අනුන් නිරුවත් කරමු ද? අලුත් ඇඳුමක් අඳිමු ද?

පොලීසිය විසින් ඝාතනය කරන ලද පාතාල නායකයකු වන මාමස්මි බුර්කා ඇඳගෙන සිටි බවක් කියමින්, බුර්කා හා නිකාබ් තහනම් කළ යුතු බවට ගෝරනාඩු කරන සිංහල, බෞද්ධ ආගමික අන්තවාදීන් විසින් මෙම ඡායාරූප අධ්‍යයනය කළ යුතුව තිබේ. 

බුද්ධගයාවට බෝම්බ ප්‍රහාර එල්ල කළ ප්‍රධාන සැකකරු චීවරයට සමාන ඇඳුමක් ඇඳගෙන සිට ඇති බව එරට බුද්ධි අංශ විසින් නිකුත් කරනු ලැබූ දළ රූප සටහන් වලින් පෙනේ. 

සිවුරෙන් මුහුණ වැසෙන්නේ නැතිමුත්, එතුළ ද සෑහෙන දේවල් සඟවාගන්නට පුළුවන. මේ බෝම්බ සඟවාගෙන ආවේ සිවුරු අස්සේ වන්නට පුළුවන.

දැන් ඉතින් අපි සිවුර තහනම් කළ යුතු යයි තර්ක කරනවා ද? මේ විදියට ආවුද සඟවාගෙන පැමිණිය හැකි සියලු ඇඳුම් තහනම් ක‍රන්නට ගියොත් අපට යළි රෙදි නො ඇඳි යුගයට යන්නට සිදු වනු ඇත. 

අප විසින් කළ යුතුව තිබෙන්නේ මිනිසුන්ගේ තමන් කැමති ඇඳුමක් ඇඳීමේ නිදහස ඇවිරීම නො‍වේ. මිනිසුන් තවත් මිනිසුන්ට හිංසා කිරීම සඳහා අවි පරිහරණය කරන අන්තවාදයන්ට හා ත්‍රස්තවාදයට ඉඩ නො තබන අන්දමින් සමාජ ප්‍රශ්න විසඳා ගැනීමට උත්සාහ කිරීමයි.

සමාජයක ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, මානව හිමිකම් හා ප්‍රකාශනයේ නිදහස වැනි කාරණා වැදගත් වන්නේ මෙහිදී ය. එසේ ම, සමාජයක ආර්ථික හා වෙනත් සමාජ විෂමතා අවම කිරීම ද අවශ්‍ය ය. සීමාන්තික ධන තෘෂ්ණාව හා අධික උන්නතිකාමය ද සමාජ පිළල වේ.

සකලවිධ ආගමික අන්තවාදයන් මේ දුර්ගුණයන්ගේ සම්පිණ්ඩන ලෙස සැලකිය හැකි ය. 

මිනිස්සු සහජයෙන් ම යහපත් මිනිසුන් වන්නට කැමති ය. එහෙත්, ම්ලේච්ඡත්වය දෙසට යොමු කළහොත් ඒ මිනිසුන්ට ම මෘගයන් වන්නට ද පුළුවන. 

අප විසින් ප්‍රවර්ධනය කරනු ලබන්නේ මිනිසුන් මිනිස්කම වෙත යොමු කරන සමාජවාදයකි. ධන තෘෂ්ණාව හා බලකාමය පිටුදකින සමාජවාදයකි. ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, මානව හිමිකම් හා ප්‍රකාශනයේ නිදහස්‍හා සමානාත්මතාව ඇගයෙන සමාජවාදයකි. මෙම තත්වයන් ඇති කිරීම යනු අරගළයකි. සමාජවාදීන්ට බලය තිබීම මේ සඳහා අත්‍යවශ්‍ය නැත. සමාජවාදය සඳහා අරගළය අද, මේ ‍මොහොතේ පවා ඔබේ ජීවිතයේ කොටසකි. 

සමාජවාදය ජීවන විලාසයකැයි අප කියන්නේ ඒ නිසා ය. සමාජවාදියකු වීම සමාජ අගතීන්ට දිය හැකි හොඳම පිළිතුරයි. 

සහෝදරයිනි, අනුන් නිරුවත් කිරීම වෙනුවට අපි අලුත් ඇඳුමක් අඳිමු.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. එහෙනම් පැරා ගවුමක් අස්සෙත් නැත්තං සාරියක් අස්සෙ උනත් බෝම්බ හංගන් එන්න පුලුවන් නේ. බුද්ධගයාවට පහර දුන්න උදවියගෙ මූනූ පේනවානේ. ඒක ඒ අය අඳුනාගන්න රුකුලක්. නමුත් මේ ඉස්ලාම් ඇඳුම ඇන්දාම ඒක අස්සෙ ඉන්නෙ මොකෙද්ද කියලා හොයන්න පුලුවන්ද ?
    මේ දෙක සන්සන්දනය කිරීම මෝඩ කමක්. අනේ මන්දා දැන් දැන් පැරා ලියන ලිපිත් තේරුමක් නැතිවීගන යනවා. :P

    ReplyDelete
    Replies
    1. oba mema lipiye haraya therum ganeemata apohosath wee athi bawa obe comment eken therenawa.


      indika

      Delete
  2. ලිපිය පුරාම තියෙන්නෙ ගොන් තර්කයක් විතරයි. සිවුර, ගවුම, සාරිය,... වගේ ඇඳුම් අස්සෙ යමක් සඟවන්න පුළුවන් බව ඇත්ත. නමුත් බුර්කාව ඇන්ද විට වගේ අනන්‍යතා අර්බුධයක් එතනදී මතුවෙන්නෙ නෑ.

    බහුතරයක් චීවරධාරීන්ගේ කටයුතු පිලිබඳ මගෙත් ප්‍රසාදයක් නැතත්, මේ වගේ ලිපි ලියන අජිත් පැරකුම් මහත්තයගෙ චින්තනයත් අර කාසියෙම අනිත් පැත්ත.

    ReplyDelete
    Replies
    1. ඇත්ත රාජ්. ඔය කිසිම අන්තවාදියෙක් හරි බලසේනාවක් හරි මුස්ලිම් ස්ත්‍රීන්ගෙ බුර්කාව නොවන අනෙකුත් සාමාන්‍ය ඇඳුම් තහනම් කරන්න කියලා නෑනේ. අඩ්ම වශයෙන් හිස වැසෙන ස්කාෆ් එක වගේ කොටසවත්. මෙතන පැරාට ඕනැ වෙලා තියෙන්නෙ මම මාර ලිබරල් විදියට හිතන, අන් අයගේ ඕනෑම මනස්ගාත තියරියක් පිළිගන්න කැමති පොරක් කියල පෙන්නන්න විතරයි.

      Delete
    2. පැරාට තියෙන්නේ මානසික අවුලක්.ඕවා ලොකුවට හිතන්න එපා

      Delete
  3. මේ මුග්ද පැරකුම්ට මොන තරම් සිංහල බෞද්ධ විරෝදී දුෂ්ඨයෙක්ද කියන්නේ, මොහුට තේරෙන්නෑ මේ බුර්කා නිස මුස්ලිම් කාන්තාව විදින හිරිහැරය​. මම දන්න බොහෝ මුස්ලිම් කාන්ථාවන් මේ ගෝනි ඇදුමට විරුද්ධයි. අනික මේ ඇදුම වඩාත්ම බයානක වන්නේ මෙයින් ඇග පමණක් නෙමේ මුහුනද වසා ගත හැකි නිසයි. පැරකුම් කියන මුග්දයාට ඕනේ බෞද්ධයන්ට ගහලා තමන්ගේ එදිනෙදා කාලකන්නි ඒකාකාරී (මාක්ස්වාදින්ගේ ඉරනම​) ජීවිතයට මානසික සහනයක් ගන්ඩ​. බුර්කාවෙන් මුලු සිරුරම වැහුනත් සිවුරු හැදිවිට මුහුනෙන් හෝ ඒ කවුදැයි අනන්‍යතාවය සොය ගත හැකිය​. තමන් ප්‍රාර්ථනා කරපු මාක්ස්වාදී කොමියුනිස්ට් (කෝම්පිට්ටු) ලෝකය මේ කපේට හදා ගන්ඩ බැරි වෛරය මේ හම්පඩ මාක්ස්වාදින් පිට කරන්නේ සිංහල බෞද්ධයා මතිනුයි. ඒ සදහා දෙමලාගේ පශ්චාත් භාගය ලෙව කෑමෙන් නොනැවතී කාන්තාවන් මත බලහත් කාරයෙන් පුරුෂාදිපත්‍ය පතුරුවා ඔවුන්ව ගෝනියක් තුල සිරකරන මුස්ලිම් අන්තාවාදියාගේ බෝල ලෙව කෑමට උව මේ බන්කොලොත් අපේක්‍ෂා බන්ග වෙච්ච හම්පඩ මාක්ස්වාදීන් කිසිවිටෙකත් පසු බට නොවේ. මේ විදිහේ මුලු සිරුරම (මුහුණද සමග​) වැසෙන සේ කාන්තාවන් ඇදුම් ඇද සමාජයට ගියහම පිරිමි පමනක් නොව අනෙක් කාන්තාව තුල පවා මොවුන් කෙරේ භීතියක් ඇතිවෙන බව මගේ අත්දැකීමයි. අනෙක් අතට අනන්‍යතාවය සැගවී ඇති නිසා පිටත ලෝකයේ පිරිමින් කෙසේ වෙතත් කාන්තාවන් සමගවත් සම්බන්දතා පැවත්වීමට මොවුන්ට නොහැකි වේ. මේ ගෝනි බිල්ලා ඇදුමෙට යට කවුද සැගවී ඇත්තේ යැයි යන සැකය ඕනෑම කෙනෙක් තුල ඇතිවේ. මෙයින් මුස්ලිම් කාන්තාවන්ට සිදුවන අසාධරනය මේ මුග්ද දෙබිඩ්ඩාට කිසිදා නොතේරේ. මොහුගේ උපන් ගෙයි දුෂ්ඨ සිංහල බෞද්ධ විරෝදය නිසා දේවල් වල වෙනස මොහුට කවදාවත් නොතේරේ. මුස්ලිම් කාන්තාවන් කැමැත්තෙන්ද නැතහොත් බලහත්කරය නිසාද මේ ගෝනි බිල්ලා ඇදුමට බැස ඇත්තේ යැයි කල්පනා කරන ලෙස සැමගෙන් ඉල්ලමි.

    ReplyDelete
    Replies
    1. ලයන් හාර්ට්
      නලින්ද සිල්ව කියන මුග්ධ මිහරකට ..ක දුන්න කියල ඔය තරම් අන්තවාදි වෙන්න එපා. මු කියන්නෙ මොකක්ද කියල හොඳට කියවල බලපන්.
      අනිත් එක මුස්ලිම් ගැනුන්ගෙ අයිතිවාසිකම් ගැන කතා කරන්න ඉස්සර, සිංහල පුරවැසියො තමන්ගෙ අයිතිවාසිකම් බුක්ති විදිනවද බලපන්.
      උඹලට තියන එකම ප්‍රශ්නෙ මුස්ලිම් ගෑනුන්ගෙ ඇඳුම. අරෙහෙ මහ රජා බලයේ ඉන්ට 13++++ ඕනැ විධිහකට දෙන්ට හදනවා. තොපේ නලියගෙ කටවල් වැහෙන්නේ දෙමලු ... කේ ඇරපු දවසට තමයි.

      Delete
    2. මුග්ද පැරකුම්
      සිංහල බෞද්ධ විරෝදී දුෂ්ඨයෙක්ද
      තමන්ගේ එදිනෙදා කාලකන්නි ඒකාකාරී
      ලෝකය මේ කපේට හදා ගන්ඩ බැරි වෛරය
      . පැරකුම් කියන මුග්දයාට
      මේ හම්පඩ මාක්ස්වාදින්
      දෙමලාගේ පශ්චාත් භාගය ලෙව කෑමෙන්
      මුස්ලිම් අන්තාවාදියාගේ බෝල ලෙව කෑමට
      Thushan D Lion Heart
      ඉහත දැක්වෙන කොටස් උපුටා ගත්තේ ඔබේ කොමෙන්ටුවෙන් .මෙයින් ඔබගේ ළමා කාලය ගැනය් කියවෙන්නේ ඔබ ගත කර ඇත්තේ ඉතා දුගී ළමා කාලයක් බවය් පෙනෙන්නේ යම් අපයෝජන වලටත් ගොදුරු වුණා වෙන්නත් පුළුවන් පියකරු ළමා කාලයක් නොමැති වූ විට තමය් මෙලෙස අපහාසාත්මක දේ පුරුදු වෙන්නේ ඔබ දිගින් දිගට මේ පුරුද්ද රැගෙන ගියොත් ඔබේ දරුවනුත් මෙයට ගොදුරු වන්නට පුළුවන් පැරාගේ කරුණු වැරදි වන්නට පුළුවන් නමුත් ඔහු කරුණු ඉදිරිපත් කර ඇති සංයමය බලන්න

      Delete
    3. මොකද්ද ලයන් හාට්ගේ ලෙඩේ කියලා හිතාගන්න අමාරුයි.අතීසාර කියන ලෙඩේට දැන් කියන්නෙ නලීසාර කියලා.පන්ඩිතකම+වාචාලකම=නලීසාර.ඒ කියන්නේ නලීන්+ඥාණසාර=නලීසාර.ඉක්මනට බෙහෙත් ගන්න.බ්ලොග් වෙද මහත්තයෙක් ඉන්නවා නේද?£$£$£$£$£$£$£$£$£$£$

      Delete
  4. Thambinta kade yanda thota lajja nadda

    ReplyDelete
  5. කන්නාඩි ගලවලා සන්සුන් සිතින්,සංවර මනසින් ලිපිය කියෙව්වොත් නොයෙකුත් මානයන් දැකිය හැක.බුර්කාව සහ හිජාබය විසින් ශ්‍රීලාංකීය මුස්ලිම් කාන්තාවගේ අනන්‍යතාවය හා බාහිර පෙනුම අවාසනාවන්ත ලෙස සැකයට සහ වෛරයට බදුන් කරවිය.මුල් කාලයේ මැද පෙරදිග රැකියා පිනිස ගිය ලාං කීය මුස්ලිම් කාන්තාවන් විසින්ද{තමන්ගෙ පරිහරනය පිනිස}පසුව යම් යම් වානිජ සහ ආගමික අරමුනු කරගත් ආයතන විසින්ද මේවා මෙරටට ගෙන්වන ලද බව මගේ අදහසයි.මෙය ඉවත්කල යුතු බව ලිබරල්/මානවහිතවාදි යැයි කියගන්නා යුරෝපයේ පවා කතා බහට ලක්වී ඇත.ගලවනවානම් ගැලවිය යුත්තේ ආගමික පොලිසි වලින් නොව නීතිරීති මත පිහිටා සිටය.
    සිවුර අස්සේ හන්ගාගෙන මොනවා ගෙනියනවාදැයි නොපෙනුනත්,සමහර සාධු අයියලා සහ මල්ලිලා සිවුරට මුවාවි කරන දේවල් නම් මුලු ලෝකෙටම පේන්න තිබේ.ඒවා ගැන කතා කරන්න මෙලෝ යකෙක් නැත.වැරදි කන්නාඩි දැමීම ඇහැට අගුණය.

    ReplyDelete
  6. ඇඳම් අවශ්‍ය වනුයේ ඔවුන් නියෝජනය කරන සමාජය සහ සංස්කෘතියටයි. බුරුකාව මෙන්ම සිවුර ද භාවිත කර විවිධ විනාශයන් රටතුළ කර ඇත. 59 වර්ෂයේදී බණ්ඩාරානායක මහතාට වෙඩි තබුවේද චීවරධාරියෙක් බව කියැවේ. කිසියම් ඇඳමක්, චර්යාවක් තවත් පාර්ෂවයකට අගතියක් සඳහා හේතුවේනම්, නීති-රීති පැනවීම වරදක් සේ මා සිතන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මාත් මෙතනදී ඔබ සමග එකගයි

      Delete
  7. පැරකුම් සීමාව ඉක්මවා අනා ගන්නයි යන්නේ. පව්.

    ReplyDelete
  8. අනේ මන්දා පැරෝ...

    ReplyDelete
  9. බුර්කාවෙ ප්‍රස්නෙ ඒකෙන් මූන වැහිල අඳුන ගන්න බැරිවෙන එකයි. සිවුර ඇඳල කරන දේවල් කරන්නෙ කවුද කියල පේනවනෙ.

    ReplyDelete
  10. බුර්කා ඇදලා නැති වුනාට සිවුර ඇඳල කරන දේවල් කරන්නෙ කවුද කියල පේනවනෙ. ;)

    ReplyDelete
  11. එක එක පත්තර බැලුවත්
    නිතියෙන
    අහෝ පැරකුම්
    නොලදි
    සාමාන්‍ය බුද්ධිය

    ReplyDelete
  12. කියන්නට දෙයක් ඉතිරිවෙලා නැත. කට්ටිය නියමෙට උත්තර දීලා තිබෙනවා. lion heart ගෙ කමෙන්ටුව සැර වැඩිද මන්ද?

    ReplyDelete
  13. පැරෝ, දැන් තේරෙනවද මේ ගොන් හැත්තට යමක් තේරමේ කරල දෙන්න බෑ කියල ?
    පැරා කියන්නෙ, මේ ප්‍රශ්ණ වලට විසඳුම මිනිසු හිතන විධිහ වෙනස් කිරීම කියල. හරියට හරි පැරා. ඒත් උඹ ඒක කරන්න හදන්නෙ බාහිර ඉඳල ඇතුලට. ඒකට පාවිචච්චි කරන නම තමයි "සමාජවාදය "
    මම කියන්නෙ ඒක වෙන්න ඕනැ අභ්‍යන්තරයෙ ඉඳල බාහිරට. මතුපිටින් වෙනස්වීම තාවකාලිකයි. අභ්‍යන්තරයෙන් වෙනස් කිරීම අපහසුයි, නමුත් ස්ථිරයි.
    http://www.w3lanka.com/2013/07/should-bodu-bala-sena-banned.html?showComment=1373775657310#c8276678221473195465
    ඒක තමයි මම මෙතන කියන්න උත්සහ කලේ.

    ReplyDelete
    Replies
    1. AnonymousJuly 18, 2013 at 2:38 PM

      ඔබ දී තිබූ කොමෙන්ටුවේ පල උන විග්‍රහය අපූරුයි. සහ ඉතාම අදාලයි. ඔබ මේ ගැන පර්යේශනයක් කරන කෙනෙක් බවයි පෙනෙන්නෙ. ඔබ කියන MC, HC ආගම්වලට අදාලව ලියවුන පත පොත තිබේද? මේ ගැන තවත් දැනගන්න කැමතියි.

      //..ඒත් උඹ ඒක කරන්න හදන්නෙ බාහිර ඉඳල ඇතුලට....මම කියන්නෙ ඒක වෙන්න ඕනැ අභ්‍යන්තරයෙ ඉඳල බාහිරට..//

      හිතන විදිය වෙනස් වෙන්නෙ පලමුව බාහිරින් දෙවනුව ඇතුලතින් නේද? මෙහිදී බාහිර ඉඳල ඇතුලට වන බලපෑම වැඩියි කියලයි මම හිතන්නෙ. දෙනලද බාහිර තත්වයකට ප්‍රතික්‍රියාවක් ලෙස නේද අභ්‍යන්තර වෙනස්වීමක් වෙන්නේ. ඕනම සමාජ වෙනස් වීමක් උදාහරන ලෙස ගන්න.

      ඔබ කියන ලෙස හුදෙක් 'අභ්‍යන්තරයෙන් වෙනස් කිරීම අපහසුයි' නෙමෙයි; ඒක ඉම්පොසිබල්! මම මේ කියන්නෙ සමාජයක් ලෙස ගත්විට. තනි තනියම ධ්‍යාන වැඩීමක් ගැන නෙමෙයි. එයින් සමාජයට සුගතියක් වෙනවායැයි මම විශ්වාස කරන්නේ නැහැ.

      මේ කතාව මේ ලිපියට නම් අදාල නැහැ. අජිත් ඒ ගැන සමාව දෙනු ඇත! මේ ලිපියට මගේ කොමෙන්ට් එකනම් අර මුල් ලිපියට මගේ කොමෙන්ට් එකමයි; පහල කොපි කර ඇත.

      - Dimithri

      Delete
    2. 1. මම "පර්යේෂණ" කියල දෙයක් කරල නැහැ. එහෙම කරල මේව ගැන දැනගන්නත් බැහැ. නමුත් "හොඳ" ගුරුවරු ඇසුරු කරල මම විසින්ම අවභෝධ කරගත් කරුණු. හොඳ ගුරුවරු කවදාවත් මේව ඔලුවට දාල මොල සේදිමක් කරන්නේ නැහැ. ඒ අය කරන්නෙ, මේව අවභෝධ කරගන්න තියන භාධක ඉවත් කරන එක විතරයි.
      2. මම දාල තියන ඉංඝ්‍රීසි වචන ඔස්සේ ගුගල් කරා නම් ඕනැ තරම් තියනවා. https://www.google.com.au/search?sourceid=navclient&aq=&oq=suprem+consc&ie=UTF-8&rlz=1T4GUEA_enAU541AU542&q=supreme+consciousness&gs_l=hp..0.0l4.0.0.1.40843...........0.NUKcNnQpkng&pbx=1
      3. හිතන විධිහ නෙමෙයි මෙතන වෙනස් වෙන්නෙ.consciousness එක."සිතුවිලි " වල ගුණාත්මක තත්වය වෙනස් කරන එක ප්‍රාථමික අවස්ථාවක්. ඉන් පසුව තමයි consciousness එක වෙනස් වෙන්නෙ.අභ්‍යන්තරයෙ ඉිල බාහිරට කියන එකෙන් අදහස් කරන්නෙ, ප්‍රථමයෙන්ම මම වෙනස් වෙන්න ඕනෙ. ඉන් පසුව ලෝකය වෙනස් වෙනව. තවත් විස්තර කරන්න පුලුවන් පසුව.

      Delete
  14. අයිසෙ පැරකුම්,
    තේරුම් ගන්නවා තමුසෙලගේ ඔය බංකොලොත් සමාජවාදය දැන් යල් පිනූ එකක්,ඔක කවුරුත් පිලිගන්නෙ නැහැ දැන්.
    ඔය කන්නාඩි දෙක ගලවලා දාලා බලනවා ලෝකේ දිහා.

    ReplyDelete
    Replies
    1. එකනේ ,දැන් තැන තියෙන්නේ ෆැසිස්ට් වාදෙට

      Delete
  15. Parakum, obe lipiya mata nam hari ageyi.Thank you.Mata oba adahas karana de watahenawa.

    ReplyDelete
  16. Parakum, obe lipiya mata nam hari ageyi.Oba adahas karana de mata hondin therenawa.Thank you.

    ReplyDelete
  17. බෝම්බ සහ අවි ආයුධ උදරයේ බැඳගෙන / සඟවාගෙන ආ හැකි බැවින් උදරය වැසෙන සේ වන ඇඳුම් ද (අනාගතයේ දී දිනක සමහර විට සිවුර ද!) තහනම් කිරීමටද ඉල්ලා සිටීය හැක! මත්ද්‍රව්‍ය සඟවාගෙන ආ හැකි බැවින් යට ඇඳුම්ද, මිනිසුන් ගෙල සිරකර ඝාතනය කල හැකි බැවින් තිසර පටද ලෙස මේ තහනම් ලැයිස්තුව තවත් දිගුකල හැක..

    මේ රටේ අපරාධ වැඩි වන්නේ බුර්කාව නිසා නො ව සමාජ විෂමතා හා නීතියේ පාලනයක් නැතිකමනිසා ය.

    අපරාධ මැඩලීමට කලයුතු දේ ඒ විශය පිලිබඳ විශේශඥයන් කල යුතු දෙයක්. එක් ආගමක් තවත් ආගමකට අදාල දේ ගැන මැදිහත් වීම මුලුමනින්ම ප්‍රශ්නකාරියි. ගාමිනී වියන්ගොඩගේ තීරු ලිපියක දුටු අදහසක් මේ;

    """නූතන ලෝකයට අයෝග්‍ය, මර්දනකාරී මෙවැනි සංස්කෘතික හෝ ආගමික පැනවීම් සහ බලහත්කාරී චාරිත‍්‍ර අභියෝග කළ යුත්තේ ලෞකික තලයක හේතුවාදීව මිස, බොදුබල සේනාව සේ එක ආගමක් කරේ තියාගෙන අනිත් ආගම ප‍්‍රශ්න කිරීමෙන් නොවේ. මේ කියන ඇඳුම පිළිබඳ බොදුබල සේනාවට අද ඇති ප‍්‍රශ්නය ඉහත දැක්වූ කිසි කරුණකට අදාළ නැත. එය අදාළ වන්නේ, සිංහල=බෞද්ධ ස්වෝත්තමවාදයටම පමණි. එම අන්තවාදය තුළ, බෞද්ධ ගැහැනියගේ ඇඳුමත් අනාගතයේ දී ප‍්‍රශ්න කෙරෙනු ඇත. ඩෙනිම් කලිසම ඈට තහනම් වී ඔසරිය හෝ ළමා සාරිය අනිවාර්ය කෙරෙන කාලය වැඩි ඈතක නැත."""

    http://www.colombotelegraph.com/index.php/gamini-viyangoda-march-21-201/

    - Dimithri

    ReplyDelete
  18. ඇදුම් නැතුව හෙලුවෙං පලයල්ලකො.. ඉවරයිනෙ..

    ReplyDelete
  19. මුට පිස්සු, අනිත්වාෙගන් මූණ වැෙහන් නෑ...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා