හොරාගේ අම්මාගෙන් ...... ඇසීම

පහත පළ වන්නේ දිවයින පුවත්පතේ පළ වූ වාර්තාවකි. එහි රතු පැහැයෙන් දක්වා ඇති කොටස කියවා ත්‍රිරෝද රථයේ හතරවන පුද්ගලයෙක් සිටියා ද නැද්ද කියා හිතන්න.
රත්නපුර රෝහලේ රාත්‍රි සේවයට යමින් සිටි හෙද නිලධාරිනියකගේ කලව ප්‍රදේශය අතින් ස්‌පර්ශ කළ බව කියන පුද්ගලයකු ඇතුළු තිදෙනකු ජුනි 07 දා දක්‌වා රිමාන්ඩ් භාරයේ තබා එදින හඳුනා ගැනීමේ පෙරෙට්‌ටුවකට ඉදිරිපත් කරන ලෙසට රත්නපුර මහෙස්‌ත්‍රාත් කේ. ඩී. එල්. කුමාර මහතා ඊයේ (04 දා) නියෝග කළේය.

එසේ රිමාන්ඩ් කරනු ලැබුවේ රත්නපුර සමන් පෙදෙස සහ බටුගෙදර පදිංචි තරුණයෙන් තිදෙනෙකි. ඇහැලියගොඩ පදිංචි රත්නපුර රෝහලේ සේවය කරන 34 හැවිරිදි විවාහක හෙදියක රත්නපුර පොලිසියේ විවිධ පැමිණිලි අංශයට කළ පැමිණිල්ලක්‌ මත පරීක්‍ෂණ පැවැත්වූ පොලිස්‌ පරීක්‍ෂක වසන්ත පෙරේරා මහතා සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

හෙදියගේ පැමිණිල්ලේ සඳහන් වන අන්දමට ඇය ඉකුත් 2 දා රාත්‍රි සේවයට යමින් සිටියදී සවස 7.10 ට පමණ රෝහල හන්දියේ සිට රෝහල දෙසට පා ගමනින් ගොස්‌ ඇත. ඒ අවස්‌ථාවේ අතරමග තරුණයන් කිහිප දෙනකු පාරේ සිට ඇති අතර, එක්‌ අයකු ඇයගේ කලවය මිරිකා තිබේ.

හෙදිය එය නොතකා ඉදිරියට යද්දී ඇය පසුපසින් ත්‍රිරෝද රථයක්‌ පැමිණ ඇති අතර, එම ත්‍රිරෝද රිය තුළ ඇයට ලිංගික අතවර කළ පුද්ගලයාද සිට ඇත. ඇය අසලින් ත්‍රිරෝද රිය හරවා ගෙන ගොස්‌ ඇත. ඒ අවස්‌ථාවේ ඇය ත්‍රිරෝද රථයේ අංකය සටහන් කරගෙන තිබේ. ලිංගික අතවරය කළ පුද්ගලයා හෝ සෙසු පුද්ගලයන් නොහඳුනන නමුත් නැවත දුටුවහොත් හඳුනාගත හැකි බව ඇය පොලිසියට ප්‍රකාශ කර ඇත.

රත්නපුර පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ සැරයන් සේනානායක මහතා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් මෙම තත්ත්වය සුළුකොට තැකිය නොහැකි බවද, එසේ වුවහොත් කාන්තාවකට බියකින් තොරව පාරේ ගමන් කිරීමට පවා අවස්‌ථාවක්‌ නොලැබෙන බවද කීවේය.

ඒ අවස්‌ථාවේ සඳහනක්‌ කළ මහෙස්‌ත්‍රාත්වරයා කාන්තාවන් කොටට ඇඳගෙන යන්නේ වෙනත් කාන්තාවන්ට පෙන්නන්න නොවෙයි, කොල්ලන්ට බලපිය කියලයි. අල්ලපිය කියලා නොකියා කියන කාන්තාවන් ද ඉන්නවා. මෙයා ඇඳගෙන ගිය ඇඳුම මොන වගේ එකක්‌ද යන්න පරීක්‍ෂණ පැවැත්වූවාද කියා පොලිසියෙන් ඇසීය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. නඩුකාරයෝ වෙනුවට බඩුකාරයෝ නඩු බලවන්න දැම්මම ඔහොම තමයි. චිෆ් ජස්ටිස් මහ පාරෙ බඩු ගහපු රටේ ඕවා මොනවද....?

    ReplyDelete
  2. මොනවා කියන්නද මන්දා ඔන්න මමත් මේ ගැන පෝස්ට් එකක්ම දැම්මා

    ගැහැණුන්ගේ ගල(කලව) අතගෑම සහ යුක්තියේ ආර්යාව

    ReplyDelete
    Replies
    1. අනේ උබේ post..!!!
      තියල ඉඳගනින්...!!!

      Delete
  3. අල්ලන ඒකාත් මානෂික රෝගියෙක්/බලන එකාත් එහෙමයි/අඳින එකිත් එහෙමයි.ඇන්දා කියලා අල්ලන්න ඕනද?හිත රාගයෙන් පිරි ඇති නිසායි.මානෂික රෝගින්.

    ReplyDelete
    Replies
    1. ආ...දැන් උඹ තමයි බුදුවරයා...පලයං ගොනෝ යන්න, අනිත් හැමෝම මානසික ‍රෝගින් විදිහට පේන උඹයි පිස්සා...

      ය‍කෝ උඹ නර්ස්ලා දැකලා තියෙනම් දන්නවා, උන් අදින්නේ වට්ටි අම්මලා වගේ නෙවෙයි. ඒකේ පොඩි සෙක්සි ගතියකුත් තියෙනවා (ලංකාවේ ඇදුම් වලට සාපෙක්ෂව) එහෙව් එක අස්සේ අත දාන්න යන එවුනුයි, ඒවා සාධාරණීකරනය කරන එවුනුයි, මේ ‍හැමෝම එක ගොඩට දාන්න හදන එවුනුයි අයිති එකම කාණ්ඩයකට. ඒ ශිෂ්ඨාචාරගත නොවුණු මිනිස්සු

      Delete
    2. අනේ පල හු,,,,,න්නෝ යන්න...එක එකාට ගොනා බූරුවා කිය කියා පඬියා වෙන්නේ නැතුව.... උඹට වෙන වැඩක් නැත්ද ගොනෝ?????

      Delete
  4. Failed judiciary system of Sri Lanka. Same as everything else in SL. More problems to come...

    ReplyDelete
  5. It's not the dress, it's the attitude.

    ReplyDelete
  6. මේ තවත් නාගරික මිත්‍යාවක්, කොටට ඇන්දොත් හිරිහැර කරන්න ඉඩ තියෙනවා, පිරිමින් කැළඹෙනවා. තවත් කතාවක් තමයි රස්නේ වැඩි [ඒක අනුරාධපුරේ, කුරුණෑගල, ගම්පහ කියන තැන් තුනේ ම කියවුනා] පළාත්වල පිරිමින්ගේ කාමාසාව වැඩි නිසා ළමා අපචාර, කාන්තාවන්ට ලිංගික හිංසනය වීම වැඩියි කියලා. තව එකක් තමයි මත්ලෝලත්වය [ඇල්කොහොලිසම්] නිසා ගෘහස්ථ ප්‍රචන්ඩත්වය වැඩිවෙනවා කියන එක. මේ තුනම මට පෙනෙන හැටියට අතිරික්ත/බාහිර කරුණක් වෙත කේන්ද්‍රිය ප්‍රශ්නය ප්‍රක්ෂේපණය කරලා බේරෙන්න කරන උත්සාහයන්. කොටඇඳුම, උෂ්ණත්වය, ඇල්කොහොල් මිසක් මේක කරපු, කරන එවුන් ගේ හැදියාවේ ප්‍රශ්නයක් නෙවෙන බවටයි පෙන්නන්න හදන්නෙ.

    ප්‍රශ්නේ අපේ නෙවෙයි, ඉන්දියාවේ - සුනිල් පෙරේරා නම් නූතන දාර්ශනිකයාගේ කවියකි.

    ReplyDelete
  7. පිස්සො නඩු අහන්ඩ දැම්මම ඔහොම නොවුනොත් තමයි පුදුමෙ....

    දැං දණ්ඩ නීති සංග්‍රහයෙ මොන වගන්තියෙද ගරු මහේස්ත්‍රාත්තුමනි කාන්තාවන් ඇඳගෙන යන්න ඕන මේ විදිහටයි..දණිහෙන් අඟල් මෙච්චර ගානක් උඩට හිටින්ඩ ඇන්දොත් පිරිමිංගෙ කාමාසාව කුලප්පු වෙනව. ඒ නිසා එහෙම අඳින්ඩ තහනම්ය කියල තියෙන්නෙ?...කරුණාකරල කියනවද අපිටත් දැනගන්ට...

    අනික් කාරණේ එතකොට ඒ කාන්තාව ඇඳගෙන ගිය ඇඳුම ඔබ තුමාගෙ කල්පනාවෙ හැටියට අශීලාචාර එකක් නම් අර අසික්කිතයො කෙලින්ම නිදහස් එහෙමද?

    එක අතකට මෙහෙම නඩුකාරයො තමයි අපේ රටට ගැලපෙන්නෙත්..ඔක්කොම කුණු වෙලා තියන එකේ ආය මොකටද අඩුවක්...

    ReplyDelete
  8. මේ කාන්තාවන් මෙලෙස රාත්‍රී ගමන් යන්නේ කකුල් අතගාවගාගැනීමට නොව තමාගේ රාත්‍රී වැඩ මුරය සඳහාය ... එයට සරිලන වැටුපක් මහජන බදු මුදලින් ඇයට රජය ගෙවන අතර .... ඉහත ප්‍රකාශය කර තිබුන තලේඛාන් නඩුකාර වරයාද තමුන්ගෙන් සාධාරණ විනිශ්චයක් බලා පොරොත්තුවන මහජනයා සඳහා බදු මුදලින් යැපෙන්නෙකි.... මේ සිද්දිය මත හෙදියන් තමුන්ගේ රාත්‍රී වැඩ මුරය අනාරක්ශිත බව කියා ආරක්ශාව ඉල්ලා වැඩ වැරුවොත් , එතන පීඩනය එල්ල වන්නේද මහජනතාවටය .. තමුන්ගේ ගෑනිගෙන් ගුටිකා විත් රටේ ගෑනුන්ගේ මතින් නීතිපොත්වල නැති ප්‍රකාශ යවමින් සිටින නූ(උගත්)මහත්(හොරුනි)උඹලා මහජනතාවට නයය......... උසාවිය හන්දියේ ලේන්සුවක් දාගන හිඟාකෑම මීට වඩා නඩුකාර පුටුවට නම්බුවකි.

    ReplyDelete
  9. මේ පුවතට අනුව සවස 7.30ට පමන මෙය සිදුවී ඇත. ඔබ කවුරුත් දන්නාපරිදි සවස 7.30 යනු එකිනෙකා ගහැනුද පිරිමිද යන්තම් හදුනා ගත හැකි වෙලාවක් මිස කකුල් සුදුද රතුද මයිල්ද පෙනෙන වේලාවක් නොවේ, දවල් මෙවැනි දේවල් වාර්තා නොවන බැවින් රාත්‍රියේදී මේවා වාර්තා වන බැවිනුත් කාලය මෙයට හේතු වේ, කාලය සූර්යයා තීරනය කරන බැවින් මෙම වැරැද්දට වගකිවයුතු සූර්යයා අතඩංගුවට ගෙන රත්නපුර උසාවියට ඉදිරිපත් කරන ලෙසගරු කටයුතු විනිසොරාගෙන් ඉල්ලාසිටිමු.

    ReplyDelete
  10. අද මේ නඩුව කැඳවන දිනයයි.කාන්තාව ඇඳගන ආ ඇඳුම් උසාවියට ඉදිරිපත් කරන ලෙස කේඩී එල් කුමාර විනිසුරු නියෝග කර ඇත.කාන්තාව වැටී ඇති සමාජයීය තත්වය මෙයින් පෙනේ.උතුම් වෘතීන් දෙකක් , උත්තම කාන්තා පරපුරත්, ශීලාචාර සමාජයත්, ගැටෙන ආකාරය දුකින් බලා සිටිමු

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා