සිංහල සංගීතයේ කන්ඩක්ටර්ලා හා ඩ්‍රයිවර්ලා

ලංකාවේ ජනප්‍රිය සංගීත කලාව අද වන විට මෙහෙයවන්නේ කවුරුදැයි කියා ද ඔබ සිතන්නේ? 

සිංදු ලියා මියුසික් වීඩියෝ හදා දී රේඩියෝ, රෑපවාහිනී චැනල්වලට පගා ද දී සිංදු හිට් කර දීමේ කොන්ත්‍රාත් කරන මියු 'සික්' මාෆියාවක් රටේ ඇත. 

එහෙත්, ලංකාවේ ජනප්‍රිය සංගීතය බිම් මට්ටමේදී මෙහෙයවන්නේ පෞද්ගලික බස්වල රියැදුරන් හා ත්‍රිරෝද රියැදුරන් විසින් බව මගේ අදහසයි. බස් රියැදුරන්ට නම් සංගීතය අවශ්‍ය ප්‍රධාන වශයෙන් ම නින්ද යාම වළක්වා ගන්නට ය. ජගත් වික්‍රමසිංහ, ලක්ෂ්මන් හේවාවිතාරණ වැනි 'ජනප්‍රිය' නින්ද යන සිංදු කියන්නන්ගේ ගීත බස්වලදී වැඩිපුර නො ඇසෙන්නට හේතුව එය විය හැකි ය.

මන්ද, සිංහල සංගීතය හෙවත් සිංදු සඳහා ඉල්ලුම නිර්මානය කරන්නේ ඔවුන් විසිනි. වැඩට යන මිනිස්සු බස්වලින් සිංදු අසා ඉන් පසු ඒ සිංදු ගෙදර ගෙන යති. සිංදු සංගීතයේ ප්‍රධාන කාර්යයක් වන්නේ බස්වල, ත්‍රිරෝද රියවල ගොරහැඩි හඬ යටපත් වන පරිදි හඬ මතු කර ගැනීමයි. ඒ සඳහා ලෝකයේ කොහේවත් සංගීතයකදී ප්‍රමුඛස්ථානය නො දෙන ඔක්ටපෑඩ් යයි හැඳින්වෙන විද්‍යුත් තාල වාද්‍ය භාණ්ඩයකට ප්‍රමුඛතාව දී තිබේ. එයින් ද මතු කර ගන්නේ ටිංකර් වැඩපලවල යකඩ තලන, හූරන හඬ වැනි ශබ්දයි. මේ ශබ්ද සංගීතයට හඳුන්වා දීමේ ගෞරවයෙන් සෑහෙන කොටසක් සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමට හිමි වේ. දමිත් අසංක, චාමර වීරසිංහ, සේනානායක වේරලියද්ද වැනි සිංදු කියන්නන්ගේ ගීත බස්වල වැඩිපුර ඇසෙන්නේ ද ඒ නිසා විය හැකි ය.

පසුගිය දිනෙක මම අතිශය රමණීය පැරණි ප්‍රේම ගීතයක් වන හෙන්රි කල්දේරා ගයන 'පෙනුණු සුව දසුන් දස අත මිලින වී ගියා' යන ගීතයේ මුල් ස්වරූපී සංගීතය සමග ගැයුමක් සෙවීමි. එහෙත්, අසන්නට තිබෙන්නේ ඒ ගීතයේ රස මරන ටකරං සංගීතයක් සමග ගැයෙන හැඟීම් විරහිත සිංදු කීම් පමණි. 

මීට වසර 18කට 20කට පෙර හෙන්රි කල්දේරාගේ පුත්‍රයකු කොළඹ සරසවියේ නීති පීඨයේ ඉ‍ගෙනුම ලබමින් සි‍ටියදී නීති ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද ප්‍රසංගයකදී මහත් ප්‍රතිචාර මැද ඔහු දෙවරක් ම ගායනා කළ අන්දම අසා ඇත්තෙමි. එම වැඩ සටහනේ සංගීතය මෙහෙයවූයේ ගුවන් විදුලි වාදක මණ්ඩලයයි. 

ඒ කාලයේ ජනප්‍රියත්වයෙන් පිරිහී දුප්පත්ව සිටි හෙන්රි කල්දේරා පසුව සල්ලි රැල්ලට අසු වී ඔහුගේ මනහර ගී විනාශ කිරීමට දායක වූයේ ය.

මතුගම සිට කොළඹ යන බස් රියක ස්පීකරයක් යට අසුනේ වාඩි වී යාමේ 'භාග්‍යය' පසුගිය දිනෙක මට ලැබිණි. ඔක්කාර මානසිකත්වයක් ද සහිතව ගාලු මුවදොර අසලින් බසයෙන් බසින විටත් රියැදුරු තරුණයාගේ සිංදු රසිකත්වය හීන වී නො තිබිණි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. අජිත් මුතුකුමාරණට කියන්නේ බස් අජිත් කියලා.. ඒ උනාට පොර යන්නේ ප්‍රාඩෝ එකේ.. අද ගීතය කියන දේ නම් තනිකර බිස්නස් එකක්.. ඒත් ඉතින් ඒ අතරෙත් රත්තරන් ගීත බිහිවෙනවා.. මම හිතන්නේ පැරා කැමති සුභාවිත ගීතවලට විතරයි වගේ.. මට නම් අජිත් මුතුකුමාරණගෙත් හොඳ සින්දු දෙක තුනක් තියෙනවා...

    ReplyDelete
  2. බස් වල සිංදු දාන්නෙ ඇත්තටම නින්ද යනවට තමයි. මටත් ළඟදි ඉඳල දුර ගමන් බිමන් සහිත රාජකාරියක් පැවරිලා තියෙන නිසා, ඒ අත්හදා බැලීම කළා. ඇත්තටම සාර්ථකයි. හැබැයි අර කිව්ව වගේ ඒ වැඩේට ගැලපෙන සිංදු තියනවා. රස විඳින්න නෙවෙයි නින්ද නොයා ඉන්න. ටකරං සංගීතය ඒකට අත්‍යවශ්‍ය නැහැ. ඒ ගැන බස් ඩ්‍රයිවර්ලට දොස් කීම වැරදියි. ජෝතිපාල, වෙහෙරලියද්ද, කපුගේ, මොහිදීන් බෙග්, ලතා වල්පොල, සුජාතා වැනි කටහඬවල් මේ නින්ද නොයා සිටීමට හොඳටම ප්‍රමාණවත්. කොච්චර ලස්සන වුනත්, වික්ටර්, සෝමතිලක ජයමහ වගේ අයගෙ කටහඬ ඒ වැඩේට ගැලපෙන්නෙ නෑ.

    මං ළඟදි නෙට් එකේ හෙව්ව කපුගේගෙ සහ සුජාතාගෙ සිංදු ටිකක්, ඔරිජිනල් රෙකෝඩින් එකෙන්. ඒත් වැඩි හරියක් තියෙන්නෙ සන්ෆ්ලවර් තමයි. බස් ඩ්‍රයිවර්ලට දොස් කියන්න එපා.

    ReplyDelete
  3. පෙනුණු සුව දසුන් දස අත මිලින වී ගියා".

    කීපයක් ඇතුලත පැරා මෙතනින් ගන්න දින ..මොකද මට අයින් කරන්න වෙනවා ...

    ReplyDelete
    Replies
    1. ********
      පැරා,
      දින කීපයක් ඇතුලත මෙතනින් ගන්න ..මොකද මට අයින් කරන්න වෙනවා ...

      \\\\පසුව සල්ලි රැල්ලට අසු වී ඔහුගේ මනහර ගී විනාශ කිරීමට දායක වූයේ ය. \\\\

      මෙන්න මෙහෙම කියන එක සාධාරණ නැහැ ...මුදල් , ධනය කියන දේවල් අමතක කරන්න එපා පැරා...

      Delete
    2. ඔව්.

      සංගීතය නමින් දුක් වින්දේ සුනිල් ශාන්ත විතරයි.

      කපුගේ සන්ෆ්ලවර්ස් ලා එක්ක සින්දු කෑවේ පුතාව එංගලන්තයට යවන්න සල්ලි හොයන්න යැයි ඔහු පැවසුවා.

      Delete
    3. මේ ගීය ලබා දුන්නාට ඔබට ගොඩක් තුති

      Delete
    4. ගුණදාස කපුගේ මහත්තයා සන්ෆ්ලවර්ස් එක්ක කැසට් ගැහුවේ පුතාව රට යවන්න නෙමෙයි යාලු....තමන්ගේ මිත්‍රයෙක්ගේ ජිවිතේ බේර ගන්න....මේ රටේ අග්‍රගණ්‍ය නාට්‍යකරුවක් රෝගාතුර වෙලා ඉන්න වෙලාවක, එතුමාගේ සැත්කමක් සඳහා සෑහෙන්න මුදලක් අවශ්‍ය වෙලා, ඒ මුදල් සොයාගන්න තමයි ගුණදාස කපුගේ කියන සොඳුරු මනුස්සය ඒ සා විශාල කැපකිරීමක් කරේ. තමන් ගැනවත් නොහිත, අනුන්ගේ දුකේදී පිහිට වෙලා, තමන්ට අහන්න ලැබෙන බැනුම් උපේක්ෂාවෙන් දරාගන්න සල්ලි වලට විතරක් ලොල් වෙච්ච සංගීත කාරයෙකුට බෑ. අනික ඔය කළා කරුවන්ගේ වැරදි හොයන එකෙක් ඒ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද කියල හොයල බලනවද.හැමෝම තම තමන්ගේ රස්සාවල් කරලා ගෙදර ඇවිත් හවසට ඔය කියන ගීතයක් රස විඳිනවා..මොකද තමන්ට මාසේ අන්තිමට පඩියක් හම්බ වෙනවනේ.. නමුත් කළා කාරයෙක් තමන්ගේ කලාව ටිකක් විකුණගෙන ජීවත් වෙන්න හදනකොට එකට වල කපනවා. ඒ මිනිස්සුන්ගේ ගීවිකාව නැති කරේ කවුද...? ඔය එක එක නම් හදාගෙන internet එකේ ලැගගෙන ඉන්න උන්ම තමයි....කළා කරුවෙක්ට එක ගීතයක් නිර්මාණය කරන්න කොච්චර මුදලක් වැය වෙනවද, කොච්චර කාලය වැයවෙනවද...? එහෙම හදන ගීතය ඊට පස්සෙන්දම internet එකේ FREE DOWNLOAD කරන්න තියෙනවා....ඉතින් කොහොමද කළා කාරයෝ ජීවත් වෙන්නේ...අද අපේ රටේ පරණ කලාකරුවන්ගෙන්, තාමත් නිර්මාණකරණයේ යෙදී ඉන්නේ කීයෙන් කීයද.....එහෙම උනේ කාගේ වරදින්ද...සන්ෆ්ලවර්සලා හින්දද ..? නෑ.! ඔය මහලොකුවට ගීතවල රසය ගැන කෑ ගහන රසිකයෝ හින්දම තමයි...ආ...තවදෙයක්..අර මම කිව්වේ රෝගාතුර වුන මේ රටේ අග්‍රගණ්‍ය නාට්‍යකරුවක් ගැන..ඒ වෙන කවුරුවත් නෙමෙයි...සුගතපාල ද සිල්වා මහත්මයා....!

      Delete
  4. අන්තිම වැකියේ රියදුරා නොකියා රියදුරු තරුනයා කියා ලියවුනු එකෙන්ම පැරා මතු කරන ප්‍රශ්නයේ එක් පැත්තක් පැහැටදිලි වෙනවා.

    ReplyDelete
  5. OW, OW, HARIYATA PUKA, NOKIYA WENATH WACHANA YODANNE, THAWA THIYANAWA, JO, CH, PA, ETC.

    ReplyDelete
  6. පැරා, කල්දෙරා සින්දු වික්කා කියලා අපහාසවත් උපහාසවත් කරන්න ඔයාට අයිතියක් නෑ. ඒක ඒ මනුස්සයාගෙ හැකියාව සහ අයිතිය. මොකද විවෙචනය ඔයා ගිහින් කල්දෙරාගෙ ආර්තික ප්‍රශ්න විසඳන්නෙ නෑනෙ.

    අනික ඔයත් කරන්නෙ ඒකමනෙ, කියන්නෙ කිසි ලාභ ප්‍රොයෝජනයක් නොතකා ඔයා සමාජ ක්‍රියාකාරිකයෙක් විදියට ඉන්නවා කියලා. හැබැයි ඒ වෙනුවෙන් කරන වැඩවලින් කොහොම හරි දුක කියල කීයක් හරි හොයාගන්න හදනවා. මෙහෙන් කියනවා පොත ගන්න කවුරුත් නෑලු, අනිත් පැත්තෙන් රාවයෙන් ඉල්ලනව (ජනරන්ජනගෙන් ) අනෙ මගෙ ලියුම් වලට කීයක් හරි දෙන්නකෝ කියල.

    ඔයාල දෙන්නම කරන්නෙ තියන හැකියාව විකුනන්න යන එක, එත් කල්දෙරා දිනුම්, ඔයා පරාදයි. අන්න ඒ වෙනසට තමා ඔයා ඔය බුරන්නෙ.

    ReplyDelete
    Replies
    1. අපි හෙන්ර් කල්දේරාට අපහාසවත්‍, උපහාසවත්, වන්දනාමානවත් නො කරමු. ආදරය කරමු.

      ඔබට තිබෙන්නේ ලියූ දෙයක් කියවා තේරුම් ගැනීමට නො හැකිකම පිළිබඳ ප්‍රශ්නයක්.

      මෙතන වෙන්නේ මෙහෙම දෙයක්. අප ලියූ දෙයක් කියවන අතර ඔබ තමන්ගේ සිතුවිලි අවදි කර ගන්නවා. ඉන් පසු ඒ සිතුවිලි අර ලියූ කෙනාගේ ඒවා ය කියා පටලවාගෙන ඔහුට බනිනවා.

      Delete
    2. පැරා, කියන්න බලන්න මේ වාක්‍යයේ ඔයා ලියල තියන දෙයින් මට තෙරුන් ගන්න බැරිවෙච්ච දේ

      "ඒ කාලයේ ජනප්‍රියත්වයෙන් පිරිහී දුප්පත්ව සිටි හෙන්රි කල්දේරා පසුව සල්ලි රැල්ලට අසු වී ඔහුගේ මනහර ගී විනාශ කිරීමට දායක වූයේ ය."

      Delete
    3. මෙය අපහාසයක් නොවෙයි. සිදු වූ දෙයක් පිළිබඳ මගේ අදහස. කාටත් සල්ලි අවශයයි. ඒත්, සල්ලි හම්බ කරන්න ය කියලා කරන ඕනැම දෙයක් අනුමත කරන්න බැහැ. වැරදි නම් වැරදියි.

      Delete
    4. කියන්න බලන්න කල්දෙරා සන්ෆ්ලවර්ස් ල එක්ක සිංදු කිව්ව එක වැරද්දක් වෙන්නෙ කොහොමද කියල. රටෙ නීතිය අනුව වැරද්දක් නෙවෙ, සමාජයෙ සාමාන්‍ය භාවිතව අනුවවත් වැරද්දක් නෙවෙ. සිරිත් විරිත්, හෝ සම්ප්‍රදාය අනුවවත් වැරද්දක් නෙවේ. කල්දේරාට අයිතිය තියනවා ඒ සිංදු එයාට කමති විදියකට කියන්න.

      අනික මේක අපහාසයක් නොවේ කියන්න ඔයාගෙ තර්කයනම් මරු. හරි ඔයාගෙ අදහසනෙ. හොඳයි, උදාහරනයකට මම මෙහෙම කිව්වොත්, අහවලාගෙ ගෑනි හෙන වේස වැඩ කරන්නෙ කියල. ඔයාට ඕනෙ නමක් "අහවලා" කියන වචනෙ වෙනුවට දාල බලන්න. මගෙ අදහස කිව්වෙ ඔන්න.

      Delete
    5. ඉතින් මට මොකද?

      Delete
    6. පැරා, උබල ඔහේ කියක් හරි හම්බ වෙයි කියල බලාගෙන ලියනව, ලියන්නෙ මොනවද කියල දන්නෙත් නෑ, වරද්දක් පෙන්නුවාම මුලින් බහුභූත කියවනව, දිගටම ප්‍රශ්න කරාම මොකක් හරි කියල මග හරිනවා.

      ඕකම තමයි මම ඔයාගෙන් දෙමලුන්ට විතරක් තියන ප්‍රශ්නෙ මොකක්ද කියල ඇහුවම කරේ. පත හෑලි ලිව්වට වැඩක් නෑ, තමන්ගෙ මතවාදෙ හරි කියල ප්‍රයොගිකව, න්‍යායාත්මකව පෙන්නන්න ඕනෙ. නැත්නම් ඉතින් මහලොකු වාම සමාජ ක්‍රියාකරියගෙයි, දහ අතේ උඹම බනින වික්ටර් අයිවන්ල, දේසපාලොවන්ගෙයි අතරෙ කිසි වෙනසක් නෑ, එකම තමා උඹල ඔක්කොම කරන්නෙ, කන්ටෙක්ස්ට් එක විතරයි වෙනස්.

      Delete
    7. අර පනහට පනහෙ ඉල්ලීම ගැන තවම විස්තර කළේ නැහැ නේද?

      Delete
    8. සොරි, මම ඊට පස්සෙ ඒ කියවිල්ල බැලුවෙ නෑ, මොකද මම අහන ප්‍රශ්න මග අරින්න මොනවා හරි දොඩවනාවා මිසක්, හරි උත්තරයක් දෙන්නෙ නෑනෙ. ටිකක් වෙලා ගියේ ආපහු ඒ ලිපිය හොයන්න. (මේ කතාවෙ අගක් මුලක් නොතේරෙන නිසා අනිත් අයට පුලුවන් පහල තියන ලින්ක් වලින් ගිහින් පැරාගෙ ලිස්සන උත්තර බලන්න )

      හරි, මම 50:50 දන්නෙ නෑ. චෙල්වනායගම් 50:50 ඉල්ලුවාද කියා මම නොදනෙමි. හරි, දැන් එහෙනම් මගෙ එදා ප්‍රශ්නෙටයි, අද ප්‍රශ්න වලටයි ලිස්සන්නෙ නැතිව, වැල්වටාරම් කියන්නෙ නැතිව, අනෝ හෝ නමෙන්ම ඇවිත් බනින්නෙ නැතිව උත්තර දෙන්න බලන්න.

      http://www.w3lanka.com/2013/05/blog-post_23.html?showComment=1369299454400#c3671365035344978891


      http://www.w3lanka.com/2013/05/blog-post_2209.html?showComment=1369390126708#c173155914105259462

      Delete
    9. නො දන්න දේ ගැන අදහස් පළ කරන්න එපා. පළමුව නො දන්න දේ ඉගෙන ගන්න.

      මේ බ්ලොගයේ පරමාර්ථය ඔබ වැනි මර්දන යන්ත්‍රයේ කොටස්කරුවන්ට ඉගැන්වීම නො‍ වෙයි. ඒත්, අප ‍ඒ දේ කරන්න සූදානම්. හැබැයි, ජීවිතයට තර්ජන ඇති නො කරන බවට විශ්වාසය ඇති කරන්න. අනෙක අප ඒ වෙනුවෙන් වෙන් කරන කාලය වෙනුවෙන් ඔබ මුදලින් ගෙවිය යුතුයි.

      50ට 50 ගැන අපි පසුව ලියන්නම්. මේ ලිපිය ලියලා තිබෙන්නේ සංගීතය ගැන.

      Delete
    10. "මේ බ්ලොගයේ පරමාර්ථය ඔබ වැනි මර්දන යන්ත්‍රයේ කොටස්කරුවන්ට ඉගැන්වීම නො‍ වෙයි. ඒත්, අප ‍ඒ දේ කරන්න සූදානම්. හැබැයි, ජීවිතයට තර්ජන ඇති නො කරන බවට විශ්වාසය ඇති කරන්න. අනෙක අප ඒ වෙනුවෙන් වෙන් කරන කාලය වෙනුවෙන් ඔබ මුදලින් ගෙවිය යුතුයි. "

      මාර ධනවාදියෙක්නෙ ඔයා. කතාව වමෙන්, යන්නෙ දකුනෙන්. තමන්ගෙ අදහස සන්වාදයට ලක් කරන්නත් සල්ලි ඉල්ලන වනම්, අනෙ උඹෙ වම තියාගනින් බන්.

      "50ට 50 ගැන අපි පසුව ලියන්නම්. මේ ලිපිය ලියලා තිබෙන්නේ සංගීතය ගැන."

      ඉතින් බන් මමද 50:50 ගැන මෙතන ඇහුවෙ. අනික මම කොමෙන්ට් එක පටන් ගත්තෙ කල්ඩෙරාට කරපු අපහාසෙ/උඵාසෙ ගැන. ලියන්න ඔනේ උනේ සංගීතය ගැන නම් අර තව කොමෙන්ට් එකක තිබ්බ වගෙ එකෙ මාෆිආ එක ගැනයි, තව ඕනෙ තරන් දෙවල් ලියන්න තිබ්බ අර මනුස්සයාට අහහාස නොකර.

      Delete
  7. අද ගිත ක්ෂේත්‍රෙය් පවතින මාෆියාව ගැනත් කතා කළා නම් තමයි මේ ලිපියේ වටිනකම වැඩිවන්නේ පැරා. කොහොමත් මේ ඔබ මතුකළ කරුණ ඇත්තකි. බොහෝ දෙනෙක් බස්වලට නැග විදව වදවා තමයි ගමන යන්නේ. එතැනදී රියදුරු රුචිකත්වයට අප නිකම්ම අහුවෙනවා.

    ReplyDelete
  8. අපිට තිබුනු ඉන්දියානු සංගීතයක් ඉන් පස්සේ ක්ලැරන්ස් ලා රුකාන්තලා යම් බටහිර සංගීත හුරැවක් ලංකාවට ගෙනාවා ඉන් පස්සේ සන්ෆ්ලවර්ස්ලා අමුතුම කොත්තු සංගීතයක් හැදුවා දැන් අලුත් අය තවත් රැල්ලක් හදාගෙන යනවා අපි කොච්චර කැ ගැහුවත් ඒ ඒ කාලවලදී ජනතාව ඔය සංගීතය ආදරයෙන් වැලද ගත්තා එහෙම හින්දා නේ ඔච්චර කල් ඔව්වා තිබ්බේ

    ReplyDelete
  9. දන්නා මගුලක් කතා කලොත් හොදයි නේද

    ReplyDelete
  10. දැන් හැමෝම වගේ කතා කරන්නේ සුභාවිත ගීතය ගැනයි. “සුභාවිත ගීතය රැකගන්නයි මේ හැමදේම කරන්නේ. සුභාවිත ගීතය වෙනුවෙනුයි පෙනී සිටින්නේ” කියලා කවුරුත් වගේ කියනවා. මම නම් දන්නේ නෑ මොන අදහසකින් සුභාවිත ගීතය කියන වචනය භාවිත කරනවාද කියලා. මොකක්ද ඔය කියන සුභාවිත ගීතය? T.M jayarathna

    http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=11118:2013-06-05-10-47-41&catid=49:2012-05-03-09-20-11&Itemid=96

    ReplyDelete
  11. මේ කා‍ලේ කොහොම හරි නිෂ්පාදකයෙකු සමග එකතු වෙලා නව නිර්මාණයක් එළිදක්වලා, ඒ නිර්මාණය වෙළෙන්දෝ ළඟට ගෙන ගියත් ඔවුන් ඒ ගීත නිර්මාණ අලෙවියට ගන්නේ නැහැ. ඔවුන් කියනවා “මේ සී.ඩී. එක අපට මීට දවස් තුනකට කලින් ලැබුණානේ’, නැත්නම් “මේක අපට ඊයේ ලැබුණනේ කියලා.” ඉතින් ඔය විදියට අද තාක්ෂණයේ දියුණුව ප්‍රයෝජනයට අරගෙන වංචාව දිනනවා. යහපත් දෙයක් කරන්න සූදානම් වෙන කෙනා අමාරුවේ වැටෙනවා. ඒ නිසා කරපු දේවල් හොඳටෝම ඇති කියලා හිතාගෙන මම මගේ ගීත ටික තියාගෙන ගෙදරට වෙලා ඉන්නවා. හැබැයි මට කොච්චර ගීත තිබුණත් ගුවන්විදුලි නාළිකාවලින් ප්‍රචාරය කරන්නෙත් මගේ එකම ගීත ටිකක්නේ.
    TM JAYARATHNA

    ReplyDelete
    Replies
    1. මේ කතාව ඇත්ත. මම මගේ වීඩියො සෙන්ටර් එක වහන්න එක හේතුවක් ඕක.

      Delete
    2. දැන් ඔය මහත්තයට ම තේරෙනවා ඇති නේ වෙලා තියෙන දේ

      ඕකට වග කියන්න ඕනේ කවුද කියලට් තේරෙනවා ඇතිනේ

      අපේ රටේ සින්දු කලාවට ඔය කියන තරම් වයසක් නෑනේ . ඒ කලාව හදන්න දායක උන ගොඩාක් අයත් ටාම ජිවතුන් අතර ඉන්නවා

      එතකොට එයාලට කියන්න බෑ .අද තියෙන කලාව හරි නෑ කියල මොකද එයාලත් තවම මේ කලාවේ පුරුක් .

      හැබැයි ඉතින් වැරැද්ද අපි වගේ මිනිස්සුන්ගෙම තමයි ඉතින් .අපිත් කොහෙන් හරි ඩවුන් ලෝඩ් කරන් අහන්නේ නැතිව කඩෙන් කොත්තු රොටි 2ක් කන සල්ලි වියද්හම් කරලා CD 1ක් ගන්නේ නැති එකනේ මේ සේරෝටම මුල එහෙව් එකේ කොන්දොස්තරලට ඩ්‍රය්වර් ලට බැනල වැඩක් නෑ

      සල්ල දීල cd ගන්න මිනිස්සු පුරුදු වෙනකන් මේ ක්‍රමේ වෙනස් කරන්න බෑ

      Delete
  12. වරෙක අජිත් මුතුකුමාරන ඔහුගේ සීඩී තැටියක් මිලදී ගන්නා අයෙකුට ඔහුත් සමග දිවා ආහාරය ලබා ගත හැකි තරඟයක් සංවිධානය කොට තිබුනා..
    ඔන්න එයාලගේ මානසිකත්වය :D
    මෙවර SLIM-Neilson සම්මාන උත්සවයේ ජනප්‍රියම ගුවන් විදුලි නාලිකාව සඳහා සම්මානයක් ලබා දුන්නේ නෑ. හේතුව විදියට දැක්වූයේ මුදල් සහ වරප්‍රසාද ලබා දෙන මුවාවෙන් ජනතාවගේ මධ්‍යස්ථ බව ප්‍රශ්ණ කිරීමට ලක්වෙලා වගේ කතාවක්. වැඩි කල් යන්නට මත්තෙන් ගීත වලටත් ඔය සෙතේම වෙනවා. පැකේජ් එකක් ගත්තේ නැත්නම් මං හිතන්නේ නෑ සිංදුව ප්‍රචාරය කරගන්න පුලුවන් වෙයි කියලා!

    ReplyDelete
  13. ඒත් මම දන්න හුඟක් බස් රියදුරන් හා කොන්දොස්තරවරුන් ඉන්නවා ඔවුන්ගේ රුචිකත්වය ඔබ සඳහන් කල ආකාරයට වඩා බෙහෙවින් වෙනස්. මොකද මම කාලයක් වීඩියෝ සෙන්ටර් එකක් කලා ඒ කාලෙ මගෙන් සංගීත තැටි මිලදීගන්නෙ බස් එකෙ අහන්න ඔබ සටහන් කල රුචිකත්වයේ ගීත. මගේ ආයතනය වෘත්තීය මට්ටමින් කල නිසා මම මගේ පාරිබෝගිකයාගේ අභ්‍යන්තර රුචිකත්වය ගැන අවබෝදයක් ලබාගන්නවා. ඒ අය නිවසේදී අහන්න ගන්නෙ ඊට හාත්පසින්ම වෙනස් සුන්දර ගීත. මට හිතෙන්නේ බස් සංගීතය කියන්නෙ බීලා නටන්න ගන්න සංගීතය වගේ වෙනස්ම එකක්

    ………මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
  14. මම දවසක් බස් එකේ යනකොට සින්දුවක් ඇහුව "හිත මන් මත් කළ තනපට අස්සේ හන්ගේන්නම් මම හානි හනිකේ " කියල ඒ සින්දුවේ තිබුන . තමන් ගේ ගෙදර අය ඉන්න තැනක වත් කියන්න පුළුවන් සින්දුවක්ධ ? නොධකින් මේ වගේ සින්ධු හදහන එවුන් . පොඩි එකෙක් වත් ඌක බස් එකේ ධි ඇහිලා කට පාඩම් කර ගත්තොත් මහා අයට පොලොව පාලන යන්න හිතෙය්

    ReplyDelete
  15. චාමර වීරසිංහ කලින් කියපු බොලද ගීත වලින් මිදිලා ටික ටික සුභාවිත ගීත ගායනයට යොමු වන බව පෙනේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා