දයාසිරි ගියේ කැපිල්ල නිසා ද? බැරි නිසා ද? නැතිනම් හැටි ද?

දයාසිරි ජයසේකර ද මහින්දගේ දෑත් ශක්තිමත් කරන්නට ගියේය. 

දයාසිරි ගියේ ඔහුට තිබුණු කැපිලි නිසා ය, ඔහුට එජාපයෙන් අවස්ථාවක් නො ලැබුණු නිසා ය ආදී කතා තිබේ. 

දයාසිරි ජයසේකර ජනප්‍රිය දේශපාලනඥයෙකි. ඔහු වැනි අය එක්සත් ජාතික පක්ෂයේ රඳවා ගන්නට බැරි වීම ඇත්තට ම නායකත්වයේ බරපතල දුබලකමකි. එහෙත්, ඔහු වනාහි දක්ෂ දේශපාලනඥයකු ය යන්න නම් පිළි ගත නො හැක. එහු සිංදු කියන්නට නම් දක්ෂයෙකි.

බලය, ධනය හා වරප්‍රසාද ඔස්සේ ඔහු ආකර්ශනය කර ගන්නට හැකි වීම රාජපක්ෂ පවුල් පාලනයේ විශේෂ දක්ෂකමක් නො වේ. ඒ වනාහි දයාසිරි ජයසේකර චරිතයේ තිබෙන දීන ලක්ෂණයකි. අවසානයේදී ඔහු ද සන්ධානයේ සිටින සෙසු දීන බත්බැලයන් ද අතර වෙනසක් නැති බව ඔප්පු වී තිබේ.

කොන්ද පණ ඇති මිනිස්සු කරන්නේ තමන්ට අවස්ථාවක් ලැබෙන තෙක් තනිව හෝ සටනේ යෙදී සිටීමයි. ප්‍රතිපත්ති පාවා දී, තමන්ගේ විවේචනයට ලක් වූ දුෂ්ටත්වයන් සමග ලජ්ජා විරහිත ලෙස සන්ධානගත වන්නට පුළුවන් මිනිස්සු වනාහි බලාපොරොත්තු තැබිය හැකි අය නො වෙති.

ලංකා‍වේ කිසිදු දේශපාලන පක්ෂයක අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. පක්ෂ නායකයන්ගෙන් සිය ගමනට සහයෝගයක් නො ලැබුණු තැන පක්ෂයේ සතුරු බලවේගය සමග එක් වීම ලංකාවේ දේශපාලනයේ අති සුලබ තත්වයකි. විශේෂයෙන් ම විපක්ෂයේ පක්ෂවල කැරැලිකරුවන් පාලක හවුල සමග එක් වීම අති සාමාන්‍ය ලක්ෂණයකි. මහා විප්ලවවාදියෝ පවා එක රැයින් බලු කුක්කන් වී බලවතුන්ගේ පය පා මුල දිගා වනු අපි දැක ඇත්තෙමු.

දයාසිරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වන්නේ තනිකර ම පටු, පෞද්ගලික, උන්නතිකාමී අභිලාෂයන් මත ය. රනිල් වික්‍රමසිංහ යනු මේ වන විට කුජීත වූ නායකයෙකි. එහෙත්, ඔහුගේ ඒකාධිපති පාලනය අභිභවන්නට තරම් නායකයෙක් එජාපයේ පැත්ත පළාතකවත් නැත. එහෙව් එකේ රාජපක්ෂ රෙජිම වැනි ඒකාධිපති දුෂ්ට පාලනයකට අභියෝගයක් එජාපයෙන් බලාපොරොත්තු වීම මෝඩකමකි. දයාසිරිලා වනාහි ඒ පරාධීනත්වයේ ප්‍රකාශ මිස කිසිදු වැදගැම්මක් ඇති අය නො වෙති. 

අපට නම් කොහොමත් එක්සත් ජාතික පක්ෂයේ ඇති වැදගැම්මක් නැත. රාජපක්ෂ රෙජිමට මෙන් ම එයට ද කළ හැකි කැකිරි ගෙඩියක් නැත. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. දයාසිරි අවස්තාවාදියෙක්.එයාගේ පවුලේ උදවිය පාරම්පරික යූ එන් පී කාරයෝ.අම්ම ගුරුවරියක්. තාත්තා කරවල වෙලදාම් කරපු මුදලාලි කෙනෙක්. දයාසිරි කැම්පස් එකේ කිසිම දේශපාලනයක් කලේ නැහැ. උපකුලපති වෙලා හිටපු ජී එල් පීරිස් එක්ක පුද්ගලික සම්බන්ධයක් තිබුන. ජී එල්. 1994 දේ දේශපාලනයට ඇවිත් පොදුපෙරමුණු රජයේ අධිකරණ ඇමති වුනාට පස්සේ අර පුද්ගලික සම්බන්ධය නිසා දයාසිරි එයාගේ ලේකම් කෙනෙක් වුණා. එහනින් තමයි දේශපාලනයට අවේ. පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවට පත්වුණා. ජී එල් එස් බී ඇතුළු කණ්ඩායම පොදුපෙරමුණු ආණ්ඩුව පාවල දීල 2001 දී යූ එන් පිය ට යනකොට දයාසිරිත් පැන්නා. එයා යූ එන් පී කාරයෙක් වුනේ එහෙමයි. යූ එන් පී එකෙන් ඉල්ලපු පළමු වෙනි චන්දෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ අන්තිමය වුනා.එතකොට අයෙත් ජී එල්ගේ ලේකම් කෙනෙක් විධියට ජී එල් එක්ක යූ එන් පියෙ වැඩ කළා. ජී එල්- එස් බී අයෙත් සන්ධානෙට පනිනකොට දයාසිරි ආවේ නැත්තේ යූ එන පී එකේ නායකයා වෙන්නේ දයාසිරිට ආශාවක් ආපු නිසයි. සජිත් එක්ක කැරලි ගැහැව්වේ ඒ නිසයි ඒක හරියන්නේ නැහැ කියල හිතෙන කොට දැන් කරන්න තියෙන්නේ සන්ධානෙට පනින එක විතරයි. මෙයාගේ ඇති සිංහල බවුධ්ධ කමක් නැහැ.මෙයා මෙහෙයවන්නේ එකතරා ක්‍රිස්තියානි ආගමික කණ්ඩායමක්. දයාසිරි ගත්තා කියල මහින්දට ලොකු වාසියක් වෙන්නේ නැහැ. දයාසිරිට පසුගිය චන්දෙදි හම්බවුනේ ජොනීල පැනපු එකට කේන්තියෙන් හිටපු යූ එන පී කාරයන්ගේ චන්ද තමයි. දයාසිරි ගායකයෙක්. මිනිහට වෙන හැකියාවක් නැහැ. නීතිය ඉගෙන ගත්තට කවදාවත් උසාවියක නඩුවක් කතා කරලා නැහැ දේශපාලන දැනුමක්නැහැ. වාචාල කටක් විතරයි තියෙන්නේ. මේ වාචාල කටින් තමයි පහු ගිය කාලේ මහින්දගේ ආණ්ඩුවට පතුරු යනකම් පහර දුන්නේ . මහින්ද ඒක නොදන්නවා නොවෙයි. මහින්දට මේ වගේ වාචාලයන් කිහිප දෙනෙක් හැම චන්දෙදීම ඕනි වෙනවා. මේ චන්දෙදියි ඊළඟට එන ජනාධිපති චන්දෙද්යි රනිල්ට බනින්න අලුත් මිනිහෙක් මහින්දට ඕනි. සිරස රනිල බනින කොට ඒකට ප්‍රචාරය දෙනවා. තමන් අශූචි කන සුනඛයෙකු බව දයාසිරි ඔප්පු කරනවා. ඒ සුනකයන්ටත් අන්ත ජන මාධ්‍ය කාරයෝ මිනිහට ප්‍රචාරය දෙනවා. කුරුනෑගල ඉන්න මෝඩයෝ මිනිහට චන්දෙ දෙනවා. මේ වගේ දයාසිරිලා ගොඩක් දැන් දේශපාලනය ඇවිත් ඉන්න නිසා රටට කෙලවෙනවා. බුදුසරණයි ! පක්ෂ පාවලදීල මහින්ද ලඟට ගිය හැම එකාම කුණුවෙලාගිහින් තියෙන බව වත් තේරුම් ගන්න බැරි තරමට මෙයාගේ ඇස දෙක කෑදර කමින් අන්ධ වෙලයි තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. රනිල්ද අනේ ඔයාට මේ ඔක්කොම කියල දුන්නේ. රනිල් හරි හොදයි නේද කරන කොට උනත් මොනා මොනා හරි කියල දෙනවා...

      මේ එක නෙමෙයි සිරිකොතේ ජාලේ ෆ්‍රී නම් වැලක් බාල දිහන්කෝ. දැන් මෙගා බයිට් වලට මුන් ගන්නේ අස්ප ගන්නේ බන්.

      Delete
    2. @anonymous: අපිට කිය කිය ඉන්නේ බා ගනින් කො උඹ ස්ටේශන්වෙලා ඉන්න ආණ්ඩුවේ ගුබ්බෑයමෙන්.

      Delete
    3. යන්න කලින් නම් කිව්වේ, පොදු පෙරමුනේ රැවටිල්ල දැකලා එක් සත් ජාතික පක්ශයත් එක්ක අත්වැල් බැඬ්හ්ගත් අභීට සෙන්පතියෙක් කියලා. ඒත් දැන් කියන්නේ වෙන දෙයක් නේ.
      මේ ඔක්කොම කරුනු ( උසාවියක කතා නොකල බව, අම්මා තාත්තලා යූ ඇන් පී බව ඒත් ජී ඇල් එක්ක එකතු වෙච්ච පරයෙක් බව ) නොදැන නෙවෙයි නේද හුරේ දැම්මේ?
      ඕකට සිංහලෙන් කියන්නෙ ශිෂ්ණය තිබියදී වෘෂණකෝශයෙන් සංසර්ගයේ යෙදීම කියලා.

      Delete
  2. රනිල්ගේ සුළුතර ඒකාධිපතිත්වයෙන් මිදීම සඳහා දයා-සොරි වියරු ඒකාධිපතිත්වය ඉදිරියේ දණින් වැටීම මොන තරම් කුජීතද...?

    ReplyDelete
  3. රනිල්ගේ සුළුතර ඒකාධිපතිත්වයෙන් මිදීම සඳහා දයා-සොරි මහින්දගේ වියරු ඒකාධිපතිත්වය ඉදිරියේ දණින් වැටීම මොන තරම් කුජීතද...?

    ReplyDelete
  4. කොහොම උනත් පැරාගෙ පෝස්ට් එකේ වගේම, උඩ කොමෙන්ට් වලත් කදුළු බිංදු නැතුවාම නෙවෙයි...... පව්.... කාගෙ උනත් බලාපොරොත්තුනෙ......

    ReplyDelete
  5. වර්ථමාන ශ්‍රි ලංකීය දේශපාලනය ප්‍රතිපත්තිමය පදනමක් මත දිව යන්නක් නොවේ. ඒ නිසා මෙවැනි මාරු විම් එතරම් සැලකිල්ලට භාජනය කළ යුතු නැත.කවුරු කුමන පාටක ලකුණක තරඟ කර දිනුවත් කමක් නැ.රටට වැඩදායි යමක් කීරිමට හැකිනම්. ජනතාවගේ ප්‍රශ්ණ නිරකාරණය කිරිමට හැකි තැනැත්තා තමයි නියම දේශපාලඥයා වනුයේ.අද රටට අවශ්‍ය තව කෙනෙකු විවේචනය කරන මිනිසුන් නොවේ.වැඩ කරන මිනිසා අගයන මිනිසුන්ය.

    ReplyDelete
  6. මා දන්නේ නෑ රනිල් වික්‍රමසිංහ බලයට ඒවිද නැද්ද කියා. නමුත් රනිල් වික්‍රමසිංහ කියන්නේ ලංකාවේ මේ මොහොතේ ඉන්න හොදම බුද්ධිමතෙක්. ඔහුගෙන් සේවයක් ගන්න ජනතාවට තේරෙන්නේ නෑ.

    තව එකක් සජිත් ප්‍රේමදාස බලයට එනවාට මහින්ද රාජපක්ෂ දහස් වාරයක් හොදයි.
    සජිත් ප්‍රේමදාස නායකත්වයට බැන බැන ඉන්නවා ඇරෙන්න ඔහුගේ ප්‍රතිපත්ති මොනාද කියා ප්‍රකාශ කරන්නේ නෑ.

    අනික මම නං මේ රජයේ සංවර්ධන කටයුතු ගැන ප්‍රසාදයෙන් ඉන්නේ. මම උපන්නේ,ජිවත් වන්නේ කොළඹ නගරය ආසන්නයේ. රැකියාව කරන්නේ කොල්ලුපිටියේ. ඉතිං මට පෙන්වා මේ රජයෙන් කොළඹ අවට සිදු කරන සංවර්ධන ව්‍යාපෘති. අයින් කරන්න ඕනි දේ නොබියව අයින් කරනවා.
    කොළඹ පිටත වට රවුම් අධිවේගී මාර්ගය, බත්තරමුල්ල, කොල්ලුපිටිය, මේට්ලන්ඩ් ප්ලේස්, කොටුව ඔය හැම තැනම ඉස්සර සහ දැන් වෙනස බලන්න.

    මට මහා ලොකු දේවල් අවශ්‍ය නෑ ආණ්ඩුවෙන්. නමුත් මම ජිවත් වෙන අවට කදිමට සකසා තිබෙනවා. ඒ හින්දා මම එකේ හොඳ කියනවා. ඒ ගැන ආරක්ෂක ලේකම්තුමාට ස්තුතිවන්ත වෙනවා.

    ReplyDelete
    Replies
    1. දැන් ආරක්ෂක අමාත්‍යංශයේ බ්ලොග් වල කොමෙන්ට් කරන්නත් කට්ටිය ඉන්නවද?

      මේ එක නෙමෙයි ඉගිලෙන මාළු බලන්න ගෝටට කියල ලින්ක් එකක් දාල දෙන්න බැරිද ?

      ගෝට මතක් කළා කියන්න හොදේ!

      Delete
    2. AnonymousJuly 24, 2013 at 11:17 PM
      පුක ගැන විමසිල්ලෙන් ඉන්න ඕක වෙලාවක නැති වෙලා තියෙන්න පුලුවන් හොරාටම. පුද්ගලිකව ඇරපු දාට ප්‍රයෝජනයට ගන්න පොල්තෙල් ටිකක් අරන් තියා ගන්න දැන් පොල්තෙල් හරී ගණන්. අනික පාරේ රෙන්න යන්න එපා පුකට වෙඩි තියයි.

      Delete
    3. ධර්මරත්නJuly 28, 2013 at 8:16 PM

      ඇනෝ,ඔය කියන්නේ ගෝඨාගේ පුක ගැනද නැත්තං ඔබගේ පුක ගැනද.

      Delete
  7. ක්‍රිෂ්ණාJuly 24, 2013 at 11:22 PM

    දයාසිරි ට දැන් මහින්දගේ සක්තිමත් කරන්න අහවල් එකක් නෑ.මහින්දගේ අහවල් එව්වා සියල්ල දැන් සියල්ල මිනිහම කුජීත කරගෙන ඉවරයි.මේ ලඟදි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රගතියද මොකක්ද එක සමාලෝචනය කරද්දි මහින්ද කියනවා අර කෘමිනාශක අසුරලා තියෙන බෝතල් වල ලස්සන දැක්කම ඒවා මිනිහටත් ගහන්න හිතෙනවා කියලා,ඒ හින්දා එවායේ ඇසුරුම් ප්‍රමිතිගත කරන්න කියලා.අර අපිත් විකාර වුනාම කියන්නේ "ෂ වහ කන්න හිතෙනවා"කියලා.මහින්ද නොකියා කියන්නේ මිනිහා අනාගෙන තියෙන තරම මිනිහම තේරුම් අරන් ඇති බව.ඉතිං දයාසිරි මහින්දගේ අහවල් ඒක සක්තිමත් කරන්නේ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. දනේ මෝඩයෝ, ජෝක් එකක් අල්ල ගෙන ඒකෙන් මහින්ද ට කෙල වෙලා කියන්න හදන්නේ වෙන කියන්න තරම් පොයින්ට් එකක් හොයා ගන්න බැරි තරම් කුජීත වෙලා ද? එහෙනම් අනික් කමෙන්ට් වත් පොඩ්ඩක් කියවල තේරුමක් ඇති පොයින්ට් එකක් හොයා ගනින් කෝ නිකන් ඩෙස්පරේට් කතා නොකිය.

      Delete
    2. ක්‍රිෂ්ණාJuly 25, 2013 at 8:12 PM

      හොඳයි මහත්තයෝ,කිව්වා වගේම සිරාවට ලියන්න තිබුණා මේක සිරා කේස් එකක් නං.ඒත් වලත්ත පාලකයෙක් ගේ අහවල් එක සක්තිමත් කරන්න ගිය එවුන් නිසා මහින්දගෙ සක්තිමත් වෙච්ච එක පෙන්නලා දෙන්න මහත්තයෝ.දැන් බලන්න මහින්ද සමරසිංහ මානව හිමිකම් විෂය සම්බන්දයෙන් ඒ ක්ෂේත්‍රයේ ඉන්න නිපුනයෙක්.කොටින්ම නවනින්දන් පිල්ලේගේ ඉතාම හිතවතෙක්.රාජපක්ෂ විසින් මහින්දව ඇරියා ජිනිවා ඒ ප්‍රශ්නේ බේරාගෙන ලංකාවත් බේරාගෙන වරෙන් කියලා,මොකද වුනේ ,සමරසිංහගේ මනව හිමිකම් "පොර" සායම හේදිලා ගියා.රාජපක්ෂ කියනවා මං විදුලි පු‍ටුවට යන්න වුනත් සුදානම් කියලා,මෙහේ ඉන්න ඔය මහත්තයා වගේ අයව චූන් කරන්න.ජිනිවා හුටපටේ තව තද වුනා.මහින්ද සමරසිහ "ලංකාදීපේ සියත"පත්තර කොලෙට කියනවා" ජිනිවා මෙහෙයුම්" කියලා.ඒවා කුජීත මෙහෙයුම් කියලා නොදන්නේ ඔබතුමා වැනි මහත්තුරු විතරද මන්දා.මං මේ කියන්න හැදුවේ,තත්වය එහෙම නිසා දයාසිරි ගිහිං මරාගේ අහවල් එක සක්තිමත් කරන්නද කියන එකයි. මේකත් බලාල නම නොකියන "ඇනෝ......"මහතා යමක් කිව්වොත් මටත් තව ගොඩක් දේ උදාහරණ සහිතව ලියන්න පුළුවන්.ඔබ තුමා ඡන්දදායක මානසිකත්වයෙන් මිදි පුරවැසි මානසිකත්වය වලඳ ගනිත්වා කියලා අවසානයේ ප්‍රකාශ කරනවා.

      Delete
  8. දයාසිරි ජයසේකර පැනීම මහා බක්කක් බව පෙන්වීමේ විශාල උත්සහයක් පවතී. ජනතාව තේරුම් ගත යුත්තේ සැබෑවටම කිසිදු වෙනසක් සිදු නොවූ බව පමණය.

    ReplyDelete
    Replies
    1. කිවුවත් වගේම දයාසිරියා පැන්න එකනම් මහා බක්කක් තියා පොඩි බක්කක්වත් නෙවෙයි. නිකන් හරියට සද්දෙන් පඩයක් ගියා වගේ දෙයක්. පැඩ්ඩේ මොකද කියල ඔලුව උස්සල බලල නහය වහ ගන්නවා එච්චරයි.

      හැබැයි වැඩේ එක නෙමෙයි. රනිල මොන තරන් කුජිත පිච්චන් නායකයෙක්ද කියන එකයි. මේකට මොන බිබික්කමක්වත් හරියට කොරගන්න් බැරි හැටි අම්මපා. හන්දියේ සයිවර් කඩේ බඩ මුදලාලියට මුට වඩා නායකත්ව ලක්ෂණ තියනවා. මුදලාලිගේ වේටර් කොල්ලෝ අවුරුදු ගණනාවක් ඌ ළඟ. රනිල එනකන් බලන් ඉන්න බ්ලොග් ලෝකෙ දේශපාලන විචරක ප්‍රොෆයිල් සෙට් එක පවු අප්පා. අඩේන්නේ තනි ඇහැට.

      Delete
    2. ඇනෝනිමොස් උඹේ කොමෙන්ට් එකනං පට්ටයි පුතා. ඔය උඩ ඉන්නේ රනිල් ආවොත් ලොවන්න බලං ඉන්න සුදුසුකම් නැතිව පන්දමෙන් පත්වීම ගත්ත ලෙකෙක්. උන්ට ඉතිං රනිල් ආවොත් තමා තව ටිකක් උඩට යන්න පුළුවන්. ඒකයි ඔය අඩන්නේ.

      Delete
    3. සිතුමිනි ඔබ හරි.විය හැකිදේවලුත් ඇත.arugeadaviya.wordpress.com"ස්වප්න මෝචනය "කියවන්න.ඇඩ් එකක් දැම්මා යයි නොසිතන්න.

      Delete
  9. මොනා උනත් ඉල්ලා අස්වෙලා නැවත ජනතාව ඉදිරියට එන එක කොන්ද පණ ඇති වැඩක්...බොරුවට හරි එහෙම කෙලින් වැඩක් කරපු එක හොදයි...

    ReplyDelete
  10. යූඇම්පීයට චන්දයක් අඩුවුනා. සිරිලංකා එකට එකක් වැඩිවුනා.

    එහෙම නේද?

    අනේ මන්දා...!

    ReplyDelete
    Replies
    1. තමන් ඡන්දෙ දෙන රටක දෙයක් බලාගෙන ඉන්නවද කරුණාකරලා මෙහෙ මගුල් වලට හොට දාන්ට එන්නෙ නැතුව.

      Delete
  11. රාජපක්ෂ රෙජීමයට හෝ එජාපයට කලහැකි කැකිරි ගෙඩි නැති බව පැවසීම දැන දැනම අන්ධවීමකි. බලයේ ඉන්නේ රාජපක්ෂ රෙජීමය බැවින් කල හැකි, නොහැකි කැකිරි ගෙඩි තීරණය කරන්නේ ඔවුන්ය. දයාසිරිගේ පිම්ම වැදගැම්මක් නැතැයි කීවාට, බොහෝවිට ඔහු වයඹ පලාතෙන් ජය ගැනීමට ඉඩ ඇති බැවින්, ඔහු මොනවගේ කෙනෙක්දැයි දැනගැනීමේ වැදගත්කමක් ඇත. මන්ද අවසානයේ අප රට පාලනය කරන්නේ, නීති සකසන්නේ, ව්‍යවස්ථා වෙනස් කරන්නේ බලයේ සිටින පුද්ගලයන් විසින් බැවිනි.

    පවතින දේශපාලනය සම්පූර්ණයෙන්ම නොසලකා හැර, ඊට විසඳුම් සොයන්නේ කෙසේද? අඩුම ගණනේ අප විසඳුම් සොයන්නේ මොනවාටද කියා දැනගැනීමටවත් මෙවැනි දේශපාලන සිද්ධි ගැන අවධානයෙන් සිටීම වැදගත්.

    ReplyDelete
  12. දයාසිරි ජයසේකර කුල හීනයෙකි. ආත්මාර්ථකාමී පරමාර්ථ උදෙසා කරන මෙවැනි ක්‍රියා දයාසිරිලාගේ ආවේනික ලක්ෂණ වේ. ඒ හැසිරීම් රටාව නිසා ය සිංහල රජ දවසේදී ඒ ඒ පුද්ගලයන්ව ඒ ඒ කුලවලට ඇතුළත් කළේ. ඉතින්, මෙය මේ දුරට සාකච්ඡා කළ යුත්තක් නොවේ. අජිත් පැරකුම්ගේ ලිපියේ මාතෘකාවට පිළිතුරක් හැටියට මට කිව හැක්කේ: "දයාසිරි ගියේ ඔහුගේ හැටි නිසා" කියාය.

    ReplyDelete
    Replies
    1. කුජීත වී ගිය යූඇන්පී එකේ කැපුවත් කොල අංකල් ලා ගේ නිවට නිහීන අඳෝනා දැන් කුල මල හොයන ලෙවල් එකට ඇවිත්. වෙන මොනව කරන්නද අප්පා බලාපොරොතුවක් ලඟපාතක වත් නැති කොට.

      - ගොවිගම කුලයේ, දැන් පක්ෂයක් නැති, හිටපු යූඇන්පී කාරයෙක්

      Delete
  13. ඇත්ත කතාව ඔය මොකක්වත් නොවෙයි.සාමාන්‍යයෙන් විපක්ෂයකට වැඩ කරන එක ආන්ඩුවට කෙළින්ම එනවට වඩා පහසුයි.සල්ලි ටිකක් තිබෙන කෙනෙකුට යූ ඇන් පියෙ සංවිධායකකමක් ගන්න එක ලේසියි.ඊට පස්සෙ නම හදාගෙන ආන්ඩුවට තමන්ව මාකට් කරන්න පුළුවන්.නමුත් කෙළින්ම ආන්ඩුවට සම්බන්ධ වෙන්නවත් නම හදාගන්නවත් කාටවත්ම බෑ.ආන්ඩුවෙ ඉන්නකොට නම හදාගැනීමේ ප්‍රශ්නයක් නෑ.වරප්‍රසාද භුක්ති විදින එක විතරයි තිබෙන්නේ.මම හිතන්නෙ ප්‍රබලතවයාට් පත්වූ අය හැමෝම අද ආන්ඩුවෙ.හෙට යූ ඇන් පියක් එනව කියල හිතන්න.කොටන් අදින අලි ඔක්කොම පස්සට විසිවෙලා ප්‍රබලයො ටික මතුවෙනවා.ඔරිජිනල් ශ්‍රී ලංකා කාඅර්යො කියන දුර්වලයො යටගිහින් යූ ඇණ් පී එකෙන් ආපු උන් ඉහල ගිහින් ඉන්නෙ උන්ගෙ විභව ශක්තිය වැඩි නිසයි.මෙතන වෙන්නෙ ප්‍රබලයො වරප්‍රසාද භුක්ති විදීමත් දුර්වලයො පස්සට විසිවීමත් පමනයි.දයාසිරිගෙ පැමිනීමෙන් කුරුනෑගල ඉන්න හුගක් දුර්වලයන් පස්සට විසිවෙයි.තව කවුරුහරි කෙනෙක් නම හදාගෙන ආන්ඩුවට ආවොත් දයාසිරිත් පස්සට විසිවෙයි.ඔන්න ඕකයි සිස්ටම් එක.නැතුව මේකෙ වෙන මැජික් එකක් නෑ.මම නම් හිතන්නෙ දයාසිරි මෙච්චරකල් හරි ඉන්න ඇත්තෙ එජාප නායකත්වය වගෙ ලොකු කුට්ටියක් කඩා ගෙන ලොකු සැපක් විදින්න වෙන්න ඇති.ඒක හරි යන්නෙ නැතිබව තේරුනාට පස්සෙ මේ තීරණය ගන්න ඇති.මේක ඔහු ගත්ත බුද්ධිමත්ම තීරණයක්.දයාසිරි නොවෙයි ඕනම මිනිහෙක් කරන්නෙ සැප සොයා යාම තමයි.

    ReplyDelete
  14. තමන්ගේ දේශපාලන ජීවිතයේ ලොකුම ගොන්කම කරගත් දයාසිරි ජයසේකර මින්පසු රූකඩයන් අතරේ තවත් එක රූකඩයක් පමණයි.

    ReplyDelete
  15. "දයාසිරිට සුභ අනාගතයක්... සිතන කරන දේවල් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා" කියල එකෙක්වත් කිව්වෙ නෑනෙ. ඉරිසියාකාරයො!

    ReplyDelete
  16. >"අවසානයේදී ඔහු ද සන්ධානයේ සිටින සෙසු දීන බත්බැලයන් ද අතර වෙනසක් නැති බව ඔප්පු වී තිබේ."<

    වර්තමාන ලාංකික දේශපාලනයේ අදීන පොරවල් සිටිනවා කියල හිතීමත් මෝඩකමක්. මේකෙන් පේන්නෙ සමහර කොමෙන්ට් කරුවන් විතරක් නෙවේ පැරාත් හිතන් ඉඳල තියෙන්නෙ දයාසිරි කියන්නෙ අදීන බුවෙක් කියල. ඒකනෙ කියන්නෙ දයාසිරිගෙ දීන ගතිය ඔප්පු කරා කියල.

    දයාසිරි ලොක්ක ලඟට ගිහින් කර ගත්තෙ ගොන් කමක් කියල කියන්නෙ හිතෙ දුකට, මිනිහ දිනුම්, විපක්ශෙ ඉඳල මොන ඇටෙද කරන්න පුලුවන්, දැන් අඩුමගානෙ ඉදිරි දේශපාලන පැවත්මක් නැතත් දයාසිරිට ජීවිත පැවැත්ම හරිනෙ පරම්පරා ගානකට. මේවට බැනල වැඩක් නෑ, මේක ඒ මිනිස්සුන්ගෙ රස්සාව, ඉක්ක්මන් කාරයෝ වැඩිගානක් දෙන තැන යනවා, පුලුවන් එකා කොහොම හරි කට්ට කාගෙන ඉඳල චෙයාර්මන් වෙනව.

    කොහොම හරි ලොක්ක ගොඩ, නාමල්ට පාර ඇරෙනවා මෙහෙන්, අරහෙන් රුවන්ට. අපි විපක්ශයක් නැති (දේශ )පාලනයක ඉත්තො වෙලා එහෙට මෙහෙට යනවා.

    -ප. ගෝ.

    ReplyDelete
  17. අපි මුහුන දෙමින් ඉන්නෙ ඉතාමත් අවාසනාවන්ත තත්වයකට. දවසෙන් දවස විනාශයට යනවා.
    අපි හැදෙන වැඩෙන සමාජයට සාපේක්ෂවයි අපේ වර්ධනය සිදු වෙන්නෙ. අද උපදින ළමයින් හැදෙන්නෙ කිසිම ආත්ම ගෞරවයක්, හෘද සාක්ෂියක්, නිතිගරුක බවක් නැති සමාජයක් තුල. ඒ අය හිතන්නෙ ඒක තමයි ලෝකය කියල. ඒ අයගෙ වර්ධනය සිද්ධ වෙන්නෙත්, පවතින තත්වයට සාපේක්ෂව. මිනී 10 ක් මරනවට වඩා එක මිහිහෙක් මරන එක සාධාරණයි කියල ඒ අය හිතන්නෙ. මුදල සහ බලය කියන එක මුලික වෙලා. දැනුමට තැනක් නෑ. මේ අද තත්වය.
    ලංකාවේ එක සන්ධිස්ථානයක් තමයි 1970 දශකය. 70 ට ඉස්සර ලංකාව තුල තිබුන තත්වයයි, 77 න් පසුව ඇති උන තත්වයි අහසට පොලොව වගේ. ඒ කාලෙ මිනිසු ජීවත් උනා.දැන මිනිසු ජීවත් වෙනවා නෙමේ ජීවත් වෙන්න ලෑස්ති වෙනවා. දැන අය ජීවත් වෙන්නෙ නැහැ.කිසිම විවේකයක් නැහැ ජිවත් වෙන්න.
    ඔබල 70 ට පස්සෙ ඉපදුන අය නම්, ඔබලට මගහැරුනු, ඔබල නොදැක්ක, ඔබලට හිතාගන්නනවත් බැරි ගොඩක් දේවතියනවා. එකක් තමයි මනුෂ්යකම.
    ඔබල හැදුනෙ වැඩුනෙ මනුෂ්යකමක්, අන්යෝන්ය ලෙන්ගතුකමක් නැති සමාජයක.
    ඒ වගේම 2009 ත් සන්ධිස්ධානයක්. අද වෙනකොට සේරම ඉවරයි. 50-60 දශක වල ඉපදුන මිනුසු කල්පනාකාරිව බැලුවොත්, එදාට සාපේක්ෂව මොනතරම් පිරිහුණ සමාජයකද අපි ජිවත් වෙන්නෙ කියල ඒ අයට සමහර විට තේරෙයි.ඒකෙන් අදහස් කරන්නෙ නැහැ 50-60 දශකයේ මිනිසු, අද පවතින තත්වයට අනුවර්තනය වෙලා නැහැ කියල. අනුවර්තනය වුනු කොටසක් ඉන්නවා. දේශපාලකයන් , මාධ්යවේදින්, ආගමික නායකයන්, ව්යාපාරිකයන් විධිහට.
    උන් කරන්නෙ සමාජය නොමග යවල උන්ගෙ පරම්පාරා ගාණනකට ආරක්ෂාව සහතික කරගන්න එක විතරයි. එතනින් එහාට උන්ට මොළයක් නැහැ.
    දයාසිරි ජයසේකර කියන්නෙත් මේ වගේ සමාජයක හැදුන වැඩුන මිනිහෙක්. 69 ඉපදුනාට, ඉඳුල් කටගෑවෙ 70 ට පස්සෙ.
    ගෙදර ඉන්වට වඩා වල කක්කුස්සියේ බැහැල ඉන්න එක සමහර අයට සනීපයි. රනිල් එක්ක හිටිය නම් කවද හරි අනාගතයක් තියනවා. ඒත් මහින්ද එක්ක ඉන්න කිසි කෙනෙකුට අනාගතයක් නැහැ කියල මුට තේරුම් ගන්න බැරි උනා . කී දෙනෙක් පෝලමේ හිටියත්, මහින්ද පවුලෙන් පිට යවන එකෙක් නෙමෙයි. හැබැයි එක දෙයක් තියනවා. දිවෙන් පුක හෝදනතාක් කල්, ඕනැ දෙයක් කරන්න පුලුවන්. කවදාහරි දිවේ ගෙඩියක් ඇවිල්ල, පුක ලෙවකන්න බැරි උන දවසට, අර පුක ලෙවකාපු ඒව වමාරන්න වෙනවා.
    දයාසිරි, උඹ මේක කියවන ඇති සමහර විට. තොට ශාප කරනවා ඇරෙන්න අපිට වෙනත් කළ හැකි දෙයක් නැහැ.
    අපි බලා ඉමු. බලමු වයඹ බත් කන හරක් කොයි තරම් ඉන්නවද කියල.
    වෙන මක්ක කරන්නද ?

    ReplyDelete
    Replies
    1. අවංකව අහන්නෙ, ඇයි අපි දයාසිරිට ශාප කරන්න ඕනේ? මුගෙ විතරක් තියන විශේෂ දුර්ගුණයක් තියනවාද දියවන්නාවෙ ඉන්න අනිත් හරක් රැලගෙ නැති. ඔබ පවසන මේ ජාරාජීර්ණ සමාජයේ තවත් එක නලුවෙක් විතරනේ මූ.

      ඔබ කියන 60-70 තියා, 80 වත් මම හරියට දැකල නෑ, මම දැකපු ලෝකෙ හැටියට දයාසිරියගෙ කරල තියෙන්නෙත් අනිත් හැම එකාමල කරන දෙයක්, වෙනස කරන ස්කේල් එක විතරයි. උනුත් හොරු, මුනුත් හොරු කියල ආපු අරුනුත් හොරු වෙච්ච අසූචි දෙශපාලන ගොහුරුවේ නෙළුම් පිපින්නෙ නෑ, මඩේ පිපුනට. ඒ අසූචි ගොඩේ නෙළුම් හොයන්න මහන්සි වෙන එකත් ගොන්කමක්.

      ප.ගෝ.

      Delete
    2. Mobile eken kotanne.
      Sambhara vita umba hari vage Machoo...
      Avasanaya dakva balaporoththu thiagana inna Eka ape hatine. E nisai ehema liyavenna aththe.
      Forget this all machan. Let's creat our own world within us...

      Delete
  18. පනින පනින කෙනා එක විටම දීනයෙක් බවට පත් වෙනවා. එතකොට මේ දයාසිරි වගේ අයද විපක්ශය තියාගන් ඉන්නේ. එහෙම දීන අය අඳුනගන්න ක්‍රමවේදයක් නැද්ද. ඇයි පනින්න කලින් විපක්ශයේ ඉන්නා 'එක්ස්' මේ වගේ කෙනෙක් කියලා කවුරුත් නොකියන්නේ?
    උත්තරය පැහැදිලියි. හැමෝටම ඕනා රජ්ජුරුවන්ට කෙලවන්නටයි. රජ්ජුරුවා ට වැඩේ දෙන්න එන එකාට මූලිකවම ඕනා කටක් ය. ලන්කාවේ දේශපාලනය යන්නේ කටින්මයි. මිනිස්සුත් ඉස්සර වගේම කෝපි කඩේ ලඟ කට තියන එකා ජයගත්තා වගේ, බලන්නේම ටෝක් ශෝ වල කට ගහන්න පුලුවන් එකා මාර වැඩ කාරයෙක් කියලාය. පගාවක් අරගන වත් වැඩක් කරන්න බැරි කාගෙ හරි වැරදි පෙන්න පෙන්න දඟලන්න පුළුවන් එවුන්ගෙන් මේ රට අඩු නැත "ඇත්තම කියනවානම් ඉතින් ප්‍රභාකරන් මොකක්ද කලේ ? මෙහෙම කලේ නෑනේ ඒ වගද මේ රජ්ජුරුවො" එහෙම කිව්වාමත් කතාව රජ්ජුරුවන්ට විරුද්ධ නිසා බෙහෙත් ගිල්ල ගොළුවන් සේ කට්ටිය නිහඬය.

    රජාට හොඳ කුණු කතා කියන්න පුළුවන් එකාගේ පැටිකිරිය දැන දැනත් කට්ටිය නොකියා ඉන්නවා. ඒත් ඔය කානු කටාලා කාටත් කියෙව්වා කියලා බඩ පිරෙන්නේ නැත.මේක විපක්ශයේ කළමනාකරණයේ වරදය. තමා ලඟ බෝක්කු කටෙක් ඉන්නවා නම් බලය ලැබෙන දා වෙනතෙක් ඌ මේ පැත්තේ රඳවා ගන්න නම් පොරට බලි බිලි දිය යුතුයි. ඒවා හොයාගන්න අමාරු නැත, එන් ජී ඕ ක්‍රමයට සල්ලි හොයා ගන්න බැරි කමක් නැත. සල්ලි හොල්ලන්න පුලුවන් ආන්ඩුවට විතරක් නෙවෙයි. හොඳ ප්‍රචලිත අසපු ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් ක්‍රමවේදය අහලා දැනගන්න.

    ඉතින් ඒ වැඩ පිලිවෙල නොකර බෝක්කු කටා ගියාඅයින් පස්සෙ බෝක්කු කටාගේ පරන ෆයිල් ඇද ඇද මෙච්චර කල් නිර්මල අභිත දේශපාලන නායකෙයෙක් කියාගන අදහන්න කියපු විපක්ෂෙ ඌට ගහන්න පටන්ගන්නවා. මේ සුරඟන කරලියේ අලුත්ම කථාංගය පිලිගන්න නම් නහර වැල් වලම විපක්ශ ලේ දිවිය යුතුයි, ඉතින් සාමාන්‍ය එකාට හිතෙන්නේ "යකෝ මේ ඉන්න එවුන්ගෙන් කී දෙනෙක් ඉන්නවාද දන්නෙ නෑ අරූ වගේ" කියලා. දයාගේ
    වියොවත් එක්කම ඩුප්ප්ලිකේට දයා කෙනෙක් කතා කරමින් කියන්නේ පක්ෂය සුද්ද වුන එකයි. කලින් බැච් එක මාරු උනාම දයා කතා කලේත් ඔය විදියටමය,

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා