වැසිකිළියේ හැංගුණ ළමයා හා අපි

පහත පළ වන්නේ මේ දිනවල ජනප්‍රිය පුවතක්.


කොළඹ ප්‍රසිද්ධ පාසලක සිසුවෙක් නිල ඇඳුමින් පොල්ගහවෙල පාසලක කාන්තා වැසිකිළියක
කුරුණෑගල - අජන්ත බණ්ඩාර රත්නායක

පොල්ගහවෙල ප්‍රසිද්ධ පාසලක කාන්තා වැසිකිළියක් තුළ සිටියදී අල්ලා ගනු ලැබූ බව කියන කොළඹ ජනප්‍රිය විද්‍යාලයක ඉගෙනුම ලබන උසස් පෙළ සිසුවකු පෙරේදා (24දා) පොල්ගහවෙල පොලිසියට භාර දී තිබේ.

මීට පෙර අවස්ථාවකදී පොල්ගහවෙල පාසලේ කාන්තා වැසිකිළියක් තුළ සිටි නිරුවත් පුද්ගලයකු සිසුවියන් බියගන්වා පලාගිය බවටත්, තවත් අවස්ථාවකදී එම පාසලේ කාන්තා නේවාසිකාගාරය අසල නිරුවත් පුද්ගලයකු සැරිසරමින් සිටි බවටත් වාර්තා වීම නිසා වඩාත් විමසිලිමත්වී ඇති එම විද්‍යාලයේ ගුරුවරුන්ට පෙරේදා උදෑසන පාසල් නිල ඇඳුමෙන් සැරසී කාන්තා වැසිකිළිය තුළ සැඟවී සිටි මෙම සිසුවා අල්ලාගැනීමට හැකි වී තිබේ.

අල්ලාගත් සිසුවාගෙන් පාසල් විදුහල්පතිවරයා සහ ගුරුවරුන් කළ ප්‍රශ්න කිරීම්වලදී මීට පෙර සිදුවීම්වලදීත් පැන දිව්වේ තමා බවට පාපෝච්චාරණය කර ඇතැයිද 'මව්බිම'ට වාර්තා වෙයි.

සිසුවාගෙන් වැඩිදුරටත් කළ ප්‍රශ්න කිරීම්වලදී තමා කොළඹ ජනප්‍රිය විද්‍යාලයක වාණිජ විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරන සිසුවකු බවත්, 12 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටින බවත් ප්‍රකාශ කර තිබේ. සිය මවුපියන් පෞද්ගලික අංශයේ ඉහළ රැකියාවල නියුතු වූවන් බවත්, පිළියන්දල ප්‍රදේශයේ පදිංචි වී සිටින බවත්, පාසල් එන බව අඟවා නිවෙසින් පිටත් වී දුම්රියෙන් පොල්ගහවෙලට පැමිණ මෙම පාසලේ කාන්තා වැසිකිළිය තුළ සැඟවී සිටි බවත් ප්‍රකාශ කර තිබේ. මෙම සිසුවා ළඟ තිබී කොළඹ ඔහුගේ පාසලින් නිකුත් කරන ලද සිසු හැඳුනුම්පතක් ද සොයාගෙන තිබේ.

මෙම සිසුවා යම් මානසික ආබාධයකින් පසුවන බව පෙනී ගිය බැවිනුත්, සුදුසු පියවරක් ගැනීම සඳහාත් අල්ලාගත් සිසුවා පොල්ගහවෙල පොලිසියට භාරදීමට අදාළ විද්‍යාලයේ විදුහල්පතිවරයා කටයුතු කර තිබේ.

මෙම පුවතේ කියැවෙන කරුණුවලින් සමාජයේ ගැටලු කීපයක් ප්‍රකාශ වෙනවා.

මේ වැරදිකාරයා බාල වයස්කරුවෙක්. ඔහු මානසික ගැටලුවකට මුහුණ දී සිටින කෙනෙක්. ඔහුගේ චර්යාව සමාජයට ගැටලුවක්. වගකිව යුතු සමාජයක් ලෙස ඔහුට අප කළ යුතුව තිබෙන්නේ එම චර්යාව පාලනය කර ගැනීම සඳහා උදව් කිරීමයි.

ඒත් සිදු වී තිබෙන්නේ කුමක් ද?

මේ සිසුවාගේ සිද්ධිය එළි වූ පසු අපි ඔහුව හෙළිදරව් කළා. ඔහු පිළිබඳ විස්තර මාධ්‍යවලට දුන්නා. ඔහු අගනුවර ප්‍රසිද්ධ පාසලක ඉගෙන ගන්න බව කිව්වා. මව්පියන් සමාජයේ වැදගත් රැකියා කරන අය බවත් කිව්වා. නම නො කිව්වාට ඉඟි ගොඩක් දුන්නා. කටකතාවලට තටු දුන්නා. ඇයි?

අගනුවර ප්‍රසිද්ධ පාසල් එක්ක අපි තරහයි. සමහර විට ඒ අ‍පි ගමේ නිසා. අපේ ළමයින්ට ඒ පාසල්වලට යන්න අවස්ථාව නැති නිසා. කොහොමත් ගමට කැකිරි කියලානේ අපි හිතාගෙන ඉන්නේ.

මේ ළමයා වැදගත් රැකියා කරන මව්පියන්ගේ දරුවකු ය කියා මතු කර දක්වන්නේ ඇයි? අප කරන රැකියාවට වඩා 'වැදගත්' ය කියලා 'පිළිගැනීමක්' ඇති රැකියා කරන අය එක්ක අපි ඉරිසියායි. සමහර විට, ඒ අය අප පෙළන නිසා වෙන්න ඇති.

එතකොට මේ පුවතෙන් ප්‍රකාශයට පත් වන අපි කියන්නේ මානසික රෝගීන් හෙළා දකින, නගරයට, එහි පාසල්වලට, වැදගත් රැකියා කරන අයට ඉරිසියා කරන පිරිසක්.

මම නම් හිතන්නේ අපි වැසිකිලියේ හැංගිලා නො හිටියාට අපේ මානසිකත්වය නම් තියෙන්නේ වැසිකිලි වළේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. මාත් එකග වෙනවා මල්ලී. මෙන්න මගෙන් උම්මා එකක්.

    ඇයි අවුල්ද​?
    සමාජවදේ ලග එනවා එතකොට බලා ගමු.....

    ReplyDelete
  2. අනිත් කාරණය - විකෘති නාටකයේ එන පරිදි

    "...අඩු තරමේ වාණිජවත්?"

    ReplyDelete
    Replies
    1. mata hitanawa ae kiwwe diyunu samajayk gana kiyala

      Delete
    2. WESIKILI WALE KIYANA KOTA MATA THAWA GODAK DEWAK SIHIYATA ENAWA.

      Delete
  3. agreed............

    ReplyDelete
  4. Aththenma ehema karapu eka katha wadak.

    ReplyDelete
  5. මම නම් හිතන්නේ අපි වැසිකිලියේ හැංගිලා නො හිටියාට අපේ මානසිකත්වය නම් තියෙන්නේ වැසිකිලි වළේ.
    Ela. .. Umba vitharai hadavathata ekangava aththa katha karanne.

    ReplyDelete
  6. අපොයි මචෝ වැසිකිළි වලෙන් ගොඩට එන්න බලපං

    ReplyDelete
  7. වැසිකිලියේ නාමයෙන් නොකළ යුත්ත නම් තමනට උවමනා හැටියට නිර්වචනය කරගෙන පවතින සංකල්පයක් විවේචනයයි. විද්වත් යැයි පෙනී සිටින්නා වැසිකිලි යාමේදී සමාජයට ලැජ්ජා උපදවන ආකාරයකින් හැසිරෙන්නේ අවංක නොවීමෙනි, දන්නා දේවල් සැඟවීමෙනි,වැසිකිලි යාම්දී දැන සිටිය යුතු දේවල් නොදැන සිටීමෙනි.

    මේලෙස වැසිකිලි යන අයට කියන්නෙ පරදු දරන අය (stakeholders) කියල. ඕනෑම මතභේදයක දී මේ අය කවුරුන් දැයි සොයාගන්නට හැකිනම් අවුල ලිහා ගන්න පහසුයි. සමහර පරදු දරන අය ගැන අපිට වැඩියෙන් ඇහෙද්දී, ඉතා ඛේදනීය තත්වයන්ට මුහුණ දෙන පරදු දරන්නන් ගැන අහන්නවත් ලැබෙන්නෙ නැති අවස්ථා තියෙනවා.

    පැරා මොකද හිතන්නේ මේ වැසිකිලි යාමේදී අවංක නැති පරදු දරන අය ගැන?

    ReplyDelete
  8. මෙවන් දරුවෙක්ගේ මානසික මට්ටම මෙතරම් දුරට පිරිහෙන්න හේතුවූ කරුණු කාරණා පිළිබඳව සොයා බැලිමත්, ඒ දරුවා එතරම් දුර යන්න්ත් හේතුව සොයා බලා ඊට පිලියමස් යෙදිය යුතුය.

    ඔබේ ලිපිය සමඟ එකගයි

    ReplyDelete
  9. පැරා මොකද කොළඹ පාසල් ළමයි ගැන අනුකම්පාවක්. තමුන් සමාජවාදය ගැන වැදි බණ කියමින් කෙල්ලෝ දෙන්නව කොළඹ යවන හින්දද?

    ReplyDelete
  10. පැරා මේ විදිහෙම සීන් එකක් මගේ යාළුවෙක්ට තිබුනා.... මට වයස 19යි ඒ කාලෙ.... මමයි තව මගේම බොක්කෙ ෆිට් එකෙකුයි ඌත් එක්ක මේ ගැන ඩිරෙක්ට් කතාකරලා ඌට මේක මානසික රෝගයක් බව පැහැදිලි කරලා දුන්නා....

    ඊට පස්සෙ මෑන්ගෙ ගෙදර අයටත් කාරණේ දැනුම් දීලා අපිම දොස්තර හරිශ් ගාවට එක්කන් ගිහින් බෙහෙත් අරන් දුන්නා... අද ඌ ලස්සන ජීවිතයක් ගෙවනවා...

    පව්... මේ කොල්ලගෙ ජීවිතේ නම් එහෙම ලස්සන වෙයිද මන්දා.... අද කාලෙ ගුරුවරු කියන්නෙ අමු හරක්....

    ReplyDelete
    Replies
    1. ඔයා වගේ යාළුවෙක් එයාට හිටියනං එයත් ගොඩ . එහෙම යාළුවෝ කොහෙද අද , අතේ තියන එකට කෙලින උන් මිසක්

      Delete
  11. කාලෙකට පස්සෙ පැරා එක්ක 100% එකඟයි.

    ReplyDelete
  12. "කොහොමත් ගමට කැකිරි කියලානේ අපි හිතාගෙන ඉන්නේ.".......හිතාගෙන ඉන්නේ නෙවෙයි... ඒක තමයි ඇත්ත.....තාමත් නගරයේ පාසල් වලට තමයි සියලුම පහසුකම් ලැබෙන්නෙ. සමහර නගරයේ පාසල් වලට ගෘහස්ථ ක්‍රීඩාගාර ලැබෙනකොට තවමත් සමහර ගම් වල ලමයි ඉන්නවා පරිඝනකයක් දැකලවත් නැති......... අන්න ඒ යථාර්තය හන්ගන්න උත්සහ කරන්න එපා..................

    ReplyDelete
  13. එතකොට ඔය වගෙ සිද්ධියක් ගමක පාසලක උනා නම් මාධ්‍ය හැසිරීම කොහොමද? ලමයගෙ නමයි, පාසලේ නමයි, ප්‍රින්සිපල්ගෙ නමයි, සේරම ප්‍රසිද්ධ වෙනව නේද?........ ඇයි ඒ ගැන කතා කරන්නෙ නැත්තෙ?.....

    ReplyDelete
  14. ගමට කැකිරි...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා