෙළුවෙන් යනවා නම් මීට වඩා හොඳ ය. 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. මොනවා තහනම් කරත් තොප්පි නම් තහනම් කරන එකක් නැහැ..

    මෙන්න මේකත් බලන්න පුළුවන් වෙලාවක..
    Edward Snowden - Wikileaks සහ රාජ්‍ය චරපුරුෂ සේවයන් ! 01.

    ReplyDelete
  2. ඕනා එකෙක් ඕනා රෙද්දක් ඇන්දාට අපටද කමක් නැත. එහෙත් කිසි එකෙකුට හෙළුවෙන් පාරේ යන්නට ඉඩ දිය නොහැකිය. මේ ඇඳුම් කතාවත් ඒ වාගෙමය. මේ ඇඳුමට මුවා වි ජඩ වැඩ කිරීමට හැකියාවක් තිබේ. අජිත් ට සියලු මීඩියා හා ආරක්ෂක අංශ අතේ රෝල් කාරයන් වූවාට මාමාස්මි ගේ කතාවට අදාලව මේ ඇඳුම් කතාව ගැලපෙන බව මාගෙ අදහසයි.
    (අත් අඩංගුවට ගෙන ඔලුවට වෙඩි තබා පොලිසියෙන් මිනිමැරීම හා එමගින් සැබෑ මිනිමරුවන් වන දේශපාලකයන් ආරක්ෂා කිරීමට පොලිසිය කටයුතු කිරීම ගැන පොලිස්පති සිට පහලට සියලු නිලයන් ලජ්ජාවට පත් විය යුතු අතර , පොලිස්පති පිලිබඳව ලංකා ඊ නිව්ස් ලිපි පල කිරිමේදි ජන්ගියක් ඇන්ඳීම ඉතාමත් සුදුසු බව මාගෙ පිලි ගැනීමයි.)
    අජිත්ට නොතේරුනාට ෆුල් ෆේස් හෙල්මට් තහනම් කෙරීම ඉතාම සුදුසුයි. මෝටර් සයිකල් පදින එකාට පොඩි අපහසුතාවක් ඇති උනාට කමක් නැත. කවුරු හරි අම්මෙකුගෙ දරුවෙක්ගෙ ජීවිතය අවජාතක බල්ලෙකුගෙ අතින් විනාශ වීමේ අවදානම යම් පමනකින් හෝ අඩු වීමට එම නීතිය පිටුවහලක් වේවි. අඩුම ගානේ අපරාධකරු හඳුනාගැනීමට සාක්ෂියක් හෝ ඉතිරි වේවි.
    අජිත්ලා වාගෙ මාක්ස්වාදි හරක්ට තියෙන්නෙ ඒකපාර්ෂ්වික දැක්මක් විතරයි. අනිත් කරුන මාර පොර ටෝක්. මොකා මොක ඇන්ඳත් කමක් නෑ කිව්වාට තමන්ගේ දුවක් කලවා පේන්න ඇන්ඳොත් ඒකට ඉඩ නොදෙන බව ඉර හඳ වාගෙ ෂුවර්ය. ඒකත් හරියට නිදහස් අධයාපනය රැක ගැනීමට දිවි පරදුවට තබා සටන් කරනා උන්ගේ ලමයින් එංගලන්තයේ ඉගෙන ගන්නවා වගේම තමාය. තව බොහෝ දේ ලිවිය හැකි මුත් මට මේ ටයිප් කිරිල්ල වදයකි.
    බොදු බලු සේනාවේ බොහෝ වැඩ තුප්පහි වැඩය. ඒ මදිවාට උන් නිසා උතුම් බුදු දහමද නිග්‍රහයට ලක් වන්නේය. එසේ වුවද උන්ගේ මේ යොජනාව නම් ඉතාම හොඳය. මුසල්මානු කාන්තාවන් මුලු සිරුරම වසාගෙන (දෙනෙත් ඇරෙන සේ) චන්ද පොලට ගොස් බොදු බල සේනා වෙනුවෙන් සිය පරමාධිපථය්‍ය බලය පාවිච්චි කිරීමට වුවද මෙම යෝජනාව හේතු සාධක විය හැකිය.

    ReplyDelete
    Replies
    1. එහෙනම් සිවුරත් තහනම් කරමු මොකද ඕක ඇදගෙනත් මිනී මැරුවනෙ .... නිකන් නොවෙ අගමැතිව... මතකද? අනික ස්ත්‍රී දූෂන ලමා අපචාර එකී මෙකී නොකී කීයක්නම් අපි දැක්කද .... මේක තමා නියම වෙලාව බුර්කා තහනම් කරමු කියන උදවියත් සිවුරට මුවා වෙලාතමා සියලුම දේවල් කරන්නෙත් දැන් කියයි ඒකෙ මූන පේනවා එක හින්දා අවුලක් නෑ ..... ( කන්ඩ ඕන උනාම කබරයත් තලගොයා වෙනවලු )

      Delete
    2. You didn't understand the core of the letter. You can't bring a rule against one religion.

      Delete
  3. කළ යුතුව තිබෙන්නේ අපරාධකරුවන් බිහි වන හේතු නැති කිරීමට කටයුතු කිරීම මිස, අපරාධකරුවන් හැංගෙන්නේ කාගෙ හරි රෙද්ද පල්ලේ ය කියා මිථ්‍යාවක් නිර්මානය කරගෙන අනුන්ගේ රෙදි ගලවන්න යාම නො වේ.

    මේ රටේ අපරාධ වැඩි වන්නේ බුර්කාව නිසා නො ව සමාජ විෂමතා හා නීතියේ පාලනයක් නැතිකමනිසා ය.

    මාමාස්මි බුර්කාව ඇඳගෙන ගිහින් අපරාධ කරනවා ඔබ දකින්නට ඇති බව පෙනේ. හරි. දැන් ඔබේ නීතිය අනුව මාමාස්මි ඉවර ය.

    අනෙක් මාමලාට බුර්කාව අදාළ නැත.

    වාස් මිනී මැරුවේ පොලිස් නිල ඇඳුමට මුවා වෙලා ය. එහෙනම් දැන් ඒකත් තහනම් කරනවා ද?

    ReplyDelete
    Replies
    1. පොලිස් නිල අඳුමට බුර්කා / නිකාබ් පළඳිනව කියල මේ ඇහුවමයි.

      Delete
    2. වාස් පොලිස් ඇඳුම ඇඳ සිටියාට. ඒ වාස් බව කවුරුත් දනිති. හිසේ සිට පාදන්තය දක්වා, ග්ලවුස් හා මේස්ද පැළඳ යන එකා. පැරකුම් ජයසිංහද, නිමල්කාද, වාසුද, පාක්‍යසෝතිද, තිස්ස විතාරනද, ඩීවී ගුණසේකරද, වෙලේ සුදාද, පොලිස්පතිද, හිඟන්නෙක්ද, හොරෙක්ද, අල් කයිඩාවේ එකෙක්ද, ජනාධිපතිද කියා කියන්නේ කෙසේද ?

      "බුර්කා" ව යනු. තලෙයිබාන් ත්‍රස්තවාදින් විසින් ත්‍රස්තවාදය සඳහා නිර්මාණය කළ ඇඳුමක් මිස, කුරාණයේ ඇඳුමක් නොවේ.

      Delete
    3. ඔබ පල කර ඇති ඡායාරූපවල බුර්කාව නැත. බුර්කාවක් බලා ගැනීමට අවශ්‍ය නම්. කරුණාකර මා පළ කළ ළිපියේ මුල්ම ඡායාරූපය බලන්න. එහි සිටින්නේ, කාන්තවන්ද, පුරුෂයන්ද යන්න පමණක් ප්‍රකාෂ කරන්න. ඒ ඇති.

      Delete
    4. බුර්කාවයි..පර්දාවයි අතර වෙනස දැනගෙන කථා කල යුතු යැයි කියන මාතලන්ගේ තර්කය හා එකඟ වෙමි..

      Delete
    5. පැරා..., හැකිනම්.... ඊළඟ පෝස්ට් එක දාන්න කලින්. මගේ ප්‍රශ්ණවලට උත්තරයක් ලබාදීමට තරම් නිහතමානී වේයයි සිතමි.

      Delete
    6. @මාතලන්

      //"බුර්කා" ව යනු. තලෙයිබාන් ත්‍රස්තවාදින් විසින් ත්‍රස්තවාදය සඳහා නිර්මාණය කළ ඇඳුමක් මිස, කුරාණයේ ඇඳුමක් නොවේ.//

      ඔබ කියන එක කරුනුමය වශයෙන් වැරදියි. මුස්ලිම් කාන්තාවන්ගේ මුහුන වසාගත් ඇඳුම ක්‍රිව 700 ගනන් වල සිට පැවතෙන බවයි කියවෙන්නේ.

      http://www.slideshare.net/cjmcd/the-history-of-the-burqa

      තලේබාන් ත්‍රස්තවාදය ඇතිවීමට බොහෝ කලකට පෙර සිට මුහුන වසාගත් මුස්ලිම් කාන්තාවන් ලංකාවේත් සිටියා. මුස්ලිම් නොවන ඔබ මුස්ලිමුන්ගේ වන ඇඳුමක් කුරානයේ වීම නොවීම ගැන එතරම් වද වෙන්නේ ඇයි?

      - Dimithri

      Delete
    7. මහත්තයෝ සිවුරක් අන්දමවත් පොලිස් නිල ඇන්දම වත් මුණ පෙනෙන්නේ නැත්තේ නැහැනේ. මෙතන කියන කතාව හරියට තේරුම් ගත්තනම් හොදයි.

      Delete
    8. අනන්‍යතාවය ඔප්පු කරන්න ජාතික හැඳුනුම්පත හොඳටෝම ඇති.
      බුර්කාවෙන් මුහුණ පේන්නේ නෑ කියන අය කාලෙක කියයි බඩේ බෝම්බ තියෙයි, ඉනේ පිහියක් තියෙයි කියලා බඩත් පේන්න අඳුම් අන්න කියයි... මුහුණ විතරක් පේන එක අනන්‍යතාවයට විතරක් නෙවෙයි ආරක්ශාවට බඩත් පේන්න අඳින එක තමයි හරියි කියලා කෙස් පැලෙන තර්කයන් අරගෙන ඒවි.

      Delete
  4. සමාජවාදය විතරක් දන්න මෝඩයෙක්ගේ ගොන් කතාවක්. සමාජවාදය වගේම බොලාලත් යල් පැනල වගේ මටනම් පේන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔයා ගොඩක් දේවල් දන්නා බව පේනවා. ඔයා වැඩියෙන්ම දේවල් ඉගෙන ගත්තේ වමාරා කන කොටද පට්ටි දන කොටද?

      Delete
  5. මා මෙතෙක් දවස් ඔබේ ලිපි බැලුවේ ඔබ ගුරුවරයෙකු බැවින් ඔබේ අදහස් වල යම් කිසි බුධිමත් බවක්,මෙන්ම පරිනත බවක් තිබේ යයිද,ඉන් මටත් යමක් උගත හැකිවෙයි මා සිතු බැවීන්ය. නමුත් අද ඔබ පට්ට පල් මෝඩයෙකු බව ඔබ විසින්ම සනාථ කර ඇත. මා මින් පසු ඔබේ ලිපි බලන්නේ "අද මේ මැට්ටා මොනවාද ලියල තියෙන්නේ" කියල බලා සතුටක් ගැනීමට පමණි. තමන්ගේ මට්ටම් තම්මැට්ටම් කියල සුද්ධ සිංහලෙන් කියමනක් තියෙනවනෙ. එබැවින් එබැවින් ඕනෑම මෝඩයෙකුට තම මෝඩකම ලෝකයට පෙන්නන්න බාධාවක් නැහැ. මට තියෙන එකම දුක මේ මෝඩයාගෙන් අකුරු ඉගෙන ගන්නා දරුවන්ට යන කලදසාව කුමක්ද යන්න ඒ දරුවන්ගේ දෙමාපියන්ට තවමත් නොදෑනෙන එකටයි.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. සමරසේකර, ඔබ වැනි කුශාග්‍ර බුද්ධිමතකු විසින් කළ යුතුව තිබෙන්නේ යමෙකු මැට්ටකු යයි කියා නම් කිරීම නො ව ඔහු මැට්ටකු වන්නේ කෙසේ ද කියා පෙන්වා දීමයි.

      එවිට අප වැනි මැට්ටන්ට ඔබ වැනි අබගෙන් බුද්ධිය ටිකක් කාන්දු කර ගත හැකි ය.

      Delete
    2. අජිත් ජයසිංහ මහතා ,

      මා ශිෂ්‍යයෙකු මිස බුද්ධිමතෙක් මා කොතනකදී හෝ කියා නැත.මාද කලක් ගුවරයෙකු ලෙසින් සිසුන්ට දැනුම බෙදා ඇත.ඒ ඔබගේ සිසුන් මෙන් යමක් ගැන අත්දැකීම් නොමැති පාසල් සිසුන්ට නොව වැඩිහිටියන්ටය. එබැවින් තම මත පල කිරීමේදී මතුවන ප්‍රතික්‍රියා ගැන මම හොඳින් දැනීමි. මා ඔබට මෝඩයා කිව්වේ ඔබ කෙරෙහි අනුකම්පාවෙන් මිස ඔබ හෙලා දැකීමට නොවේ. යම් ප්‍රශ්නයක් දෙස මධ්‍යස්තව බැලීමට පුරුදුවිම යනු මෝඩකම නැතිකර ගැනීමේ මුල් පියවරය. ඉන් පසු අදාළ කරුණු ගැන වැඩිදුර කරුණු සොයා බැලීමෙන් විෂයය ගැන පුර්ණ දැනුමක් ලැබිය හැක. දැනුම ලැබෙනවිට කෙමෙන් කෙමෙන් මෝඩකම තුරන් වෙයි.

      මුස්ලිම් ගැහැණු අඳින ඇස්දෙක පමණක් පෙනෙන ලෝගුව, සහ මුළු මුහුණම වසා අඳින ලෝගුව ගැන ඉගෙන ගත යුත්තේ එසේමය.එවැනි ලෝගුවක් ඇඳගත් අයෙක් ඔබ ලඟින් බස් එකේදී ඉඳ ගත්තොත් ඔබට බියක් දැනෙන්නේ නැද්ද? මට නම් ඇත්තේ මර බියකි. ඒ 88/89 කාල වකවානුවේදී බස් එකෙන් බැස, තුවක්කු ගත හමුදා නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ගෝනිබිල්ලන් අසලින් යනවිට ඇතිවූ මරබියට සමානය. තම ආරක්ෂාවට ගැටළුවක් මතුවී ඇති බ ඔබට් සිතෙන්නේ නැද්ද? ඔබට එසේ දැනෙන්නේ නැද්ද? ( නැත කියා කියන්නේ නම් ඔබ සමහර විට එකල ගෝනි බිල්ලෙකුගේ චරිතය රඟ පාන්නට ඇත.)

      බුද්ධිමතා යනු සහතික දරන්නාට කියන සමාන නමක් නොවේ.බුද්ධිය තම හද තුලින්ම් උකහාගත් යුතු දෙයකි.බොහෝ සහතික ඇති මෝඩයන් මගේ ජිවිත කාලය තුල මට මුණ ගැසී ඇත. එමෙන්ම උප්පැන්න සහතිකය හැර අන් කිසිදු සහතිකයක් නැති බොහෝ බුද්ධිමතුන්ද මගේ ජිවිත කාලය තුල මට මුණ ගැසී ඇත. පුද්ගලයන්ට ඇහුන්කම් දීම මා කල රැකියාවේ මුලික පදනමයි.audit කියන පදය සැදී ඇත්තේ ඔඩිටේරියා කියන ලතින් පදයෙනුයි . එකේ තේරුම ඇහුන්කම් දෙන්නා කියන්නයි.එසේ ලබාගන්නා තොරතුරු වල හරි වැරදි බව ඉන්පසු විමසනවා. මා ඔබේ ලිපි ගැනත් කලේ එයමයි.

      Delete
    3. ලෝගුවක් ඇඳගත් අයෙක් ඔබ ලඟින් බස් එකේදී ඉඳ ගත්තොත් ඔබට බියක් දැනෙන්නේ ඔබ කිසියම් වරදක් කර ඇති නිසාදැයි නො දනිමි. මට නම් එහෙම බියක් දැනෙන්නේ නැත.

      ඔබ බුද්ධිමතකු ලෙස පෙනී සිටින්නට දරන උත්සාහය අසාර්ථක වන්නේ ඔබට ඔබ තුළ ඇති ද්වේෂය පාලනය කර ගන්නට බැරිකමිනි.

      "මාද කලක් ගුවරයෙකු ලෙසින් සිසුන්ට දැනුම බෙදා ඇත.ඒ ඔබගේ සිසුන් මෙන් යමක් ගැන අත්දැකීම් නොමැති පාසල් සිසුන්ට නොව වැඩිහිටියන්ටය. එබැවින් තම මත පල කිරීමේදී මතුවන ප්‍රතික්‍රියා ගැන මම හොඳින් දැනීමි." යි ඔබ කියන ප්‍රකාශයෙන් මතු වී පෙනෙන්නේ ඔබ තුළ ඇති උද්ධච්චකමයි.

      ඔබ කරන දේ ඔබට වැදගත් වන්නා සේ ම මා කරන දේ මට වැදගත් ය. ඔබ වැනි අය සමග වාද කිරීමට නාස්ති කිරීමට කාලයක් මට නැත.

      Delete
    4. අජිත් ජයසිංහ මහතා ,
      "මාද කලක් ගුවරයෙකු ලෙසින් සිසුන්ට දැනුම බෙදා ඇත.ඒ ඔබගේ සිසුන් මෙන් යමක් ගැන අත්දැකීම් නොමැති පාසල් සිසුන්ට නොව වැඩිහිටියන්ටය. එබැවින් තම මත පල කිරීමේදී මතුවන ප්‍රතික්‍රියා ගැන මම හොඳින් දැනීමි." යි ඔබ කියන ප්‍රකාශයෙන් මතු වී පෙනෙන්නේ ඔබ තුළ ඇති උද්ධච්චකමයි. "

      මා උත්සාහ කලේ අප දෙදෙනාම කල එකම වෘතියේ වෙනස්කම පැහැදිලි කිරීම මිස උද්දච්චකමක් පෙන්වීම නොවේ. මෙය දැකීමට තරම් ඔබ ඔබගේ සාමාන්‍ය බුද්ධිය පාවිච්චි නොකරන්නේ මන්ද?

      "ඔබ කරන දේ ඔබට වැදගත් වන්නා සේ ම මා කරන දේ මට වැදගත් ය. ඔබ වැනි අය සමග වාද කිරීමට නාස්ති කිරීමට කාලයක් මට නැත"

      ඔබ කියන්නේ පුද්ගලයකුගේ ඇඟ ඔහුට/ඇයට අයත් බැවින් ඊට ඕනෑම දෙයක් කිරීමට ඒ ඇඟ හිමි අයට අයිතියක් තිබෙන බවත්,අන් අය එය ඉවසියයුතු බවත්ය. ඔබේ මතය ඔබම ඔප්පු කර නොපෙන්වන්නේ මන්ද? පුළුවන් නම් ඔබේ ගෙදරදී වැඩිමහල් දු දරුවන් ඉදිරියේදී නිරුවතින් සිටින්න. නිරුවතින් මහා පාරේ ඇවිදින්න.නිරුවතින් ඉස්කෝලෙට ගොස් ලමයින්ට උගන්වන්න උත්සාහ කරන්න.

      සමරසේකර


      Delete
    5. Wmk සමරසේකර ඔබ බලහත්කාරයට සහාය දෙමෙන් ඔබ ගැනද අපට ඇති වන්නේ කනගාටුවකි.ඔබ වැඩිහිටියන්ට තබා මරණාසන්න රෝගීන්ට අකුරු කළත් ඔබ කරන්නට ඇත්තේ මෙවැනි අකුරු විය හැක.

      Delete
    6. මිත්‍රයා.

      මෙටහ්න බලහත්කාර කමක් ගැන ප්‍රශ්නයක් නැත. මා අනෙකුගේ පුද්ගල නිදහස මැනවින් අගය කරමි.එහෙත් එහි සිමාව විය යුත්තේ අන්න්‍යන්ට කරදරයක් හා හිරිහැරයක් නොවන තාක් තෙක් යන්නද මැනවින් දනිමි.
      වැඩිහිටි අධ්‍යාපනය මතයක් ඉදිරිපත් කිරීමට පෙර එම විෂයය ගැන ඔබ වැඩිදුරටත් කියවිය යුතු බව පමණක් මට හැඟෙ.

      Delete
  6. එසේනම් වාහනවල වීදුරු කලු කිරීම තහනම් කිරීමත් වරදිය, හැදුනුම්පත් නිකුත් කිරීමත් වරදිය. සමහර ස්තාන වලට පිවිසීමේදී හෙල්මට් ජැකට් ගලවා ඇතුල් වන්න යනුවෙන් දැන්වීම් ගසා තිබීමත් වැරදිය.

    හිප් හිප් ‍‍හුරේ අපි ඔක්කොම බුර්ක අදිමු. අනෙ ගොනො

    ReplyDelete
  7. අපරාධකරුවන් නැති රටක් ළෝකයේ නැත. මට පෙනෙන ආකාරයට "බුර්කා" යනු කුමක්දැයි පැරා දන්නේ නැත. මා පල කල ළිපියේදී මා හා පැටලුනු දෙදෙනාද අවසානයේදි මගේ තර්කය පිලිගත්තේය.

    එක කනක් පෙනෙනා ලෙස හැඳුනුම්පත නිකුත් කරන්නේ ඇයි?
    මුදල් ගණුදෙනු වලදි ජාතික හැඳූණුම් පත ඉල්ලා සිටින්නේ ඇයි?
    පාරවල් පුරා සී සී ටී වී සවි කර තිබෙන්නේ ඇයි?
    වාහනයකට, ලියාපදිංචි අංකයක් දෙන්නේ ඇයි?

    පැරාගේ තර්කය අනුව ලියාපදිංචි අංකයක් නොමැතිව හෝ ලියාපදිංචි අංකය වසාගෙන වාහන පාරේ ගියාට අවුලක් නැත. කරුණාකර, හිජාබ් නිකාබ් හා බුර්කා යන්න කුමක්දැයි සොයා වටහා ගන්න.

    ඔඹ ජීවත් වන්නේ මතුගමයි. අප ජීවත් වන්නේ කොළඹයි. කරුණුකර සිකුරාද සවසක හෝ සෙනසුරාද සවසක ගෝල්ෆේස් පිට්ටනියට එන්න. ඉසේ සිට පාදාන්තය දක්වා වසාගෙන අත් වලට ග්ලව්ස් හා මේස්ද පැළඳ, ඒ තුල සිටින්න පුද්ගලයා අහවල් කෙනා යයි කීවොත මා ඔබේ තර්කය පිළිගන්නම්.

    ඕන රෙද්දක් ඇඳගත්තාට අවුලක් නැත.

    නමුත් ශිෂ්ඨ සමාජයක හෙළුවෙන් යන්නේද නැත. ගෝනිබිල්ලෝ යන්නේද නැත.

    ReplyDelete
    Replies
    1. 100% එකගයි

      Delete
    2. එකඟයි මාතලන් ඕක ගැන වාද කරන එක හරිම වෙහෙසකාරී දෙයක්. අපේ උන්ට තලෙබාන්ලයි ලාංකික මුසල්මානුවයි වෙන්කරගන්න වෙනම උගන්නන්න වෙනවා..

      Delete
    3. ඔලුවේ ඉඳ වාහන කළු ඇඳුම අඳින එක වැරදි.එහෙම අඳිනවා නම් පාස්පෝර්ට්, ID දෙන එකේ තේරුමක් නැහැනේ.මුණ බලල කව්ද කියල තීරණය කරන්නනේ එව්වා දෙන්නේ..

      Delete
    4. මේක තමයි වියයුත්ත. හැම මගුලටම විරුද්ධවීම පැරාට තරම් වෙන්නෙ නෑ.

      Delete
    5. http://www.quran-islam.org/articles/part_3/the_burqa_%28P1357%29.html

      Delete
    6. ‍මාතලන්, බුර්කාව කියන්නේ මේ ඔයාට විතරක් තේරෙන මහා ලොකු රෙද්දක් නොවෙයි. ඕක තේරුම් ගන්න ගූගල් ඉමේජ්වල එක සර්ච් එකක් කළාම ඇති. මම මෙහි මුස්ලිම් ගැහැනුන්ගේ සුන්දර පිංතූර ටිකක් පළ කළේ මම ඔවුන් දකින්න කැමති ඒ විදියට නිසායි.

      ඒත්, කාට හරි ඕනැ නම් මූණ ව‍හගෙන ගියා ම අපට පාන් ද?

      අපි වාහනවලින් කරන්නේ ගමන් බිමන් යන එක. වාහන ගැනීමේ අරමුණ ආණ්ඩුවට බදු ගෙවීම නො වෙයි නේ. ආණ්ඩුව බලෙන් බදු ගන්න නිසායි අපි අංක තහඩු ගන්නේ. අපරාධ කිරීම හා මාර්ග නීති කැඩීම වාහන ගැනීමේ අරමුණ කර ගත් අය ඉන්න නිසායි අංක තහඩු ඕනෑ කර තිබෙන්නේ.

      හැඳුනුම්පත්, සීසීටීවී කැමරා ආදිය අවශ්‍ය අපරාධකාරී මනස් ඇති මිනිසුන් නිසා.

      අපරාධකාරයෝ ඔය මොන දේ කළත් අපරාධ කරනවා. ඔය ආරක්ෂක විධි විධාන වැඩි වෙන්න, වැඩි වෙන්න අපරාධත් වැඩි වෙලා මිසක් අඩු‍ වෙලා නැහැ.

      කළ යුතුව තිබෙන්නේ අපරාධවලට හේතු නැති කිරීමයි. සමාජය ශිෂ්ට කිරීමට කටයුතු කිරීමයි.

      බුර්කාවට මුවා වෙලා අපි අඳින රෙද්දටත් ආණ්ඩුවෙන් ලයිසන් ගන්න ඕනැ ක්රතමයක් නිර්මානය කරන්න දරන උත්සාහයට මම විරුද්ධයි. මට ශිෂ්ට වෙන්න මගෙන් සූරාකන ආණ්ඩුව ඕනැ නැහැ.

      අපි උත්සාහ කරන්න ඕනැ ආණ්ඩුවලින් මට්ටු කළ යුතු මෝඩ රැළක් හදන්න නොවෙයි,ශිෂ්ට පුරවැසියන් බිහි කරන්න.

      බුර්කාවට මමත් කැමති නැහැ. ඒ වුණාට මට නම් ඕනැ එකෙක් ඕක ඇඳ ගත්තාට අමාරුවක් නැහැ. බුර්කාව ගැන අමාරුව තිබෙන එවුන් ගිහින් මුස්ලිම් මිනිස්සු හමු වෙලා ඔබලාගේ වටිනා අදහස් පැහැදිලි කර දී ඔවුන් නිවැරදි කර ගන්න. ආණ්ඩුවට කේලම් කියන්න යන්නේ නැතිව. තියෙන නීති මදිවට රෙද්දටත් නීති දාගන්නේ නැතිව.

      Delete
    7. මෙතෙක් කලක් මෙම අඩවිය කියවීම ගැන අතිශයින් කනගාටුවට පත්වෙමි.

      ඔබට සුභ ගමන් පැරා..

      පෞද්ගලිකව ඔබද මේවායින් පීඩා විඳි කලේක. ඔබට අප පැවසු දෙය, මතක් වනු ඇත.

      ඔබ බොබසේට පහර එල්ල කරනාවාක් මෙන්, තලෙයිබාන්කරනය නොවැටහීම පිළිබඳව අතිශයින් කනගාටුවට පත්වෙමි. පිළිතුරු ලබා දීමට බොහොම ස්තූතියි...

      Delete
    8. මාතලන් ඉල්ලන දේ පැහැදිලියි.

      අනාගත තලේබාන්කරනය වෙනුවට බොබසේකරනය! බොබසේ පීඩා අපිට නොවෙයි!!

      - Dimithri

      Delete
    9. පැරකුම්,
      බුර්කාව පිටිපස්සේ හැංගිලා තියෙන ගෝත්‍රික කරණය මුලධර්මවාදය ඔබට තේරුම් ගැනීමට නොහැකිවීම මුලාවක්. ඔබ බුර්කාව අනුමත කරගෙන සමාජ සංවර්ධනයේ ඉදිරි දිශාව කියල කියන සමාජවාදය ගැන කතා කිරීම විහිළුවක්.
      අනෙක ඔබට බැන්නොත් විතරයි ඔබෙන් පිළිතුරක් ලැබෙන්නේ තාර්කික කරුණු මත පිහිටලා දමන කොමෙන්ටු වලට පිළිතුරු නොදීම අනුමත කල නොහැකියි. පාඨකයන් ගේ අදහස් නොසලකා හැර පාලුගෙයි වලං බිදීමට අවශ්‍ය නම් කොමෙන්ට් කිරීමට ඇති ඉඩ අවුරන්න.....

      Delete
    10. ඔබ ලිපියේ මේ කොටස කියෙව්වා ද?

      "අනෙක මොකා මොන රෙද්ද අඳිනවාද යන්න ආණ්ඩුවට හෝ ආණ්ඩුවට කඩේ යන බොදු බල සේනාවට අදාළ නැත. තමන් අඳින ඇඳුම තීරණය කිරීම පුද්ගලයාගේ වැඩකි.

      හැබැයි මේකත් කිව යුතු ය. මුළු සිරුර ම මෙසේ ආවරණය කිරීමේ මේ පුරුෂෝත්තමවාදී මුස්ලිම් කාන්තා ඇඳුම් මෝස්තරය අමු ම අමු ගොන් පාට් එකකි. ලංකාවේ මුස්ලිම් ගැහැනු මෙයින් කර ගන්නේ තමන්ට ම නරකකි.

      බොදු බල සේනාව ප්‍රමුඛ සිංහල බෞද්ධ ජාතිවාදීන්ට දැනෙන්නට හෝ ඇනෙන්නට හෝ තමන්ගේ ගැහැනුන්ට බුර්කා අන්දන මුස්ලිම් පිරිමි තමන්ගේ විරෝධය පළ කරන්නට තමන් හෙළුවෙන් යනවා නම් මීට වඩා හොඳ ය. "

      සමාජවාදය වෙනුවෙන් මම ඔබෙන් ඉල්ලන්නේ ආගම් අතහැර දමන්න කියායි. මේ වන විට සියලු ආගම් යොමු වී තිබෙන්නේ අන්තවාදය දෙසටයි.

      Delete
    11. @ මාතලන්,
      ඔයා මෙතෙන්ට අපහු රෙන්න එන්නෑ කියල තීරණය කරපු එකනම් ලොකුදෙයක්. එක දිගට ගොන් කතා අහල අජීර්ණ වෙලා හිටියේ.

      ඔබටත් සුබ ගමන් මාතලන්.

      බොබසේ කට්ටිය ටුවරිස්ට් ගයිඩ් වැඩේට බාල්දි දානකම් ඔයාටත් ෆුල් ෆන් එකේ හිටියහැකි.ඊට පස්සේ ඉංගිරිසි දන්නවා කියල ඔයාම කියන නිසා රට පැන්නැහැකි.

      Delete
    12. ඔව් ඊට පස්සේ මට ගොන් ගුරු පත්වීමක් ගන්න බැරිය...

      Delete
    13. mathalan kiyanne harak patiyekne.....

      indika

      Delete
    14. mathalan.....
      eka athakin umba hoda.ara senawata kade yana hugak aya hangia eka karanne.umbanam, elipita hari eka karanawane.mama me dana ganda ahanne oya oya muslim kello kamaththen adina aduma gana tharaha eken monawath peain nathi nisada? samaharu a nisa kamathi naha.thahanam karanda kiyanawa.....

      indika

      Delete
    15. @ මාතලන්,
      "ගොන් ගුරු පත්වීමක්" කියන්නේ මොකක්ද මාතලන්. ඔයාට ගොන්නුත් අකුරු කලාද? නැත්නම් ඉස්කෝලේ ගියේ නැද්ද?

      නිකන් ඉගෙන ගෙන උගන්නපු මිනිස්සුන්ට ගොන්නු කියන ඔයද මේ සිංහල ජාතිය බේරා ගන්න තටමන්නේ.

      චාටර් බන් ගූ හතයි වැලි දෙකයි!

      Delete
  8. අපරාධ මැඩලීමට බුර්කාව තහනම් කිරීමට ඉල්ලා සිටීම, මිනිසකු, ඊට අවශ්‍ය උපකරන සඟවා ගෙන ඇති නිසා ලිංගික චෝදනා යටතේ අත් අඩංගුවට ගැන්නැයි ඉල්ලා සිටි විහිලු කතාව සිහි ගන්වයි.

    මේ අනුව යමින්, බෝම්බ සහ අවි ආයුධ උදරයේ බැඳගෙන / සඟවාගෙන ආ හැකි බැවින් උදරය වැසෙන සේ වන ඇඳුම් ද (අනාගතයේ දී දිනක සමහර විට සිවුර ද!) තහනම් කිරීමටද ඉල්ලා සිටීය හැක! මත්ද්‍රව්‍ය සඟවාගෙන ආ හැකි බැවින් යට ඇඳුම්ද, මිනිසුන් ගෙල සිරකර ඝාතනය කල හැකි බැවින් තිසර පටද ලෙස මේ තහනම් ලැයිස්තුව තවත් දිගුකල හැක..

    මේ රටේ අපරාධ වැඩි වන්නේ බුර්කාව නිසා නො ව සමාජ විෂමතා හා නීතියේ පාලනයක් නැතිකමනිසා ය.

    අපරාධ මැඩලීමට කලයුතු දේ ඒ විශය පිලිබඳ විශේශඥයන් කල යුතු දෙයක්. එක් ආගමක් තවත් ආගමකට අදාල දේ ගැන මැදිහත් වීම මුලුමනින්ම ප්‍රශ්නකාරියි. ගාමිනී වියන්ගොඩගේ තීරු ලිපියක දුටු අදහසක් මේ;

    """නූතන ලෝකයට අයෝග්‍ය, මර්දනකාරී මෙවැනි සංස්කෘතික හෝ ආගමික පැනවීම් සහ බලහත්කාරී චාරිත‍්‍ර අභියෝග කළ යුත්තේ ලෞකික තලයක හේතුවාදීව මිස, බොදුබල සේනාව සේ එක ආගමක් කරේ තියාගෙන අනිත් ආගම ප‍්‍රශ්න කිරීමෙන් නොවේ. මේ කියන ඇඳුම පිළිබඳ බොදුබල සේනාවට අද ඇති ප‍්‍රශ්නය ඉහත දැක්වූ කිසි කරුණකට අදාළ නැත. එය අදාළ වන්නේ, සිංහල=බෞද්ධ ස්වෝත්තමවාදයටම පමණි. එම අන්තවාදය තුළ, බෞද්ධ ගැහැනියගේ ඇඳුමත් අනාගතයේ දී ප‍්‍රශ්න කෙරෙනු ඇත. ඩෙනිම් කලිසම ඈට තහනම් වී ඔසරිය හෝ ළමා සාරිය අනිවාර්ය කෙරෙන කාලය වැඩි ඈතක නැත."""

    http://www.colombotelegraph.com/index.php/gamini-viyangoda-march-21-201/

    - Dimithri

    ReplyDelete
    Replies
    1. මේ මහත්මය කියන්නේ එතකොට තහනම් කරන්න ඕනේ අපේ ආරක්ෂාවට අපි පළඳින ful face helmat witharaida.....?

      Delete
  9. අලුතෙන් කතෝලික ආගමට ගිය එකාපාප් වහන්සේටත් වඩා භක්තිමත් ලු.අරාබි කාරයන්ටත් වඩා අපේ රටේ වෙලදාමට පැමිණි අයියලා ආගමික ලැදියාව පෙන්නන්න යනවා.

    ReplyDelete
    Replies
    1. අනේ ගොනෝ,බුද්ධාගම කියන්නෙත් ඉන්දියාවෙන් ආනයනය කරපු ආගමක් බව මතක තියාගන්න.බුද්ධාගම එන්න කලින් මේ රටේ තිබ්බෙ ගෝත්‍රික ආගම්.දැනට තියෙන ඔක්කොම ආගම් පිටරටින් ආපුවා.නිකන් ගොනෙක් වගේ කතා කරන්න එපා.

      Delete
  10. මට සංතෝස දැන් අජිත්ගේ බ්ලොග් එක බොදු බලසේනා මෝඩයෝ ටිකත් කියවලා කොමෙන්ට් දාන එක. යකෝ බුර්කාව හරි හෙල්මට් හරි තහනම් කරන්ඩ ඹ්න ඒක ආරක්ෂාවට තර්ජනයක් කියලා පැහැදිල් සාක්ෂි සහිතව දිගින් දිගටම ඔප්පු වෙනවනම් මිස එක හුදකලා සිද්ධියක් දෙකක් වත් නැත්නම් බොදු බල සේනා මෝඩයෝ ටික පෙත්සම් අත්සන් කරනවා කියලා නෙමෙයි.මෙතන තියෙන්නේ ආරක්ෂාව පිලිබද ප්ර්ශ්ණයක් නෙවේ. මුස්ලිම් උන්ට කෙලවීමට පුලුවන් කියන කාලකණ්නිකමේ ප්රාශ්නයක්. එහෙමනම් රාජ්යා ආරක්ෂාවට කොච්චර ප්රපශ්ණ තියෙනවාද? ඔය බොදු බල සේනා,බ්ලොග් පඩංගු තහනම් කරන්ඩ එපැයි.අවසාන වශයෙන් මත්පැන් බීලා මිනිස්සු වාහන එලවලා අනතුරු කරගන්නවා කියලා ඒක ආරක්ෂාවට තර්ජනයක් කියලා අරක්කු තහනම් කලොත් අපිට වගේම බලසේනාවටත් කෙලවෙනවා.ඒක හින්ද හැමදේම තහනම් කරන්ඩ කියන් නැතුව අවසර දෙන්ඩකියපල්ලා යකුනේ...................ඉන්දික

    ReplyDelete
  11. AnonymousJuly 5, 2013 at 9:18 AM

    පැරාගේ මීළඟ ලිපිය = "බුර්කා තහනම සහ මාමාස්මාමි ඝාතනය"
    ඔන්‍න‍ බලපන් බොරුද කියලා.
    මාමාස්මාමි ඝාතනය මුවාවෙන් රජය බුර්කාව තහනම් කරමින් මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට සැරසෙයි කියලා උඩ පැනල දායි,
    හැබැයි අර මුස්ලිම් දොස්තරලා දෙන්නා සිංහල අම්මලාව බලෙන් වඳ කරපු ඒක ගැන වචනයක් කියන්නේ නෑ, ඔන්න මුගේ සමාජ සාධාරණත්වය.

    - අර්ජුන -
    Reply
    Replies

    AnonymousJuly 5, 2013 at 9:41 AM
    @ Arjuna:- හරිය හරි මචන් ! මුන් ඔක්කොම එකයි

    AnonymousJuly 5, 2013 at 11:11 AM
    අනේ අර්ජුන ............නොදුටු මොක් පුර
    AnonymousJuly 5, 2013 at 1:14 PM

    @AnonymousJuly 5, 2013 at 11:11 AM
    ඇයි පැරා ඇනෝ එන්නේ,දැන් උඹට කවුද මොක්පුර පෙන්නුවේ අඟල් 8ක් 9ක් දිග අරාබි කාරයෙක්ද?

    - අර්ජුන -

    AnonymousJuly 5, 2013 at 7:54 PM
    ane arjuna ..........nodutu mokpura
    agal 8,9 arabi kaaryo koheda inne. arjunalage ammage gameda?

    AnonymousJuly 7, 2013 at 6:00 PM
    ko me arjuna kiyana arabi agal 8,9 ewa gana heena mawana modaya. ane pawe mokpura gihillada. mama umbe para ano ban.umbanam maha hikanalayek macho............


    මෙහි ඉහල ඇත්තේ මා විසින් පැරාගේ ගොසිප් වෙබ් අඩවි ගැන ලියු ලිපියට දැමු කොමෙන්ට් සහ පැරා ඇනෝ පැමිණ දැමූ පිළිතුරුයි ... කී දේ අද සත්‍ය වී ඇත.

    -අර්ජුන -

    ReplyDelete
    Replies
    1. අර්ජුන...............
      මැට්ටෝ ඔය කොමෙන්ට් ඔක්කොම දැම්මේ මම. උඔට අනේ පව් කියලා හිතෙනවා.උඑට අඩින් තියෙන කොමෙන්ට් එකත් මම දාපු එකක්.........................
      ඉන්දික

      Delete
    2. මචං ඉන්දික.....
      එහෙනම් පොඩ්ඩක් ගෑනිගෙන් හරියටම අහලා බලපන්, උඹ උප්පැන්නෙට නම දීලා තියෙන්නෙත් අනුන්ගේ ළමයෙකුටද දන්නේ නෑ.

      -අර්ජුන-

      Delete
    3. මට මේ අර්ජුන චූන් කරන එක හරිම ආතල්. මම උඹලා වගේ එවුන් දන්නවා.අර බල සේනාවෙත් ඉන්නෙත් උඹලා වගේම බුවාලා.උන්ට එකග නැති දේවල් කිව්වහම රටේ නැති කුනුහරැප කියනවා.උන් හිතාගෙන ඉන්නේ ඒවා බුදුන වදාල ධර්මය වගේ කියලා. අනේ පව් .........අනේ අර්ජුන ............නොදුටු මොක්පුර
      ඉන්දික

      Delete
    4. රිදිලා වගේ පව්

      -අර්ජුන-

      Delete
    5. අර්ජුන............
      උඹේ නියම අනන්‍යතාවය හෙලි කරපං.උඔ බුර්කාවෙන් වැහිලා ඉන්නේ.......කුණු හරුප කියන්ඩ එපා මම කුණු හරුප කියනවාට කැමති නැහැ.
      ඉන්දික

      Delete
    6. අර්ජුන සුදා ඔයත් අර සේනාවේ එක්කෙනෙක්ද? සිංහල දොස්තරලා සිංහල අම්මලව දුෂණය කරන එකට ඔයාගේ සේනාවේ කට්ටිය උඩ පනින්නැත්තේ මොකද?

      Delete
    7. මේ එක නෙමෙයි කොබන් මේ දිල්කා සමන්මලී,...... පොඩ්ඩක් මතක් කරලා දුන්නා.

      Delete
    8. සියලු ජාතීන්ගේ සිටින්නේ මිනිසුන්ය, සිංහල වේවා මුස්ලිම් වේවා ද්‍රවිඩ වේවා අන්තවාදීන්ට පැවැත්මක් නැත. එසේම සිවිල් පාලනයට ගරු කිරීමද මිනුං ලෙස සියලු දෙනා කල යුතුය.

      Delete
    9. මේ ඉන්නේ තවත් මාතලන්ට පුකදෙන එකෙක්..ඉවං පවුලූසා.. පක තමයි..මාතල්න්ගේ හැම පොස්ට් එකෙක්ම මූ මාතල්න්ගේ පුක ලෙව කාලා තියෙනවා. අනුන්ගේ රෙද්දවල් මැද්දට පනින්නේ නැතුව මාතලන්ට්ම පුක දීපන් ගිහිං

      Delete
    10. @ඉවාන් පව්ලූශා

      ඔයා මැරිලා ඉපදුනාද නැත්නම් දුමින්ද සිල්වට වගේ වෙඩි වැදුනද
      ඉවාන් පව්ලූශා නමැති ජාතිවාදී අමනයා පැරා රාගේ බ්ලොගේ රීපු හැටි බලන්න
      http://www.w3lanka.com/2013/03/blog-post_4557.html
      හලාල් අවුලෙන් කූරගල ආක්‍රමණයට

      Delete
    11. @ඉවාන් පව්ලූශා,
      ඔයා මැරිලා ඉපදුනාද නැත්නම් දුමින්ද සිල්වට වගේ වෙඩි වැදුනද ?

      ඉවාන් පව්ලූශා නමැති ජාතිවාදී අමනයා පැරාගේ බ්ලොගේ රීපු හැටි බලන්න
      http://www.w3lanka.com/2013/03/blog-post_4557.html
      හලාල් අවුලෙන් කූරගල ආක්‍රමණයට

      Delete
    12. @ඉවාන් පව්ලූශා,

      ඇනෝ එකක් දාල මාට්ටු නේද ?

      Delete
  12. well mr. para what do u think of the personal identiy one would hve cz of the face,,,,,, if are roaming around in the public as every one else covering the face and lookin at every one else others also have the right to know whoz lookin at them,,,,,ok lets say u r a bank cashier ur customer comes wearing a burka gives the id and places the signature on the withdrawal slip which is already filled, how do u verify the customer,,, its more or less about the freedom of every body, not only for the person who is covering the face is nt it,,,,,any all the elite so called units cover their faces before a mission,,,,, why is that hmmmm cz they dont want to be identified,,,,,,,ok lets say im a criminal i have endless possblities with this cloth,, i am nt against fardha, im against covering the face,,, mathalan has a very good understanding of this, i think wat has gone wrong wit u is the fact that u r a so called socialist ( who are thinnin day by day) u guys always object what the masses approve,

    ReplyDelete
    Replies
    1. Take the bank problem you mentioned. The answer is so simple. If the bank is in a policy of not allowing anybody to withdraw money without proving identity, the bank can reject issuing money to a burka wearing woman. In that case, she will have to choose a bank that allows that sort of action. That's all.

      Why do you worry so much about this. Burka wearing women are already under surveillance of you people. For the terrorists, it is much safer to resort to other tactics.

      Why don's you bother to create a world where the causes for crime have been perished instead of being in suspicion of all the other people?

      Delete
    2. Then Para, if bank doesn’t allow a women (men? we don't know who is inside) to withdraw money from bank just because of what she wearing (Burka), doesn’t it contradicted the “Freedom of religion” or “Freedom of belief” which mentioned in the constitution. So she can sue the bank as it’s violated her constitutional rights. So the problem should resolve from the top not at middle parts. That’s why need a law which prohibited to wear such in public.

      ප.ගෝ. (above anonymous comment in not from me)

      Delete
    3. how can u create a wolrd where th cause of crime has been perished, u can never make it zero and law and order is there to control wat has happned or may b punish for the crimes commited not make it clear to every one the consequences ( for give me for my spelling ), why do atm's hv a sticker saying remove helmat n jacket before using the machine ,i dnt agree wit ur view, this has nothin to do wit bbs , i dnt agree wit them at all, bt why would we allow one to cover the whole face in public, even full black tint is banned in srilanka for vehicles for the same purpose, i rememeber the full face helmats were banned some time ago but that was stupid cz people wear helmat cz they dont wanna die , bt nt the same wit burka,

      Delete
    4. den tamai matak une, if i become a jaaina follower and start walkin around in nude chanting hare rama hare krishna, would u still approve it,,,,,,,,,,,,,,,??????????????????????????????????????, netthan one ekek one reddak endagatta den apita moko kiyanwada,,

      Delete
    5. I have seen jaina monks at Shramababelagola in India wearing a cloth covering only genitals. I have heard there are a section of jaina monks who do not wear clothes at all. I have seen pictures of them in processions ar festivals and people in that context do not consider it offensive.

      Evey phenomenon occurs in certain context. Women wearing Burka is one religious and cultural context and bank policies are in another context. Religious freedom is yet another freedom that is restricted by other freedoms.

      Delete
  13. පැරා.. උඹ මේ පාරනම් ඇදගෙන නාලා මදිවට බේසමකට තව වතුර පුරෝල තියල අනිත් උන්ටත් උඹව නාවල යන්න.

    වත්මන් සමාජයේ පුද්ගල අන්න්‍යතාව කියන එක ගල් යුගයට වඩා බොහොම අත්‍යාවශ්‍ය කාරනයක්. සමහර විට "අදාළ නැති" කණ්ඩායමක් මේ ප්‍රශ්නෙ උලුප්පනවා කියල මේ කාරණය සිල්ලරට ගන්න බෑ.
    මම එක දවසකුත් කිව්වා, ගහන්න ඕනෙනම් කෙලින්ම අදාල තැනට ගහන්න, වටෙන් ගියාම වෙන්නෙ උඹටම කන්න වෙන එක.

    ප.ගෝ.

    ReplyDelete
    Replies
    1. අනන්‍යතාව කියන්නේ අයිඩෙන්ටිටි කාඩ් එක නොවෙයි.

      Delete
    2. අජිත්.......මේ සියලු කොමෙන්ට් දෙස බැලු විට බොදු බලසේනා මිනිසුන්ගේ චින්තනය /බුද්ධිය මොට කර ඇති ප්රතමාණය පිලිබද තක්සේරුවකට පැමිණිය හැකිය.ඇත්තටම ඔය කියන භීෂණ සමය තුල හෝ යුධ සමය තුල මෙම ඇදුම් පිලිබද කිසිදු ගැටලුවක්,රාජ්යු ආරක්ෂාවට තර්ජනයක් පිලිබද සාකච්ඡා වුනේ නැහැ.ඔවුන්ගේ ඇදුම් උන් ඇන්දා,අපි අපේ ඇදුම් ඇන්දා...... එම යුගය අවසන් වූ විට අපේ රටේ මිනිස්සු භීතියට හරි ආසයිනේ.ඒකයි මුස්ලිම් භීතියක් මවාගෙන උන්ට කෙලවීමේ අදහසින් බොදු බලසේනාට අවශ්යන පරිසරය සැකසෙන්නේ.අර මාංචු කියලා පත්තරයකුත් ගහන්නේ.....ඒක ලංකාවේ උන්ගෙ මානසිකත්වය පිලිබද හොද කියවීමක්. බොදු බලසේනා වට මේ විනාශය තවදුරටත් කරගෙන යන්ඩ ඉඩදුන්නොත් රට මොන අගාධයට තල්ලු කරයිද කියලා හිතාගන්ඩ අමාරුයි.
      -ඉන්දික-

      Delete
    3. නැහැ, මම බො.බ.සේ. අනුගාමිකයෙක් වත්, එහි අදහස් 100% පිලිගන්න කෙනෙක් වත් නෙවෙයි.

      නමුත් මෑත කාලයේ (යුද්දෙන් පසුව ) තමයි මම වැඩිපුරම දැක්කෙ මුහුණ වහන් යන සීන්. අපේ බැචීල හිටපු උන් ඔක්කොම ඔලුව වහන් විතරයි හිටියේ, මුණ පේනවා. පර්දාව ද කොහෙද එකට කියන්නෙ.

      ප. ගෝ.

      Delete
    4. අනේ පගෝ, (තව පොඩ්ඩෙන් නම වරදිනවා - just a joke!)

      මුහුන වහන් යන සීන් විතරක් නොවෙයි ජාහෙඋ, බොබසේ වගේ සීන් හිස ඔසවන්නෙත්, සිංහලබෞද්ධයා මේ තරම් භක්තිමත් වන්නේත් බොහොම මෑතක යුද්ධෙ පසුබිම් කරන් තමයි! ආගමික වෙන්න පුලුවන් බෞද්ධයාට විතරද? ඇයි මුසල්මානුවාට, හින්දු භක්තිකයාට එහෙම වෙන්න බැරිද?

      - Dimithri

      Delete
  14. සිවුරට, ලෝගුවට , රාජකාරී නිල ඇඳුම් වලට මුවාවී අපරාධ කල හැකි බව සැබවි. එහෙත් ඒ සෑම අවස්ථාවකදීම පාහේ එය සිදුකලේ කවුදැයි සොයාගැනීම අපහසු නොවේ. මෑතම උදාහරණය වශයෙන් සියාම් ඝාතන සිදුවීමේදී සැකරුවන් ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට හැකි වුයේ ගංගොඩවිල වෙලදසැලක ආරක්ෂක කැමරාවේ සටහන්ව තිබු දර්ශනවල සියාම් සමගින් සිටින පුද්ගලයා ඔහුගේ හොඳම මිතුරා බව පැහැදිලිව දර්ශනය වීමයි. හිතන්න එම පුද්ගලයා බුර්කාවක් හෝ ෆුල් ෆේස් හෙල්මටයක් පැළඳ සිටියානම්ඇති වන තත්වය?සියාම් මියගොස් ඇති බැවින් එතන සිටින්නේ කවුදැයි සොයාගැනීමට වැඩි ආයාසයක් ගතයුතුවනු ඇත. එකයි බුර්කාවෙත් ෆුල් ෆේස් හෙල්මට් එකෙත් තියෙන භයානක කම. ෆුල් ෆේස් හෙල්මටය භාවිත කරන්නේ ආරක්ෂාවට බැවින් එයට මද සහනයක් දීම සාධාරණ වන නමුත් බුර්කාව සම්බන්ධයෙන් එය එසේ වන්නේ කෙසේද? මුස්ලිම් කාන්තාවන්ගේ සියලු සාම්ප්‍රදායික ඇඳුම් ආයිත්තම් තහනම් කලයුතුයැයි අප නොකියමු. එහෙත් සමස්ත ලාංකිකයන්ගේම ආරක්ෂාව ගැනත් වගකිවයුත්තන් නිසි පියවර ගතයුතු නොවේ ද? ඉහත බොහෝ කොමෙන්ට්කරුවන් කියා ඇති මෙම සත්‍යය පැරා ට නොවැටහෙනවා නොවේ. මෙම බුර්කා තහනම් කිරීමේ යෝජනාව වෙනත් පාර්ශවයක් වෙතින් ආවේ නම් බොහෝදුරට මධ්‍යස්ථව සහ විවෘත මනසකින් පැරා මේ දෙස බලනු නොඅනුමානයි. එහෙත් දැන් තත්වය සහමුලින්ම වෙනස්ය. යෝජනාව පැමිණ ඇත්තේ බොදු බල සේනාවෙනි. එනම් නාමිකව හෝ බුදු දහමට සම්බන්ධ සන්විධානයකිනි. ඉතින් එතකොට මධ්‍යස්ථව සහ විවෘත මනසකින් අරවා මේවා වලින් බලන්න දෙයක් නෑනේ මෙයාට. කෙලින්ම විරුද්ධ උනා. අනේ මෙහෙමත් පඩංගු මාක්ස්වාදියෝ...
    ප.ලි.
    මගේ ගමට අසල්වැසි ගම මුස්ලිම් ගමකි. ගම්මාන දෙකේම බහුතරයක් දෙනා කෘෂිකර්මාන්තයෙන් ජීවිකාව සරිකරගනිති. ජාතීන් දෙකකට අයත් වන්නේවුවද ඔවුන් අතර ඇති අන්‍යොන්‍ය බැඳීම සැලකියයුතු මට්ටමක විය. අප කුඩා කල එගම කාන්තාවන් සිය සාරියේ පොටෙන්ම හිස වසා ගත්තාහුය (ෆේරියල් අශ්රොෆ් මහත්මිය අදින්නාක් මෙන්). පාර තොටේදී හමු වූ විටකදී අප සමගින් දොඩමලු වුහ. දුක සැප විමසුහ. අඩු තරමින් සිනහවක් වත් නොපා අප පසුකරගියවුන් නොවුහ. පසුකාලීනව ඔවුන් සාරි පොටින් හිස වැසීම වෙනුවට හිජාබයට මාරු වුහ. එහෙත් දොඩමලු වීම්, මද සිනහ පෑම් මෙන්ම දුක සැප විමසීමද වෙනසක් වුයේ නැත. එහෙත් අවාසනාවට දැන් තත්වය බොහෝ වෙනස් වී ඇත. සැලකිය යුතු ප්‍රමාණයක් බුර්කාව පලදිති. වෙනදා මෙන්ම මග තොටදී අපට ඔවුන්ව මුණ ගැසෙනා නමුත් ඒ කවුදැයි අපි නොදනිමු. පෙර ලෙසම ඔවුන් අප සමගින් සිනහ වෙනවාද ඇත. නමුත් අප එය හරියටම නොදන්නෙමු. ගම් දෙකේ වැසියන් අතර පෙර තිබු සුහදශීලී අනොන්‍ය බැඳියාව කෙමෙන් කෙමෙන් වියැකී යමින් බව පමණක් දනිමි. ලාංකික ජන සමාජයෙන් ඔවුන්ව එලවාදමන්නේ අප නොවේ. ඔවුන් විසින්ම ඒ මග තෝරාගෙන එය දිගේ වේගයෙන් ගමන්කරමින් සිටිති. පැරා වැන්නවුන් එමග දෙපැත්තේ සිට වතුර ගසමින් , ග්ලුකෝස් පොවමින්, හුරේ දමමින් ඔවුන්ගේ ගමනට දිරිය සපයමින් සිටිති. අනේ ඉතින් අසරණ අප කුමක් නම් කරමුද ?

    ReplyDelete
    Replies
    1. දැන් එතකොට සිංහල බෞද්ධ කට්ටිය මුස්ලිම් අයගේ බුර්කාව බලහ්කාරෙන් තහනම් කළාම ගම් දෙකේ කට්ටිය ආයෙ යාළු වෙයි ද?

      Delete
    2. ලංකාවේ බුර්කා ඇඳගෙන ගිහින් කරන ලද අපරාධ කීයක් ගැන ඔබ දන්නවා ද?

      ලංකාවේ වැඩි ම අපරාධ සංඛ්‍යාවක් කර තිබෙන්නේ කලිසම ඇඳගෙන ගොස් ය. කලිසමත් තහනම් කරමු ද?

      අත් මේස් ඇඳගෙන අපරාධයක් කළ විට ඇඟිලි සලකුණු සටහන් වන්නේ නැත. අත් මේස් භාවිතයත් තහනම් කරමු ද?

      Delete
    3. හපොයි දෙයියනේ මෙයාගේ බුද්ධි මණ්ඩලයේ වපසරිය දැක්කම තනි ඇහැට නෙවෙයි මුළු සර්වාංගෙටම ඇඩෙනවා . බුර්කාව තහනම් කලයුතුයි කියන පදනමේ ඉඳන් එකට පක්ෂව තර්කයක් ඉදිරිපත් කලහම ප.ලි. ලිව්ව එකක් අල්ලාගෙන දගලන්නේ මොකෝ අරකට ප්‍රති තර්කයක් ඉදිරිපත් නොකර? මොකද ඔයාට කුණුහරපෙන් බැනලා එහෙම දාපු කොමෙන්ට් එකකුත් නෙවෙයිනේ ඒක . හොර ගෙඩියා වගේ මග ඇරියට අපි දන්නවා හේතුව.ඔයාල හිතන්නේ ඔයාලගේම මොලෙන් නෙවෙයිනේ.මාක්ස් කියපු එකක් ගිරවා වගේ ආයේ කියවන එකනේ ඔයාල කරන්නේ. ඒ අතින් නම් අපේ ලංකාවේ මාක්ස්වාදියෝයි ඉස්ලාම් භක්තිකයොයි අතරේ වැඩි වෙනසක් නෑ වගේ ඇදහීම අතින් බැලුවම. මාක්ස් මොකුත් කියල නෑ නේද බුර්කාව ගැන? එයා නොකිව්වා නම් ලෙනින්ට හරි, ට්‍රොට්ස්කිට හරි වත් ඒ ගැන සඳහනක් කරන්න තිබුන මේ වගේ එහෙයියන්ව අමාරුවේ නොදා. විජේවීර කිව්වෙත් නෑ නේද බුර්කාව සම්බන්දයෙන් අප ගත යුතු මග කුමක්ද කියල? පව් දෙයියනේ මාක්ස්වාදයේ දරිද්‍රතාවය මිස අන් කුමක්ද? කම්කරුවනි එක් වව් ...

      Delete
    4. ajith........
      oba hadhata agilla digu kara pennadi me aya balanne agilla desai.......

      indika

      Delete
    5. අනේ බන් ගිනිසිළුවෝ තොගෝ ඔය පන්දම ගහගනින් පුකේ එතකොට උබට මොලේ පෑදෙයි. ඇයි බන් උබට තේරෙන්නේ නැත්තේ මුස්ලිම් ගැණු බුර්කා අදින එකයි ලංකාවේ සිද්දවෙන අපරාධයි මෙලෝ සම්බන්දයක් නෑ කියල. යකෝ කලාදුරු අලයක් තරම් මොළ ගෙඩියක් ඇති ඕනෑම හරකෙකුට තේරෙන දේ ඇයි මේ සිංහල බෞද්ධ බුරු පැටියට තේරෙන්නේ නැත්තේ. නලින්ද සිල්වා හරි නනුසාර හරි බලහත් කාර කමක් කරලා මොලේ මඤන් වෙලාද? නැත්නම් උප්පත්ති ගතියද?

      උබ අර සිල්වා වමාරන දේ ඇරුනාම සමාජවාදය ගැන මෙලෝ අලයක් දන්නේනැ නේද? සමාජවාදියෝ මාක්ස් කියපු එකක් ගිරවා වගේ ආයේ කියවනව කිවුවේ සිල්වා ඔයාට අරින ගමනද? ඇයි ඔයා හිතන්නේ මොලෙන් නැතුව පුකෙන්ද? තව මිනිහෙකුගේ ආගමික නිදහසක් ඉවසන් නැති උබල වගේ අමනයෝ ජාතියක ඉතුරු කරන්නේ යුද්ධයි වළදාපු ඇට සකිලියි විතරයි. තොපි වගේ කීබෝඩ් වීරයන්ට කියන්න තියෙන්නේ චු කරලා නිදිය ගනින් යකෝ කියල තමයි. කුජීතයි බන්.

      Delete
    6. බුද්ධියෙන් අදහස් පළ කරන්න. Comment Wisely.

      කීවාට වැඩක නැත.

      Delete
    7. ඔය මේකේ කොමෙන්ට් කරන්න එන්නේ නැ කියල කලකට ඉහත කිවුව නේද? ඔයාගේ අලුත් කොමෙන්ට් දකිද්දී හිතෙනවා දුමින්ද සිල්වාට වගේ වෙඩි වැදුනවද්ද කියල.

      බුද්ධියෙන් අදහස් පළ කරන්න. Comment Wisely.

      ඉවාන් පව්ලූශා නමැති ජාතිවාදී අමනයා පාරාගේ බ්ලොගේ රීපු හැටි බලන්න
      http://www.w3lanka.com/2013/03/blog-post_4557.html
      හලාල් අවුලෙන් කූරගල ආක්‍රමණයට

      Delete
    8. පැරා මතුකර ඇති බුද්ධිමත් තර්ක ඔබට නොපෙනේද? අපරාධ වැඩිම ප්‍රමානයක් කර ඇත්තේ කලිසම් ඇදගෙනය.එබැවින් කලිසමද තහනම් කළ යුතුය.සිවුර හා පොලිස් නිළ ඇඳුමද තහනම් කළ යුතුය.මේ මොන විකාර කතාද?

      මට මටහ්ක් වෙනවා බයිලාවක්
      "ඒක එයාගෙ කැමැත්ත ඔයාට ඇයි අප්සෙට්ද අනුන්ගෙ ඒව මොකටද තමන්ගෙ පාඩුවෙ ඉන්න "

      Delete
    9. @ Anonymous July 11, 2013 at 12:08 PM
      ඔව් ඔයාට බයේ තමයි ආපහු එන්නේ නෑ කිව්වේ, ඔයා හෙන පොරක්නේ මගදී අල්ලාගෙන ගැහුවොත් එහෙම. අනික මේවා ඔයාලට අයිති බ්ලොගනේ..
      මා කලේ මගේ මතවාදය ගැන ඔබ සමග සංවාදයක් ඇරඹීම පමණි.එත් ඔබ එය ඇඟටම ගෙන තරහින් කුපිත වී දඟලන විට ඔබේ සෞඛ්‍ය තත්වය ගැන සිතා නිහඬ වීමි. (නැත්තං ඔයා ප්‍රෙෂර් හැදිලා මැරෙන්නත් තිබුනා- එහෙම වුනානම් මධ්‍යස්ථ මතධාරී බුද්ධිමත් ඇනොවරයෙක් බ්ලොග් ලෝකයට අහිමි වෙන්නත් තිබුනා)මතවාදයක් දැරීමේ අයිතිය සැමටම ඇත, එය විවේචනය කිරීමේ අයිතියද සැමටම ඇත. එය එතනින් අවසානය.
      එය ජම්මාන්තර තරහක් ලෙස හිතේ තියාගෙන දඟලන ඔබ ගැන අනුකම්පා කරනවා හැර වෙන කුමක් කරමිද?
      "මෝඩයෙක් සමග තර්ක නොකර මෝඩයාට ජය ලබාදෙන්න " කියමනට අනුව මේවර ඔබට කලින්ම ජය ලබාදෙමි. ජය වේවා මිතුර.

      Delete
    10. @ඉවාන් පව්ලූශා
      අයි බන් හැම පරාජිතයම උබේ විදියටම කන්කෙදිරි ගාන්නේ. හැම එකාම කෙලවගෙන යනකොට උඹ විදියටම උඩු බුරලයි යන්නේ අනේ මන්ද බන්. හැම ජාති වදියාම උඹ වගේද?

      Delete
  15. හරි දැන් බුර්කා (ලන්කාවෙ අදින්නෙත් නෑ) තහනම් කලොත් අපරාද අඩුවේද? දැන් ලන්කාවෙ ඉන්න සේරම අපරාද කාරයෝ බුර්කා ඇදන්ද අපරාද කලෙ?

    ReplyDelete
  16. මෙතන හුග දෙනෙක් වලිග පාගගෙන.බුර්කාවට මුවා වෙලා කවුරුහරි අපරාධ කරනවා නම් ඒක වැරදියි.ඒත් මුස්ලිම් අය අනාදිමත් කාලෙක ඉදන් මේ ඇඳුම අදිනවා.ඒකට විරුද්ධ වෙන්න කාටවත් අයිතියක් නෑ.මේ රටේ අපරාධ වලට බුර්කාව තීරණාත්මකව හේතුවුනා කියල කියල කියන්න සාක්ෂියක් නෑ.මාමාස්මි බුර්කාව ඇදගෙන අපරාද කරනවා දුටු කීපදෙනෙක් කොමෙන්ට් දාල තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. "ඒත් මුස්ලිම් අය අනාදිමත් කාලෙක ඉදන් මේ ඇඳුම අදිනවා.ඒකට විරුද්ධ වෙන්න කාටවත් අයිතියක් නෑ."

      මිත්‍රයා
      මුස්ලිම් කාන්තාවන්ගේ කලුපාට දිග ඇඳුම ගැන ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. මුළු ඇඟම වහලා ඇස්දෙක විතරක් යන්තමට පෙනෙන ඇඳුමටයි, මුනත් එක්කම සම්පුර්න මුළු ඇඟම වහලා තියෙන ඇඳුමටයි තිබෙන විරෝධය විතරයි. එහෙම ඇඳගෙන ඔවුන් ගෙවල් වල හිටියාට කිසිම වැරද්දක් නැහැ.ප්‍රශ්නය තියෙන්නේ එහෙම ඇඳගෙන පොදු ස්ථාන වල ඉන්න එකයි.මේ ජාතියේ ඇඳුම් දෙක මේ රටට බෝ වෙලා අවුරුදු දෙක තුනක් වත් නැහැ.

      Delete
  17. mokadda thiyan jathika watinaka (BBS Jathika Wiyaparaya)Burka thanam kirimen???????????

    ReplyDelete
  18. මේ..ඥානසාර දෙරණ 360 progaram එකට ගිහින් ගූ..බාල්දියක් නෑවා කියන්නෙ ඇත්ත්ද?බේබද්දෙක් කියල ස්වසන නාල පරීක්ෂනයකින් ඔප්පු වෙලා කියන්නෙ ඇත්තද?එහෙව් මිනිහද මේ අනිත් අයට ගුරුහරු කම් දෙන්න යන්නෙ.

    ReplyDelete
  19. අරමුණ හොද නම් පොඩි shot එකක් දාගත්තට කමක් නෑ කියලනෙ උන්වහන්සෙ කියන්නෙ.

    ReplyDelete
  20. මු මෙතන බොදු බල සේනාව බුර්කා තහනම් කරන්ඩ කියන එක ගැන කෙස් පැලෙන තර්ක දානවා. ප්‍රන්සේ තහනම් කරලා තියෙන්නේ ඇයි දන්නේ නැහැ. රටකට තියෙන්ඩ පුළුවන් එක නීතියයි. නීතිය ක්‍රියාත්මක කරන්ඩ ප්‍රන්ස අයට කොන්ද පන තිබුනට අපේ අයට කොන්ද පන නැහැ. ඒ මදිවට මේවගේ ඩොලර් කාක්කොත් ඉන්නවනේ.

    ReplyDelete
  21. අවධානයට ගත යුතු මාතෘකාවක්,

    කෙනෙක් මුහුන නොපෙනන විදිහේ ඇඳුම් පැලඳ පොදු පරිසරයේ ගැවැසීම රටේ පොදු ආරක්‍ෂාවට යම්කිසි තර්ජනයක් ඇති විය හැකියි බව පිළිගත යුතුයි. අද රටේ ඇති වාතාවරනයට අනූව එසේ පැළඳීම සෙස්සන්ට කෙසේ වෙතත් ( බුර්කාවක් නම්) එය පැළඳ සිටින කාන්තාව අයත් සමාජයට වන බලපෑම ඉහලය​. මුස්ලීම් වරුන්ගේ වැරදි සෙවීම, ඔවුන් වැරදි කරනවා දකින්න​ හා ඔවුන්ව වරදේ පටලවාලීමේ උවමාව යම් පාර්ශවයකට අද​ තදින්ම ඇති බව අපට තේරුම් යන කරුණකි. රට ඉතාම අනාරක්‍ෂිතව පැවැති කාලයක පවා මේ වස්ත්‍රය තැකීමට නොගැනුනු අතර යුද්ධය අවසන් වී යුද්ධමය වාතාවරනයක් නොමැති මෙවන් වකවානුවක මෙම වස්ත්‍රය ගැන ප්‍රශ්නයක් පැන නැගීම විහිළුවක් සේම සිතන්න සුළුයි. මෙම යෝජනාව ඉදිපත් කරන තැනත්තා ගැනත් අනිර්වාරයෙන් කරුණට ගත යුතුයි.

    අප මේ වස්ත්‍රය පැලඳීමේ උවමනාව ගැන තරමක් බැලුවෝතින්, මෙය දේව අනකි, සාතාන්ගෙන් ආරාක්‍ෂා වීමකි ( වරදට පොලොඹවන්නේ සාතාන්‍ය ) ස්ත්‍රීන්, පිටස්තර පිරිමීන්ගෙ බැල්මන් උවමනාවෙන්ම​ තමන් වෙතින් ඈත් කර තැබීමට ගන්නා උත්සාහයකි. සංසනාත්මකව මුස්ලීම් කාන්තාවන් බලහත්කාරකම් වලට භාජනය වීම බෙහෙවින්ම අවමය​.

    දේව අන වන්නේ මුහුන, දෑත්වල මැනික් කටුවෙන් පහල, දෙපයේ වලලුකරෙන් පහත කොටස හැර ශරීරයේ අන් සියළු ප්‍රදේශ වැසිය යුතු අංගයන්ගේ හැඩයන් මතුපිටට ඉලිප්පී නොපෙනෙන පරිදි වසා ගැනීමයි. දේව අනට අනූව මුහුන වැසීම අනිර්වාර්‍ය නොවන නමුත් එය වැසීම අගය කරයි. ආගමේ අන් සියළු දේ මෙන්ම මෙයද චේතනාවන්ට​ අනූව හැඩ ගැහෙයි. එනම් මෙය පලඳින ස්‍ත්‍රීයගේ චේතනාව දේව අනට කීකරු වීම හා තමන්ව වරදින් ආරක්‍ෂා කිරීම මිස ශරීරයට තද වෙන සේ ඇඳ හෝ මෙය විලාසිතාවක් කර ගෙන, පේක්‍ෂිතව, අනපේක්‍ෂිතව අන් පිරිමීන් තමන් වෙත ආකර්ශනය කරයි නම්, එම ස්ත්‍රීය මෙය පලඳිනවාට වැඩිය නොපළඳිනවානම් මෙනෙහිය​ 'එමගින් නොදන්නන් නොමග යැවීමේ හෝ වැරදි පනිවිඩ නිකුත් කිරීමේ පවෙන් ඇය මිදෙන්නීය​'

    ජිවත් වන රටේ නීතියට අවනත ​/ අනුකූල වීම මුස්ලීම්වරයෙක්ගේ 'ඊමානය' නොහොත් විශ්වාසයෙන් අඩකි. එසේ නම්, යම් හෙයකින් ජනතාවාදී රජයක් වෙන හේතුවක් නැතිව සද්භාවයෙන් යුතුව ජනතා ආරක්‍ෂාව පමනක්ම පතා රට තුල බුර්කාව නොහොත් ඇස් දෙක පමක් පෙනෙන පරිදි මුහුන වැසීමේ වස්ත්‍රය තහනම් කරයි නම්, ඒ ගැන මුස්ලීම්වරු කලබල විය යුතු නැහ​​. මුහුන වැසීම අනිර්වාර්‍යය නොවන නිසාත්, රටේ නීතියට අවනත වීමක් නිසාත් මෙය සාමාන්‍ය දෙයකි, බුද්ධිමත්ව සිතනවා නම් රටේ නීතියට අවනත වීම ඊමානයේ අඩක් බව සඳහන් වන නිසාත් රටේ ආරක්‍ෂාව තහවරු කිරීමට සහාය වීම නිසාත් මුස්ලීම් වරයෙක් කරන්නේ සත්ක්‍රියාවකි. කොටින්ම පිනකි. පිං පව් නිර්නය වන්නේ චේතනාවත මිස ක්‍රියාවට​ නොවෙයි. අනික අපි පිනක් ලෙස සිතා කරන යමක් අනිකාට වදයක්/ හිරිහැරයක් නම් එයින් අපි හිමි කර ගන්නේ පවක් මිස පිනක් නෙවෙයි.

    ආගමක්, කෙනෙකුට හෝ සමූහයකට හිරිහැරයක් වන පරිදි නීතියක් කිසිසෙත්ම පනවන්නේ නැත​. එවන් අනක් හෝ උපදේශයක් අප වෙත ලැබේවි නම් එම අන හෝ උපදේශය අප වෙත ලැබීමේ දංවැලේ යම්කිසි වැරද්දක් තිබිය හැක​. අප සියල්ල බැලීය යුත්තේ බුද්ධියට ඝෝචරවයි.

    එක්තරා වූ රෝහලක ලෙස සේවය කරන මුස්ලීම් වෛද්‍යවරයෙක් මට කී කතාවයි මේ,

    එම රෝහලේ ආධුනිකාවක් ලෙස මුහුන ආවරනය කරගෙන ඔහු යටතට සේවයට පැමිනි මුස්ලීම් වෛද්‍යවරියක් වෙත 'අප වෛද්‍යවරු වශයෙන් රෝගීන්ට නිර්නය කරන බෙහෙත් වට්ටෝරු හා යම් යම් උපදෙස්, එම​ අවස්තාවේ එම රෝගියාට තමන්ට දෙනු ලබන බෙහෙත් හා උපදෙස් දෙන වෛද්‍යවරයා/වෛද්‍යවරිය කවුරුන්දැයි දැන ගැනීමේ අයිතියක් ඇතැයිද, යම් හෙයකින් අප අතින් සිදුවෙන යම් අතපසුවීමකින් රෝගියාට සිදුවෙන අසාධාරයක් වෙතොත් ඔහුට ඉදිරියේ දී ගතහැකි ක්‍රියාමාර්ගයකට එය දී ඔහු අපහසුතාවයට පත් නොවීය යුතුයි' බවද එම​වෛද්‍යවරයා ඇයට පහදා දී ඇත​. තවද​ තමන් කවුරුන්දැයි රෝගියාට පෙනෙන නිසා රෝගියා ගැන බැලීමේ දී අනිර්වාරයෙන්ම තමන් කරන කාර්‍යයේ උපරිම​ කල්පනාකාරීව නිරත වන්නට හැකි බවත් ඔහු පෙන්වා දී ඇත​. එම උපදෙස් පිළිගෙන යතාර්තයද තේරුම් ගෙන එම වෛද්‍යවරිය පසු දින සේවයට පැමිනියේ මුහුන අනාවරණය කරගනිමින් බව එම වෛද්‍යවරයා මට පවසා සිටියේ සතුටිනි.

    *මේ ප්‍රතිචාරය තුලින් මා අදහස් කරන්නේ සියල්ලට මුල් කාරනාව අපේ චේතනාව බවයි. අප සියල්ල බැලිය යුත්තේ විවෘත මනසින් බවත් හොඳ චේතනාවකි දකින් සියල්ල හොඳ බවත් නරක චේතනාවකින් දකින දෙයක් නරකයි බවයි.

    ReplyDelete
    Replies
    1. 'එක්තරා රෝහලක S.H.O ලෙස සේවය කරන' ලෙස කියවන්න​

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා