අසපු බුද්ධාගම හා ආගමික ප්‍රාග්ධනයේ ගැටුම්

මම 1973 ඉඳන් මෙම ස්‌ථානයේ කුඹුරු කළා. මගේ එක ඇහැක්‌ පේන්නේ නැහැ. කොටි කපලා මගේ එක අතක ඇඟිලි නැහැ. මට දරුවෝ 05 ක්‌ ඉන්නවා. ගිය අවුරුද්දේ ග්‍රාමසේවා මහත්තයායි සී. ඕ. මහත්තයයි ඇවිල්ලා මේවා රජයේ ඉඩම් කියලා ඉඩම් කොටසක්‌ අල්ලාගෙන අපව පන්නා දැම්මා. පස්‌සේ ඉතිරිවෙලා තියෙන කොටසකුත් මෙයාලා භාවනා අසපු හදන්න කියලා අල්ලා ගත්තා. ඒක නිසා අපි කියන්නේ අපිට භාවනා අසපු නොවෙයි බඩගින්න නිවා ගන්න කුඹුරක්‌ කරන්න ඉඩ දෙන්න.
- කරංගාවේ ජී. ජයසිංහ (ගොවියෙක්)

නූතන ලෝකයේ ආගම යනු දැවැන්ත ව්‍යාපාරයකි. එහි විශේෂ ලක්ෂණ වන්නේ ලාභයෙන් බදු නො ගෙවීම, රාජ්‍යයෙන් ආධාර ලබා ගැනීම හා මහජන මුදල් සම්මාදම් කර ගැනීමයි. ඔවුන් ලබන ලාභය බොහෝ විට ආගමික ප්‍රචාරයටම යෙදවේ. එසේම, ආගමික සංස්ථාවල රැකියාවල නියුතු අය පුණ්‍ය ‍සේවාවන් කරන්නන් ලෙස පෙනී සිටිමින් සුවිසල් ආදායමක් ලබා ගනියි. ආගමික ලාභය වෙනත් ව්‍යාපාරවල ද ආයෝජනය වන අවස්ථා දැකිය හැකි ය. පොත් ප්‍රකාශනය හා අලෙවිය එයින් ප්‍රධාන ය. ලෝගෝස් හෝප් පොත් නැව උදාහරණයකි. එය රාජ්‍ය අනුග්‍රහය ද ලබමින් ලංකාවේ පවා ආගමික ප්‍රචාරයේ යෙදුනේ ය. 

මෙබඳු ආගමික ආයතනවලට උපකාර කිරීම සඳහා වූ බටහිර රටවලින් ආධාර එකතු කිරීමේ දැවැන්ත ව්‍යාපාරයක් ද තිබේ. විශේෂයෙන් ම ක්‍රිස්තියානි ඉවැන්ජලික නිකායන් ආශ්‍රිතව මේ තත්වය නිරීක්ෂණය කළ හැකි ය.

එක් කලෙක ක්‍රිස්තියානිය යටත් විජිත පාලකයන්ගේ අනුග්‍රහය ලබා ගනිමින් රටේ වටිනාම ඉඩම් අත්පත් කර ගනිමින් සිය ව්‍යාපාර ස්ථාපිත කර ගත් අතර පසුව බුද්ධාගම ද රාජ්‍ය අනුග්‍රහය ලබා ගනිමින් සිය පැරණි තත්වය යළි තහවුරු කර ගත්තේය. විහාර දේවාලගම් පනත වැනි පනත් ඔස්සේ පැරණි රජ මහා විහාර අද දක්වා ම ගොවීන්ගෙන් බිම් පංගුව සූරා කෑමෙහි යෙ‍දෙමින් සිටියි.

ධනවාදයේ නැගී ඒමත් සමගම, ආගම් තුළ ව්‍යාපාරික ප්‍රවණතා තීව්‍ර වනු දක්නට ලැබේ. විදේශ ආධාර ලබන අන්තවාදී ආගමික ප්‍රවණතාවන්ගේ මතු වීම මුලින් ම දක්නට ලැබෙන්නේ ක්‍රිස්තියානිය තුළ ය. ඒ සමගම සම්ප්‍රදායික ක්‍රිස්තියානි ආයතනත්, අලුතෙන් බිහි වූ ඉවැන්ජලික ආයතන අතරත් තියුණු තරගයක් ඉස්මතු විය. 

මෙවැනි තත්වයක් පසු කාලීනව ඉස්ලාම් ආගම තුළ ද දක්නට ලැබිණි. 

අප විශේෂයෙන් මේ පිළිබඳ කතා කරන්නට පෙළඹුණේ ඊයේ අම්පාරේ සිදු වූ උද්ඝෝෂණයක් හේතුවෙනි. සිද්ධිය පිළිබඳ දිවයින පුවත්පත් වාර්තාවේ මෙසේ දැක්වේ.


අම්පාර නගරය ආසන්නයේ පිහිටි අම්පාර වැව අසල භාවනා අසපුවක්‌ ඉදිකිරීමට මුල්ගල තැබීමට එරෙහිව දිගාමඩුල්ලේ විහාරස්‌ථානවල නායක හිමිවරුන් ඇතුළු භික්‌ෂූන් වහන්සේලා ඊයේ (21 වැනිදා) උදෑසන එම ස්‌ථානයට ගොස්‌ විවිධ වැකි ලියූ පුවරු රැගෙන විරෝධතාවක නිරත වූහ.

පෙරේදා සවස 4.00 ට භාවනා අසපුවක්‌ සෑදීමට මුල්ගල තැබීම කථානායක චමල් රාජපක්‍ෂ මහතා අතින් සිදු කරන බව පවසා තිබුණ ද, දහවල් 1.00 ට පමණ ඒ මහතාගේ පුත් ශමින්ද රාජපක්‍ෂ මහතා අතින් මෙම ස්‌ථානයේ ඉදිකිරීමට අපේක්‌ෂිත මහමෙව්නා සදහම් මධ්‍යස්‌ථානය, මහ මෙව්නා සුවසේවා මධ්‍යස්‌ථානය, හරිතසුව සේවා කටයුතු සඳහා මෙම ස්‌ථානයේ ගොඩනැඟිලි ඉදිකිරීමට කථානායක චමල් රාජපක්‍ෂ මහතා නමින් සමරු ඵලකයක්‌ද ස්‌ථාපිත කරමින් මුල්ගල තබන ලදී.

මෙම විරෝධය එල්ල වන මහමෙව්නා අසපුව වනාහි කිරිබත්ගොඩ ඥානානන්ද නම් ක්‍රිස්තියානි සම්භවයක් හා තියුණු ව්‍යාපාරික ඥානයක් ඇති භික්ෂුවක විසින් පවත්වාගෙන යනු ලබන ජාලයකි. එය සතුව අසපු 42ක් ඇති බව වාර්තා වේ. මෙම අසපු මගින් කරනු ලබන්නේ මධ්‍යම පංතිකයන්ට ගැලපෙන ආකාරයට ගුණාත්මක අන්දමින් බෞද්ධ ආගමික සේවාවන් සැපයීමයි. එහි ඇති වරදක් අපි නම් නො දකිමු.

මෙම ස්ථාන ගොඩනඟා තිබෙන්නේ දැවැන්ත ප්‍රාග්ධනයක් යොදවා, විධිමත් ගෘහ නිර්මාන ශිල්ප ක්‍රම හා කලා ශිල්ප භාවිතා කරමින් විද්‍යානුකූලව ය. එසේම, ඒවායේ ආගමික සේවා සම්පාදනය ද ගුණාත්මක තත්වයක පවතී. මහමෙව්නා අසපු ජාලය හා සම්බන්ධ ශ්‍රද්ධා ටී.වී. නම් වූ රූපවාහිනී සේවාවක් ද ඩයලොග් ටි.වී. ඔස්සේ විකාශය වනු දැක ඇත්තෙමි. මෙම ජාලය සතුව ශක්තිමත් ආධාර එකතු කිරීමේ ජාලයක් ද තිබේ. සියල්ල මැනැවින් කළමනාකරණය වන ආකාරයක් ද පෙනේ. 

සම්ප්‍රදායික පන්සල මේ අන්දමින් ව්‍යාපාරමය ලෙස කළමනාකරණය වන්නේ නැත. එතැනින් සැපයෙන ආගමික සේවාවන්ගේ ද ගුණාත්මකභාවය අඩු ය. සරළව කිවහොත්, මුළු ජීවිතය ම ධනය හා බලය ඉපැයීමේ මී රේස් එකක යොදවා තිබෙන ධනකාමීන්ට ඊනියා තාවකාලික සන්තුෂ්ටියක් ලබා ගැනීම පිණිස වූ ගුණාත්මක සේවාවක් සැපයීමට සම්ප්‍රදායික පන්සල කණගාටුදායක ලෙස අසමත් වී තිබේ. එහෙයින් ධනවත් දායකයන් සම්ප්‍රදායික පන්සලෙන් ගිලිහෙමින් අසපු කරා ඇදෙමින් සිටිති.

අසපු හිමියෝ ශූර ව්‍යාපාරික ඥානයෙන් හෙබියෝ ය. පසුගිය දිනෙක රැඩිකල් භික්ෂුවක වන ගලගොඩඅත්තේ ඥානසාර හිමි ද මහමෙව්නා අසපුවට වැඩියේ ය. එමගින් ඔහුට අධ්‍යාත්මික වටිනාකමක් ද ලබා දෙමින් තමන්ට අභියෝගාත්මක විය හැකි ව්‍යාපාරික ප්‍රවණතාවක් සමග මහමෙව්නා අසපුව සන්ධානගත වන ආකාරය දැකිය හැකි ය. බොදු බල සේනාව හා සම්බන්ධ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය ද දැවැන්ත වානිජ ව්‍යාපාරයකි.මෙකී ව්‍යාපාර අතර ඇති වන සන්ධානයන් ව්‍යාපාර ඇසකින් නිරීක්ෂණය කළ යුතු ය.

කෙටියෙන් කීවොත්, සම්ප්‍රදායික පන්සල ගමේ සිල්ලර කඩයක් වැනි ය. මහමෙව්නාව සුපර් මාකට් එකක් වැනි ය.අම්පාරේ උද්ඝෝෂණය පිටුපස තිබෙන සමාජ ආර්ථික පසුබිම මෙයයි.

බුදු දහම ආශ්‍රිතව නැගී එන මෙම වානිජ ප්‍රවණතාව අධ්‍යයනය කිරීම රසවත් ය. මෙහිදී ක්‍රිස්තියානියේ සිදු වූ දෙයට වඩා වෙනස් දෙයක් සිදු වෙමින් තිබේ. සම්ප්‍රදායික ක්‍රිස්තියානි පල්ලි එදා පටන් ම දැවැන්ත සමාගමක ශාඛා ය. එම සමාගම සතුව ප්‍රාග්ධන අභියෝගවලට ඔරොත්තු දීමේ ශක්තිය තිබේ. එහෙයින් ඉවැන්ජලික ක්‍රිස්තියානි නිකායන් වැඩිපුර ව්‍යාප්ත වනු දැකිය හැක්කේ සම්ප්‍රදායික ආගමික සංස්ථා හා බැඳුණු ධනවත් ජනයා අතරට වඩා ඒවායින් ගිලිහුණු පීඩිත හා අන්‍යාගමික ජන කොටස් අතර ය. 

සම්ප්‍රදායික පන්සල්, පල්ලි මෙන් ව්‍යාපාරමය ලෙස ජාලගත වූ ඒවා නො වේ. ඒවා  වනාහි හුදකලා ආයතනයි. මධ්‍යම පංතිය විසින් ඉල්ලා සිටිනු ලබන ආකාරයේ ආගමික සේවාවක් සම්පාදනය කිරීමට හැඩ ගැසෙන්නට ඒවාට බැරි වන්නට හේතු රැසක් තිබේ. එම තත්වය තුළ, ධනවත් හා ප්‍රභූ දායක ප්‍රජාව ඩැහැ ගන්නා අසපු සම්ප්‍රදායික පන්සල් විසින් තියුණු අභියෝගයක් ලෙස සැලකීම ගැන පුදුම විය යුතු නැත.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. කොටියා-

    ආජිත් පැරකුම් මෙහෙ එන්න
    ජංගිය පොඩ්ඩක් ගලවන්න
    යුද්දේ කාලේදී දැක්කට පස්සේ
    දැක්කෙම නෑ ගුදය

    අජිත්-

    චි චි කොටියා හරි නරකයි
    කියන්නේ කිව්වොත් කුණුහරුපයි
    ඩෝලර් කුට්ටි පෙන්නුවොතින් මට
    දෙන්නං කෝ පුකම

    අජිත් ගේ ළමයි-

    අයියෝ අප්පෝ කැතම කැතයි
    රට පවා දෙන එක හරිම කැතයි
    එපානේ අපිට කන්ට ගේන්නට
    රට ආගම් වනසා..

    88/89 යුගය

    අජිතා මරුවෙක් මිනි මරුවෙක්
    88 දී මිනිමරුවෙක්

    ReplyDelete
    Replies
    1. පව්..... අසපුවකට යන්න..... කවි බණක් අහන්න.... මාළු ඔලු දානෙට දෙන්න.... ඔබත් කන්න.... බුද්ධිය පහල වේවි....

      Delete
    2. ඔන්න පොන්න අජිත් ඇවිත් ඇනෝ කොමෙන්ට් දානවා.

      Delete
    3. මේ කොමෙන්ට් එක දැක්කම අනේ අපොයි කියලා හිතෙනවා..............
      ඉන්දික

      Delete
    4. @AnonymousJuly 23, 2013 at 8:46 AM,

      චාර්ටර් බන්, ළමා මහල්ලෙක් වෙන්නැතුව හිටහන්කෝ.

      Delete
  2. did you ever go to a mahamewna asapuwa or listen to a damma sermon there ???? don't comment anything that you don't know .....you will be gratly regret oneday

    ReplyDelete
    Replies
    1. අසපුවකට යන්න..... කවි බණක් අහන්න.... මාළු ඔලු දානෙට දෙන්න.... ඔබත් කන්න.... බුද්ධිය පහල වේවි...

      Delete
    2. AnonymousJuly 23, 2013 at 11:01 AM
      අජිත්, චාර්ටර් බන්, ළමා මහල්ලෙක් වෙන්නැතුව හිටහන්කෝ.

      Delete
  3. poyakata banak ahanna mahamewnawata yanna

    ReplyDelete
  4. Harima kanagatu dayak thathwayak... Asapu gana hariyata karunu kaarana nodanna awasanawatha kuhaka minisun kottashayakage thun weni panthiye article ekak... me res kara ganna wuu pawama yam dineka obawa narakayatama gena yanu atha... kenekta baneemata pera ea gana soya balanna. eka dawasak gos sil samadan wee wenasa balanna. oba kawuda, oba kumana thara thirame kenekda yanna ehidi oben prashna nokaranu atha... me wage thun weni panthiye lipi pala kara oba obata kara gannauu pawin berenna... meyin lada thrupthiya kumakdai mata nowatahe... Namo Buddhaya!

    ReplyDelete
  5. There is enough bana preached, we have thripitakaya.. do not need business monks to tell us what to do.. nobody says, refer thripitakaya, they want to make big MONKs out on themselves.. there was a great man born 2500 year or so back and he said what has to be said.. interpreters use his text to earn a little bit of publicity and image.. but anichcha.. dukhkha and anatta is the only truth of everything...

    ReplyDelete
  6. AnonymousJuly 23, 2013 at 12:03 PM
    ඇයි ඔයාගේ වහන්සේ රහත් වෙලාද? නිකන් පව් නොදී යනවා හලෝ යන්න.. මේ මුග්ධයෝ රැළ තමයි රේරුකාණේ හාමුදුරුවෝ වගේ තමන්ගේ ප්‍රොජෙක්ට් වලට බාදාවෙන සරළ සර්වකාලීන පොත් ලියපු හාමුදුරුවන්ට මඩ ගහලා අපායේ යන්නේ.. අසපු කියන්නේ ම ෆේල්ඩ් ප්‍රොජෙක්ට් එකක් ලොක්කා.. ඒකේ බිස්නස් ඉන්ටෙන්ෂන් එක තේරෙන්නෙ නැත්තෙම ඔහෙලාට ත්‍රිලක්ෂණය නෝතේරෙන නිසා.. අර පිටිගල හාමුදුරුවන්ට වහ දුන්නෙත් ඔය අසපු ලොක්කා නානානන්ද තමයි.. ඔහේලා අවීචියට යන්නේ ඔය අවීචිගාමි අසපුවේ දොරකඩින්ම තමයි..

    ReplyDelete
  7. You'r right Para

    ReplyDelete
  8. අසපු ගැන නම් මගෙ දැනීමක් නෑ, නමුත් අපිත් එක්ක එකට හිටපු කොල්ලො කෙල්ලෙ දෙතුන් දෙනෙක් දැන් නිකන් ජීවිතෙ අනිත් ඔක්කොම දෙවල් අමතක කරලා (අනිත්‍යය මෙනෙහි කරනවා වෙන්නෙ ඇති ). මුන් නිකන් වශී වෙලා වගෙ ඉන්නෙ, අනෙ මන්දා, මම අහල තියන තරමට, බුදුණ්වහන්සෙ හැමෝටම ජීවිතේ අනිත්‍ය මෙනෙහි කරල ඉන්න කිව්වෙ නෑ, එහෙමනම් වජ්ජි රජ දරුවන්ට පාලනය ගැනත්, එතකොට සිඟාලෝවාද සූත්‍ර කියන්න හෙතුවක් නෑනෙ, ඔක්කොම ජිවිතෙ අනිත්‍යයි කියල ඔක්කොම අත ඇරලා හිටපන් කියන්න තිබ්බනෙ. කිව්වෙ සන්සාරෙන් කවද හරි එතෙර වෙන්න, මෙන්න පාර කියල. මෙහෙම උනාම ලෝකෙ පැවැත්මක් තියේවිද?

    සමස්තයක් විදියට පැරාගෙ මේ ලියුමට එකඟයි, නමුත් ඇත්තටම මේ අසපු වලින් ගුණාත්මක සේවයක් දෙනවාද?
    "මෙම අසපු මගින් කරනු ලබන්නේ මධ්‍යම පංතිකයන්ට ගැලපෙන ආකාරයට ගුණාත්මක අන්දමින් බෞද්ධ ආගමික සේවාවන් සැපයීමයි"

    බුදුදහම කියන්නෙ ඉල්ලන හැටියට මාර්කට් කරල දෙන එකක් නෙවෙයිනෙ, එතකොට මේ ගොල්ලො කරන්නෙ ගුණාත්මක සේවාවක් නෙවෙයි, දහමත් රිලැක්ස් එකෙ, සුපිරියට ගන්න අවශ්‍ය අයගෙ ඉල්ලුමට සැපයීම පමණයි මේ අය කරන්නෙ. ඒකෙ බයි ප්‍රොඩක්ට් එකක් හැටියට එක්තරා කොටසක් ඇත්තටම දහමට යොමුවෙනවා.

    මේ කොටස මගෙ ප. ගෝ. ගතිය නිසා ලියන්නෙ,
    පැරාට පට්ට හැපි නිව්ස් එකක් නේද මේක? කමක් නෑ.
    පහුගිය ලිපිත් ඉතින් මට ගෝචර වෙන ඒවා නෙවෙයිනෙ, මම ඉතින් ඉන්නෙ දෙමලට තියන විශෙශ ප්‍රශ්නෙ මොකක්ද කියන මතයෙනෙ.

    ප.ගෝ.

    ReplyDelete
  9. ඉතාම හොඳින් කරුණු නිරීක්ෂණය සහ අධ්‍යයනය කර ලියා ඇති ගවේෂණාත්මක ලිපියක්. මෙවැන්නක් සුදුසු වන්නේ විශ්ව විද්‍යාලයයීය සඟරාවකටයි.

    - අරුණ

    ReplyDelete
    Replies
    1. @ Anonymous - July 23, at 10:08 PM

      Ayi umbe keyboard eke "K" akura neddha?

      Delete
  10. සිංහල බෞද්ධ සමාජය මෙවැනි දෙයක් කල විට පලු යන්ඩ නෙලන ඔබ මේ ගැන කුමක් කියනු ඇත්දැයි බලා සිටිමි..

    http://lankacnews.com/sinhala/foreign-news/97920/

    ReplyDelete
  11. පැරා,
    මම ඉස්සර වෙලා Mind Consciousness සහ Heart Consciousness එක ගැන කතා කලා. අපි දැන් Collective Consciousness හෙවත් "සාමුහික අහවල් එක (චින්තනය ) ගැන කතා කරමු.
    ඕනැම සමාජයක, කොටසක හෝ රටක, එහෙමත් නැති නම් කලාපයක, නැතිනම් මුලු මහත් විශ්වයේම චින්තනය යම් කිසි ස්ථානයකට කේන්ද්රියගත වෙනවා. ඒ කේන්ද්රයට සාපේක්ෂව ඇතිවෙන "සාමුහික චින්තනයට" අපි Collective Consciousness කියල දැනට කියමු.
    පවුලක් ගමු. මුලිකයා පියා. ඒ පවුල ඇතුලෙ සාමාජිකයන්ගෙ සාමුහික චින්තනය හැඩගැහෙන්නෙ පියාගෙ චින්තන රටාව අනුව. ඒ නිසා පවුලක මුලිකය පියා බවට පත් වෙනවා. ගමක් ගමු. ඒ ගමේ සාමුහික චින්තන රටාව හැඩගැහෙන්නෙ ඒ ගමේ මුලික වෙන මිනිසෙක් වටා. රටක් ගමු, ඒත් එහෙමයි. ලෝකය ගමු ඒත් එහෙමයි.
    ඒ වගේම සමාජයේ නොයෙක් ස්ථර තියනවා. ඒ ඒ සමාජ වල සාමුහික චින්තන රටාව හැඩ ගැහෙන්නෙ, ඒ ඒ සමාජ වල සාමුහික වින්තනයට මුල්වන යම් කිසි කේන්ද්රිය ලක්ෂයක් වටා.
    උදාහරණයක් වශයෙන්, ආගම කියන්නේ යම් කිසි කේන්ද්රයක්. ඒ වටා මිනිසු එකතු වෙනචා. ඒ වගේම, නිරාගමික, මාක්ස්වාදි, කොමියුනිස්ට්වාදි කියන්නේ කේන්ද්ර. ඒ ඒ කේන්ද්ර වටා ගොනු උන අය ඉන්නවා. මේක හරියට අර නලින්ද සිල්වා කියන කුලක වගේ. කෙනෙක් කුලක කිහිපයකට අයත් වෙන්න පුලුවන්.
    ඒ වගේම දළඳා මාලිගාව, ශ්රි පාද කන්ද, කලුතර බෝධිය, මක්කම, මේ සේරම යම් යම් ජන කොට්ඨාශ වලට චින්තන කේන්ද්රයන්. මේ කේන්ද්රවටා තමයි මිනිසු තමාගෙ අනන්යතාවය ගොඩනගාගන ඉන්නෙ.
    ඒ වගේම ශ්රිලංකා නිදහස් පක්ෂය, හෙල උරුමය, බොදුබල සේනාව, රාවණ බලය, මාක්ස්වාදය, දිවයින, ලංකාදීප, ජේවීපී එක, අන්වර් මනතුංග, පොඩිකුමාරිහාමි, මාතලන්, කතන්දර, පමණක් නොවේ, අනගාරික ධරාමපාල, ගංගොඩවිල සෝම වගේම කිරිබත්ගොඩ ඥාණානන්දත් ත් "වින්තන කේන්ද්ර" වශයෙන් අපි අවභෝධ කරගන්න ඕනෙ.

    ReplyDelete
  12. නොදියුණු සමාජයක මේ "චින්තන කේන්ද්රයට" හානියක් උනොත්, එය කේන්ද්රිය කරගත, එය වටා තමාගෙ අනන්යතාවය ගොඩනගාගත් සමාජ කොට්ඨාශයක් අනිවාර්යයෙන්ම කිපෙනවා. උදාහරණයක් වශයෙන් ගංගොඩවිල සෝමට ත්, කිරිබත්ගොඩ ඥාණානන්දටත් "ස්වාමීන් වහන්සේ " කියල නොකියපු නිසා ඒ මිත්යා දෘෂ්ඨිය කේන්ද්රිය කරගන බිහිවුන සාමුහික චින්තනයට අයත් සමාජිකයන් මට දොස් කියනවා.
    ඔබ ඔය කතාකරන්නෙ, "සාමුහික චින්තනයක් " ගොඩනැගුන "කේන්ද්රයක් පිළිබඳව. දැනටමත් ඒකට විරුද්ධව ඒ "චින්තන රාමුවේ " ඉන්න අය ඔබට අප්රසාදය පත්කරල.
    මේ "චින්තන කෙන්ද්ර" බිහිවෙන්නෙ අහම්බෙන් නෙවේ. ඒ ඒ සමාජ වල සාමුහික චින්තනයේ ප්රතිඵලයක් වශයෙන්. තවත් විධිහකින් කියනවනම් අද තියන පැසිස්ට්වාදි පාලනය බිහිවෙලා තියෙන්නෙ ස්වයංජාතව නෙමෙයි, ඕපපාතිකව නෙමෙයි. ඒක රටේ මිනිසුන්ගෙ සාමුහික චින්තනයෙ ප්රතිඵලයක් වශයෙන්.
    සාමුහික චින්තනය ගොඩනැගෙන්නෙ ස්වභාවධර්මයේ අවශ්යතාවයකට. ඒකට විරුද්ධ වෙනවා කියන්නෙ, බරපතල දඩුවම් විදින්න වෙන වැරුද්දක්. 71 දි සාමුහික චින්තනය උනේ විප්ලවය නෙමෙයි. ඒනිසා, එදා තිබුන සාමුහික චින්තනය සහ ඒකට කේන්ද්රිය උන ලක්ෂයන් වලට අභියෝග කරපු අය බරපතල විපාක අත්වින්දා.
    ඒ වගේම, නොමග යායුතු සාමජයක් නොමග යවන්න කවුරුහරි පහල වෙන්න ඕනෙ. අනගාරික ධර්මපාල, ගංගොඩවිල සෝම, නලින්ද සිල්ව, කිරිබත්ගොඩ ඥාණානන්ද වගේ අය බිහිවෙන්නෙ මේ සමාජය නොමග යවන්න. ඒ අය ස්වභාවධර්මයේ නිර්මානයන්. ඒක කාලීන අවශ්යතාවයක්.
    ස්වභාව ධර්මයේ කාලීන අවශ්යතාවලට අභියෝග කරනව නම් ඒකෙ ප්රතිඵලත් භුක්ති විඳින්න සුදානම් වෙන්න ඕනෙ.
    නැති නම්, බුදුන් වහන්සෙ, ජේසුස් වහන්සෙ, මොහොමඩ් තුමා වාගෙ, තෝරාගත් පිරිසක් සමග විතරක් මේ ගැන සාකචිඡා කරන්න ඕනෙ.
    අවසාන වශයෙන්, නිදහස් චින්තකයො කියන්නෙ එක එක "වාදින් " නෙමෙයි. ආගම් වාදින්, කොමියුණිස්ට්වාදින්,සමාජවාදින්, ගංගොඩවිල සෝම වාදින් , ඥාණානන්ද වාදින් වගේ සියලු දෙනා තවත් කෙනෙක් පස්සෙ යනව. නිදහස් නැහැ.
    නියම නිදහස් චින්තකයො තවත් කවුරුවත් පස්සෙ යන්නෙ නැහැ. ඒඅය තමා විසින් තමන්ට සුදුසු නිවැරදි මාර්ගය තෝරගන්නවා.
    මම හිතන්නෙ, පෙරදිග ශ්රේෂ්ඨ ගුරුවරයෙක් උන බුදුන් වහන්සෙ අපට උගන්වලා තියෙන්නෙත් මේකයි.

    ReplyDelete
    Replies
    1. ලෙසටම කියල තියෙනව. සුපිරි විග්‍රහයක්.
      @ Both; Author & Ano_SLVP-D?

      Delete
  13. මම නිය්හ්ය ලෙසින්ම මහමෙව්නා අසපු සහ ගමේ පංසල ඇසුරු කරන අයෙක්මි.අසපු වලදී සිංහල භාෂාවෙන් තේරුම දැනගෙන පිරිත් ඇසිය හැක. සුත්‍ර දෙසනා ඇසිය හැක. අසපු යන්නේ ආරණ්‍යවාසී සම්ප්‍රදාය අනුගමනය කරමින්ය.අසපු වල පැවිදිව සිටින භික්ෂුන් වහන්සේලා/ අනගාරික මෙහෙණින් වහන්සේලා සහ අසපු වලට එන්නන් චතුරාර්‍ය සත්‍ය කෙරේ යොමු කිරීම එහි පරමාර්ථය වෙයි එබැවින් අසපු හිමිවරු අවම්ගල්‍ය කටයුතු,මතක බන ආදිය වෙනුවෙන් කාලය වැය කරන්නේ නැත.

    ගමේ පංසලට සම්ප්‍රදායික පංසල යයි කීම වැරදි දෙයකි. එය ග්‍රාමවාසී සම්ප්‍රදාය අනුගමනය කරන එකකි.එය භික්ෂුන් වහන්සේගේ බන භාවනා කටයුතු වලට දිරි දෙන්නක් මෙන්ම ගමේ ජනතාවගේ සමාජයීය අවශ්‍යතාද ඉටු කරමින් සිටියි.එබැවින් අසපුවල කාර්යභාරයට වඩා ගමේ පංසලේ කාර්යභාරය සංකීර්ණය වෙනස්ය.
    සාමාන්‍යයෙන් අසපු වලට වැඩියෙන් ජනතාව ඇදෙති.පෝදිනක එක අසපුවක සිල් සමාදන්වන ජනතාව අඩුවැඩි ලෙසින් 5000 ඉක්මවයි. අසපු නිසා ගමේ පන්සලේ නිද්ද්‍රාශිලිත්වය නම ඉවත්ව ඇත. එය හොඳ ලකුණකි.

    අම්පාරේ සිද්ධ්ය ගැන මම නම් ඒ පත්‍ර වාර්තාවට වඩා යමක් දන්නේ නැති බැවින් මතයක් පල කල නොහැක.අසපු භික්ෂුන් වහන්සේලා ගිහියන් සමග ටිකක් දුරින් සිටින අතර ගමේ පංසලේ හාමුදුරුවෝ ඊට වඩා ලඟින් අප සමග සිටිති.

    මා එක අසපුවක වාර්ෂික දානයකට සම්බන්දතවී සිටින අතර,මමද එක් අසපුවකට වාර්ශිකව් දානයක් දෙමි. ගමේ පන්සලට මාසිකව සලාක දානයක් දෙන අතර,මලගිය ඥාතින්ට පිං අනුමෝදන් කිරීම් සඳහා වාර්ෂික දානයක්ද දෙමි. මට නම් මේ දෙකම මගේ දෑත මෙනි.දෙකම එක වාගේ වැදගත්ය.

    ReplyDelete
  14. අසපු සාදු ගේ එක ඇම්පීත්‍රී එකකින් මිනිත්තු කීපයක් අහන කොටම මට තේරුණා පොර කොච්චර මිත්‍යාදෘෂ්ටිකයෙක් ද කියන එක.

    හැබැයි ඒ අළුත් ආගම අදහන අයටත් බුද්ධාගම සහ අනෙකුත් ආගම්වලට අයට වගේ ආගමික නිදහස තියෙන්න ඕනෑ.

    ReplyDelete
    Replies
    1. මීට.. චු කතා කක්කි කතා චක්‍රවර්ති

      Delete
    2. අනේ උබ දන්නා අගම දර්මය ... චු කතාවන් කියාගෙන හිටහන්

      Delete
  15. >>>>>මෙම ස්ථාන ගොඩනඟා තිබෙන්නේ දැවැන්ත ප්‍රාග්ධනයක් යොදවා, විධිමත් ගෘහ නිර්මාන ශිල්ප ක්‍රම හා කලා ශිල්ප භාවිතා කරමින් විද්‍යානුකූලව ය. එසේම, ඒවායේ ආගමික සේවා සම්පාදනය ද ගුණාත්මක තත්වයක පවතී......<<<<
    Are U sure ? Perakum... :D

    ReplyDelete
    Replies
    1. @ සිතුමිණි රත්නමලල.
      ඔබ එක වරක් පෝ දිනක අසපුවකට පැමිණ බලා නිරීක්ෂණය කරන්න. එවිට අසපුන් සතු දැවැන්ත ප්‍රාග්ධනය පහත අන්දමින් දැක ගත හැක.

      5000 කට ආසන්න උවැසි,උවැසියන් ඔබට එතැනදී සිල් සමාදන්වී සිටිනවා පෙනේවි.ඒ සියලුම දෙනාටම උදේ හවස ගිලන්පස දවල් දානේ සහ එහි රාත්‍රිය ගත කරන අයට පසුදා උදේ දානේ ආදිය සපයන්නේ සැදැහැවතුන්ගේ දායකත්වයෙන්ය.ඉදිරි දිනයන්හි මේ සඳහා දායක වන ලෙස හාමුදුරුවන් වහන්සේ පැවසු විට බොහෝ දෙනා ස්වේච්චාවෙන්ම තම තමන්ට පුලු පුළුවන් හැටියට අදාළ දායකත්වය ලබා දෙති.

      අසපුවේ ඉදිකිරීම් වල ද්‍රව්‍ය අවශ්‍යතාවයන් පැවසු විටද එය සැපිරෙන්නේ ඉහත ආකාරයටය.සමහර දෙනා ඉතා සුළු මුදලේ පටන් ලක්ෂ ගණන් දක්වා ධන පරිත්‍යාග කරති.තවත් අය කලක් තමන් පැළඳි හා තම මියගිය දෙමාපියන් පැළඳි රන් රිදී අබරණ පරිත්‍යාග කරති. බෝහෝ දෙනා ශ්‍රමය පරිත්‍යාග කරති.ගෙදරදී අතක් පයක් නොසෙල්වන ගැහැණු/පිරිමි ළමුන් මෙතැනදී ද්‍රව්‍ය පිරවූ විල්බැරෝ තල්ලු කරගෙන යති.

      Delete
    2. සිතුමිණි අසා ඇති ප්‍රශ්නයට ඔබ සපයා ඇති පිළිතුරෙන් ඔබේ සම්මා සතිය පැහැදිලි වෙයි. ඔහු අසා ඇත්තේ ප්‍රාග්ධනය ගැන නොවේ, ඔහු අසන්නේ විධිමත් ප්‍රාග්ධනය යොදවා -"ගෘහ නිර්මාන ශිල්ප ක්‍රම හා කලා ශිල්ප භාවිතා කරමින් විද්‍යානුකූලව" ගොඩ නැගූ ඉදිකිරීම අසපු වල ඇත - නම් පැරකුම් ගේ නිගමනය ගැනයි. ඔබගේ පිළිතුර වාස්තුවිද්‍යාව අනුව දිය යුතු එකකි. ඒ කෙසේද යත් අලින් හා දඩයම් ගැන දැන උන් තිස්ස ට මිහිඳු හිමියන් අලි පා සලකුණු අනුව සූත්‍රයක් දේශනා කළ උපමාව අනුවය.

      අසපු යන අය යන්නේ මල්ලෙ පොල් පාරක බව අපිට තේරෙන්නේ ඒ අනුවය. අපිට සිංහලෙන් බණදහම් උගනින්න අසපු යෑමට උවමනා නැත..

      Delete
    3. @WMK:

      //ගෙදරදී අතක් පයක් නොසෙල්වන ගැහැණු/පිරිමි ළමුන් මෙතැනදී ද්‍රව්‍ය පිරවූ විල්බැරෝ තල්ලු කරගෙන යති.//
      මේ වංචාවකි, සම්මා වායාමය, සම්මා කම්මන්තය ආදී චර්යාත්මක වෙනස්කම් පනසලට එකයි ගෙදරට එකයි යනුවෙන් දෙකක් තිබිය නොහැකිය, සොරකම් නොකරන්නේ කොතැනත් එය නොකරයි. ඔබ නිරික්ෂනය කර ඇත්තේ මහා ප්‍රෝඩාවක් නොහොත් ආත්ම වංචාවකි. වැඩි දුර විස්තර සඳහා 'වංචක ධර්ම නොහොත් චිත්තෝපක්ලේෂ ධර්ම' නම් රේරුකාණේ හාමුදුරුවන්ගේ පොත කියවන්න. අසපු කාරයෝ රේරුකාණේ හිමියන් ගේ නාමශේෂයට ගරහන්නේ මේ කියා ඇති දෙයින් තමන්ගේ බොරුව අහු වෙන නිසාය.

      Delete
    4. මිත්‍රයා,
      මා කල රැකියාවෙන් ලද පුරුද්ද නිසා මා ළඟ පුද්ගලිකව පොත් 500ක පමණ එකතුවක් තියෙනවා.(පුරාජේරුවක් නොවේ) ගරු රෙනුකානේ හාමුදුරුවන්ගේ'වංචක ධර්ම නොහොත් චිත්තෝපක්ලේෂ ධර්ම' පොත පමණක් නොව උන්වහන්සේ ලියු සියලුම පොත්ද, අමරරත්ත මහතාගේ අභිධර්ම ප්‍රදීපිකා පොත් පෙලද තියෙනවා.ජයසේන ජයකොඩි මහතාගේ බෞද්ධ පොත් ඔක්කොම තියෙනවා.මේ අතර කිරිබත්ගොඩ ඥානානන්ද හාමුදුරුවන්ගේ පොත්ද තියෙනවා. මේ සියල්ල මා කියවා තිබෙනවා. දැනුත් කියනවනවා.මේ අතර අන්ටහ්ර්ජාලයෙන් බ ගත හැකි පොතද මා කියවනවා.
      මා මෙයින් ඔබට කියන්නට හදන්නේ මා මහමෙව්නාව අන්ධානුකරණයෙන් අදහන්නෙක් නොවන බවය.හැම තැනකම තියෙන හොඳ පමණක් මා ගන්නවා.එයට නිමිත පැසසුම නොඅඩුවම දෙනවා.මා එකඟ නොවන දේ ගැන පස්සෙන් එලවන්නේ නැ. මහමෙව්නාවේ තියෙන හොඳ දේ තමයි මිනිසුන් තුල ශ්‍රධාව ජනිත කරවීමට උපකාරිවිම. ශ්‍රද්ධාව ඇති කෙනා ඊළඟට සිල් සමාදන් වෙනවා.(සමහරු සිල් ගන්න එන්නේ විවේකයක් ගන්න මිස ශ්‍රද්ධාවෙන් නොවෙයි) සතුටුදායක අන්දමින් සිල් ගන්න අය ඊළඟට භාවනා කරන්නට යොමු වෙනවා. මහමෙව්නාවේ එක දුර්වල කමක් තමයි ප්‍රමාණවත් තරම් භාවනාව් සඳහා යොමු නොකිරීම. ඒක එන පිරිස වැඩි නිසා වෙන දෙයක් එහෙම අයට යාමට භාවනාවන් සඳහාම යොමුවී ඇති භාවනා මධ්‍යස්ථාන තියෙනවා.නැත්නම් තනිවම භාවනාව වඩන්න පුළුවන්.

      මා ඔබට කිසිවක් උගන්වන්න යන්නේ නැහැ.එත් මගේ අත්දැකීමෙන් කියන්නේ පොත්වලින් ගන්න පුළුවන් දැනීම පමණක් යයි කියලයි.

      සමරසේකර

      Delete
    5. oba hari mahathmaya ....oba niwan margaye siti

      Delete
    6. පොත් ගැන කියනවා නම් මගේ පොත් එකතුව 2000 කට වැඩියි මිත්‍රයා. අතනින් හොඳ ටිකයි මෙතනින් ටිකයි සිතමින් තමන්ගේ මට්ටමට කපාගන්නා සාරසංග්‍රහ වාදී විම තවත් ඇලීමක් විතරයි. ඕකත් රේරුකාණේ හාමුදුරුවන්ගේ උක්ත පොතේ වඤ්චනික ධරමයක් වශයෙන් හඳුනා ගන්නවා.මහමෙව්නාවේ බිස්නස් බුද්ධාගම-සරල, සිංහල, කාටත් තේරෙන- මේ ප්‍රවණතාවයක් විතරයි. මේක හේතු ඵල වශයෙන් විග්‍රහ කර ගැනීමට උවමනා ප්‍රඥා මාර්ගයක් විනා ශ්‍රද්ධා මාර්ගයක් නෙවෙයි. ශ්‍රද්ධාව එක්ක කරන්න පුලුවන් සංසාරේ දිග වැඩි කර ගන්න විතරයි.

      Delete
    7. මිත්‍රයා,

      ඔබේ පොත් එකතුව මගේ මෙන් 4 ගුණයකටත් වඩා වැඩියි. ඉතින් ඔබ වැනි බහුශ්‍රුතයෙකු ඇසුරු කිරීමට ලැබීම කෙතරම් වාසනාවක්ද? එම පොත් අතරින් බෞද්ධ චින්තනය හදාරන්නෙකු විසින් දත යුතුසතර සෘධි පාද එනම්, චන්ද,ශිත්ත, විරිය,විමංසා කියවා බලන්න.ඉන් පසුව ඇතිකරගතයුතු පංච ශේඛ බල එනම් ශ්‍රධා,විරිය,සති,සමාධි,පඥා ගැන කියවන්න.ඉන්පසුව පිහිටුවා ගත යුතු පංච ඉන්ද්‍රිය එනම් ශ්‍රධා,විරිය,ශිල,ත්‍යාග,පඥා කියවන්න.
      පඥාව නිවැරදිව දිශා ගත කිරීමේ සුක්කානම ශ්‍රද්ධාවයී.ශ්‍රද්ධාව දාන ශිලාදී කුසල්ම පමණක් වැඩිමට සිමා කල හොත් ඔබ පැවසු පරිදිම පුලුවන් වන්නේ සංසාරේ දිග වැඩි කර ගන්න විතරයි.නමුත් ප්‍රඥාව භාවිතා කර විදර්ශනා භාවනාවන් වැඩිමෙන් සංසාරේ දිග අඩු කර ගන්න පුළුවන්.

      Delete
  16. අනේ අපොයි බෞද්ධයෙක් කීවනම් කමක් නෑ. දේශනාකරන ධර්මයේ වරද්දක් තියෙනවද? එහෙමනම් තමයි බෞද්ධ විරෝධී වෙන්නෙ. නැතිව ගොඩනගිලි හොදට හැදුවට බෞද්ධ විරොධී වෙන්නෑ. මේ බ්ලොග් එකේ හැම ලිපියකින්ම වගෙ ඔබතුමගෙ ගොන් කමයි බුදුදහමට ඇති වෛරයයි හොදට පේනව

    ReplyDelete
    Replies
    1. meka mona relawekada........... yako pansale idagena buda poojawa kawata relawe koheda bawudhhayo wenne............relawe ma thama.....

      Delete
    2. @ AnonymousJuly 25, 2013 at 5:38 AM
      ඔබට කවදාවත් කවුරුවත්ම කිවුවෙ නැද්ද ඔය තරම් පොත් කියවන්න එපා කියල ? ඒක හරිම භාධාවක්. පොත් කියවපුහම, අපි අපේ අත්දැකීම් අනුව කතුවරයාගේ මත වලින් යම් යම් පුර්ව නිගමන වලට එළඹෙනවා. පුර්ව නිගම තරම් හානියක් තවත් නැති තරම්. පුලුවන්නම් පොත් අත්හරින්න අවම වශයෙන් තමා විසින් මුලික දැනුමවත් ලබන තුරු.

      Delete
  17. මහමෙව්නාව හරහා හමා එන මහාමේඝයට උතුම් වූ බුද්ධ භාෂිතය යටපත් කළ හැකි වේද?

    http://srisadaham.wordpress.com/2013/02/25/%E0%B6%B8%E0%B7%84%E0%B6%B8%E0%B7%99%E0%B7%80%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%80-%E0%B7%84%E0%B6%BB%E0%B7%84%E0%B7%8F-%E0%B7%84%E0%B6%B8%E0%B7%8F-%E0%B6%91%E0%B6%B1-%E0%B6%B8%E0%B7%84%E0%B7%8F/

    සැබෑම ධර්ම යුද්ධයක් අරඹමු..!

    http://srisadaham.wordpress.com/2013/03/19/%E0%B7%83%E0%B7%90%E0%B6%B6%E0%B7%91%E0%B6%B8-%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8-%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%B8/

    ReplyDelete
  18. දහමේ නාමයෙන් ධර්මය වනසන මහමෙව්නාව ගැන ඔබත් දැනුවත් ද?

    https://www.facebook.com/photo.php?fbid=576991812345018&set=a.555112431199623.1073741827.555106631200203&type=1&theater

    මහමෙව්නාව අභිධර්මය හෙලා දකියි..!

    https://www.facebook.com/photo.php?fbid=575997542444445&set=a.555112431199623.1073741827.555106631200203&type=1&theater

    අභිධර්ම ප්‍රශ්නයට මහමෙව්නාවෙන් පිළිතුරු..! – ධර්ම යුද්ධයේ ප්‍රතිඵල -

    https://www.facebook.com/photo.php?fbid=572691522775047&set=a.555112431199623.1073741827.555106631200203&type=1&theater

    ReplyDelete
  19. "පෙරේදා සවස 4.00 ට භාවනා අසපුවක්‌ සෑදීමට මුල්ගල තැබීම කථානායක චමල් රාජපක්‍ෂ මහතා අතින් සිදු කරන බව පවසා තිබුණ ද, දහවල් 1.00 ට පමණ ඒ මහතාගේ පුත් ශමින්ද රාජපක්‍ෂ මහතා අතින් මෙම ස්‌ථානයේ ඉදිකිරීමට අපේක්‌ෂිත මහමෙව්නා සදහම් මධ්‍යස්‌ථානය, මහ මෙව්නා සුවසේවා මධ්‍යස්‌ථානය, හරිතසුව සේවා කටයුතු සඳහා මෙම ස්‌ථානයේ ගොඩනැඟිලි ඉදිකිරීමට කථානායක චමල් රාජපක්‍ෂ මහතා නමින් සමරු ඵලකයක්‌ද ස්‌ථාපිත කරමින් මුල්ගල තබන ලදී"

    This man was involved with a currupt wimax deal of slt.

    ReplyDelete
  20. ඉස්සෙල්ලාම හාමුදුරුගොල්ලෝ (විශේෂයෙන්ම තරුණ අය ) හිසකෙස් බූ ගෑම නවත්වලා ස්ටයිල් එකකට කොණ්ඩය සහ සයිඩ්බර්න් එක කපන්න පටන් ගත්තා. දැන් දැන් සියම් නිකායේ හාමුදුරුගොල්ලෝ (එල්ලාවල මේධානන්ද වැනි වයස්ගත අයත් ) විනයානුකූල සිවුරු ඇඳීම නවත්වලා "සිවුරු සාරි" අඳින්න පටන් අරගෙන. සමහරු දැනටම කහ ටී-ෂර්ට් පවා අඳිනවා. මෙවැනි අය තවදුරටත් භික්ෂූන් කියා නම් කරන්න බැහැ. මේ අය ගණින්නාන්සේලා මිසක් භික්ෂූන් නොවෙයි.

    - අරුණ

    ReplyDelete
    Replies
    1. අනුමත කරමි

      ඉන්දික

      Delete
    2. @අරුණ,
      විනය නීතියට අනුව භික්ෂුන් වහන්සේ නමකට අඟල් 2ක් දක්වා හිස කෙස් වැඩිය හැකි බව ඔබ නොදන්නවා ඇති සිතමි.
      ශිතය මැඩීමට කහපැහැති කෙඉට් හෝ දිග ඇත ඇති කමිස සිවුරට යටින් අඳින හිමිවරුන් ශිත දේශගුණයන් ඇති පළාත් වල සිටිති.එපමණක් නොවේ ශීතලෙන් බේරීමට හිස හා කන් වසන ආවරණයන්ද පළඳිති.
      මා දන්නා පරිදි බස්රථ අනතුරක් නිසා තම දකුණු අත බිඳුණු සියම් නිකායේ හිමි නමක් අපවත්වන තුරුම සිවුර ඇන්දේ එම අප්‍රාණික අත වසා ගෙනය. දානය වැළඳුවේ වම අතිනි.
      එල්ලාවල මේධානන්ද හිමි සිය දකුණු අත වසා සිවුර හඳින්නේ එවැන්නක් නිසා නොවේද?

      Delete
    3. @wmk,අඟල් 2 ක් දිගට නෙවෙයි මලයා, ඇඟිලි දෙකක පළලට සමාන දිගක් යනතුරු හිසකේ වැවී තිබිය හැකියි භික්ෂූන් හට. ඒ කියන්නේ බ්‍රිතාන්‍ය මිනුම් ඒකක අනුව අඟලක් පමණ දිගට.

      Delete
    4. මිත්‍රයා,
      මා නිවැරදි කිරීම ගැන ඔබට ස්තුතියි.ඔබ කෙතරම් වටිනා මිත්‍රයෙක්ද?

      Delete
  21. කිරිබත්ගොඩ ඥාණානන්ද නැමති අය අභිධර්මය විතරක් නෙමෙයි. විදර්ශණා ඥාණත් ප්‍රතික්ෂේප කරනවා. ඒකෙ අදහස වෙන මොකුත් නෙමෙයි. තමන්ට නොතේරුන, තමන් නොදන්නා දේවල් තියනවා කියල පිළිගන්න අකමැති වීම, තවත් ආකාරයකින් කියනව නම් ධර්මයේ සියල්ල තමන් තේරුම් ඇරගන ඉන්නවා කියල මුලා වීම.
    ලෝකයේ සිදුවන බොහෝ දේවල් රසායනික මුල දුව්‍යවල සංයෝජන සහ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි කරන්න පුලුවන් වගේ, මේ ලෝකයේ පවතින යම් යම් "පරමාර්ථ තත්වයන් " ගෙන් ලෝකයේ ක්‍රියාකාරිත්වය පැහැදිලි කරගැනීම සඳහා තමයි "අභිධර්මය " තියෙන්නෙ.මේකවත් නොතේරුන ගුරුවරයෙක් දහස් ගණන් මිනිසුන්ට ධර්මය උගන්වනව කියන්නේ ඒ මිනිසුන්ට ඉතින් අබ සරණයි. !
    ප්‍රශ්ණෙ තියෙන්නෙ මිනිසුන්ගෙ තියන අන්ධ භක්තියෙ.
    මම ඔය කියන සී ඩී එකක් දැනට අවුරුදු 10 කට විතර ඉස්සර අහල කුණු බක්කියට දැම්මා.

    ReplyDelete
    Replies
    1. hik hik ane palayan ban yanna uba danna idarshanaa

      Delete
    2. අපරාදේ විසි කෙරුවේ. උණු තේ කෝප්ප මේස උඩ තියන්න ගන්නා කෝස්ටර් එකක් විදියට පාවිච්චි කරන්න තිබ්බා!

      Delete
    3. මිත්‍රයා
      " විදර්ශණා ඥාණත් ප්‍රතික්ෂේප කරනවා."
      මේක නම් පිළිගන්න අමාරුයි. මා විදර්ශණා භාවනා පාඨ ඉගෙන ගත්තේ මහමෙව්නාවෙන්.

      "ලෝකයේ සිදුවන බොහෝ දේවල් රසායනික මුල දුව්‍යවල සංයෝජන සහ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි කරන්න පුලුවන් වගේ,"

      ලෝකය සහ එහි පන ඇති සහ පන නැති සාම දෙයම සැදී තිබෙන්නේ පඨවි,ආපෝ,තේජෝ,සහ වායෝ යන සතර මහා ධාතුන්ගෙන්. ඒක තමයි එකම එක (one and only)රසායන සංයෝගය.එක මහමෙව්ව්නාවේදී මනාව පැහැදිලි කරනවා.

      "මේ ලෝකයේ පවතින යම් යම් "පරමාර්ථ තත්වයන් " ගෙන් ලෝකයේ ක්‍රියාකාරිත්වය පැහැදිලි කරගැනීම සඳහා තමයි "අභිධර්මය " තියෙන්නෙ.

      ඔබට සම්පුර්නයෙන්ම වැරදිලා. අභිධර්මයේ තියෙන්නේ සිත,සිත්වර්ග,සිතුවිලි,සිතුවිලි වර්ග භාවනා, භාවනා වඩන අන්දම සහ ධ්‍යාන ලබා ගන්නා ආකාරයයි
      ඔබ අමරදාස රතනපාල ශුරීන්ගේ අභිධර්මාර්ථ සංග්‍රහය පොත් 4 කියෙව්වොත් හොඳයි එක අන්තර්ජාලයෙන් බා ගන්න පුළුවන්.

      Delete
    4. @ wmk

      ඔය සතර මහා ධාතූන් හැරුණාම තවත් ධාතූන් තිබේද පින්වත?

      Delete
    5. thoge kari ....ane palayan ban yanna

      Delete
    6. @ Anonymous - July 25 at 1:56 AM,

      ඒක මේ මාළු කරියක් වගේ එකක්ද පින්වත?

      Delete
    7. @ wmk

      ඔය සතර මහා ධාතූන් හැරුණාම තවත් ධාතූන් තිබේද පින්වත?
      -------------------------
      සමහර තැන්වල ආකාශයත්(අවකාශය) ධාතුවක්ලෙස විස්තර වෙනවා. තැන දෙකක අතර අතර ඇති වෙනස තුල තිබෙන්නේ අවසාශය යයි කියවෙනවා.

      Delete
    8. මිත්රයා,
      1. මම කතා කරන්නෙ විදර්ෂනා ඥාණ ගැන. විර්ෂණා භාවනා පාඨ කියල එකක් ගැන නෙමෙයි. විදර්ෂණා භාවනා පාඨ කියන්නෙ "කිරිබත්ගොඩ ස්පෙෂෙල් " එකක් වෙන්න ඇති.
      2. මමත් කිවුවෙ ඒ කගැන තමයි. හොඳයි, ඔබට කියන්න පුලුවන්ද, කාටහරි විවාහයක් වෙන්න ඔය සතර භුතයෙන් මොන භුතයක් ද වැදගත් වෙන්නෙ කියල. උත්තර අනවශ්යයි. දන් නැති නම් පොතේ දැනුම අයින් කරල , ප්රායෝගික දැණුම තමන් තුලින් සොයාගන්න.
      3. එතකොට ඔය කියන පංච මහා භුතය අභිධරමයේ නැද්ද ? චිත්ත චෛතසික රුප ආදියට ඔය කියන භුත මුලික වෙන් නැද්ද ? උත්තර අනවශ්යයි. නෑ කියල හිතෙනවනම් පොත් කටපාඩම් කරන එක නවත්වලා" කිරිබත්ගොඩ ස්පෙෂෙල්" වලින් ඉවත් වෙලා වෙන ගුරුවරයෙක් හොයා ගන්න.
      4. කියවල බලන්නම්. නුසුදුසුයි කියල හිතුනොත් අර සිඩී ටිකට කරපු දේම තමයි කරන්නෙ.

      Delete
    9. ඔය සතර මහා ධාතූන් හැරුණාම තවත් ධාතූන් තිබේද පින්වත?
      -------------------------
      සමහර තැන්වල ආකාශයත්(අවකාශය) ධාතුවක්ලෙස විස්තර වෙනවා. තැන දෙකක අතර අතර ඇති වෙනස තුල තිබෙන්නේ අවසාශය යයි කියවෙනවා.
      කෙලින් සෘජු උත්තරයක් දෙන්නකො මිත්රයා. සමහර තැන්වල තියනවා කියනවා, තමහර තැන්වල නෑහැ කියනවා. ඒක හොඳ උත්තරයක් නෙමෙයි. ගුරුවරයා කියන්නෙ ශිෂ්යයාගෙ සියලු සැකයන් ඉවත් කරන කෙනෙක්. ඔබගෙන් ප්රශ්ණයක් අහන්නෙ ශිෂ්යයෙක් විධිහට හිතන්න.

      Delete
  22. ඒකටවත් සුදුසු නෑ.. අඩු තරමින් පත්තර කෑල්ලක් උනා නම් මොනව හරි ඔතන්නවත් තිබුන.
    ඔය සිද්ධියෙන් පස්සෙ, ඥාණානන්දගෙ අනුගාමිකයො, මට සි ඩී දුන්න මිත්‍රයො, අදත් මාත් එක්ක ගනු දෙනු නෑ. පවු කියල හිතෙනවා..,.

    ReplyDelete
  23. මේ වගේ රැලි එනවා කාලෙන් කාලෙට, නීලපට දර්ශනය, විභජ්ජවාදය, විනයවර්දනය, පිරිත් නොඅහන අය, අරියධම්ම ගේ බණ අහන අය, xx ගේ බණ xxxx ගේ බණ අහන අය, ලස්සන සාදු ගේ අය, කුණු ගාගෙන ඉන්න සාදුගේ අය, පොන්න හඬින් බන කියන සාදු ගේ අය, බනින සාදු ගේ අය, කාලින බන සාදුගේ අය.. කියා ගෙන කියාගෙන යන්ට පුලුවන්.. මේ වගේ අය ගැන මහ සන්නාසියා අවුරුදු 2560කට කලින් අපූරුවට කියලා තියෙනවා විනය පිටකේ.. බොරු නං කියවලා බලන්ට.. අපි නෙවෙයි උන්නැහෙමයි කියලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇයි මචෝ මතක නැද්ද, අර 1950 ගණන්වල ආපු "තාපස නිකාය"? ඒත් මේ වගේම ඔල්මොරොන්දන් සෙට් එකක් තමයි.

      Delete
    2. :) අපි මළත් තව අවුරුදු 20කින් වෙන මැජික් එකක්.. ඒකට රැවටුනු මිනිස්සු රංචුවක්.. සංසාරේ සංසාරේ..

      Delete
  24. උඹ සමාජවාදය ගොඩනගන්න හදන්නේ මේ වගේ ලිපි ලියලද?අයියෝ කාලකන්නියා......

    ReplyDelete
    Replies
    1. බුද්ධාගමෙත් තියෙනවා බං සමාජවාදය. උඹ වගේ කැණහිලුන්ට කොහෙද ඒවා තේරෙන්නේ... කාලකන්නියා...

      Delete
  25. මට නම් ඕනෑම ආගමික පොතකුයි "ලෝඩ් ඔෆ් ද රිංස්" , එහෙම නැත්නම් "හැරී පොටර්" වගේ පොතකුයි අතර කිසි ම වෙනසක් නැහැ. ඒ පොත් දෙවර්ගයේ ම ඇත්තේ සුරංගනා කතා පමණයි.

    wmk නම් දැන් මේකට අඬයි!!!

    ReplyDelete
    Replies
    1. @ Anonymous - July 25, at 1:58 AM,

      මොනවා...? උඹ මෝඩයෙක්ද?

      Delete
    2. මට නම් ඕනෑම ආගමික පොතකුයි "ලෝඩ් ඔෆ් ද රිංස්" , එහෙම නැත්නම් "හැරී පොටර්" වගේ පොතකුයි අතර කිසි ම වෙනසක් නැහැ. ඒ පොත් දෙවර්ගයේ ම ඇත්තේ සුරංගනා කතා පමණයි.

      wmk නම් දැන් මේකට අඬයි!!!
      ------------------
      මම අඬන්නේ මොකටද? මගේ පොත් ගොඩෙත් වෛවාරණ පොත් තියෙනනවා.

      Delete
  26. Download all the books by Ven. Rerukane Thero and other books in sinhala.
    http://www.ogatharana.org/

    Great ebooks and articles by local monks, and other international authors in english
    http://www.bps.lk/index.html
    http://www.buddhanet.net/ebooks.htm
    http://www.buddhistelibrary.org/

    Great articles and sutras in english
    http://www.accesstoinsight.org/

    Download this wonderful series
    The Great Chronicle Of Buddha - The Buddhavamsa (also known as the Chronicle of Buddhas) is a Buddhist text which describes the life of Gautama Buddha and the twenty-seven Buddhas who preceded him. It is the fourteenth book of the Khuddaka Nikaya, which in turn is part of the Sutta Pi?aka.
    http://www.dhammadownload.com/MinGunSayaDaw-eBookInEnglish.htm

    Download "Buddha Abhidhamma Ultimate Science"
    http://www.dhammadownload.com/Dr-MehmTinMon-eBookInEnglish.htm

    Treasure of truth - Illustrated Dhammapada by Ven Weragoda Sarada Maha Thero
    http://www.dhammadownload.com/Others-eBookInEnglish.htm

    http://buddhistacademyofpuc.org/ebooks/english/PETAVATTHU.pdf

    ReplyDelete
  27. ලිපිය වටිනවා..කමෙන්ට් 90% ක් පරිනාමයට ලක්විය යුතු තත්වේ..මට සිතාගත නොහැකි වුනා ප්‍රභල තර්ක මතුකරන මේ පිරිස ඩස්පින් වගේ උනේ කෝමද කියලා...වඩු කුරුල්ලාගෙන් පිලිතුර ලැබුනා..ඔලුව මොලේ පොඩි උනාට කැටයම හැඩයි කුරුල්ලගේ...
    -----------------------------------------------------------------------
    wmk සත්තිගුම්බ ජාතකය සිහිකලා...දෙමාපියෝ හොදට හදලා..තෙරුවන් සරණයි...

    ReplyDelete
  28. භාග්‍යවතුන් වහන්සේට, ධර්මරාජිකයාණන් වහන්සේගේ ධර්මයට, ආර්ය සංඝ රත්නයට ගරහන යම් කෙනෙක් වේ ද ඔහු උප්පත්ති දෙකක් බලාපොරොත්තු විය යුතුය . තිරිසන් උපත සහ නිරයයි . ඔබ විශ්වාස කරන්නේ කුමක් වුවද යථාර්තය එකකි. පව් අනුමෝදන් වෙලා දුකින් දුකට වැටන්න එපා .බටහිර සුද්දගේ ඉගැනීමෙන් මනස වියවුල් කරගත් මෝඩ කළු සුද්දෝ ධර්මයට නිගා කරලා සතර අපාය නම් මහා ගෙදරටම යනවා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා