ගොසිප් වෙබ් අඩවි ප්‍රධාන ධාරාවේ පත්තරවල පුවත් අමු අමුවේ කොපි කරන්නේ ඇයි?

ගොසිප් හෙවත් ඕපාදූප වෙබ් අඩවි ලංකාවේ ලෝක ව්‍යාප්ත ජාලයේ හරි ජනප්‍රියයි නේ. 

ඕපාදූප වෙබ් අඩවි සහ ඕපාදූප නො වන වෙබ් අඩවි මොනවාද කියා ‍වෙන් කර ගැනීමත් දැන් දැන් දුෂ්කරයි. 

මේ ඕපාදූප වෙබ් අඩවි ගැන මම දැන් කලක සිට නිරීක්ෂණයක ඉන්නවා.
මේ වෙබ් අඩවිවල 90%ක් ම පළ වන්නේ ජාතික පුවත්පත්වල පළ වුණ පුවත් හා විශේෂාංගවල කට් ඇන්ඩ් පේස්ට් හෙවත් අමු අමුවේ කොපි කිරීම්. හැබැයි, ඒවා කවදාවත් තමන් ඒ පුවත ලබා ගත් මූලාශ්‍රයවත් සඳහන් කරන්නේ නැහැ. ගොසිප් වෙබ් අඩවි සංස්කාරකවරුන් රඟපාන්නේ ඒවා තමන්ගේ ම සොයාගැනීම් වගේ.

ඔවුන් අලුත් පුවත් හෝ ඕපාදූප ගෙන එන අවස්ථා ගණන ඉතා සීමිතයි. ගෙන එන ඕපාදූප ගත්තත් බොහෝ දුරට අල්ලේ පැලවෙන බොරු. 

ගජබින්න ලංකාවේ ප්‍රවෘත්ති 'කලාවේ' ප්‍රධාන අංගයක්. සිදුවීම් පෙළ ගැසෙන හැටි බලා ඉඳලා රසවත් ප්‍රවෘත්ති පරිකල්පනය කරන්න සමත් මාධ්‍ය'වේදීන්' ලංකාවේ ඉන්නවා. මම පොඩි උදාහරණයක් පෙන්නන්නම්කෝ.

දැන් මේ දවස්වල ඉන්දියාවත් ලංකාවත් අතර 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත සංශෝධනය කිරීම ගැන කතා බහ පැවැත්වෙනවානේ. ඉතින් නිර්මාණාත්මක ප්‍රවෘත්ති වාර්තාකරුවෝ සිය පරිකල්පනයෙන් මෙවැනි ප්‍රවෘත්ති හදනවා. 

'පළාත් සභා ඔස්සේ ලංකාව බෙදන්න ඉන්දියාවත්, ඇමරිකාවත් අතර සාකච්ඡා' 
'13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කළොත් නැවත ඉන්දියන් හමුදාව එවනවා'
'13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අයින් නො කළොත් ඉල්ලා අස් වෙනවා, ගෝටා කියයි'
'එජාපය බලයට ගෙනෙන්න ඉන්දීය කුමන්ත්‍රණයක්; දෙමළ ජාතික සන්ධානයත් හවුල්' 

මේවායේ මූලාශ්‍ර වෙන්නේ‍ විශ්වාස කටයුතු ආරංචි මාර්ග, රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග, තානාපති ආරංචි මාර්ග ආදියයි. නම් නැහැ. ඇ‍නොනිමස්. ඉතින් ඔහොම ලියාගෙන ගිහින් ටික දවසකින් මෙහෙමත් ලියනවා. 
'ඉන්දීය ආක්‍රමණයකදී ලංකාවට උදව් කරන්න චීනය සූදානම්'

අම්මට සිරි! දැන් බලනකොට සිංහල පත්තරවලින් ලෝක යුද්ධයකුත් ආරම්භ කරලා.  වැඩේ කියන්නේ මේවා තමයි, පත්තරවල ප්‍රධාන ප්‍රවෘත්ති වන්නේ.

ගොසිප් සහ නිව්ස් අතර ලොකු වෙනසක් නැති බව  දැන් පේනවනේ. ඒ නිසා තමයි ගොසිප් වෙබ් අඩවි ප්‍රධාන ධාරාවේ පත්තරවලින් ප්‍රවෘත්ති කට් ඇන්ඩ් පේස්ට් කරන්නේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. සල්ලි හොයන්න තොරණ වගේ ඇඩ් දාන්නේ නැතිව, ඇත්තටම ගොසිප් සයිට් එකක් තිබුනා නං ඒ gossip9.com සහ එයාලගෙම exgossip.com කියන සයිට් විතරයි.

    අනිත් සයිට් ඔක්කොම වගේ සල්ලි හොයන්න ඇඩ් දැමීමේ පරමාර්ථයෙන් මොනා හරි දෙයක් කොපි පේස්ට් කරලා දාන වෙබ්සයිට්. ඉස්සර ගොසිප්9 තියෙද්දී එකේ තියෙන නිවුස් කොපිපේස්ට් කරපු උන්දලා දැන් පත්තරේ තියෙන එක එහෙම්ම කොපි පේස්ට් කරලා දානවා.

    මම නං ඔය පත්තරේ තියෙන නිවුස් එක කොපි පේස්ට් දාන වෙබ්සයිට් කිහිපයක් නිරීක්ෂණය කරලා තියෙන්නේ. එව්වා බලන එක අත්හැරියා මම. මොකද පත්තර වල තියෙන නිවුස් බලන්න තොරණ ව අගේ ඇඩ් දාලා තියෙන ගොසිප් සයිට් වලට යන්න ඕනි ඇයි?කෙලින්ම පත්තරේ සයිට් එකට ගිහින් බලනවනේ.

    ReplyDelete
    Replies
    1. හොට් ඇන්ඩ් ෆාස්ට් නිව්ස් කියලා යන එක G9 එක නෙවේද බන් .........?

      Delete
    2. ඇනෝගේ අදහස සම්පූර්ණයෙන් අනුමත කරණවා. ඇත්තටම මේ සයිට් වලින් කිසිම වැඩක් නෑ. උදේට මල් කුමාරයගේ මුල් පිටුවේ මේ ඔක්කෝම බොහොම රහට කියනවා. මගේ සින්ඩියේ තියෙන එවාත් ඉවත් කරන්න හිතාගෙන ඉන්නේ.

      Delete
    3. hotandfastnews.com යනු gossip9.com වලට සම්බන්ධ වෙබ්අඩවියක් නොවේ. ගොසිප් 9 සයිට් එක තිබුණු කලේ සිටම තිබුණු සයිට් එකකි.

      ගොසිප් 9 එකට ලිපි සැපයු කිහිප දෙනෙක් දැන් hotandfastnews.com එකට ලියති. ඒ හැරෙන්න gossip9.com හි ෆේස්බුක් පිටුවක් වන https://www.facebook.com/UFOSriLanka හි පලවන ලිපි ගෙඩිපිටින් ඉහත වෙබ්අඩවියේ පළවේ.

      -මුල්ම කොමෙන්ට් එක දාපු ඇනෝ-

      Delete
    4. ගොසිප් අඩවි වලින් වෙන එක සේවයක් තියනව. පත්තරවල නිව්ස් මඟහැරෙන්නෙ නැතුව කියවන්න පුළුවන්. :-)

      මාතලන්,
      ගොසිප් අඩවි නිසා වැඩකට නැතුව සින්ඩි වල තියන බ්ලොග් යටයනව. එකසැරයක් මම ලාංකීය එකට මේගැන කිව්ව. වැඩක් උනේ නෑ.

      Delete
  2. වෙබ් පරිශීලකයාJuly 5, 2013 at 7:43 AM

    මම දන්නා තරමට හොට් ඇන්ඩ් ෆාස්ට් නිව්ස් කියන්නේ gossip9 එකම තමයි

    ReplyDelete
    Replies
    1. පිස්සු. Gossip9 තියන කාලේ ඔය සයිට් එක ගෙඩි පිටින් Gossip9 ලිපි හොරකම් කළා. දැන් පත්තර වල ඒවා ගෙඩි පිටින් සොරකම් කරනවා. ඒ විතරක් නෙවෙයි, ගොසිප්9 වල් ෆේස්බුල් පිටුවක් වන www.facebook.com/UFOSriLanka වල ලිපි තමා ගත්ත තැනවත් කියන්නේ නැතුව hotandfast කාරයා දාන්නේ

      Delete
  3. වෙබ් ඇනලිස්ට්July 5, 2013 at 7:45 AM

    මටත් හිතෙන්නේ http://www.hotandfastnews.com/ කියන්නේ gossip9 එකම තමයි

    ReplyDelete
    Replies
    1. මෝඩ ආතල් ගන්න එපා. තව දින කිහිපයක් ඉවසන්න. Gossip9 නැවතත් ඔබ අතරට පැමිනීමට නියමිතය. මේ වනවිට ඔවුන් නව වෙබ් අඩවිය සඳහා සුදුසු නමක් සොයමින් පවතී.
      -ඒ ගැන දන්න එකෙක්-

      Delete
    2. ගොසිප් 9 සහ hotandfastnews දෙකම එකක්‌ නොවන අතර ගොසිප්‍ 9 නැවත ක්‍රියාත්මක නොවේ .

      Delete
  4. පැරාගේ මීළඟ ලිපිය = "බුර්කා තහනම සහ මාමාස්මාමි ඝාතනය"
    ඔන්‍න‍ බලපන් බොරුද කියලා.
    මාමාස්මාමි ඝාතනය මුවාවෙන් රජය බුර්කාව තහනම් කරමින් මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට සැරසෙයි කියලා උඩ පැනල දායි,
    හැබැයි අර මුස්ලිම් දොස්තරලා දෙන්නා සිංහල අම්මලාව බලෙන් වඳ කරපු ඒක ගැන වචනයක් කියන්නේ නෑ, ඔන්න මුගේ සමාජ සාධාරණත්වය.

    - අර්ජුන -

    ReplyDelete
    Replies
    1. @ Arjuna:- හරිය හරි මචන් ! මුන් ඔක්කොම එකයි

      Delete
    2. අනේ අර්ජුන ............නොදුටු මොක් පුර

      Delete
    3. @AnonymousJuly 5, 2013 at 11:11 AM
      ඇයි පැරා ඇනෝ එන්නේ,දැන් උඹට කවුද මොක්පුර පෙන්නුවේ අඟල් 8ක් 9ක් දිග අරාබි කාරයෙක්ද?

      - අර්ජුන -

      Delete
    4. ane arjuna ..........nodutu mokpura
      agal 8,9 arabi kaaryo koheda inne. arjunalage ammage gameda?

      Delete
    5. ko me arjuna kiyana arabi agal 8,9 ewa gana heena mawana modaya. ane pawe mokpura gihillada. mama umbe para ano ban.umbanam maha hikanalayek macho............

      Delete
    6. ගොසිප් 9 සහ hotandfastnews දෙකම එකක්‌ නොවන අතර ගොසිප්‍ 9 නැවත ක්‍රියාත්මක නොවේ .

      Delete
  5. කැළණි කැම්පස් කොල්ලෝ සෙට් එකJuly 5, 2013 at 12:02 PM

    http://www.hotandfastnews.com/ කියන්නේ නියම සයිට් එකක් උන්ගේ තොරණ වගේ ඇඩ් නෑ ගහන්න ඕනේ තැනට නියමෙට ගහනවා වදින්න ඕනේ තැනට නියමෙට වදිනවා.

    ReplyDelete
    Replies
    1. හක් හක් හා.....
      හොට් ඇන්ඩ්ෆාස්ට් කාරයා මේකේ පිනුම් ගහ ගහ නානවා
      ඒත් පුක එලියේ
      මට කියන්න තියෙන්නේ මෙච්චරයි

      හූහූහූහූ................

      උඹම ඇවිත් උබේ සයිට් එක හොඳයි කියලා කමෙන්ට් දාගන නේද?
      ලැජ්ජයි බං

      -මොරටුවේ කොල්ලෝ සෙට් එක-

      Delete
  6. සෙත්සිරිපාය නිලධාරියෙක්July 5, 2013 at 12:07 PM

    උඹල මොනවා කිව්වත් අපි බලන්නේ http://www.hotandfastnews.com/ විතරයි එකේ විතරයි බලන්න කියල දෙයක් තියෙන්නේ hotandfast කාරයා කොමේන්ට්ස් උනත් ඕනේ එකක් පබ්ලිෂ් කරනවා බොරුනම් ගිහින් බලපන්

    ReplyDelete
    Replies
    1. මම ඔට්ටුවක් අල්ලනවා. උබ එක කම්න්ට් එකක් දාපන් ඌට බැනලා.. ඒවා දාන්නේ නෑ ගොනෝ. උඹ ලිඳේ ඉන්න මැඩියෙක් වගේ.

      මීට පිටකොටුවේ වෙළෙඳෙක්

      Delete
  7. ගොසිප් ලංකා නිවුස්July 5, 2013 at 12:10 PM

    ඇයි ඉතින් උඹලට ඊරිසියයිද http://www.hotandfastnews.com/ එක නැගල යනවට

    ReplyDelete
    Replies
    1. තමන්ගේ සයිට් එකෙන් 10%ක් වත් ටැෆින් නැති සයිට් වලත් ස්පෑම් කරන එකෙන් හොට්ඇන්ඩ්ෆාස්ට් වල බංකොලොත් කම හොඳට පේනවා.

      Delete
    2. ටැෆින් නෙවෙයි යකෝ ට්‍රැෆික්

      Delete
  8. # කැළණි කැම්පස් කොල්ලෝ සෙට් එක, සෙත්සිරිපාය නිලධාරියෙ, ගොසිප් ලංකා නිවුස්,වෙබ් පරිශීලකයා, වෙබ් ඇනලිස්ට්


    ඔය ඔක්කොම කොමෙන්ට් දාලා තියෙන්නේ හොට්ඇන්ඩ්ෆාස්ට් කාරයා තමයි. ඌ තමයි ලජ්ජා නැතිව උගේ ගැනම හැම තැනම කියව කියව යන්නේ. ගොසිප් 9 එකෙත් හැම තැනම මුගේ කොමෙන්ට් දදා "මේකේ නියම වැඩ කෑල්ල මෙතනින්" කියකියා රුන්නා. බැරිම තැන ගොසිප්9 එකේ ගොසිපා මුගේ කොමෙන්ට් ඩිලීට් කරා.

    දැන් විලිලජ්ජා නැතිව ගොසිප්9 ගේ ෆේස්බුක් පේජ්එකේ තියෙන UFO ලිපි ගෙඩිපිටින් උස්සලා දානවා. ඔය සයිට් එකේ තියෙන ඔක්කොම නිවුස් පත්තර වලින් කොපි පේස්ට්. යකෝ හොට්ඇන්ඩ්ෆාස්ට් ගොනෝ, අපි උබේ සයිට් එක විතරක් නෙමේ බලන්නේ.

    හැබැයි මම කියන්නේ නෑ හොට්ඇන්ඩ්ෆාස්ට් කියන්නේ ගොසිප්ලංකා වගේ ගූ හැත්තෑවේ සයිට් එකක් කියලා. ඒත් පොන්න වැඩකරනවා නං එව්වා ගැන කියනන් වෙනවා. ගොන් ආතල් නොදී අනුන්ගේ පොස්ට් කොපිපේස්ට් නොකර නිවුස් එකක් හොයලා, ඒක ටයිප් කරලා දානවනං හොට්ඇන්ඩ්ෆාස්ට් එකට හොද අනාගතයක් තියේ.

    නැත්තං ඉතින් හැමදාම වේ වගේ එක එක නම් වලින් ඇවිත් තම්නුගේ පුරාජේරු කියකියා කින්ඩි වෙලා යන්න සිදුවේ.

    ReplyDelete
  9. රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයJuly 5, 2013 at 12:32 PM

    අපි බලන්නෙත් http://www.hotandfastnews.com/ විතරයි

    ReplyDelete
    Replies
    1. ආණ්ඩුවේ උන්ටම හොඳා. මෝඩ හැත්ත

      Delete
  10. අනේ ගොන් හැත්ත හොට්ඇන්ඩ්ෆාස්ට් සයිට් එක ප්‍රසිද්ධ නොකර ඉදහල්ල. මෝඩ ගොන් රැල ටික උගේ සයිට් එකට නිකම් පබ්ලිසිටි එක දෙනවා. දැන් වත් උඹලගේ ගොන් වැඩ නවත්තපල්ලා... මෝඩ රැල

    ReplyDelete
  11. කොහොම වුණත් ගොසිප්9 එක ගොඩක් අණාවරනයන් කළා,ඒ නිසායි ඒක වාරණය වුණෙත්..ඔවුන්ගේ නිවුස් ඇලර්ට් සේවාව එහෙම ගොඩක් වටින එකක් වුණා.

    ReplyDelete
  12. අද දවසේ පුවත්පත් ආයතනවල සේවය කරන වාර්තා කරුවන් සහ මාධ්‍ය වේදීන් නිරන්තරයෙන් ලොග්වෙලා ඉන්නේ අන්තර් ජාලයේ. ඉතින් අමුතුවෙන් ලියන්න මහන්සි වෙන්න ගවේෂණය කරන්න වෙහෙසෙන්න ඕනෙ නෑ. උණු කැවුම් වගේ වෙබ් අඩවිවල පළවන පුවත් ගෙඩි පිටින්ම හෙට උ‍දේ පත්තරේ වැටෙන්නේ ඒ නිසා.. එකක් තමයි නිර්මාණශිලි ලේඛණ හැකියාව හිඟකම කියලා මට හිතෙන්නේ..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා