මටත් ඕනෙ රැප් කරන්න; පොරක් වෙන්න; ෆේමස් වෙන්න - කලාවේ රෙද්ද කඩාගෙන උපන් කලාව



මේ ගීයක්. හැබැයි ඒක ගීයකුත් නෙමෙයි.

එහි පද රචනයක් තිබෙනවා. හැබැයි අර අපි දන්න ගේය පද රචනාවක් නම් නොවෙයි.  ඒ වුණාට හැම වචනයක් ම අර්ථ පූර්ණයි. ඒ වචන කිහිපය ගුළ ගැබ් වී තිබෙන්නේ පොතක් පුරා ලියන්න තරම් ගැඹුරු සමාජ දේශපාලන විවරණයක්.

එහි සංගීතයක් තිබෙනවා හැබැයි ඒක සංගීතයකුත් නෙමෙයි. ශබ්ද සංකලනයක්.

මෙහි වීඩියෝවක් තිබෙනවා. ඒත්, එහි තිබෙන්නේ එකම අසුන්දර පසුබිමක්. කොල්ලාත් කාලකන්නි පාටයි. වැඩිය වැඩ කෑලි නැහැ. සරළ සංස්කරණයක්.

රූප රචනයෙන්, රංගනයෙන් මතු කරන ගැඹුරු අරුත් බොහොමයි.

දැන් කාලේ අවැදගත් ම දෙය වන ගායනයකුත් මෙහි තිබෙනවා. ඒත්, එය ගායනයක් ද මන්දා.

එහි අගට ගැට ගසා තිබෙන  සමාජ මාධ්‍ය ප්‍රචාරක කෑලි නූතන සමාජ මාධ්‍ය යුගය තියුණු උපහාසයකට ලක් කරනවා.

හැබැයි, මේ සියල්ලට ම යටින් මතු කෙරෙන්නේ නුපමේය අමුතු රසයක්. භයානක යථාර්ථයක්. නිරුවත් කරපු ප්‍රාසාංගික කලාවක කැත චිත්‍රයක්.

මේ වනාහි කලාවේ ව්‍යාජත්වය කලිසමක සිප් එක ඇරලා වගේ පෙන්නන අපූරු කලා නිර්මානයක්.

එහි රස විඳීම ශිෂ්ට උපමාවකින් කියනවා නමි හරියට බොම්බිලි කරවල කනවා වගේ වැඩක්.

මම හිතන්නේ මේ අපි දන්න, සම්මත කලාවේ සියලු සීමාවන් ඉක්මවා ගිය මේක මොකක්ද? මම නම් හිතන්නේ මේ තමයි, කලාකරුවන්‍ විසින් නිර්මානය කරන ලද ව්‍යාජත්වයට පිරිනැමෙන උපහාරය.

මේකට මොකක් කියන්න ද? 

නිර්කලාව, ප්‍රතිකලාව, ඇන්ටි ආර්ට්, අරක මේක........

මං කැමතියි මේකට කලාහරණය කියා කියන්න. ඉංග්‍රීසියෙන් deartification 

Artification is a statement (articulation) which looks like a “work of art.

මම හිතන්නේ මේ නිර්මානය විසින් ඒ කලාත්මක පෙනුම බල්කු කණපිට ගහනවා වගේ අනෙක් පැත්ත හරවනවා. 

ඉතින් එතන තව දුරටත් ආට් නැහැ. කලාව නැති තැනින් තමයි මේ අලුත් කලාව පටන් ගන්නේ.  

මේක කලාවේ රෙද්ද කඩාගෙන උපන් කලාවක්. 

මේ ලිපිය ලියද්දි අමුතු අකුරු රටාවක් දැම්මේ ගීතයට ගැලපෙන්න.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. පැල්කවි වල ඉඳන් නුර්ති ගී වලටත් එතනින් සරල ගීතයටත් ආපු සිංහල ගීත කලාව කාලයත් එක්ක වෙනස් විය යුතුයි.ඒක අපි කැමති උනත් නැතත් වෙනවා.නැත්නම් අපි තාමත් පැල්කවි නැතිනම් නාඩගම් ගීත අහමින් ඉන්න එපැයි.මේ වෙනසට මුහුණ දෙන්නේ නැතිව සිංහල සුභාවිත ගීතය වලපල්ලට යනවා,ලංකාවේ ගීත කලාව ඉවරයි වගේ බයිලා ගහල වැඩක් නැහැ.හැබැයි ඒ වෙනස කරන්න අද ඉන්න ප්‍රබුද්ද ප්‍රවීණ කියන කට්ටිය බයයි ..ඊට වඩා තමුන්ගේ පරණ තැටියම නව සගීතේ කියල සික්ස් එයිට් පාරකට ගස්සෝල එලියට දාල පස්සේ මෙන්න මෙව්වා විකිනෙන් නැතෝ,කොල්ලෝ තැටි ගන් නැතුව සින්දු ඩවුන්ලෝඩ් කරනෝ, මීඩියා වල තැනක් නැතෝ වගේ ආඩපාලි ටිකක් මහින්ද ලොක්කට ඇහෙන්න අඬල පස්සේ උන්ද දෙන ඔය මොකක් හරි කාල තමුන්ගේ කම්ෆෝර්ට් සෝන් එකට වෙලා ප්‍රබුද්දයෝ ටික දොයි.මෙන්න මේ හින්ද ලුලා නැති වලට කණය පණ්ඩිතය වගේ සල්ලි ටිකක් තියෙන මොකෙක් හරි එකෙක් ස්ටුඩියෝ එකක මොකක් හරි මගුලක් රෙකෝඩ් කරලා නව සිංහල සංගීතය විදිහට අපිට අස්සෝනවා...ලෝකයේ විවිද සංගීත විධි එක්ක අපේ අල්ලපු රට පවා ඉස්සරහට ගිහින් තියෙන හැටි දැක්කම පරණ තැටි විකුණන් කන ප්‍රවීණයෝ ටිකකුයි සල්ලි මිසක් ටැලන්ට් නැති නවකයෝ ටිකකුයි අතරින් මොකක් හරි දෙයක් කරන්න හදන එකෙක් දෙන්නෙකුත් ඉඳ හිට මතු වෙනවා.

    ReplyDelete
  2. මේවට කොමෙන්ට් කරන එකත් අපරාදයක්..

    ReplyDelete
    Replies
    1. එහෙනම් තෝ comment කලේ අහවල් එකක් හින්දද??

      Delete
    2. පුක දී නසී මතලන්

      Delete
  3. මොකෝ මාතලන් අයියා කාලා ඉන්න අමාරුද? ඇත්ත දකිනකොට ඔහොම තමයි. හිතට අමාරුයි.

    ReplyDelete
  4. mata hina wendada, adandada, mokakada karanada ona kiyala therun naha.mama modayek ane ara ARJUNA aiyawath innawanam me gana mata therum karala denda. ane mata nam meka wihiluwak rate minussunge sabawa araganda uthsaha karapu moda wadak

    ReplyDelete
  5. ක‍රපු අය මේක ක‍රල තියෙන්නෙ තවත් සින්දුවක් කියන්න ඔන කමට නෙවි මම හිතන්නෙ විහිලුවක් උපහාසයක් ක‍රන්න ජෙහාන් වගෙ මේ ගප්පියත්
    මේ තියෙන්නෙ කලින් ක‍රපු එකක්
    http://www.youtube.com/watch?v=gqKPYFdJQWU

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා