දළු කඩන "තේමිස්ලා" හා ඵල නෙළන සර්ලා

පසුගිය දිනෙක මගේ මිතුරන් පිරිසක් වි‍දේශ රැකියාවල යෙදෙන ගැහැනුන් ගැන කරමින් සිටි කතාබහකට සහභාගි වුණෙමි. ඔවුන් කතා කරමින් සිටියේ ලංකාවේ ගෘහ සේවිකා ගැහැනුන් මැද පෙරදිගදී හිංසනයට ලක් වන්නේ ඇයි ද යන්නයි. ඔවුන් එයට එක් හේතුවක් ලෙස දුටුවේ ගැහැනුන්ගේ වනච‍රකමයි. ගෘහ සේවිකාවන් ලෙස ලාංකීය ගැහැනුන් රට යැවීම තහනම් කළ යුතු බව එකෙක් කීවේ ය. එහෙම කළොත් රජයේ සේවකයන් වන ඔවුන්ට වැටුප් ගෙවීමට රජයට මුදල් නැති වන බව මම කීවෙමි. මේ වන විට රටේ ප්‍රධාන විදේශ විනිමය උත්පාදන මාර්ගය වන්නේ ලාංකීය ගැහැනුන් වහල් සේවය සඳහා රට පැටවීම බව මම‍ පෙන්වා දුන්නෙමි.

එපමණක් නො ව, තවත් ප්‍රධාන ආදායම් මාර්ගයක් වන ඇඟලුම් කර්මාන්තයේ ද යෙදී සිටින බහුතරය කාන්තාවෝ ය. සම්ප්‍රදායිකව ම තේ, රබර් වැනි කර්මාන්තවල යෙදී සිටින්නන්ගෙන් බහුතරය ද කාන්තාවෝ ය.

එහෙත්, ලංකාවේ මධ්‍යම පංතික‍යන් මෙවැනි වෘත්තීන් දෙස බලන්නේ මහත් පිළිකුළෙනි. අම්මලා මැද පෙරදිග රටවල රැකියාවල යෙදී සිටින දරුවෝත්, අම්මලා ඇඟලුම් කම්හල්වල රැකියාවල යෙදී සිටින දරුවෝත් ගුරුවරුන්ගේ අවඥාවට ලක් වන ආකාරය මම දැක ඇත්තෙමි.. එවැනි අවඥාවට ලක් කිරීම්වලට කාන්තාවෝ ද සහභාගි වෙති.

අපේ පැත්තේ‍ ලොකු, කුඩා තේ වතුවල දළු නෙළීම සඳහා උග්‍ර ශ්‍රම හිඟයක් ඇත. එහෙයින් දළු නෙළන ගැහැනුන්ට හොඳ ඉල්ලුමක් තිබේ. දළු කඩන්නට කාන්තාවන් එක්කගෙන යාමට ගෙදර ළඟට ම වාහනය එයි. ආපසු ගෙනත් ඇරලීම ද කරනු ලැබේ. නැතිනම්, ඊළඟ දවසේ එම කාන්තාවන් දළු කඩන්නට එහි යන්නේ නැත. ඇතැම් දළු නෙළන කාන්තාවෝ හොඳින් ඇඳ, පැළඳ අත් බෑග් එල්ලාගෙන බසයේ යති.  වරක් එක් රජයේ රැකියාවක නියුතු පුද්ගලයෙක් මෙම කාන්තාවන් මට පෙන්වා ඔවුන් කවුරුදැයි දන්නවාදැයි ඇසී ය. මම නො දන්නා බව කීවෙමි. ඒ "තේමිස්ලා" යි ඔහු උපහාසයෙන් කීවේ ය. ඒ කවුරුදැයි ඇසූ විට ඔහු තේ දළු කඩන මිස්ලා යි පැහැදිලි කර දුන්නේ ය. මිස් යන අව්‍යක්ත ඉංග්‍රීසි වදනට ඇති ලාංකික අරුත්වලට මේ ළඳුන් නො ගැලපුණත්, ඔවුන් එසේ පෙනී සිටින්නට උත්සාහ කරන බව මේ සර්ගේ අදහස විය. 

එක් කුඩා තේ වතු හිමියෙක් මා සමග පැවසූ කරුණක් වන්නේ වැඩි කලක් යන්නට පෙර ලංකාවට තේ වතුවල වැඩ කිරීම සඳහා කම්කරුවන් පිටරටින් ගෙන්වන්නට වන තරම් ශ්‍රම හිඟයක් නිර්මානය වෙමින් තිබෙන බවයි. ඇඟලුම් කර්මාන්තයේ ද තත්වය එයයි. 

ගෘහ කටයුතුවලදී කාන්තාවන්ගේ ශ්‍රම දායකත්වය පිළිබඳ කිසිදු ආර්ථික තක්සේරුවක් නැත. එහෙත්, එහිදී කාන්තාවන් විසින් දක්වන දායකත්වය අත්‍යවශ්‍ය හා සුවිශාල එකකි. 

ලංකාවේ ගැහැනුන් මැද පෙරදිග ගෘහ සේවිකා වහල් සේවයෙන් උපයන්නේ ලංකාවේදී ඔවුන්ට අපහසු නැතිව ඉපැයිය හැකි මුදලකි. ඇමති ඩිලාන් පෙරේරා මෙම කම්කරුවන්ගේ සේවා නාමය වෙනස් කිරීමට යෝජනා කරන මුත්, ඔවුන්ගේ ‍සේවා තත්වයේ නම් කිසිදු වෙනසක් පසුගිය දශක ගණනාව තුළ ම අපි දැක නැත.

ලංකාවේ ආර්ථිකයට මෙම කාන්තාවන්ගෙන් මීට වඩා දායකත්වයක් ලබා ගත හැකිමුත් ආණ්ඩුව ඵලදායිතාවට වඩා අවධානය යොමු කර තිබෙන්නේ එදා වේල පිරිමසා ගැනීම සඳහා විදේශ විනිමය ඉපැයීම පිණිස ය. 

කාන්තාවන් සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය නිරූපණය වන ප්‍රකාශයක් පසුගිය දිනෙක කාන්තා පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමකදී ම කතානායක චමල් රාජපක්ෂ විසින් කරන ලද බව මාධ්‍ය වාර්තා ක‍ළහ. ඔහු කියන්නේ කාන්තාවන් නායකත්වයට පත් වුණා ම අනෙක් අය කියන දේ නො අසා ඒකාධිපති ස්වරූපයකින් වැඩ කරන ප්‍රවණතාවක් ඇති බව ඔහු පැවසී ය.

මේ වනාහි කිසිදු අධ්‍යයනයක් මත පදනම් වූ නිගමනයක් හෝ බුද්ධිමත් නිරීක්ෂණයක් නො වේ. සාමාන්‍ය ගමේ ගොඩේ කියමනකි. මෙහි සත්‍යසත්‍යතාව පිරික්සීම සඳහා අධ්‍යයනයක් කර බැලිය යුතු ය. අපට නම් සාමාන්‍යයෙන් පෙනෙන පරිදි බලය හමුවේ දූෂණය වන ප්‍රවණතාවට ගැහැනු, පිරිමි භේදයක් නැත. එහෙත්, වැඩිපුර ඒකාධිපතීන් වී තිබෙන්නේ පිරිමි මිස ගැහැනු නො වේ. 

ලංකාවේ පිරිමි දේශපාලනය, ව්‍යාපාර කළමනාකරණය හා පවුල් පාලනය කරති. එහෙත්, ආර්ථිකයේ යටිතලය පදනම් වන්නේ කාන්තා ශ්‍රමය මතයි. 

ලාංකීය සමාජය තුළ කාන්තාව සතු විභවය වනාහි  හඳුනා නො ගත් බලයකි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. පැරා,

    නිව් යෝර්ක් නගරාධිපති සෝඩා පානයේ ආදීනව ගැන කියමින් ඊට තහනම් ගෙනෙමින් හොට් ඩෝග් කොච්චරක් ගිලින්න පුළුවන් දැයි උත්සව පැවැත්වීම පිළිබවද පැරාගේ අදහස මොකක්ද?

    ReplyDelete
    Replies
    1. උෙඹ් අදහස ෙමාකක්ද මචං..............

      Delete
    2. පැරකුම්, පවතින සංකල්පයක් දෝෂ සහගත නම් එය වෙනුවෙන් වෙනත් සංකල්පයක් ගෙනැවිත් සාධක පෙන්වා නව සංකල්පය ඔප්පු කරත යුතුයි.

      අධ්‍යයනක් නම් එය සත්‍යයක් යැයි සිතා, කල්පනා කරන්නට නුහුරු අධ්‍යාපනයක් ලැබූ 84.7% මිනිසුන් පිරිසක් විමර්ශනයකින් තොරව පිළිගැනීමට පෙළඹෙති.

      ඒත් අර කළින් කියපු 1960 ගණන් වල දී ගෘහ සේවිකාවට සිද්ධ වෙච්ච නාඩගම තමයි මේ ආයෙත් දළු නෙළන ගැහැනුන්ට සිද්ධ වුනේ කියල දැක්කෙ ටික දෙනෙක් පමණයි.

      තම රැකියාව කුමක් දැයි තෝරා ගැනීම ආණ්ඩුවේ ද? යම් පිරිසකගේ ද? ඒකීය පුද්ගලයාගේ ද?!!!

      Delete
    3. උඹනම් පිස්සු පොරක් බන් +++++++ :)

      Delete
  2. ලංකාවේ පිරිමි වැඩි වශයෙන් දායකවන්නේ රටේ කළු ආර්ථිකයටයි. ගැහැනු දායකවන්නේ සුදු ආර්ථිකයටයි. ඔන්න ඕකයි තත්ත්වය.

    ReplyDelete
  3. බොදු බල එක එක එක ආත බූත කරන්න කලින් මේ වහල් වෙලදාම නවත්වන්න කටයුතු කරනවා නම්........

    ReplyDelete
  4. මමත් ඉස්සර තේමිස් කෙනෙක් එක්ක යාලුවෙලා හිටියා.....

    ඇයි අවුල්ද මල්ලී?

    ReplyDelete
  5. ලංකවෙ සමහර කම්කරුවන් තමන් කම්කරු ‍රැකියා කරන බව පවා නොදනිති.ඔවුන් අනිත් කම්කරුවන්ගේ ‍රැකියා ඉතා පහත් කොට සලකති.එමනිසා තමන් කම්කරුවන් බව දන්නා කම්කරුවන්ද එම ‍රැකියාවන් කිරිමට මැළිකමක් දක්වයි.අඩු වැ‍ටුපක් ලැබුනද උසස්යැයි සලකන කම්කරු ‍රැකියවකට ඔවුන් යොමුවෙති.
    A.Fernando

    ReplyDelete
  6. " miss " යන්න අව්‍යක්ත ඉංග්‍රීසි පදයක් යැයි කියන්නේ ඇයි... ?

    ReplyDelete
  7. සෑම මිනිසෙකුම රැකියාවක් කිරීම තුලින් පරමාර්ථ දෙකක් මුදුන්පත් කර ගැනීම අපේක්ෂා කරයි.පලමුවැන්න එයින් ලැබෙන ආර්ථික දායකත්වයයි. රැකියාවක් කිරීම තුලින් ලැබෙන සමාජමය පිලිගැනීම සහ අභිමානය දෙවැන්නයි.මෙම දෙකම ඉටුවන රැකියාවන් සදහා ආකර්ශණයක් පවතී. රජය කළ යුත්තේ සෑම රැකියාවකම අභිමානය ගරුත්වය සුරක්ෂිත කිරීමයි. ජපානයේ overall (වැඩ ඇදුමින් ) පැමිනෙන කාර්මිකයන්ට බැංකුවේ පෝලිමින් පිට සේවාවන් සපයන බව මම අසා තිබෙනවා.
    ඉන්දික

    ReplyDelete
  8. i have always felt that way for a log time. people still hv alot of oppertunities here in sl. gawnts pqy arnd 30 to 40k averahe a month. bein a garment worker should nt b different i any way to bein a bank staff. for starters even baks pay around 12 ti 15 and even after 3ywars its less than 40.thats th area i knw bt shouldnt b a huge difference in other areas as well. we should bring in recingitiin to thosr proefessins as skilld empplyees n should b giving them loans as well as many go overseas tryin ti buils housea.

    ReplyDelete
  9. ගෘහසේවිකාවන් ලෙස මැදපෙරදිග යන ලංකාවේ ගැහැනුන් බොහෝවිට හිංසනයන්ට ලක්වන්නේ ප්‍රධාන හේතු දෙකක් නිසා බව මැදපෙරදිග කලක් සේවය කල මම සිතමි.

    මුලින්ම ලංකාවේ ගැහැනුන්ට භාෂා ප්‍රශ්නයක් තිබේ. මැදපෙරදිග බොහෝ දෙනා (ඒ කාලේ අපි අරාබි කාරයින්ට කිව්වේ ඔටුවන් කියාය) දන්නේ අරාබි භාෂාව පමණි. දෙවෙනි බස ඉන්ගිරිසියයි. ලංකාවෙන් යන බොහෝ ගැහැනුන්ට ඔය දෙකම බැරිය. පොඩ්ඩක් හිතන්න ඔබේ නිවසේ වැඩට එන ගැහැනියකට ඔබ කියන දේ තේරුනේ නැත්නම් ඇතිවියහැකි තත්ත්වය. ලංකාවට සාපේක්ෂව විදෙස් ශ්‍රමිකයන් මද පෙරදිගට එවන්නේ පිලිපීනයයි. පිලිපීනුවෝ හොඳින් ඉංගිරිසි දනිති. හේතුව උන් ඉගෙනගන්නේ ඉංගිරිසියෙන් බැවිනි. අනික උන්ට ඒ රටේ ආණ්ඩුවෙන් අරාබි භාෂාව උගන්වනු ලැබේ. ඒ නිසා උන්ට අරාබි බසද තරමක් පුළුවන. මේ නිසාම අපේ රටේ ගැහැනුන්ට වඩා පිලිපීන ගැහැනුන්ට වැඩි පඩි ලැබේ.

    අනිත් හේතුව ලංකාවේ බොහෝ ගැහැනුන් පොහොසත් නිවසක එදිනෙදා වැඩකටයුතු කිරීමේදී භාවිතාවන මෙවලම් ගැන දැනීමක් නොමැත. ලංකාවේ විදෙස් කාර්යාංශයෙන් මේ ගැන පුහුණුවක් ලබාදුන්නත් ඔය පිටරට යන හැමදෙනාම ඒවාට සහභාගී වනවාද යන්න මම නොදනිමි.

    ReplyDelete
  10. කාන්තාවන් නායකත්වයට පත්වීම ගැන චමල් මහත්තයගෙ අදහසට සමාන මතයක් කාලෙකට ඉස්සර එක්ස් කට්ටිය ගෙනාව. එයාල ඒකට කිව්වෙ හිස්ටීරියාව කියල. ඉරිසියාව වෙන්නැති මගෙ හිතේ......

    ReplyDelete
  11. Hi I am a sri lankan living overseas,
    I have been a reader of your blog since 2009,
    recently i changed my phone and now i have an android 4.2.2, please let me know the name of the unicode font you are using, as i need to install that, in order to read ur blog.


    Thanks :)

    ReplyDelete
  12. කැනඩාව, ඕස්ට්‍රෙලියාව වගෙ රටවල්වලට පදිංචියට යන අයගෙන් ශතයකවත් විදේශ විනිමයක් ලංකාවට ලැබෙන්නෙ නැහැ. ඒ රටවලට යන්නෙත් ලංකාවෙ මැති ඇමති වරුන්ගෙ හිතවත් අය, ලොකු සල්ලි කාරයින්ගෙ දූ දරුවො උන් ඒ රටවල ඉතාම සුඛෝපභෝගී ජීවිත ගත කරනව.උන් ලංකාවට සතයක්වත් එවන්නෙ නැහැ. නමුත් මැද පෙරදිග කලාපයෙ ‍රැකියාව කරන අය ඉතාම දුක් මහන්සියෙන් උපයන අන්තිම ශතය දක්වා එවන්නෙ ලංකාවට විදේශ විනිමය වශයෙන්. ඒ විදේශ විනිමයෙන් තමයි අපේ රටේ ලොකු ලොක්කො පිස්සු කෙලින්නෙ. අමතක කරන්න එපා ලංකාවට වැඩියෙන්ම විදේශ විනිමයක් ලැබෙන්නෙ මැද පෙරදිග ‍රැකියාව කරන අයගෙන් බව. මේ මුදල ඩොලර් බිලියන 5.98 ක්, රට ‍රැකියා කරන අය 2012 දි 279482 ක්, එයින් 118235 ගෘහ සේවිකාවන්, ඉතින් ඔය මුදලෙන් තමයි ලංකාව ජීවත් වෙන්නෙ. එත් රජයෙන් රට ‍රැකියා කරන අයට දෙන සහන මොනවද? රට විරුවො කියල ගොනාට අන්දන එක විතරමයි කරන්නෙ. රට ‍රැකියාවට යන්න සූදානම් වන මොහොතේ සිට ඒ කියන්නෙ රට ‍රැකියා පුහුනුවේ සිටම ගුවන් යානයට නගින මොහොත දක්වාම මුදල් ගරා ගැනීම තමයි කරන්නෙ. සමහර ලියකියවිලිවලට තබන අත්සනට පවා මුදල් අය කරනව. මේ රට විරුවො විඳින දුෂ්කරතාවයන්ගෙන් බිඳක් පමණයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා