උතුරු පළාත් සභාව ගැන සුබවාදීව

පළාත් සභා මකබෑ කරන්නෙමුයි පසුගිය දිනවල රෙදි උස්සාගෙන ආ අය දැන් ‍කෝ? දැන් ඒ සියල්ලන්ගේ මුඛ පූට්ටු වෙලා ය. ඇයි ඒ?

ඉන්දියාව ඇමති බැසිල් එහි ගෙන්වාගෙන සත්තමක් දැමුවේ ය. මෙනන් ලංකාවට ඇවිල්ලා ද පෙන්නුවේ තමන් කරන බලපෑමේ තරම ය. 

ජුනි 26දා නෙත් රේඩියෝවෙන් විකාශය වූ මේ ප්‍රවෘත්තිය බලන්න: 
 

13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තම පක්ෂය වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දරන ස්ථාවරයේ රැඳීසිටින බව අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න සහ රෙජිනෝල්ඞ් කුරේ යන මහත්වරුන් ජනාධිපතිවරයා ඉදිරියේ අද කියා සිටියා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් සාකච්ඡාවක් සඳහා අද ජනාධිපතිවරයා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවනු ලැබ තිබුණා. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ 13වන ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවී ඇති බවයි. ඊට අදාළව යෝජනා ඉදිරිපත් කර ඇත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතායි. එම යෝජනා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ස්ථිර කර තිබෙනවා. පළාත් සභාවලට පොලිස් සහ ඉඩම් බලතල කි‍්‍රයාත්මක කිරීමට ඇති අවස්ථාව සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ බවයි අවධාරණය කෙරුණේ. පළාත් සභා ඒකාබද්ධ කිරීමට ඇති ප‍්‍රතිපාදනය සංශෝධනය කළ යුතු බවට ද යෝජනා ඉදිරිපත් වුණා. එමෙන්ම පාර්ලිමේන්තු කෙටුම්පතක් සියලූ පළාත් සභාවලින් අනුමත විය යුතු බවට ඇති ප‍්‍රතිපාදනය වෙනුවට බහුතර පළාත් සභාවල එකඟතාවකින් සම්මත කරගැනීමට හැකිවන පරිදි සංශෝධන ගෙන ආ යුතු බවයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කළේ. 13වන ව්‍යවස්ථා සංශෝධනය, සංශෝධනය කිරීමට එරෙහි පිළිවෙතක සිටි රාජිත සේනාරත්න සහ රෙජිනෝල්ඞ් කුරේ යන අමාත්‍යවරුන් ජනාධිපතිවරයාගේ කරුණු දැක්වීමෙන් අනතුරුව තමන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ස්ථාවරය සමග එකඟ වන බව ප‍්‍රකාශ කළේ යැයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.මේ අතර 13වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරයට විරුද්ධ ජනතා නියෝජිතයන්ට එරෙහි විනය කි‍්‍රයාමාර්ග ගන්නා බවද ප‍්‍රකාශ කෙරුණා. 
 
එදා සිදු වෙමින් පැවතුණේ පළාත් සභා බලතලවලට පක්ෂව උද්ඝෝෂණය කරමින් සිටි ශ්‍රීලනිපයේ ඇමතිවරුන් පවා දණගැස්වීමයි.  ඉන්දීය බලපෑමෙන් අනතුරුව සිදු වී තිබෙන්නේ එහි අනෙක් පැත්තයි. චම්පික රණවක වැනි ඇමතිවරුන්ගේ ස්වරය වෙනස් වී ඇති තරම පසුගියදා පැවති ජාතික හෙළ උරුමයේ සම්මේලනයේදී ඔහු කළ කතාවෙන් පෙනිණි. ඔහුගේ කතා විලාසය තුළ තිබුණේ "දැන් මේක කරලා බලන්නකෝ තව ටික දවසක් යනකො‍ට වෙන දේ," යන නෝක්කඩු ස්වරයයි. පසුගිය කාලෙයේ ඔසවාගෙන සිටි තර්ජනාංගුලි නිකම් ම ඇකිලී ගොසිනි. 

අනෙක් පැත්තෙන්, විමල් වීරවංශ පක්ෂය, බොදු බල සේනා, සිංහල රාවය වැනි ආණ්ඩුවේ රූකඩවල පළාත් සභාවලට එරෙහි උද්ඝෝෂණයන්ගේ නූල් වැඩකිරීම මේ වන විට සම්පූර්ණයෙන් ම නතර වී තිබේ. 

දැන් පළාත් සභා ක්‍රියාත්මක වන්නේ තිබුණු හැටියෙන් ම ය. ආණ්ඩුව උතුරු පළාත් සභාවේ පරාජය භාර ගන්නට සැරසෙමින් සිටියි. 

දෙමළ ජාතික සන්ධානය තුළ මහ ඇමති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පැවති දිග්ගැසුණු සංවාදය වැදගත් දේශපාලන සංසිද්ධියකි. දෙමළ ජාතික සන්ධානය තුළ පැවති මහ ඇමති අපේක්ෂක තරගයෙන් අවසානයේදී ජයගෙන ඇත්තේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වන සී.වී. විග්නේස්වරන් ය. සාකච්ඡා වට ගණනාවකට පසු අවසානයේදී ඇති වී තිබෙන මෙම ‍‍‍පොදු එකඟතාව ලංකාවේ මෑත කාලීන දේශපාලන ජයග්‍රහණ අතර කැපී පෙනෙන එකක් බව කිව යුතු ය. දෙමළ ජාතික සන්ධානය මාවයි සේනාධිරාජා වැනි සම්ප්‍රදායික ජාතිකවාදී දේශපාලනඥයකු වෙනුවට බුද්ධිමත් වෘත්තිකයකු හා විශ්වසාධාරණ පුද්ගලයකු හෙවත් කොස්මොපොලිටන්වරයකු මහ ඇමති අපේක්ෂකයා ලෙස තෝරාගැනීම දේශපාලන ජයග්‍රහණයකි.
 
දෙමළ ජාතික සන්ධානය හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විග්නේශ්වරන් දේශපාලනයට කැඳවන්නේ ආණ්ඩුවට යල් පැන ගිය ඩග්ලස් දේවානන්දාට එහා ගිය විකල්පයක් නැති කාලයක ය. දෙමළ ජාතික සන්ධානයේ තේරීම දෙමළ ඩයස්පෝරාවේ ඊලාම්වාදී දේශපාලනයට ද අභියෝගයකි. මන්ද, ඊලාම්වාදී පසුගාමිත්වයට අභියෝග කිරීමේ හැකියාවක් මෙම ප්‍රවණතාව තුළ තිබේ. එය ධනවාදී දේශපාලන පියවරක් වන්නට පුළුවන. එහෙත්, එය ජාතිවාදයට වඩා ප්‍රගතිශීලී ය.

මෙය දකුණේ සිංහල දේශපාලනය සුළු ජාතික විරෝධය හා ජාතිකවාදී පසුගාමිත්වය තුළ හිර වද්දී දෙමළ දේශපාලනය ඉදිරිගාමී ලක්ෂණ කැටි කර ගැනීමක් ලෙස දැකිය හැකි ය. මන්ද, දෙමළ ජාතික සන්ධානය තුළ පවා මේ ඉදිරියට ගැනෙන්නේ දෙමළ ජාතිකවාදය ඉක්මවා ගිය ප්‍රජාතන්ත්‍රවාදී, නූතනවාදී නැඹුරුවක් බැවිනි. 
 
උතුරේ පළාත් සභාවකට ඇත්තෙන් ම ලංකාව නවීනත්වය වෙත ගෙන යාමේ හැකියාවක් තිබේ. පුහු ජාතිකවාදයක් තුළ සිර නො වෙමින් ඉන්දියාව හා බටහිර, නැගෙනහිර ජාත්‍යන්තර බලවේග සමග  සුහදව රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු කරන ලංකාවට ගැලපෙන දේශීය හා ජාත්‍යන්තර දේශපාලනයක් පිළිබඳ ආදර්ශයක් දෙන්නට උතුරු පළාත් සභාවට පුළුවන. 

ඒ සඳහා අනිවාර්යයෙන් ම සිය බලතල ලබා ගැනීමට උතුරු පළාත් සභාවට සිදු වේ. ඒ වෙනුවෙන් ඉන්දියාවේ සහයෝගය අවශ්‍ය වනු ඇත. උතුරු පළාත් සභාව විසින් ඉන්දියාවේ සහයෝගය ඇතිව ඉඩම් බලතල පමණක් නො ව පොලිස් බලතල ද අත්පත් කර ගනු ඇති බව නිසැක ය. එහෙත්, ඒවා අපහරණයට නො ව තම ප්‍රදේශය සංවර්ධනය පිණිස යොදා ගැනීමට උතුරු පළාත් සභාව සමත් විය යුතු ය. කකුලෙන් අදින ඒකාධිපති මධ්‍යම ආණ්ඩුවක් සමග කටයුතු කිරීම ලෙ‍හෙසි නැත. එහෙත්, මේ ඒකාධිපතිවාදයට ප්‍රජාතන්ත්‍රවාදී ජන බලයෙන් පිළිතුරු දෙන්නට උතුරු පළාත් සභාවකට පුළුවන.

උතුරේ ජනතාවට දකුණට ආදර්ශයක් දෙන්නට පුළුවන. ඒ එක්සත් ලංකාවක් තුළ බෙදුම්වාදය පැරදවීමෙනි. මෙහිදී බෙදුම්වාදය වන්නේ දෙමළ බෙදුම්වාදය පමණක් නො වේ. රාජ්‍යය තුළ සිංහල ආධිපත්‍යය තහවුරු කර ගැනීමට උත්සාහ කරන සිංහල බෙදුම්වාදය ද ඒ ඔස්සේ පැරදවීමට පුළුවන. එහෙයින් සිංහල ප්‍රගතිශීලීන්ගේ සහයෝගය දෙමළ ජාතික සන්ධානයේ නායකත්වයෙන් යුත් උතුරු පළාත් සභාවට හිමි විය යුත් ය. 
සිංහලයන් තුළ බලය බෙදීම ගැන තිබෙන හුඹස් බිය තුරන් කළ හැක්කේ බෙදන ලද බලය නිසි ලෙස භාවිතා කිරීමෙනි. ලාංකීය දේශපාලන ප්‍රජාවගේ ඉදිරි ගමන සඳහා එය අත්‍යවශ‍‍්‍ය ය.

මේ සුබවාදී බලාපොරාත්තු සුණුවිසුණු කර දැමීම දෙමළ ජාතික සන්ධානයට ඉතා පහසු ය. එහෙත්, අප බලාපොරොත්තු වියු යුත්තේ එය නො වේ. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. දේශපාලනය යනු ආඥාවන් කාණ්ඩයකි. උතුරේ දේශපාලනය යනු තහනම් ගැන වූ ඍනාත්මක ආඥාවන් වෙති. ඔබට කිරීමට අවසර නැති ඒවා මේ මේ ක්‍රියාවන් යැයි සඳහන් කරන විස්තරයකි.

    ඒවා නොකළ යුත්තේ මන්දැයි විචාරය කරන්නේ ආචාර ධර්ම විසිනි. එහෙත් ආචාර ධර්ම ගැන ආගමික නොවූ හැදෑරීමක් සිද්ධ නොවෙන සමාජයක, හිතුමතයේ ගෙනෙන මැතිවරණ නීති කඩ කළාම සමහර අයට පමණක් දඬුවම් ලැබෙන බවක් දකින සමාජයක, අවුල් වියවුල් වැඩිවීම පුදුමයක් නොවේ.

    ශිෂ්ඨාචාර මිනිසුන් අතර හොඳ ක්‍රියාවන් නොවන්නේ යැයි දැක්ක ද, ඒවා වැළැක්වීමට ප්‍රචණ්ඩත්වය පාවිච්චි කිරීම නුසුදුසු යැයි සැලකෙන ක්‍රියාවන් බොහොමයක් ඇත. ද්‍රවිඩ සන්ධානය හා අජිත් පැරකුම් යන සාධකයන වැදගත් වන්නේ මේ අවුල් වියවුල් ලඝු කොට සැලකීමේදී බව නොකිව් මනාය.

    මැතිවරණයේ බලය ලබා ගැනීමට බොරු කීමේ දී යම් ගිවිසුම් කැඩීමක් හෝ අනෙකාට දේපල හානියක් නොවන්නේ ද අයෙකු තමන් ගැන හෝ අනුන් ගැන සිත කළකිරෙන ගජබින්න දෙසා බෑම අශීලාචාර යැයි සැලකුන ද එයට දඬුවම් දෙන්නට ශිෂ්ඨ සමාජයක ප්‍රචණ්ඩත්වය උපයෝගී කර නොගනී. තම ඥාතීන්ට හෝ යහළු මිත්‍රාදීන්ට සිත් පීඩා ඇතිවෙන විදියට හැසිරෙන අයෙක්, කළගුණ නොදන්නා අයෙක්, නියමිත වේලාවට තැනකට එන්න දන්නෙ නැති අයෙක්,බලයට කෑදර අයෙක් යනාදීන් අශීලාචාර යැයි නම් වූවත් ඔවුන් හදාගන්නට ප්‍රචණ්ඩත්වය පාවිච්චිය ශිෂ්ඨ සමාජයක දී අනුමත නොවේ.

    එම නිසා බලය බෙදීම යන කරුණු පදනම් කිරීමේ උපයෝගීතාවාදය (utilitarianism)සමාජ සහයෝගය නම් වූ මේ අගනා ක්‍රමයේ අභිප්‍රේරණ (motivation) පදනම කුමක්ද යන කරුණ සම්බන්ධයෙන් අජිත් පැරකුම් ගේ මතය මෙහි සදහන් කිරීම වැදගත් නොවන්නේද?

    ReplyDelete
    Replies
    1. "එම නිසා බලය බෙදීම යන කරුණු පදනම් කිරීමේ උපයෝගීතාවාදය (utilitarianism)සමාජ සහයෝගය නම් වූ මේ අගනා ක්‍රමයේ අභිප්‍රේරණ (motivation) පදනම කුමක්ද යන කරුණ සම්බන්ධයෙන් අජිත් පැරකුම් ගේ මතය"

      ‍ඇත්තෙන් ම මට මේ කියන දෙය තේරෙන්නේ නැත.

      Delete
    2. යමක නියැළීමෙන් අරමුණු කරගත් ප්‍රතිඵලය ලැබෙන ක්‍රමයක් ලොව ඇත. අයෙකුට එය දෙවියන්ගේ නිර්මාණයක් යැයි කිව හැකියි. තවත් අයෙකුට එය ලෝක ස්වභාවය යැයි කිව හැකියි. අපි හඳුනාගන්නට නොදත් පමණින් ලෝක ස්වභාවය වෙනස් වී නැත. අපි හඳුනාගන්නට නොදත් පමණින් මිනිස් ස්වභාවය ද වෙනස් වී නැත. ප්‍රතිඵල කැමැති අය සිටිනවා නම් ඔවුන් හැමදාම වැඩ නොකරන ක්‍රමයන් වල එල්ලෙන හැදියාව වෙනස් කරගත යුතුයි. වෙනස යනු වෙනසක් ඇති කරමු කියමින් ඵලදායී නොවන විප්ලවීය ක්‍රියාවන් වලට වැඩියෙන් වෙහෙස වීම හෝ වැඩියෙන් මුදල් යට කිරීම නෙමෙයි.

      අජිත් ඔබට නොතේරෙන සත්‍ය මෙයයි....

      Delete
    3. පැරකුම්, තත්වය වෙනස් කරගන්නේ කෙසේදැයි වැටහීමක් ලබාගන්නට උත්සාහයක් නොකර, ප්ලේටෝ ගේ මනෝරාජ්‍යයෙන් පටන් ගෙන ලෝක ඉතිහාසය පුරා පෙර අපර දෙදිග ඵල නොදැරූ යල්පැන ගිය ප්‍රතිපත්ති තවමත් අගය කරමින් මේ ආණ්ඩුවට බැරි දේවල් තවත් එවැනි ම ආණ්ඩුවකට කළ හැකි යැයි සිතන්නේ ඇයි?

      Delete
    4. "වෙනස යනු වෙනසක් ඇති කරමු කියමින් ඵලදායී නොවන විප්ලවීය ක්‍රියාවන් වලට වැඩියෙන් වෙහෙස වීම හෝ වැඩියෙන් මුදල් යට කිරීම නෙමෙයි."

      ඵලයක් ලැබෙන තෙක් ඕනෑම දෙයක් ඵලදායී නැතැයි කියන්න පුළුවන්. එසේ නම්, වැඩියෙන් ම ඵලදායී නො වන්නේ ධනවාදයයි. එයට එරෙහිව සටන් කිරීම එයින් ම සාධාරණ වෙනවා.

      ඒක පැත්තකින් තියමු.

      ඉතිහාසය පුරා ම ජීවත් වූ සියලු මිනිසුන් ඔබ සේ සිතුවා නම් අපි තවමත් වන සත්තු.

      Delete
    5. පැරකුම්,වැඩ කරන ක්‍රමය අයෙක් පහදා දී එසේ කිරීමෙන් මෙසේ ප්‍රතිඵල ලැබේ යැයි පෙන්වා දී තිබෙන විට ඒවා ගැන සොයා බලන හැදියාවක් වඩවා ගත යුත්තේ අරමුණු සාක්ෂාත් කරගන්නට කැමති අයයි.

      හිතන්න පුළුවන්කම ස්වභාවයෙන් ම මිනිසාට තියෙන නිසා දැනුම ලැබෙන්න ඕනා තෝරාගැනීමක් කරන්න. දැනුම ලැබෙන්නේ නැතිවිට තියන දැනුමෙන් තමයි තෝරාගැනීම් කරන්නට සිද්ධ වෙන්නේ.

      වාමාන්ශික ගොලුබෙල්ලන්ට වී ඇත්තේද මෙයයි....

      Delete
    6. මචං අජිත් මේ ඇනේ එන ඩයල් එක‍ පොඩි ආතල් එකක් ගන්නෙ අරුණි ශපිරෝ වගේ ලියලා. මම නම් බඩ අල්ලගෙන හිනා උනා ඒ ටික කියවලා. මූ කියන එකේ තේරුම හොයන්න යන්න එපා මූ ජෝක් එකක් කරන්නෙ. අඩෝ ඇනේ උඹ එල කොල්ලෙක් බං.

      Delete
    7. හා දැන් ඔයා ඇනෝ ඇවිත් දෙන උපදෙස් තමයි මම පිළිපදින්න ඕනැ. ඔබ වහන්සෙ දෙවියන් වහන්සෙ ද? නැතිනම් වෙන වහන්සේ කෙනෙක් ද?

      Delete
    8. අජිත් වෙන බ්ලොග් කියවන්නේ නෑ වගේ. නැත්නම් මේ කොමෙන්ට් කරුවැව මෙලහකට අදුරගෙන. මතත් අර ඇනොට කියන්න තියෙන්නේ උබ එල කොල්ලෙක් බන් කියල. අරුණිගේ ලිපිත් අර උඩ කොමෙන්ට් එක වගේම වැල්වටාරම්, නයි, මාන්‍ය, අසත්‍ය, අර්ධසත්‍ය හා ගෙඩි පිටින් පරිවර්තන පිරිච්ච මහා හැල්ලක්. පළමුවෙනි චේදයට අන්තිම චේදය සම්බන්ද නැති මොකක්දෝ වැල් වටරමක්.

      Delete
  2. මමත් ද්රබවිඩ ජනතාව ලැබූ ජයග්රිහණයක් ලෙසයි මෙය දකින්නේ. එල්ටීටීය වැනි අන්ත දුෂ්ඨ බලවේග වලින් දෙමල ජනතාව මිදුන මොහොතේ , සිංහලයින් බොදු බල සේනා වැනි දුෂ්ඨ බලවේගවල පිහිට පතන අවස්ථාවක දෙමල ජනතාව තැබු විශිෂ්ඨතම පියවරකි.

    ඉන්දික

    ReplyDelete
    Replies
    1. Janaka PriyadharshanaJuly 16, 2013 at 9:22 AM

      අනිවා...

      Delete
    2. Thushan D PONNA Heart හොඳටම බලු උනා නේද???

      Delete
  3. Janaka PriyadarshanaJuly 16, 2013 at 9:20 AM

    ආන්ඩුවෙ බලල් අත් ලවා බාවන්න හදපු කොසැට හැලියට ඉන්දියාව දුන්නෙ පයින් පාරක්.ඇත්තටම මේ පාර කෑවෙ විමල් චම්පක සාරුල නෙමෙයි ඔවුන්ව නටවන අත් හිමිකාරයොයි..ඇත්ත ඒකයි ...ජේවීපී එක යුද්දෙට ඉස්සර මතුරපු ජාතිවාදී මන්තරය නැවතත් මතුරණව.. ඇත්ත තමයි දකුණ දේශපාලණ පිලුනු පිඟාන භුක්ති විඳින කොට ..උතුර බුද්දිමත් නායකයකු පෙරටු කරගන ඉදිරියට යනව..ඔවුන් පොලීසියක් ගත්තහම මොකද ..අපිට තියෙනවද සාදාරන පොලීසියක්.. ඔවුන් කැමති වේද මේ වගේ මිනීමරු , දේශපාලනීකරණය උනූ පොලීසියක් යටතෙ ඉන්න... ඉඩම් බලතල ඔවුන්ට ගියහම මොකද අඩුගානෙ කොටින්ගෙ කාලෙ වගේ කැලෑ ටිකවත් රැකෙය් මතු පරපුරට වීස එකක් වත් ඇරගන ගිහිල්ල බලල එන්න.. මේ පොදු ජනතාව බදාන අල්ලන් ඉන්නෙ මිරිඟුවක් ..ඔවුන්ට මුවා වෙලා පාලකයො මේ කරන්නෙ උන්වම සූරන් කන එක.ඇයි දෙමල වෙන් වෙන්නෙ ...උන් උගත් නිසා.. දකුනෙ ඉන්න වහල් වැසියන්ගෙ මට්ටමට උන්ට ඉන්න අනවශ්‍ය නිසා..උන්ගේ හිත්වල නිදහසේ ගී සින්දු ලියවෙන නිසා..

    ReplyDelete
    Replies
    1. දකුනෙ ඉන්න වහල් වැසියන්ගෙ මට්ටමට උන්ට ඉන්න අනවශ්‍ය නිසා

      Delete
    2. Thushan D PONNA Heart හොඳටම බලු උනා නේද???

      Delete
  4. දෙමළ ජාතික සන්ධානය මාවයි සේනාධිරාජා වැනි සම්ප්‍රදායික "ජාතිකවාදී දේශපාලනඥයකු වෙනුවට බුද්ධිමත් වෘත්තිකයකු හා විශ්වසාධාරණ පුද්ගලයකු හෙවත් කොස්මොපොලිටන්වරයකු මහ ඇමති අපේක්ෂකයා ලෙස තෝරාගැනීම දේශපාලන ජයග්‍රහණයකි".....
    නොදකින් විතරක් කාලකන්නියා. සිංහල කම ගැන කථා කරන එකා ජාතිවාදියා, වර්ගවාදියා, ඒත් දෙමල ජාතිවාදියා මූට "සම්ප්‍රදායික ජාතිකවාදී දේශපාලනඥයකු"....

    "බුද්ධිමත් වෘත්තිකයකු හා විශ්වසාධාරණ පුද්ගලයකු හෙවත් කොස්මොපොලිටන්වරයකු"
    පුක තමයි!

    ReplyDelete
    Replies
    1. සිංහ හදවතක් ඇති බව සංඥා කරන Thushan D Lion Heart නිතර 'පුක තමයි' යන යෙදුම භාවිතා කරන්නේ ඇයි? මා හිතන්නේ මෙහි යම් ලිංගික සංඥාවක් තිබේ.

      Delete
    2. පුක තමයි
      - Thushan D Lion Heart

      Delete
    3. නලීන් ද සිල්වගෙ පුක තමයි මෙයා සෝදන්නෙ...

      Delete
    4. සිංහ හදවතේ නරි වාදම රෙද්ද පල්ලෙන් බේරෙන අපූරුව.....

      Delete
    5. තුෂාන්.........
      සංවාදයකදී ඔබ ඉදිරිපත් කරනය තර්කයට සාධාරණ වන අසභ්යා වදන්, ශිෂ්ඨ නොවන වචන භාවිතා කිරීම ගැටලුවක් නැත. ඔබ නිකම්ම තර්ක රහිතව එය භාවිතා කරනවා. මට එවැනි අය විහිලු කාරයන් ලෙසයි පෙනෙන්නේ.

      ඉන්දික

      Delete
    6. පුකේ එල්ලෙන් නැතිව හිටපන් බන්....

      Delete
    7. ඔය ඔබ එල්ලී සිතින චින්තනයේ එල්ලීමත් පුකේ එල්ලීම හා සමානය...

      Delete
    8. පුකෙන් සැපගන්නෙ ලයන් හාට් ඔයා පංචායුධ බොසාගෙ ගෝලයෙක්ද?එයත් ඔය කියන එක දීමෙන් සැප ලබනවා.

      Delete
    9. Thushan D PONNA Heart හොඳටම බලු උනා නේද???

      Delete
  5. Ano1 චම්පික රණවක වගේම ඔබද මේ ලිපිය හරහා.. පොඩි ශේප් න්‍යායකට එන බව පෙනේ..

    "මේ සුබවාදී බලාපොරාත්තු සුණුවිසුණු කර දැමීම දෙමළ ජාතික සන්ධානයට ඉතා පහසු ය. එහෙත්, අප බලාපොරොත්තු වියු යුත්තේ එය නො වේ"

    එහෙනම් අපි සිරා දෙයක් බලාපොරොත්තු වෙමු.. වැරදුනොත් ඉතින් ආණ්ඩුවට බැනල ලිපියක් ලියල අත හොදගමු..

    ReplyDelete
  6. http://lankacnews.com/sinhala/main-news/97485/

    ReplyDelete
    Replies
    1. Thushan D PONNA Heart හොඳටම බලු උනා නේද???

      Delete
  7. LION HEART PANCHAAYUDA BUWEK WAGE?PUKA SAPAK KARAGENADA MANDA WIMAL WAGE?

    ReplyDelete
  8. ටී.එන්.ඒ එක උතුරු පළාතේ පිහි‍ටුවන්නේ ධනපති පාලනයක් බව ඇත්ත. නමුත් සාපේක්ෂව ඒ ධනපති පාලනය ඉදිරිගාමී බවයි මාත් හිතන්නෙ. විග්නේෂවරන් වැන්නකු ‍තෝරා ගැනීම තුළ ජාතිකවාදී සීමාවන් ඉක්මවා යෑම දකුණේ දේශපාලනයට අභියෝගයක්. ඒ නිසා දකුණේ ප්‍රගතිශීලීන් කළ යුත්තේ මේ ප්‍රජාතන්ත්‍රවාදී ඉදිරිගාමීත්වයට උදව් කිරීමයි.

    ගෙදර ගියොත් ‍තෝ නසී මග හිටියොත් අබු නසී කිව්ව වගේ සිංහල ස්වෝත්තමවාදීන්ට කොහොමටත් ඇත්තේ අභියෝගයකි. ටී.එන්.ඒ එකට එරෙහිව ඔවුන්ට උදව් කිරීමට සිදුවන්නේ තිම්පු මූලධර්මයන් පිළිගන්නා ඩග්ලස් දේවානන්දටය. මරේ මරු

    පිලිප් ශාන්ත

    ReplyDelete
  9. I AGREE WITH YOU PHILLIP.VIGNESHWARAN IS THE PERFECT CHOICE AT THE MOMENT TO SEE SOME KIND OF POSITIVE THINKING OF TNA.SELECTING WARAWEWA TO CENTRAL BY UNP IS A GOOD CHOICE FOR THE VOTERS TO THINK ABOUT DECENCY IN POLITICS.RULING PARTY HAS NO CHOICE OTHER THAN SAME OLD THUGS.

    ReplyDelete
  10. අයිසෙ පැරකුම්,
    මොනාද මේ දාන පොස්ට්, දානවකො හොඳ නැගල යන චූ, පඩ, කක්ක, ජී, ශුක්‍ර , සම්බන්ද පොස්ට් එකක්.

    ReplyDelete
    Replies
    1. Thushan D PONNA Heart හොඳටම බලු උනා නේද???

      Delete
  11. නැගල යන්නෙ නම් අර අන්තිමට කිව්ව ජාතිය විතරයි.

    ReplyDelete
    Replies
    1. එහෙම නැතුවත් යන වෙලාවල් තියනවා.... නමුත් අපේ වෙද මහත්තය ඉන්නකල් බය වෙන්න එපා...

      Delete
  12. I believe your idea is correct.

    ReplyDelete
  13. @Thushan D Lion Heart,ඔබගේ සිංහ හදවත පස්ස පැත්තෙන් බේරෙනව.ඔබ නියම සිංහල බෞද්ධයෙක් වගේ.(අපේ බේබදු ඥානසාරගේ සෙට් එකේ) ඔයාල දන්නෙ ඔච්චරයි.හරකෙක් උනාට උම්බෑ...කියන්න එපා.ඔයාල වගේ ගෝතයො හින්ද තමයි මේ රටට කෙල වෙලා තියෙන්නෙ.අනික ඔයාගෙ ගෙදර පාවිච්චි කරන වචන මෙතන දාන්න එපා.

    ReplyDelete
  14. mr.perakum while i dnt agree wit most of th things u say . i must agree wit wst u hv told abt th tna . though im ng sure whether they hv moved awsy frm seperatiin their selection of candidate is endable. unlike th sinhalese society which goes backwards when sleecting people to voice their opinions .tamils hv gone way far than us

    ReplyDelete
    Replies
    1. මචන් ඇනා,උබට පෝස්ට් එක සිංහලෙන් කියවන්න පුලුවන්නම් සිංහලෙන් කොමෙන්ට් එක දාන්න බැරිද?අඩෝ මේ..නිකන් පඩ ෂෝ එපා බන්.

      Delete
    2. I think this is a mobile upload of comment. I appreciate it.

      Delete
    3. thanks mr.perakum.i was at work n when i dnt hv work all i do is read blogs using my mob(, and the spell mistakes are there cz the keys r too close on my phone), urs is one of them, and for the other guy who says i cant wrtie in sinhala, machan i tried it but im nt that technosavy to get th words correctly,and i tried the link on ucsc web and also the google thing bt stil cant get it rite.hopefull i will master it one day ,and FYI i can tell that i know better sinala and english than u by lookin at ur word selection

      Delete
  15. තුශාන්ලගෙ ගෙදර වැඩියෙන්ම පාවිච්චි වෙන්නෙ ඔය වචනෙලු.ඒකයි තැනක් නොතැනක් බලන්නෙ නැතුව හැම එකකටම ඕක කියන්නෙ.රැලේ ගතිය අරින්න බෑ කියනවනේ.

    ReplyDelete
  16. ලංකාවෙ තියෙන මජර දේශපාලන ක්‍රමය වෙනස් කරයි කියල ටී එන් ඒ එකෙන් බලාපොරොත්තු වීම ගිලෙන්න යන මිනිහ පිදුරු ගහෙත් එල්ලෙනව වගෙ එකක්

    ReplyDelete
  17. Thushan D PONNA Heart හොඳටම බලු උනා නේද???

    ReplyDelete
  18. "බොහෝදෙනා සිතුවේ 2009 වසරට පසු ජාතික ගැටළුව කියා දෙයක් නැති බවයි. මෙසේ සිතූ සමහරුන්ට මේ වන විට තමන් ගැනම ලැජ්ජාවක් ඇති වී ඇත. එම ලැජ්ජාව අප්පිරියාවක් වන ආකාරය දැන ගැනීමට අවශ්‍ය අය COLOMBO TELEGRAPH වෙබි අඩවිය වෙත යා යුතුය. එම වෙබ් අඩවිය ඉන්දියාවේ රෝ ඔත්තු සේවයෙන් වැටුප් ලබන්නන් පවා වටහා ගෙන ඇත්තේ දේශපාලන විශ්ලේෂකයන් නම් ගාම්භීර සංකල්පයෙනි. සිවිල් මාධ්‍යයන් විසින් ඔත්තුකරුවන් ච්න්තකයන් ලෙස සලකා ඇත්තේ එම මාධ්‍ය පමණක් නොවේ. රාවය යනුද එවන් පුවත්පතකි.

    ලංකාවේ සිවිල් යුද්ධයේ වර්ථමානයේ වීරයන්ව අභිශේක කරන ලද්දේ චීන කොමියුනිස්ට් පක්ෂයයි. තව ටික කලකට පසු උතුරේ පැවැත්වෙන ඡන්දයට පසු ජයග්‍රහනය හිමි වීමට නියමිත ටී.එන්.ඒ එකට උතුරේ කිසිවක් කිරීමට ඉඩක් ලැබෙන්නේ නැත. මේ වසර අවසාන වන තෙක් ටී.එන්.ඒ එකට විශාල දෙයක් වන්නේ ද නැත. නමුත් තව ටික කලක් යන විට ටී.එන්.ඒ සංවිධානයේ දේශපාලන සුජාතභාවය අහෝසි වනු ඇත. දෙමළ ජාතික ප්‍රශ්ණයට මැද පංතික උත්තර නොසෑහෙන බව එවිට සියළු දෙනාම වටහා ගනු ඇත.

    දැනට පවතින සමකාලීන ලෝක දේශපාලන බල තුලනයට අනුව දෙමළ ජාතියට අදාල ප්‍රශ්ණයට කිසිදු උත්තරයක් ලැබෙන්නේ නැත. නමුත් යථාර්ථය සැමදා එකතැන පල් වන්නේ නැත. ඇමෙරිකාවේ ඔබාමා,එංගලන්තයේ කැමරන්,ජර්මනියේ ඇන්ජලා මර්කර්,රුසියාවේ පුටින්, ඉන්දියාවේ ගාන්ධිලා,ප්‍රංශයේ හොලන්ඩේලා යනු සදාකාලික පාලකයන් නොවේ. ඉතිහාසය යනු නිදිහස සර්පිලාකාරව ගමන් කිරීමකි. ලෝක බලවතුන්ගෙන් දෙමළ ප්‍රශ්ණයට අනුමැතිය අවශ්‍ය වන්නේ එක්වරකි. නමුත් දෙමළා පෑගීමට සිංහලයන්ට ලෝක බලවතුන්ගෙන් වසරක් පාසා අනුමැතිය අවශ්‍යය. එය හාස්‍යජනක ක්‍රීඩාවකි. බුද්ධිමත් සිංහල මිනිසෙකුට වැටහී යා යුත්තේ කුමක් ද? අපි මේ සෙල්ලම් කරන්නේ නොදන්නා අනාගතයක් වෙනුවෙන් බවයි. එය ඉතාම භයානක ක්‍රීඩාවක් වන්නේ මේ සෙල්ලම සාමාන්‍ය ක්‍රිකට් ක්‍රීඩාවේ නීති-රීති උල්ලංඝණය කරන ජයසූරිය වැනි ක්‍රීඩකයන් විසින් මෙහෙයවන නිසාය. තවම අප සමග ඔස්ට්‍රේලියාව ක්‍රීඩාකර නැති නිසා දැනට අපට සතුටු විය හැක."
    3mana.com

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා