බ්ලොග් අවකාශයේ අලුත් ම රැල්ල

සිංහලයන්ගේ සමාජ මාධ්‍යවල සුවිශේෂ ලක්ෂණ රැසක් තිබේ. 

ෆේස්බුක්හි කුමන අන්දමක හෝ ගැහැනියක පිංතූරයක් දැමූ විට පිරිමි එය ලස්සනයි කියති. සමහරු විවෘතව ම ලිංගික ආරාධනා කරති. 

තවත් ඇතැමෙක් ගැහැනුන්ගේ ඉතා සාමාන්‍ය පිංතූර සිංහල වල් කෙල්ලෝ, සිංහල වැල වැනි යෙදුම් සහිත ෆේස්බුක් කණ්ඩායම්වල හා බ්ලොග්වල දමති.

කොටින් ම කියනවා නම් දැන් ලංකාවේ ගැහැනියකට තමන්ගේ පිංතූරයක් ෆේස්බුක්වල පළ කරන විට දෙවරක් හිතන්නට සිදු වන තත්වයක් නිර්මානය වී තිබේ. 

මා මෙම ලිපියේ සාකච්ඡා කරන්නට උත්සාහ කරන්නේ තවත් අමුතු තත්වයකි. එය සිදු වන්නේ බ්ලොග් අවකාශයේ ය. ලංකාවේ බ්ලොගර්වරුන් ලෙස පෙනී සිටින ඇතැමුන් කරන්නේ බ්ලොග් ලිවීමට වඩා වෙනත් පාඨකයන් පැමිණෙන වෙබ් අඩවිවල කමෙන්ට් දැමීමයි.එය නරක දෙයක් යයි මම නො කියමි.

මේ කමෙන්ට් දැමීම ද බොහෝ විට සිදු වන්නේ බ්ලොග් ලියන පුද්ගලයාට නිස්කාරණේ බැන වැදීමට, කුණුහරුප කීමට ආදියටයි. ඇතැම් කමෙන්ට් බලන විට පැහැදිලිව පෙනෙන කරුණක් වන්නේ එම අදහස් පළ කරන අය අදාළ ලිපිය කියවා නැති බවයි. කතන්දරකාර‍යාගේ බ්ලොගයේ නම් ඇතැම් අදහස් පළ කරන්නෝ විවෘතව ම තමන් එහි එන්නේ ඔහු ලියන ඒවා බැලීමට නොව කමෙන්ට් කිරීමට බව පවසති.

මෙසේ සිදු වන්නට එක් හේතුවක් වන්නේ චැට් රූම්, ෆෝරම් වැනි හමු වීම හා සංවාදය සඳහා ඇති අඩවි ජනප්‍රිය නො වීම වන්නට පුළුවන. බ්ලොගය එක් අතකට ෆෝරමයකට වඩා සරළ ෆෝරමයකි. ලියාපදිංචි වීම් ආදී කරදර නැතිව ඕනෑ ම කෙනෙකුට එහි අදහස් පළ කිරීමට පුළුවන. (බ්ලොග්කරුවා කැමති නම්) අනෙක් පැත්තෙන්, සිය සංවාද ස්ථිරව සටහන් කර තබන්නට ද ඇතැමෙක් කැමති නිසා බ්ලොග් මේ අන්දමින් අදහස් පළ කිරීමෙහි ලා ජනප්‍රිය වන්නට පුළුවන.

සිංහල බ්ලොග් අවකාශයේ කලින් කලට ජනප්‍රිය වන දේ තිබේ. කලින් කල තාක්ෂණික කාරණා, කෑම වට්ටෝරු ආදිය රැල්ල වී තිබිණි. දැන් රැල්ල කුණුහරුප, අර්ධ කුණුහරුප, දෙපැත්ත කැපෙන කතා වැනි දේ ය. බොහෝ දෙනෙක් එවැනි දේ ලියන්නට උත්සාහ කරනු දක්නට ලැබේ.

බ්ලොගර්වරුන්ගේ ප්‍රධාන ගැටලුව ලෙස මා දකින්නේ කියවීමට, අනුන්ගේ අදහස් දැනගැනීමට වඩා තමන්ගේ ම අදහස් ප්‍රකාශ කිරීමට ඇති ලොල්කමයි. අනුන්ගේ අදහස් දැන ගැනීමට උත්සාහ නො කරන්නාගේ ප්‍රධාන ගැටලුව වන්නේ තමන්ගේ දැනුම පරීක්ෂා නො වීම හා ඒ නිසා අලුත් දැනුමට දොරටු විවර නො වීමයි. 

බොහෝ විට බ්ලොග්කරුවෝ තමන්ගේ බ්ලොග් සටහන්වල විශාල කමෙන්ට් සංඛ්‍යාවක් තිබෙනු දැකීමට කැමති වෙති. එහෙත්, මගේ නිරීක්ෂණය අනුව නම් බ්ලොග් සටහන්වල කමෙන්ට් සංඛ්‍යාව වැඩි වූ පමණින් එය කියවන සංඛ්‍යාව වැඩි වන්නේ නැත. ඇතැම් ලිපිවල පාඨක අදහස් පළ කිරීම අඩු මට්ටමක තිබුණත්, එම ලිපි වෙත ප්‍රවේශ වූ සංඛ්‍යාව ඉහළ මට්ටමක තිබේ. 

මෙම තත්වය පිළිබඳ අධ්‍යයනයක් ඇලෙක්සා ‍වේබ් රෑන්කිං ඔස්සේ ද කළ හැකි ය.

මේ වන විට සිංහල බ්ලොග් අවකාශයේ පසුබෑමක් ඇති බව ඇතැමෙක් පවසති. ඇතැමෙක් බ්ලොග්කරණය අතහැර ෆේස්බුක් හා ට්විටර් වැනි තමන්ට සීමා පනවා ගත හැකි, වඩා සුරක්ෂිත අවකාශ වෙත චලනය වී තිබේ. අන්තර්ගතය පැත්තෙන් ගත්තත්, මේ වන විට සිංහල බ්ලොග් සටහන්වල විවිධත්වය හා ගුණාත්මකභාවය පිරිහී තිබෙන බවක් නිරීක්ෂණය කළ හැකි ය.

බ්ලොග් සින්ඩිකේටර මේ වන විට පිරී තිබෙන්නේ කට් ඇන්ඩ් පේස්ට් ඕපාදූපකාරයන්ගේ අඩවිවල තොරතුරුවලිනි. බ්ලොග් සින්ඩි‍කේටර පරිපාලකයෝ ද පරිපාලනයක් නො කිරීම නිසා මේ වන විට තමන්ගේ ගුණාත්මකභාවය පහත හෙළාගෙන අවසන් ය. 

අලුතෙන් බ්ලොග් ලියන අය වෙහෙසට පත් කරන කරුණක් වන්නේ තමන්ගේ සටහන් කියවීමට පාඨකයන් නො පැමිණීමයි. අපි එවැනි අයට පොඩි තල්ලුවක් ලෙස පොඩි උපදෙසක් දෙන්නෙමු. ඔබට ඔබගේ බ්ලොගය අපගේ W3Lanka සමග සම්බන්ධ කිරීමට අවශ්‍ය නම් පහත සඳහන් ආකාරයෙන් කමෙන්ට් කරන්න. හැබැයි, ස්පෑම් කිරීමෙන් වළකින්න. එසේ වුවහොත් ඒවා ඉවත් කරන බව කරුණාවෙන් සලකන්න. එසේ ම, ජාතිවාදය, ආගම්වාදය, පුරුෂෝත්තමවාදය හා ඍජුව ම ලිංගිකත්වය අලෙවි කිරීම අරමුණු කර ගත් බ්ලොග්වලට අප විරුද්ධ නැති මුත් ප්‍රචාරය නො කරන බව කරුණාවෙන් සලකන්න. 

කමෙන්ට් කරන තැන මේ අන්දමින් ටයිප් කරන්න. (නො දන්නා අයගේ දැන ගැනීම පිණිස පමණයි)




මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. දැනට සිංහල බ්ලොග් අවකාශයේ පාඨක පිරිස සහ ලේඛක පිරිස ගැන පුංචි විස්තර ටිකක් මෙතන තියෙනවා.. හැබැයි නියම විදිහට හොයපු එකක් නම් නෙවේ...ඒ ලිපියේ අරමුණ වුණේ අන්තර්ජාලයේ වහළෙක් වෙන්න එපා කියන දේයි...


    එදිනෙදා ජීවිතය | Trance : අන්තර්ජාල ජීවිත ..අඹු දරුවෝ ...? Where are my babies..?

    ඉන්න ලිපියට ගැන වෙනම කමෙන්ට් එකක් දාන්නම්..

    ReplyDelete
    Replies
    1. එදිනෙදා ජීවිතය | Trance : අන්තර්ජාල ජීවිත ..අඹු දරුවෝ ...? Where are my babies..?

      පැරා ලින්ක් කලර් එක වෙනස් කරන්න බ්ලොග් එකේ සෙටින්ග්ස් වලින්...ලින්ක් එකක් දැම්මට කැපිලා පෙනෙන්නේ නැහැ...

      Delete
    2. යම් කිසි මට්ටමකට සුහදශීලීත්වය ආරක්ෂා කරගෙන විහිළුවක් තහළුවක් කරාට කමක් නැහැ...ඒ උනත් සියළුම දේ විනෝදය මතම පදනම් වෙලා බැහැ.. අද වෙනකොට සිංහල බ්ලොග් අතර සීරියස් මාතෘකා ගැන කථිකාවන් ඇති වෙන බ්ලොග් සංඛ්‍යාව බොහොම අඩුයි.. එක්කෝ ලිපිය විතරයි , කමෙන්ට්ස් මගින් සංවාදයක් නැහැ.. එක්කෝ කමෙන්ට් විතරයි හරවත් ලිපියක් නැහැ..

      මේ දෙකම තියෙන බ්ලොග් එකක් තමයි වටින්නේ... ඒ වගේම කිසිවෙක් කැමති නැහැ ( පෘතග්ජන ) පාළු බ්ලොග් එහෙක පදිංචි වෙලා දීර්ඝ සංවාද කරන්න.. ලොකු පිරිසක් එන යන තැනකට විතරයි තව තව කට්ටිය එකතු වෙන්නේ ( රැල්ල ).. සමාජයේ ජීවත් වෙද්දී පැරා රැල්ල ගැනත් හිතන්න වෙනවනේ යම් පමණකට ...( බ්ලොග්කරණය උනත් නව රැල්ලක් විදිහට දකින්න පුළුවන්නේ )

      තමන්ගේ බ්ලොග් එකට කීදෙනෙක් ආවද කියලා බ්ලොග් admin දැනගත්තට සාමාන්‍ය පාඨකයන්ට දැනගන්න ක්‍රමයක් නැහැ.(හිට් කවුන්ටර් එකෙන් යම් ඉඟියක් දෙන්න පුළුවන්..)

      කෙසේ උනත් වැඩි වැඩියෙන් පිරිස ඇදෙන බ්ලොග් වලට තමයි තව තවත් පිරිස එකතු වෙන්නේ..විටක සීරියස් ලිපිත් , අනික් විට සාමාන්‍ය සරළ ලිපිත් පල කරාම හරි .. යම් කිසි මිශ්‍ර ස්වභාවයක් ඇතුව ලිපි දැම්මම සාර්ථකයි...

      මගේ බ්ලොග් එකේ නම් සීරියස් ලිපි වැටීගෙන යද්දී " සහන් දැන් ලිපි බර වැඩි " කියලා කව්රු හරි කියනවා.. එතකොට සරළ විනෝදශීලී පෝස්ට් කීපයක් දානවා මම... නැවත සීරියස් ලිපි ටිකක් දාන්නේ සතියකට විතර පස්සේ...

      හරවත් ලිපි වලින් බ්ලොග් ලෝකය පිරෙන්න ඕනේ කාලයක් අද උදා වෙලා තියෙන්නේ... විනෝදයම ලබාගෙන හරියන්නේ නැහැ..හැළිය රත් වේගෙන එන්නේ. නමුත් අපිට ගමනක් යන්න පුළුවන් වෙන්නේ ටික ටික..එක රැයෙන් යන්න ගියොත් කිසිවෙක් ඉතුරු වෙන එකක් නැහැ...

      නිකම්ම නිකම් පාළු වෙබ් පිටුවක් වේවි...!

      Delete
    3. පැරා ස්පෑම් ෆෝල්ඩර් එක බලන්න...මගේ කමෙන්ට් එකක් ස්පෑම් වෙලා ඉබේම...

      Delete
  2. ඔයාගේ කතාව සම්පුර්න ඇත්ත. මමත් මගේ යාලවන්ගේ බ්ලොග් වල ලිපිය බලන්නේ නැතුව ප්‍රතිචාර දක්වනවා. (එල ,නියමයි , නියම ලිපියක් ආදි වශයෙන්) මම එහෙම කරන්නේ යාලු කම දිගටම තියා ගන්නත් අවශ නිසයි.

    සිංඩි ගැනනම් කතා කරලා වැඩක් නෑ ඔක්කොම අජුවයි ර්‍රට වඩා ‍හොදයි Google Plus වල අර communities ටික.

    ReplyDelete
  3. ඈ පැරා මහත්තයෝ දැන් ඔහේ කොරන්ට තනන්නෙත් ඒ නොසන්ඩාල වැඩේම නේද? ඔහේට කමෙන්ට නැ වේලෙනවා. දැන් අනුංගේ ලිංක් එල්ලන්න කියනවා. ඉතිං ඔය ගොං කතා නැතිව ඕක නිකම්ම කිව්වනං අහවරයිනේ.

    ReplyDelete
  4. පහුගිය මැයි 25 වන සෙනසුරාදා උදේ 7.45ට යෙදුනු සුභ මොහොතින් සිරි ලංකාද්වීපයෙන් ගුවන් ගතවී පැය 3කුත් විනාඩි තිස් හතලිස් පනස් ගානක ගුවන් සවාරියකින් පසු බස්ටි නංඟී මැතිනිය සමඟ මම මහතා මැලේ මිනිසුන්ගේ රටට ගොඩ බැස්සෙමු. ඒ අවුරුදු 2ක් මැලේ මිනිසුන්ගේ රටේ පිහිටි ආයතනයක වැඩ කිරීමේ පරම පිවිතුරු චේතනාවෙනි.

    මම මීට පෙර ඉන්දියානූ මිනිසුන්ගේ දේශයට වරකුත් තායි මිනිසුන්ගේ දේශයට වරකුත් ගොඩ බැස තිබුණද මැලේ මිනිසුන්ගේ රටට ගොඩ බැස නොතිබූ බැවින් මෙය අලුත් අත්දැකිමක් විය. මැලේ මිනිසුන් ආතල් ජන කොටසකි (ජන කොටස් හැට හුටහමාරකි)

    ප්ලේනයෙන් බැස ටැක්සියක් ගෙන කලින් කතාබස් කරගෙන තිබූ ආකාරයට අදාළ පුද්ගලයා හමුවීමට එපාට්මන්ටුවට ආවිට අයියෝ සල්ලි කියා සුද්ද සිංහලෙන් කියනා යෙදුමක් මතක් විය. අප සිතා සිටියේ මැලේ මිනිසුන් යනු පට්ට සුපිරි ජාතියක් ලෙසය. හතර වටේම පට්ට පාරවල් සහ පට්ට කාර්ය. බලන බලන් අත තට්ටු හැට හුටහමාරක් ඇති එපාට්මන්ටු බිල්ඩිං ය. එහෙව් රටේ අපට ඉන්නට මුන් සුදානම් කර ඇති එපාට්මන්ටුව හරියට ජයික් හිල්ටන් සිහිනය මාළිගාවත්ත ප්ලැට්වලින් එළිවීමක් වැනිය. බස්ටි නංඟීගේ මූණ දෙස බැලීම පවා දුක් සීන් එකකි.. ඕනෑම එකක් බොහෝ විට ඔන්න ඔහේ කමක් නෑ ගානෙන් ඉන්න මටත් මේ සීන් එක නම් ඇල්ලුවේ නැත.

    අපිව මෙහි ගෙන ආ නිල වශයෙන් අපේ මෙහි බොසා අපට එම තට්ටු නිවාසයේ ඇති එක එක එපාට්මන්ටු පෙන්නමින් ඒවා වර්ණනා කරයි.. උගේ හැටියට ඒවා මෙහි ඇති අපට සුදුසු ඉතාම හොඳ තත්වයේ ඒවාය. අපට වැඩ කිරීමට ඇති ස්තානය පේන දුරින් තිබීම සහ අපට පයින් වැඩට යාමට හැකිවීම ඌට ඒවා මාකට් කිරීමට ඇති පොසිටිව් ෆැක්ටර්ස්ය. සුමානයක් විතර එක දිගට මැරීගෙන එක එක ඒවාට මහන්සි වී පට්ට මහන්සියෙන් ආ අපිට වැටී නිදාගන්න තැනක් නොදී මූ අපිට අර එපාට්මන්ටු අවුරුද්දක බද්දකට ගැනීමට යෝජනා කරමින් හෙන ටෝක්ස් දෙයි. එනපොට හොඳ නැති බව හීනියට වගේ මගේ කුඩා මොළයට වැටහී මහන්සි නිවා ගන්නා තෙක් හෝටලයේ නැවතී අද කළ යුතු දේ හෙටට කල් තබා ඒ රාජකීය එපාට්මන්ටුවෙන් ගැළවී ඊට සාපේක්ෂව ටිකක් විතර හොඳ හෝටලයකට යාන්තම් සෙට් වුනෙමු.

    හෝටලයට පැමිණ මේ සිද්දිය පිළිබඳව මැලේ දේශය පිළිබඳව විසේසන්නයෙකු වූද, ලංකාවට ප්‍රිය වූද, බ්ලොග් ලියන්නාවූද, එල කොල්ලෙක් වූද (වයසින් අංකල් වුවද අනිත් සෑම එකකින් ම එලම කොල්ලෙකි..) මහතෙකුට ඇමතුමක් දුන්නෙමු. ඒ මහතාගේ උපදෙස් පරදි සියලු කටයුතු හෙටට කල් තබා අප දෙදෙනා මලා සේ වැටී නිදාගත්තෙමු..

    මැලේ මිනිසුන්ගේ දේශයේ අප ගෙවූ පළමු දිනය එසේ නිමා විය…

    පහුවදා උදේ පාන්දර අටට විතර නැඟිට මැලේ දේශය පිළිබඳව විසේසන්නයෙකු වූද, ලංකාවට ප්‍රිය වූද, බ්ලොග් ලියන්නාවූද, එල කොල්ලෙක් වූද ඒ මහතා, එම මැතිනිය සහ පුතනුවන් සමඟ ඉහත කී පට්ට එපාට්මන්ටුව බැලීමට නැවත වරක් පිටත් වී ගියෙමු… ඒ මැලේ මිනිසුන්ගේ රටේ සෑම එපාට්මන්ටුවක් ම මෙසේම දැයි කන්ෆර්ම් පිට දැන ගැනීම සහ රටතොට සහ එහි ජීවිතවීම ගැන උපදෙස් ආදිය ඒ මහතාගෙන් ලබාගැනීමේ බලාපොරොත්තුව සහිතවය…මඤඤං වී සිටි අප දෙදෙනාට රට ගැන,රටේ මිනිසුන් ගැන, උන් සමඟ කටයුතු කිරීම ගැන, වැඩ කටයුතු සිද්ද කර ගැනීම ගැන පියෙකු මෙන් උපදෙස් ඒ මහතා ද මවක මෙන් උපදෙස් එම මැතිනියද ලබා දුන්නෝය. ඒ මහතා විසින් ලබා දුන් ප්‍රණීත භෝජන සංග්‍රහය ගැන ද නොකියාම බැරිය. ඒවා මහත් ඵල මහානිසංස ලැබෙන පිං කං ය…

    ඒ උපදෙස් වලට අනුව අප දෙදෙනා පෙර කී එපාට්මන්ටුවෙන් නූලෙන් ගැලවී අපිට හරියන එපාට්මන්ටුවක් අප හොයා ගනිමු යන ගට් එක හිතට අරගෙන නැවත පෙරකී හෝටලයටම සෙට් වුණෙමු. මෙහිදී අපගේ බොසාගේ හිත මද වශයෙන් රිදුණද ඒ හිත එක මොහොතකට හදන්නට අපිට අවුරුදු 2ක් කට්ට කන්න බැරි නිසා ඒවා ඒ ඒ විදියට සිද්ද වෙන්න ඉඩ ඇර අපි කෙලින් තීරණයක් ගතිමු.. අප ගත් තීරණය ගැන ඒ වන විටත් මැලේ දේශයේ සතියක් ගෙවා තිබූ අප මිතුරාටද, එදින ගොඩ බැසගත් නව මිතුරාටද දැන් වූ නමුත් ඔවූහූ අර පට්ට එපාට්මන්ටුවේ ජීවත් වීමට තීරණය කළ බව පසුව දැන ගන්නට ලැබිණි. ඒවා ඒ ඒ අයගේ කැමත්තය…

    දෙවන දවස එසේ නිමාවූ අතර 3න් වෙනි දවසේ මට පළමු වරට වැඩට යාමට සිදුවිය.

    අවුරුදු 3-4ක් ඩෙනිමයි අතට අහුවූ ටීෂර්ට් එකකුයි ඇඳන් වැඩට ගිය මට ජෙන්ටා ගසා වැඩට යාම සියල්ලට වඩා අජූත කාරනාවක් විය. නමුත් මැලේ රටේ දී අප වැඩ කළ යුත්තේ එසේය. ඒවාට හිත හදාගත යුතු විය.

    යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ උදෑසන ටැක්සියක් කතා කරගෙන දන්නා ඉංග්‍රීසියෙන් යන්න ඕනෑ තැන ගැන ටැක්සි කරුවාට පාර කියූවෙමි. ඌ ගත් කටටම ගාන මෙච්චරයි යනවනම් යමු නෝ මීටර් කියා කැඩිච්ච ඉංගිරිසියෙන් කියා මට ඕනෑවට වගේ හිටියේය. ඕනේ මඟුලක් යැයි කියා ඔන්න ඔහේ යමු කියා අලුත් ජොබ් එකේ පළවෙනි දවස වෙනුවෙන් නොවටිනා ගානක් ටැක්සියට ගෙව්වෙමි.. ඒවා වැළැක්විය නොහැකිය.. අපි සුද්දන්ගෙන් කඩන ලෙසට උන් අපෙන් කඩා ගන්නේය..

    ReplyDelete
    Replies
    1. පැරා මේවා අයින් කරන්න..ගොන් ආතල් වලට ඉඩ දෙන්න එපා...

      Delete
  5. ඔපීසිය නම් පට්ටය.. ඒ කියන්නේ සිරාවටම පට්ටය… ලෝකයේ බිහිවන නව නිර්මාණ බොහෝමයක උපත සිදුවන තැනකි.. පේටන්ට් බල පත්‍රම බර ගානක් හිමි කමක් ඇති මැලේ දේශයේ මහ ආණ්ඩුවේ වියදමින් දුවන රිසර්ච් ඇන්ඩ් ඩිවෙලප්මන්ට් සෙන්ටර් එකකි.

    නැනෝටෙක්නොලොජි,ඉලෙක්ට්‍රොනික්ස්,මයික්‍රෝබයොලොජි,කොමියුනිකේෂන් ටෙක්නොලොජි ආදී මෙකී නොකී සෑම දෙයක් පිළිබඳව පරයේෂණ කරන ආයතනයකි…

    මෙවැනි තැනක මම මොන ලබ්බක් කරන්නේදැයි ඔබට සැකයක් ඇත්නම් එය මෙසේ පැහැදිලි කළ හැකිය.. මැලේ රටේ රජයට සම්බන්ධව කරන නව සංකල්පයක් සහිත පද්ධතියක වැඩ කිරීම වෙනුවෙන් ඔවුන් මාව,බස්ටී නංඟීව සහ තවත් අපේ කොල්ලන් 4 දෙනෙකු තෝරාගත්තෝය. බොහෝ විට ලංකාවෙන් තවත් අයට එම අවස්තාව ලබා ගැනීමට හැකිවනු ඇත.. අදාළ ක්ෂේත්‍රයේ වසර 7-8ක පළපුරුද්ද ඇතිනම් චෑන්ස් ලබා ගත හැකිය.. වැඩි චිස්තර සඳහා ටොප් ජොබ්ස් බලන්න. නැතිනම් මාව අමතන්න..

    එතන පස්ට කැන්ටිමක් ද ඇත.. උදේ දවල් කෑම ඉතා ප්‍රණීත ලෙස එතනින් සාධාරණ මිලට ලබා ගත හැක.
    ඔය ආකාරයට 3න් වෙනි දවස ගෙවී ගිය අතර හවස ගෙදර යාමට නැවත ටැක්සියක් නොගෙන පුරුදු වෙන්නටත් එක්ක කෝච්චියේ සහ මොනෝ රේල්ලුවේ හෝටලයට ගියෙමි.. එතැන් පටන් අලුත් එපාට්මන්ටුවක් සොයා ගන්නා තෙක් උදේ හවස වැඩට ගියේ මේ ක්‍රමයෙනි..

    අලුත් එපාට්මන්ටු සොයා ගැනීමද ආතල් ජනක වැඩකි, ඉන්ටර්නෙට් එකෙන් බලා, දුරකතන ඇමතුමක් ලබා දී ඒජන්තවරයා සහ අයිතිකරුවා සමඟ වෙලාවක් වෙන් කරගෙන ඒවා බැලීමට යායුතුය. එසේ බැලීමට ගිය පළමු එකේදීම මට අර ඉහත කී මහත්මා කී කතාව සත්‍ය බව වැටහී ගියේයේ.. තවත් අඹ ගස් ඕනෑ තරම් ඇත.. බොහෝ ඒවා මී පැණි මෙන් රස ඇති අඹ ඇති ගස් ය.. මැලේ රටේ ද අන්ඩ පාලයෝ සිටින බව මෙයින් මට විසි පස්වන වරට පමණ තහවුරු විය..

    කෙසේ හෝ ටැක්සි වලට බොරු ගනන් ගෙවමින් උන්ට කැඩිච්ච ඉංග්‍රීසියෙන් පාර කියමින් සොයා ගත් දෙවන එපාට්මන්ටුව (මෙය කොන්ඩෝවකි) පට්ට ලෙස අපේ සිත් ගත්තෝය.. ඒ කියන්නේ බස්ටි නඟිගේ සිත් ගත්තාය. ඒ කියන්නේ ඒ වැඩේ ෆයිනල් ය..

    යට කී මහත්මාට ඩේලී අප්ඩේට් දෙමින්,ස්ටේටස් රිපෝට් යවමින්,උපදෙස් ලබාගනිමින් කෙසේ හෝ නියමිත පරිදි එම කොන්ඩෝව අපි අවුරුද්දක් සඳහා ලබා ගත්තෝය. ඒ මැලේ දේශයේ ගෙවුණු 4වෙනි දවසේදීය..

    පස්වෙනි දවසේදී හීන් සීරුවේ බඩු ටික ගෙනත් දමා.. වැඩට ගොස් හීන් සීරුවේ අලුත් ගෙදරට ඇවිත් නිදා ගත්තෙමු.. මම වැඩට ගිය දාට පසු දින බස්ටි නඟාද වැඩ පටන් ගත්ත අතර අපි දෙන්නා දැන් වැඩ කරන්නේ එකම තැනය.. ඒ කියන්නේ අල්ලපු පුටුවේය.. (එහි හොඳ සහ නරක දෙකම ඇති අතර ඒවා බ්ලොග් වල ලිවීම සුදුසු නැත…)

    හයවෙනි දවසේ උදේ පාන්දර අපේ එපාට්මන්ටුවට පොඩ්ඩක් දුරින් ඇති ගේට්ටුවකින් ටෙක්නොලොජි පාක් එකට ඇතුළත් වී පැය භාගයක් ආතල් එකේ ඇවිදීමෙන් ඔපිස් එකට ඉතා පහසුවෙන් ආ හැකි බව අප සොයා ගත්තෙමු.. ඒ සොයා ගැනීමත් සමඟ ටැක්සි වලට බොරු ගනන් ගෙවීම සහ උන්ට පාර කියා දෙමින් ගමන් යෑමේ කරදරයෙන් ගැළවුනෙමු.. කකුල් රිදීම වෙනම කතාවකි…

    එසේ 6වෙනි දවස ගෙවා දමා අද සෙනසුරාදා මැලේ දේශයට පය ගසා ගෙවුණු සත්වන දවසේ යාන්තම් ඉන්න හිටින්න තැනක් පිළිවෙලකට සකස් කරගෙන මනුස්ස ස්වරූපයෙන් ඉදිරි වසර 2ක ගෙවීම නිල වශයෙන් ආරම්භ කළෙමි… මේ සියල්ලේ ගෞරවය ඉහත කී මැලේ දේශය පිළිබඳව විසේසන්නයෙකු වූද, ලංකාවට ප්‍රිය වූද, බ්ලොග් ලියන්නාවූද, එල කොල්ලෙක් වූද ඒ මහතාට, එම මැතිනියට පින් සිදු වන්නට ලබා ගත් දේමය.. සුළු සුළු ඇණ ගැනීම් කීපයක් මැද්දේ උවද සාර්ථක සතියක් ගෙවීමට මා වැනි මන්ද ඩයල් එකකට හැකිවූයේ ඒ විසේසන්න උපදෙස් මහිමයෙනි..

    කෙසේ හෝ අවසන් වශයෙන් පැවසිය යුතු දෙයක් වන්නේ.. ලංකාව හැර යාමේ බලා කිසිම බලාපොරොත්තුවකින් තොරව සිටි මට බොහෝම සාමාන්‍ය ලෙස අලුත් ජොබක් සොයා ගැනීමට දැමූ ඇප්ලිකේෂන් එකක් බැක් ෆයර් වීමෙන් ලබා ගත් දෙයකි මේ ගමන සහ රැකියාව.. අවුරුදු 2ක අවසානයේ (ඊට කලින් දොට්ට නොදැම්මොත්) නැවත ලංකාවට පැමිණ සෙට්ල් බෙට්ල් වීමේ පරම පවිත්‍ර චේතනාවෙන් මේ ගමන පැමිණියෙමි… අපි නොදන්න බොහෝ දේ ලෝකයේ සිදුවන නිසා යන්තම් හෝ ඒ දේ සමඟ ගැටී වැඩ කිරීමේ අවස්ථාවක් ලැබීමත්, ඒ අවස්ථාව මට ඕනෑ හැම දේම (ගෙදර උන්දෑටත් රස්සාවක් සමඟම) දීමට ඔවුන් එකඟ වීමත්, කීයක් හරි වැඩියෙන් හම්බ කරගෙන ගැජමැටික්ස් ටිකක් එකතු කරගෙන යාමට හැකි නිසාත් ආ ගමනකි..


    ReplyDelete
  6. මෙහි බොහෝ දේ හොඳය.. හැබැයි ලංකාව ඊට වඩා බොහෝ හොඳය…

    ප.ලී

    මෙම පෝස්ටය පසුගිය සෙනසුරාදා ලියා අවසන් කලද මාගේ google එකවුන්ට් එක මෙහි සිට බාවිතා කිරීමෙ තිබූ ගැටලුවක් නිසාවෙන් බ්ලොගයට ලොග් වීමේ හැකියව ලැබුනේ අදය.
    Posted by Pathum Herath at Thursday, June 06, 2013

    29 comments:

    SilentSahanThursday, June 06, 2013 7:48:00 PM
    මගෙත් හොඳටම හිතට ඇල්ලුවා පැතුම් මේ පෝස්ට් එක නම්.. ඔයා මට මේ ගැන කියපු දා අපි දෙන්නා මේ ගැන කතා කරා මතකද...? ඒ සියල්ල හොඳින් සිද්ද උන එක ගැන හරි සතුටුයි...දැන් කරන්න තියෙන්නේ වත්තේ හතර මායිම් හොයන්න නොයා , වැල යන අතට මැස්ස ගහන එකත් , මයියොක්කා ගලවන් එන එකත් විතරයි...

    සුබ පැතුම් ඔබ දෙදෙනාට...!

    Reply

    Pathum HerathThursday, June 06, 2013 8:07:00 PM
    ඔව් සහන් මේ තීරණේ ගන්න කලින් මම සැහෙන්න කල්පනා කලා. පස්සේ ඕනේ දෙකට මුණ දෙන්න හිතාගෙන ආවේ. මේ වෙනකම් නම් සියල්ල අවුලක් නැතුව සිද්ද වුණා .. බලමු ඉස්සරහටත්.. ඔයා එදා දුන්න උපදෙස් සැහෙන්න උදව් වුණා තීරණේ ගන්න. මොකද හරියටම දන්න කෙනෙක්ගෙන් අවංකව ලැබුණ උපදෙසක් නිසා. ඒ වගේ උපදෙස් දුන්න සහ දැනටත් ඕනේ වෙලාවක ඉන්න තව කෙනෙක් මෙහෙ ඉන්න නිසා අවුලක් වෙන එකක් නෑ ඉස්සරහටත්. ස්තුතියි.

    Reply

    HasithaThursday, June 06, 2013 8:51:00 PM
    එහෙනම් අලුත් වැඩ කටයුතුවලට සුභ පැතුම් අයියා :)

    Reply
    Replies

    Pathum HerathFriday, June 07, 2013 6:40:00 AM
    ස්තූතියි හසිත.. දැන් තමා නිදහසේ බ්ලොග් ටික බලාගන්න වෙලාවක් ලැබුණෙ..

    Reply

    RajThursday, June 06, 2013 10:27:00 PM
    අනිවා ලංකාව තරම් කොහේද වෙන තැනක් නමුත් ගිය වැඩේ සාර්ථක කරගන පරිස්සමෙන් වරෙන්

    Reply
    Replies

    Pathum HerathFriday, June 07, 2013 6:42:00 AM
    අවුරුදු 2න් එන්න තමා ප්ලෑන් එක.. ඊට කලින් පැන්නුවේ නැත්නම්.. හිකිස්..

    Reply

    මහසොහොන් පිල්ලියFriday, June 07, 2013 4:51:00 AM
    සුළු ගානක් ගෙවා බයිසිකලයක් මිලදී ගන්න

    Reply
    Replies

    Pathum HerathFriday, June 07, 2013 6:45:00 AM
    බයිසිකලයක් අරන් උදේ හවස වැඩට යන්න නම් පුලුවන්.. හැබැයි හයිවේ වල බයිසිකල් පදින එක නම් මාරාන්තිකයි.. :).. ඩ්‍රයිවින් ලයිසන් එක හදාගෙන පොඩි කාර් කට්ටක් ගන්න ඕනේ.. කාර් හෙන ලාබයිනෙ..

    Reply

    සරත් ලංකාප්‍රියFriday, June 07, 2013 11:39:00 AM
    හ්ම්ම් බ්ලොග් එක ලියන්න ගත්තා කියන්නෙ මෑන් සෙට්ල් ඩවුන් කියන එකනෙ..

    Reply
    Replies

    මාරයාගේ හෝරාවSaturday, June 08, 2013 9:29:00 PM
    එකෙක් මදිවට ඔන්න දෙන්නෙක්ම..මැලේ රටට අබ සරණයි... :D

    ReplyDelete
    Replies
    1. මේ දිග ඇනෝනිමස් කමෙන්ටුවක් ලෙස දමා ඇත්තේ පැතුම් හේරත් නමැති 2006 සිට බ්ලොග් ලියන අයෙකුගේ අළුත්ම පෝස්ටුවයි.
      http://biththiya.blogspot.com.au/2013/06/blog-post.html

      Delete
  7. ajith
    obage sithuvili itha wdagath.mama boho durata obage lipi mage mituranta e mail karana athra face book ekata link kireema karanawa.obata comment karana modayo set ekak oba apset kireeme armunni comment karana bawa mage adhasai.

    indika

    ReplyDelete
  8. මේ මොන වේසිගෙ පුතෙක්ද පත්තරයක් වගේ කොමෙන්ට් එකක් දාල තියෙන්නෙ.ඥානසාර වගේ ජොහෙද යන්නෙ මල්ලෙ පොල් වගේ උත්තරයක්නෙ මේ පොල් බූරුව දීල තියෙන්නෙ.

    ReplyDelete
  9. මචන් ඌ සිගිති ආතල් එකක් අරන් තියෙන්නෙ.පව් පොලොස් කොට්ටෝරුවා.

    ReplyDelete
  10. ඊලගට උඹ මැලේසියාවෙ ගිහින් ‍රිව්ව හැටිත් දාපන්.

    ReplyDelete
  11. ගැණු ෆොටෝවලට පිරිමි දාන කමෙන්ටු වගේම පිරිමි ෆොටෝවලට ගැල්ළමයි කමෙන්ට් කරන්නේ නැත්ද?

    මේ බලන්න උන්මාද චිත්‍රසේන ගේ ෆොටෝ එක ගැන කතන්දරේ!

    http://kathandara.blogspot.com/2010/11/blog-post_26.html

    !!!

    ReplyDelete
  12. මාරයගේ හෝරාව ලියන එකා. නාලනී ට පන දාගෙන හුකනවාලු

    ReplyDelete
    Replies
    1. බොට රුදාවද?

      Delete
  13. වැදගත් හරවත් ලිපියක්.ස්තුතියි ඔබට.

    ReplyDelete
  14. හොඳ ලිපියක්. හොඳ උදවුවක්

    ReplyDelete
  15. මුව බ්ලොග් අවකාශයෙන් ගසා පන්නන්න හැකිනම් ලොකු දෙයකි. samakayawate.blogspot.com මුගේ‍ හෙන කයිවාරුව

    ReplyDelete
    Replies
    1. බොරු කියන්න එපා බන්...

      Delete
    2. samakayawate.blogspot.com මිනහා අන්තර්ජාලේ බලන්න දෙයක් නැතුව බ්ලොග් අවකාශේ බදාගත්තු පොරක් කෑ ගහන තරමක් කෑ ගහන්නේ ගොන් කමට නලින් නාකීයා

      පත්තර වලත් මෙහෙම පොඩි උන් වගේ ගොබ්බයෝන්ට රස්සා දෙනවද කියලත් හිතෙනවා

      Delete
    3. ඔය නලින් ලුනේ mashguru.com කරන්නේ

      Delete
  16. Ano1 මට මේ Blogger කියද්දී පොඩි පැටලිල්ලක් තියෙනවා. මේක ප්‍රකාශ මාද්යක් නේද? මට හිතෙන්නේ නැහැ නවකතාකරුව, කෙටිකතාකරුව හා කවියා වගේ Blogger කියල විශේෂිත පුද්ගලයෙක් ඉන්නවා කියල.. Blog එක නවකතකරුවෙකුටත්, ආර්ථික විශ්ලේෂකයක්ටත්, ගවේෂකයෙක්ටත් බවිත කරන්න හැකි ප්‍රබල ප්‍රකාශ මාද්යක් විතරයි.. තමුන්ට බෙදාගන්න තරම් වටිනා අමුද්‍රව්‍යක් නැත්නම් එකේ සමාජීය වටිනාකමක් එන්නේ නැහැ.. දැන් ටිකක් කික් එකට ආවට තමුන්ට කියල දෙයක් නැති අය තව වසර කිහිපයකින් නැති වේවි....මොකද තියෙන්නේ cyber space එකේ උනත් එක බලන්නේ උදේ හවස සෙට්වෙන අයම පමණක් නිසා..

    ReplyDelete
  17. www.worldceylon.blogspot.com ....ඇවිත් බලන්න වෙනසක් සමග දැනුමක් ලැබේද කියා

    ReplyDelete
  18. අපි ඉස්කෝලෙ යන ඔයාල වෙනුවෙන්ම අලුත් වෙබ් අඩවියක් හැදුවා...

    ඔයාට පාසල් විෂය කරුණු අද්‍යනයේදි ගැටලු ඇතිවුනාද..?
    ඔයාට සමහර විශෂය කරුණු නොවැටහෙනවාද..?
    ඔයාට තනිව විසඳාගැනීමට අපහසු ගැටලු තිබෙනවාද..?
    අලුත් යාලුවො හඳුනගන්න..!
    යාළුවොත් එක්ක සාකච්ඡා කරල ගැටලු විසඳන්න..!
    අපිටම වෙන්වුණු අපේ ලෝකයට දැන්ම එකතුවෙන්න...!

    Edu Plus Lanka

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා